හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

06 October 2015

අවස්ථාවාදී ගැහිල්ල මෙන්න මෙහෙමයි................. What are the IEDs

Stab Bihind

තමන්ගේ හතුරෙකුට ගහන්න හිතුනම මිනිස්සු විවිධ ක්‍රම වලින් ගහනවනේ. මුලින්ම බලන්නේ කටින් ගහන්න. ඒක අසාර්ථක වුණොත් වෙන අය ලවා අපහාස උපහාස කරවීම, අද කාලේනම් අන්තර්ජාලය ඔස්සේ ගැහීම, (අපේ කාලයේ කැලෑ පත්තර ගැහුවා වගේ) වගේ දේවල් තමා කරන්නේ. බැරිම තැනදී සහ තමන්ගේ කොන්ද පණ තියන, හිත හයිය තියන මට්ටම අනුව තමා, අතින් පයින් හෝ අවි ආයුධ යොදාගෙන ගහන්න එන්නේ. නමුත් ලෝක සම්මත නීතිය අනුව, මේ අවි ආයුධ පාවිච්චිය බොහොම පරෙස්සමෙන් කරන්න ඕනේ. ගෙදර තියන එළවළු කපන පිහියත්, මාරක ආයුධයක් කරගන්න පුළුවන් නේ. ඇයි කතුර? පුවක් කප කපා ඉන්න ගමන්, ගිරයේ යට අණ්ඩේන්, තමන්ගේ තරහ කාරයකුගේ පපුවට අනින්න පුළුවන් මැරෙන්නම. අද කාලයේ තියන, ඝන ලෝහයෙන් නිමවා ඇති සමහර ටෝච් වලින්, ඔලුවේ පිටුපසට වැරෙන් පහරක් එල්ල කරන්න පුළුවන්, මැරිලා වැටෙන්න. මේ වගේ, ක්ෂණිකව, ආයුධ බවට පරිවර්තනය කරගන්න පුළුවන් දේවල් ලැයිස්තුවක්, ඔබටත් කියන්න පුළුවන් බව මා දන්නවා.

   මේ චූර්ණිකාව කිව්වේ, අද මා ඔබ සමග සාකච්ඡා කරන්න යන, 'අවස්ථාවෝචිතව සකසා ගන්නා පිපිරීම් උපකරණ  - Improvised Explosive Devices' = IEDs නමැති මාතෘකාව ගැන හඳුන්වා දෙන්නයි. මේ improvised කියන වචනයට, 'වැඩිදියුණු කරණ ලද' කියන යෙදුම සම්බන්ධ කරන්න මම අකමැතියි. මොකද, මේ ආකාරයේ සමහර පිපිරුම් උපකරණ, වැඩි දියුණු කිරීමක් නෙවෙයි කරලා තියෙන්නේ, වෙනස් කිරීමක්. 

මොකක්ද අවස්ථාවෝචිතව සකසාගන්නා
පිපිරුම් උපකරණයක් කියන්නේ?

   ඔව්, ඔක්කොටම කලින් ඒක නිර්වචනය කරගැනීම වැදගත්. අවස්ථාවෝචිතව සකසාගත් පිපිරුම් උපකරණයක් කියන්නේ, අවශ්යවිටක, අවශ්‍ය ස්ථානයක ගෙනගොස් තබා ක්‍රියාත්මක කරන, එසේ නැතහොත් අවශ්‍යවිටක යම්කිසි ස්ථානයක ක්ෂණිකව අටවවා ක්‍රියාත්මක කරවනු ලබන, සාමාන්‍ය සම්මත ක්‍රමයට වඩා වෙනස්, මාරාන්තික ආකාරයකින් සැකසෙන, වෙඩිබෙහෙත්, ගිණි බලය ඇතිකරන රසායනික ද්‍රව්‍ය, විවිධ පිපිරුම් උපක්‍රම සම්බන්ධ කරගනිනිමින් සකසන, විනාශකාරී, පිපිරීමක් ඇතිකිරීම සඳහා යොදාගන්නා බෝම්බයක් වැනි ඇටවුමකි.

   වැඩේ බරපතළයි නේද? ඔව් ඇත්තටම බරපතළ කාරණයක්. 

   ඔබ බොහෝවිට දැක ඇති බටහිර චිත්‍රපටිවල තිබෙනවා, පිපිරුම් උපක්‍රම ගැන දැනුමක් තිබෙන, හමුදා පුහුණුවක්ද තිබෙන පුද්ගලයන්, (රම්බෝ වැනි) විසින්, පරිසරයෙන් සොයාගන්නා විවිධ දේ පාවිච්චි කරමින්, පිපිරවීම් සිදුකරන හැටි. ඇත්තෙන්ම, මේ තාක්ෂණය හොඳින් දැනගත් පුද්ගලයකු, එය නරක පැත්තට යොමු කළොත්, ලැබෙන භයානක ප්‍රතිඵලයේ ප්‍රමාණය කියන්න බැරි තරම්.

   ඔබට මතකද, දැනට කාලෙකට ඉහතදී, අපේ යුද හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුවට අයත්, බෝම්බ නිෂ්ක්‍රිය විශේෂඥ පුහුණුව ඇති සැරයන් වරයෙක්, කුරුණෑගල ප්‍රදේශයේදී, තම අනියම් පෙම්වතියක් සම්බන්ධ සිදුවීමකදී, පාසල් දරුවන් රැගෙන යන වෑන් එකක බෝම්බයක් ඇටවීම නිසා, පාසල් දරුවකු මියගිය සිද්ධිය? හැබැයි ඒවා මහා පරිමාණ සිදුවීම් නෙවෙයි. පෞද්ගලික සිදුවීම්. නමුත් යුද්දෙකදී, මේ විදිහට නෙවෙයි පිපිරීම් සිදුකරන්නේ මහා පරිමාණයෙන්.

   අද වනවිට ලෝකයේ මහා පරිමාණයෙන් මෙවැනි ආකාරයේ පිපිරීම් ක්‍රම භාවිත කරන්නේ ඉරානය, ඉරාකය, සිරියාව, ඇෆ්ඝනිස්ථානය, ලෙබනනය, පාකිස්ථානය, සහ සමහර මධ්‍යම අප්‍රිකානු රටවලයි. එමෙන්ම වැඩිපුරම මෙවැනි පිපිරුම් ක්‍රම භාවිත කරන්නේ ත්‍රස්තවාදී සංවිධාන විසින්.

   1999 දී මා යටතේ සේවය කළ නිලධාරියකු, LTTE ත්‍රස්තවාදීන් විසින් ඇටවූ, මෙවැනි බෝම්බයකින් මියගියා. එය අටවා තිබුණේ, T 56 අවියක පතරොම් ගැබේ magazine. එය තුළට වෙඩිබෙහෙත් පුරවා, පිපිරුම් උපක්‍රමයක් යොදා, එය තුවක්කුවෙන් ගලවනවිට පුපුරන්නට සකසා තිබුණා. අපේ හමුදාව සමග ගැටුමකින් පසු පලායන අතර, ඔවුන් මේ අවිය, අපට අසුවන ලෙස කැලයේ දමාගොස් තිබුණා. අර නිළධාරියා අවිය අහුලාගෙන, ආරක්‍ෂක පියවරක් ලෙස, එහි පතරොම් ගැබ ගලවන්නට යාමේදී, එය පුපුරා යාමෙන් ඔහු මියගිය අතර, තවත් සෙබළුන් දෙදෙනෙකු, බරපතළ තුවාල ලැබුවා.

මොනවද යුද්ධයකදී කරන එවැනි පිපිරීම්?

   භයානකම දේ තමයි බැරල් බෝම්බ. බැරල් බෝම්බයක් දැම්මම සෑහෙන ප්‍රදේශය විනාශ වෙනවා. විශේෂයෙන් සතුරු කඳවුරු, සතුරා රැස්ව සිටින / සැඟවී සිටිනු ඇතැයි සිතන ස්ථාන වලට තමයි, බැරල් බෝම්බ එල්ල කරන්නේ. බැරල් බෝම්බයක් කියන්නේ, සිලින්ඩරාකාර ලෝහ කොපුවකට (හිස් තාර බැරල් එකක්, තෙල් බැරල් එකක්, ගෑස් සිලින්ඩරයක්, වුනත් ගන්න පුළුවන්. නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට එකක් හදාගන්න පුළුවන්.) අධිබල පිපිරුම් කාරක ඇතුළත්කර ඉන්පසු මූනිස්සම් ලෙස විසිරෙන විවිධ ලෝහ කැබලි රාශියක්ද, ගිණි අවුළුවන සුළු පෙට්‍රෝලියම් මිශ්‍රනයක්ද ඇතුළත් කර, ගැටීම impact හේතුවෙන් ඩෙටනේටරයක් ක්‍රියාත්මකවීම සඳහා බලය දෙන ෆියුස් එකක් සහිත, සම්පූර්ණයෙන්ම මිනිස් ශ්‍රමයෙන් ගුවනේ සිට බිමට හෙලන බෝම්බයක්. මෙය, ගුවන් යානයකින් හෝ හෙලිකොප්ටරයකින් ගෙනගොස්, ඉලක්කය ඇති ප්‍රදේශයට ඉහළ අහසේ සිට, බිමට අතාරින්න ඕනේ. වෙන ක්‍රමයක් නැහැ.

මෙන්න බැරල් බෝම්බය.

Structure of a Barrel Bomb


   ගෑස් සිලින්ඩර උපයෝගී කරගෙන සකසා ඇති බැරල් බෝම්බ

Gas Tank

   බැරල් බෝම්බ තහනම් කරන්න, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා, විවිධාකාරයෙන් උත්සාහ ගන්නා නමුත්, අදත්, සිරියාව වැනි රටවල බැරල් බෝම්බ පාවිච්චි කරනවා. මෙන්න බලන්න බැරල් බෝම්බයේ භයානක කම.  



   වෙඩි තැබීමෙන් පසු පුපුරා නොගිය මෝටාර් උණ්ඩ, කාලතුවක්කු උණ්ඩ ආදියත් අවස්ථානුකූලව පුපුරවා හැරීමට හැකි ආකාරයට සකස්කළ හැකියි. මෙහිදී කරන්නේ, එම උණ්ඩයේ ඉදිරිපස ඇති ෆියුස් කොටස ගලවා එතනට විදුලි ඩෙටනේටරයක් ඇතුළු කර එහි වයර් දෙක අවශ්‍ය තරම් දුරට ඇදගෙන, අවශ්‍ය වෙලාවේදී ස්විච් එකක් මගින් විදුලිය ක්‍රියාත්මක කර පුපුරවා හැරීමයි. මෙය පෑගීමෙන් හෝ වාහනයකට යටවීමෙන් ඇතිවන තෙරපුම අනුව පීඩන බෝම්බයක් ලෙස ක්‍රියාකරන්නත් හදන්න පුළුවන්.

IED

   අද හැමදේකදී ම විද්‍යුත් ක්‍රමවේද වලට ප්‍රමුඛස්ථානයක් ලැබෙනවනේ. ඉතිං මේ වගේ අවස්ථානුකූලව පාවිච්චි කරන බෝම්බත් විද්‍යුත් ක්‍රමවලින් පුපුරවන්නට හැකිවන ආකාරයට සකසා තිබෙනවා. බෝම්බයට සවිකරන ලද දුරකථනයකට අවශ්‍ය අවස්ථාවේදී ඇමතුමක් දීමෙන් බෝම්බය පත්තු කරන්න පුළුවන්. මේ බලන්න. 

Telephone Bomb

   පාරක් අයිනේ තියන තැපැල් පෙට්ටිය, මෝටර් සයිකලයක්, බයිසිකලයක බැඳ ඇති පෙට්ටියක්, නෝනා කෙනෙකු විසින් තම අතේ තියාගෙන සිට, වාහනයක් වෙත දමාගසන අත් බෑගයක්, ළදරුවන් තබා තල්ලුකරගෙන යන කරත්තයක් වැනි, අපට එකවර සිතාගත නොහැකි, විවිධාකාර වේශයන්ගෙන්, මෙවැනි පිපිරුම් උපකරණ තිබෙන්නට පුළුවන්. ඒ සියල්ල මෙහි විස්තර කිරීම අවශ්‍ය නැතැයි සිතනවා. මරාගෙන මැරෙන වාහන, ගුවන් යානා, බෝට්ටු ආදියත් වැටෙන්නේ, මෙවැනි අවස්ථානුකූලව සකසාගත් පිපිරුම් ක්‍රම වලටයි.

Box IED



   වාහනයක බෝම්බ ඇටවුමක් සිදුකිරීමෙන් වියහැකි හානියේ ප්‍රමාණය, පහත දැක්වෙන වගුවෙන් බලන්න පුළුවන්.


AA

   රාගෙන මැරෙන බෝම්බ කරුවන් පිළිබඳ අත්දැකීම, අප සෑමදෙනාම පාහේ, පසුගිය යුද සමයේදී අවබෝධ කරගත්තා. ඒ සඳහා යොදාගන්නෙත් අවස්ථාවට සුදුසු ආකාරයේ, හැඩයකින්, පෙනුමකින්, සුදුසු පිපිරුම් කාරක ප්‍රමාණයකින් සහ පිපිරවීමේ උපක්‍රමයකින් යුත් ක්‍රමවේදයක්.

   එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය විසින්, සමීක්ෂණය කර ඇති පරිදි, වසරකට නිරායුධ සිවිල් පුද්ගලයන් 13000 කට අධික ප්‍රමාණයක්, මෙලෙස, අවස්ථාවෝචිතව යොදාගන්නා බෝම්බ මගින් මියයන අතර, 45000 ක් පමණ නිරායුධ සිවිල් වැසියන්, බරපතළ තුවාල ලබා, එයින් සමහරෙක් ජීවිත කාලයටම ආබාධිතයන් බවට පත්වෙනවා.

මේ ව්‍යසනයෙන් මිදෙන්නේ කොහොමද?
  •   අපේ ළඟ මිනිස්කම කියලා දෙයක් ඉතුරු වෙලා තියනවනම් මේ මොකුත් වෙන්නේ නැහැනේ. ඒ නිසා මිනිසා තුළ මිනිස්කම වර්ධනය කිරීමයි සියල්ලට පළමුව කළයුත්තේ. ඒ සඳහා සෑම රටකම සිටින නීත්‍යානුකූල හමුදා සහ සටන්කාමී සංවිධාන තදින් දැනුවත් කළයුතුයි.

  • ලෝකය පුරා නිපදවෙන මෙවැනි පිපිරුම් ක්‍රම, ජාත්‍යන්තර නීති මගින් තහනම් කලයුතුයි. එම නීති පිළිනොගන්නා රටවල් වෙත, සම්බාධක පැනවීමෙන්, ඔවුන් තරමක් දුරට හෝ දමනය කරගත යුතුයි.

  • මෙවැනි උපක්‍රම පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කලයුතුයි. විශේෂයෙන් සන්නද්ධ ගැටුම් අති රටවල ජනතාව දැනුවත් කලයුතුයි විවිධ වේශයෙන් එන මෙවැනි පිපිරුම් ක්‍රම අති නිසා තමන් නොදන්නා නොහඳුනන දේ අතපතගෑමෙන් වැලකීමට සහ, සැකකටයුතු සියලුදේ ගැන නොපමාව අදාළ බලධාරීන් දැනුවත් කිරීමට.

  • මෙවැනි පිපිරුම් උපකරණ හඳුනාගැනීම සඳහා වෙනම විශේෂඥ පුහුණුවක් සහිත පුද්ගලයන් යෙදවීම සහ නවීන තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීමත්, ඒ තාක්‍ෂණය සහ පුද්ගල සම්පත් ලෝකය පුරා ව්‍යාප්ත කිරීමත් වැදගත්.

  • පාසල් ප්‍රජාව තුළ, මේ පිළිබඳව පුළුල් අවබෝධයක් ඇතිකිරීමෙන්, අනාගත පරපුර, මෙවැනි ව්‍යසනකාරී උපකරණ සැකසීමෙන් හා භාවිතයෙන්, ඈත්කළ හැකියි.

  • අන්තවාදී ත්‍රස්ත සංවිධාන, ලෝකයෙන් තුරන් කිරීමට, සෑම රටක්ම, සියලු භේද පසෙක දමා, එකතුවී ක්‍රියාකළ යුතුයි.

ඔබේ අදහසුත් මෙයටම එක්කරන්න. 

2015 ඔක්තෝබර් මස 06 වැනි දින 0016 පැය 

71 comments :

  1. පෙට්‍රල් බෝම්බ කියන්නේ මේ ගණයට අයිති වෙන එකක් ද එතකොට?

    ReplyDelete
    Replies
    1. ඔව් පෙට්‍රල් බෝම්බයක් කියන්නෙත් මේ ගණයට වැටෙන එකක්. පෙට්‍රල් බෝම්බ ගැන දැනගන්න අවශ්‍ය නම්

      මෙන්න මෙතනට යන්න

      Delete
  2. බැරල් බෝම්බ ගැන දැනන් හිටියෙ නෑ ... පතොරම් වලිනුත් බෝම්බ හදන්න පුලුවනිද

    ReplyDelete
    Replies
    1. ඉතාම භයානක බෝම්බයක්. තවමත් ලෝකයෙන් අත්හරවා ගන්න බැරි ව්‍යසනයක්.

      Delete
  3. හොඳ වැදගත් විස්තරයාක්. ඔන්න මෙතන දැම්මා http://nelumyaya.com/?p=4399
    විචාරක බ්ලොගයට යන්න කියලා ලින්ක් එකත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඔබට ඉතාම ස්තුතියි අජිත්. තවත් සෑහෙන පිරිසකගේ දැනුමට යමක් එකතුවෙයි.

      Delete
  4. නියම විස්තර ටිකක්, තමන් ළඟ තියන පොඩි පොඩි දේවලින් විවිධ පිපිරීම් කරනවා කිව්වම මට මතක් උනේ macgyver කියන TV සීරීස් එක

    ReplyDelete
    Replies
    1. අපරාදෙ ඉවාන් උඹට MacGyver මතක් වෙන්න තිබුනෙ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. @ බණ්ඩා
      ඔව් ඒ රූපවාහිනී මාලා නාටකයේ මෙවැනි දේ බොහොමයක් තිබුණා. යුද්ධයේදී මේවා මහා පරිමාණයෙන් කරන්නේ.

      @ ඉවාන්
      වෙන මොනවද මතක්වුනේ?

      @කම්මල
      ඔය කිව්වට McGyver කියලා, ඉවාන්ට මතක තියෙන්නේ නූඩ්ල්ස් ජාතියක්.

      Delete
  5. මේවා බලලා අපේ අයියලා ගෙවල් වල මේවා හදයිද විචා තුමා ?

    ReplyDelete
    Replies
    1. මාත් මේ හිතුවේ ඒකම තමයි....සමහර විට ඉස්සරහට අපිටත් ඔව්වා හදන්නවෙයි ගෙයි පිලිකනු වල..නේ විචා..?

      Delete
    2. @ Trans Sylvania
      බැහැ. එහෙම හදන්න බැහැ. ඒ සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍යයි. අත්හදා බලන්න ගියොත් අනතුරු වැඩියි. මා මෙතනදී පරෙස්සම් වුනා විස්තර ඉදිරිපත් නොකර ඉන්න.

      @ chef-architect
      අම්මෝ....ආයෙනම් එහෙම කාලයක් උදා නොවේවා.......................!!!!!!

      Delete
  6. මම මේ සැරේ ලංකාවට ආවම පත්තරයට Full Size Sedan එකක් තෑගි දෙන්න ඉන්නේ

    ReplyDelete
    Replies
    1. පත්තරයත් ගැස් සිලින්ඩර් එකතු කරනවලු..

      Delete
    2. මං උඹට බවුසරයක් තෑගි දෙන්න ඉන්නේ.. සල්ලි වාගෙද යාලුවො. චැහ්

      Delete
    3. ඕවා ඔනැන්නේ නෑ යකූ..බොලා දෙන්නට ඩප්පි භාගයක් හොඳටම ඇති....!

      Delete
    4. @ ඉවාන්
      ඇයි යකෝ පත්තරයට Full Sedan එකක් තියෙන්නේ? ළඟදී තව Baby Sedan එකකුත් ගෙනාවා නේද?

      @මෙන්ඩා
      ගෑස් ඉවරවෙච්ච සිලින්ඩර් වෙන්න ඇති.

      @පත්තරේ
      අන්න නියම යාළුවො. බවුසරේ දෙන්න කලින් කියපං මම නියමෙට හදලා දෙන්නම්.

      @ chef-architect
      හයියෝ..................කාඩ් කුඩු. අරුන් දෙන්නට හිතෙයි ඩප්පි බාගේ ගණනේ ගිලලා මැරෙන්න.

      Delete
  7. විචාරක හැම තිස්සෙම කතාවට බහින හැටි හරිම අපූරුයි.

    //අවස්ථාවෝචිතව සකසාගත් පිපිරුම් උපකරණයක් කියන්නේ, අවශ්යවිටක, අවශ්ය ස්ථානයක ගෙනගොස් තබා ක්රියාත්මක කරන, එසේ නැතහොත් අවශ්යවිටක යම්කිසි ස්ථානයක ක්ෂණිකව අටවවා ක්රියාත්මක කරවනු ලබන, සාමාන්ය සම්මත ක්රමයට වඩා වෙනස්, මාරාන්තික ආකාරයකින් සැකසෙන, වෙඩිබෙහෙත්, ගිණි බලය ඇතිකරන රසායනික ද්රව්ය, විවිධ පිපිරුම් උපක්රම සම්බන්ධ කරගනිනිමින් සකසන, විනාශකාරී, පිපිරීමක් ඇතිකිරීම සඳහා යොදාගන්නා බෝම්බයක් වැනි ඇටවුමකි.//

    එකපාරටම ඔලුවට ආවේ 'ගැහැනිය' කියන වචනේ... :P

    ReplyDelete
    Replies
    1. ආං හරි මිස්.. ඒත් මේව ඒ තරං භයානක නෑ. උපරිම ඕන්නං මැරෙයි .අරක එහෙමද :D

      Delete
    2. බෝම්බ එකවරම පුපුරනවා එතනින් ඉවරයි මචං.ගෑණු පැය විසිහතරේම පුපුර පුපුර ඉන්නවා අතිශයින්ම භයානකයි.

      Delete
    3. @ පොඩ්ඩි
      හනේ මොකටද මගේ කට. කිව්වා කියලා හිතාගන්නවා හොඳයි.

      @ පත්තරේ/ මනෝ
      බොහොම ස්තුතියි මට කියාගන්ඩ බැරිටික කිව්වට.

      Delete
  8. බජාර් එකේ උන් හදාපු ඩප්පියත් මේ ගොඩටම වැටෙන එකක් නේද? මට මතකයි ඔය ගෙන තිබුණු රූපවාහිනී වැඩසටහනක (ඩිස්කවරි හෝ නැට්ජියෝ) පෙන්නුවා ඔය විදිහෙ ඒවා ගොඩක්. සමහර ඒවා හිතාගන්නවත් බෑ හදන්න පුළුවන්ද කියලා. පොඩි බැටරි කෑලි ආවරණ, පෑන් වගෙ ඒවගෙ පවා හදලා තිබුණා.

    ReplyDelete
    Replies
    1. කැමරා ඕල්සෝ … ඕ යේස්

      Delete
    2. දන්නවද පත්තරයෝ.....
      එක සැරයක් ත්‍රස්තවාදී නායකයෙක් මැරුවා මාධ්‍ය වේදීන් විදිහට දෙන්නෙක් සම්මුඛ සාකාච්චාවකට ගිහින්. සතියක් විතර කඳවුර ඇතුලෙම ඉඳලා අර නායකයා සාකච්චාවට ආවට පස්සෙ වීඩියො කැමරාව ඇතුලෙ තිබුණු බෝම්බය පුපුරුවාගෙන මැරුනා සෙට් එකම. කෝමෙයි වැඩේ...?

      Delete
    3. @ යශ්
      ඔව්, බජාර් එකේ හදන ඩප්පි, කිරිටින්, ඔක්කොම මේ ගණයට වැටෙනවා. මම එවැනි උපකරණ ගැන ලියන්න ගියේ නැත්තේ අනවශ්‍ය විදිහට දික්ගැහෙන නිසා.

      @පත්තරේ
      අම්මපා කැමරාවක් ඇතුලෙත් අටවන්න පුළුවන්. 'යස්සයා' අටවයි උඹට එකක්.

      @යශ්
      ලස්සනම එක තියෙන්නේ True Lies කියන චිත්‍රපටියේ. ඒකේ Digital Camera එකේ Telephoto Lens එකේ හයිකරගෙන යනවා පිස්තෝලයක්. මාධ්‍යවේදීන් හැටියට යන්නේ විශේෂ බලකාය. ත්‍රස්තවාදී නායකයාගේ ළඟටම ගිහින් ගහනවා බුලට් එක නළලෙන් ඇතුළටම යන්න.

      Delete
    4. මං බලපු ටෘ ලයිස් වර්ෂන් එකේ වීඩියෝ කැමරාවෙ කැසට් එක දාන කුටියෙ තමා පිස්තෝලෙ තිබුණෙ. ඒක අරං ආවෙ ආනෝල්ඩ් ගෙ සෙට් එකේ ආධුනික තාක්ෂණික නිලධාරියා...

      Delete
  9. එල ද බ්‍රා
    වෙලාවක 4 වෙනි තට්ටුවට එන්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. බ්‍රා එකෙත් බෝමබ අටවගෙන ඇවිත් අහු උනා ඒ දවස් වල...

      Delete
    2. @ මෙන්ඩා
      උඹලගේ ෆැක්ටරිවල ඒ ජාතියේ බ්‍රා හදනවද?

      Delete
    3. බ්‍රා එක ගන්න කෙනා බ්‍රා එක ඇතුලට බෝම්බ දෙකක් ලෝඩ් කර ගන්නවා

      Delete
  10. ව්චා... මාත් කැමති නෑ ඔය බෝම්බ වලට.. මේ වගේ කෙටි සාකච්ඡා දැමීම හිටං අපිට දරාගන්න පහසුයි... ජය

    ReplyDelete
    Replies
    1. ඔව් දේශ්, මේ ලිපිය කොටස් හතරකට විතර ගෙනියන්න කරුණු තියනවා. නමුත් මමත් හිතලා තියෙන්නේ මීට පස්සේ හැකිතරම් කෙටි ලිපි ලියන්න.

      Delete
  11. සුවිසයිඩ් බෝට් එකක් කියන්නේ මේකේ ම වඩාත් දරුණු වර්ෂන් එකක්..

    කාලයක් යනකොට මේවා පිපිරෙන්න තියෙන ක්‍රම ගණන එකකට වඩා වැඩි කරා.. ඒ කියන්නේ.. ඔය ඕපන් කරනකොට පිපිරෙන්න හදපු එකම වැරදීමකින් හරි ඕපන් කරද්දී පිපිරුනේ නැති උනොත් (හෝ ඒ ගැන කලින් දැනගෙන ඩිසේබල් කරලා තිබුනොත්) ටික වේලාවකදී වෙනත් ක්‍රමයකින් පිපිරෙන්න හදනවා වගේ.. හරිම ඩේන්ජරස් නොදැන අතපත ගාන්න යන එක..

    ReplyDelete
    Replies
    1. //හරිම ඩේන්ජරස් නොදැන අතපත ගාන්න යන එක.. //
      අපි නෑනෙ ඕවට. චැහ්

      Delete
    2. ඔව් ඔව් පත්තරතුමාගෙ ඔපරේෂන් ඔක්කොම හොඳට දැනගෙන තමයි.
      තාම ඒවා නොදැන ඉන්නෙ රට්ටු.

      Delete
    3. @ කල්‍යාණ
      ඔයාට හොඳටම තේරෙනවා අති මම මෙතන කොච්චර කරුණු ගොඩක් අතෑරලා තියනවද කියලා. ඒ ඔක්කොම ලියන්න ගියානම් කොටස් එකකට වඩා යන්න වෙනවා. නමුත් මා හිතනවා මේ ගැන මොකුත් නොදන්නා කෙනෙකුට මේ ටික සෑහෙනවා කියා.

      මම මෙතන සඳහන් නොකළ ලොකු රහසකුත් තියනවා. මම හිතුවා කවුරුහරි ඒ ගැන මගෙන් අහයි කියලා. ඇහුවොත් ඇත්ත කියන්න වෙනවා. එතකොට මෙතන මහා ගැටුමක් ඇතිවෙනවා.

      @ පත්තරේ
      ග්ලවුස් දාලා නේද උඹ අතපත ගාන්නේ?

      @Pra
      නෑ නෑ පත්තරය හිතාගෙන ඉන්නේ රට්ටු දන්නේ නෑ කියලා. නමුත් පත්තරයට වඩා හොඳට දන්නේ රට්ටු.

      @ පත්තරේ
      ඊ මයිනර් මදි ඊ එල් මයිනර් එකක් ගනින්. එලවන්න ලේසියි.

      Delete
  12. නියම විස්තරයක් විචා.
    අර කිවුවත් වගේ නොදන්න ඒව අතපත ගාන්න ගිහිල්ල නිකං කෙලෝගන්නෙ මොකටද.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න. හැබැයි ඉතිං වැඩකාරයා නොදන්නා එව්වත් අතපතගාලා වැඩගන්නවා :e

      Delete
    2. විචා හින්ට් පාස් කරන්න එපා

      Delete
    3. මොකක්ද බං හින්ට් එක. උඹත් වැඩකාරයෙක් නේද?

      Delete
  13. චේන් ග්‍රෙනේඩ්ස් ගැනත් දාන්ට බුටෑං ගාල

    ReplyDelete
    Replies
    1. මම එහෙම ලිව්වේ නැත්තේ ඒ විදිහට එක වර්ගයක් කිව්වොත් අනික් ඔක්කොම වර්ගත් කියන්න සිදුවෙන නිසා. එතකොට ලිපිය කොටස් එකකට වඩා දික්වෙනවා.ඔයාට බෝම්බයක් හදලා ගහන්න අවශ්‍ය නම්,

      මෙන්න මෙතනට යන්න

      Delete
    2. මේක ආමරියක් නෙ බලං ගියාම...
      ඇයි යකෝ නැති ඉලව්වක් නැති තරං

      Delete
    3. මේ අඩවියේ පැරණි ලිපි කියෙව්වොත් සම්පූර්ණ හමුදා දැනුමක් ලැබෙනවා.

      Delete
  14. රුචිරණනි මා මරන්න කිව්වම මං හිතුවේ , බෝම්බෙන් නෙමෙයි ...... පිහියකින් කියලනේ .... බැලින්නම් තවත් පාඩමක්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, දැන් ඉන්න සමහර රුචිරාණනීලා මොනවයින් මොනවා කරයිද කියලා හිතාගන්න බැහැ.

      Delete
  15. නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා , ඉස්තුති විචාරකතුමා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔබේ දැනුමට යමක් එකතුවීම මට සතුටක්.

      Delete
  16. බොහෝ කරැනු ගැන දැනගත්තා මේ ලිපියෙන්.ඇත්තෙන්ම මේ වගේ දේවල් කලින් දැනගෙන හිටියේ නැ.

    ..//පාරක් අයිනේ තියන තැපැල් පෙට්ටිය, මෝටර් සයිකලයක්,//...

    නවීන තාක්ෂණයත් එක්ක මේ වගේ ප්‍රහාරයක් සිද්ද කලොත් මහා විනාසයක් කරන්න පුලුවන් නේද මේ කියන විදියට.ලොකේම සාමකාමි බව එක මොහොතකින් නැති කරන්න පුලුවන් මේ ක්‍රම විදිත් එක්ක.

    මුචලින්ද සයිස් නයෙක් ඉන්නවා අපේ පැත්තේ.බලන්න කලින් දැකලා තියනවද කියලා.

    නයා


    ReplyDelete
    Replies
    1. අපි ජීවත්වන ලෝකය මොනතරම් දරුණුද කියලා පෙන්නලා දෙන එක තමයි මේ ලිපිය ලිවීමේ එක පරමාර්ථයක් වුණේ. ඔබ එය මනාව අවබෝධ කරගෙන තිබෙනවා.

      හම්මෝ............ නයා බලලා දෙකක් කියලා ආවා.

      Delete
  17. අපේ පාසල් කාලයේ කීප වරක්ම මේ බෝම්බ භීතියට අහු උන හැටි මතක් උනා.. ආමි එකෙන් ඇවිත් ඒ පෙට්ටි වලක් ඇතුලෙ දාල පුපුරවපු තැනටවත් යන එක තහනම් කරලයි තිබුනේ.. බූම්...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලයිබ්‍රි එක ලඟ තාප්පෙ උඩ තිබුනු එක මතකද..?

      Delete
    2. වැඩේ පත්තුවෙනකොටත් මම එතන.. ඇයි කොට ලොරිය?

      Delete
    3. @ ලබ්ස්
      අනුරාධපුරේ නේද?

      Delete
    4. ලබ්බා කුරුණෑගල...

      Delete
    5. හෑ................ඒකත් එහෙමද? ඔය කොයි සිද්ධියද කිව්වේ? යශ් ට මතකද වඳුරාගල හරියේදී බස් එකක බෝම්බයක් පුපුරලා මලියදේව බාලිකාවේ ළමයෙකුට තුවාල වුන සිද්ධිය.

      Delete
    6. පුරේ කොල්ලන්ට බෝම්බ සෙල්ලං බඩු වගේ

      Delete
    7. ඔය වඳුරාගල බස් බෝම්බෙ පුපුරන්නකොට මමයි අප්පච්චියී හිටියෙ කටුපිටිය හරහා දුවපු කන්දෙ බස් එකේ ඊට ටික දුරකට මෙහා. ඒ පැත්තෙන් දුවපු බස් එක මතක ඇති.

      Delete
    8. අනේ පව්, ඒ ළමයා අද කොහේ කොහොම ඇද්ද?

      Delete
  18. වටිනා ලිපියක් විචාරක මහතෝ.................... ජයවේවා

    ReplyDelete
  19. වෙනදා වගේම ඉතාම වටිනා ලිපියක්. කරුණු කාරනා ගොඩාක් දැනගත්තා. ඒ වගේම, මේ බැරල් බෝම්බය කියන එක ගැන මීට කලින් අහල තිබ්බට අද තමා දැක්කේ හරියට. අර පියන අරිනකොට පුපුරන පාර්සල්, පෙට්ටි ගැන නම් මම ඔය යුද්ධේ තියන කාලේ සෑහෙන්න බයෙන් හිටියේ.
    දවසක් මම ඉස්කෝලේ ඇරිලා හවස ප්‍රැක්ටිස් ඉඳල පහේ හැටන් කෝච්චියේ ගෙදර එන්න ආවා. 5ට 5ක් විතර තියද්දි, දැන් අපිට සිග්නලුත් දීල වෙලාව එනකල් ඉන්නවා. එක පාරටම අනවුන්ස්මන්ට් එකක් දුන්නා
    "තුන් වන වේදිකාවේ අයිතිකරුවකු නොමැති පාර්සලයක් ඇත. කරුණාකර දුම්රිය ආරක්ෂක.... "
    එච්චරයි අහන්න හම්බුනේ ඩ්‍රයිවර් මහත්තයා කෝච්චිය ඇද්දා ඇදිල්ලක් ආය කෙලින්ම රජවත්තේ නතර කරේ. අපේ කෝච්චිය තිබ්බේ තුං වෙනි වේදිකාවේ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ඇද්දා ඇදිල්ලක් කියනකොට මතක්වුනේ අර, පොඩි හාමුදුරු නමක් කියපු, 'වැඩ්ඩා වැඩිල්ලක්' කියන එක.

      බෝම්බ භීතිය කියන්නේ ඉතින් මරණ බයනේ. මරණ බය කාටද නැත්තේ?

      ස්තුතියි ලිපිය අගය කිරීම ගැන.

      Delete
  20. ආදරය කරුණාව දයාව සැබෑවට තියේනං මොන යුද්දද විචා.අර බූරාද සෙන්නාද මන්දා වරක් කීවා ලෝකේ දුවන්නේ ලේ උඩින් කියන එකනං හරියට හරි.ආයුද අතට ගන්න එවුන් වෙන්න යන ප්‍රතිපල ගැනත් චුට්ට්ටක් හිතනවනං.
    හ්ම් හංගපු දේ පට්ටාන් ගත්තේ අසෝක වීදුරුවෙන්ලු.

    ReplyDelete
    Replies
    1. ආදරය කරුණාව කියන එක සොල්දාදුවාගේ හිතෙත් තියනවා උතුරලා යන තරම්. නමුත් යුද්ධයක් පටන්ගන්නෙත් ඉවර කරන්නෙත් දේශපාලනඥයා විසින්. සොල්දාදුවා විසින් නෙවෙයි.

      හංගපු දේ භයානකයි. ඒක හැංගිලාම තිබුණාවේ. අනවශ්‍ය ප්‍රශ්නයක් බවට පත්නොවී.

      Delete
  21. Replies
    1. හුට්ට බටා. මමත් ගත්තනේ අවුරුදු 34 කට කලින්.

      Delete
  22. The hurt locker movie eke me wage hama bombayakma nishkriya karana widiha tiyenawa. Sthuthi danumata yamak ek kalata :)

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }