හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

28 June 2016

ලෝක යුද ඉතිහාසයෙන් (පළමුවැනි කොටස)

   මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට අද දක්වා, ලෝකයේ කොතැනක හෝ යුද්ධයක් පැවතීම, අරුමයක් නොවෙයි. එමෙන්ම, මානව ශිෂ්ටාචාරය මේ මිහිමත පවතින තුරු, යුද්ධයද පවතිනු ඇති බව, විද්වත් මතයක්. යුද්ධය ඇතිකරන්නෙත් මිනිසායි. සාමය ඇති කරන්නේත් මිනිසායි. මිනිස් චිත්ත සන්තානය තුළ, යුද මතය තිබෙනතුරු, ලෝකයේ කොහේ හෝ කොනක යුද්ධයක් පවතිනු ඇති. සාමය ඇති කිරීම කෙසේ වෙතත්, මතුපිටින් පෙනෙන සාමයට යටින්, ලෝකයේ බොහොමයක් රටවල්, තම යුද ශක්තිය වර්ධනය කරගැනීම සඳහා ක්‍රියාකරමින් සිටින බවත්, නොරහසක්. 

   මේ අතර, අපේ රටට අතිරික්ත යුද අවි සහ උපකරණ, එම අවි සහ උපකරණ ලබාගත් රටවලටම, ආපසු විකුණා දැමීමේ අදහසක් තිබෙන බව, කොස්ගම යුදහමුදා පුපුරන ද්‍රව්‍ය ගබඩාව පිපිරීමේ සිද්ධියෙන් පසු, ජනමාධ්‍ය ඔස්සේ කියවුනා ඔබට මතක ඇති. මොකද ඒ ගැන හිතෙන්නේ? යුද වාර්තා, එදත් අදත්, විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්නා තොරතුරු සමුදායක් බව, ඔබ කවුරුත් දන්නවා ඇති. අද මා, එවැනි වාර්තා කීපයකින් උපුටාගත් පින්තූර සහ විස්තර තමයි, ඔබ වෙත මෙසේ රැගෙන එන්නේ. 

   මෙම ලිපියට අදාළ කරුණු සහ පින්තූර උපුටාගත්තේ, HISTORY OF WAR සඟරා වලින් බව, සඳහන් කරන්නට කැමතියි. පින්තූර පෙන්වමින් විස්තරත් දෙන්නම්. 


   වර්ෂ 1941 දී ගත් ඉහත ඡායාරූපයෙන් පෙන්වන්නේ, හිමෙන් වැසී ගිය භූමියක, යුද හමුදා උපදේශක වරුන්ගේ යටතේ, හමුදා පුහුණුව ලබන, රුසියානු පාසල් සිසුන් පිරිසක්. ඔවුන් මෙහි පාවිච්චි කරන සෑම අවියක්ම, ඇත්ත අවියක ලී අනුරුවක් විනා, ඇත්ත අවි නොවෙයි. 1941 වනවිට, ජර්මානු හමුදාවේ තර්ජනය, ඉතා දැඩිව රුසියාවට දැනුනා. තම ත්‍රිවිධ හමුදාවේ භටපිරිස් ප්‍රමාණවත් නොවන නිසා, මෙලෙස, පාසල් සිසුන් පවා, යුද්ධයට සූදානම් කෙරුණා. අද නම් මෙය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති යටතේ තහනම් ක්‍රියාවක්. 


   සටනට උපන් අගමැති. දෙවැනි ලෝක සංග්‍රාම සමයේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය පදවිය දැරූ, ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්, බ්‍රිතාන්‍යයේ සෑන්ඩ්හර්ස්ට් හමුදා විද්‍යාපීඨයේ උපාධිධරයකු වන අතර, ලුතිතන් කර්නල් නිලයේ නිලධාරියකුද විය. එබැවින්, ඔහු සටන් පෙරමුණට ගිය අවස්ථා බොහෝය. ග්‍රීක දූපත් වලට, විශේෂ පුහුණු නාවික යාත්‍රා බලගණයක් යැවූ ඔහු, මේ සිටින්නේ, එම බලගණය පරීක්‍ෂා කරමින්. චර්චිල්ගේ කටේ තියන සුරුට්ටුව, ඔහුගේ අනන්‍යතාවේ ලක්ෂණයක් ලෙස, ලෝක ප්‍රසිද්ධයි. 



   දෙවැනි ලෝක සංග්‍රාම සමයේ ආරම්භ කෙරුණු, බ්‍රිතාන්‍ය විශේය නාවික යාත්‍රා බලගණය, Special Boats Squadron = SBS (අද අපේ රටෙත් තියනවා)  ඉතා රහසිගතව පවත්වාගෙන ගිය, ඉතා සාර්ථක සහ අති ප්‍රබල හමුදා ඒකකයක් වුණා. සතුරා විශ්මයට පත්කරමින්, මාරාන්තික ප්‍රහාර එල්ල කරමින්, උතුරු අප්‍රිකානු වෙරළ ආශ්‍රිතව තම ආධිපත්‍යය ගොඩනගා ගන්නට, ඔවුන් සමත් වුණා. 1944 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රී වරයකු, මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමින්, සතුරු යාත්‍රාවලට පැන, ඔවුන්ගේ බෙල්ල කපා මරා දමන, ම්ලේච්ඡ සටන් කරුවන් පිරිසක්, බ්‍රිතාන්‍ය ධජය යටතේ, මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයේ ඉන්නවාද? කියා විමසීය. එයට පිළිතුරු දුන්, බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්, අපේ රට වෙනුවෙන්, යුද රහස් රැකගන්නට, තමුන්නාන්සේ සහාය නොදෙන්නේ නම්, මම, හෙට තමුන්නාන්සේව එම නාවික කණ්ඩායම වෙත යවනවා, යනුවෙන් ප්‍රකාශ කළා. 


   දෙවැනි ලෝක සංග්‍රාම සමයේ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව වෙනුවෙන් අති විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ, යූ එස් එස් ෆ්‍රෑන්ක්ලින්, ගුවන්යානා හාරක යුද නෞකාව, 1945 මාර්තු මාසයේදී ජපන් ගුවන් හමුදාවේ ප්‍රහාරයකට ලක්ව, අර්ධ වශයෙන් ගිලීගිය අවස්ථාව. 800 ක් පමණ වූ නැවේ කාර්ය මණ්ඩලය, ඉතා අසරණව නැව් තට්ටුව මතට වී බලාසිටින්නේ, තමන් බේරා ගන්නා තුරුයි. 


   කටකාර මෙන්ම හැඩකාර, එමෙන්ම යකඩ ගැහැණිය යයි විරුදාවලි ලත්, බ්‍රිතාන්‍ය අගමැතිනි, මාග්‍රට් තැචර්, සිය සැමියා වන ඩෙනිස් තැචර් (පසුබිමේ) සමග, මේ යුද ගුවන් යානයකට ගොඩවී සිටින්නේ, ඇය අගමැතිනියව සිටි සමයේ, 1982 දී, බ්‍රිතාන්‍ය යුද ගුවන් යානා කම්හලක, නිරීක්ෂණ චාරිකාවක යෙදුන අවස්ථාවකයි. ෆෝල්ක්ලන්ත යුද්ධයේදී, ඇය ඉතා නිර්භීතව ක්‍රියාකල ආකාරය, 'යකඩ ගැහැණිය' යන විරුදාවලියට හොඳින් ගැලපුණා. 

   බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්, ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩි රූස්වෙල්ට්, රුසියානු අගමැති ජෝසෆ් ස්ටාලින්,  මෙසේ කැමරාවට හසුවූයේ, දෙවැනි ලෝක සංග්‍රාමයේ අවසන් භාගයේදී, 1945 වර්ෂයේදී, ක්‍රිමියානු අර්ධ ද්වීපයේ යාල්ටා ප්‍රදේශයේදී පවත්වන ලද, සුප්‍රසිද්ධ 'යාල්ටා සම්මන්ත්‍රණය' සඳහා පැමිණි අවස්ථාවේදීයි. 


  ජර්මනියේ බැවේරියා ප්‍රාන්තයේ පිහිටුවා තිබුණු, 'ඩකාවූ සිර කඳවුරේ' සිටි, යුදෙව් වැසියන් 32000 කට අධික පිරිසක්, ජර්මානු SS භටයන් අතින් ඝාතනයට ලක්වූ අතර, 1945 අප්‍රේල් මස 29 වැනි දින, ඇමරිකානු යුද හමුදාව විසින් මෙම කඳවුර ජර්මානු ග්‍රහණයෙන් මුදාගන්නා ලදී. මෙහිදී එම කඳවුරේ සිටි SS භටයන් පැනයාමට තැත්කළ අවස්ථාවේදී, ඇමරිකානු හමුදාවේ ප්‍රහාරයට ලක්වූ අයුරු. 

   අදට ඇති නේද? මීට වඩා සංවේදී තොරතුරු ඇතුළත්, මෙවැනි ලිපි කීපයක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. 

2016 ජූනි මස 28 වැනි දින 0046 පැය 

46 comments :

  1. ලෝක යුද ඉතිහාසය සිංහලෙන් කියවන්නට ලැබෙන දුර්ලභ අවස්ථාවක් ඔබ උදා කර තිබීම අප හැමගේ ගෞරවයට පාත්‍රවන්වෙනට හේතු වෙයි. දිගටම ලියාගන යන්න විචාරකතුමණි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගුණසිංහ මහත්මයා, ලිපිය ඇගයීම සහ මා දිරිගැන්වීම පිළිබඳව.

      Delete
  2. මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට අද දක්වා, ලෝකයේ මහා පරිමානයේ යුද්ධ 5000 සිදුවී තිබේ

    ReplyDelete
    Replies
    1. පුදුමයි 5000 වෙච්චි එක. 50000 නොවී.

      Delete
  3. වැදගත් කරුණු. ස්තූතියි විචා

    ReplyDelete
  4. මම මේ ලිපියෙන් දැක්කෙ මීට අවුරුදු කීපයකට කලින් ලිපි ලියපු විචාරක මහත්මයාව. ඒ කාලෙ ලියපු වාර්තාමය ගතිය මේ ලිපියෙ හොඳට තියෙනවා. ස්තුතියි තොරතුරු වලට.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ඉතිං යකෝ ඒ කාලේ හිටියෙත් දැන් ඉන්නෙත් මමම තමයි. ඔය කතාව අටමත් හැමදාම කියනවා, ඉස්සර වගේ ලියන්නකෝ මේ මොනවද දැන් ලියන්නේ කියලා. අනේ මන්දා මටනම් තේරෙන්නේ නැහැ.

      ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  5. //SS භටයන් පැනයාමට තැත්කළ අවස්ථාවේදී, ඇමරිකානු හමුදාවේ ප්‍රහාරයට ලක්වූ අයුරු.//

    මට පේන්නේ නිකං හිටවල වෙඩි තියනවා වාගේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක තමයි වෙලා තියෙන්නේ. ජර්මන් කාරයෝ එක්ක තිබුන වෛරයේ හැටියට පණපිටින් පිච්චුවේ නැති එකයි පුදුමේ.

      Delete
  6. මේ ලියවිල්ලේ වටිනාකම බොහොම වැඩි වෙන්නේ යුධ ඉතිහාස ගැන මෙවැනි හරවත් තොරතුරු සිංහලෙන් ලියවී ඇත්තේ ඉතාම අඩුවෙන් නිසා. බොහොම ස්තුතියි.

    ඔබට කල් වෙලා තිබේ නම්, ඔබ අකැමැත්තකුත් නැති නම් පළමු ලෝක යුද්දයේ ආරම්භයේ සිට දෙවන ලෝක යුද්ධය අවසානය දක්වා කතාවේ තීරණාත්මක තොරතුරු සංක්ෂිප්තව සිංහලෙන් ලියා තබන ලෙස ඔබට ආරාධනාවක් කිරීමට කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන බොහොම ස්තුතියි.

      මා තවමත් සොයාබලා නැහැ, පළමුවැනි සහ දෙවැනි ලෝක සංග්‍රාම පිළිබඳව, සිංහල භාෂාවෙන්, විද්‍යුත් හෝ මුද්‍රිත තොරතුරු, කොපමණ තිබේද කියා. සම්පූර්ණ යුද ඉතිහාසය කෙසේ වෙතත්, යම් සංක්ෂිප්තයක් ඉදිරිපත් කරනට සිතා සිටිනවා.

      Delete
  7. වැදගත් ලිපිය.... කියවන්න තොරතුරු දැනගන්න කැමතිම මාතෘකාවක්...
    ස්තුතී විචාරක...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණී. තවත් ලිපි ඉදිරියේදී බලාපොරොත්තුවන්න.

      Delete
  8. විචාතුමා, දෙවැනි ලෝක යුද්ධ පිස්සෙක් මං. ඒ සම්බන්ධ වාර්තා වැඩසටහන් චිත්‍රපටි සහ කරුණු කාරණා ගොඩක් හොය හොයා කියවන බලන දැනුවත් වෙන එකෙක්. ෆෝක්ලන්ඩ් සටන , යකඩ ගැහැණිය සම්බන්ධ කතා වෙනමයි දෙවන ලෝක යුද්ධෙ ගැන වෙනමයි ටිකක් දීර්ඝව සාකච්චා වෙන විදිහට ලියමුද? දෙවන ලෝක යුද්ධෙදි ගොබෙල්ස් ගෙ ජර්මන් මාධ්‍ය ප්‍රොපගැන්ඩාව වගේම බටහිර මාධ්‍ය වලිනුත් ඊට පක්ෂ ප්‍රොපගැන්ඩා එකක් ක්‍රියාත්මක උනා. ජර්මන් සොල්දාදුවා අපට පෙන්නපු තරමට කළුත් නැහැ. යුදෙව් රැඳවුම් වද කඳවුරු ගැන ජර්මානු බහුතරය හාන්කවිසියක් දැනගෙන හිටියෙ නැහැ. වාර්තා වැඩසටහනක දැකපු ජර්මානු යුධ ප්‍රවීණයෙක් කියපු විදිහට "යුද්ධයේදී යුධ අපරාධ කියල ජාතියක් නැහැ" යුද්ධය කියන්නෙ ඒකට තමයි. මානවහිතවාදී, අපරාධ වලින් තොර යුද්ධ නැහැ. යුද්ධය කුරිරුයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සජ්ජා. විස්තර නම් ගොඩක් තියනවා. පරිවර්තනය කරගෙන තොරතුරු සැකසීම බොහොම කල්පනාවෙන් කරන්න වෙනවා. සම්පූර්ණ යුද ඉතිහාසය නොලියා, සංක්ෂිප්තයක් ලියන්න හිතාගෙන ඉන්නවා.

      යුද්ධයකදී, මම ඔබේ ගෙදර එළවලු කොටුව පොඩිකරගෙන ඇවිදගෙන ගියත්, එය යුද අපරාධයක්. 'ඉතිං කොහොමදැයි යුද්ධ කොරන්නේ' කිව්වලු.

      Delete
  9. හොද ලිපියක්....

    යුද්ධය ප්‍රතික්ශේප කරන්නන්ගෙන් බහුතරය නොදැනුවත්වම තම මතවාද යුද්ධය කරා මෙහෙයවනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන ස්තුතියි.

      ඇත්තටම යුද්ධය කියන්නේ දුරින් දුරු කලයුතු දෙයක්. යුද්ධයේ කුරිරුකම සැබවින්ම අත්විඳින්නේ සොල්දාදුවායි. ඒ නිසා, මේ ලෝකේ යුද්ධයට අකමැතිම කෙනා තමයි සොල්දාදුවා. නමුත් යුද තොරතුරු කියවන්නට, මිනිසුන් තුළ තිබෙන්නේ පුදුමාකාර ආශාවක්.

      Delete
    2. රසික මහත්මයා, විචාරක මහත්මයා,

      යුධ තොරතුරු අපි හොදින් දැන සිටිය යුතු බවයි මම නම් හිතන්නේ. එයින් අදහස් වෙන්නේ යුධ භුමියේ හා අවට තොරතුරු පමණක් ම නොවෙයි. ඒ යුද්ධ වල දේශපාලන සමාජයීය තොරතුරුත් එක සේ වැදගත් බවයි මම හිතන්නේ. දෙවන ලෝක යුද්ධය පළමු ලෝක යුද්ධයෙන් පසු ජර්මනියෙන් වන්දිගැනීමත් හේතු වුනා කියල මම කියවා තිබෙනවා. අදටත් සුද්දාගෙන් වන්දි ගන්න කතා කරන සමහර අය සිටිනවා.

      මේවා ගැන දැනගන්න වුවමනා ඒවා කියවල සතුටු වෙන්න නොවෙයි. යුද්ධ වල සිදුවුණා අමිහිරි කටුක දේ දැනගත්තොත් තමයි මිනිස්සු යුද්ධයක් කරා යන එක අඩු වෙන්නේ. දැනුත් යුද්ධ අත්දැක නැති සමහර ලාබාල අන්තගාමියෝ සමාජ ජාල යොදාගෙනත් ආගමික හෝ ජාතිවාදී යුද්ධ අවුලවන්න හදනවා. මිනිස්සු මේවා එකහෙලාම ප්‍රතික්ෂේප කරන්නේ යුද්ධයකදී තමුන්ට සිදුවෙන නස්පැත්තිය හොදින් දැනසිටියොත් තමයි කියල මම නම් හිතන්නේ.

      Delete
  10. වැදගත් කරුණු පිරි ලිපියක්...

    ReplyDelete
  11. යුද්දධය.. ඉවරයක් නැති කතන්දර ගොඩක්...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්. ලෝක යුද්ධවල මෙතෙක් නොකියවුණු කතා, තවමත් සැඟවී පවතිනවා.

      Delete
  12. ස්තුතියි මේ සටහනට සහා පින්තුර වලට.ලෝකයුද්ධ ගැන බොහෝදේ සිංහලයෙන් කියවූ බ්ලොග් අඩවියක් තමයි සත්සමුදුර තවත් එකක් තමයි චාමරගේ ඇසි දිසි මානය

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන ස්තුතියි.

      ඇත්තෙන්ම සත්සමුදුර ලියන දිනේෂ් නිහඬව ඉන්නේ ඇයිද කියන එක මටත් ප්‍රශ්නයක්. ඔහු වැනි බ්ලොග් කරුවන් නිහඬවීම සිංහල බ්ලොග් ලෝකයට විශාල පාඩුවක්. ඔහු පසුගිය දිනවල ඉතා වැදගත් සංග්‍රාමික කරුණු රාශියක් ලියන්නටසූදානමක් තිබුණා. මා අදත් බලාසිටිනවා ඔහු ලියනතුරු.

      ඇසිදිසි මානය නවතා නැහැ නේද?

      Delete
  13. SAS අය දන්නවනම් SBS ගැන ලියල ඒගොල්ල ගැන ලිව්වෙ නෑ කියල !!!
    :-D

    Btw, අපේ රටේ තියෙන්නෙ SBS වගේ එකක්ද SAS වගේ එකක්ද දෙකමද?

    ReplyDelete
    Replies
    1. //අපේ රට වෙනුවෙන්, යුද රහස් රැකගන්නට, තමුන්නාන්සේ සහාය නොදෙන්නේ නම්, මම, හෙට තමුන්නාන්සේව එම නාවික කණ්ඩායම වෙත යවනවා//

      Delete
    2. @ Pra Jay. ඔය විදිහට ගිහින් CAS කාරයොත් කියයිද දන්නෑ අපි ගැනත් ලියනවකෝ කියලා. :D

      අපේ තියෙන්නේ හොඳ SBS එකක්. කොහෙද මේ අපේ කම්මැලි නැවියා ලියන්නේ නැහැනේ ඔව්වා ගැන.

      @ කම්මල. හැක්. ප්‍රාජේව යවමු අපේ නැවියා ළඟට. අර මාගා බිල්ඩිමේ උඩටම ගෙනිහින් මූද පෙන්නන්න කියලා. :D

      Delete
    3. SL ආමි එකෙන් SAS වගේ රෙජිමේන්තුවක් හැදුවද?

      Delete
  14. පත්තරයව ss ෙකාල්ලන්ට බාර ෙදන්ඩ බැයිද?
    ඉල්ලන ගානක් ෙදන්නං..

    ෙලාකු ඉතිහාස කතන්දරයක්.. දිගටම බලමු..

    ජ ය ෙව්ව ා !!!

    ReplyDelete
    Replies
    1. මාව ගිහිං බස්සල වරෙංකො උඹේ අර යුද්ධ ටැංකියෙන් :D

      Delete
    2. හඃ හඃ, පත්තරයව SS එවුන්ට දුන්නොත්, අර කිඹුලාට වෙච්චි වැඩේ වගේ, SS කාරයො ඤං ඤුං ගාලා කතාකරන්න පටන් ගනියිද දන්නෑ.

      Delete
  15. ලෝක යුද ඉතිහාසය කිව්වම මුල ඉඳලම පටන්ගන්ට එපාය විචා? රාම - රාවණ යුද්දෙන්ම පටන් ගත්තනම් ආය කියල වැඩක් නෑ....

    / ෆෝල්ක්ලන්ත යුද්ධයේදී, ඇය ඉතා නිර්භීතව ක්‍රියාකල නිසයි, 'යකඩ ගැහැණිය' යන විරුදාවලිය ලැබුවේ. /

    මෙතන නම් වැරදියි විචා...1979 දි තැචර් නෝන ඉස්සෙල්ලම අගමැතිවෙන කොටත් ඔය අයන් ලේඩි විරුදාවලියෙන් තමයි හැඳින්නුවෙ. මට මතකයි වීක් එන්ඩ් පත්තරේ හරි සන් පත්තරේ හරි දැවැන්ත අකුරෙන් ප්‍රධාන සිරස්තලේ දාල තිබ්බ " The Iron Lady Becomes The Premier" කියල

    ReplyDelete
    Replies
    1. හැක්. රාවන හොයන්න අර ගල් ගුහාවකට රිංගන්න ගිය කට්ටිය දැන් සද්දයක් වත් නැත්තේ මොකද?

      වැරද්දක් වෙලා තියනවා. ස්තුතියි පෙන්වා දුන්නාට. ෆෝල්ක්ලන්ත යුද්ධය ගැන මා කියවූ විස්තරයේ තියනවා කීප පොලක, මේ යකඩ ගැහැණිය කතාව. ඒ නිසයි වැරැද්ද සිද්ධ වුණේ. වැරැද්ද හැදුවා. නැවතත් ඔබට ස්තුතියි.

      Delete
  16. අලි ඇතුන් මරන්නේ මිනිස්සු දළ අරගන්නයි
    ගෝන මුවන් මරන්නේ ලස්සන අඟ අරගන්නයි
    වග වලස් මරන්නේ ගලවලා හම අරගන්නයි
    එළු හරක් මරන්නේ රසකර මස් වළඳන්නයි

    නීතියෙන් වැටක් බැඳුනත් දැඩි දඬුවම් යොදලා
    පාපයක් ලෙසින් තිබුණත් බණ පොත්වල ලියලා
    අපිට වටහගන්න බෑ කොච්චර බැලුවත් හිතලා
    මිනිස්සු මිණී මරන්නේ මොනවා ගන්නද කියලා

    ජන වර්ගය, වර්ණය, භුමිය හේතුවකොට ගෙන
    වණ මෘර්ගයො ගානට මිනිස්සු සහසික වෙස් ගෙන
    මිනිසත්කමට එරෙහිව සටනට එළෙඹුනු තැන
    වැඩි ඈතක නොව ලෝකය අමු සොහොනක් වන දින

    අපිට සමණලයෙකු මිට මිරිකා මරාදමනු හැකි
    හිතට දුක හිතුනම මළකුණ ළඟ හඬාවැටෙනු හැකි
    නමුත් නැතිකල පණ දෙන එක යළි දෙයක්ය නොකලැකි
    එසේ දෙන්නට බැරි පණ වනසන්නට හොඳ නෑ සකි …

    - දීපාල් සිල්වා -

    ReplyDelete
    Replies
    1. නියමයි පත්තරේ. මේ සින්දුව ටිකක් අහලා තියනවා වුනාට, මේ විදිහට පද මාලාව කියෝලා බැලුවේ අදයි. මල් හතයි.

      Delete
  17. මගෙ ලග දෙවන ලෝක යුද්දයේ එක පරිඡේදයක් ගැන දුර්ලබ ෆොටෝ සහිත පොතක් තියනව. විචාරකට ඕනෙනම් ඒකෙන් ෆොටෝ සහ තොරතුරු දෙන්නම් , මා ගාව ස්කෑනරයක් නැත , පොත ලබා දීමට හැකි විදිහක් කියන්න ( ආපහු දියං මාමෙ හොදේ )

    ReplyDelete
    Replies
    1. මොකද කරන්න පුළුවන් බලන්න wmjgslsr@gmail.com එකට ඊයක් විදපන්.

      Delete
  18. මාත් හිතන්නෙ රවියා හරි කියලා. Maggie Thatcher Iron Lady වුනේ ඔය යුද්දෙටත් කලින් ඉඳං. ඇත්තෙන්ම හරිනං වෙන්න ඕනෙ ඔය යුද්දෙන් පස්සෙ ගෑණිට Steel Woman කියලා පන්නරේ තියන එකයි. :D

    ReplyDelete
    Replies
    1. ඔව් එතන වැරදීමක් වෙලා තිබුනේ. ඔන්න හැදුවා.

      Delete
  19. අවුරුදු සියක් විතර බ්ලොගේ ඇදෙයි වගේ මේ ලිපි පෙළ. ලෝක යුද ඉතිහාසයනේ.
    ලෝක ඉතිහාසය සංක්ෂිප්තව කියල ලිව්වා නම් අවුරුදු 10 කින් විතර ඉවර කර ගන්න පුළුවන් වෙයි මගේ හිතේ. උත්සාහය අගය කරමි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි. ලෝක යුද ඉතිහාසය ලියන්න නම් අවුරුදු 10 ක විතර වයසේ ඉන්න එකෙක් තමයි ලියන්න පටන්ගන්න ඕනේ. මෙවැනි සංක්‍ෂිප්ත සටහන් පමණක් ඉදිරිපත් කරන්නයි හිතාගෙන ඉන්නේ.

      Delete
  20. ඊළග කොටසත් ඉක්මණින් ලියන්න...

    ReplyDelete
    Replies
    1. ටිකක් හති ඇරලා ලියන්නම්.

      Delete
  21. දෙවනි ලෝක යුද්ධෙ ගැන ටෙලි මාලාවක් බැලුවා.. පිස්සු බම්ප් වෙනවා ඒව දකිනකොට.මෙව්ව ලියන්නම ඕනෙ.
    අපේ රටේ උන දේවල් හොයන කෙනෙකුට උඩ බලන් ඉන්න තමයි වෙන්නෙ.දන්න කෙනෙක් වත් ලියන්නෙ නෑ නෙව..
    ජයවේවා..!!

    ReplyDelete
  22. ආසාවෙන් කියෙව්වා.. ස්තුතියි ඔබට..

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }