හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

26 August 2016

සති අන්තයේ කියවන්න යමක්

මීට ඉස්සෙල්ලා නම්, සති අන්තයේ කියවන්න කියලා ලිව්වේ, ඉංගිරිස් කතා නේ. අදනම්, අමු හිංගල එව්වා ටිකක් තමා ලියන්නේ. 

මෙන්න මේකයි කටන්තරේ. ඊයේ පෙරේදා දවසක ලෙඩ බඩුවක් බලන්ඩ ......හුටා, ලෙඩෙක් බලන්ඩ මම ගියා, කුරුණෑගල ඉස්පිටිතාලෙට. අප්පොච්චියේ......... රුපියල් කෝටි සීයක් විතර වැය කොරලා, ඉස්පිටිතාලේ 'නවීෆයි' හෙවත් 'මොඩිකරණය' කරනවා මේ දවස්වල. එහෙං මෙහෙන් පලංචි අස්සෙන් රිංගලා තමයි, ඉස්පිටිතාලෙට ඇතුල්වෙන්ඩ සිද්දවෙලා තියෙන්නේ. 

ඉතිං අර වැඩකරන බාස් උන්නැහේලාගෙන්, මිටි පාරක්, කියත් පාරක්, $$#@#නියන් පාරක් නොකා, ලෙඩා බලලා එනගමන් දැක්කා, විසාල බිත්තියක් පිරෙන්ඩ, නානාප්පොරකාර පෝස්ටර් ගොඩක් අලවලා තියනවා. මම හිතුවේ, රජයේ වෙද (වීදි?) සටන් සේවා සංගමයේ හෝ, හාමුදුරු නේස් සංගමයේ යුද්ධ ප්‍රකාශන තමා තියෙන්නේ කියලා. 

ඔහෙලට මතකද දැන් ටික දවසකට කලින්, මාජ්ජ ඔස්සේ පොරකාස කෙරුනා, පරිභෝජනය සඳහා වෙළඳපොළට ඉදිරිපත් කරන, පැණිරස බීම වර්ග වල, (නෑ නෑ, එව්වා නෙවෙයි. එව්වා පැණිරසද මොන #$#@ රසද කියලා, ඕන්නං අර අටමගෙන් අහගන්නවා හොඳයි. මොකෑ ආයේ අපි ඔව්වා බොනවා කියලයැ. මගේ බල්ලවත් බොන්නෙ නෑ, මම බිව්වොත් මිසක්) තිබෙන සීනි ප්‍රමාණය, වර්ණ කේතයක්ද මොකද්ද එකකින් දාන්ඩ කියලා. අනේ මන්දන්නෑ, කේත නෙවෙයි හොම්බට දමලා ඇනලා කිව්වත්, අපේ මිනිස්සු මෙව්වා නොබී ඉඳියිද කියලා.

බැලින්නං ඔය බෝතල්වල, පැකට්වල, ලස්සනට පාට පාට හිටින්ඩ අහුරලා තියන බීම වර්ග වල, කොච්චර සීනි තියනවද කියලා, ටිකක් පොරෝජන් තොරතුරු තියනවා. ඇදලා ගත්තා පෝං එක. කෙලියා පොටෝ ටිකක් පට පට ගාලා. 

ඔන්න ඒ ආශ්‍රයෙන් තමයි පල්ලෙහා තියන තොරතුරු ටික ලියන්නේ. 

මිලි ලීටර් 200 ක අඩංගු සීනි ප්‍රමාණය, තේ හැඳි සහ ග්‍රෑම් වලින් දක්වන්නේ.                                         


කොකාකෝලා                                  මිරින්ඩා                               

සීනි තේ හැඳි 9.5                                සීනි තේ හැඳි 6.8 
ග්‍රෑම් 33.7                                               ග්‍රෑම් 16.1









MD Mixed Fruit Nectar                     Minute Maid Mango

සීනි තේ හැඳි 7.7                             සීනි තේ හැඳි 6.3 
ග්‍රෑම් 16.9                                             ග්‍රෑම් 13.3  






අලියා බීම 'නෙක්ටෝ'             අලියා ක්‍රීම් සෝඩා 

සීනි තේ හැඳි 6.3                          සීනි තේ හැඳි 6.0 
ග්‍රෑම් 13.3                                         ග්‍රෑම් 12.5 






ෆැන්ටා                                               පෙප්සි 

සීනි තේ හැඳි 5.4                             සීනි තේ හැඳි 5.2 
ග්‍රෑම් 11.9                                             ග්‍රෑම් 11.7 








ස්මැක්                                           හයිලන්ඩ් රස කළ කිරි       

සීනි තේ හැඳි 5.2                        සීනි තේ හැඳි 5.1 
ග්‍රෑම් 11.7                                        ග්‍රෑම් 11.0 







කොත්මලේ     
චොකලට් රස                      අලියා 
කිරි                                    ජින්ජර් බියර්                                              
සීනි තේ හැඳි 5.1           සීනි තේ හැඳි 5.0 
ග්‍රෑම් 11.0                          ග්‍රෑම් 10.5





ඩේලි                                      
රසකළ 
කිරි 

සීනි                                                   ස්ප්‍රයිට් 
තේ හැඳි 4.8                    සීනි තේ හැඳි 4.2     
ග්‍රෑම් 10.1                         ග්‍රෑම් 10.0






P & S Iced Coffee 

සීනි තේ හැඳි 4.2                   
ග්‍රෑම් 10.0







මයිලෝ 

   සීනි තේ හැඳි 3.9     
   ග්‍රෑම් 9.1 





හොඳයි, තමුන්නාන්සේලා මෙව්වා වැඩි වැඩියෙන් බොනවා හොඳයි හිටං. තමුන්නාන්සේලාගේ ළමයින්ටත් පොවනවා හොඳයි හිටං. 


ඊළඟ කටන්තරේ

ඊළඟ කටන්තරේ මෙන්න මේකයි. දන්නවානේ අර 'අද ද රෙන' එකේ ඉන්න 'ගඩොල් බාගයා'? ඔව් ඔව්, අර තරබාරුකොම නිසාම, නිකං තැම්බ ගැහුවා වගේ ඉඳගෙන, බුග් බුග් ගාන එකා. මේකා අර ගඩොල් බාග කතාවෙන් පස්සේ, හොඳටම සවුත්තු වෙලා, යන්තම් ආපහු ඇතුළට රිංගා ගත්තානේ.  

මූ ඊයේ පෙරේදා දවසක පත්තර කියවන ගමන්, අර මෙලෝ රහක් නැති ඩිලාන් ගොයියා, කොහෙද ඉස්කෝලෙක ශාලාවක හිටං, කොරපු කතාවක්, ප්‍රවුර්ති වලට පෙන්නුවා. ඒ කතාව කොරන තැන පසුබිමේ බිත්තියේ ලියලා තිබුණා, 'සරණයි' කියන වචනය. ගඩොල් බාගයා කියනවා, ඒ පසුබිමේ ලියලා තිබුණේ, ආණ්ඩුවට අබ සරණයි කියලද දන්නේ නැහැ කියලා. ඒ ප්‍රොවුර්තිය වෙනත් බටයක හෙවත් නාලිකාවක, නැවත විකාරය විකාශනය වෙන වෙලාව බලලා මම අල්ලාගත්තා, ගඩොල් බාගයා ගහපු අජාසත්ත බොරුව. 

ඒ බිත්තියේ, පොඩි බුදුපිළිමයක් හයිකොරලා තියනවා. ඊට යටින් ලියලා තියෙන්නේ, 'බුදු සරණයි' කියන වචනේ. ඒකෙ සරණයි කියන කෑල්ල අල්ලාගෙන තමා, ගඩොල් බාගයා මේ මඩ පාරක් ගහන්නේ. මූ තවම ඉන්නේ වනචර දශකයේ බවයි පෙනෙන්නේ. 

මෙන්න බලන්න සැබෑ පින්තූරේ. අද ද රෙන බටයේ මේක පෙන්නුවේ, බුදු පිළිමය පෙනෙන කොටසේ කතාව සංස්කරණය කරලා.  ඒ මදිවට ගඩොල් බාගයා කියනවා, ඩිලාන් ගොයියා, විප්ලවවාදීන් අඳින තොප්පියක් දාගෙන ඉන්නවලු. මේකා දන්නේ නැහැ, මේකට කියන්නේ, 'ගොල්ෆ් කැප්' කියලා බව.






අවසාන වාර්තාව

සැටලයිට් සිංග්ලිෂ් තවම හරිගිහින් නෑ අනේ. මම කලිනුත් පෙන්නුවානේ. මේ බලන්නකෝ, 'මෘගාංගනාවියක්' කියන වචනේ තවමත් හරියට ලියාගන්න බැරුව දඟලන හැටි. එක් 'මුර්ගානංගියක්' කියලා ලියලා තියෙන්නේ. 'මුරුංගා නංගියක්' කියලාවත් ලිව්වනම්, හොදි හදන්නවත් තිබුණා.



ගොහිල්ලා එඤ්ඤං ඈ.

2016 අගෝස්තු මස 25 වැනි දින 2339 පැය 

77 comments :

  1. අද ද රෙන නාළිකාව. ++++++++ කථා තුනම ගුඩ්

    ReplyDelete
    Replies
    1. ඒ නමත් උන්ට හොඳ වැඩියි වගේ :D

      Delete
  2. මහත්මයා
    මෙපමණ දවසක්ම ඔබේ ලිපි කියෙව්වට මම කොමෙන්ටු දමා නැහැ.සමව ඉල්ලනවා ඒ ගැන.ම ඔබේ ලිපි කියවන්නේ පරිගණකයේ save කරගෙනයි.බොහොම අගය කරනවා ඔබ තුමා හමුදාව ගැන ලියන ලිපි පෙළ.මම අසාවෙන් කියවන්නේ ඒවා.කොහොම හරි අද මම අහන ප්‍රශ්නය.මේ පොස්ටුවට අදාළ නැහැ.හමුදා ලිපි වලටයි අදාළ.art of war කියන පොත මොකක්ද කියලා ඔබ තුමා දන්නවාද?ඕක ගැන අහලා තිබුනට අහලා විතරයි තියෙන්නේ.2.ගිනි අවි වර්ග කරනකොට කාබන් කියල අවි වර්ගයක් තියනවද.3.ඔබ තුමා විකිපීඩියාවට ලිපි ලියනවද?
    ස්තුති

    ReplyDelete
    Replies
    1. හිතවත් ඩිලංග, මට මහත්මයා කියා ඇමතීමට අවශ්‍ය නැත. විචාරක කිව්වම හොඳටම ඇති. මෙතෙක් කල් කොමෙන්ටු නොදැමීම ඔබේ වරදක් නොවෙයි. ඒ නිසා සමාව ඉල්ලීමට අවශ්‍ය නැත. අද පළමුවරට හෝ ඔබ කොමෙන්ටුවක් දැමීම ගැන නම් මට සතුටුයි.

      මගේ බ්ලොග් අඩවිය ඇගයීම පිළිබඳව ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මා ලියන හමුදාමය තොරතුරු වලින්, සෑහෙන පිරිසකගේ දැනුම වර්ධනයවීම ගැන, මා නිහඬවම සතුටුවෙනවා.

      1. Art of War යනු, ක්‍රිස්තු පූර්ව 5 වැනි සියවසේ, චීනයේ ජීවත් වූ, යුද්ධෝපාය දාර්ශනිකයකු වූ සුන් සූ Sun Tzu විසින් දක්වන ලද, යුද උපායමාර්ග පිලිබඳ උපදේශාත්මක කියමන් ඇතුළත්, ග්‍රන්ථයක්. මෙහි සමහර කොටස්, සිංහලට පරිවර්තනය කොට, පසුගිය යුද සමයේදී ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් අතර බෙදාදුන්නා.

      Art of War ග්‍රන්ථය ගැන විස්තර මෙතනින් බලන්න

      සුන් සූ ගැන විස්තර මෙතනින් බලන්න

      සුන් සූ ගේ කියමන් ගැන විස්තර මෙතනින් බලන්න

      2. කාබන් නෙවෙයි, කාර්බයින් Carbine යනුවෙන් හැඳින්වෙන ගිනි අවි වර්ගයක් තියනවා. මේ වර්ගීකරණය බොහොම පැරණි එකක්. ඉස්සර කාලේ තිබුණේ දිග බටයක් සහිත තුවක්කු. ඒවායින් දුර ඉලක්ක වලට වෙඩි තබියහැකි නමුත් හැසිරවීම ඉතා අපහසු වුණා. මෙයට විසඳුමක් ලෙස, අවියේ මිටෙහි දිග තරමක් වැඩිකොට, බටයේ දිග අඩුකළා. ඒ ආකාරයට සැකසූ අවි තමයි කාබයින් ලෙස හැඳින්වුණේ.

      අද කාලයේ, කෙටි බටයක් (බැරල් එකක්) සහිත, දිගින් අඩු අවි පාවිච්චි කරන්නේ, හමුදාවේ සහ පොලීසියේ විශේෂ ප්‍රහාරක කණ්ඩායම් විසින්.

      කාර්බයින් වර්ගීකරණයට වැටෙන අවියක විස්තර මෙතනින් බලන්න

      3. මා විකිපීඩියාවට ලියන්නේ නැත. නමුත් බොහෝ දෙනෙකුගෙන් ඉල්ලීම් ලැබී තිබෙනවා.

      Delete
    2. බොහොම ස්තුති.එතකොට art of war.සාමාන්‍ය ජනතාවට අරන් කියන්න පුලුවන්ද?ඔය විදිහට අන්තර්ජාලයේ තියනවනම් අපිට හොයාගන්න විදිහක් නැද්ද?මේ පොත ගැන ලිපියක් ලියන්න කියල ඉල්ලනවා.ලිස්ට් එකට දාගන්න විචාරක තුමා.
      ඒ වගේම විකිපිදියට ලියන්න කියලා ඉල්ලනවා ඔබ තුමාගෙන්.විකිපීඩියා එකේ සිංහලෙන් නැති එක ලොකු අඩුවක්.

      Delete
    3. ආර්ට් ඔෆ් වෝ සිංහල පරිවර්තන තියනවාදැයි මැ දන්නේ නැහැ. එය යුදරහස් පොතක් නෙවෙයි. ඕනෑම කෙනෙකුට පරිහරණය කළහැකි, විවෘත වෙළඳපොලෙන් ලබාගත හැකි පොතක්. පොත බාගතහැකි ලිනක්ස් ගොඩක්,

      මෙන්න මෙතන තියනවා

      අනාගතයේදී ලිපියක් ලියන්නම්.

      විකිපීඩියාවට ලිවීම තරමක් වෙහෙසකරයි. උත්සාහ කරන්නම්.

      බොහොම ස්තුතියි ඔබට.

      Delete
  3. විචා මාමේ. ඔය දෙරණේ ගඩොල් බාගෙ නිතීන්‍ය පොරක් නේද? උන් වගේ මාද්‍ය වේ(€*)යො නම් මේ රටට සම්පතක් හරියට මත්තල එයාපොර්ට් එක වගේ. 😂

    අර ෆිසි ඩ්‍රින්ක්ස් වල ෂුගර් ලෙවල් එක ඔයා කියනව වගේ බොහොම දරුණුයි. මෙහේ නම් ලඟදි අලුත් නීති රීති ගේන්ට හදනව ඔය සීන් එක පාලනය කරන්ට.

    මට තව කතාවක් මතක් උනා කියන්ට. මේක කොච්චර දුරට ඇත්තද කියල දන්නෙ නෑ. මට දවසක් සුද්දියෙක් කිව්ව, උබ පුළුවන් තරම් සුපර් මාර්කට් ගිය වෙලාවට හොයල ගනින් ඊශ්‍රායල් කෑම සහ හලාල් කෑම. මම ඇහුව හේතුව. මේකි කියපි, අපි දකින දකින දේවල් අරගන්නව. ඒත් අපේ කෑම වල අර ඔයිල් මේ ඔයිල් හැම මගුලම. ඒත් අරුන්ගෙ කෑම පියෝ ෆ්‍රෙෂ් කියල. කථාවේ ඇත්තකුත් නැත්තේම නෑ නේද?

    ReplyDelete
    Replies
    1. හලාල් කරපු සමහර කෑම ඔහොම කෑවොත් ඉතින් කලින් ම දොයි කොල්ලෝ..

      Delete
    2. @ Alex දන්නැති දේවල් තියෙනවනම් මචෝ ඔල්මොස්ට් වෙල්කම්. 👊🏽

      Delete
    3. @ තිලාන්. අම්මපා මිනිහා නීතීඥක්ද? එහෙනම් එයා ලවා නඩු කියවන අයට අබ සරණයි.

      අනේ මන්දා. මොන නීති ගෙනාවත් අපේ මිනිස්සු මේ පැණිරස දේවලට ඇති කැමැත්ත පාලනය කරගනියි කියලා මමනම් හිතන්නේ නැහැ.

      මමනම් ඔය ඊශ්‍රායල් කෑම කතාව මීට කලින් අහලා නෑ.

      @ ක්සැන්ඩර්. කොහොමටත්, අධි පෝෂණය සහිත දේවල් ගොඩක් කෑම අගුනයි කියා අපි දන්නවනේ.

      Delete
  4. නොදැනී දවසකට කැවෙන සීනි ප්‍රමාණය හිතනවට වැඩිය ගොඩක් වැඩියි.

    ReplyDelete
    Replies
    1. ස්වභාවික පලතුරු යුෂ කියලා ගහලා තියන බෝතල් වලත් සෑහෙන්න සීනි තියනවා.

      Delete
  5. මේක කියවලා උදේම ඌයි කියවුනා. ලොකු අයියේ මේ තමුන්නැහෙව අමාරුවෙ දාන්න අහනව නෙවෙයි. අර උඩ කෑම බීම වල සීනි වල ග්‍රෑම් සහ තේ හැඳි අතර අනුපාතය මට පොඩ්ඩක් අවුල්. ඒ කියන්නෙ ග්‍රෑම් කීයක්ද තේ හැඳි? එහෙම ඇහුවෙ මම ගෑම් ගාන තේ හැඳි ගානෙන් බෙදලා බැලුවම එක එක ගනං එන නිසා එක එක බීම එකට. අන්න ඒක පොඩ්ඩක් හදලා දෙන්නකෝ.

    ReplyDelete
    Replies

    1. ෆැන්ටා එකේ සුදු සීනි, පෙස්සි එකේ රතු සීනි, ඒකයි තේ හැන්දක ග්‍රෑම් ප්‍රමාණය වෙනස්!
      ʘ‿ʘ

      Delete
    2. මේ වනචර කොල්ලො එක්ක මුකුත්ම කරනන් බෑනෙ.. බලහන් ඕනා ඇති වැඩක්ද මූ කොළේ කියලා.... :D

      Delete
    3. මට හිතෙන්නෙ මෙහෙමයි.
      සීනි, මිලි ලීටර දෙසීයක තියන හැඳි ගණන තමයි ඔය ඉහල තියෙන්නෙ. පහල ඇත්තෙ අදාල බෝතලයේ හෝ පැකට්ටුවේ තියන මුළු සීනි බර. (බලන්න මයිලෝ වගේ කුඩා ප්‍රමාණයක අඩුයි. කෝක්වල වැඩියි)

      Delete
    4. ග්රූම් ගානෙන් තිබුනානං මරු තමා , අනික එක එක ගෙවල් වල හැන්ද වෙනස් , සමහරක් දියවොලා තේ එක්ක බීලා

      Delete
    5. මේ ඩූඩ් ලොක්ක, කෑවනං බීවනං... සොරි පෝස්ට් එක බැලුවනං නිකං අනවශ්‍ය ප්‍රශ්න අහන්නැතුව ‍ස්තුතියි කියල ලියල යනවද හිටං.

      හැක්..

      Delete
    6. සාමාන්‍යයෙන් ග්‍රෑම් 5ක් තේ හැඳි එකයි කියන අනුපාතය නේද භාවිතා වෙන්නෙ? කොහොම වෙතත් ඩූඩ් උත්තර පත්තර බලන කිසිම විභාගයකට වාඩි නොවෙන්න තීරණේ කලා.. හෙහ් හෙහ්...

      Delete
    7. ග්‍රෑම් 4.2 ක් තමයි තේ හැන්දක් විදියට ගන්නෙ සීනි වලදි. මේක එක එක දේවල් වලට වෙනස් වෙනව.

      Delete
    8. @ ඩූඩ්. ඉස්පිරිතාලේ බිත්තියේ තිබුන චාට් එකේ පොටෝ එකක් කෙළගෙන ආවා. ඒක බලාගෙන මේ විස්තරේ ලිව්වා. සමහරවිට වෙනස්කම් ඇති.

      මෙන්න ගණනය කරන්න ආධාරකයක්.

      http://www.convertunits.com/from/teaspoons/to/grams

      @ රසික. හැක්. බීම රතුපාට කරන්නත් රතු සීනි දානවද දන් නෑ.

      @ අටම්. උඹ කොටන යුනිකෝඩ් එකේ ග්‍රෑම් කියලා වදින්නැද්ද? මේස හැඳි තරම් තේ හඬකින් තමා ගෙවල්වල සීනි දාන්නේ, තේ හැන්දක් තරම් මේස හැන්දකින් තමයි කඩවල් වල තේ එකට සීනි දාන්නේ.

      @ ප්‍රසන්න. අන්න ඒකනේ කියන්නේ. එනවා මෙතන තේ හැඳි අස්සේ ග්‍රෑම් ගහන්න.

      @ ලබ්ස්. ඩූඩා උත්තර පත්‍ර බලන්නේ, අර උඩ ගහපුවාම කබඩ් එක උඩ රැඳුන එව්වට 80 යි, මේසේ උඩට වැටුනම 60 යි, පුටුව උඩට වැටුනම 40 යි, බිම වැටුනම බින්දුවයි ක්‍රමේට.

      Delete
    9. රාජ්ට උත්තර දෙන්න අමතක වෙලා. සමාවෙන්න. ඔව් රාජ් ඔබේ අදහස ඉතා වැදගත්. මේ මූලාශ්‍රයේ තේ හැඳි සහ ග්‍රෑම් ගණනය කිරීමේ ක්‍රමයක් දක්වා නැහැ.

      Delete
  6. සිනි ගැන දාපු එක නම් හොදයි විචාරක තුමෝ එත් ඔය වැඩකට නැති හාල්පාරු කාලකන්ණි දේශපාලුවෝ ගැන නොලියා ඉන්න. අපිට ඔබතුමා ලියපු යුධ උපක‍්‍රම ගැන ලිපි ඊටත් වඩා වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔය බීම ජාති අයිති සමාගම් එයිද දන්නේ නැහැ මාව මරන්න.

      අපොයි සමහර එවුන්ට නම් හාල්පාරුවා කියන එකත් නම්බුවක්.

      Delete
  7. මගේ තරබාරුව පාලනය කල සමය ඇතුලේ මම සීනි විතරක් නොව අනිකුත් දේ ගැනත් හොඳින් දැනගත්තා. කිලෝ 18ක් මාස තුනෙන් ගොඩ දාන්න ඒ දැනුම සෑහෙන්න බලපෑවා. සීනි ගැන මිනිසුන් දැනුවත් කරනවාට වඩා කැලරි ගැන ම කිව්වා නම් අනිත් ආහාර එක්ක සිනි ලෙවල් එක කොහොම වෙයිද කියල හිතල පාලනය කරන්න මිනිස්සු පුරුදු වේවි. එහෙම නැත්තං වවාගෙන කන්න ගනී.

    ඔය ගඩොල් බාගයා වගේ මාජ්ජ වේ*යෝ නං මට පෙනෙන්න බැරි ය. සමබර මාධ්‍ය කියන්නේ මොකක්ද තියා ජනමාධ්‍ය ගැන හෝ මුන්ගේ කිසිම දැනුමක් නම් නැත. ඉස්සර හිටිය මාධ්‍යවේදීන් ගේ ලඟින් තියන්න බැරි ගිරා පෝතකයින් වන මේ මාජ්ජ වේජින් ගැන කිසිසේත්ම පැහැදීමක් නැත.

    ඔය නාලිකා සිංහල කෙසේ වෙතුදු සිංහලෙන් සිංහල ලියන්නට බැරි පරම්පරාවක් සිටින යුගයක අපි ජිවත්වන බව නම් ඔබතුමාට මම සිහිපත් කරමි.

    ReplyDelete
    Replies
    1. උඹ කොහොමද ඇලෙක්ස් කිලෝ දහාටක් මාස තුනෙන් හැලුවෙ? අනේ මටත් කියා දීපංකො ගුරුමුට්ටි නැතුව. මගෙ නම් අඩු කරගන්න කිලෝ එක යනවා එනවා.

      Delete
    2. සීග්‍රයෙන් බර වැඩි වීම විසාල ප්‍රස්නයක් වී ඇත... වෙන එකක් තියා බෙල්ලෙන් මොල්ලියක් වගේ එකකුත් මෝදු වෙමින් පවතී... උපකාර කරනු මැනේ...

      Delete
    3. @ Alexander Cage
      කැලරි ගැන අවබෝධය නැතුවා නෙවෙයි. සුළු ආහාර ප්‍රමාණයකින් ඉහල කැලරි අගයක් ගතහැකි වුනත්, අපි පුරුදුවෙලා ඉන්නේ 'බඩ දිගෑරෙන්න' කන්න නේ, ඉතිං එතකොට සීනියි පිටියි තමයි වැඩිපුර කැවෙන්නේ.

      මේ මාජ්ජ බූරුවෝ හිතාගෙන ඉන්නේ උන් කියන ඔක්කොම ඇත්ත කියලා අපි පිළිගත යුතුයි කියලයි.

      දැනට සිංහල කාගෙන යන විදිහට තව සියවස් බාගයක්වත් සිංහල තියෙයිද මන්දා.

      @ Dude ඇයි මලයෝ ඔය පැත්තේ තියන නොගැඹුරු මූදේ පීනපන් හැමදාම. මාළු සහ එළවලු වැඩිපුර කාපන්.

      @ ගස් ලබ්බ
      ඈ බොල, මොල්ලි බෙල්ලේ නැතුව #^&*$# ත් එනවද?

      Delete
  8. කථා 3ම කියෙව්වා විචාරකතුමනි. කුරුණෑගල ඉස්පිරිතාලෙට ලගදි ගියේ නෑ. වැදගත් දෙයක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අපොයි අවශ්‍යතාවක් නැත්නම් ඉස්පිරිතාලේ පැත්තේ යන්ඩ එපා. දූවිලි ඇවිස්සිලා හැම වෙලාවෙම. හුස්ම ගන්ඩවත් බැහැ.

      Delete
  9. මම කොහෙහරි යන ගමන් තිබහක් හැදුන ගමන් බොන්නෙ කොකාකෝලා. කෑමට දෙයක් ඒ යන වෙලාවක හොයාගන්න බැරිවුනොත් කොකාකෝලා එකක් අරන් ගහලා ඉන්නවා පස්සෙ කන්න. කවුරුහරි පැණිබීම බොන්න කතාකරොත් ගන්නෙත් කොකාකෝලා. ෂැන්ඩි කරන්නෙත් කොකාකෝලා.

    හැබැයි ඒ ඉස්සර. මතකනෙ කැළණි ගඟට විෂ දාලා කියලා කට්ටිය කෑ ගැහැව්වා උද්ඝොශණය කළා. පෝස්ට් ශෙයාර් කරා. මම නම් ඔය මොකුත් කළේ නෑ. මම නැවැත්තුවා පැණිබීම බොන එක. දැන් මොන කෝලාවත් බොන්නෙ නෑ. එදා ඉඳන් කිසිම පැණිබීම උගුරක්වත් බීලා නෑ. ශැන්ඩි කරන්නෙ අයිස් කැට දාලා. එකපාරක් ඇල්වතුරත් දාගත්තා.

    මම දැකලා තියෙනවා සමහරු ඇඟ බස්සගන්න ව්‍යයාම කරලා මහන්සියට බොනවා කෝලා. සීනි ගිලිනවා විසත් එක්ක.

    ReplyDelete
    Replies
    1. http://www.imdb.com/title/tt2381335/

      Delete
    2. කුරුණෑගල - පුත්තලම පාරේ, තෝනිගල ප්‍රදේශයේදී, යුද්ද කාලේ දවසක මහ රෑ, අපේ ට්‍රක් එකක ටයර් එකක් ගියා. ඒක මාරුකරන්න නට් ගලවන්න බැහැ හිරවෙලා. එතන හිටිය අපේ සාජන් කෙනෙක්, මිනිහගේ බෑග් එකේ තිබුන කොකාකෝලා බෝතලයක් අරන්, දැම්මා නට් වලට. විනාඩි 5 ක විතර තියලා බැලුවම, නට් ගලවන්න පුළුවන් වුණා. ඉතිං මෙව්වා බොන අයගේ මොන මොනවා බුරුල් වෙනවා ඇද්ද ඇඟ ඇතුලේ.

      ව්‍යායාම කරලා සීනි බොනවා? හෝද හෝද මඩේ දානවා වගේ තමයි.

      Delete
  10. මේවා දිගටම පාවිච්චි කළොත් "සරණයි" තමා....

    ReplyDelete
  11. උඩඑක සෑහෙන්න වැදගත්.
    අපේ රූට් එකේ යන බස්වල රෙකෝඩ් කල මියුසිකල් ශෝ පෙන්නනව. වීඩියෝව කරන්නෙ ශෂික වීඩියෝ ටීම් කියන ආයතනය. එයාලට අනුව "ශෂික වීඩියෝ, කොපිකල හැක සමකල නොහැක". දවසක් වීඩියෝවක දානව අපි යන බස් එක ගැන වීඩියෝවක්. ගමනාන්තයක් විදියට දාල තිබුන "ඇබිලිපිටිය".

    ReplyDelete
    Replies
    1. හැක්. හිනා කනවා අම්මපා සමහර බෝඩ් කියෙව්වම.

      රෙකෝඩ් කල සංගීත ගෝරි, අපට බලෙන් අස්සවන්ඩ හදන අබබ්බ ඩ්‍රයිවර්ලා දැක්කම, මම මගී ප්‍රවාහන අධිකාරියට කෝල් එකක් දාලා කියනවා.

      Delete
  12. සීනි ප්‍රමාණය වගෙම ලැබෙන කැලරි ප්‍රමාණයත් ගොඩක් බෝතල්වල ලේබලේ ගහල තියෙනව. ඒත් අපේ කට්ටිය කරන්නෙ ලේබල් බල බල ඉන්නැතුව ගත්ත ගමං කටේ හලාගන්න එක තමයි. ඉතිං ඕක බිත්තියෙ ගහල තිබ්බත්, ලේබලේට සාටක දැම්මත් ප්‍රයෝජනයක් වෙයි කියල මමනං හිතන්නෙ නෑ.

    ඔය ද රෙන නාලිකාවෙ අපේ පොඩි එකා කාටුන් බලනව මිසක් වෙන මොකවත් නොබලමි.

    ඕක ඔය උඩ තියෙන සැටලයිට් එකේ ඉන්න උං සිංහල භාෂාව විනාශ කරන්න කරන කුමන්ත්‍රණයක් කිහල හිත හදාගන්න බලන්න. හැක්..

    ReplyDelete
    Replies
    1. භාණ්ඩයක තිබෙන, දවටන, ලේබල්, කියවලා බලන්නේ ඒවා පාවිච්චි කරන අයගෙන් 10% ක විතර කියලයි මමත් හිතන්නේ.

      කාටූන් බලන්න ඕනේ නැහැ ඒ නාලිකාවේ. බොහොමයක් නිවේදක නිවේදිකාවෝ කාටූන් වගේ තමා.

      ඔය සැටලයිට් එක අම්බ්‍රෙල්ලා පවුඩර් කරලා, අපේ අර රොකට් බේබිට කියලා, කොමිස් නැති අලුත් සැටලයිට් එකක් හදවාගන්න ඕනේ.

      Delete
  13. කොහොම විශ්වාස කරන්නද කොක් වල මිරින්ඩා/ පෙප්සි වලට වඩා සීනි කියලා

    ReplyDelete
    Replies
    1. කොහොම කිව්වත් නොකිව්වත් ඇත්ත තත්වය ඒකයි.

      Delete
  14. අර සැරබිම , බියර් වලත් සීනිද දන්නෑ නෙ?

    ReplyDelete
    Replies
    1. මේ මොනවා අහනවද? හොඳටම තියනවා. අරක්කු වලට වඩා බියර් වල තියනවා.

      Delete
  15. හම්මෝ සෑහෙන කාලෙක ඉදං දිනපතා 355ml ටිං එකක් බොනව විස්තර තියෙන්නෙත් ඇරබික් වලින්,දැන් වෙන්න ඕන ඒවා වෙලා ඇති එහෙනම්:(
    'අද ද රෙන' දවසේ වචනය :D

    ReplyDelete
    Replies
    1. මොනම ටින් ජාතියක්වත් බොන්න එපා, ඒවගේ තියන ලේබල් කියවා අවබෝධ කරගන්නේ නැතුව.

      හිහ් හිහ්, උන්ට ගැලපෙන නමක් තමයි දැම්මේ.

      Delete
  16. අනේ සුදු මාමෙ කියහං " ගල් අරක්කු වල සීනි පොඩ්ඩක්වත් නෑ , සත්තයි " කියල

    ReplyDelete
    Replies
    1. සීනි ගෝනියක් නෙමෙයි ෆැට්ටරියක්ම තිබ්බත් ඒක අතාරින්න පුලුවන්ද. හැක්..

      -බ්‍රෑන්ඩ් එක ගල්-

      Delete
    2. ප්‍රාජේ , මොනව Mendis Triple Distilled 40% වල සීනි ප්‍රතිශතයද සීයට හතලිහක් යකෝ පැණි බෝතලයක්නෙ.
      මේ ඇල්කොහොල් ප්‍රතිශතය වෙන්ඩ ඇති.

      ප්‍රසා , සීනි තිබ්බොත් කරවිල බයිට් එකක් හදන් ගල් බෝතලේ බොමු, වෙන මොනා කරන්නද .

      Delete
    3. සීනි තියනවනං ගල් පැනිරහ වෙන්ඩෙපැයි.. නෑ නෑ තිත්තයි කියන්නෙ සීනි නෑ... බයනැතුව බොමු

      Delete
    4. මං අහන්න හදපු එක මූ අහලනේ...

      Delete
    5. @ කම්මල

      අරක්කු වල ගල් නැත, ගල් සුදු නැත, සුදු ගල් වල සීනි නැත.

      @ ප්‍රසන්න. බෝතලේ නම හරියි නම්. ආයේ කවුද බලන්නේ සීනි මට්ටම.

      @ පත්තරේ

      ඔව් ඔව්, සීනි නෑ. පැණි තියෙන්නේ. බීපල්ලා බීපල්ලා, එතකොට තේරෙයි.

      @ කම්මල

      අඩේ කරවිල බයිට් එක මාරයි නේ.

      Delete
  17. සීනි වැඩේ නම් හොඳ වැඩක්.. කොහෙදිද මන්දා දැක්කා බීම බෝතලේ එක්කම ඒකෙ තියන සීනි ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් බෑග් එකක දාල හදපු බෝඩ් එකක්.දැක්කම හික් ගෑවෙනවා.. කරන්න අමාරු නමුත් වටින වැඩ මෙව්වා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නොපමාව මහජනතාව මීට වඩා දැනුවත් කලයුතුයි.

      ස්තුතියි.

      Delete
    2. ගස් පිං,මේක දැක්කම හික් නෙමෙයි අප්පා කියවෙන්නේ.

      Delete
    3. ඒකනම් මාරු වැඩේ. කොහොමද බීම විකුණන හැම කඩේකම ඔය විදිහට ප්‍රදර්ශනය කල යුතුයි කියලා නීතියක් දැම්මොත්?

      Delete
  18. විචාරක තුමෝ Marketing කියන්නේ මේකට තමා.. ඉල්ලුමක් ඇති වෙයි කියලා හිතන්නවත් බැරි දේවල් වලට හිතා ගන්න බැරින් තරන් නොනවතින ඉල්ලුමක් මැවීම.. මිනිස් හිත මොලය  ( brain wash ) ගැන හොඳට දන්නේ මේ Marketing කාරයෝ මං හිතන්නේ.. Marketing ගැට වලට අහු නොවෙන අය ඉන්නෙ අතලොස්සයි.. ඒකෙත් මුලුමනින්ම මේ ගැට වලට අහු නොවෙන අය නැ මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. මා හිතන්නේ, ළදරුවාගේ පටන් මහල්ලා දක්වා සෑම දෙනෙක්ම, මොනවහරි භාණ්ඩයක් විකුනාගැනීම සඳහා රවටාගන්නා මාකටිං ක්‍රම, අපේ රටේ තියනවා.

      Delete
  19. විචා පිං, අපි කන බොන ඒවා ගැන කොතරම් දැනගත යුතුද මතක් කරලා දුන්නට.වෙළෙන්දාට ඕනි බඩුව විකුණා ගන්න,ගන්න එකාගේ වගකීම තමං ගන්නේ මොකක්ද කියල දැනගෙන ගන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රචාරණයට අහු නොවී බේරෙන්නේ බොහොම ටික දෙනයි.

      මහජන සෞඛ්‍ය අධ්‍යාපන වැඩපිළිවෙලක් පටන්ගන්න ඕනේ මිනිස්සුන්ට ඇත්ත කියාදෙන්න.

      Delete
  20. මාමෙ මාමෙ ඔය මාමලා වගේ ලොකු අය බොනකොට මම කොකා කෝල ලීටර් එකහමාරක් ඉතර බොනවා. අවුලක් නෑනෙ

    ReplyDelete
    Replies
    1. බීපිය බීපය. බොට දැනෙයි තව ටිකක් කල් ගියාම. අපිනං බ්ලොට් ඉන්ක් පේපර් වගේ. කොච්චර බිව්වත් උරාගන්නවා.

      Delete
  21. අද ද රෙණ නාලිකාව...හෙහ්,හෙහ්..ඒක මරු විචා...:)

    ReplyDelete
    Replies
    1. එක අතකට, ඒ නමත් උන්ට හොඳ වැඩිද මන්දා, උන් කරන කක්කා වැඩ දැක්කම.

      Delete
  22. සැහ්.. කවුද ඔය ඉස්පිරිතාලෙ කොන්ත්‍රාත්තුව කරන්නේ.. අපේ කොම්පැනියට දුන්නා නම් තුන්වෙනි පාර්ශව වලට කිසිම කරදරයක් නොවෙන්න වැඩේ කරලා දෙනවනේ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ඇමෑත්තයෙකුගේ ගෝලයෙක් වෙන්න ඇති. තත්ත්ව පාලනයක්, ආරක්ෂක පියවර, මොකුත් නෑ. යකඩ කම්බි, පලංචි කෑලි හැමතැනම. බේස් වලවල් නිකම් ඇරලා දාලා. පොඩි ළමයෙක් වැටුනොත් මැරෙනවා. අඩි 10 x 10 විතර වලවල්. කාගෙහරි ඔලුව උඩට මොකක්හරි වැටෙනවා වැඩි දවසක් නොගිහින්. දූවිල්ල ඉස්පිරිතාලේ පුරා විසිරෙනවා. වතුර ගහන්නේ නෑ.

      නොදෝකින්.

      Delete
  23. අර කියන අද ද රෙන නාලිකාවේ නිවේජක ගොයියා කවුද අයිබෝන්? අර රොකට් රෝහිත මල්ලි ගේ ලඟ දනගහගෙන ඔකට් එකේ ඉස්තර අහන "අදින" මාජ්ජවේජී චටුර අයියද?

    ReplyDelete
    Replies
    1. අර ගියපාර නිදහස් උත්සවෙදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කල කිශානි ජයසිංහට ගඩොල් බාගෙකින් ගහන්න ඕනේ කිව්ව එක්කෙනා.

      Delete
  24. මේ සීනි ලේබල් වැඩේ නම් පන්කාදු පහයි

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නේ කියන්නේ අපේ මිනිස්සු මේ ගැන දැනුවත් වෙලාද කියන එකයි.

      Delete
  25. වටිනා ලිපියක්... ආහාර පාන වල කැලරි ප්‍රමාණය සහ එක් එක් සංඝටක වලින් (සීනි, පිෂ්ටය, ප්‍රෝටීන, මේද වර්ග...) අඩංගු ප්‍රමාණයන් සහිත ලේබලයක් අඩංගු වෙන එක නම් බොහොම වටිනවා...ලංකාවේ කොයි තරම් දුරට මේ දේ වෙනවද කියල මතකයක් නැහැ...ඒත් මෙහෙදී නම් ඉබේටම මේ ලේබලය බැලෙන එක දැන් හුරු වෙලා... ඒ නිසා සීනි අඩංගු ආහාර රස විඳින්න ආසාවක් ඇති උනත් ලේබලය දිහාවේ බලල තීරණය වෙනස් කරන වාර අනන්තයි..ඒත් තවම සෝඩා වර්ග ඉඳහිට බොනවා...

    වටිනා විස්තරයක් විචාරක තුමා (දේශපාලනය කොටසට නම් අවධානයක් දුන්නේ නැහැ)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොකුරු, අපේ මිනිස්සු හැදෙන්නේ අමාරුවක වැටුනට පස්සේ කියලා හිතුවත්, අමාරුව හොඳ වුන ගමන් ආයෙත් අමාරුවේ වැටෙනවා. ඇත්තටම මගෙත් රුධිර සීනි පාලනය සඳහා මම ප්‍රතිකාර ගන්නවා. දැන් ඉතා සතුටුදායක තත්වයක මම ඉන්නවා.

      හෙහ් හෙහ්, දේශපාලනය නම් දැන් හුඟක් දෙනෙකුට තිත්තයි නේ.

      Delete
  26. මේ බ්ලොග් එක හමුවුනේ අහම්බයකින්. ඔබේ ලිපි වල අන්තර්ගතයටත් ලිවීමේ කලාවටත් කැමතියි. සුභ පැතුම්.

    ReplyDelete
  27. ඔබව බොහොම සාදරයෙන් පිලිගන්නවා. බ්ලොග් අඩවිය ඇගයීම ගැන බොහොම ස්තුතියි. හැකි සෑමවිටම පැමිණ, අදහස් දක්වන මෙන් කාරුණිකව ඉල්ලන අතර හැකියාවක් ඇත්නම් පැරණි ලිපිද කියවා අදහස් දක්වන මෙන් කාරුණිකව ඉල්ලනවා.

    ReplyDelete
  28. ඔබගේ ලිපි බොහෝ කාලයක සිට කියවමි තුමනි..අද ලිපියද ඉතා වටිනවා.අපි නම් coca cola ගන්නේ ටයිල් වල ඇතිවන කිවුල පැල්ලම් ඉවත් කරන්න.තව coca colaවලට "උබටත් moto මටත් moto "කියලා ajinomoto දාලා වල් නාෂකයක් විදිහට ‍ෙයාදා ගන්න පුළුවන්..
    දිිර්ඝ කාලයක් ඔබේ ලිපි කියවිම‍ෙන් ඔබ තුමාගේ දේශපාලන මතය පැහැදිලි ව‍ෙනවා..ඔබ කියපු "ගඩ‍ෙොල් බාගයා" පහුගිය ආණ්ඩුවටත් පැල‍ෙන්න බැනපු ක‍ෙනෙක්..නමුත් අන් මත ඉවසිය යුතුය් ානද තුමනි ???

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීමට. ඔය බීම වර්ග කිසිවක් නිතර නිතර පාවිච්චිය සහ අධික මාත්‍රාවෙන් ගැනීම සුදුසු නැහැ.

      මගේ දේශපාලන මතය මධ්‍යස්ථව පවත්වාගන්න සෑමවිටම උත්සාහ දරනවා. සංක අමර්ජිත් ප්‍රකාශ කරන්නේ ඔහුගේ පෞද්ගලික මතවාද නොවෙයි. ඔබ නොදන්නා රහසක් කියන්නම්. සෑම මුද්‍රිත/විද්‍යුත් මාධ්‍යයකම ප්‍රකාශයට පත්වන්නේ, ඒවා ඉදිරිපත් කරන අයගේ මතවාදය නොව, එම ආයතනවල පාලකයන්ගේ මතවාදයයි. නමුත් විවේචන එල්ලවන්නේ එය ප්‍රකාශයට පත්කළ කෙනාටයි.

      අන් අයගේ මතය අසා, එය විවේචනය කිරීමටත් අපට අයිතියක් තියනවා. මගේ බ්ලොග් එකට වඩා එම මාධ්‍ය ප්‍රබලයි. මා උත්සාහ කරන්නේ, ඇත්ත කුමක්ද යන්න පැහැදිලි කිරීමටයි. බලන්න අර බුදුපිළිමය නොපෙන්වා, සියුම් ලෙස අවලාදයක් කිරීම සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවෙයි.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }