හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

26 September 2016

මෙයාව මැරුවේ කොහොමද?

   මෙයා ගැන අමුතුවෙන් හැඳින්වීමක් කරන්න අවශ්‍ය නැහැ නේද? මට නම් මෙයා පත්තරකාරයෙක්.  මෙයාව හඳුන්වන්න වෙනත් මහ බර වචන මට නම් අවශ්‍ය නැහැ. මෙයා ඒ කාලේ පත්තර වලට ලියපු බොහොමයක් තොරතුරු මා කියවා තිබෙනවා. ඒවා සියල්ල පරම සත්‍යය ලෙසත්, සමබර හා සාධාරණ ප්‍රවෘත්ති ලෙසත් පිළිගන්නට මා සූදානම් නැහැ. නමුත් බහුතරය සාධාරණ විවේචන බව මා පිළිගන්නවා. ඔහුගේ දේශපාලන දර්ශනය කුමක්ද යන්න මට වැදගත් නැහැ. මට වැදගත් වන්නේ, ඉතා අවාසනාවන්ත ලෙස ඔහු ඝාතනයට ලක්වීමයි. 

   2009 ජනවාරි මස 8 වැනි දින, ලසන්ත වික්‍රමතුංග ඝාතනය වන්නේ ලංකාවේ දේශපාලන අවකාශය තුළ මෙන්ම ජනමාධ්‍ය අවකාශය තුළ ද, මහත් කම්පනයක් ඇතිකරමින්.

   ඔහුගේ ඝාතනය පිළිබඳව දැනට කෙරීගෙන යන පරීක්‍ෂණ අනුව, ඔහු යම් යම් රාජ්‍ය රහස් දැනසිටි බවත්, එම රහස්, මේ රටේ මහජනතාව වෙත හෙළිවීම වලක්වා ගැනීම සඳහා, ඔහුව ඝාතනය කරන්නට ඇතැයි සිතන්නට සාක්‍ෂි ඇති බවත්, ජනමාධ්‍ය ඔස්සේ කියවෙනවා. 

   මාධ්‍යවේදීන් ඝාතනය කිරීම ලංකාවට පමණක් සීමාවූවක් නොවෙයි. ඒ සඳහා කුප්‍රකට රටවල්, ලෝකය පුරා තිබෙනවා. ලංකාවත් එවැනි කුප්‍රකට රටක්. රිචඩ් ද සොයිසා ඝාතනයෙන් තමා, ඒ කුප්‍රකට බව, ලොව පුරා පැතිරීම ආරම්භ වුනේ කියා මා හිතනවා. 

   හොඳයි, දේශපාලන කරුණු පැත්තක දමා, මේ ලිපියෙන් මා අදහස් කරන්නේ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය වන්නට ඇත්තේ කෙසේද යන්න පිළිබඳව, මා අනුමාන කරන කරුණු, ඔබේ දැනගැනීමට ලක්කිරීමයි. 

   මෙම ඝාතනය සිදුවූ කාලයේදී කියවුනේ, වෙඩි තැබීමකින්, ඔහු ඝාතනය වී ඇති බවයි. පසුව පළවූ පුවත් අනුව, යම් ආයුධයකින් ඔහුට ඇනීමෙන්, ඝාතනය කර ඇති බවට තොරතුරු පළවුනා. ඉතා මෑතකදී පලවූ විවිධ තොරතුරු කීපයක් මෙසේයි.

* උල් ආයුධයකින් අනින්නට ඇතැයි යන සැකය.

* විශේෂයෙන් සකසාගත් සිහින් දිග ලෝහමය කූරක් වැනි දෙයකින් අනින්නට ඇතැයි යන සැකය.

* දිය යට කිමිදී මසුන් දඩයම් කිරීම සඳහා පාවිච්චි කරන තුවක්කුවක් (Speargun) වැනි ආයුධයකින්  පහර දෙන්නට ඇතැයි අනුමාන කිරීම.


* ආරක්ෂක හමුදා සතු යම් විශේෂ අවියකින් පහර දෙන්නට ඇතැයි අනුමාන කිරීම.  (හෙල්ලයක් වැනි ආයුධයක්. එයින් පළමුව ඇන දෙවනුව එහි ඇති උපක්‍රමයක් ක්‍රියාත්මක කිරීමෙන් මරණීය තුවාල ඇතිකළ හැකි ආකාරයේ අවියක්)

   මෙවැනි අවි ලංකාවේ ආරක්ෂක හමුදා සතුව ඇත හෝ නැත කියා ස්ථිරව කියන්නට මම නොදනිමි.  නමුත් එවැනි අවියකට සමාන අවියක්වත්, කිසිදු හමුදා අංශයක් සතුව තිබෙනු මම දැක නැත්තෙමි. මා හිටපු හමුදා සාමාජිකයකු වුනත්, මා නොදන්නා බොහෝ දේ, හමුදාව තුළ එදත් තිබෙන්නට ඇති, අදත් තිබෙන්නට පුළුවන්. 

   ඉහත ප්‍රකාශයන් සියල්ල පදනම් කරගනිමින් මා උත්සාහ කරන්නේ, ඔබේ දැනුමට යමක් එකතු කිරීම, මේ පිළිබඳව ඔබ සතු දැනුමෙන්, මම ද යමක් ඉගෙනගැනීම, මේ පිළිබඳව හරවත් සංවාදයක් ගොඩනැගීම, යන අපේක්ෂාවන් ඉටුකර ගැනීමටයි. 

1. උල් ආයුධයකින් අනින්නට ඇති 

  අනේ මන්දා, ඒ කියන්නේ පිහියකින් ඇන්නා කියලද? එහෙම තුවාල නෙවෙයිනේ තිබිලා තියෙන්නේ. ඒ නිසා ඒ කතාව එතනින් අතාරිනවද? හැබැයි දැන් කාලේ මහා භයානක පිහියා ජාති තියනවා. 

   මේ වීඩියෝ එක බලන්නකෝ. මේ පිහියේ මිටට උණ්ඩයක් දාලා, වායු පීඩන බලයක් ලැබෙන, මහ අමුතු වෙඩි තැබීමක් කරන්න පුළුවන්. වීඩියෝ එකේ ආරම්භයේ සිට, 1.15 වෙලාව දක්වා බැලුවම ඇති.



   මේ ඇන්නේ වතුර බෝතලේකට නේ. මීට වැඩිය ටිකක් තද දේකට ඇන්නොත් මොකද වෙන්නේ? මේ බලන්නකෝ. තත්පර 54 යි. ඒ නිසා ඔක්කොම බලන්න.





   දැන් මොකද හිතෙන්නේ? මේ වගේ එකක් පාවිච්චි කරන්න ඇද්ද? හ්ම්......... ඒක තමා මටත් හිතෙන්නේ. තීරණයක් ගන්න අමාරුයි.

2. යකඩ කූරකින් අනින්න ඇති

   එහෙමත් අනියිද? මේ වැඩේට ඇවිත් තියෙන්නේ නිකං තුට්ටු දෙකේ, බජාර් එකේ අයියලා නෙවෙයි. ටිකක් වැඩකාරයෝ. ටිකක් නෙවෙයි ඉතිං හොඳම වැඩකාරයෝ. කොන්ක්‍රීට් වලට දාන යකඩ කූරක් උල් කරගෙන ඇවිත් අනින්න තරම්, උන් මෝඩ නැහැ. ඒ නිසා මම ඒ අදහස එතැනින්ම අතහරිනවා. නමුත් ඔබට පුළුවන්, මගේ අදහසට විරුද්ධව අදහස් දක්වන්න. 

3.  මසුන් මරණ තුවක්කුවකින් හෝ ආරක්ෂක හමුදා සතු ඒ ආකාරයේ විශේෂ ආයුධයකින් පහර දීම 

   හ්ම්............ඔන්න ඔතන නම් සලකා බැලිය යුතු කරුණු බොහොමයක් තියනවා. ඉස්සරවෙලා බලමුකෝ ඔය මාළු මරණ/අල්ලන දියයට තුවක්කුවේ වැඩකිඩ. දිය යට තුවක්කුව වැඩකරන්නේ මෙන්න මෙහෙමයි. විනාඩි 2.15 යි.



   මේ බලන්න, ප්‍රහාරයක් සඳහා මේ තුවක්කුව සූදානම් කරන හැටි. විනාඩි 1.28 යි.



   ඊළඟට බලමු, කොහොමද දඩයමක් කරන්නේ කියන එක. විනාඩි 1.20 දක්වා බලන්න.



   මේ තුවක්කුව ගොඩබිමදීත් පාවිච්චි කරන්න පුළුවන් කියන එක ඔප්පුවෙන සාක්ෂියක්, මේ වීඩියෝ එකේ තියනවා. පළමුවැනි තත්පර 58 බලන්න. 



දැන්, මෙන්න මේ වාර්තාව කියවා බලන්න.



   දැන් මොකද හිතෙන්නේ? ලසන්තගේ එක් ඇසක් හරහා ගිය ලෝහ උලකින්, ඔහුගේ මොළයට සිදුවූ හානි නිසා, ඔහු මියගිය බව, මෙහි සඳහන් වෙනවා. 

   මට මතක්වෙනවා, කලකට ඉහතදී මා දුටු ඉංග්‍රීසි චිත්‍රපටියක්. මම ඒ චිත්‍රපටියේ නම (ජේම්ස් බොන්ඩ් එකකද මන්දා) මතක් කරන්නටත්, ඒ ජවනිකාවේ දැක්වෙන අවිය ගැන සොයන්නටත් දරන ලද උත්සාහයන්, ව්‍යර්ථ වුණා. ඒ අවියෙන් යමෙකුට ඇන, එහි මිටේ තිබෙන බොත්තමක් එබුවම, අවියේ තුඩේ අගින්, තියුණු කුඩා තල කීපයක්, මලක් පිපෙන්නාක් මෙන් විහිදෙනවා. එවිට අවිය ඇදලා ගත්තම, විශාල හානියක් කරගෙනයි අවියේ තුඩ එලියට එන්නේ. 

   ඉතිං, ලසන්තව මරන්න ඇත්තේ කොහොමද? මා හිතනවා මේ ගැන පරීක්‍ෂණ කරන අපේ ආරක්ෂක අංශ විසින්, වැඩිකල් නොගොස් මෙහි ඇත්ත නැත්ත සොයාගනු ඇතැයි කියා. 

2016 සැප්තැම්බර් මස 25 දින 2356 පැය 

52 comments :

  1. මිනීමරුවා පුද්ගලික තරහක් නිසා හෝ හදිසි කෝපයකින් හෝ මේ මිනීමැරුම කළා යැයි සිතන්නට කරුණු නැති නැති නිසා අනිවාර්යයෙන් ම මෙය වෘත්තිය මිනීමරුවෙකු ගේ වැඩක් විය යුතුයි.

    සමහරවිට සිහිවිකල අයෙකු??

    ReplyDelete
    Replies
    1. ඔව්, මෙය හොඳින් සංවිධානය වූ, එමෙන්ම බලගතු පුද්ගලයන්ගේ ආධාරය සහ අනුබලය සහිතව සිදු කරන ලද්දක් බව, දැනට කර ඇති පරීක්‍ෂණ වලින් පැහැදිලිවී තිබෙනවා.

      දේශපාලනයෙන් සිහිවිකලවූ අයෙකුටත් මේ වගේ වැඩ කරන්න පුළුවන්. උදාහරණය අගමැති බණ්ඩාරනායක ඝාතනය.

      Delete
  2. මම හිතුවේ නෑ ලංකාවේ ඔච්චර හිතලා වැඩක් කරයි කියලා.....

    කොහොම උනත් රසිකොලොජිස්ට් කියලා තියෙනව වගේ වෘත්තිය මිනීමරුවෙකු ගේ වැඩක් බවයි පේන්නේ.....

    ReplyDelete
    Replies
    1. මීට වඩා හිතලා කරපු වැඩ තියනවා. නමුත් ඒවා කාලයේ වැලිතලාවෙන් වැසීගිහින්.

      වෘත්තීය මිනීමරුවා කියන්නේ මුදලට (කුලියට) මිනී මැරීම කරන කෙනාටයි. මෙය එහෙම කරපු එකක් නෙවෙයි. සංවිධානාත්මක ඝාතනයක්.

      Delete
  3. මැරුවේ ඔය කියන විදියේ ආයුධයකින් වෙන්න ඇති. ඒක හොයාගත්ත හැටියේ අපරාධය කලේ කවුද කියන එක හොයාගත්තු හැකිද?

    කල් ගියාම අපරාධය කරපු කෙනාව හොයාගැනීම අමාරුවෙනවා. කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස්වෙන නිසා. අපරාධයක් සිදුවෙලා මුල් පැය 48 තමා වැඩියෙන් වැදගත් වෙන්නේ.

    ඒ වගේම තමා අපරාධකාරයෙකුට කවදාවත් හැංගිලා ඉන්න බෑලු.

    ReplyDelete
    Replies
    1. ආයුධය සොයාගත් පමණින් මිනීමරුවා කවුද යන්න අනාවරණය වන්නේ නැහැ. ආයුධය කාටද අයිති කියන එක හොයාගත්තොත්, ඒ ඔස්සේ ගොඩක් තොරතුරු හෙලිකරගන්න පුළුවන්.

      දක්‍ෂ නිලධාරීන්ට පුළුවන් කල්ගිය අපරාධයක් වුනත් සුලමුල හොයාගෙන පැහැදිලි කරගන්න.

      අපරාධකරුවන්ගේ මනස විසින් ඔවුන්ට දඬුවම් දෙනවා.

      Delete
  4. මොහු මිග් ගනුදෙණුව ගැන සොයාගත් දේ පළකිරීම හෝ නොකිරීම ගැන තීරණයක් ඔහුම ගත්තා නම් මෙය සිදු නොවීමට ඉඩ තිබුණා. එසේ නොකොට ඒ පිළිබඳව 'රටට සාධාරණයක්' සොයා මිතුරෙකු වෙසින් පෙනී සිටි කෙනෙකුට රැවටී ඔහුට ඒගැන පැමිණිලි කරන්නට යාම මෙයට හේතුවයි. ආයුධය ගැන ලියා ඇති විස්තරාත්මක ලිපිය දැනුමට හොඳයි. මොහුගේ 'මෝඩකම' ගැන සිතන විට මළ මිනිය හෝ ඉතුරු වීම ඒ කාලයේ හැටියට (ආසියාවේ )ආශ්චර්යයක්.

    ReplyDelete
    Replies
    1. /මළ මිනිය හෝ ඉතුරු වීම ඒ කාලයේ හැටියට (ආසියාවේ )ආශ්චර්යයක්/ ඇත්තටම ඔහු අතුරුදහන් නොවී පාරේ මැරුනේ ඇයි, අතුරුදහන්කරලා ප්‍රශ්නකරා නම් ඒ රහස වදකයෝත් දැනගන්න නිසාද? වද දීලා අමුතුවෙන් දැනගන්න දෙයක් නොතිබූ නිසාද? හිතවතාට වද දෙන්න එපා කී නිසාද?

      එයා මා බේරා ගනී කියල තාමත් හිතන හැමෝම ආදර්ශයට ගන්නෝන පාඩමක්.

      Delete
    2. @ ඉයන්

      ගවේෂනාත්මක වාර්තාකරණය අපේ රටේ පටන්ගත්තේ, 1971 කැරැල්ලෙන් පසුව කියා මා හිතනවා. යුද සමයේදී එය තරමක් වැඩිදියුණු වුණා. නමුත් එහි වෘත්තීය මට්ටමට වඩා ජනප්‍රියත්වය ඉස්මතු කරන්නට යාමෙන් අවුල් සහගත තත්වයන් ඇතිවුණා.

      @ ඇණයා

      මොහුව මරන්න අවශ්‍යවූ අය, මොහු හෙළිකරගත් තොරතුරු සියල්ල, සවිස්තරව දැන සිටින්නට ඇති. ඒ නිසා 'බල්ලෙක් වගේ පාරේ මරාදැමීම' තමයි කළේ. තමන්ගේ බලයේ තරම පෙන්වීම සඳහා.

      දැන්නම්, මා බේරාගන්න කියා, ජාත්‍යන්තර අධිකරණයට වුනත් බය නැතුව යා හැකි තත්වයක් තියනවා.

      Delete
  5. මොහු ජීවත් නොවිය යුතු පුද්ගලයෙක් බව මම සිතමි. අප කාගෙන් හෝ ( මා ද ඇතුළුව ) සමාජයේ බහුතරයකට අගතියක් වන්නේ නම් සමාජයේ පැවැත්ම උදෙසා සමාජයෙන් ඉවත් කල යුතුය.
    මොහුගේ පෑන මෙහෙය වුවේ පටු දේශපාලන අරමුණු උදෙසාමය. මොවුන් දේශපාලන ප්‍රවරධකයෝය.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අම්මට සිරි.එතකොට රටකට නීතියක් කියලා දෙයක් නමටවත් ඕන නැහැනේ.අපිට ඕනේ නම් තියාගන්නවා.එපා නම් අයින්කරනවා.

      Delete
    3. යකෝ මේං සර්වබලධාරී දෙයියො වැඩලා.. :D

      Delete
    4. රන්සකු ඔබගේ අරමුණ පටු නැති පළල් දේශපාලන අරමුණක් බව ඔබට සහතිකද? එසේ නොවැතියි සිතන කවුරුන් හෝ සමාජයේ පැවැත්ම උදෙසා ඔබවත් සමාජයෙන් ඉවත් කරන්න තීරණය කලොත්?

      ඔබ එසේ සිතුවාට සමාජයෝ බහුතරය එසේ සිතන්නේ නෑනේ, ඔවුන් (බහුතරේ) එහෙම හිතුව නම්.

      Delete
    5. සමාජය මේ තරම් දුරකට පැමිණියේ බහුතරයගේ යහපත හා සුබ සිද්දිය ගැන අවධානය යොමු නිසයි . මුළු ලෝකයේම ඉතිහාසය තුල ඔනෑ තරම් නිදර්ශණ තිබෙනවා. තමන්ගේ වාසිය පතා බහුතර සමාජය කළබන අයව සමාජයෙන් ඉවත් කල යුතුමය

      එක්සත් ජාතික පක්ෂ රජයක් තිබුන කාලයේ සිදු වූ කිසිදු පාහර ක්‍රියාවකට ලසන්තත විරුද්ධව ලසන්ත සිය පෑන මෙහෙයවා ඇත්ද ? ඔහුගේ මල කුණ අවුසන්නේද දේශපාලන අරමුණ පමණ පිණිසමය.

      Delete
    6. ඔබලා ඉන්නේ හීන ලෝකයක . ලෝකේ කිසිම තැනක නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් නැ . යම් දුරකට නිදහස්. එතනින එහාට පැන්නොත් ඉවරයි. ඔබලා දන්නවාද ඔය මහලොකුවට කෑ ගහන ඇමෙරිකාව චාර්ලි චප්ලින්ට කරපු දේ. ඔහු ජනමාධ්‍ය වේදියෙක් නොවේ.

      Delete
    7. මොහු ජීවත් නොවිය යුතු පුද්ගලයෙක් බව මම සිතමි. අප කාගෙන් හෝ ( මා ද ඇතුළුව ) සමාජයේ බහුතරයකට අගතියක් වන්නේ නම් සමාජයේ පැවැත්ම උදෙසා සමාජයෙන් ඉවත් කල යුතුය.
      මොහුගේ යතුරු පුවරුව මෙහෙය වුවේ පටු දේශපාලන අරමුණු උදෙසාමය. මොවුන් දේශපාලන ප්‍රවරධකයෝය.

      Delete
    8. "පටු දේශපාලන ප්‍රවර්ධකයන් මෙලොවෙන් තුරන් කිරීම"

      අම්මට සිරි..අක්කට හොරි වර්ගයේ අදහසක්නේ බං. මේ කියන්නේ ඇත්තටද...විහිළුවටද?

      Delete
    9. @ රන්සකු

      මට ඔබගැන ඇතිවන්නේ ලැජ්ජාවක්, කණගාටුවක් සහ අනුකම්පාවක්. ඔබ මනසින් ජීවත්වන්නේ, පැරණි හෝ අදටත් වනගත ප්‍රදේශවල, සාමාන්‍ය සමාජයෙන් බැහැරව පවතින, ගෝත්‍රික චින්තනයකින් යුක්තව බවයි මගේ හැඟීම.

      ලෝක යුක්ති ධර්මය, සාධාරණත්වය, මානව හිමිකම්, සමාජ ආරක්ෂණය, පිළිබඳව ඔබට මූලික දැනුමක් හෝ අවබෝධයක් නොමැති බව, පැහැදිලිවම පෙනීයනවා. ඔබේ දේශපාලන දර්ශනය, මේ ලෝකයේ දී අනුගමනය කලේ හිට්ලර්, බොකාසා, ඉඩි අමීන්, තලේබාන්, ප්‍රභාකරන්, වැනි අයයි.

      සමාජයට නොගැලපෙන අය ඉවත් කලයුතු නම්, තමන්ගේ මනෝ රාජ්‍යයට විරුද්ධ වූ අය මරාදැමීම කල ප්‍රභාකරන් පවා ඔබේ මේ අදහස අනුව, සාධාරණ පුද්ගලයන්. එහෙම නේද? මිනිස්සු මරලා සමාජය හදන්න හිතන ඔබ, දැඩි ලෙස දේශපාලන මනෝ ව්‍යාධියකින් පෙලෙන බව සිතන අතර, ඔබට සැබැවින්ම මනෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව සිතනවා.

      දේශපාලන ප්‍රවර්ධකයා කියන වචනයේ තේරුම ඔබ දන්නේ නැති බව ඉතා පැහැදිලියි. ප්‍රවර්ධනය කියන්නේ නරක දෙයක් නෙවෙයි. සෑම දේශපාලන පක්ෂයක්ම, ක්‍රියාකාරී කණ්ඩායම් හෝ පුද්ගලයන් විසින්, තම දේශපාලන අරමුණු මහජනතාව අතරට ගෙනයාම සඳහා, ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එහි කිසිදු වරදක් නැහැ.

      ඔබ, දේශපාලනයෙන් පාරාජිකාවූ, මිනීමරු, ඒකාධිපති, චෞර, පුද්ගලයන් හෝ කණ්ඩායම් පිළිබඳව තවමත් විශ්වාසය තබා ඇත්නම්, ඔබ දේශපාලන වශයෙන් පිරිහුණු පුද්ගලයකු ලෙස නොබියව නම් කරනවා.

      Delete
    10. විචාරක මහත්මයා පවසන යුක්ති ධර්මය, සාධාරණත්වය, මානව හිමිකම්, සමාජ ආරක්ෂණය ලෝකයේ කිසිම තැනක පවතින්නේ නැත. පැවතුනේද නැත ඉදිරියට ඇති වන්නේද නැත. ඒවා නිකම්ම නිකම් සීනි බෝල වචන පමණයි. ඔය වචන පාවිච්චි කරන්නේ එක එක රටවල අවශ්‍යතාවය අනුවයි.. අපේ නැට්ටට කපාපු වඳුරෝ ඔය වචන අල්ලාගෙන බුකු බුකුව දානවා.

      යම් බලවත් රටක ගැටළුවක් මතු වන්නේද එහිදී ඔය අලංකාර වචන ගැන තැකීමක් කරන්නේද නැත.
      ඔබ දන්නාවද බලවත් රටවල යම් යම් අවශ්‍යතා නිසා ලෝකයේ සෑම තැනකම මිනිසුන් අපට හිතා ගත නොහැකි ලෙස දුක් විදින බව.එම රටවල දුෂ්ට ක්‍රියා කර කම් වලට එරෙහිව , කවුරුන් හෝ ක්‍රියා කරන්නේ නම් . මල මිනියක් හෝ නැතිව අතුරුදහන් වන්නේ අසිල්ලකින්ය.
      ඇතැම් රටවල් මිනිසුන්ව භාවිතා කරන්නේ සත්තු වගේ.

      ඔබ මෙන් වැඩිහිටි පුද්ගලයෙක් පවා මේ සත්‍ය නොදකින එක මට මහත් පුදුමයක්.

      ලසන්ත ගැන කියන්නේ ඇත්තේ , ලසන්ත එක්තරා දේශපාලන පක්ෂයක අවශ්‍යතා ඉටු කල පුද්ගලයෙක්. එම පුවත් පත එම දේශපාලන පක්ෂයේ වියදමින් කල එකක්. ඔහු ඔහුගේ සීමාව පැන්න . රනිල් උවත් එසේ සීමාව පනින අය ගැන අනුකම්පා කරන්නේද නැත.

      මගේ දේශපාලන දර්ශනය ඔබ දන්නේ නැත. මට එය ඔබට පවසීමට අවශ්‍යද නැත. ඔබ හුදු වචන හරබ කරුවෙක් පමණයි. ඔබගේ වියත් බවත් පැසුණු බවත් මා හොදින් දුටුවා ඔබගේ ලිපියක් කවුරු හෝ පොඩි කොල්ලෙක් වෙනත් තැනක පල කල විට ඔබ ක්‍රියා කල අන්දමෙන්.

      ඔබ සමජය නොමග යවන්නෙක්.

      අමතක කරන්න එපා නිකම්ම නිකම් බිලි බෝයි කෙනෙක් වූ ඔබ රණවිරුවෙකු වුයේ ඒ මිනීමරු, ඒකාධිපති, චෞර, පුද්ගලයා නිසාවෙන් බව.

      Delete
    11. @ විචාරක,

      මට පරණ කවි පදයක් සිහිවුණා.

      "නපුරු දුදනන්ගෙ සියොළඟෙහි ම විස ය"!

      Delete
    12. ඇයි කන්න ගියාම කබරා තල ගොයා කර ගන්නවා කියල අහලා නැද්ද ?

      Delete
  6. ස්තූතියි මේ ලිපියෙන් වෙනස්ම ආකාරයෙන් මේ සිදුවීම දකින්න පොලඹවනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුකා. මිනිස්සුන්ගේ ඇස් අරවන කාලයක් මේ.

      Delete
    2. මිනිස්සුන්ගේ ඇස් අරවන කාලයක් නොවෙය. මිනිසුන්ව මෝහනය කරන කාලයකි

      Delete
  7. පෑනෙන් වදින ප්‍රහාරයට පෑනෙන් ප්‍රතිප්‍රහාර දීගන්න බැරිවුණාම පාවිච්චි කරපු ක්‍රමයක් තමයි ඉතිං මොකක් වුනත්.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ දේශපාලන නපුංසක කම පැහැදිලිවම පෙන්වීමක්. මේ අපරාධකරුවන් නොපමාව නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි.

      Delete
  8. ඒ කියන්න්නෙ පිහියක් වගේ එජ් එකක් නොමැති උල් ආයුධයකින්ද ඇනලා තියෙන්නෙ?ඒ කියන්නෙ උල සහිත කූරක් වගේ එකක්. මතයක් තියනවා ඔහුව මරන්න නෙමෙයි තුවාල කරන්න පමණයි හදල තියෙන්නෙ ඒත් ඒක වැරදුනා කියල. තුවාල කිරීමට පමණක් නම් ඒ සඳහාම හදා ගෙන ගිය එකක් වෙන්න පුලුවන්නේද? පිහියකට වඩා ලේසියිනෙ කාරෙක ඇතුලෙ ඉන්න කෙනෙකුට කූරකින් අනින්න

    ReplyDelete
    Replies
    1. ඉහලම තැනින් එහෙම කීවාට (බය කරන්න කියලා), ලයින් මැනේජර් හිතන්නේ රිස්ක් එකක් ගන්නේ මොකටද කියලානේ, ඔපරේටරුත් එහෙම හිතුවාම වැඩේ ක්ලොස්ම තමා.

      Delete
    2. අර වීඩියෝවේ තියන පිහිය දිග කූරකට හයි කරලත් පාවිච්චි කරන්න පුළුවන්. කොහොම වුනත් මීට පෙර අපේ රටේ භාවිත නොවුණු උපක්‍රමයක් බව නම් පැහැදිලියි.

      මම හිතන්නේ නැහැ තුවාල කරලා අතාරියි කියලා. එහෙම කලානම් ලසන්ත පිට රටකට පැනලා ගිහින්, මේ ඔක්කොම හෙළි කරනවා. ඔහු දන්නා තොරතුරු, අදටත්, කොහෙහරි තැනක, (දත්ත ගබඩාවක) තැන්පත් වෙලා ඇති කියලා මට හිතෙනවා. සමහරවිට, සුදුසු කාලයේදී එලියට එන්නත් පුළුවන්.

      @ ඇණයා

      සමහර අවස්ථා වලදී, හමුදාවේත් එහෙම තමා. ලොක්කා කිව්වම අඩියක් පැනපන් කියලා, දෙවෙනියාට තුන් වැනියාට එනකොට අඩි දෙක තුන වෙනවා. අන්තිමට සොල්දාදුවාට අඩි 10 ක් වත් පනින්න වෙනවා. හැක්.

      Delete
  9. ලසන්ත ඝතනය වුනේ බොහොම ජනාකීර්ණ ප්‍රදේශයක.පාසලක් ඉදිරිපිට කොටින්ම රත්මලාන ගුවන් තොටුපල,ගුවන් කඳවුර ආසන්නයේමයි.ඒ තරම් ජනාකීර්ණ ප්‍රදේශයකදී මේ වගේ පහරදීමක්,ඝාතනයක් කරන්න තරම් හැකියවක් සාමාන්‍ය කුලී මිනිමරුවෙකුට නොහැකි බවයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් හිතන්නේ එහෙමයි. මෙය ඉතා සංවිධානාත්මකව දැඩි සම්බන්ධීකරණයක් සහ අණදීමක් යටතේ සිදුකල අපරාධයක්.

      Delete
  10. http://news.bbc.co.uk/2/hi/south_asia/7496367.stm

    Sri Lanka's main opposition party has accused the country's most senior army officer of being behind violent attacks on reporters.
    Opposition MP Joseph Michael Perera told parliament that the attacks were carried out by a "special team" controlled by Lt Gen Sarath Fonseka.
    Mr Perera said the government should arrest the offenders and "immediately bring them to justice".
    The army has denied that it is any way involved in attacks on journalists.

    ReplyDelete
    Replies
    1. Well Sir, as you are well aware, the political system in our country is changing like clouds in a storm, time to time.

      Finger has pointed to Field Marshal Fonseka, Ex President Mahinda Rajapakse, and Ex Sec.Defence Mr Gotabhaya Rajapakse as well.

      However we can not come to any conclusion without unbiased Judicial Procedure.

      Delete
  11. සාමාන්‍ය භාවිතයේ තියෙන conventional weapon එකක් වෙනුවට improvised weapon එකක් හෝ ඒ වාගේ ඒවයේ combination එකකින් මේ තුවාල වෙන්න ඇති කියල හිතනව.. ඒක පැහැදිලිවම පරීක්ෂණ කටයුතු සංකිර්ණ කිරීම සඳහා යොදාගත් උපක්‍රමයක්..

    ReplyDelete
    Replies
    1. වෙනත් වචනවලින් කියනවානම් මිනිස්සු මරණ එක ගැන කුප්‍රකට දැනුමක් තියන කෙනෙකුගේ සංවිධානාත්මක වැඩක්.

      මේ වගේ ක්‍රම, සමහර රටවල ආරක්ෂක අංශ මගින් කර තිබෙනවා.

      Delete
  12. බැටළුවන් මරණයට පත්කරන්නාවූ ආයුධයක් හා සමාන ආයුධයකින් මෙම ඝාතනය සිදුකර ඇති බවටත් එම ආයුධය භාවිතාකිරීමේ පුහුණුව ඇත්තවුන් සිටින්නේ ඉතා සීමිත ගණනක් බවත් එම පිරිස අතුරින් වර්තමාන සැකකරු අතඩංගුවට ගත් බවටත් පලවූ මාධ්‍ය වාර්ථා දුටුවා.
    මාර්ග තදබදයක් අතරතුර හඬක් නොනැඟෙනසේ සිදුකළත්, මෙය වෘත්තීය මට්ටමේ ඝාතනයක් යයි පැවසීම කෙසේ වෙතත් සැබැවින්ම ඝාතනයක් කිරීමට අවශ්‍ය නම් මීට වඩා පහසුවෙන්,නිවරදිව කිරීමේ හැකියාවන් බොහෝයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මමත් ඒ කතාව කියෙව්වා ලබ්ස්. මෙම ඝාතනය හදිසියේ ගත් තීරණයක් කියා මට හිතෙනවා. ඒ කියන්නේ, ලසන්ත මරාදැමූ දින හෝ ඊට පසුදින, ඔහු දන්නා යම් තොරතුරක්, ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම වැලැක්වීම සඳහා ක්ෂණිකව ගත තීරණයක් අනුව, මේ ඝාතනය කරන්නට ඇතැයි සිතෙනවා.

      Delete
  13. ජනවාරි 8 කියන්නේ මහ කාලකණ්නි දවසක් නේද ? අපරාදෙ !

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා, සතුට දුක දෙකම තියනවා.

      2009 ජනවාරි 8
      ලසන්තව මරපු අයට සතුටු දවසක්.
      සත්‍යය අගය කරන ජනමාධ්‍ය නිදහස අගය කරන අයට දුක දවසක්.

      2015 ජනවාරි 8
      ඒකාධිපතිවාදයෙන්, පවුල්වාදයෙන් රට මුදාගැනීම ගැන, රටේ බහුතර ජනතාවට සතුටු දවසක්.
      රටකාපු, හොරකම, වංචාව, දූෂණය, පවුල් බලය, අහිංසකයන් මරාදැමීම, අතුරුදන් කිරීම කල එවුන්ට, දුක දවසක්.

      අපරාදේ මුන්ට හෙණ හත වදින්නේ නැති එකයි.

      Delete
    2. "සත්‍යය අගය කරන ජනමාධ්‍ය නිදහස අගය කරන අයට දුක දවසක්.:"

      "ලසන්ත වික්‍රමතුංග පරමාදර්ශී පුවත් කතුවරෙය්කි". අනේ කාලේ වනේ වාසේ.

      Delete
  14. සමාවෙන්න ඕනේ හැමෝම
    අදාල ප්‍රශ්නයක් නෙවේ අහන්නේ බලන් ඉන්න බැරි නිසා අහන්නේ.විචාරක තුමා.මේ අහන්නේ ඔබ තුමාගේ සපත්තු ගැන ලියට අදාලව.හිර සපත්තු වලට කරන්න පුළුවන් දෙයක් නැද්ද විච්ජරක තුමා. ඒ වගේන කෘතීම ලෙදර් නියම ලෙදර් වගේ පොලිෂ් කරන්න පුලුවන්ද?හොද සපත්තු පොලිෂ් වර්ගයක් හොයාගන්න් කොමද මිල කොපමණ වෙනවද ?
    අයෙත් සමව ඉල්ලනවා මේ වගේ සංවේදී ලිපියක මේ වගේ අනවශ්‍යා ප්‍රශ්න ඇසීම ගැන..........

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ලඟදි ගත්ත සපත්තු දෙකක් හින්දා දුක් විඳිනවද?

      ගන්න වතුර ලීක් නොවෙන පොලිතීන් කවර දෙකක්. පුරවන්න ඒවා ඇල් වතුරෙන්. සපත්තු දෙකට ඔබන්න ඒ කවර දෙක, වතුර නොහලෙන්න ගැට ගහලා. දාන්න ඩීප් ෆ්‍රීසර් එකක. බැරිනම් නෝනාගෙන් ගුටිකන්නේ නැතුව, ගෙදර ෆ්‍රිජ් එකේ උඩ කෑල්ලට දාලා තියන්න රැයක් එළිවෙනකල්. උදේම අරගෙන කකුලට දාගෙන ටිකක් ඇවිදින්න. ගාණට හරියනතුරු නැවත කරන්න.

      Delete
    2. බොහොම ස්තුතුති විචාරක ටුමා ඒ වගේම
      ඒ වගේන කෘතීම ලෙදර් නියම ලෙදර් වගේ පොලිෂ් කරන්න පුලුවන්ද?හොද සපත්තු පොලිෂ් වර්ගයක් හොයාගන්න් කොමද මිල කොපමණ වෙනවද ?පොඩ්ඩක් කියනවද?

      Delete
  15. මිනී මැරුමක් මොන විදියකටවත් සාධාරණීකරණය කරන්න බැහැ. එය දඬුවම් ලැබිය යුතු වරදක් සේම පාපයක්ද වනවා. ඔබ සඳහන් කල පුද්ගලයා පිළිඹඳවත් ඔහුගේ ලිපි සම්බන්ධව වත් මා හට හරි හැටි අවබෝදයක් නැහැ. නමුත් මාධ්‍ය කරුවන් ඔවුන්ගේ යුතුකම් ඉතා තදින් පැහැර හැර තිබෙනවා. කිසිවෙකුගේ කෑම වෙලාවත්, කක්කා බෙට්ටේ පාටවත්, බෙට්ටේ තිබූ දේ පිළිඹඳවත් සාමාන්‍ය වැසියන්ට අදාලම නැහැ.
    කාලයක් තිස්සේ රිය අනතුරු වැඩිවී තිබෙනවා, විවිද අංග වලින් අපි පරිහානියට පත් වෙමින් තිබෙනවා. අය මාද්‍යයට ඒවා කරන්න බැරි? විනය, සෞඛ්‍ය, ආකල්ප වෙනස කරන්න මාධ්‍යට පුළුවන්.
    නමුත් මා විශ්වාස කරනවා රාජ්‍ය (ආණ්ඩුවල රහස් නොවේ) රහස් පිට කරන්නා මිය ය යුතු බව.

    ReplyDelete
    Replies
    1. /මා විශ්වාස කරනවා රාජ්‍ය (ආණ්ඩුවල රහස් නොවේ) රහස් පිට කරන්නා මිය ය යුතු බව/

      අපොයි, රජය කියන්නේ මහජනතාවගේ නියෝජිතයානේ, අයිතිකරු මරා දාන්න නියෝජිතයාට බැහැනේ. ඒ වගේම රජයකට ජාවාරම් කාරයකු වෙනත් බෑනේ. ඒ නිසා තියරියේ විදිහට රජයකට රහස් තියෙන්න බෑ, ඒත් රජයේ අසාර්තකත්වය නිසා හට ගැනෙන අභ්‍යන්තර අරගල නිසාත්, චන්ඩිපාට් දන්න ගිහිල්ලා හදාගන්න ජාත්‍යන්තර අවුල් නිසාත් හැම රටකම රජයවල් වලට විවිධා කාරයේ රහස් තියනවා.

      ආරක්ෂක සහ ආර්ථික කටයුකු වල රහස් තබාගත යුත්තේ අදාල කාර්යය නිම වෙනතුරු පමණයි, ඉන් පසු ඒවා සියල්ලන්ට විවෘත විය යුතුයි, එවිටයි එම රජය ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳ විනිශ්චයක් දීමට ජනතාවට හැකියාව ඇත්තේ. එසේ නැතිව දිගුකාලිනව රහස් රකිනවා කියන්නේම යම් නීතිවිරෝධි කටයුතු සඟවනවා කියන එකයි. ගෙදර අයගෙන් හංගන රහසක් තියනවනම්, ඒ ගෙදර ප්‍රශ්න, අසල්වාසින්ගෙන් හංගන රහස් තියනවනම් ඒක අවුලකට මුලක්.

      ඊළඟට රජයක රහස් එළිකෙරුවාට ජනමාධ්‍ය වේදියෙක් වරද කරුවෙකු වෙන්නේ කොහොමද, ජනමාධ්‍ය වේදියාට රහස ලබාදුන් රජයේ නිළධාරියා වරදකරු නොවී.


      Delete
    2. @ Dileepa

      ඔතනදී, මිනීමැරීම කියන එකත් පැහැදිලි කරගන්න වෙනවා. යුද්ධයකදී ප්‍රතිවිරුද්ධ හමුදා අතර ඇතිවන ගැටුම්වලදී සිදුවන්නේ, මිනීමැරීම් නෙවෙයි. නමුත් යුද්ධයේ නාමයෙන්, අහිංසක මිනිසුන් මැරීම නීතියට පටහැනි මිනීමැරීමක්.

      මාධ්‍යවේදීන් සහ කුණු හොයන්නන් කියා වර්ග දෙකක් හෝ තවත් උප වර්ග ඉන්නවා. ගවේෂණාත්මක මාධ්‍ය කලාව පසෙක ලා, කුණු ඇවිස්සීම පමණක් කරන අයත් ඉන්නවා. නමුත්, කුණු අවුස්සන්නන් වුවද, මහමගදී මරා දමන්නට කාටවත් නීතියෙන් බලයක් දී නැහැ.

      ලසන්ත වික්‍රමතුංග, ගවේෂණාත්මක මාධ්‍යවේදියකුද, එහෙම නැත්නම් කුණු අවුස්සන්නකුද යන්න මට වැදගත් නැහැ. මා කියන්නේ, ඔහු මහ දවාලේ මහමගදී මරාදැමීම, අමු අමුවේ කල මිනීමැරුමක් බවයි.

      අපේ රටේ මාධ්‍ය බොහොමයක් ක්‍රියාත්මක වන්නේ, ඉතා පටු අරමුණු ඔස්සේයි. ඒ නිසා, ඔවුන්ගෙන් අප අපේක්‍ෂාකරන සාධාරණත්වය ලැබේයැයි සිතන්නට අමාරුයි.

      රාජ්‍ය රහස් පිට කරන පුද්ගලයකු යම් දඬුවමකට යටත් කලයුත්තේ සාධාරණ අධිකරණ ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමෙන් විනා, රාජ්‍ය බලය යොදා, මහමගදී මරා දැමීමෙන් නොවෙයි. එසේ කිරීම වනචාරී ලක්ෂණයකි.

      @ ඇණයා

      ඔව්, කිසිදු නීත්‍යානුකූල රජයකට බැහැ, අධිකරණ ක්‍රියාවලියකින් තොරව, පුද්ගලයකු මරා දමන්න. එහෙම මරා දමනවානම්, ඒ රජය, තවදුරටත් නීත්‍යානුකූල රජයක් වන්නේ නැහැ.

      රාජ්‍ය රහස් යන්න, අර්ථ කථනය වන්නේ, ඒ ඒ කාලය, ඒ ඒ තොරතුරුවල තිබෙන කාලීන වටිනාකම අනුවයි.

      උදාහරණයක් වශයෙන්, ලංකාව රුසියාවෙන් මිග් යානා 10 ක් මිලදී ගන්නට යනවා යන තොරතුර, රාජ්‍ය රහසක් නොවේ. මන්ද, ලෝකය පුරාම විවිධ ආයතන, ඒ ඒ රට විසින් යුද්ධායුධ මිලදීගැනීම සහ, ඒවායේ විස්තර සොයාගෙන කාගේත් දැනගැනීමට අන්තර්ජාලයේ පවා පළකරනවා. මේ බලන්න අපේ ගුවන් හමුදාව ගැන සවිස්තරව මෙතනින් බලන්න පුළුවන්.

      https://en.wikipedia.org/wiki/Sri_Lanka_Air_Force

      මෙය යුද රහසක් හෝ රාජ්‍ය රහසක් නොවෙයි. යුද රහසක් හෙලිකිරීමක් වන්නේ, අපේ ගුවන් හමුදාව, ඉදිරියේදී එල්ල කිරීමට නියමිත යම් ගුවන් ප්‍රහාරයක, දිනය, වෙලාව, යවන ගුවන් යානා ආදිය ගැන විස්තර, ප්‍රහාරය එල්ල කරන්නේ කොහාටද, වැනි විස්තර, කල්තබා පිටකිරීමයි.

      ලෝකය පුරාම, යුද්ධායුධ වෙළඳාමේදී, විවිධ දූෂණ සහ අක්‍රමිකතා සිදුවෙනවා. ඒවා නිරතුරුව, ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා. අපේ රටේ එවැන්නක් හෙළිකිරීමට ගිය මාධ්‍යවේදියා, මහමගදී අබිරහස් ලෙස මරා දැමුණා.

      ආරක්ෂක හමුදාවන්හි ක්‍රියා සියල්ල එම කටයුතු නිමකිරීමෙන් පසු හෙළි කරන්නට බැහැ. සමහර ක්‍රියාන්විත තොරතුරු ඒ රටේ අනාගත ආරක්ෂාවට බලපාන නිසා යුද්ධයක් නිමා වුවද හෙළි කරන්නට බැහැ. සමහරවිට අනාගතයේදීද එම රහස් ඒ රටේ ආරක්‍ෂාව සඳහා දැඩිව බලපාන නිසා. ඒවා නීතිවිරෝධී තොරතුරු සැඟවීමක් නොවෙයි.

      ජනමාධ්‍යවේදීන් සෑමවිටම රහස් දැනගන්නේ රාජ්‍ය නිලධාරීන්ගෙන් පමණක් නොවෙයි. ජාත්‍යන්තර මූලාශ්‍ර ඔස්සේ බොහොමයක් තොරතුරු හොයාගන්න පුළුවන්.

      Delete
    3. ලසන්ත හතර පෝයට සිල් ගත්ත අහින්සකයෙක්ද

      Delete
    4. ස්තූතියි විචා, ඉලංගකොන් මහතාගේ විවරණේ“යුධ රහස්“ පෝස්ට් එකත් දකින්න ඇති නේද?

      රන්සකු:එයා හැම දෙපෝයකටම ඔබගේ වීරයා සමඟ මතට තිත තිබ්බ කෙනෙක්ය කියන සුප්‍රසිද්ධ තොරතුරවත් ඔබ අසා නැද්ද? අප එය අසා තිබුනේ ලසන්ත මරන්නටත් පෙරයි.

      Delete
  16. තුමනි ..මම හිතන්නේ රාජ්‍ය ආරක්ෂාව වැනි සංව‍ෙිදි කාරනයකට තර්ජනයක් වන පුද්ගලයකු( හෝ ව‍ෙනත්) රාජ්‍ය ආරක්ෂාව තකා නිහඩ කිරීම/යටපත් කිරීම කල යුතුය් .නමුත් මා ඉන් අදහස් කරන්න‍ෙ නෑ ලසන්ත ඝාතනය සාධාරණීකරණය කිරීමක්..ඇත්තෙන්ම මම දන්නෑ ඔහු එවැන්නකට සම්බන්ධ ද යන වග.
    නමුත් ආන්දෝලනයකට ලක්වන අනිත් කරැන වන එක්නැළිගොඩ සිද්දිය පිලිබඳ ඔබේ අදහස කුමක්ද?
    තවද ලසන්ත ඝාතනයේ වගකීම හිටපු රාජ්‍ය නායකයන් බාරගත යුතු නම් මා සිත න ආකාරයට එය එකල හමුදාපතිවරයාද දැනුවත් කාරනයකක් විය හැකිය.
    ..ඉතා වටිනා කාලීන ලිපියක්.අයිය‍ෝ තුමනි ම‍ේකද අර කියපු ආයුධයක් පිලිබඳ ලිපිය.අපිට ඕන සංග්‍රාමික ත‍ොරතුරැ..hikzz

    ReplyDelete
    Replies
    1. //මම හිතන්නේ රාජ්‍ය ආරක්ෂාව වැනි සංව‍ෙිදි කාරනයකට තර්ජනයක් වන පුද්ගලයකු( හෝ ව‍ෙනත්) රාජ්‍ය ආරක්ෂාව තකා නිහඩ කිරීම/යටපත් කිරීම කල යුතුය//

      100% ක් එකඟයි. නමුත් එවැනි අය නිහඬ කලයුත්තේ නීත්‍යානුකූලව, මතවාදීව සහ රාජ්‍ය රහස් පිටකිරීමේ වරදට, ඒ රටේ නීතිය අනුව, අධිකරණ ක්‍රියාවලියක් මගින්.

      ලසන්ත හෙළිකළේ රාජ්‍ය රහසක් ද රාජ්‍ය දූෂණයක් ද යන්න, බුද්ධිමත්ව විමසා බැලිය යුතුයි.

      හමුදාපති වරයා පමණක් නොව, ඒ ඝාතනයට වෙනත් ඕනෑම අයකු සම්බන්ධ නම්, ඔවුන් සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි.

      ලියනවා ලියනවා, මේ දවස්වල එකක් ලියාගෙන යනවා. පොඩ්ඩක් ඉවසන්න බබෝ.



      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }