හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

12 February 2014

ඔබ හමුදාවට බැඳෙන්න කැමතිද Would you like to join the Army

 recruitment_fallin    ඔබ සෑමදෙනාම පාහේ බලා සිටින්නේ සංග්‍රාමයේ පියසටහන් ඊළඟ කොටස එනතුරු බව මම දන්නවා. නමුත්, හිටපු හමුදා නිළධාරියකු වශයෙන්, ඉතා වැදගත් කරුණක් ලෙස සළකා, මේ විශේෂ ලිපිය ලියන්න හිතුනේ, කාලීන මාතෘකාවක් ලෙස එය ඉතා උචිත බව පෙනීගිය නිසයි. මේ දිනවල ආරංචියක් තියනවා, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට Sri Lanka Army Volunteer Force වෘත්තිකයන් බඳවා ගන්නවා කියලා. මමත් මේ ගැන දැනගත්තේ, අද උදේ සිරස රූපවාහිනියේ 'සිරස ප්‍රෙස් රිලීස්' වැඩසටහනෙන්, මේ ගැන, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය සමග, පැවැත්වුන සජීවී දුරකථන සංවාදය නැරඹීමෙන් / ඇසීමෙන් පසුවයි. සාමාන්‍යයෙන් වැඩිපුරම දකින්න අහන්න ලැබෙන්නේ යුදහමුදා නිත්‍ය සේවයට Regular Force පුද්ගලයන් බඳවාගැනීම නේ. නමුත් හමුදා ප්‍රකාශකවරයා කියපු ආකාරයට, මේ බඳවාගැනීමේ, එක්තරා කැපීපෙනෙන විශේෂත්වයක් තියනවා. එය කුමක්ද කියා කියන්නට කලින්, ඔබේ දැණුම සඳහා, යුද හමුදාවේ සංවිධානය ගැන කෙටියෙන් කියන්නම්. පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් බොහොමයක් රටවල යුද හමුදාව සංවිධානයවී තිබෙන්නේ මෙන්න මෙහෙමයි.
1. නිත්‍ය හමුදාව - Regular Force
2. නිත්‍ය උප සේවය - Regular Reserve
3. ස්වේච්ඡා හමුදාව - Volunteer Force
4. ස්වේච්ඡා උපසේවය - Volunteer Reserve
ඉතින් මොනවද මේ එක් එක් කොටසෙන් කෙරෙන්නේ?
  නිත්‍ය හමුදාව කියන්නේ ස්ථිරවම හැමදාම සේවයේ යෙදී සිටින හමුදාව. හමුදාවේ අය විශ්‍රාම ගියාට, අවශ්‍ය වුනොත්, ඔවුන් ආපසු සේවයට කැඳවීමට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන, යුද හමුදා පනතේ තියනවා. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බලය තියෙන්නේ, සේනාධිනාකයා/නායිකාව වන, ජනාධිපති/ජනාධිපතිනිය වෙතයි. ඉතින්, යුද හමුදාවේ (ත්‍රිවිධ හමුදාවේම) අය විශ්‍රාම යැවීමේදී, මෙන්න මෙහෙමයි කරන්නේ.
  අදාළ පුද්ගලයා නිත්‍ය හමුදාවේ කෙනෙක් නම්, ඔහු විශ්‍රාම යවන්නේ නිත්‍ය උප සේවය වෙත. එමෙන්ම ඔහු ස්වේච්ඡා බලසේනාවට අයත් නම්, ඔහු විශ්‍රාම යවන්නේ, ස්වේච්ඡා උප සේවය වෙත. සාමාන්‍යයෙන් නිත්‍ය උප සේවය සහ ස්වේච්ඡා උපසේවය ආපහු සක්‍රිය සේවයට කැඳවන්නේ නැහැ. ඉතා කලාතුරකින්, අපේ රටේ නිත්‍ය උපසේවයෙන්, නිළධාරීන් එක්කෙනෙක් දෙන්නෙක් කැඳවලා තියනවා. ස්වේච්ඡා උපසේවයෙන් කැඳවූ අවස්ථාවක් මගේ මතකයේ නම් නැහැ.නමුත් සේනාධිනායකයාට පුළුවන්, අවශ්‍යතාව පරිදි, ඔවුන්වත් සේවයට කැඳවන්න.
  සාමාන්‍යයෙන් ස්වේච්ඡා බලසේනාව සෑමවිටම සක්‍රිය සේවයට කැඳවන්නේ නැහැ. නමුත් අපේ රටේ ස්වේච්ඡා බලසේනාව, 1983 ජූලි කලබල මැඩපැවැත්වීම සඳහා සක්‍රිය සේවයට කැඳවු අවස්ථාවේ පටන්, අද දක්වා, නොකඩවා, නිත්‍ය හමුදාව සමග උරෙනුර ගැටෙමින්, අති විශිෂ්ඨ සේවයක් ඉටුකරනවා. උතුරු නැගෙනහිර සටන් බිමේදී, ඔවුන් දැක්වූ විස්කම් බොහොමයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ උසස්තම වීර පදක්කම වන, පරම වීර විභූෂණය පදක්කමත්, ප්‍රථම වරට පිරිනැමුණේ, ස්වේච්ඡා හමුදාවේ නිළධාරියකු වන, 3 වැනි ස්වේච්ඡා සිංහ රෙජිමේන්තුවේ කපිතන්, (මරණින් පසු) සාලිය අලදෙණිය වෙතයි. ස්වේච්ඡා හමුදා සාමාජිකයන්ටත්, දේශීය විදේශීය විශේෂඥ පුහුණු පාඨමාලා සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරි පවා ලබාදෙනවා.
  ඕනෑම රටක, ස්වේච්ඡා බලසේනාව වෙත බඳවාගන්නේ, නිත්‍ය හමුදාවට බඳවාගැනීමේ උපරිම වයස් සීමාවට වඩා, ඉහළ වයස් සීමාවන්හි අයවළුන්. එයට හේතුව, සාමාන්‍යයෙන් ස්වේච්ඡා බලසේනාවට බඳවාගන්නේ, කිසියම් රැකියාවක/වෘත්තියක දැනටමත් නියැලී සිටින අයවළුන් නිසයි. (යුද්ධය නිසා අපේ රටේ මේ ක්‍රමය අත්හිටවා රැකියා නැති අය බඳවාගත්තා/ගන්නවා) රාජ්‍ය අංශයේ අයට නම්, ඔවුන්ගේ සාමාන්‍ය රැකියාවේ වැටුප සහ සේවා උසස්වීම් ද ලැබෙන පරිදි, ආයතන සංග්‍රහයෙන් ප්‍රතිපාදන සළස්වා තිබෙනවා. ඊට අමතරව, යුදහමුදා වැටුප් හා දීමනා රෙගුලාසි අනුව වැටුප් හා දීමනා ලබාදෙනවා. පෞද්ගලික අංශයේ අයවළුන්ටත් බොහෝවිට ඒ ආකාරයෙන්ම පහසුකම් ලැබෙනවා. යුද හමුදාවෙන් වැටුප් ගෙවන්නේත් අනෙකුත් පහසුකම් ලබාදෙන්නෙත්, සක්‍රිය සේවයේ යෙදෙනවානම් පමණයි.
   මා, මේ විස්තරය කිව්වේ, මෙතනින් එහා කියවෙන දේ ගැන, සාධාරණව සිතා බැලීමට, ඔබට අවස්ථාවක් දීමටයි. හමුදා ප්‍රකාශක විසින් අද කිව්වේ මෙන්න මෙහෙමයි. වයස අවුරුදු 18 ට වැඩි, 55 ට අඩු, කිසියම් වැදගත්/රටට ප්‍රයෝජනවත්, වෘත්තියක දැනට නියැලී සිටින අයවළුන්ට, යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ, ස්වේච්ඡා උප සේවයට බැඳෙන්නට පුළුවන්. ඔවුන්ට මූලික පුහුණුවක් දෙනවා.  අවශ්‍ය අවස්ථා වලදී පමණක්, සේවයට කැඳවනවා. මෙතනින් එහාට, හමුදා ප්‍රකාශකගෙන්, සිරස නිවේදකයන් දෙදෙනා ඇසු ප්‍රශ්න සහ පිළිතුරු කීපයක් මෙසේයි.
ප්‍රශ්නය; මේ හදිස්සියේ හමුදාවේ බලය වැඩි කරන්න යන්නේ ඇයි?
පිළිතුර: මෙය හමුදාවේ බලය වැඩි කිරීමක් නොවේ. අවශ්‍යතා සඳහා පමණක් යොදාගැනීමට, වෘත්තිකයන් බඳවාගැනීමක් පමණයි.
ප්‍රශ්නය; කුමන වෘත්තිකයන්ද බඳවාගන්නේ?
පිළිතුර; හමුදා රාජකාරි සඳහා වැදගත්වන සෑම දෙනාවම. මාධ්‍යවේදීන්ට වුනත් බැඳෙන්න පුළුවන්.
ප්‍රශ්නය; අපි දන්නවා, හමුදා පුහුණුව දෙන්න ගිහින්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්, මේ ඊයේ පෙරේදත් මියගියා. ඉතින් මෙහෙම බඳවාගන්නා අයටත්, දැඩි පුහුණුවක් දෙනවද? වයස 55 ට ආසන්න කෙනෙක්, කොහොමද ඒ පුහුණුව දරාගන්නේ?
පිළිතුර; අපි, ඒ අය මුලින්ම වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරනවා. බඳවාගැනීමට පෙර. ඒ ඒ වයසට ගැලපෙන පුහුණුවක් දෙන්නේ. එමෙන්ම පුහුණුවේදී උගන්වන්නේ නිල ඇඳුම් ඇඳීම, සරඹ කිරීම, ආචාර සමාචාර කිරීම වැනි දේවල් පමණයි.
ප්‍රශ්නය; අවි පුහුණුවක් දෙනවාද?
පිළිතුර; දැනට එහෙම අවශ්‍යතාවක් නැහැ. මොවුන් සක්‍රිය සේවයට කැඳවූවොත් යොදවන්නේ, ඔවුන්ගේ සාමාන්‍ය වෘත්තියට අදාළ රාජකාරිවල.
ප්‍රශ්නය; හමුදාවෙන් පැනගිය සෙබළුන් ඉතා විශාල ගණනක්, නිදැල්ලේ හැසිරෙමින් සිටින අතර සමහරු අපරාධ වලටත් සම්බන්ධ වෙනවා. ඔවුන් අල්ලාගැනීමට ක්‍රියා කරන්නේ නැද්ද?
පිළිතුර; ඔවුන් අල්ලාගැනීමේ මෙහෙයුම් දිගටම කරනවා.
ප්‍රශ්න සහ පිළිතුරු එතනින් අවසන්. 
ඉතින් මොකද ඔබ හිතන්නේ?
සුභවාදීව බැලුවොත්;
  රටේ බොහොමයක් දෙනාට හමුදා පුහුණුවක් ලැබුනොත් ඔවුන්ගේ කාර්යක්‍ෂමතාව ඉහළට ගන්න පුළුවන්, වැඩ සංවිධානය කිරීම/කරගැනීම අතින්, නව ආකල්ප වර්ධනය කරගැනීමෙන්. පෞද්ගලිකව, තම දෛනික කටයුතු මීට වඩා ප්‍රතිඵලදායී ලෙස කරගැනීමේ හැකියාව ලැබෙනවා. පිළිවෙලකට වැඩ කිරීම, කලට වෙලාවට වැඩ කිරීම, ආදිය දැනට වඩා හොඳින් කළහැකි වෙනවා. තම පොද්ගලික සෞඛ්‍යය පවා දියුණු කරගන්න අවස්ථාව ලැබෙනවා.
army-recruitguy-illustration
අසුභවාදීව බලුවොත්;
  ආණ්ඩුව මේ හදන්නේ රටේ වෘත්තීය ක්‍රියාමාර්ග යටපත් කරන්නයි. එමගින් කම්කරු අයිතිවාසිකම් පැහැරගන්නයි. මේකට බැඳුනොත්, අනිවාර්යයෙන් හමුදා සේවයට යන්න වෙනවා, කතාකරපු ගමන්. එතකොට කෝ වෘත්තීය සමිති සාමාජිකයෝ කොහෙද ඉතුරු වෙන්නේ? 

වෙන මොනවද ඔබට හිතෙන්නේ...........?
මේ.............., අපි හමුදාවට බැඳුන කාලේ වෛද්‍ය පරීක්ෂණය තිබ්බේ මෙන්න මෙහෙම. 
tumblr_lnrbvfTWHd1qkhrn4o1_500
පින්තූර ගත්ත තැන්
http://www.1914-1918.net/recruitment.htm
http://www.datalounge.com/cgi-bin/iowa/ajax.html?t=10686706#page:showThread,10686706
     my-signature-for-blog[1] 2014 පෙබරවාරි මස 12 දින 1400 පැය

71 comments :

  1. මගේ අදහස නම් රටේ හැම මනුස්සයටම තෝරාගත් නිශ්චිත කාලපරිචේදෙකදී හමුදා පුහුණුව අනිවාර්ය කරන්න ඕනේ ,, යුද්ධයක් වෙනුවෙන් නෙමේ,, ජාතියක් විදියට ශක්තිමත්ව එක්සිත්ව ඉන්න ,රටේ නීති ගැන හොද අවබෝදයක් ලබන්න එවැනි කාලයක් තියෙනවනම් වටිනවා ..මෙහෙ හැම යුදෙව්වෙක්ම අවුරුදු 18 සම්පුර්ණ උනාට පස්සේ අනිවාර්යෙන් හමුදාවට බැදෙන්න ඕනේ ..අවුරුදු 3ක් හමුදාවේ වැඩකරන්න ඕනේ ,,අවිවාහක ගැහැණු අය අවුරුදු 2 ක් වැඩ කරන්න ඕනේ..ඊට අමතරව හැම පිරිමියෙක්ම අවුරුද්දට දවස් 45 ක් හමුදාවේ වැඩ කරන්න යන්න ඕනේ අවුරුදු 55 සම්පුර්ණ වෙනකල් ,,,ඒ වගේම රටේ වාතාවරණය හැටියට දික් වෙන්නත් ඉඩ තියනවලු ...විවාහ වෙච්ච නැති ගැහැණු අය අවුරුදු 50 වෙනකල් රටේ හදිසි වාතාවරනෙකදී හමුදාවෙන් කැදවනවලු,,,, මේ රට පොඩියි ,ජනගහය අඩුයි ඒ නිසා රටේ ජනාධිපතිගේ ඉදලා සාමාන්‍ය පුරවැසියා වෙනකල් හැම කෙනාටම රටේ ආරක්ෂාව ගැන වගකීමක් තියෙනවා..අපිට බැරිද එවැනි දෙයක් ....

    ඒ වගේම මෙහෙම ඇදුම් ගලෝලා බලනවද දැනුත් ....මං නම් ආසයි වෙඩි තියන්න ,මරන්න ,විනාස කරන්න ,,

    ReplyDelete
    Replies
    1. අම්මෝ..........ඔමායා, වෙඩි තියන්න මරන්න විනාස කරන්න ආසාවේ නම් කවදාවත් හමුදාවට බැඳෙන්න එපා. එය ඵලක් ඇති දෙයක් නෙවෙයි.

      ඕනෑම රටක සෑම පුරවසියාටම හමුදා පුහුණුවක් ලබාදීම සුදුසු බව මමත් හිතනවා. හැබැයි එය හුදෙක් යුද පුහුණුවක් නොවිය යුතුයි. දේශපාලන අරමුණු වලින් තොර විය යුතුයි. මොළ සේදීමක් නොවිය යුතුයි.

      Delete
    2. හි හි මං හමුදාවට බැදෙන්න ආස නැහැ අනේ ,..
      ///ඕනෑම රටක සෑම පුරවසියාටම හමුදා පුහුණුවක් ලබාදීම සුදුසු බව මමත් හිතනවා. හැබැයි එය හුදෙක් යුද පුහුණුවක් නොවිය යුතුයි. දේශපාලන අරමුණු වලින් තොර විය යුතුයි. මොළ සේදීමක් නොවිය යුතුයි./// එහෙමනම් මේ වැඩේ අපේ රටේ කරන්න වෙන්නේ නැහැමයි ,,,

      Delete
    3. උඹ පලයං ගැලවීමේ හමුදාවට

      Delete
    4. හි හි ,,ඒකෙත් අවුලක් නැහැ ,මට බයිබලෙත් අවුලක් නැහැ ,, :)

      Delete
    5. නෑ නෑ මේ කියන්නේ පෝස්ටර් ගැලවීමේ හමුදාව ගැන

      Delete
    6. හි හි ,මන් හිතුවේ Salvetion army කියලා

      Delete
    7. අනිවාර්ය පුහුණුව කියන්නේ සුදුසු දෙයක් නොවේ.

      Delete
  2. මාත් ඔය නිවුස් එක ඇහැව්ව. පේන හැටියට ඉදිරි ක්‍රියාමාර්ගයක් ගන්න වගේ හදන්නෙ.
    එතකොට දැං හමුදා පුහුණුව දෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ව ඒ ස හා යොදවන්නෙ වෛද්‍ය පරීක්ෂණයකින් තොරව ද?

    ReplyDelete
    Replies
    1. මා හිතනවා, මේ සඳහා, අවංක චේතනාවකින් බැඳෙන්නට, වෘත්තිකයන්ට සිතෙන ආකාරයේ, විවෘත සහ විනිවිද භාවයකින් යුත් වැඩපිළිවෙලක් ලෙස, මෙය ඉදිරිපත් කලොත් සාර්ථක වෙයි.

      Delete
    2. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට දෙන හමුදා පුහුණුවේදී,(නායකත්ව පුහුණුව) ඔය විදිහට සම්පූර්ණ පරීක්ෂාවක් කෙරෙන්නේ නැහැ.ඒ ඒ ළමයට තියෙන ලෙඩ රෝග පිළිබඳව මූලික විමසීමක් පමණයි කෙරෙනේ.

      Delete
  3. මේ වැඩ සටහනේ ආරම්භක සැසිය ඊයේ සවස නෙලුම්පොකුණේ පැවැත්වුණා. මමත් එයට එක් වුණා. ඔබ පෙන්වාදෙන අවාසි ටික නම් ඇත්ත. ඒත් පෞද්ගලිකවම මං මේ වැඩේට කැමතියි. මේ මගින් සාමාන්‍ය ජනතාවට සේවා සපයන්නන්ගෙන් වන ගැහැට අවම වෙනවා. බලන්න දුම්රිය රියැදුරන් වැනි වෘත්තිකයන් ලංකාවටම ඉන්නේ අතලොස්සයි. එයාලා එමගින් අනවශ්‍ය පීඩනයක් මගින් වෙත මුදාහරිනවා. අන්න ඒ වෙලාවට හමුදාවේ පුහුණු නිලධාරින් හිටියොත් ඒ බලය බිදෙනවා. ජනයාට සෙතත් වෙනවා. මේය දේශපාලනිකව නොවේ ජනතා හිතවාදීව විය යුතු දෙයක්

    ReplyDelete
    Replies
    1. නලීන් මම ඔයාට ඊ මේල් එකක් එවලා ඇති. පුලුවන්නම් මට ඒ උදව්ව කරලා දෙන්න.

      ඔබ එවැනි සම්මන්ත්‍රණයකට සහභාගී වුණානම් ගොඩක් විස්තර දන්නවා ඇති. මේ ලිපියට ලැබෙන සමහර පාඨක ප්‍රතිචාර වලට ඔබටත් පිළිතුරු දෙන්නට හැකිවෙතැයි සිතනවා.

      දේශපාලනික නොවී ජනතා හිතවාදී වුනොත් පමණයි මේ වැඩපිළිවෙලට ඉදිරි ගමනක් තියෙන්නේ.

      Delete
    2. //ඒත් පෞද්ගලිකවම මං මේ වැඩේට කැමතියි//නැතුව නැතුව

      Delete
    3. පිටකොටුවේ අලුත් මාකට් එක හදන සෙබලුන් කොපමණ මානසික පීඩාවකට පත්වෙනවා ඇත්ද? හමුදාවට ජනතාවගේ තිබුන ගෞරවය නැතිකරලා. එංගලන්තේ කුමාර වරු යුද්දෙට ගියාට අපේ කුමාර වරු කරේ රගර් ගහන එක. ඒ නිසා මෙය දේශපාලනිකව නොවී ජනතා හිතවාදීව දෙයක් වෙන එකක් නෑ

      Delete
    4. මමත් කැමති නැහැ සෙබළුන් කුලීකරුවන් මෙන් යොදවනවාට. එය වහාම නැවැත්විය යුතුයි. ළඟදීම ඒ ගැන යමක් සඳහන් වෙන ලිපියක් ලියනවා.

      ඔව්, ඔබ කියන විදිහට මට මතකයි ෆෝක්ලන්ත යුද්ධයේදී චාල්ස් කුමාරයා හෙලිකොප්ටර් නියමුවකු ලෙස ක්‍රියා කල ආකාරය සහ ඇෆ්ඝන් යුද්ධයේදී විලියම් කුමාරයාත් එලෙසම ක්‍රියාකළ ආකාරය.

      ජනතා හිතවාදී නොවුණොත් මේ ක්‍රමය අසාර්ථක වනු ඇති.

      Delete
    5. රටේ බොහෝ දෙනා එවැනි දේ ගැන නිහඩ නිසා ඔබ හෝ යමක් හැකි පමණින් , අඩුම වශයෙන් බ්ලොග් තුල හෝ කරවි යයි අපි බලාපොරොත්තු වෙනවා. ලංකාවේ පොලීසියට උන දේ හමුදාවට නොවිය යුතුයි.

      Delete
    6. ඔබට අර අංකය මං එදාම මේල් කළානේ විචාරක තුමා බලන්න මේල චෙක් කරලා

      Delete
  4. දැනුත් ඔහොම තමා වෙනසක් නෑ....හැමදේම ගලවලා චැක් කොරන්නෙ...

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතිං එහෙම චැක් කොරන්නේ නැතුවත් බැහැ. කෑලි බෑලි අඩුද නැත්තං එව්වා සවුත්තු වෙලාද කියලත් බලන්න එපායැ.

      Delete
  5. මුල් ටික කියවාගෙන එද්දිම මට මතක් උනේ වෘත්තීය ක්‍රියාමාර්ග යටපත් කිරීම ගැන තමයි. ඇත්තටම මේකෙ අරමුණත් ඒක වියහැකියි. මොකද මිනිස්සු කාර්යක්ෂම කරන්න හමුදා පුහුණුවක් දීම කාර්යක්ෂම සේවාවන් අැති කුමන හෝ රටක සිදුවෙනව කියල අහල නැති නිසා.
    මේ විදියට පුහුණු වෙච්ච සෙට් එකක් ඉන්නව කියන්නෙ ඕනෑම ක්ෂේත්‍රයක ඇතිවන වැඩ වර්ජනයක් යටපත් කිරීමේ හැකියාව ආණ්ඩුවට ලැබෙනව.
    ඒක නෙවේ හිනායන කාරණය ෆොන්සේක ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දි රජයේ මාධ්‍ය වලින් ඉඩි අමින් චිත්‍රපටි පෙන්නපු මේ උදවියම මේව කිරීම

    ReplyDelete
    Replies
    1. දේශපාලන අරමුණු නැත්නම් හොඳයි. සියල්ල සාර්ථක වෙන්නේ මහජන විශ්වාසය දිනාගත්තොත් පමණයි.

      Delete
  6. Would you like to join the Army?

    YES SIR.... :D :D

    ReplyDelete
    Replies
    1. ඔයාගෙන් නැතුව අරයගෙන් ඇහුවනම් කියයි, අම්මේ...........මෙන්න මේක අරන් ගිහින් බැඳගන්න කියලා. :D :D

      Delete
  7. http://sinhala.lankanewsweb.net/news/11284-2014-02-12-10-31-10
    මේ ලිපියෙ තිබෙන හැටියට නම් අරමුන වෙන එකක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඒ නිසයි මමත් කියන්නේ මුලින්ම මෙවැනි වැඩපිළිවෙලක් පිළිබඳව ජනතා විශ්වාසය ගොඩනගා ගතයුතුයි.

      Delete
  8. වෛද්‍ය පරීක්ෂණය ගැන නම් ඕන නෑ....කොතලාවල විශ්ව විද්‍යාලෙට ඇප්ලිකේෂන් දාපු එකෙක්.... :D

    ReplyDelete
    Replies
    1. ඔහොම ලැජ්ජා වෙලා බෑ අනේ හමුදාවට බැඳෙන්න

      Delete
    2. ලැජ්ජාව??ඒ මොකක්ද???

      Delete
  9. මේ මොකාටද එන්නේ කියලා පැහැදිලියි. නිවැරදි අරමුණකින් වෙන දෙයක් නොවන බවනම් ස්ථිරයි.

    මේ අලකලංචි අස්සේ තවත් වැරදි පනිවිඩයක් යවනවා ජාත්‍යාන්තර සංවිධානවලට. යන යකා කොරහ බිඳගෙනම යන්න හදනවා වගේ.

    ReplyDelete
    Replies
    1. අරමුණ හොඳ නැත යන්න බහුතර මතය වුනොත් වැඩේ නිකන්ම දියවෙලා යයි.

      Delete
  10. අදහස හොඳයි..ඒත් රාජ් කියනවා වගේ කාර්යක්ෂමතාවය ඉහලට ගන්ටනම් හමුදා පුහුණුව අවශ්‍යම නෑ. ඒකට උදාහරණ ඕනතරම් හොයාගත්තෑකි.

    වෙලාවක් තියෙනවානම් මේ පේපර් එක කියවන්ට. http://ethesis.helsinki.fi/julkaisut/eri/hecer/disc/106/theecono.pdf

    ReplyDelete
    Replies
    1. අනිවාර්ය පුහුණුවක් ලෙස නොකර කිසියම් පෙළඹවීමක් තුලින් ඒ පුහුණුව දිය හැකිනම් වඩාත් සාර්ථක වෙයි කියලා මම හිතනවා. ඔබ දු ලින්ක් එකට ගිහින් ලිපිය කියවන්නම්.

      Delete
  11. ඇමෙරිකාවේ වගේ රටවල් මෙය හොදින් කරනවා. මම හිතනේ හොද ප්‍රතිපලත් අරගෙන තියෙනේ, බොහෝ උසස් තැන වල ඉන්න පිරිස් අඩුම ගැනේ අවුරුදු 2-3ක් හමුදාවේ ඉදල තියනවා. සමහර ජනාදිපති වරුන් පවා..එහෙම බැලුවොත් හොද අදහසක්. නමුත් ලංකාවේ හමුදාවට අද අත් කරලා තියන තත්වේ බලන කොටනන් හරිම දුකක් දැනෙන්නේ. ඒ නිසා මෙය දේශපාලනික නොවී තියේවි කියලා හිටන්න බෑ...

    ReplyDelete
    Replies
    1. මමත් ඔබ සමග එකඟ වෙනවා. අරමුණ හොඳනම් විතරයි මෙවැනි වැඩපිළිවෙලක් සාර්ථක වෙන්නේ.

      Delete
  12. හමුදා සේවයට මා කැමති නැත,
    ඒ නිසා කියෙව්වේ නැත.
    ඒත්
    ඔවුන්ගේ විනයට, පිලිවෙලට මා කැමතිය

    ReplyDelete
    Replies
    1. ඔබගේ මේ ප්‍රකාශය මා විස්මයට පත්කලා. ඔබේ ලිපි නිතර කියවන මට, ඔබ හමුදා සේවයට අකමැතියයි කීමද, ප්‍රබුද්ධයකු යයි මා සලකන ඔබ වැනි අයකු, ලිපිය නොකියවා අදහස් දැක්වීමද, මටනම් මහත් විස්මයක්. ඔබ කුමන දේශපාලන දර්ශනයක හිටියත්, හමුදාවකින් තොර රටක ඉන්නට ඔබට බැහැ. හමුදාව යනු අවශ්‍යවිට පාවිච්චියට ගතයුතු මෙවලමක් විනා, දේවත්වයෙන් පිදියයුතු සංවිධානයක් නොවේ. එහෙත් ඔවුන්ට යම් පිළිගැනීමක් තිබිය යුතුයි.

      හමුදාවේ ඇති විනය සහ පිළිවෙල අප සැමදෙනා තුලම ඇතිකරගත හැකිනම් එහි අගය කොපමණද යන්න අමුතුවෙන් කිවයුතුද?

      Delete
  13. ඔය වැඩේ හොද දෙයක් විචාරක තුමනි....
    R & Company කරන්න යන්නේ වෙන ජිල්මාට් එකක්.

    ReplyDelete
    Replies
    1. වැඩේනම් හොඳයි කෙන්ජි. හැබැයි ජනතා විශ්වාසය ලබාගත යුතුයි.

      Delete
  14. කෙන්ජ කිව්ව වගේ හොද වැඩක් ඒ උනත් ජිල්මාට් එකක්..

    ReplyDelete
    Replies
    1. දුෂ්ඨයා දුෂ්ඨයා, අපේ අතිගරු ජනාධිපති උතුමාණන් මෙව්වා අනුමත කරලා තියෙන්නේ නිකමට නෙවෙයි.

      Delete
  15. සිරි ලංකා බිමේ ඉඳන් මේ ගැන හිතන මට, මේක පේන්නෙම කළු පාටට..

    ReplyDelete
    Replies
    1. සුදුපාට ටිකක්වත් පෙනෙන්නේ නැද්ද?

      Delete
    2. කම්මැලි කමට කෙටි කමෙන්‍ට් එකක් දාල යන්න හැදුවෙ. හරි ගියෙ නෑ. :D

      මෙහෙමයි. //සිරි ලංකා බිමේ ඉඳන් // කියල මං අදහස් කලේ බොහෝ වෙලාවට මේ සිද්ධ වෙන දේවල් එක්ක බලද්දි මට හිතුනු තත්වය ගැන. කොයි දේත් එක් පාර්ශවයකට පමණක් වාසි පැත්තට කරකවා ගන්න තත්වයක් තුල මේකත් එහෙම නොවෙයි කියල හිතන්න අමාරුයි. අන්න ඒක.
      නැත්නම් ඇත්තටම හමුදාවෙන් දෙන හික්මීම හොඳයි. මගෙත් ඥාති සහෝදරයින් කිහිප දෙනෙක්ම හමුදා සේවයෙ ඉන්නව. මොන දේ කරන්න ගියත් ඔවුන් තුල තිබෙන පිලිවෙල අනෙක් කොයි දේටත් වඩා කැපිල පේනව.. කොටින්ම කිව්වොත් තැනේ හැටියට ඇනේ ගහන්න පුලුවන් තත්වයක ඉන්නව එහෙම කෙනෙක්.
      ඉතින් අරමුණ මත තමයි ප්‍රතිපලය...

      Delete
    3. මමත් කියන්නේත් ඒකම තමයි. කිසිදු දේශපාලන පරමාර්ථයකින් තොරව, මහජනතාවගේ කාර්යක්ෂම භාවය වැඩි දියුණු කරන පුහුණුවක් නම් මිනිස්සු පැනලා එයි.

      Delete
  16. එතකොට ස්වේච්ඡා බළකායට බැදිලා හමුදාවේ ටික කලක් සේවය කරලා, ආපහු පරන තැනට වාර්තා කරන්න පුලුවන්ද?
    එහෙමනම් සැරින් සැරේ රස්සාවල් දෙකම කරන්න පුලුවන් නේද?

    ReplyDelete
    Replies
    1. ඔබට අවශ්‍ය හැම වෙලාවේම කෙටි කලකට හෝ දිගු කලකට හමුදාව අතහැර සාමාන්‍ය රැකියාවට යන්න බැහැ. ඔබේ සේවය අත්‍යවශ්‍ය නම් හමුදාව ඔබව රඳවා ගන්නවා. ඔබ කෙටි කලකට හෝ දිගු කලකට සාමාන්‍ය රැකියාවට ගියොත් හමුදාවෙන් කිසිදු වැටුපක් හෝ දීමනාවක් ගෙවන්නේ නැහැ. වරින් වර රැකියාවල් දෙකම කිරීමට බාධාවක් නැහැ.

      Delete
  17. විචාරක තුමාට කියන්න මම උ/පෙ කරන කාලේ තමා අපේ ඔය මනුෂික මෙහෙයුම අරම්භ වුනේ ඒ කාලේ මට වයස මදි,එත් මට පුදුම පිස්සුවක් තිබුණේ හමුදාවේ ඇදුමට,ඉස්සර අපේ පැත්තෙන් යනවා හමුදාවේ අය බස් වල අත වන වනා දැන් නම් පොඩි එහෙම කරනවා ද දන්නෙ නෑ ..යුද්ධයක් නැති නිසා වෙන්න ඇති.මම තවම කැමති හමුදාවට යාළුවෝ ඉන්නවා එ අය හම්බ වුණාම අහනවා කතා ඔය කතා ඇත්තද ??මොනවද කරන්නෙ වගේ දෙවල් තවම ඔය ඇදුම අදින්න මම පුදුම කැමති අපේ මාමා නම් ඉන්නවා ගුවන් හමුදාවේ..

    ReplyDelete
    Replies
    1. හමුදාවට බැඳෙන්න ආසාවෙන් හිටියත් ඒ අවස්තාව කුමක් හෝ හේතුවක් නිසා අහිමිවූ සෑහෙන පිරිසක් ඉන්නවා. නමුත් පසුතැවෙන්න එපා. ඔබට සුදුසු දේ තමයි අද ඔබට ලැබී තිබෙන්නේ. ඉතින් ඔබ තවමත් හමුදාවට බැඳෙන්න කැමති නම් දැන් මේ ලැබී තිබෙන අවස්ථාව ලබාගන්න.

      Delete
  18. දේ කොමන්ටුවක් දැම්මා. මක්කයි උනේ?

    ReplyDelete
    Replies
    1. මම කිසිම කමෙන්ට් එකක් වාරණය කලේ නැහැ දිලීප. එකම එක ඇනෝ එකක් වාරණය කළා. ඔයා ඇනෝ එකක් නෙවෙයි නේද උදේ දැම්මේ?

      Delete
    2. නෑ මම ඇනෝ එකක් නෙවි දැම්මේ. එක ටිකක් දිග අදහසක් දැම්මේ. මොකක් හරි වෙන්න ඇති.

      Delete
    3. මටත් හිතාගන්න බැහැ මොකක්ද උනේ කියලා. පුලුවන්නම් නැවත දාන්න.

      Delete
  19. ඉස්සරම මාත් හරි ආසාවෙන් හිටියේ පොලිසියට බැදෙන්න.. කොහේද ඒකට ඉතින් ඉඩක් ලැබුනේ නෑ.. ටික කාලයකට හරි හැම කෙනෙක්ටම හමුදා සේවය කරන්න ලැබෙනවනම් හොදයි කියලා හිතෙනවා.. එතකොට හරි විනයක් එක්ක වැඩ කරන්න පුරුදූ වේවි ( එහෙම හිතනවා.. )

    ReplyDelete
    Replies
    1. හමුදා පුහුණුවකින් පුද්ගලයකුට තම කාර්යක්ෂම භාවය වැඩි දියුණු කරගන්න ලැබෙන අවස්තාව ඉතා ඉහලයි. ඉතා වැදගත්. නමිත් ඒ පුහුණුව බලහත්කාරයෙන් නොදිය යුතුයි. සමාජය තුල පෙළඹීමක් ඇතිකළ යුතුයි එවැනි පුහුණුවකට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වීමට.

      Delete
  20. මමත් හිතන්නේ පරතෙරටම නැතත් හමුදා පුහුණුවක් ලැබෙනවානම් ඒක ජීවිතයට වැදගත් වෙනවා . හැබැයි ඒවා විනයානුකූලව හොඳ අධීක්ෂනයක් යටතේ විය යුතුයි.

    ReplyDelete
  21. ඔව් මමත් කියන්නේ එය යුද පුහුණුවක් වියයුතු නැහැ. කළමනාකරණය, කාර්යක්‍ෂම භාවය වැඩි දියුණු කරගැනීම, අභියෝග වලට මුහුණ දීමේ විකල්ප ක්‍රම, ආදිය ඇතුලත් වුනාම ඇති.

    ReplyDelete
  22. මම මෙහි කොමන්ටුවක් දැම්ම බව හොඳටම මතකයි. ඒත් තව වැටිලා නෑනේ.!

    ReplyDelete
    Replies
    1. කීප දෙනෙකුටම ඒ ප්‍රශ්නය ඇවිල්ලා තියනවා. මේ අඩවිය සින්ඩිකේටර් වල සහ වෙනත් බ්ලොග් රෝල් වල අප්ඩේට් වීමත් ප්‍රමාදයි. මට හිතාගන්න බැහැ ඒ ඇයි කියලා. පුලුවන්නම් ඔබේ අදහස් නැවත දක්වන්න.

      Delete
    2. හමුදා සාමාජිකයින්ගෙ කාර්යක්ශමතාවයට හා විනයට මම ඉතා කැමතියි. යටි අරමුනු නැතිව තව බහුතරයකට ඒ හැකියාව දෙනව නම් හොඳයි.

      Delete
    3. ඇත්තටම හමුදා පුහුණුවෙන් මා ලද දායාද අදටත් මගේ ජීවිතයේ කාර්යක්ෂමතාවය සඳහා විශාල රුකුලක්. මේ වැඩපිළිවෙල ගැන හොඳ ප්‍රචාරයක් අවශ්‍යයි.

      Delete
    4. විචා.. ස්පෑම් ෆෝල්ඩර් එක චෙක් කරනවා නේද??

      Delete
    5. කොරනවා කොරනවා. මේ කමෙන්ට් එක දැක්ක වෙලාවෙත් චැක් කොළා. මොකුත් නැහැ.

      Delete
    6. වැරැද්ද සොයා ගත්තා. විචාරකතුමා වර්ඩ්ප්‍රේෂ් සහ බ්ලොග් අඩවි දෙකක් පවත්වාගෙන යනවා. දෙකේම ඇත්තේ එකම ලිපියයි. මා මුලින් කොමන්ට් කර ඇත්තේ වර්ඩ්ප්‍රේෂ්වල ලිපියට.
      http://jangun.wordpress.com/2014/02/12/ඔබ-හමුදාවට-බැඳෙන්න-කැමති/#comments

      Delete
  23. හමුදාවේ අයගේ තියෙන පිලිවෙල ක්‍රමානුකූල බව වගේ දේවල් නම් හැමෝගෙම ජීවිත වලට ගන්න වටිනා දේවල්.ඒත් මේ වෙන්න යන්නේ අමුතු දෙයක් බව කියවෙන නිසා වැඩි යමක් කියන්න තේරුමක් නෑ...

    ReplyDelete
    Replies
    1. හමුදාවේ කිසිම වැරැද්දක් නැහැ. නමුත් මේ කරන්න යන වැඩ පිළිවෙල ගැන මහජන විශ්වාසය ගොඩනැගීම සියල්ලටම වඩා වැදගත්.

      Delete
  24. ප්‍රසිද්ධියේ අද හෙටම ආණ්ඩුව කඩාගෙන වැටෙනවා කියන අය මේකට දක්වන හුඹස් බියෙන් පේනවා ආණ්ඩුව වැටෙන්නේ නෑ කියන එක එයාලගේ හිත් වලත් තියෙනවා කියන එක. නැතිනම් භය නැතිව බැඳෙන්න පුළුවන් නේ. ඊට පස්සේ එන්නේ එයාලගේ සත් ගුණවත් පාලකයෙක් නිසා. මම මේ ගැන මගේ මිතුරෙකුගෙන් අසාගෙන ඒ ගැන සිත යොමු කරමින් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ හේතුවෙන් ආණ්ඩුව වැටෙනවා කියන එක මමත් විශ්වාස කරන්නේ නැහැ. නමුත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නැතිකිරීම සඳහා ගන්නා උපක්‍රමශීලී පියවරක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අන්න ඒ සිතුවිල්ල නැතිවෙන ආකාරයට මේ වැඩපිළිවෙල දියත් කලොත් ඉතා ඉහල ප්‍රතිඵල අත්වෙනවා. ඔබ වැනි වෘත්තිකයකු මෙවැනි දෙයකට ඉතාම සුදුසුයි.

      Delete
  25. හමුදාව ගැන නොදැන කතා කරන අය වැඩියි. එවන් නොදන්නා අයගේ කතා බහ විශ්වාස කරන පිරිසත් වැඩි. මේ ලිපිය වැදගත් වෙන්නේ දන්නා කෙනෙක් මේ ගැන කතා කරලා තියන නිසයි. මේ ලිපියට Militarized Volunteer Enlistment එක ගැනත් සඳහන් කරනවා නම් හොඳයි !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට. ඔබ කියා ඇතිදේ තවත් දේවලට සම්බන්ධ කර ඉදිරියේදී ලියන්නම්.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }