හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

04 December 2012

යුදබිමේදී ඇයි දේවල් පෙනෙන්නේ (පළමුවැනි කොටස) – Military Field Craft (Why Things are Seen) Part One


  මහා සෙනගක් මැද ඉන්න ඔබේ හිතවතා/හිතවතිය ඔබ කොහොමද හරිටම, නිවැරදිවම හඳුනාගන්නේ? ‘හාපෝයි……… මූට/මේකිට,  මුගේ/මේකිගේ කොල්ලව/කෙල්ලව, (කෙල්ල නෙවෙයි ඉතින් තව වචන තියනවා මම නොලිව්වට) පේනවා, කිලෝමීටරයක් ඈත හිටියත්, හරියට ඇටිකුකුලට ගොලුබෙල්ලව පේනවා වගේ’ කියලා ඔබේ හිතවතුන්/හිතවතියන් ඔබට විහිලු කරනවා නේද? හැබෑට අපි කොහොමද අපේ පවුලේ අය, නෑ දෑ හිතවතුන්, ඒ ආකාරයට සෙනග ගොඩක් අතරින් හෝ ඈත සිට එනවිට හෝ හඳුනාගන්නේ. ඒ අපේ මනසෙහි ඔවුන්ගේ රූපය දීර්ඝ කාලයක් තැන්පත්වී තිබීම නිසායි. ඔබ දන්නවද, කිසි දිනක තම මුහුණ කැඩපතකින් හෝ යටත්පිරිසෙයින් පැහැදිළි ජලය මතුපිට හෝ දැක නැති පුද්ගලයකුට, ඔහුගේ ඡායාරූපයක් ලබාදුන්නොත්, ඔහු ඒ දෙස බැලුවත්, ඒ ඉන්නේ තමන් බව හඳුනාගන්නේ නැහැ. එයට හේතුව, ඔහුගේ සිතේ, තමන්ගේ රුපය ඇඳී නැතිවීමයි. නමුත් අපි කුඩාකාලයේ පටන් කැඩපතෙන් මුහුණ බලන නිසා, අපේ රූපය අපේ හිතේ ඇඳී තිබෙනවා. ඒ නිසා, අපි පාරේ යනවිට හෝ අපේ රූපයක් කඩයක එල්ලා තිබුනොත්, වහාම හඳුනාගන්නවා. (හපොයි, අපේ රූප නම් කඩවල එල්ලන එකක් නෑ. මැරුණම ලයිට් කණුවල මරණ දැන්වීමේ නම් තියෙයි. ඒත් ඉතිං එතකොට අඳුනගන්න අපි ජීවතුන් අතර නැහැනේ :D ) 
පහත පින්තුරය ගත්තේ මෙතනින්
  යුදබිමේදී, තමගේ අවට භූමිය, හොඳින් අධ්‍යයනය කර හඳුනා නොගත්තොත්, ඔබ ඇවිදින මළමිනියකට සමානයයි කිව්වාට වරදක් නැහැ. ඔබ ඉදිරි භූමියේ සිටින සතුරා සහ ඔහුගේ ක්‍රියාකාරකම්, ඉදිකිරීම්, අවිආයුධ, මර උගුල්, ආදිය නිවැරදිව හඳුනා නොගත්තොත්, ඔබ ඉක්මනින් මරණයට පත්වීමේ අවදානම වැඩියි. මේ නිසා පාබල හමුදා සොල්දාදුවන්ට ‘භූමි උපක්‍රම – Field Craft’ යනුවෙන් විෂයයක් ඉගෙනගන්නට සිදුවෙනවා. මෙහිදී සැඟවීම සහ වෙස්වළාගැනීම, භූමියේ ගමන් කිරීම, සිතියම් කියවීම, ඉලක්ක හඳුනා ගැනීම, ඉලක්ක ප්‍රකාශ කිරීම, භූමිය නිරීක්ෂණය කොට හඳුනා ගැනීම වැනි අනු කොටස් රැසක් හදාරන්නට සිදුවෙනවා.
මේ ලිපියෙන් මා ඔබට හඳුන්වා දෙන්නේ, යුදබිමේදී අපට යම් යම් දේ දර්ශනයවීමට හේතුවන සාධක මොනවාද යන්නයි. පාසල් ශිෂ්‍යභට පුහුණුව ලැබූ අයනම්, මේ විෂයය හදාරා ඇති. ඉතින් එවැනි අයට පුළුවන්, වඩාත් හොඳින් මා සමග සංවාදයේ යෙදෙමින්, මේ විෂයය නොදන්නා අයගේ දැනුම තවත් වර්ධනය කරන්නට.
Tzun Tzu
  මීට පෙර මා ලියන ලද සමහර ලිපිවල මෙන්ම, ඔබ විසින් විමසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දුන් අවස්ථා වලදීත්, සඳහන් කර ඇති, සාමාන්‍යයෙන් අපේ යුද හමුදාව පවත්වාගෙන යාමේ පදනම් කරුණු ලෙස, නැතහොත් පූර්වාදර්ශය ලෙස පවතින්නේ, බ්‍රිතාන්‍ය යුද හමුදාව බව. එයට හේතුව අප බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව සිටි නිසාත්, අප‍ ත්‍රිවිධ හමුදාවේ ආරම්භය බ්‍රිතාන්‍ය පාලන සමයේදී සිදුවීමත් නිසායි. නමුත් අද අපි අපේම සම්ප්‍රදායන් පවත්වාගෙන යනවා. කෙසේ වෙතත්, න්‍යායාත්මක කරුණු වලදී, අපි තවමත් බ්‍රිතාන්‍ය හමුදා උපදේශන පොත් සහ ප්‍රකාශන (Pamphlets) පරිහරණය කරනවා. මේ ටික මා ඔබට කිව්වේ, මින් ඉදිරියට මා විස්තර කරන කරුණුද, එවැනි ප්‍රකාශනවලින් ලබාගන්නා නිසයි. නමුත් ඇමරිකානු හමුදාව, රුසියානු හමුදාව, චීන හමුදාව, වැනි හමුදාවක, මෙම න්‍යායාත්මක කරුණු, මීට වඩා තරමක් වෙනස් වන අවස්ථාද තිබෙන බව, මතකයේ තබාගන්න.
ඉතින් මොනවද යුදබිමේදී පෙනෙන දේවල්  
  හොඳ හොඳ දේවල් පෙනෙනවා. බොහොමයක් ඒවා මෙතන කියාගන්න බැරි එකයි දුක. :D :D හොඳයි විහිලු පැත්තක තියලා අපි මාතෘකාවට බහිමු. න්‍යායාත්මකව සලකා බලනවිට යුද බිමේදී සෙබළකුට ඉදිරි භූමියේ ඇති පිහිටීම, විවිධ වස්තු, මිනිසුන්(සෙබළුන්) අවි ආයුධ සහ උපකරණ, වාහන, වැනි දෑ හඳුනාගැනීම කෙරෙහි බලපාන මූලික සාධක හයක් තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් මේ සාධක හැඳින්වීමේදී සාධක පහක් හඳුන්වන වචන පටන්ගන්නේ ඉංග්‍රීසි S අකුරෙන්. ඉතිරි සාධකය හඳුන්වන නම පටන්ගන්නේ ඉංග්‍රීසි M අකුරෙන්. ඒ නිසා මේ සාධක සියල්ල නම් කිරීමට ඉංග්‍රීසියෙන් 5 SM කියා කියනවා. යුද බිමේදී අපට මේ 5 SM තමයි පිහිටවෙන්නේ.
මොනවද 5 SM

1. SHAPE – හැඩය

2. SHADOW – සෙවනැලි රූප

3. SHINE – දිලිසීම

4. SPACING – පරතරය

5. SILHOUETTE – සිලුවට් (පසුබිම් ඡායාව)

6. MOVEMENT – චලනය

දැන් බලන්න S පහකුත් M එකකුත් තියනවා නේද? හොඳයි, අපි ඊළඟ ලිපියෙන් මේවා එකින් එක ගෙන අධ්‍යයනය කරමු. ලිපිය හිතාමතාම කෙටි කලේ මේ විෂයය පළමු වරට කියවන අයගේ අවබෝධයේ පහසුව සඳහා බව කරුණාවෙන් සලකන්න.
My Signature for Blog2012 දෙසැම්බර් මස 4 දින 1835 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }