හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

23 October 2017

නෑ සර් මං කොලේට පිම්බා

මේ කතාවේ නම් අපේ විචාරකතුමා නෑ. මගේ පාසලේ අත්දැකීමක්. පසුගිය දවසක අන්තර්ජාලයේ තිබුණා පිනා කියලා ප්‍රින්සිපල්ට කිවුවා කියලා විද්‍යාලයක ප්‍රින්සිපල් කෙනෙක්  පැය 4ක් ළමයින්ට දඬුවම් කළ බව එය සවනට වකෙද්දී මට මෙය මතක් උණා. 2001 අවුරුද්දේ මා උසස් පෙළ කරද්දී තමයි මෙය සිදුවුණේ. 


එවකට මම 12 වසර කලා බි පංතියේ ඉගෙනුම ලැබුවෙමි. මගේ හොඳම යෙහෙළිය වූයේ  ධනුෂ්කාය. අගේ පියා විදුහල්පතිවරයෙකු වූ අතර මව අපේ පාසලේ සිංහල ගුරුවරියක් වූවාය.  මගේ කතාවේ කතා නායිකාව ඇයයි . මිශ්‍ර පාසලක් වූ අපේ පාසල පැරණි මධ්‍ය විද්‍යාලවලින් එකකි. සුන්දර පරිසරයකින් පිහිටි මෙය ඉතා අලංකාරය . අප විසින්  අපේ විදුහල්පතිතුමාට දමා තිබූ නම "නැපෝලියන් " යන්නයි. එය කෙටි වූ විට කොල්ලන් කතා කරන්නේ "නැපා" කියාය. එයට හේතුව ඔහු වරදට දඬුවම් කරන්නේ හිත පිත් නැතිව අතර, ගුටි කන්නේ වරද කර එකා නොව වෙනත් අය වීමද විශේෂත්වයකි. හැබැයි පරම සත්‍ය නම් සියලු දෙනා ඔහුට බිය වීමයි . එය ගෞරවයට වඩා ගුටි කෑමට ඇති බියයි .


සිද්ධිය මෙසේය .


දිනක් දහවල්  විවේක කාලය නිමවී සීනුව නාද විය. එහෙත් අපේ වර්ගයාට නම් එය ගානක් නොවිණි. තවමත් පන්තියේ තැන තැනත් කොරිඩෝවලත්  කථාවේ ඉවරයක් නොතිබුණි. ප්‍රේම කථා, ලියුම් ගනුදෙනු , චන්ඩි කථා නිමක් නොමැත.( මං ඕවට නෑ. ඔය කාටත්වඩා මා මගේ පියාට බියෙන් කටයුතු කළ අයෙකි  . ) අපේ පංතියේ  අය වෙනත්  වෙනත් පංතිවලය. වෙනත් අය අපේ පංතියේය.  විදුහල්පතිතුමාගේ කාර්යාලයට යාබදව පිහිටි අපේ ගොඩනැගිල්ලේ පන්ති කාමර 5 ක් තිබූ අතර එය ආරම්භ වන්නේ  පාසලේ පිහිටි දන්ත ශල්‍යාගාරයෙනි. විදුහල්පති කාමරයේ සිට දිගු කොරිඩෝවක් හා පඩි පෙලකින් මෙය එකිනෙක සම්බන්ධ වේ . එම අවස්ථාවේ  අපට තිබුනේ ඉතිහාසය විෂය වුවත් විෂය භාර ගුරුතුමිය එදින පැමිණ නොතිබුණි. එය අපි දැන සිටියෙමු. විවේක කාලය නිමවී විනාඩි 5 ක් පමණ ගතවී තිබුනත්  එම පන්ති පහේ ගුරුවරුන්ගෙන් පැමිණ සිටියේ එක ගුරුවරියක පමණි . එයට හේතුව ගුරු විවේකාගාරය හා අපේ පංති අතර  යම් දුර ප්‍රමාණයක් තිබීමයි. 


කෙසේ  වෙතත් පංති හතරක කොල්ලො කෙල්ලන්ගේ ශබ්දය  විදුහල්පතිතුමා හෙවත් අපේ  නැපාතුමා  එළියට බැස්සවීමට සමත් විය. ඔහු කාර්යාලයෙන් පිටතට පැමිණි විට අපේ පංති සමූහයට  හොඳින් දර්ශනය වේ . එකෙනෙහිම කොල්ලෝ ටික නැපා එනවා බං කියා දුවගොස් පංතියේ  වාඩිවුණි. එය සිනහ උපදවන්නේ පංතියේ පිරිමි හා ගැහැණු ළමුන්ගෙන් ඇතැම් දෙනා අපේ පංතියේ නොව පිට පංතිවල අයය . අපේ පංතියේ වුන් අතුරුදහන්වෙලාය . කෙසේ වෙතත්  හෙමින් හෙමින් පියවර තබමින් නැපාතුමා අප පන්ති දෙසට පැමිණෙන බව දුටහ. මේ වනවිට මුළු ගොඩනැගිල්ලම මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්දය.කට හඬ ඇසෙන්නේ ගුරුවරිය සිටින පංතියේ ඇය උගන්වන හඬයි.


සෙමෙන් සෙමෙන්  අපේ පන්ති කාමරයේ කොරිඩෝව අසළින් ගමන් කරද්දී කිසිවෙකුත් නොසිතූ පරිදි  මා අසළ සිටි මගේ මිතුරිය උරුවම් බෑවාය. මගේ සියොලඟම වෙවුලා ගිය අතර මම අතින් ඇගේ වැලමිටට පහර දුන්නෙමි. එකෙනෙහිම විදුහල්පතිතුමාගේ දැඩි අවදානය පංතියට යොමු වුවත් එය පහව ගියේ ඇය උරුවම් බෑම නැවත්වූ නිසාය.  එහෙත් විදුහල්පතිතුමා තවම අපේ පංතිය අසලින් ගමන් කරමින් සිටියේය.  එකෙණෙහිම  ඇය නැවත වරක් ශබ්ද නගිමින් උරුවම් බෑවාය.  විදුහල්පතිතුමා ඉද්ද ගැසුවාක් මෙන් නැවතුණි . අපේ කොරිඩෝවට යාබදව සිටියේ පිරිමි ළමුන්ය . විදුහල්පතිතුමාගේ කෝපයෙන් දිලිසෙන නෙත් සඟල දුටුවිට මට ඉහිලුම් නැතිවිය.( හොඳට හෝ නරකට මා  පංතියේ නායිකාව විය.)


පිරිමි  ළමුන් දෙසට  නෙත් යොමු කල ඔහු එක්වරම මහා හඩින් කෑ ගසන ලදී .

විදුහල්පතිතුමා -  නැගිටපල්ලා ඔක්කොම 

පිරිමි ළමයි - සියලුදෙනා  නැගිටුණ අතර ඔවුන් අප දස බලා රවන්නට පටන් ගත්තේ තොපි හින්දා අද කන්න වෙනවා යන හැගීමෙනි .

විදුහල්පතිතුමා - මොකාද ? දැන් උරුවම් බෑවේ ...........................

පිරිමි ළමයි  - ( අප දෙස බලමින් ඔරවමින් හා රවමින් )  සර් ... අපි නෙවෙයි සර් ...

මේ සිදුවීම යන අතර මා මගේ යෙහෙළියට පැවසුවේ  ඔයා වරද බාර ගන්න නැත්තන් අද කොල්ලෝ  ඔක්කොම ගුටි කන බව ෂුවර් කියාය. අනෙක් ගැහැණු ළමයින් ද එය අනුමත කළහ. 

විදුහල්පතිතුමා -  අපි නෙවෙයි .... අපි නෙවෙයි නම් කවුද  යකෝ ...........

ඒ අවස්ථාවේ අපි සියලු දෙනා පුදුමයට  පත් කරමින් මගේ යෙහෙළිය  පංතිය ඉදිරියට ගියාය .

ධනුෂ්කා -  සර් .................. සර්...........

විදුහල්පතිතුමා -  (රළු ස්වරයෙන් )    ඔව්  මොකද ?

ධනුෂ්කා  -  ඇය අතේ හාෆ් ෂීට් කොලයක් රෝල්කරගෙන සිටියාය . ඊලඟට ඇය කියා සිටියේ පුදුම හේතුවකි .

සර් ....සර් ............ මං උරුවම් බෑවේ නෑ සර් මං මේ කොලේට පිම්බා 


ම්....අදට සමාව දෙනවා . ආයේ අහුවෙන්න එපා .............

 විදුහපතිවරයා  පවසන ලදී . විදුහල්පතිවරයාගේ කෝපය  හමාරවී ඔහු සිනාවුන අතර එකෙනෙහිම මුළු ගොඩනැගිල්ලේම ළමයින්ගේ සිනහව රැවුදුණි.


විචාරක දියණිය  7.30 පැයට 

28 comments :

  1. සමහර ගුරුවරු පර පීඩක ආතල් එකටත් ලමයින්ට ගහනවා

    ReplyDelete
    Replies
    1. මෙතන තිබෙන්නේ මෙයා ළමයින්ව පාලනය කරන්නෙම ගහලා
      විචාරක දියණිය

      Delete
  2. නියම ගටක් තියෙන කෙල්ලෙක් :)

    ReplyDelete
    Replies
    1. ගටක්?

      ගටක් නොවෙයි මේ කෙල්ල දන්නවා පවුල් සම්බන්ධතා නිසා තමන්ට නැපා පහර දෙන්නේ නැති බව.

      /* මගේ හොඳම යෙහෙළිය වූයේ ධනුෂ්කාය. අගේ පියා විදුහල්පතිවරයෙකු වූ අතර මව අපේ පාසලේ සිංහල ගුරුවරියක් වූවාය. */

      Delete
    2. අද ඇය නීතිඥවරියක් ලෙස කටයුතු කරනවා
      විචාරක දියණිය

      Delete
    3. උසවියේදීත් කොළේට පිම්බොත් (whistle blow)නම් ගටක් තියෙනවා කියත හැකි

      Delete
  3. නියම ගටක් තියෙන කෙල්ලෙක් :)2

    ReplyDelete
    Replies
    1. ගටක්?

      ගටක් නොවෙයි මේ කෙල්ල දන්නවා පවුල් සම්බන්ධතා නිසා තමන්ට නැපා පහර දෙන්නේ නැති බව.

      /* මගේ හොඳම යෙහෙළිය වූයේ ධනුෂ්කාය. අගේ පියා විදුහල්පතිවරයෙකු වූ අතර මව අපේ පාසලේ සිංහල ගුරුවරියක් වූවාය. */

      Delete
  4. ව්‍යාකරණ වැරදි තැන් කිහිපයක්.

    1. මා 12 වසර කලා බි පංතියේ ඉගෙනුම ලැබුවාය.
    2. මම මගේ පියාට බයයි.
    3. මා අතින් ඇගේ වැලමිටට පහර දුන්නාය.
    4. මා පංතියේ නායිකාව වූවාය

    මගේ දැනුමේ හැටියට ඒ වාක්‍ය මෙලෙස නිවැරදි කළ හැකියි.

    1. මම 12 වසර කලා බි පංතියේ ඉගෙනුම ලැබුවෙමි.
    (එසේ නැතිනම්: මා ඉගෙනුම ලබමින් සිටයේ 12 වසර කලා බී පන්තියේ ය)

    2. මා මගේ පියාට බයයි.
    (එසේ නැතිනම්: මම පියාට බිය වීමි)

    3. මම අතින් ඇගේ වැලමිටට පහර දුන්නෙමි.

    4. මම පංතියේ නායිකාව වීමී.
    (එසේ නැතිනම්: පන්තියේ නායිකාව වූයේ මා ය)

    ReplyDelete
    Replies
    1. ඔබ පෙන්වා දුන් වියරණ දොස් නිවැරදි බව නිහැමනීව පිළිගන්නවා . අවශ්‍යතාවයට වඩා ලිඛිත භාෂාව භාවිතා කිරීමේදී මේ ගැටලුව ඇතිවෙනවා
      බොහොම ස්තූතියි

      Delete
  5. කොල්ලෝ ටික පජාත වෙනවා කෙල්ල බාර උනේ නැත්නං.. හැක්

    ReplyDelete
    Replies
    1. ආයේ කියලා වැඩක් නෑ දේශකයායාතුමා එහෙනම් ඉඳලා හමාරයි මොකද ඒ වෙනකොට පංතියේ කොල්ලෝ කෙල්ලෝ වලියක් ගිහින් තිබුණේ. උන් ගුටි කෑවානම් අබ සරණයි.
      විචාරක දියණිය

      Delete
  6. අවදානම් එහෙත් මිහිරි මතකයක්

    ReplyDelete
    Replies
    1. අවදානමට පෙර සූදානම කියලා යාලුවා නැගිට්ට හින්දා හොඳයි. මිහිරි මතක නම් ගොඩයි හෙමීට ලියන්නම්
      විචාරක දියණිය

      Delete
  7. අපෙ හිටිය විඋුහල්පතිතුමාට ගුරැවරැ,ළමයි,දෙමාපියන් තිබුණේ ගෙෳරවය මිශ්‍ර බයක්.එතුමා ⁣මගෙ පුංචි ඉස්කෝලේ ගෙනාව තැන මතක් වෙන කෙටත් අාඩමිබරයි එතුමා ගැන.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි හැමෝටම තිබුනේ එහෙම ගුරු ගෞරවයක් තමයි. එතුමන්ලා හින්දා තමයි අපි අද යම් තැනක ඉන්නේ ගැහුවේ බැන්නේ ඒකයි. නමුත් අද ළමයින්ට එච්චර නැතුවත් ගුරු ගෞරවයක් තිබේද යන්න ගැටළු සහගතයි
      විචාරක දියණිය

      Delete
  8. අපිත් ඔහොම ප්‍රින්සිපල්ලට ගෙම ඇදල තියෙනව. වැඩේ කියන්නෙ 10 11 වසර දෙකේ අපේ පන්තියට උගන්නපු සර්ල ටීචල ඇරෙන්න අනික් ඔක්කොම අපේ පන්තියත් එක්ක හරහට හිටියෙ.

    ReplyDelete
  9. අපිත් එහෙමෙ ගේම් ගහලා නැතිවම නෙවෙයි
    විචාරක දියණිය

    ReplyDelete
  10. අනේ ඉතිං බොලානං............

    ReplyDelete
  11. මොනවා කරන්නද ඉතින් කොලු ග්ටවූ ටික බේරගන්නත් එපායැ
    විචාරක දියණිය

    ReplyDelete
  12. ගුරුවරන්ට අන්වර්තනාම පටබැඳිම අමුතු දෙයක් නොවේ. ඒවා හමුවේ සිහවෙමින් සතුටින් සහ දරුවන් කෙරේ ලෙන්ගත්ව සිටින ගුරුවරු දරුවන්ගේ නොමද ගෞරව ප්‍රනාම ලබමින් සිටින බවට උදාහරණ ඕනැතරම් ඇත. කලකට ඉහත පළවූ "පිනා" නමින්ම පළව ඇති කෘතිය එවැනි වටිනා විදුහල්පතිවරයකුගේ අග්‍රගණ්‍ය කෘතියකි. එය පාසල් කළමනාකරනය ගැන අගනා උපදෙස් දෙන්නක් ලෙස ප්‍රචලිතය. ඉතාම රසවත් ලිපියක් දියණී.

    ReplyDelete
  13. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි
    විචාරක දියණිය

    ReplyDelete
  14. අපේ පාසලේ හිටපු පි‍්‍රන්සිපල්ට කිව්වේ ජේමිස් බොන්ඩ් කියලා පස්සේ ඒක දිගවැඩි නිසා බොන්ඩ් කියලා කිව්වා පසුව එකත් කොට කරලා බොන් කියලා තමයි එයාට හැමෝම ඇමතුවේ. පිනා ගෙන් කාපුවා යලි මතක්කලාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට. ඔනෑම ඉස්කෝලෙක විදුහල්පතිතුමාලට , ගුරුවරුන්ට නම් නැත්තම තමයි පුදුම වෙන්න ඕන. අපේ නැපා තුමා ගැන තව කතන්දර තියනවා හෙමීට ලියන්නම්
      විචාරක දියණිය

      Delete
  15. +++++++++++++++++++++++++
    විචාරක දියණිය

    ReplyDelete
  16. නිකම්ම කතාකරන බාසාවෙන් ලිව්වනං හරි නේද?
    මට පේන හැටියට විචා මාමාට වගේම උන්නැහැගෙ දුවටත් කියන්න කතා බර ගානක් තියෙන හැඩයි. ලියාගෙන යමු දිගටම.

    මං අර පින්සිබොල් වෙලා හිටියනං කියන්නෙ

    "හෙනං ආයි සැරයක් පිඹහං බලන්න ඒ විදිහටම."

    ReplyDelete
  17. ලියන්ඩ නම් ජාති ගොඩයි හෙමීට ලියන්නම් කෝ කතාකරන භාෂාවෙන් ලිවීම් ලේසියි
    විචාරක දියණිය

    ReplyDelete
  18. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }