හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

22 April 2012

ටෙලිකොම් එකේ හෙළුව හෙළිවුණා


 මගේ අන්තර් ජාල සම්බන්ධතාව ලබාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතිනි. එය හෝම් අන්ලිමිටඩ් නමින් සුප්‍රසිද්ධ (කුප්‍රසිද්ධ?) පැකේජයයි. පසුගිය මාස කීපය තුල, අවස්ථා ගණනාවකදී, මට මගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය ඉතා අඩු බව දැනුනි. මේ අත්දැකීම මුලින්ම විඳි අවස්ථාවේ සිට, පසුගිය මාස කීපය තුල වරින්වර, ටෙලිකොම් අමතා දෝෂ වාර්තා කිරීමෙන් පසු තරමක් සතුටුදායක තත්ත්වයට පත්විය. නමුත් පසුගිය සතියේ සිට මා මෙතෙක් අත්විඳි අතිශයින් අප්‍රියජනක අත්දැකීමට මුහුණදීමට සිදුවිය. ඒ අත්දැකීම වන්නේ මගේ බ්ලොග් අඩවියට ඇතුලත් කිරීම සඳහා පින්තූර අප්ලෝඩ් කිරීමට නොහැකි වන තරම් වේගය අඩුවීමයි. මා තාක්ෂණික තොරතුරු යටතේ පල කර ඇති ‘අපේ කාලයේ තුවක්කු 4 ඉතිරි කොටස’ නමැති ලිපියෙහි පලකිරීම සඳහා සූදානම් කරගෙන සිටි පින්තූර කීපයක් අත්හැර දැමීමට සිදුවූ අතර ඒ හේතුවෙන් එම ලිපිය අසම්පූර්ණ බවකින් යුක්තව පල කිරීමට සිදුවිය.
පසුගිය සිකුරාදා (20 වැනිදා) රාත්‍රියේ මා නිතර බලන වෙබ් අඩවි බොහොමයකට යාමට උත්සාහ කලත් දිගු කාලයක් බලාසිටීමට සිදුවුයේ අන්තර්ජාලයේ වේගය එතරම්ම පහත වැටී තිබුණු බැවිනි. රාත්‍රී 11 ට පමණ බලද්දීද කිසිදු වෙනසක් නොවුයෙන් ඒ වෙලාවේදීම පැමිණිලි කලෙමි. සුපුරුදු පරිදි කලින් පුහුණුකර ඇති තාක්ෂණික හා කාර්යාලයීය ශබ්දකෝෂයේ වචන වලින් පිළිතුරු ලද අතර පැමිණිල්ලේ යොමු අංකයද ලැබුණි. දැනට විනාඩි 45 කට පමණ පෙර (2012 අප්‍රේල් මස 22 වැනිදා රාත්‍රී 9.40) මා කල පැමිණිල්ල වෙනුවෙන් ගත ක්‍රියාමාර්ගය විමසීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් නව කෙටි අංකය වන 1212 ඇමතුවෙමි. යටිකයට කිසිවක් නොඇඳ, අයිස් කැටයක් මත වාඩිවී සිටින අවස්ථාවකදී, තරුණියක් කතාකරන ලීලාවෙන් පටිගත කල, මග පෙන්වීමේ පණිවිඩය අවසානයේදී තාක්ෂණික නිලධාරියකු සම්බන්ධ කරගැනීමේ භාග්‍යය (භාග්‍යය?) උදාවිය.
ඔහු මුලින්ම කතාකලේ මාගේ පැමිණිල්ල ගැන අන්දොසන්සාරයක් නොදන්නා ආකාරයටය. මම ‘කොම්පියුටර් ඛාන්’ කෙනෙකු බවත්, ඒ නිසා මට ‘මොත්තය’ දැමීමෙන් පලක් නොවන බවත්, ඉතා කල්පනාවෙන් තෝරාගත් වචන වලින් ඔහුට පැහැදිලි කර දුන් අතර, මගේ ඇමතුම සම්බන්ධ සියලු තොරතුරු ඔහුගේ පරිගණක තිරයේ දිස්වන බවත්, ඊට කලින් කල පැමිණිල්ලේ විස්තර ක්ෂණයකින් ඔහුට ඒ තිරයේම දැකගත හැකි බවත්, මේ දුරකථන සංවාදය පටිගතවන බව මා දන්නා බවත්, වැඩි දුරටත් ප්‍රකාශ කලෙමි. ඉන්පසු මා විමසුවේ මගේ කලින් පැමිණිල්ල සබැඳිව ගත් ක්‍රියාමාර්ගයයි. එයට ලද පිළිතුර වුයේ මගේ ප්‍රාදේශීය ටෙලිකොම් කාර්යාලයට එය වාර්තා කර ඇති බවයි. යක්ෂ සේනාධිපතියා මා හිසට වඩිද්දී, එය වළක්වාගෙන, තරමක් තද ස්වරයෙන් මා ප්‍රකාශ කලේ, ඔහු සමග වාද කිරීමෙන් පලක් නොවන බවත්, මෙසේ සබඳතා වේගය අඩුවීමට හේතු දක්වනලෙසත්, නැතහොත් මේ පටිගතවන සංවාදය ප්‍රධාන විධායක නිලධාරියාට අසන්නට සලස්වන ලෙසත්ය. තවද, මා ලබාගෙන සිටින වර්ගයේ පැකේජය ලබාගෙන සිටින සියලුදෙනාටම මේ ඉරණම අත්වීමට හේතුව කුමක්ද යන්නත්, එසේ සබඳතා වේගය අඩුකර ඇතිබව අන්තර්ජාලයේම පලවී ඇතිබව ඔහු දන්නේද යන්නත් විමසුවෙමි.
බලලා මල්ලෙන් එලියට පැන්නේ ඒ මොහොතේදීය. හෝම් අන්ලිමිටඩ් පැකේජය ලබාගෙන සිටින සියලු දෙනාගේම වේගය, බාගත කරගැනීමේ දත්ත ප්‍රමාණය ගිගා බයිට් 20 – 25 ඉක්මවුපසු, වේගය 64 kbps දක්වා අඩු කරන බවත්, නැවත එය නියමිත වේගය වන 512 kbps තත්වයට පත්වන්නේ, ඊළඟ බිල්පත් සැකසීමේ දිනයේ සිට බවත්, ඔහු ප්‍රකාශ කළේය. කොහොමද ටෙලිකොම් මොලේ? ඉන්පසු මා විමසුවේ, මෙය ඉතා බරපතල ලෙස, අදාළ අන්තර්ජාල සබඳතාවය පිලිබඳ ගිවිසුම උල්ලංඝනය කිරීමක් නොවන්නේද යන්නත්, මේ සබැඳිව නීති මගින් ක්‍රියා කිරීමට පාරිභෝගිකයාට අයිතියක් ඇති බව නොදන්නේද යන්නත්ය. ‘සර් ඒ ගැනනම් මට මොකුත් කියන්න බැහැ, මෙන්න මේ අංකයෙන් කාර්යාලයීය වේලාවන් තුලදී අපේ සී.ආර්.ඕ. ට කතා කරන්න’ කියා ඔහු, 0112348002 යන අංකය ලබා දුන්නේය. අදාළ නිලධාරියාගේ නම ‘චින්තක’ බවද ඔහු කීවේය. (චින්තක වේවා, ‘චිතක’ වේවා, ‘ජින් තක’ වේවා අපට කමක් නැත. අපට අවශ්‍ය අන්තර්ජාල සබඳතා ගිවිසුමේ ප්‍රකාර වේගයයි)දැන් අපි කුමක් කරමුද? නීතිය සෑහෙන තරම් වල් වැදී ඇතිබව රට දෙස බලද්දී පෙනෙයි. මෙතනත් මොකක් හෝ නීති සූත්තරයකින්, තම ගඳ ගහන කුණු ප්‍රතිපත්ති නමැති නිරුවත වසා ගැනීමට, ශ්‍රී ලංකා ටෙලිකොම් උත්සාහයක් දරා ඇතිබව පෙනෙයි. නමුත් ඒ නිරුවතේ විශාලත්වය, අර පුංචි සූත්තර කෑල්ලෙන් වැසීමට නොහැකි තරම් බව, ඔවුන්ට නොපෙනෙයි. නැතහොත් නොපෙනුනාසේ සිටියි. ඒ නිරුවතේ කුණු ගඳ අන්තර්ජාලය පුරා හමන බව නොසිතයි. නැතහොත් එසේ සිතන්නට තරම් හරිහමන් ජන්ම ලක්ෂණ ඔවුන්තුල නැති බවකුයි පෙනෙන්නේ. මුන්ට කොටන්ඩ ගොන් කවඩි වත් නැති හැටි.
මේ සබැඳුම් දෙකටත් අවධානය යොමු කරන්න.
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }