කතාවක මුල මැද
අගක් තිබිය යුතුය.
ලිපිපෙළක ආරම්භය මෙලෙස ලිවීමට ආරම්භ කරමි.
ලිපිපෙළක ආරම්භය මෙලෙස ලිවීමට ආරම්භ කරමි.
“තාත්තා කළ
දේ පුතා නොකළොත් වූ නොට්ටිගේ පුතා” යයි
කියමනක් අප සමාජයේ අසා ඇත. එය හොඳට වඩා
නරක අදහසකින් කියුවක් යයි සිතේ. කෙසේ වෙතත්
මගේ පියාට
පුතාලා නොමැත. ඉන්නේදුවලා දෙදෙනෙකි. ඉතින් ඔහුගේ මෙහෙවර කොළුවෙක් වූ දුවෙකු කළ
යුතුව ඇත. ඔහුගේ නොනිත් ආසාව ලිවීමය. එමෙන්ම බ්ලොගය ඔහුගේ ජීවිතය විය. අසමි දකිමි සොයමි
ඉදිරියට පවත්වාගෙන යාම මාගේ ඒකායන අරමුණයි.
එමනිසා මම ඔබලාට විචාරක දියණිය වෙමි.
විචාරකතුමා
ඔබලාට ඔහුගැන හා අපේ පවුලේ කථාන්තරය ලිපි වලින් කියා ඇත. එමනිසා මම එය නැවත කියන්නට
අදහස් නොකරමි.
පියෙකු
වශයෙන් ඔහු මගේ ජීවිතයට පැමිණීම මට කෙතරම්
භාග්‍යක්දැයි කීමට අදහස් කරමි.ඔහු නික්ම ගොස් මාස දෙකකට ආසන්න කාලයක් ගතවුවද තවම
මට ඔහු මගේ ළඟ සිටිනවා යයි දැනෙයි. වසර 34 කට පසු මගේ ජීවිතයේ ලබපු අවාසනාවන්තම
අවුරුද්ද 2017 බව කිව යුතුමය. ඔහු යුධ බිමේ සිටියදීවත් මෙතරම් දුකක් හෝ පාළුවක්
තනිකමක් දැනී නොමැත.
මුලින්ම
පුහුණු ගුරුවරයෙකු ලෙසත් පසුව යුධ හමුදා නිලධාරියෙකු ලෙසත් සේවය කළ ඔහු මටත් මා නැගණියටත්
සෙනෙහෙබර පියෙකු විය.
ඔහු පුහුණුගුරුවරයෙකු
වූයේ විශේෂ අවශ්‍යතා ඇතිදරුවන් සඳහා වූ පාඨමාලාවය. එහිදී මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ
එම පාඨමාලාවේ හොදම ශිෂ්‍යයා වීමට ඔහුට හැකිවිය. ඊට අමතරව සිංහල , සමාජ අධ්‍යයනය හා
භූගෝලය ඔහුගේ විෂයන් විය. ඔහු සිංහල විෂය ඉගැන්නුවේ පොතෙන් නොව හිතින්ය . සාහිත්‍ය
ඉගැන්නුවේ ගීතයෙන් හා ඓතිහාසික කතා චිත්‍රපට වලිනි. ඉතින් ළමයින් පුස්තකාලපීරමින්
නවකතා හොයයි. ඔහුගේ ගුරු මණ්ඩලයේ අනෙක් ගුරුවරු ප්‍රශ්න අසයි.
ගුරුවරියක්:
කොහොමද,අනේ ඔය පරණ කතන්දර මතකතියාගන්නේ ? අපේ කෙල්ලගේ වැඩේ ගෙදර පරණ පොත් අවුස්සන එක, ඒ කියන පොත් ගෙනත්දෙන්නලු බලන්න.
විචාරකතුමා:
සිනාවෙයි..................... කිසිත් නොකියයි
වර්තමානයේ
සියලු දෙනාසතුව ජංගම දුරකථන පැවතියද 1980 දශකයේ එම තත්වය කෙබදුදැයි ඔබ දන්නවා ඇත. එවකට
හමුදා සේවයට ගොස් සිටි මගේ පියා අපහා තොරතුරු
බෙදා ගත්තේ ලිපි මගිනි. එහිදී අම්මාටවෙනම ලිපියකුත් අප දෙදෙනාට කුඩා ලිපි දෙකකුත්
එවනු ලබයි. එහිඅත්අකුරු පැහැදිලිව වෙනස්ය. ඔහුට අලංකාර ලෙස අකුරු ලිවිය හැකිය. ඔහු
වටකුරු අකුරින් හෙමින් ඉතා පැහැදිලිව අපට ලිපි එවන අතර , මවට වැල්
අකුරින් දිගු ලිපියක් එවයි .
එවකට හදිසි
පණිවිඩයක් හෝ ලබාගැනීමට අපසතුව ස්ථාවර දුරකතනයක් නොතිබුණු අතර,නිවස අසළ
වෙළඳසැලකටඔහු කතා කර පණිවිඩය ලබදුන් පසු වෙළඳසැලේ
සේවකයා පැමිණ අපට කියන්නේ මහත්තයා තව විනාඩි 5 කින් කතාකරනවා කිවුවා. නෝනාට ඇවිත්
ඉන්න කිවුවා. ඉතින් අපේ අම්මගේ අතේ එල්ලී මමත් යන්නේ ඔහුගේ කටහඬ අහන්නටය.
ඔහු
හැකියාවන් රාශියකින්
පිරි තැනැත්තෙකි. කෑගලු විද්‍යාලයේ ඡායාරූප සංගමයෙන් ඡායාරූපකරණයට අත්පොත් තැබූ ඔහු කුඩා කැමරාවකින් ඡායාරූපකරණය
ආරම්භකළේය. ඉන්පු එය විනෝදාංශයක් කරගත් ඔහු ජීවිතයේ සෑම සියලු දෙයක්ම ඡායාරූපගත
කළේය. එමනිසාමගේ හා නැගණියගේ උපන් දවසේ සිට අද දක්වා සියලු දේ ඡායාරූපගතකර ඇත. ඔහු
තම හමුදා ජීවිතයම ඡායාරූප ගතකර ඇත.
ළමයින් උකුලේ හා කකුලේ දමාගෙන නළවන්නේ අම්මාය . එහෙත්
මගේ පියා මා බාල කාලයේ කකුලේ දමා නිදිකරවා ඇත. ඔහු එසේ නිදිකරවන තුරු ඈනුම්
අරිමින් බලා සිටිනවා මට හොඳට මතකය.
ඔහු අප
දෙදෙනාගේ ම උපන්දින ඉහලින් සැමරුවේය. එවිට අම්මා කේක් සාදයි. ඔහු ඡායාරූපගනියි. ඔහුට කැමරාවක් නොතිබූ දිනවල
studio photographer කෙනෙකු
ලවා ඡායාරූප ගෙන ඇත.
මගේ ජීවිත
කාලයට මගේ පියා මට දඩුවම් කර ඇත්තේ එක් වරකි . එදවස මා 3 වන ශ්රේණියේසිටි අතර ,
ඔහු මසකට වරක් ගෙදර පැමිණෙන මුල් දිනයේ මට අවශ්‍ය ඔහුසමග ගෙදර සිටීම විනා පාසල් යාම නොවේ. මගේ මව
ගුරුවරියක වුවත් ඇය ද ඊට විරුද්ධ වූයේ
නැත. එහෙත්දිනක් ඒ අයුරින් මා පාසල් යාමට
අදිමද කලපසු මට ඉරටුවකින් පහර දී මාව පාසලට රැගන ගියේ ඔහුය. ඉන්පසු කවදාවත් මා
නිකරුනේ පාසල් නොගියේ නැත. එම ඉරටු පහර මට හොදට මතකය.
මගේ ජීවිතය
හා ඔහු ගසට පොත්ත හා පොත්තට ගස මෙන් බැඳී පවතී . ඔහු ගෙදරට පැමිණෙන්නේ මගේ නම කියාගෙනය.
එහෙත් අද ඔහු නිසොල්මන්ය.
තවත් බොහෝ
දේ ඉදිරි ලිපි වලදී බලාපොරොත්තුවන්න .
මෙම බ්ලොගය
ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මාව දිරිමත් කළ ගස්ලබ්බා මහතාටත් දේශකයා මහතාටත්
ස්තූතිවන්ත වෙමි .
විචාරකතුමාගේමළගෙදරට
පැමිණි ඔහුට ශෝකය ප්‍රකාශ කළ සියලු දෙනාට මාගේ මෙන්ම පවුලේ ස්තූතිය පිරිනමමි.
විචාරක
දියණිය