හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

18 October 2020

රසවින්දනයේ මිහිරි මතකය

 

කලකට පසුව ලියන්න ඉස්පාසුවක් ලැබුණා. ඒ නැවනත් කොවිඩ් වසංගතය පැතිරීයන නිසා කිව්වොත් නිවැරදියි. ඉතින් මාගේ පෙර මාතෘකාවේ ඉතිරිය එලෙසම තිබෛද්දි මේ දිවල සිදුවෙන සිදුවිම් කිහිපයත් නිසාම මගේ පියාගේ මතකය නැවත නැවතත් මගේ හිතේ පැල පදියම් වුණා.


ඔබට මා පෙර පවසා සිටින පරිදිම මගේ රසවින්දන හැකියාවේ මුල් ගුරුතුමා මගේ පියා කිව්වොත් මා නිවැරදියි. ඔහු මගේ මෙන්ම මගේ නැගනියගේ රසවින්දනය දියුණු කරන්න උත්සාහකළ ආකාරය අති විශිෂ්ටයි.  


80 දශකයේ මුල් බාගයේ ඉපදුනු මා හට මේ රසවින්දන පාඩම බහතෝරන වියේ සිටම පුරුදු පුහුණු කරන්න ඔහු උත්සාහ කළා . ඒ සඳහා ඔහු විවිධ ක්‍රම උපායන් භාවිතා කළා. ඔහු එවැනි කරපු මගේ මතකයේ රැඳෙන පළමු උත්සාහය තමයි වේදිකා නාට්‍ය ගිත ගුවන් විදුලියේ විකාශය වනවිට ඒවා කැසට් පටකයකට පටිගත කරගෙන අහන්න සැළැස්වීම. ඔහුම පසුකාලෙක ඒ පිළිබඳව මතකය ආවර්ජනය කරනවා.


එහි තිබුණ ගීත තවමත් මගේ මතකායේ තියෙනවා .


1. ශාන්ත ජෝන්ගේ ළුීදියේ කඩේ.................
2. මූදු පතුල යට ඉඳලා ................
3. සෝබාවතේ මෙපුර සිරිවිසුරුබලනු මිතුරු...........................
4 මඩේ ලගින තාරාවන් .........................
5. තට්ටු කරන්න හෙමින්....................
6. කුමටද සොබනියෙ කදුළු සලන්නේ .................................

7. නෙයිනගෙ සූදුව.........................

ආදී ගීත සමුදායක් තිබුණා. ඔහු වේදිකාව විත.රක් නෙවෙයි සිනමාව රූපවාහිනය වැඩසටහන් හොඳ නරක අපටම තින්දු තිරණ ගනුන දෙමින් එයට අවශ්‍ය මාවත සැකසුවා කියන්න පුළුවන්  එකල දේශීය සිනමාව මෙන්ම හින්දි සිනමාව පිළබඳ ඔහුට තිබූ උනන්දුව ආසාව අපවෙතද ලංකර දීමට ඔහු උත්සාහ කළා. මගේ මතකයේ රැඳෙන හින්දි ගීත කිහිපයක් ද තියනවා . ඒවාත් ඔහු අහන්න සැළැස්සපුවා තමයි.

1. සනම් තෙරි කසම් ඕ සනම් තෙරි කසම්................

2. දිල්කෝ දේකෝ චෙහෙරානා දේකෝ...................

3.සුනෝ චම්පා ............................

4. මෙරෙ සපනොකි රාණි කබ් ආයෙගි තූ..................

5. තෙරේ මේරේ මිලන් කියේරනා......................


දැන් ඇයි මේවා හදිසියෙ මට මතක් වුණේ කියලා  ඔබට හිතෙන්න පුළුවන්. ඊයේ දිනයේ අප අතරින් වියෝවුණු අනුලා බුලත්සිංහල මහත්මිය නිසයි මේවා නැවත මතක් වුණේ. වාසනාවට ඇය සමග සජීවීව කථාකරන්න ඉඩහසර හිමිවුණා 2005 වර්ෂයේ දී, ඒත් මගේ පියා නිසා උදාවුණු අවස්ථාවක් . එහිදි ඇයගේ ඉහත සඳහන් කළ ගීත  සජීවීව අහන්න අවස්ථාව හිමිවුණා . මේ ගිත සදා අමරණීයයි ජාතික වස්තු විදියට දකින්න පුළුවන් රටට මේ අහිමි වෙමින් යන්නේ ඉතා වටිනා කලාකරුවන් පිරිසක්. ජයලත් මනෝරත්න, මානෙල් ජයසේන, හෙන්රි ජයසේන වේදිකාවේ පතාක යෝධයන් ලෙසයි අපට හැඟී යන්නේ . 


කෙසේ වෙතත් ඇයගේ සැමියා සමග එක්ව සිංහල නාට්‍ය වේදිකාව පෝෂණය කරන්න ඇය දක්වන පද සේවය අතිමහත් යැයි කිව හැකියි. ආර් ආර් සමරකෝන් මහතාගේ කුළුඳුල් නිර්මාණයේ සිට මානමේ කුමරිය, ගෘෂා, කුවේණී, රතු හැට්ටකාරී ලොරීටා ආදි සුවහසක් චරිත මෙන්ම ගම්පෙරළියේ කතිරිනා හාමි ලෙසින් ද අසංදිමිත්තා වැනි සිනමා නිර්මාණ හරහාද ඇය ප්‍රේක්ෂක ජනාදරයට පත්වූවා ය. 


අද දින ජීවන කරළියෙන් බැසයන් ඔබට නිවන් සුව .......................



විචාරක දියණිය
පෙරවරු 0015 පැයට

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }