හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

02 September 2014

දාලා බලනවද? බලලා දානවද? - What's Your Policy

Luck & Fuck
 හැම දෙනාටම තියනවනේ ප්‍රතිපත්ති කියලා ජාතියක්. එව්වා ඉතිං එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. එක සමාන ප්‍රතිපත්තියේ ඉන්න අයත් සෑහෙන්න ඉන්නවා. නමුත් සියුම්ව බැලුවම, ඒ ප්‍රතිපත්ති වලත් වෙනස්කම් තියනවා. ලෝකේ හැටි එහෙමනේ. අෂ්ඨ ලෝක ධර්මය අනුව ඔව්වා ඔහොම තමයි.

   හැබෑටම ඔයා කැමති දාලා බලන්නද? බලලා දාන්නද? හොඳට මතකතියාගන්න මෙතන බලලා කිව්වේ, බළලා කියන සත්වයාට නෙවෙයි. 'බැලීමෙන් පසු' කියන අර්ථයෙන්. මම නම් දාලා තමයි බලන්නේ.............. මොකද හිතන්නේ?............... ඒ වැඩේ අනතුරුදායකයි කියලා හිතනවද?............ තවමනම් මට අනතුරක් වෙලා නැහැ. අනාගතේදී ඉතිං කොහොම වෙයිද කියන්නත් බැහැ. අනතුරක් කොහොම වෙතත්, මතභේද නම් ඇතිවෙලා තියනවා, මගේ ඔය දාලා බැලිල්ල නිසා. මතභේද ඉතිං දාලා බැලුවත් ඇතිවෙනවා, බලලා දැම්මත් ඇතිවෙනවා. මිනිස්සු අතරේ ඉතිං මතභේද හැමදාම තියනවනේ.

   මිනිස්සුන්ට මොන කාරණේදීද මතභේද හදාගන්නේ නැතුව ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. මම හැම වෙලාවේම දාලා බලන්න පුරුදුවෙලා තියෙන්නේ හැකිතරම් මතභේද අඩු කරගන්නයි. මොකද එක අතකට බලනකොට දැම්මොත් දැම්මා. ආයේ වැනිල්ලක් නැහැ. දැමීමේ වගකීම මගේ අතේනේ තියෙන්නේ. දැම්මට පස්සේ කවුරු මොනවා කිව්වත් මට කමක් නැහැ මම දාලා ඉවරයිනේ. හැබැයි මගේ ප්‍රතිපත්තියේම ඉන්න අයත් සෑහෙන පිරිසක් ඉන්න බව මම දැකලා තියනවා. අරයා දැම්මද? මෙයා දැම්මද? එයා අද දායිද? හෙට දායිද? කියලා නිකං අන්ද මන්ද වෙලා, එකෙල මෙකෙල වෙලා, නිනව් නැතිවෙලා, ඉන්ඩ ඕනෙ නැහැනේ. ආවා, දැක්කා, දැම්මා. එච්චරයි. පස්සේ ඉතිං ඔය අරයා මෙයා කියන ඒවා ගැන සළකා බලන්න පුළුවන්. හැබැයි ඉතිං, මම දැම්මේ මෙන්න මේ හේතු කාරණා නිසයි කියලා, පැහැදිළිව කියන්න පුළුවන් වෙන්නත් ඕනෙ. නිකම්ම නිකං ඔහේ දැම්මා කියලා කියන්න බැහැනේ.

   ඉතිං ඔයත් කියන්නකෝ, බ්ලොග් කමෙන්ට් දැමීමේ ඔයාගේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා. මමනම් කරන්නේ ලිපිය කියවනවා. දිග වැඩිනම්, එක්කෝ නැවත කියවනවා. බැරිනම්, වෙලාවක් නැත්නම්, පසුව කියවනවා. නමුත් මගේ කමෙන්ට් එක දාන්න කලින්, කවදාවත් මම අනික් අයගේ කමෙන්ට් කියවන්නේ නැහැ. ඒකයි කිව්වේ, 'මම නම් දාලා තමයි බලන්නේ' කියලා. මම අනික් අයගේ කමෙන්ට් කියවන්නේ, මගේ කමෙන්ට් එක දැම්මට පස්සෙයි. ඊට පස්සේ අනික් අයගේ කමෙන්ට් කියවලා, ඒ ඒ තැන් වලට අදාළවන අදහස් තියනවනම්, පිළිතුරු ලෙස දානවා. දවසකට විතර පස්සේ ආයෙත් ඇවිත් බලනවා, මොනවද වෙලා තියෙන්නේ කියලා. මගේ ප්‍රතිපත්තිය ගැන මා සෑහීමකට පත්වෙනවා. කොහොමද ඔබ?


my-signature-for-blog[1]    2014 සැප්තැම්බර් මස 02 වැනි දින 2204 පැය

90 comments :

  1. ඔබ හරි විචාරක...දාල බලන එක තමයි නිවැරදි...එතනදි තමයි තමන්ගෙම හරි මතය එන්නේ...නැත්තම් අනෙක් අයගේ මත නොදැනීම ඔළුවට ගිහින් අපිත් නොදැනිම අපේ තනි මතය වෙනස් වෙලා...

    ReplyDelete
    Replies
    1. ඔබ සමග සම්පූර්ණයෙන් එකඟ වෙනවා.

      Delete
  2. අපිත් ඉතින් දාල තමයි බලන්නේ....

    මොකද්ද බලල දාන ගියොත් දාන්න හිතන් හිටපු විදියට නෙමෙයි වැටෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම ටමයි හොඳ

      Delete
  3. ලිපිය කියවනවා. කියවගෙන පහළට එද්දී ඒකෙ තියෙන කරුණු අනුව හිතේ ඇඳෙනවා මෙන්න මේවායි කමෙන්ට් එකට දාන්ට ඕන කියලා. (හැබැයි මගේ පුරුද්දක් තියෙනවා ලිපියට මම අකැමැති නම්, ඒ ලිපියට කමෙන්ට් එකක් නොදා මාරුවෙන). ලිපියෙන් පස්සෙ පහළින් තියෙන කමෙන්ට්ස් ඔක්කොමත් කියවගෙන යනවා. ඒ කමෙන්ට්ස්වලටත් මොනවා හරි කියන්ට දෙයක් තියෙනවා නම් ඒවාත් දැන් හිතේ ඇඳෙනවා. අන්තිමේදී ඔය දාන්ට ඉන්න කමෙන්ට්ස් ඔක්කොම ටික දානවා. :-)

    පලි: මම කමෙන්ට්ස් කියවන්නෙ විශේෂයෙන්ම මම කියන්ට යන දේ මට කලින් තව කෙනෙක් කියලා තියෙනවද බලන්ටයි. එහෙම කියලා තියෙනවා නම් ආයෙ ආයෙ කියන එකේ තේරුමක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. කියන්ට අමතක වුනා මගේ එක මූලිකම ප්‍රතිපත්තියක් තියෙනවා. මම කවදාවත් 'ඇනෝ කමෙන්ට්ස්' දාන්නෙ නෑ.

      Delete
    2. බුර් ගෙ බ්ලොග් එකේ නම් මම වැඩිය කැමති කමෙන්ට්වලට කමෙන්ට් දාන්න , ඒකට හුඟ වෙලාවට පෝස්ට් එක බලන්න ඕනැ නෑ :-D

      (මාත් ඇනෝ දාල නෑ.)

      Delete
    3. මා හිතනවා ඔබේ ප්‍රතිපත්තියේම ඉන්න සෑහෙන පිරිසක් ඉන්නවා කියලා. තව කෙනෙක් එම අදහසම කියලා තිබුණත් නොතිබුනත් මම මගේ අදහස කියනවා.

      Delete
  4. දෙවියන්ට ස්තුති වේවා.
    මාගේ ව්‍යායාමය සාර්තකයි.
    අර කාලකන්නි ආයුධ පාඩ්ම ඉවරයි වගේ

    ReplyDelete
    Replies
    1. නැත දරුව. ඊළඟට එනවා මහා යුද අවි සහ යුද්ධ කරන හැටි ගැන ලිපි පෙළක්. දැක්ක ගමන් මග හැර යන්න.

      Delete
    2. එතෙක් ඔය පැත්තෙ පස් පාගන්නෙ නැත.
      ආයුධ හැර වෙනත් යමක් ලිව්වොත් කරුණකර පහත ලිපිනයට මේලක් එවනු මැන.
      no_to_weapon_ano@gmail.com

      Delete
    3. හැක් හැක්.. අන්න මිනිස්සු...

      Delete
  5. මගේ පළවෙනි ප්‍රතිපත්තිය තමයි ලිපි නොකියවා කමෙන්ට් කරන්නේ නෑ. කියවන්න වෙලාවක් නැත්නම් පස්සෙ කියවනවා. නැත්නම් නොකියවා ඉන්නවා. ඒක නිසා මුලින්ම කරන්නෙ ලිපිය කියවන එක.

    කියවගෙන යන අතරෙම නෝට් පෑඩ් එකක් අරන් උපුටා ගැනීම් කරන්න ඕනා තැනුයි අපැහැදිලි දේවලුයි මගේ අදහසුයි අකුරකින් දෙකකින් සටහන් කරගන්නවා.

    ඊළඟට අනෙක් අයගේ කමෙන්ට් කියවනවා. ඒවාට එකතු කරන්න යමක් තිබ්බොත් කරනවා. ඒත් ටිකක් කල් ගිහිල්ලා මාගල් වගේ කමෙන්ට් වැටිලානම් ඒවා කියවන්නේ නෑ. කෙලින්ම මගේ කමෙන්ට් එක දානවා.

    මට කියන්න කාරණා ගොඩාක් තිබුනොත් අංක දාලා කාරණා පෙළගස්වනවා. එතකොට කියවන්නාට හෝ පිළිතුරු දෙන්නාට යම් යම් කාරණා මඟ හැරෙන්නේ නෑ. මට කියන්න දේවල් නැත්නම් හෝ ලිපිය දිගින් දිගටම කියවාගෙන යාමට තරම් පිරියාවක් නැත්නම් මම කමෙන්ට් කිරීමෙන් වැළකී සිටිනවා. කියන්න කිසිම දෙයක් නැතිවුනත් ලිපිය ඉතා හොඳයි නම් කියෙව්ව බව සමඟ ලිපිය අගය කිරීමක් කරනවා.

    කමෙන්ට් කලාට පස්සෙ 'නොටිෆයි මී' ක්ලික් කලාම ඊළඟ කමෙන්ට් ගෙදරටම(මේල් එකට ;)) එනවා. ආයෙ ආයෙ ඇවිත් බලන්න දෙයක් නෑ.

    තමන්ගේ බ්ලොගයේ වැටෙන කමෙන්ට් වලට රිප්ලයි කිරීම පිළිබඳ ඔබගේ අදහස මොකක්ද?

    ReplyDelete
    Replies
    1. හොඳ ආදර්ශවත් ප්‍රතිපත්තියක් හරී.

      මම සෑමවිටම, අවම වශයෙන්, 'ස්තුතියි' කියන වචනයෙන්වත්, සෑම කමෙන්ට් එකකටම පිළිතුරු දෙනවා.

      Delete
    2. ඒ බං උඹ දවසකට දෙකක් වත් කියවනවද එතකොට..

      Delete
  6. මම නම් දාලා තමයි අනික් ඒවා බලන්නේ...නැත්නම් ඉතින් මගේ හිත වෙනස් වෙනවලු...:P

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත. සාධාරණයි එහෙම කරන එක.

      Delete
  7. කරුවලේ ඔව්වා පේනවයැ, විචාරක උන්නැහැ... :e
    මමත් දාලා තමයි බලන්නේ. ඉතිං මං කීව දේම කලින් ගොබිලොත් කියලා තියෙන බව පසුව පෙනුනත් මට දුකක් නෑ, මොකද මම මගේ නිදහස් අදහස කාගෙන්වත් කොපි නොකල බවට මගේ හෘද ශාක්ෂිය දන්න නිසා. කලාතුරකින් ඇනෝත් දානවා තමන්ගේ පෞද්ගලික මල විකාර විකෘති අදහස් සමාජගත කර පොදු සමාජය පිළිගන්න සාරධර්ම කියා ස්ථාපනය වුනු දේවල් වෙනස් කරන්න හදන අයට නම්. එතනදි නම් බලල තමා දාන්නෙ.

    ReplyDelete
    Replies
    1. පට්ට කළුවරේ, (අපි පට්ට කියන්නේ, තදබල, අශ්ලීල, ජුගුප්සාජනක, අවිධිමත්, අශෝභන, ගර්හා කටයුතු, කියන අදහසින්) කෑම කාලා බලන්න අත කටට එන්නේ නැද්ද කියලා. අනික් එව්වාත් එහෙම තමයි :e

      මමත් එහෙම තමයි. කවුරු කලින් කියලා තිබුනත් නැතත් මම මගේ අදහස කියනවා.

      Delete
  8. සියල්ලම වගේ කියවලා බලල තමා දාන්නේ....

    ලඟදී ෆේස්බුක් එකේ කතාබහක, ටෙලිනාට්‍යයකට සුදුසු පොත ගැන විමසලා තිබ්බා. මුලින් කීප දෙනෙක් "සෙංකොට්ටං" පොත සඳහන් කලාට පස්සෙ කෙනෙක් කියලා තිබ්බා ඒ පොතෙන් චිත්‍රපටියක් කෙරෙන නිසා ඒක යොදාගන්න බැහැ කියලා. නමුත් ඊට පස්සෙත් 75% විතර සඳහන් කලේ ඒ පොතමයි.

    ReplyDelete
    Replies
    1. තව කෙනක් කියලා තිබුනා කියලා තමන්ගේ අදහස් හකුලාගැනීම සුදුසු නෑ කියලයි මම හිතන්නේ. මොකද මට කියන්න තියන දේ මම ස්වාධීනව හිතලා කියන නිසා.

      මූණු පොතේ බොහෝවිට සාමූහික අදහස් තමයි ඉලිප්පී පෙනෙන්නේ.

      Delete
  9. මටනම් ඔය සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් නෑ..
    සමහර ඒවා කලින්ම මගෙ කමෙන්ට් එක දානවා.. ඊට් අපස්සෙ තමා අනිත් අයගෙ කමෙන්ට්ස් බලන්නෙ..
    සමහර ඒවයෙදි අනිත් කමෙන්ට් බැලෙනවා... මේ ලිපියෙත් සමහර කමෙන්ට්ස් උඩින් පල්ලෙන් කියෙව්වා..
    සමහර වෙලාවට ලිපිය නොකියවාත් කමෙන්ට් කරනවා (මාතෘකාවට ). පස්සෙ තමා ලිපිය කියවන්නෙ.. ලිපිය කියවලා හිතුනොත් තව කමෙන්ට් එකක් දානවා..
    සමහර වෙලාවට පලිය විතරක් කියවලා කමෙන්ට් කරනවා..
    සමහර වෙලාවට ලිපිය කියවන්නෙම නෑ.. කමෙන්ට්ස් කියවලා ඒවට විතරක් කමෙන්ට් කරණවා..
    සමහර වෙලාවට මාතෘකාව දැක්ක ගමන් හැරිලා යනවා.. ඕපන් කරලවත් බලන්නෑ...

    ReplyDelete
    Replies
    1. ප්‍රතිපත්තියක් නැති කමත් එක්තරා අන්දමක ප්‍රතිපත්තියක් සෙන්නො! :-P

      Delete
    2. බලාගෙන යනකොට ඒකත් ඇත්ත තමා බූරා. හැබැයි ඒක හරි ජොලි ප්‍රතිපත්තියක් නේහ් ? :D

      Delete
    3. @ සෙන්නා. බොහොම සංකීර්ණ ප්‍රතිපත්ති මාලාවක්. මම දැකලා තිබෙනවා සමහර අඩවි වල ඔබ ඔය කියලා තියන ආකාරයට කමෙන්ට් දාලා තියන හැටි.

      Delete
    4. සෙන්නට මේ ගැන ප්‍රතිපත්තියක් නෑලු , මේ ගැන මට එහෙම එකක් තියනවද නැද්ද කියලවත් මම හිතල තිබුනෙ නෑ. වෙලාව හා interest එක මත තමයි මෙතරම් කල් වැඩේ වෙන්න ඇත්තෙ.
      හදා ගන්න වෙයිද මාලාවක්?

      Delete
  10. අපි මේක ගැන වාදබයිලාවක් කියමුද??

    ReplyDelete
    Replies
    1. ඉතිං පලවෙනි පද දෙකවත් දාපන්කෝ මෙතන.

      Delete
  11. මමනම් ගහල ගහල බැන්දා
    මාතලන් මල්ලිත් එහෙමයි මයෙ හිතේ

    ReplyDelete
    Replies
    1. ඔව් අපිත් පොඩි කාලේ දැකලා තියනවා නරක ළමයින්ට කෝටුවකින් ගහලා ගහලා ගහේ බඳින හැටි.

      Delete
    2. ගහලා බැන්දනම් අවුලක් නෑ මයෙ හිතේ.. සමහරු ගහලා නොබැඳ ඉන්නවනෙ මෙයා... :D

      Delete
    3. බැඳලා නොගහ ඉන්න එක?

      Delete
    4. සමහරු බැඳලා ගහනවා.
      සමහරු ගහල බඳිනවා.
      තව සමහරු තමා තමන්වම බැඳගන්නවා.
      තවත් සමහරු තමා තමන්ටම ගහගන්නවා.

      Delete
    5. ප්‍රා, මම හිතන්නෙ ඒක වැටෙනවා සාපරාධි අපරාධ යටතට... :D

      Delete
  12. ලිපිය කියවපු ගමන් මටනම් ඕනි කියෙව්වත් එක්කම හිතට එන මගේ අදහස ඉක්මනටම දාන්නයි. ඒ නිසා මගේ අදහස කියල තමයි අනෙක් අයගේ අදහස් කියවන්නෙ මං.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි කියලා තමයි මමත් හිතන්නේ.

      Delete
  13. පෝස්ට් එක දිග වැඩිනම්, කොමෙන්ට්ස් කියවන්නේ නැතිව කොමෙන්ට් කරනවා. වෙලා තිබුනොත් ත්මයි ඒවයේ කොමෙන්ට්ස් පස්සෙ කියවන්නේ. පොඩි පෝස්ට් එකක් නම් කොමෙන්ට්ස් ඔක්කොම කියවනවා. තෝරාගත් බ්ලොග් කීපයක පෝස්ට් කොමෙන්ට් ඔක්කෝම කියවනවා. සමහර ඒවට කොමෙන්ට් කරන්නෙම නෑ. ඒත් කියවනවා..

    මොනවා කලත් කියවන්නේ නැතිව නම් කොමෙන්ට් කරන්නෙම නෑ.. මක්කා නැතත් හැම කොමෙන්ට් එකටම රිප්ලයි නම් කරනවාමයි

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රතිපත්තියක්. මට්ට් සමහර අඩවි වල ලිපි එකවර කියවීම ටිකක් අමාරුයි. අතහැරලා ගිහින් පස්සේ තමයි එන්නේ.

      ඇත්තටම කෙනෙක් දාන කමෙන්ට් එකකට උත්තර නොදී ඉන්න හොඳ නෑ.

      Delete
  14. සාමාන්‍යයෙන් දාල බලනව.
    කලාතුරකින් බලල දානවා.
    තවත් ගොඩක් තැන්වලට ගිහින් බලල නොදා එනව.
    හදිස්සිම වෙලාවට දාල ගිහින් පස්සෙ ඇවිත් බලනවා. (ළඟදි දවසක දාල පහුවදා බලද්දි තමයි දැක්කෙ දාපු එක රාහු ගිලල කියල. පස්සෙ ආයෙම දාල ආව.)

    :D :D

    ReplyDelete
    Replies
    1. දැම්ම. බලල එන්නංකෝ......

      Delete
    2. දාලා බැලිල්ල හොඳයි අනේ. ඔන්න ඔහේ ඒ ක්‍රමයම ඉදිරියට ගෙනියන්න.

      Delete
  15. ස්ථිර විදියක් නැහැ බොහෝ විට ඔක්කොම කියවල කමෙන්ට් කරනවා

    ReplyDelete
    Replies
    1. සමහර කමෙන්ට් කියවන්න ගියාම හිනායනවා මාතෘකාවට අදාළ නැති නිසා. ඔක්කොම කමෙන්ට් කියවන්න ගියොත් කියන්න හිතාගෙන හිටිය එකත් අමතක වෙනවා.

      Delete
  16. හැම එකම සම්බන්ධයෙන් මෙහෙමයි කියන ප්‍රතිපත්තියක් මගේ නං නෑ. ඒ වගේම අනුන්ගේ අදහස් නිසා ඔලුව අවුල් කරගන්නෙත් නෑ. ලිපිය අනුව ක්‍රමය වෙනස් උනත් වැඩිපුරම සිදුවෙන්නෙ බලල දැමිල්ල.
    සාමාන්‍යයෙන් මගේ ක්‍රම මෙහෙමයි.
    1. දීර්ඝ ලිපියක් සහ සියළු කරුණු වලට වගේ එකඟ වෙනව නං කමෙන්ටුත් කියවාගෙන පහලට යනව. ලිපිය සම්බන්ධ එනඟ නොවෙන කමෙන්ට් තියනව නං ඒවට උත්තර දීගෙන පහලටම ගිහිල්ල මගේ අදහස කෙටියෙන් කියල දානව. ඔය හොඳයි එකඟයි වගේ.... නැත්තං මගෙන් එකතු කරන්න දෙයක් තියනව නං එකතු කරනව.

    2.ලිපිය දිගයි සහ එකඟ නොවන තැන් වැඩි නම් කියවන ගමන් කමෙන්ටු පෙට්ටිය ඕපන් කරගෙන කොටනව. ලිපිය කියවල ඉවර වෙද්දි කමෙන්ටුවත් කොටල ඉවරයි. සංශෝධනයන් කලා දැම්ම.

    3.ලිපිය කෙටි නම් ඔක්කොම කියවල කමෙන්ටුත් කියවල මගේ කමෙන්ටුවත් කමෙන්ට් වලට උත්තරත් දානව.

    4.ලිපිය නීරසයි නම් මොකුත් නොකිය එනව නැත්තං අතුරු මාතෘකාවක් ඇදුනොත් ඒ ගැන මොනව හරි ලියනව.

    5.වෙලාව අඩු නම් 1-4 ඔක්කොම කැන්සල්. ටක් ගාල කියෙව්ව ගියා. කමෙන්ටුවක් දාන්නෙ අත්‍යාවශ්‍ය නම් විතරයි(මේ ලිපියට වගේ)

    මීට කලින් දවසක මම බ්ලොග් වල කටයුතු කරන ආකාරය ගැනත් කිව්ව. ඒ අනුපිලිවෙල මෙහෙමයි
    1.මගේ බ්ලොග් එක ලිවීම
    2.අනුන්ගෙ බ්ලොග් කියවීම/කමෙන්ට් දැමීම
    3.මගේ බ්ලොග් එකේ කමෙන්ට් වලට උත්තර දීම
    4.අනුන්ගෙ කමෙන්ට් වලට උත්තර දීම

    ReplyDelete
    Replies
    1. බොහොම පිළිවෙලකට හදාගත්ත ප්‍රතිපත්තියක්. හරි ෂෝක් නේ. මටත් හිතෙනවා අර කියවන ගමන් කමෙන්ට් පෙට්ටිය අරගෙන අදහස් ලිවීම පටන් ගන්න.

      මම කරන්නේ අනික් ඔක්කොගෙම බ්ලොග් කියවලා අදහස් කියලා ඊට පස්සේ මගේ අඩවියට එන එක.

      Delete
  17. මම මේ විචාරක තුමාට දාන දෙවෙනි කමෙන්ට් එක...කලින්ම ඒක කියලා ඉන්න එක හොඳයි.
    මම අරූගේ පෝස්ට් වලට නම් පෝස්ට් එක කියවපු හැටියේම කමෙන්ට් කරන්නේ නැහැ මොකද, අරූ ගොඩාක් වෙලාවට කමෙන්ට් වලට දෙන උත්තර වලින් තමයි පෝස්ටෙක සම්පූර්ණ කරන්නේ.
    ඒ ඇරෙන්න අනිත් හැම කියවන පෝස්ට් එකක්ම කියවලා ඉවර වෙලා, ඊට පස්සේ, මම එක නෙමෙයි නම්, කමෙන්ට්ස් ටිකත් කියවලා ඉවර වෙලා, කමෙන්ට් කරන්න තරම් මට නුවනක්, අදහසක් තියේනම් නම්, විතරයි කමෙන්ට් එකක් දාන්නේ.
    සමහර වෙලාවට දාපු කමෙන්ට් එකකට දෙකකත කරන කමේන්ට් එකකින් විතරකුත් මගේ කමෙන්ට් කිරීම නවතිනවා.
    මම කියවන්න ආසයි කොමෙන්ට් කරනවාට වඩා.හැබැයි මම ඉඳලා හිටලා ලියන මගේම පොස්ට්වලට ඉඳලා හිටලා වැටෙන හැම කොමෙන්ට් එකකටම පිලිතුරු කමෙන්ට් එකක් නම් ලියනවාමයි.
    ශමහර පෝස්ට් වලට කමෙන්ට් කරලා, නෝටිෆයි මී කියන කොටුව පුරලා එනවා, කමෙන්ට් ටික ඊවලින් ගෙන්න ගන්න...

    ReplyDelete
    Replies
    1. ////...ඊට පස්සේ, මම එක නෙමෙයි නම්, ...////
      සභාවේ සිනා!

      Delete
    2. අලුත්ම අදහසක් තමයි අර මම එක නෙවෙයිනම් කියන එක. ඇත්තටම සමහර අයට තියන පිස්සුවක් තමයි 'මම එක'

      ඔබේ ප්‍රතිපත්තිය තරමක් වෙනස් සහ ටිකක් අමුතු බවකුත් පෙනෙනවා. පොඩියට හෝ අදහසක් කිව්වම එයින් බ්ලොග් රචකයා යම් අත්දැකීමක් ගන්නවා.

      @ රාජ්. හැමදාම මම එක වුනොත්.........................සභාවේ තදින් සිනා :e

      Delete
    3. ගොඩාක් ජනප්‍රිය බ්ලොග්වල එක වෙන එක, එහෙම වෙච්ච ගොඩාක් අයට මාර ජොලි කියන එක මම දැකලා තියෙන නිසයි එහෙම් කිව්වේ. සමහරු ආපහු ඇවිත්..හුටා මම එකනේ කියලාත් ලියලා යනවා මම දැකලා තියෙනවා. ඔය එක වෙන එක හරිම ලෙඩක් තමයි අපේ රටේ...එක වෙච්ච එකා ආයෙත් තව කාටවත් එක වෙන්න දෙන්නේ නෑනේ...18 සන්නියත් ගෙනල්ලා බලනවනේ දිගටම එක වෙලාම ඉන්න පුලුවන්ද කියලා..
      පැරාගේ එක වෙන එකාට නම් තෝ කොටියා කාපිය කියලා තමයි කියන්නේ දෙක තුන වෙන එකාලා...
      ආ තව එකක් මම ඇනෝ කමෙන්ට්නම් දාලා නෑ....

      Delete
    4. බයිබලේ කියනවා "අන්තිමයා පළවැනියා වන්නේය" කියලා.. එහෙම වෙලත් තියනවා..

      Delete
    5. කුමාරතුංගගෙ බුත්සරනෙ තියෙනව පලමුවෙනියාට කෙලවෙන්නේය කියල. ඒක නිසා අපි ඉස්කොලෙ යන කාලෙ ඉඳගත්තෙත් පස්සෙ පේලියෙ උනෙත් මැද නැත්තං අන්තිමය (ඒ අර සෙන්නා කියපු එක නිසා).

      Delete
    6. @ AnonymousSeptember 3, 2014 at 5:28 PM

      හපොයි හමුදා පුහුණුව ලබන කාලේ දේශනා වලට ගිහින් ඉන්දගන්නේ පසසම පේලියේ. නමුත් දේශක තුමාලා අපිට වඩා කට්ට නිසා වැඩිපුරම ප්‍රශ්න අහන්නේ පස්ස පේලියේ එවුන්ගෙන්.

      Delete
  18. මට නං කමෙන්ට් කරන්න හැකි සහ කමෙන්ට් කරන්නෙ මට වැදුණු ලිපිවලට පමණයි.ලිපියක් හිතට වැදුනේ නැත්නං බලල මාරුවෙනවා.හැබැයි ලිපිය ඔක්කොම කියවනවා නොකියවා කමෙන්ට් කරන්නෙ නෑ.ඇනෝ කමෙන්ට් කරන්නෙ නෑ වැරදිලා ඇනෝ වැටුනොත් ඊට පහලින් මේ මම කියල කියනවා.ලිපිය කියවා හැකිනම් කමෙන්ටුත් කියවා මගේ කමෙන්ට් එක ලියනවා.ඊට පස්සෙ පසු විපරමකුත් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හැලපෙ හිතට අල්ලන්නේ නැති ලිපි වලදී මමත් කුමක් කියම්දෝ කියන දෙගිඩියාවට ඇවිත් ඔන්න ඔහේ අතෑරලා දාලා යනවා.

      Delete
  19. එහමටම කියලා ලොකු ප්‍රතිපත්තියක් නෑ. ලිපිය කියන්න තමයි ලොකු කාලයක් යොදවන්නේ පහලට යනකොට උඩින් පල්ලෙන් කොමෙන්ටුවක් දෙකක් කියවලා මගේ එක දාලා කමන්ටු ටික බලලා අවශ්‍ය තැන් වලට උත්තර දිලා පස්සේ දවසකත් ඇවිත් බලනවා පිලතුරැ කොමෙන්ටු තියනවද කියලා.

    ReplyDelete
    Replies
    1. මමත් කමෙන්ට් එක ලියන්න පහලට යනකොට සමහර කමෙන්ට් යන්තමින් බලාගෙන යන අවස්ථාත් තියනවා. ඒත් බොහොම කලාතුරකින්.

      Delete
  20. අලේ මං දල්ලෑ හලෝ......!!!!

    ReplyDelete
    Replies
    1. හරි හරි........... දල්ලෑ කියලා ගුටි කන්න කලින් මේ කියන්නේ.........
      ලිපිය කියවලා තමයි කොමෙන්ට් කරන්නේ. නැත්තන් කොමෙන්ට් කරන්නේ නෑ. කොමෙන්ට් එකකට රිප්ලයි කොමෙන්ට් එකක් වත් දාන්නේ නෑ.
      කියවන්න වෙලා නැත්තන් පස්සේ කියවන්නම් කියලා කොමෙන්ට් එකක් දාලා අනිවාර්යෙන්ම පස්සේ කියවනවා. ලිපිය කියවලා ගොඩක් වෙලාවට කොමෙන්ටුත් කියවලා ඒවටත් රේප් කොමෙන්ට් දාලා හෙම අන්තිමට මට හිතෙන දෙයක් කොටා දාලා යනවා....!!! මම දාන කොමෙන්ට් එකට රේප් කොමෙන්ට් තියෙනවද කියලා නැවත නැවත ඇවිත් බලනවා. කොමෙන්ට් එකට රේප් නැත්තන් ඉතිං කෑවේ නෑ වගේ තමා ඔං.........

      Delete
    2. දැන් ඔය වචනේ රෙප් ද රේප් ද? :e

      ඇත්තටම ලිපියක් නොකියවා, 'අනේ මේ මිනිහා තරහවෙයි' කියලා, මොකක්හරි ලියලා යනවා සමහරු. මම හිතන්නේ ඒක සාධාරණ නැහැ.

      ඔබ කියනවා වගේ ලිපිය පසුව ඇවිත් හෝ කියවලා අදහස් දැක්වීමයි වැදගත්.

      Delete
  21. මම නම් දිග ලිපි උදේ පාන්දර කියවන්නෙ .....
    අපේ මාතගේ රෙද්දවල් ඕන වෙලාවක කියවනව ......
    ලිපියක් කියවල ....මම දාන්න ඕන කමෙන්ටුව සිතා ගෙන....පල්ලෙහට යන ගමන්....මගෙ සුපර් ස්ටාර් ල දාල තිබෙන කමෙන්ට් ....මටත් රස නම් වැටක් හෝ කුණු හබ්බයක් දෙසල ...පසුව මගෙ කමෙන්ටුව කොටනව ......
    හැබැයි තාමත් පිටස්තර ඒවට නම් ...බලල තමයි......ඔබ..... අප්පට සිලි...... වැරදුනා..... දාන්නෙ ...

    ReplyDelete
    Replies
    1. ඔබනවා කියලා නේද උඹ ලියන්න ගියේ? කවු යකෝ ඒක ඉතිං නොදන්නේ?

      ඇත්තටම සමහර අය දාන කමෙන්ට්ස් ලිපියට වඩා රසවත්.

      Delete
  22. ඇහුවෙ ප්‍රතිපත්තිය මොකද්ද කියල නේහ් ? කොටිංම කියනවනං මගේ ප්‍රතිපත්තිය තමයි ප්‍රතිපත්තියක් නැති එක. කොමෙන් වලට නෙමෙයි ඕනෙම එකකට. මොන රෙද්දකටද අප්ප ඔය එක එක රෙද්දවල් වලට කො‍ටුවෙලා ඉන්නෙ.

    කොමෙන්ට් ගැන කිවුවොත් සමහරක් වෙලාවට මුට්ටිය දාලත් බලනව නෙද මුට්ටිය බිඳීද කියල.. හෙහ්..හෙහ්......

    ReplyDelete
    Replies
    1. මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි නේද?

      Delete
  23. මේකත් ලිපියක් ලියාගන්න වෙලාවක් නැති අතරට ගහපු මරු සක්ක කෑල්ලක් නේ :P

    මාතලන්ගෙ, ඉස්සර කතන්දරගෙ එහෙම ලිපි කියවන්න කලින් බලන්නෙ කමෙන්ට්ස් ටික. මාතලන්ගෙ ලිපි ගොඩක් වෙලාවට දිග නිසා දැම්ම කියවනවද පස්සෙ එනවද කියල හිතාගන්නත්, කකාගෙ කතා වල පින්තූරෙයි මාතෘකාවයි හැර වෙනත් කතා තීනවද කියලත් ඒකෙන් තීරනය කරතෑකි.

    ඒ ඇරෙන්න අනෙක් ගොඩක් වෙලවට මම පෝස්ට් කියවන්නෙ ලිපියෙ දිග, රචකයා කවුද කියන එක අනුවයි.

    කොහොම කරත් ඕන බ්ලොග් එහෙක කලින් කමෙන්ට් දාල තමයි කමෙන්ට් කරන්නෙ, නැත්තන් එකම අදහස ආයි ආයි කියවෙලා විකාරයක් වෙන නිසා.

    අරූගෙ, හැලපෙගෙ වගේ බ්ලොග් වල කමෙන්ට් කරන්නෙ අගටම තමයි කොහොමත්.

    ReplyDelete
    Replies
    1. නැහැ ඉන්දික මේක සක්කයක් නෙවේ. කාලයක් තිස්සේ යම් යම් සිදුවීම් නිසා හිතේ තිබුණු දෙයක්. මම දීර්ඝ ලිපි ලියන නිසාත්, ඒවා ලිවීම ටිකක් දුෂ්කර නිසාත්, මේ ලිපිය ලියන්න හිතාගෙන හිටිය එක යටගියා.

      ඊයේ පෙරේදා මම ලියපු යුද්ධ ටැංකි ලිපි මාලාවෙන් පසු මගේ කෙටුම්පත් ලැයිස්තුවේ ඉතිරිවී තිබුණු ලිපි අටෙන් මේක තමයි තෝරාගත්තේ. (සෑමවිටම මම අවම වශයෙන් ලිපි පහක්වත් ලියමින් ඉන්නවා)

      මමනම් හිතන්නේ එකම අදහස කිව්වත් මම මගේ අදහස ස්වාධීනව කීම වැදගත් කියලයි. ඒ වගේම මම බ්ලොග් තෝරන්නේ නැහැ. සමහරවිට මගේ ප්‍රොෆයිල් එකට ලොග් වෙන්නෙත් නැතුව සින්ඩිකේට් වලට ගිහින් ඔහේ කියවාගෙන යනවා. මොකද මගේ බ්ලොග් ලැයිස්තුවේ නැති ඒවාත් එතකොට අහුවෙන නිසා. වැදගත් ලිපියක් දැක්කොත් ලොග් වෙලා අදහස් දක්වනවා විතරක් නෙවෙයි. ඒ අඩවිය මගේ බ්ලොග් ලැයිස්තුවටත් ඇතුලත් කරගන්නවා.

      Delete
  24. මටතියෙනවා කොමෙන්ට් දැමීමේ අති ප්‍රබල ප්‍රතිපත්තියක් සහ සාමාන්‍ය ප්‍රතිපත්තියක්..... අති ප්‍රබල එක කාටවත් නොකියන එක තමයි දෙවන නොහොත් සාමාන්‍ය ප්‍රතිපතිතිය ...... ඕ යේස්..... ඇත්තමයි .....

    ReplyDelete
    Replies
    1. යකෝ කියන මගුලක් තේරෙන හිංගලෙන් කියපන්කො.

      Delete
    2. සිංහලෙන් කියනවනම් මට කිසිම ප්‍රතිපත්තියක් නෑ අප්පා

      Delete
  25. පෝස්ට් එක කියවනවා.

    ඉළඟට මගේ කොමන්ට් රිප්ලයි ටික වනාගෙන වනාගෙන යනවා :D ඉවානය අහු උනොත් දෙනවා ඉෂ්ම යන්ඩ..

    ඕං සෑර් මගේ වැඩ..

    ReplyDelete
    Replies
    1. ඔය ඉවානයා කියන එකාව තමා මමත් හොයන්නේ...... අහුවෙයම්කො මට...... :P

      Delete
    2. යකෝ මම ත් මේ කියන්න ආවේ පොස්ට් එක නොකියෙව්වත් ඉස්සෙල්ලම බලන්නේ පත්තරයා කොමෙන්ට් කරලා තියෙනවද කියලා , ඌට දෙකක් නෙලලා තමයි අනික් වැඩ පටන් ගන්නේ .
      අනික් වැඩ කිව්වේ ඊළඟට මැලේ රාළට , නිමෝට එහෙම නෙලන එක .
      ෂික් මූ මෙතනත් මට කලින් මේකම කියලනේ , දෙන්න හිතෙනවා හොම්බ ගැලවෙන්න.

      Delete
    3. හරි හර කස්ටියගෙම බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    4. @ පත්තර, නිමෝ, ඉවාන්, මෙන්ඩා,

      අම්මපා අපි කමෙන්ට් ලිවීම ගැන සම්මන්ත්‍රණයක් තියමුද බ්ලොග් ලියන කියවන අය සඳහා.

      Delete
    5. @WADS, පැන් සංග්‍රහයක් එක්ක?

      Delete
    6. අනේ අප්පේ මේ දුෂ්ට ඉවානයා බෝ කොලයක් වගේ ඉන්න මටත් හතුරුකම් කරනවනේ

      Delete
  26. මමත් ඉතින් දාලම තමයි බලන්නේ.. ආය බල බල දාන්නේ මොකටද නේද.. අර ෂර්ලොක් හෝම්ස් කියල තියන්නේ.. - වෙන අදහස් වලින් ඔලුව පුරවගන්න එපා, ඒකෙන් ඔබේ අදහසට බාධා ඇති වෙනවා කියල.

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රතිපත්තියක් අඟහරු.

      Delete
  27. ලොකු දේයක් නෑ කියෙව්වා දැම්මා කමෙන්ටුවක් ,අනික්වා පස්සෙ කියවනවා වෙලාව තිබ්බොත් ,කියන්නම දෙයක් ඒ වෙලාවෙ නැත්නම් මාරු වෙනවා ,සමහර විට සුපිරි කියලා විතරක් කියන්නම වෙනවා ,ඇනෝ එන්නෙ නෑ ආවාත් යටින් නම කොටනවා ,ගොඩක් වෙලාවට ඒ වෙලාවෙ ඉන්න මානසික තත්වෙ අනුව කමෙන්ටුවට වෙනස් විදිය නම් තෙරුණ දෙයක් .....ඇත්තටම සමහර වෙලාවට සම්පූර්ණ පොස්ටුව කියවන්නෙම නැතුව කමෙන්ටු දැම්ම අවස්ථාත් තියෙනවා ,(මෙකත් එහෙමයි හැක් හැක් :D )වෙලාව අඩු වෙලාවට,හැබැයි කියව්න සේරම බොගි වලට කමෙන්ටුවක් කොටන්නෙ නෑ ,කොටපු කමෙන්ටු බලන්න සමහර විට යනවා නොයනවා එක වෙලාව එක්ක තියෙන හරබයක් තමයි ,ලොකුවට කමෙන්ටු ගැන හිතිල්ලක් නෑ

    ReplyDelete
    Replies
    1. ලිපියෙන් යමක් හිතට වැදුනානම් කමෙන්ට් එකක් දැමීම තමයි මමත් කරන්නේ. සහෝදර ට පැය 24 මදිවෙන තරම් කාර්ය බහුල වීම නිසාද ලිවීමත් හෙමින් කරන්නේ?

      Delete
  28. කියවලා මගේ අදහස දාලා තමයි අනික්වා හුඟක් වෙලාවට බැලෙන්නේ.. හැබැයි ඉදලා හිටලා එහෙම නොවුන වෙලාවලුත් තියෙනවා හැබැයි..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔබත් මගේ ප්‍රතිපත්තියේ.

      ඔව් සමහරවිට වෙනත් කමෙන්ට් එකක් දැකීමෙන් ප්‍රතිපත්තිය වෙනස්වෙන්න පුළුවන්.

      Delete
  29. මගෙනම් ඔය සම්බන්ධයෙන් එහෙම දෙයක් නෑ. ඒ වෙලාවට හිතෙන දෙයක් කරනවා ,හිතුනොත් කමෙන්ට් කියවනවා ,නැත්තම් මගේ කමෙන්ට් එක දාලා අනික් ඒවා කියවනවා . ඒක ඉතින් ඒ වෙලාවට හිට්නෙන් දෙයක් .
    දැන් නම් කමෙන්ට් කරන්නේ කොහොම හරි විචාරකගේ බෑණන්ඩියා වෙන්න ඕ... යේස් .. (මෙන්න දිව්වෝ )

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට්ස් වලින් තේරෙනවනේ හැමදෙනාටම වගේ තම ස්වාධීන ප්‍රතිපත්ති තියන බව.

      ඇයි බෑනෝ දුවන්නේ?

      'මමත් බල බලා ඉන්නේ මේ මගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියලා'

      Delete
    2. ඇයි බං ඉවාන් උඔගේ අතිඡාත මිත්‍රයා ඉන්නවද බලන්නේ

      Delete
    3. ඕකගේ දත් දෙකක් බඩට යවන්න, නැතුව වෙන මොකටද?

      Delete
  30. මම නම් හැම එකම කියවනවා ... ඒත් බොහොම අඩුවෙන් තමයි කොමෙන්ට් කොටන්නේ..... කම්මැලි කම .....

    ReplyDelete
    Replies
    1. සංජය සිතුවිලි කියන වචන දෙකවත් කොටලා යන්නකෝ. එතකොට අපි දන්නවා ඔයත් ඇවිත් බැලුවා කියලා.

      Delete
  31. මා හිතනවා ඔබේ ප්‍රතිපත්තියේම ඉන්න සෑහෙන පිරිසක් ඉන්නවා කියලා.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }