හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

23 July 2017

අනුස්මරණය





තෙමසක් ගතවිය ඔහු අප හැර නික්ම         ගොසින්

ඇරයුම් කරමි ඔබ සැම හට  සැදැහැ           සිතින් 

ඇවිත් යන්න අපෙ නිවසට  බැති                සිතින් 

පින් අනුමෝදම් කරමු ඔහුට සෙනෙහෙ     සිතින් 



දිවංගත විචාරකතුමාගේ  තෙමස්පූර්ණය වෙනුවෙන්  පුණ්‍ය කර්මය ජූලි මස 28 හා 29 දෙදින අප නිවසේ පැවැත්වේ. මේ සඳහා සහභාගී  වන මෙන් ඔබ සහෘද බ්ලොග් සාමාජික සියලු දෙනාට ආරාධනා කරමු .

විචාරක  දියණිය ඇතුළු පවුලේ සැම 


වැඩි විස්තර සඳහා  බ්ලොග් සහෘද ගස්ලබ්බා මහතා අමතන්න . 


20. 45 පැයට  විචාරක දියණිය 





2016 

21 comments :

  1. එන්නට බැරි වුනත් දෙදොහක දුරක් බැවින්
    ඔහු සිහි කරමි සැමවිට මෙහි යමින් එමින්
    අප්පච්චිගේ මග යන ඔබ සිටින බැවින්
    ඔහු සැනහේවී සොයුරියෙ මතු නිවන් සුවෙන්

    ReplyDelete
  2. බොහොම ස්තූතියි.
    නාවත් නාවත් කණගාටු නොවෙමි.
    විචාරක දියණිය

    ReplyDelete
  3. ඇරයුම් කරාට ස්තූතී. ඒත් එන්නට නොහැකි වීම ගැන කනගාටුයි. නමුත් අප සැමදා එතුමන්ට නිවන් සුව පතමු.

    ReplyDelete
  4. බොහොම ස්තූතියි කසුන්
    විචාරක දියණිය

    ReplyDelete
  5. මා සිටින්නේ ලෝකයේ අනෙක් පැත්තේ බැවින් මේ අවස්ථාවේවත් පැමිණීමට නොහැකි ඉවීම නිසා ඇතිවන්නේ කියාගත නොහැකි බතරමේ කණගාටුවකි දියණී. බ්ලොග් ලෝකයෙන් එතුමන් නික්ම ගොස් ඇතත්වරි වරින් වර ඒ සංකේතය අපේ රෝල් තුළ සටහන් වෙමින් ඔබ රැඳී සිටිම මහත් සතුටකි. අපේ විචාරකතුමාට නිවන් සුව අත්ෙව්වායි පතමි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි .
      විචාරක දියණිය

      Delete
    2. බොහොම ස්තූතියි
      විචාරක දියණිය

      Delete
  6. එන්නට බැරි වේය ඒ ගැන දුකකි හිතේ
    සැමදා ඔහුට පතනෙමි මම නිවන් සුවේ


    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි .
      විචාරක දියණිය

      Delete
  7. විචාරක තුමා අප හැර ගියත් ලොවෙන්
    බුකියේ බ්ලොගේ ඔහු සිහිවෙයි නිරන්තරෙන්
    එන්නට හිතක් ඇත විසි අට නිම වෙන්න කලින්
    ඒ ගැන තියෙන සැලසුම් ගස් ලබ්බාට කියම්

    ReplyDelete
  8. ඔබ පැමිණේවියයි මා උදක්ම බලාපොරොත්තු වෙමි.
    විචාරක දියණිය

    ReplyDelete
  9. විචා තුමා සිතින් තවමත් අප අතරය

    ReplyDelete
  10. තෙමසක් ගත උනත් කාලය නොදැනීම
    නොදැනේ කිසි විටෙක ඔහුගේ සමු ගැනුම
    කිසි දින ඔහුව දැකගන්නට නොලැබීම
    හිත තුල දුකක් ඇත කිසිදා නොමැකීම

    ReplyDelete
  11. යම් හේතුවක් නිසා පැමිණීමට නොහැකියි. අපේ හිතවතා වෙනුවෙන් මටත් සම්මාදම් වීමට අවස්ථාවක් දෙන්න. පිරිකර කිහිපයක් ලබා දීමට කැමතියි. lankan.ian@gmail.com

    ReplyDelete
  12. ඔබේ පියාට නිවන් සැප ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  13. රට දැය සාමය වෙනුවෙන් නීති සටන් කොට
    මෙලොව හැර ගියේ බර නොමදී ඉපදුණු රටට
    දැනුවත් කළා අප සැම යන්නට මෙන් සටනකට
    මෙවැනි පුතුන් වාසනාවන් ඉපදුණු රටට

    ReplyDelete
  14. ආරාධනාවට ස්තුතියි.
    එන්න ට්‍රයි කරනවා. ඒත් පුලුවන් වෙයිද කියලා සැකයි.
    ඔබ බ්ලොගය ඉදිරියට ගෙන යාම ඔහු බලාපොරොත්තු වෙන්න ඇති. ඔහු දන්නවානම් ඉතා සතුටුවෙයි.

    ReplyDelete
  15. එන්න වෙන්නේ නැත ..පොඩි මෙන්ඩ ට අද කිව්වේ වීදුරුව ඔලුවේ තියන් නටපු අංකල් මැරිලා එයාගේ දානේ කියලා ඌ ඇඩුවා ..
    දවසක අපි තුන් දෙනා ඇවිත් යන්න එන්නම්

    ReplyDelete
  16. කතා කලත් මා හට - මමත් ඔහුත් හමු වුයේ නැත කිසි දින
    මමත් ඔහුත් එක මග
    හමුවේද ? සිතමි නිවනට පෙර.

    ReplyDelete
  17. බ්ලොග් ලියන්නො බහුතරයක් ඉන්නෙ කොළඹ අවට නිසා එන්න බැරිවෙන්න ඇති, ඒත් ඒ හැමෝමත් විචාරකට පින් දෙනව හැමදාම, ලියපු කියපු වැදගත් දේ වලට.

    ReplyDelete
  18. මං කොහොම හරි එනව අවුරුද්දට...

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }