හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

15 December 2017

හයේ පහරක් ගසමින් දැවීයාම



මගේ පියා මා පුංචි කාලයේ ක්‍රිකට් මැච් බලන විට මට ඇතිවන තරහා පාලනය කළ නොහැකිය. ඒ මන්ද යත් ඊට මගේ කිසිදු කැමැත්තක් නොමැති වීමයි. එහෙත්  මගේ පියා ඒ සඳහා මාව ඒ වෙත යොමු කරගැනීමට දැඩි ප්‍රත්නයක් දැරුවේය  .  කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් මා හා මගේ නැගණියද ක්‍රිකට් තරග නැරඹීමට යොමු වන්නේ ගහේ කටු උල් නොකළ යුතු නිසාය. අප තිදෙනා  එක්ව නරඹන ලද එවැනි එවැනි තරඟ මතක්වෙනවිට  නෙතට ඉබේ කඳුලක් නැගේ. ඔහු ලෙඩ ඇඳේ සිටද ක්‍රිකට් තරග නැරඹු අයෙකි. අවසන් කාල සීමාවල මා බෝඩිමේ සිටියදී  ක්‍රිකට් තරඟ මට නැරඹිය නොහැකි අවස්ථාවල මට දුරකථන ඇමතුම් දෙමින් ලකුණු හා ජය පැරදුම පවසන්නේ ඔහුය. ඇතැම් විට කාර්යාලයේ සිටියදී  පවා මැච් දවසට මට දුරකථන ඇමතුම් ලබා දේ . ඒ මතකය නිසාවෙන්ම ඔහු මිය ගිය දිනයේ සිට මට ක්‍රිකට් තරඟ නැරඹීම ඉතා අපහසු වී තිබේ. 


එහෙත් මගේ කතාව ක්‍රිකට් නොවේ . 



අද මේ බ්ලොගයේ 6 වැනි උපන් දිනයයි 


එහෙත් උපන් දිනයේ ප්‍රධාන  අමුත්තා  ජිවිත කෙළිබිමෙන් සමුගෙන ඇත.  ඔහු  මාව  විශාල ප්‍රේක්ෂකාගාරයක,  මහා පිට්ටනියක් මැද තනිවම තරඟ කිරීමට අතහැර ගොස් ඇත. 


2011  දෙසැම්බර් 15 වනදා වාක්‍ය  දෙකක ලිපියකින්  ප්‍රතිචාර 5 කින් ඔහු මේ ගමන මෙතරම් දුරක් රැගෙන ආවේය . ඔහුට අයත් ලිපි ගණන 438 කි.මේ ලිපි ලියන්නට ඔහු වෙහෙසුන හැටි මම සියසින් දැක ඇත්තෙමි . ඔහුට අවශ්‍ය වූයේ ඔහු සතු දැනුම අන් අය හා බෙදා හදා ගැනීම පමණි . ඔහුගේ පසු ගිය උපන්දිනයට  ප්‍රතිචාර  100 ක් ලැබී තිබුණි. ජිවිතයේ අනේක විද  දුක්ඛ දෝමනස්සයන් ඔහු මැදහත් සිතින් ඉවසූයේ කෙසේදැයි මම නොදනිමි . එහෙත් ඔහු ඒවාට අකුරුවලින් පණ දුන්නේය . 


ඔහු 6 වැනි දිනුම් කණුව පෙනී පෙනී ජිවිතයෙන් සමුගත්තේ ඇයිදැයි මා සැමදා  මගේ  ඇතුලාන්තයෙන් නගන ප්‍රශ්නයයි. උපන්දිනයක් වුනත් නෙත් දෙකේ කඳුළු වගුරවමින් මෙය මට ලිවීමට තබා ඔහු පැන ගියේ කොහිදැයි මම තවම සොයමි . 


අවසාන වශයෙන් දියණියක ලෙස මගේ පරම  හා එකම පැතුම වන්නේ 


පියාණෙනි............... ඔබ නැවත උපන්නොත්  අපාර  වූ මේ  සංසාරේ .................මගේ පියා වේවා ............................... ඔබ මගේ පියා වේවා ...........................





විචාරක  දියණිය  රාත්‍රි 23.00 පැයට 


51 comments :

  1. බොහොම සංවේදී ලිපියක් අපේද දෑස් තෙත්ව පපුව හිරවුන බවක් දැනෙනවා " ඔහු මාව විශාල ප්‍රේක්ෂකාගාරයක, මහා පිට්ටනියක් මැද තනිවම තරඟ කිරීමට අතහැර ගොස් ඇත"

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සර් අඩන්නතිව ලියන්න පුළුවන් ලිපියක් නෙවේ. ඔබ දැක්වූ සංවේදිතාවයට ස්තූතියි
      විචාරක දියණිය

      Delete
  2. ඔහු කිසිදා සමුගන්නේ නෑ.. ඔබට ලිවීම බාර කර නිහඬවූවා පමණයි.. ඔහුට සුව නින්දක්!!!

    හය වසරක පිය/ දෝණි වෑයමට ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට අපි ඔහුට් සුව නින්දක් පතමු
      විචාරක දියණිය

      Delete
  3. ජීවිතය එමය...... ඊට ඌණපුරන නැත. කිරිකට් ගැන විචා බ්ලොග් සටහන් ලියු බවක් වත් මතක නැත. පහක් පිරුන පසු මිය ගිය බ්ලොගයක් හය වැනි වසර සමරන්නට සක්‍රියව තිබීමම සතුටකි... ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දේශකයාතුමා විචාරකතුමා ක්‍රිකට් ලෝලියෙකි. ඔබගේ ප්‍රතිචාරයට මගේ ආචාරය
      විචාරක දියණිය

      Delete
  4. ඉපදුනොත් මිය යාම නියත බව සත්‍යයක්. එසේ වුවත්;
    මගේ පියා මියගොස් වසර හතක් ගත වී තිබුණත්;
    තාමත් විටින් විට දුකක් දැනෙනවා.

    දුක්ඛ සත්‍යය.......!!!

    ඔබට ජය පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට
      විචාරක දියණිය

      Delete
    2. රසිකගේ පියා භූතයෙක් වී පාන්දර දෙකට පමණ හීනෙන් ඇවිත් රසිකව බය කරන නිසා නේද මතක් වෙන්නේ? රසික දාඩිය දාගෙන, හරිම පිපාසෙන් අවදි වෙනවලු එයාගේ තාත්තගේ හොල්මන හීනෙන් දැක්කම. පව් මිනිහා.

      Delete
  5. ඒ ගී පදවල කියවෙන්නේ අපාල කියා නොවෙයි අපාර (limitless) කියායි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පෙන්නුවට නිවැරදි කරන්නම
      විචාරක දියණිය

      Delete
  6. බ්ලොග් රචකයින් දිවිය හැරගිය පසු බ්ලොගයද අක්‍රිය වුවත් විචා තුමාගේ බ්ලොගය ඔහු වෙනුවෙන්, ඔහුත් සමග සිටි අප වෙනුවෙන් දිගටම පවත්වාගැන්ම ඔහුට කරන ලොකුම කළගුණ සැලකීමයි. ජය.

    ReplyDelete
    Replies
    1. ඔබගේ දිරිගැන්වීම බෙහෙවින් අගය කරමි.
      විචාරක දියණිය

      Delete
  7. දිනය අවසන් වෙලා
    රාත්‍රිය උදා වෙලා
    බ්ලොග් ලෝකය
    සෝ සයුරක ගිල්වා
    විචාරක සමු අරන්

    වෙනදා දැණුම බෙදූ
    අසමි දකිමි සොයමි
    බ්ලොග් එක නිහඞයි
    අවසාන සටහන ලියා
    විචාරක සමු අරන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට
      විචාරක දියණිය

      Delete
  8. මම දැනුයි දන්නේ විචාරක මියගිය බව, සෑම ක්ශේත්‍රයකම මහුගේ දැනුම විශිෂ්ටයි.එවන් පියෙකු ලැබීමත් මංගල කරුණක්

    ReplyDelete
    Replies
    1. ඔහු මට හැමදාම හස්තියෙක්. ඒ අඩුව, තනිකම, පාළුව දරාගන්න බෑ
      විචාරක දියණිය

      Delete
  9. කොළොම්පුරේට ලැබුන විචාරකතුමාගේ අවසන් ප‍්‍රතිචාරය වුයේ පසුගිය දෙසැම්බරයේදි ලියැවුනු මා මාගේ සැන්ටා ක්ලෝස් ලිපියටයි. සෑම දෙසැම්බරයකදිම නත්තලත්, සීයාත් සමගම ඔහුවත් සිහිපත්වේවි. පහතින් තියෙන්නේ ඔහුගේ ප‍්‍රතිචාරයයි. විචාරකතුමනි ඔබට සුව නින්දක්........

    විචාරක WicharakaDecember 21, 2016 at 4:00 AM
    දුකයි. මමත් ඒ සීයාගේ වයසේ ඉන්න පැන්ෂන් කාරයෙක් නිසා තවත් දුකයි. ඒ සීයා දෙවියන් වහන්සේ ළඟ මෝක්ෂ සුවය ලබමින් ඇති. අපි, දැන් ඉන්න පරපුරට, සැබෑ නත්තල කියන්නේ මොකක්ද කියලා, අවබෝධ කරලා දෙමු. එතකොට සීයා දෙවියන් වහන්සේ ළඟ ඉඳලා, ඔබ දිහා බලා සතුටුවනු ඇති.

    ReplyDelete
    Replies
    1. අද එයා නිවන් සුව ලබමින් කොහේ හෝ ඇති. අපිට මතකය විතරක් සදහටම ඉතුරු කරලා . ඔබගේ සංවේදී ප්‍රතිචාරයට ස්තූතියි
      විචාරක දියණිය

      Delete
  10. වරක් පමණක් හමුවී දෙඩූ, සසරක් පුරා හඳුනන ඔහුට ඉක්මන් නිවන් සුව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට
      විචාරක දියණිය

      Delete
  11. මේ විශ්වයේ කිසිවක් නිත්‍ය නැහැ. එයයි බුදුරජානන් වහන්සේ අපට ඉගැන්වූ සත්‍යය. ඔබේ පියාණන්ට මෙන්ම අප සැමම යම් දිනෙක යායුතුවේ.. ඔබේ පියාට නිවන්සුව පතමි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට
      විචාරක දියණිය

      Delete
  12. සමාවන්න. මම කලකට පසු නැවත පැමිණි අයෙක්.මේ කාලෙදිගොඩක්දේවල් වෙනස් වෙලා. මමසිතුවේ තවමත්මේ ලිපි ලියන්නේ විචාරක කියා. ඔහුට නිවන් සුව....

    ReplyDelete
  13. බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට . නැවත පැමිණීම පිලිබඳ සතුටුයි.
    විචාරක දියණිය

    ReplyDelete
  14. මා කියවූ එකම බ්ලොගය. දැන් නම් Transilvania කියවනවා. දැනුම, අත්දැකීම් අප සමග බෙදා හදා ගත් විචාරකට නිවන් සුව අත් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට
      විචාරක දියණිය

      Delete
  15. ඉතා සංවේදී පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. ඔබ ඒ පිලිබඳ දැක්වූ සංවේදිතාවයට අනේකවාරයක් තුති
      විචාරක දියණිය

      Delete
  16. සංවේදී සටහනක්.. මටත් දැනුම රාශියක් ලබා දුන් අඩවියක්.. මෙය දිගටම කරගෙන යාමට ඔබට හැකි වේවා! ඒ වගේම, විචාරකතුමාට නිවන් සැප ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රාර්ථනාව ඉටු කිරීම මගේ අරමුණයි. ලබන වසරේ වෙනත් ආකාරයකින් අපි මේ බ්ලොගය දකිමු.
      විචාරක දියණිය

      Delete
  17. මෙතරම් නිවෙස් ලග හිටියත් එතුමා හමු නොවීම ගැන අදටත් කනගාටු වෙනවා..නිවන් සුව සර් !😭

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිවස ළඟ නිසා ඔබව හඳුනාගන්න කැමතියි
      විචාරක දියණිය

      Delete
  18. ඇත්ත. විචාරක හොඳ වැදගත් ලියන්නෙක්. ඔහුගෙ හිතවතුන් වෙන්න ලැබීම ගැන සතුටුයි. ඔයා එයාගෙ කර්ත්‍රව්‍යය දිගටම ගෙන යන එක ගැනත් සතුටුයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබලාගේ වදන් මාව ඉදිරියට ගෙනයාවී
      විචාරක දියණිය

      Delete
  19. බැටන් එක ඊලඟ තරඟකෘට බාරදී ඔහු ඔහු පිටියෙන් ඉවත්විය... නමුත් එය තරඟයක් නොවේ, සුදද ධාවනයක් පමණි.

    ඔබේ පියා බ්ලොග් වලට ආවාට පසු වෙනස් වූ බව මම නිරීක්ෂණය කලෙමි. ඔබ මෙහි එන්නේම ඒ වෙනස් කම සහිතවය... ජය!

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රාර්ථනාවට බෙහෙවින්ම ස්තූතියි.
      විචාරක දියණිය

      Delete
  20. Thanks for the post. Very interesting post. This is my first-time visit here. I found so many interesting stuff in your blog. Keep posting. itools crack

    ReplyDelete
  21. Such great and nice information about software. This site gonna help me a lot in finding and using much software. Kindly make this like of content and update us. Thanks for sharing us VideoPad Video Editor Crack . Kindly click on here and visit our website and read more

    ReplyDelete
  22. Its a Very Great and Amazing Blog Dear This is Very Great and Helpful..
    Talha PC
    Crackedithere
    dr fone crack
    driverfinder pro crack

    ReplyDelete
  23. https://crackchase.com/omnifocus-crack/
    https://crackchase.com/macx-video-converter-pro-crack/
    https://crackchase.com/winaso-registry-optimizer-crack/
    https://crackchase.com/aomei-partition-assistant-crack/
    https://crackchase.com/rekordbox-dj-crack/

    ReplyDelete
  24. CorelDRAW Graphics Suite Crack is made available to you for activating CorelDraw without the need for a serial key.
    CorelDRAW Graphics Suite Crack For Windows

    ReplyDelete
  25. PowerDirector Mod APK is a capable video editor that makes it simple and professional to edit your films and movies.
    PowerDirector Mod APK For Android

    ReplyDelete
  26. Mixed in key 10 Crack 2022 is a potent program used to create authentic music.
    Mixed in key 10 Crack Free Download Latest Version

    ReplyDelete
  27. Excellent article, but I was wondering if you could write anything more on this subject? If you could clarify this, I would much appreciate it.
    Why Is Exela Technologies Stock Dropping

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }