හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

30 September 2013

ජනාධිපතිතුමාගේ කතාව බැලුවද/ඇහුවද – President’s talk to ‘Al Jazeera’

අපේ ජනාධිපතිතුමා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමට සහභාගිවීමට ගිය අතරේ, අල් ජසීරා – Al Jazeera නමැති, චන්ද්‍රිකා රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා. මෙය විකාශනය වුනේ පසුගිය සැප්තැම්බර් 28 වැනිදායි. එම රූපවාහිනී නාලිකාව විසින්, අදාළ සාකච්ඡාව, තම නාලිකාවට අයත් අනතර්ජාල වෙබ් පිටුවේ පළකර ඇති ආකාරය මෙතනින් බලන්න පුළුවන්. එමෙන්ම පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ සාකච්ඡාව ඇතුළත් වීඩියෝ වාර්තාවයි.





මේ සාකච්ඡාව මෙහෙයවන්නේ අල් ජසීරා නාලිකාවේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිලිබඳ සංස්කාරක ‘ජේම්ස් බේස් – James Bays’ විසිනුයි. මෙය නැරඹීමෙන් පසු මට හිතුන අදහස් කීපයක් පහත දක්වනවා.
  • ජනාධිපතිතුමා මේ සාකච්ඡාවට මුහුණ දෙන්නේ, එතරම් ආත්ම විශ්වාසයකින් නොවෙයි කියා, එතුමාගේ මුහුණේ ඉරියව් දෙස අවධානයෙන් බලා සිටිනවිට පෙනෙනවා.  
  • මම අති විශිෂ්ට ඉංග්‍රීසි දැනුමකින් යුක්ත පුද්ගලයකු නොවෙමි. එහෙත් අපරටේ රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසකගේ ඉංග්‍රීසි කථා අසා ඇත්තෙමි. මෙවැනි සාකච්ඡා සහ ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ කථා/සාකච්ඡා චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා වලින් නරඹමි(අසමි). ඒ හා සසඳනවිට, ජනාධිපතිතුමාගේ ඉංග්‍රීසි බස හැසිරවීම, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් බලන කල, ප්‍රමාණවත් නොවන බව පෙනෙයි.
  • සාකච්ඡාව මෙහෙයවන්නා විසින් අසනු ලබන සමහර ප්‍රශ්න වලට, ජනාධිපතිතුමා දෙන සමහර පිළිතුරු, ඒ ප්‍රශ්නයේ සමස්තය ආවරණය නොවන ආකාරයක් පෙන්වයි. (උදාහරණය:- සුදුවෑන් පිලිබඳ ප්‍රශ්නය)
  • ජනාධිපතිතුමා අතේ තියාගෙන සිටින අර මොකක්දෝ උපකරණය? (gadget එක) මෙතෙක් මා මගේ ජීවිතකාලය තුළ කිසිදු රාජ්‍ය නායකයකු අත නොදුටු දෙයකි. මෙයින් එතුමාගේ ප්‍රතිමූර්තියට හානියක් වනබව පෙනෙයි. එයින් කිසියම් ගෝත්‍රික ලක්ෂණයක් පෙන්නුම් කරයි. ජාත්‍යන්තරය එතුමා President with a magic gadget වැනි යෙදුමකින් හැඳින්වුවහොත්, ඒ උපහාසය මුළු රටටම එල්ල කරන්නක් වෙනවා. ‘මොකක්ද බං අර උඹලගේ ලොක්කා අතේ තියෙන ……………….(සුදුසු වචනයක් දාගන්න) කියා විදේශිකයකු ඇසුවොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ සේවය කරන අපේ අය දෙන උත්තරය කුමක්ද?

  • මාධ්‍ය නිදහස, පුද්ගල අතුරුදන්වීම් වැනි ප්‍රශ්න වලදී, එතුමා දෙන පිළිතුරුවල වලංගුභාවය ගැන මටනම් සෑහීමකට පත්විය නොහැකිය.
  • එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය පිළිබඳව, අපේ රටේ කැබිනට් ඇමතිවරුන් විසින් කළ කී දේ ගැන අසන ප්‍රශ්නයට, එතුමා දෙන පිළිතුර, එතුමා විසින්ම එතුමාව ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක්කරගැනීමක් බව කිව යුතුමය.
සාකච්ඡාවේ ඇතුළත් සියළු ප්‍රශ්න සහ පිළිතුරු මම විග්‍රහ නොකරමි. මා ඔබෙන් ඉල්ලන්නේ මේ සාකච්ඡාව නරඹා ඔබේ අදහස් දක්වන ලෙසයි.
My Signature for Blog2013 සැප්තැම්බර් මස 30 දින 2259 පැය

28 September 2013

කේළමා අවලමා ට ඌණ පූරණයක් – A suppliment to the post about ‘The Drone’


  F 16 drone-2පසුගිය මාසයේ මැද භාගයේදී මා ඔබවෙත ඉදිරිපත් කළ ‘කේළමා, අවලමා, ඔත්තුකාරයා,නමැති ලිපිය ඔබට මතක ඇතැයි සිතනවා. මේ කෙටි ලිපිය ඒ ලිපියට ඌණ පූරණයක් ලෙසයි ඉදිරිපත් කරන්නේ. එම ලිපියේදෙවැනි කොටසේ අවසානයේදී මා සඳහන් කළා ඔබට මතක ඇති, නියමුවන් රහිත ප්‍රහාරක ගුවන් යානා සෑදීමේ තරගය ඉතා වේගවත්ව බලවත් රටවල් අතර සිදුවන බව. එහි අලුතෙන්ම ඇතිවූ, විශ්මයජනක සහ ප්‍රබල විප්ලවීය නිමැවුමක්, දින කීපයකට පෙර වාර්තා වුනා. ඒ තමයි, මෙතෙක් කල් නියමුවකු විසින් පදවන ලද, F 16 වර්ගයේ ප්‍රබළ ප්‍රහාරක යානයක්, සම්පූර්ණයෙන්ම දුරස්ථ පාලක ක්‍රමයකින් පදවන්නට හැකි ආකාරයට, ඇමරිකානු ගුවන් හමුදාව විසින් සකස්කර ඇති බව. මේ පින්තූරයේ තිබෙන්නේ එම යානයයි. තවත් පින්තූර දෙකක් පහත දක්වනවා. (පින්තූරය ගත්තේ මෙතනින්)
F 16 Modified
F 16 withot pilots
(පින්තූර ගත්තේ මෙතනින්)
   පින්තූර බල බල ඉන්නේ මොකටද නේද? වීඩියෝ එකකින්ම බලමු මේ යානයේ කතාව. මේ තිබෙන්නේ මේ යානය ගැන බෝයින්ග් සමාගම සහ ඇමරිකානු ගුවන් හමුදාව නිකුත්කළ වීඩියෝවක්.

මෙහි ඇති විශේෂත්වය කුමක්ද?
  නියමුවන් රහිත යානා – Unmanned Arial Vehicle = UAV (Drone) යන වර්ගීකරණය යටතේ දැනට නිපදවා ඇති හොඳම යානයේ වේගයට වඩා හතර ගුණයකින්, මේ F 16 යානය වේගයෙන් වැඩියි. එමෙන්ම, මේ යානයේ අවි පද්ධතියද, දැනට තිබෙන හොඳම ඩ්‍රොන් යානයේ අවි පද්ධතියට වඩා දියුණුයි. අවශ්‍යනම් න්‍යෂ්ටික බෝම්බයක් වුනත් හෙළන්නටත් පුළුවන්. ඩ්‍රොන් යානයකට ‘පාලක නියමුවන්’ වෙනමම පුහුණු කළයුතුයි. නමුත් F 16 සඳහා පළපුරුදු නියමුවකුට, පාලක මධ්‍යස්ථානයේ සිටම, තම ජීවිතයද බේරාගනිමින්, තම පළපුරුද්ද උපයෝගී කරගනිමින්, ඕනෑ තරම් ‘කරනම් ගහන්නට’ දැන් පුළුවන් වෙනවා. ඩ්‍රොන් යානයක් මෙතරම් වේගයෙන් සහ මෙතරම් කාර්යක්ෂමව හැසිරවීම අපහසුයි. පළපුරුදු නියමුවකුට, මේ යානයේ නියමු කුටිය විදිහටම, (simulated control booth) පාලක කුටිය සකසා දීමෙන්, ඔහුට හැකිවෙනවා, ගුවනේ සිට පෙන්වන ‘සෙල්ලම්’ (tactics) ඔක්කොම ඒ කුටියේ සිට කරන්නට.  
  මේ යානය නිපදවා තිබෙන්නේ ගුවන්යානා නිෂ්පාදනයේ දැවැන්ත, එමෙන්ම ලෝකප්‍රසිද්ධ බෝයින්ග් – Boeing සමාගම සහ ඇමරිකානු ගුවන් හමුදාව එක්වීමෙනුයි. නමුත් F 16 ප්‍රහාරක ගුවන්යානයේ නිර්මාතෘ වරුන් වන්නේ සුප්‍රසිද්ධජෙනරල් ඩයිනමික්ස් - General Dynamics  සමාගම සහ ඉන් පසුව, එම සමාගමෙන්, මෙම ගුවන්යානා නිපදවීමේ අයිතිය මිලදීගත්, ලොක්හීඩ් මාර්ටින් – Lockheed Martin    සමාගමයි. දීර්ඝ කාලයක් තුළ කරන ලද පර්යේෂණයක සාර්ථක ප්‍රතිඵලයක් තමයි මේ දුරස්ථ පාලක යානය. F 16 යානය වියදම් අධික යානයක් ලෙස සළකා අත්හැර දැමීමේ සූදානමක් තිබුණා. ඇත්තටම අත්හැර දමමින් තිබුණා. නමුත් මේ විප්ලවීය වෙනස නිසා යළිත් ඒ ගුවන්යානය යුද කටයුතු සඳහා එක්වෙනවා. මේ යානය ගැන විස්තරයක් පහත දක්වමින් මේ ලිපිය අවසන් කරණනවා.
  • වර්ගීකරණය : බහුකාර්ය ප්‍රහාරක ගුවන් යානය Multirole fighter aircraft
  • නිර්මාතෘ/නිෂ්පාදක : ඇමරිකා එක්සත් ජනපදය
  • ප්‍රථම වරට ගුවන්ගත කරන ලද්දේ : 1974 ජනවාරි 20 දින
  • යුද කටයුතු සඳහා හඳුන්වාදීම : 1978 අගෝස්තු 17
  • මෙතෙක් නිපදවා ඇති යානා ගණන : 4500 කට වැඩියි.
  • එන්ජිම : F-16C/D: one Pratt and Whitney F100-PW-200/220/229 or General Electric F110-GE-100/129
  • ත්වරණය : රාත්තල් 27000 යි – කිලෝග්‍රෑම් 12247 යි
  • යානයේ දිග : මීටර් 14.8 යි
  • යානයේ උස : මීටර් 4.8 යි
  • පියාපත් දෙකෙළවර අතර පළල : මීටර් 9.8 යි
  • යා හැකි උපරිම උස : අඩි 50000 යි (කි.මී.15 යි)
  • ගෙනයාහැකි උපරිම බර (අවි ආයුධ/බෝම්බ) : කි. ග්‍රෑම්. 16785 යි
  • සම්පූර්ණයෙන් තෙල් පිරවූ පසු යා හැකි උපරිම දුර : නාවික සැතපුම් 1740 යි
  • පැදවීම/පාලනය : F 16 C මොස්තරයේදී නියමුවන් 1 යි. F 16 D මොස්තරයේදී නියමුවන් 1 යි හෝ 2 යි.  (දැන් නියමුවන් රහිතව)
  • යානයක වටිනාකම  2000 වර්ෂයේදී  : F-16A/B ඇමරිකානු ඩොලර් මිලියන 30.1 යි. F-16C/D ඇමරිකානු ඩොලර් මිලියන 34.3 යි.
මෙම යානය ගැන තවත් විස්තර ලබාගැනීමට හැකි සබැඳියාවන් තුනක් පහත දක්වනවා. මේ සඳහා මග පෙන්වූ සමීර නාදුගල ට මගේ විශේෂ ස්තුතිය පුදකරනවා.
My Signature for Blog 2013 සැප්තැම්බර් මස 26 දින 2346 පැය
මූලාශ්‍ර;

25 September 2013

මගේ පුස්තකාලයෙන් – A Glimps from My Library


Reading  මගේ පුස්තකාලයෙන් වරින් වර ඔබට විවිධ ආකාරයේ පොත් හඳුන්වාදෙන බව දැන් ඔබ දන්නවා. මෙවර මා ඔබට හඳුන්වා දෙන්නේ අමුතු අදහස් ඇති, අමුතු ශෛලියකින් ලියවුන පොතක්. ඇත්ත වශයෙන්ම අපේ රටේ ඉතිහාසය පිළිබඳව නැවත සිතන්නට පොළඹවන මෙම කෘතියෙහි අවසානයට, වර්තමානය සහ අනාගතය ගැනත් කතුවරයාගේ අපූරු අදහස් සමුදායක් දැක ගන්නට ලැබෙනවා. මේ අපූර්වත්වය නිසාමයි මේ පොත ඔබට හඳුන්වා දෙන්නට මා තීරණය කළේ. මේ පොතේ නම;
1‘යටගියාවේ යටගිය තැන්’
(ඉතිහාසය විකෘතියෙන් ප්‍රකෘතියට)
යන්නයි. මෙහි කර්තෘ මා මීට පෙර හුරු පුරුදු නැති කතුවරයෙක් වීමත් විශේෂත්වයක්. ඔහු සුප්‍රසිද්ධ පාසල් ගුරුවරයකු මෙන්ම ප්‍රාඥයකු ලෙස හැඳින්විය හැකි ඩබ්ලිව්. එස්. බණ්ඩාර මහතායි. සාමාන්‍ය පාසල් ගුරුවරයකුගේ භූමිකාවෙන් ඈත්ව, ලංකාවේ ඉතිහාසය දෙස නව දෘෂ්ටි කෝණයකින් බලන ඔහු දාර්ශනිකයකු, චින්තකයකු, වශයෙන් ස්වාධීන අදහස් දැක්වීමක් මේ පොත මගින් කර ඇති ආකාරය සමහරවිට විවාදාත්මක වියහැකි වුවත්, එය ඉදිරිපත් කර ඇති ආකාරය නිසා, පොත සම්පූර්ණයෙන් කියවීමට පෙළඹවීමක් ඇති කරනවා. කවුද මේ ඩබ්ලිව්.එස්. බණ්ඩාර? පොත ගැන ඇගයීමක් කරන, සුප්‍රසිද්ධ සාහිත්‍යධර, සෝමවීර සේනානායක මහතා, ඩබ්ලිව්.එස්. බණ්ඩාරයන් ගැන කියන්නේ මෙන්න මෙහෙමයි.
2
මීළඟට මා කැමතියි ඩබ්ලිව්. එස්. බණ්ඩාර මහතා, සිය කෘතිය, පාඨකයා වෙත හඳුන්වා දෙන ආකාරය, ඔබවෙත ඉදිරිපත් කරන්නට.
3
4
  මේ පොතේ තිබෙන්නේ පරිච්ඡේද නොව ලිපි එකතුවක් බවයි පෙනෙන්නේ. එවැනි ලිපි 36 ක් අන්තර්ගතව පවතින අතර අවසානය යනුවෙන් පරිච්ඡේදයක් ද දක්නට ලැබෙනවා. පොත පටන්ගන්නෙම අපේ රටේ නම කුමක්ද කියන විග්‍රහයකින්.
5
  අපේ රටේ ඉතිහාසයේ වැදගත්ම පුරාවෘත්තය වන විජය කුවේණි කතාව දෙස බණ්ඩාර මහතා බලන්නේ සාම්ප්‍රදායික කතාවේ එන ආකාරයට නොවේ. අප දන්නේ, විජය යනු, හික්මවා ගැනීමට අපහසු, දරදඬු, සල්ලාල, චරිතයක් ලෙසයි. එහෙත්, බණ්ඩාර මහතා සාක්කි සහිතව පෙන්වා දෙන්නේ, විජය යනු, පිටුවහල් කළ පුද්ගලයකු නොව, ගෞරවාන්විතව ලංකාවට සපැමිණි රජ කුමරකු බවයි.
6
  මේ පොතේ ඇති තවත් වැදගත් ලිපියක් ලෙස, බුදුදහම ගැන කතුවරයා දක්වන අදහස් සහිත, මෙන්න මේ ලිපිය හඳුන්වන්නට පුළුවන්. සිතා බලන්නට බොහෝ දේ එහි තිබෙනවා.
7
8
අපේ රටේ ඉතිහාසයේ අපූර්වතම සිදුවීමක් වන, ‘සුභ සහ යස’ කතාන්දරය, කතුවරයා දකින්නේ හමුදා කුමන්ත්‍රණයක් ලෙසයි.
9
  අපේ රටට පොල් ලැබුන හැටි කතුවරයා දකින්නේ මෙහෙමයි.
10
  අපේ සාහිත්‍ය ඉතිහාසයේ අමතක නොවන නිර්මාණ රැසක් කර ඇති ‘රංචාගොඩ ළමයා’ විකාර රූපී කාව්‍ය රටාවක් ලෙසයි, අපි මෙතෙක් කල් දැක්කේ. එහෙත් කතුවරයා අප මෙතෙක් දුටු ඒ චිත්‍රය වෙනස් කරන්නේ මෙන්න මේ ආකාරයටයි.
11
12
  ඉතිහාසය සමග අනවරතයෙන්ම බැඳෙන පුරාවිද්‍යාව පිළිබඳව කතුවරයා සිය අභීත අදහස් දක්වන්නේ මෙහෙමයි.
13
  හැමදාමත්, අපේ රටේ පමණක් නොව, ලෝකය පුරාම විවාදයට භාජනය වන කරුණක් නේ, කාන්තාවන්ගේ ඇඳුම. මෙන්න කතුවරයා ඒ ගැන කියන අදහස්. මේ ලිපියේ අවසානයේදී, කතුවරයා කියනවා, අවස්ථාවොචිතව, අපේ රටේ  කාන්තාවන් දිග කලිසම ඇඳීම, කොට ගවුම් අඳිනවාට වඩා යෝග්‍යයයි කියා.
14
15
16
  කතුවරයා වර්තමානය සහ අනාගතය ගැන කියා තිබෙන අදහස් ඇත්ත වශයෙන්ම අප නැවත නැවතත් සිතා බැලිය යුතු කරුණු රාශියකින් සමන්විතයි. මේ එම ලිපියෙන් කොටසක්.
17
18
  කතුවරයා, අපූර්ව කවියකු බව, මොනවට තහවුරු වන කාව්‍ය නිර්මාණ ගණනාවක්ද, මේ පොතේ ඇතුළත්. පහත දැක්වෙන්නේ, ඒ නිර්මාණ අතරින්, තෝරාගත් නිර්මාණ දෙකක්.
19
  පොතේ අවසානයට, මේ කතුවරයා පිළිබඳව, අතිශයින් හැඟීම් දනවන ඇගයීමක් ඉදිරිපත්කර තිබෙනවා. ඒ ඇගයීම කර තිබෙන්නේ, මේ කතුවරයා පාසල් ගුරුවරයකුව සිටියදී, ඔහුගේ ශිෂ්‍යයකු ලෙස සිටි, අද විවාහ බන්ධනයක් මගින් කතුවරයාගේ ඥාතියකුව සිටින, සුප්‍රකට ගීත රචක, බන්ධුල නානායක්කාරවසම් මහතා විසින්. ඒ ඇගයීම මෙහි පළ නොකරන්නේ පොතෙන්ම එය කියවා රස විඳීමට ඔබට ඇරයුම් කරමින්.
My Signature for Blog 2013 අගෝස්තු මස 29 දින 0057 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }