කතාවක මුල මැද
අගක් තිබිය යුතුය.
ලිපිපෙළක ආරම්භය මෙලෙස ලිවීමට ආරම්භ කරමි.
ලිපිපෙළක ආරම්භය මෙලෙස ලිවීමට ආරම්භ කරමි.
“තාත්තා කළ
දේ පුතා නොකළොත් වූ නොට්ටිගේ පුතා” යයි
කියමනක් අප සමාජයේ අසා ඇත. එය හොඳට වඩා
නරක අදහසකින් කියුවක් යයි සිතේ. කෙසේ වෙතත්
මගේ පියාට
පුතාලා නොමැත. ඉන්නේදුවලා දෙදෙනෙකි. ඉතින් ඔහුගේ මෙහෙවර කොළුවෙක් වූ දුවෙකු කළ
යුතුව ඇත. ඔහුගේ නොනිත් ආසාව ලිවීමය. එමෙන්ම බ්ලොගය ඔහුගේ ජීවිතය විය. අසමි දකිමි සොයමි
ඉදිරියට පවත්වාගෙන යාම මාගේ ඒකායන අරමුණයි.
එමනිසා මම ඔබලාට විචාරක දියණිය වෙමි.
විචාරකතුමා
ඔබලාට ඔහුගැන හා අපේ පවුලේ කථාන්තරය ලිපි වලින් කියා ඇත. එමනිසා මම එය නැවත කියන්නට
අදහස් නොකරමි.
පියෙකු
වශයෙන් ඔහු මගේ ජීවිතයට පැමිණීම මට කෙතරම්
භාග්‍යක්දැයි කීමට අදහස් කරමි.ඔහු නික්ම ගොස් මාස දෙකකට ආසන්න කාලයක් ගතවුවද තවම
මට ඔහු මගේ ළඟ සිටිනවා යයි දැනෙයි. වසර 34 කට පසු මගේ ජීවිතයේ ලබපු අවාසනාවන්තම
අවුරුද්ද 2017 බව කිව යුතුමය. ඔහු යුධ බිමේ සිටියදීවත් මෙතරම් දුකක් හෝ පාළුවක්
තනිකමක් දැනී නොමැත.
මුලින්ම
පුහුණු ගුරුවරයෙකු ලෙසත් පසුව යුධ හමුදා නිලධාරියෙකු ලෙසත් සේවය කළ ඔහු මටත් මා නැගණියටත්
සෙනෙහෙබර පියෙකු විය.
ඔහු පුහුණුගුරුවරයෙකු
වූයේ විශේෂ අවශ්‍යතා ඇතිදරුවන් සඳහා වූ පාඨමාලාවය. එහිදී මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ
එම පාඨමාලාවේ හොදම ශිෂ්‍යයා වීමට ඔහුට හැකිවිය. ඊට අමතරව සිංහල , සමාජ අධ්‍යයනය හා
භූගෝලය ඔහුගේ විෂයන් විය. ඔහු සිංහල විෂය ඉගැන්නුවේ පොතෙන් නොව හිතින්ය . සාහිත්‍ය
ඉගැන්නුවේ ගීතයෙන් හා ඓතිහාසික කතා චිත්‍රපට වලිනි. ඉතින් ළමයින් පුස්තකාලපීරමින්
නවකතා හොයයි. ඔහුගේ ගුරු මණ්ඩලයේ අනෙක් ගුරුවරු ප්‍රශ්න අසයි.
ගුරුවරියක්:
කොහොමද,අනේ ඔය පරණ කතන්දර මතකතියාගන්නේ ? අපේ කෙල්ලගේ වැඩේ ගෙදර පරණ පොත් අවුස්සන එක, ඒ කියන පොත් ගෙනත්දෙන්නලු බලන්න.
විචාරකතුමා:
සිනාවෙයි..................... කිසිත් නොකියයි
වර්තමානයේ
සියලු දෙනාසතුව ජංගම දුරකථන පැවතියද 1980 දශකයේ එම තත්වය කෙබදුදැයි ඔබ දන්නවා ඇත. එවකට
හමුදා සේවයට ගොස් සිටි මගේ පියා අපහා තොරතුරු
බෙදා ගත්තේ ලිපි මගිනි. එහිදී අම්මාටවෙනම ලිපියකුත් අප දෙදෙනාට කුඩා ලිපි දෙකකුත්
එවනු ලබයි. එහිඅත්අකුරු පැහැදිලිව වෙනස්ය. ඔහුට අලංකාර ලෙස අකුරු ලිවිය හැකිය. ඔහු
වටකුරු අකුරින් හෙමින් ඉතා පැහැදිලිව අපට ලිපි එවන අතර , මවට වැල්
අකුරින් දිගු ලිපියක් එවයි .
එවකට හදිසි
පණිවිඩයක් හෝ ලබාගැනීමට අපසතුව ස්ථාවර දුරකතනයක් නොතිබුණු අතර,නිවස අසළ
වෙළඳසැලකටඔහු කතා කර පණිවිඩය ලබදුන් පසු වෙළඳසැලේ
සේවකයා පැමිණ අපට කියන්නේ මහත්තයා තව විනාඩි 5 කින් කතාකරනවා කිවුවා. නෝනාට ඇවිත්
ඉන්න කිවුවා. ඉතින් අපේ අම්මගේ අතේ එල්ලී මමත් යන්නේ ඔහුගේ කටහඬ අහන්නටය.
ඔහු
හැකියාවන් රාශියකින්
පිරි තැනැත්තෙකි. කෑගලු විද්‍යාලයේ ඡායාරූප සංගමයෙන් ඡායාරූපකරණයට අත්පොත් තැබූ ඔහු කුඩා කැමරාවකින් ඡායාරූපකරණය
ආරම්භකළේය. ඉන්පු එය විනෝදාංශයක් කරගත් ඔහු ජීවිතයේ සෑම සියලු දෙයක්ම ඡායාරූපගත
කළේය. එමනිසාමගේ හා නැගණියගේ උපන් දවසේ සිට අද දක්වා සියලු දේ ඡායාරූපගතකර ඇත. ඔහු
තම හමුදා ජීවිතයම ඡායාරූප ගතකර ඇත.
ළමයින් උකුලේ හා කකුලේ දමාගෙන නළවන්නේ අම්මාය . එහෙත්
මගේ පියා මා බාල කාලයේ කකුලේ දමා නිදිකරවා ඇත. ඔහු එසේ නිදිකරවන තුරු ඈනුම්
අරිමින් බලා සිටිනවා මට හොඳට මතකය.
ඔහු අප
දෙදෙනාගේ ම උපන්දින ඉහලින් සැමරුවේය. එවිට අම්මා කේක් සාදයි. ඔහු ඡායාරූපගනියි. ඔහුට කැමරාවක් නොතිබූ දිනවල
studio photographer කෙනෙකු
ලවා ඡායාරූප ගෙන ඇත.
මගේ ජීවිත
කාලයට මගේ පියා මට දඩුවම් කර ඇත්තේ එක් වරකි . එදවස මා 3 වන ශ්‍රේණියේසිටි අතර ,
ඔහු මසකට වරක් ගෙදර පැමිණෙන මුල් දිනයේ මට අවශ්‍ය ඔහුසමග ගෙදර සිටීම විනා පාසල් යාම නොවේ. මගේ මව
ගුරුවරියක වුවත් ඇය ද ඊට විරුද්ධ වූයේ
නැත. එහෙත්දිනක් ඒ අයුරින් මා පාසල් යාමට
අදිමද කලපසු මට ඉරටුවකින් පහර දී මාව පාසලට රැගන ගියේ ඔහුය. ඉන්පසු කවදාවත් මා
නිකරුනේ පාසල් නොගියේ නැත. එම ඉරටු පහර මට හොදට මතකය.
මගේ ජීවිතය
හා ඔහු ගසට පොත්ත හා පොත්තට ගස මෙන් බැඳී පවතී . ඔහු ගෙදරට පැමිණෙන්නේ මගේ නම කියාගෙනය.
එහෙත් අද ඔහු නිසොල්මන්ය.
තවත් බොහෝ
දේ ඉදිරි ලිපි වලදී බලාපොරොත්තුවන්න .
මෙම බ්ලොගය
ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මාව දිරිමත් කළ ගස්ලබ්බා මහතාටත් දේශකයා මහතාටත්
ස්තූතිවන්ත වෙමි .
විචාරකතුමාගේමළගෙදරට
පැමිණි ඔහුට ශෝකය ප්‍රකාශ කළ සියලු දෙනාට මාගේ මෙන්ම පවුලේ ස්තූතිය පිරිනමමි.
විචාරක
දියණිය
.
ReplyDeleteබාගෙට කියවගෙන යද්දී මතක් වෙලා දුවගෙන ඇවිත් තැන වෙන්කර ගත්තා.. ඒත් මොනවා ලියන්නද හිතා ගන්න බෑ..
Delete//ඒත් මොනවා ලියන්නද හිතා ගන්න බෑ//++++++++++++++++++++++++++
Deleteබ්ලොග් එක දිගටම පවත්වාගෙන යාම ගැන ඉතා සතුටුයි.
ReplyDeleteස්තුතියි ගස් ලබ්ස් & දේශක
බොහොම ස්තූතියි
ReplyDeleteනැවතත් බ්ලොගය සක්‍රීය කිරීමට විවිධ අවස්ථාවන්හිදී සිහි කැඳවමින් පෙළඹවූ ප්‍රා ජේ නොවන්නට මේ ලිපි පලවීම බොහෝ කල් යාමට ඉඩ තිබිනි.
ReplyDeleteඔබට ස්තූතියි ප්‍රා
ජයවේවා..!!
ලිපිය රසවත් නොමැති අතර අඩුපාඩු ඇතිබව පිලිගනිමි
ReplyDeleteස්තූතියි ඔබට අක්කේ.විචාතුමා ආයෙත් අපි අතරට ආවා වගේ
ReplyDeleteඉතා අගෙයි
ReplyDeleteඔබේ පියා සම්බන්ධව මා ලියූ ලිපි දෙකක් මෙතැනට එකතු කරමි.
Delete1.
විචාරක බ්ලොග්කරුවා ගේ මරණය - Some day we will all die
https://rasikalogy.blogspot.com/2017/04/some-day-we-will-all-die.html
2.
විචාරක බ්ලොග්කරුවා සහ මා අතර ඇතිවුණු වලිය ගැන සටහනක් - Storm in a Teacup
https://rasikalogy.blogspot.com/2017/05/storm-in-teacup.html
!
විචාරකතුමා අපට ඉතිරි කර ගියදේ බොහෝය.... ඒ මතකය නැවත පණ පොවන්නට ඔබ දරණා උත්සාහය ඉතා අගය කරමී.
ReplyDeleteඔබ විසින් පියාගේ වියුණුව දිගටම පවත්වාගෙන යන්න සිතීම ඉතා අනගියි! දිගටම කරගෙන යන්න මගෙනුත් සුබ පැතුම්!
ReplyDeleteවිචාරක මාම හිටියනං අක්කේ (නංගියෙද මංද) මෙතන නැටුමක් නටල "අක්‍ෂර විනාසය, පද බෙදීම" කියල. කොහොම නමුත් මේක අලුත් දෙයක්. තාත්තගෙ දේ දූ පටංගත්ත එක හොඳයි. තාත්තලගෙ අගේ දැනෙන්නෙ කෙල්ලන්ටනෙ. මේක ලියන්න පටංගත්ත එක හොඳයි. හෙමිං හෙමිං හරි දිගටම තාත්තගෙ දූ විදිහට ලියාගෙන යන්න. තාත්තගෙ ලිවිල්ලෙ ආසාව කොතරංද කියතොත් ඉස්පිරිතාලෙ ඉන්න දවස්වල මං කතා කරද්දි දවසක් මට මෙහෙම කිව්වා.
ReplyDelete"බලහංකො බං නෝනට කිව්වට ලැට්ටොප්පෙක ගෙනැත් දෙන්නෑනෙ. නෝනට හොරෙං ලොකුදූටවත් හීංසැරේ කියල බලන්න ඕනැ පත්තරේකවත් ඔතල ඇරං එන්න කියල."
ඕං තාත්තෑ තරම. එහෙනං චියර්ස් කිව්වා. ලියාගෙන යං.
අක්ෂර වින්‍යාසය කියද්දි මතක් උනේ... ඉස්සර මම ලියන ඒවා වල අක්ෂර වින්‍යාසය අනිවාර්යයෙන්ම විචා හදනවා... පුතේ ඔහොම නෙමේ එන්න ඕනෙ අරෙහෙමයි එන්න ඕනෙ කිය කිය...
Deleteඅපුරුයි.දිගටම ලියන්න.එදා වගේම පාඨකයින් රැදී සිටිවි.
ReplyDeleteසතුටුයි
ReplyDeleteඔබට බොහෝ ස්තූතියි විචාරක දියණී, විදෙස්ගතව සිටි නිසා එදින පැමිණ ඔබ මුණගැසීමට නොහැකි වුනේ ... ඔබ ගැන විටින් විට අප හමුවේ තොරතුරු කීවා. මා එතකොට උතුරු කොනේ. ඔහුගේ අඩුව ලොකු හිස්කමක් බ්ලොග් ලෝකයට. ඔබේ ආගමනය සතුටක් ගෙන ආවා.බොහෝ සෙනෙහසින් පිළිගනිමි.
ReplyDeleteමගේ බ්ලොග් රෝල අසමි දකිමි සොයමි අප්ඩේට් වෙලා දැකපු ගමන් දැනුන සතුට කියන්න වචන නෑ. විචාරකතුමා යළිත් උපන්නාවාගේ. ජයවේවා.
ReplyDeleteමේ වැඩේ බොහොම වටිනවා!!
ReplyDeleteහරිම සතුටුයි.... ඔහොම ලියාගෙන යමු. අඩුපාඩු මගඇරේවි ලියනකොට...
ReplyDeleteඔහු ගේ බ්ලොගයේ මා දැමූ අවසන් සටහන
ReplyDeleteදිනය අවසන් වෙලා
රාත්‍රිය උදා වෙලා
බ්ලොග් ලෝකය
සෝ සයුරක ගිල්වා
විචාරක සමු අරන්
වෙනදා දැණුම බෙදූ
අසමි දකිමි සොයමි
බ්ලොග් එක නිහඞයි
අවසාන සටහන ලියා
විචාරක සමු අරන්
ඔබ මේ බ්ලොගය නැවත ලියන්න අක්‍රියව තබන්න එපා. අපට ඔහු ජීවත් වෙනවා වගේ දැනේවි
විචාරක මහතාගේ බ්ලොගය යාවත්කාලීන වීම දුටු විට මුලින්ම පුදුමයට පත්වීමි,දෙවනුව ශෝකයටද තෙවනුව සතුටටද පත්වීමි....ඔබේ පියාගේ ලේඛන ආරය ඔබටත් ඇති බව දැනෙයි...දිගටම ලියන්න..සුබපතමි.
ReplyDeleteඅපූරුයි. දිගටම ලියන්න. අපි දිගටම ඇවිල්ල කියවන්නං
ReplyDeleteඅපේ මේ සමහර අය දාන් ඉන්න නම් නිසා ඒ නමට පසුපසින් මහතා දැමීමෙන් අපූරු සිතුවිළි මැවේ..
ReplyDeleteඋදා: "මාව දිරිමත් කළ ගස්ලබ්බා මහතාටත් "
ඒවා මොනවා වුණත් මේ වැඩේ අපූරුය - ඔබටත් ලිවීමට හුරු හිතක් / අතක් තිබෙනා බව පෙනේ
ජය!
මේ බ්ලොග් ඒක කාමිය්ගේ රෝලේ අප්ඩෙට් වෙලා තියනවා දැක්කම පපුව හිර උනා
ReplyDeleteඑල ද බ්‍රා අපි ආයමත් දිගටම මෙහෙ
Sanjeewa MendisJune 5, 2017 at 12:43 PM
ReplyDeleteඅයේ මේ බ්ලොග් එක ලියවෙන්නේ නැහැ නේද
මේ මම අන්තිමට දාපු කෙමෙන්ට් එක
එක හුස්මට කියෙව්වා. දිගටම ලියන්න . ලියවිලි පිටුපස සිටි මිනිසාව කියවන්න දිගටම එමි
ReplyDeleteGood comment jp
Deleteමගෙ පුතා ඉපදුනු දවසෙ මං හිතාගත්ත, මගෙ බුලොග් රඑක එයාටත් ලියන්න දෙනව කියල කවද හරි. ඒ හැඟීම ලංකාවෙ තවත් තැනක ඉටු වෙලා තියෙනව දකින්න සතුටුයි.
ReplyDeleteගොඩක් හොඳයි සොහොයුරිය... දිගටම කරගෙන යං. ඔයාට අපේ ආදරණීය විචා ගෙ අඩුව පුරවන්න පුළුවන් වෙයි කියල ප්‍රාර්ථනා කරනව.
පොඩි ඩ්‍රැකි ලියන දවසට පොඩි මෙන්ඩ කෙමෙන්ට් කරයි
Delete+++++++++++++++++
Deleteඉතා හොඳයි. දැන් දුවට පුලුවන් profile name එක විචාරක දියණිය කියලා වෙනස් කරගන්න.
ReplyDeleteකිසිදා දැක නොතිබුනත් ඔබේ පියා මගේ හොඳ හිතවතෙක්.
බ්ලොග් එක අප්ඩේට් වෙලා දැක්කම මම හිතුවේ හැකර් කෙනෙකුගේ වැඩක් කියල. පස්සේ විචාරක දියණි කියල කොමෙන්ට් එකක් ආව දැන ගත්ත දුව තමා පටන් අරගෙන තියෙන්නේ කියල. මම එතනත් කොමෙන්ටුවක් දැම්ම. දේශකයා , ගස් සහ ප්‍රා ට ස්තුතියි විචා දියණිය දිරිමත් කළාට.
ReplyDelete//ඔහු පුහුණුගුරුවරයෙකු වූයේ විශේෂ අවශ්‍යතා ඇතිදරුවන් සඳහා වූ පාඨමාලාවය. එහිදී මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ එම පාඨමාලාවේ හොදම ශිෂ්‍යයා වීමට ඔහුට හැකිවිය. ඊට අමතරව සිංහල , සමාජ අධ්‍යයනය හා භූගෝලය ඔහුගේ විෂයන් විය. ඔහු සිංහල විෂය ඉගැන්නුවේ පොතෙන් නොව හිතින්ය . // විචා ගුරුවරයෙක් වෙලා හිටිය කියල දැන ගත්තේ මෙතැනින්. මට මිස් වෙන්න ඇති ඒ පෝස්ට්. අපි නොදන්නා විචා ගැන කතා ටිකක් අහ ගන්න හැකි වේවියි සිතමින් නවතිමි. සුභ පැතුම්.
සතුටුයි. දිගටම බ්ලොගය කරගෙන යාමට සුභ පැතුම්.
ReplyDeleteජයවේවා!!!
විචාරක දියණියනි ඔබේ ආගමනය මහත්ම සතුටකි. මුලින්ම මේ ලෝගො එක දුටුගමන් තිගැස්සුනෙමි. පසුව සතුට නිසාද දුක නිසාදැයි නොදනිමි ැසට කඳුලක් උනා ඇත. සුබපැතුම් දියණියනි
ReplyDeleteවිචා සෑර් බ්ලොග් ලිවීම හැකිතාක් නිවැරදිව කරන්ඩ උත්සාහ කළා.
ReplyDeleteඅක්ෂර වින්‍යාසයෙන් පටන් අරගෙන ව්‍යාකරණද අරකද මේකද සහ විශේෂයෙන්ම නිවැරදි අන්තර්ගතය ගැන බොහොම සැලකිලිමත් උනා.
පෝස්ට් එක ලියන්ඩ මහන්සිඋනා වගේම බ්ලොග් එක ලියා සන්තෝස උන බව දැනගෙන මාත් සතුටු උනා.
ඒවා ගැන කල්පනා කරන කොට නෙලුම්යායේ ලයිෆ් ටයිම් අවෝඩ් එක 'විචාරක'ගේ නමින් නම් කරන්ඩ කියා මම යෝජනා කරනවා.
විචා සෑර් දැන් නැහැ. අපට දුකයි නමුත් සෑර්ගේ බ්ලොග් කෙරුවාව ගැන අපට සන්තෝෂයි.
ඔබ දිගටම ලියාවි යයි සිතනවා, පුළු පුළුවන් විදියට අපිත් ඇවිත් බලලා යන්නං.
විචාට හම්බ වුනේ දෙවන අවුරුද්දේ එක නේද. /ඒවා ගැන කල්පනා කරන කොට නෙලුම්යායේ ලයිෆ් ටයිම් අවෝඩ් එක 'විචාරක'ගේ නමින් නම් කරන්ඩ කියා මම යෝජනා කරනවා.// යෝජනා කරලා බලමු.
Deleteහොද යෝජනාවක්.
Deleteසන්තෝසයි ඔබ මෙය දිගටම කරගෙන යාම, මම විචාරක මහතා ලියපු හරවත් ලිපි බොහෝ කියවා තියනවා නමුත් කොමෙන්ට් කරලා තියෙන්නේ සුලුගනනක පමණයි.
ReplyDeleteඔහුගේ වෙන්වයාම දරාගැනීමට ඔබට පහසු නැතිව ඇති නමුත් ඔහු ගෙන් සමාජයක් ලෙස අපි හැමෝම ඉගනගත් දේ බොහෝයි.
මෙය දිගට පවත්වාගන යාමට මගේ සුබපැතුම්.
බ්ලොග් එක නතර නොවී ආයෙ ලියන්න පටන් ගත්ත එක ගොඩක් වටිනවා... සුබපතනවා ඔයාට... ජයවේවා ...
ReplyDeleteවිචාරක මහත්තයා හැම වෙලාවකම වගේ කියවන්නට වැදගත් යමක් ලියපු කෙනෙක්. ඔහුගේ ලියවිල්ල කියවන්නට අපි ගතකරන කාලයට ඔහු තරම් සාධාරණයක් කල කෙනෙක් සිංහලෙන් බ්ලොග් ලියුවේ නැති තරම්. පුද්ගලිකව සම්බන්දයක් තිබුනේ නැති වුනත් ඔහු බොහොම අවංකව දෙයක් ලියපු කෙනෙක් වග ඔහු මියෙන්නට කලින්ම මම තේරුම්ගෙන තිබුණා. මට වඩා පරම්පරාවක් ඉහතින් සිටිය ඔහු ගැන බොහොම මිත්‍ර ශීලී ප්‍රිය ජනක සිතුවිල්ලක් තමයි අදත් තිබෙන්නේ. ඔහු වෘත්තීය ගැන වුනත් බොහොම වැදගත් කාරණා කතාකළ බව ඔබ දන්නවා ඇති.
ReplyDeleteදෙමවුපියන්ගේ බුද්ධිමය දේපල වල අයිතිය කොහොමත් දරුවන්ට නේ. අපෙන් වියෝ වුණ එතුමා වෙනුවෙන් කියවන්නට වැදගත් කමක් ඇති දේ ඔබ අතින් ලියවේවි කියා සිතනවා. මට මතක හැටියට නම් ඔබ වෛද්‍යවරියක්.
වෛද්‍යවරුන්/වරියන් කිහිප දෙනෙකුම නොයෙකුත් දේ ගැන බ්ලොග් ලියුවත් වෛද්‍ය විද්‍යාව පිළිබඳව එදිනෙදා දිවියට අපට පහසුවෙන් ග්‍රහණය කල හැකි දේ ගැන ලියවී තිබෙන්නේ අඩුවෙන්. ඇත්තටම එය ප්‍රමාණවත් නැහැ. ඔබට එම දිශාව ගැන සුළු අවධානයක් යොමු කල හැකි නම් ඉතා ස්තුති පූර්වක වෙනවා.
සාමාන්‍ය මිනිසුන්ට වෛද්‍ය තාක්ෂනය ගෙන යාමට ජපානය විශේෂයෙන් සැකසු වැඩසටහන් තමයි NHK-Medical Frontiers. ඔබට අනාගතයේ බ්ලොග් වලට ප්‍රයෝජනවත් විය හැකි සහයෝගයක් වශයෙන් ජපානයේ NHK හි Medical Frontiers වැඩසටහන් කිහිපයක වෙබ් සබැඳිය පහත දක්වනවා.
මෙතනින් Medical Frontiers බලන්නට පුළුවන්
සාමාන්‍ය මිනිසුන්ට වෛද්‍ය කරුණු ගෙන යාමෙහි ලා මෙය බොහොම සාර්ථක වැඩසටහනක් බවයි මම සිතන්නේ.
ගස් ලබ්බ ලියන මහත්මයා හැමවිටම වැදගත් දෙයක් ලියන්නට කෙනෙකු ධෛර්ය කරන කෙනෙක් බවත් මතක් කරන්න කැමතියි.
頑張って ください - Please do your best!!
Sayonara
සියලු දෙනාට බොහොම ස්තූතියි ඔබ සියලු දෙනාගේ ප්‍රතිචාර නිහතමානීව පිළිගන්නවා
ReplyDeleteඅනේ ලියන්න....ලියන විලාශය ඉතාම ඉහලයි....විචාරක තුමා මගේ හදවතේ ඉන්න හොදම බ්ලොග් ලිපි ලියන්නෙක්...මම මේ ලිපියෙන් දැනගත්තේ එතුමා ගුරු පියෙක් බව මුල් කාලෙ...එතුමා අසනීප වෙලා සිටින විට මම විස්තර දැනගත්තේ නලින් දිල්රුක්ෂ පත්තර කාරයාගෙන්....ඔබට & නැගණියගේ ඉදිරි ජිවන ගමනට මගෙන් සුබ පැතුම්.....(සමහර කමෙන්ට් දැම්මම ...හිටපු ගමන්...පුෂ්පය විකසිත වෙලා අපි දෙන්න රැඳු වෙච්චි වෙලාවල් තියෙනවා)එතුමාට නිවන් සුව......!
ReplyDeleteමගේ බොලොගයේ සදහන් කමෙන්ටුවකින් තප්පර දෙක තුනක් අන්දමන්ද උනත් ඊට පහල තිබූ කමෙන්ටුවකින් ඔබ කියා තිබූ පරිද්දෙන්ම නැවතත් ඒ විචාරකතුමන්ගේ දියණිය බව කියවුනා. එය මට අමතක නොවෙන කමෙන්ටුවක්
ReplyDeleteපියා ඔසවා සිට වූ ධජය දිගටම රැගෙන යන්න...ඔබට හදවතින්ම සුභ පැතුම්.....
ගස් ලබ්බට සහ දේශකයාට විශේෂ ස්තූතිය......
අද යම්කිසි දෙයක් ගැන සිතනවිට විචාව මතක් වුණා. බ්ලොග් එක අප්ඩේට් වෙලා කියල දැන් දැක්කා. දියණිය මේක පවත්වගෙන යනව කියන එක ඉතාම හොඳ ආරංචියක්
ReplyDeleteදිගටම ලියමු..
ReplyDeleteජ ය වේ වා !!!
Had to come and leave a comment.. Sorry about using English..
ReplyDeleteKeep up the good work.
විචාරක නැති අඩුව කිසිදිනක පිරිමැසිය නොහැකියි. ඒත් වෛද්‍යවරියක් විදිහට ඔබට අමුතුවෙන් කියා දිය යුතු නැහැනෙ ජීවිතයේ අනිත්‍යය භාවය. මගේ සුබපැතුම්!
ReplyDeleteමේ ලිපිය දැක්ක ගමන් ඇහැට කඳුලක් ඉනුව..වෙලාව ලැබෙන විදිහට දිගටම මේ සත්කාරය කරගෙන යන්න ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.. ජයවේවා..
ReplyDeleteඔබ වැනි දියණියක් පියෙකුට වාසනාවක්..
ඉතා සතුටුයි. දිගටම ලියන්න.
ReplyDeleteවිචාත් මෙහෙමයි.. හැකි හැම අවස්තාවක් ගැනම පින්තූර දානවා.. දිගට ලියනවා... තාත්තට හපන් වගෙ දෝනියන්දැ... විචා ගැන මතකයන් අවදි කරගෙනම ඔබගෙ ලිපි ඉදිරියේදි රස විඳින්න බාපොත්තුවෙනවා... ජය... ah.. welcome to the hell
ReplyDeleteමේක අප්ඩේට් වෙලා තියෙනවා දැක්කම දැනිච්ච සංතෝසෙ....
ReplyDeleteදිගටම ලියන්න අක්කා... විචා (අපි ආදරේට කියන්නෙ එහෙමයි) අපි අතරේ ඉන්නවා වගේ දැනේවි එතකොට
බ්ලොගය නැවතත් පටන් ගැනීම ගැන ස්තූතියි - උඩින් කෙන්කියුෂා දාලා තිබ්බ ලින්ක් එක වැදගත් බව සිතෙනවා - ඔබේ වෘත්තියට අනුවම වෛද්‍ය විද්‍යාත්මක කරුණු ගැන සාමාන්‍ය ජනතාව දැනුවත් කරන්න යම් උත්සාහයක් දරනවා නම් ගොඩක් වටිනවා
ReplyDeleteහුඟක් සතුටුයි... දිගටම ලියන්න...
ReplyDeleteහදවතින්ම අපි සුබ පතනවා...
හැකි විදිහට ලියන්න .. සුබ පැතුම් .. !!
ReplyDeleteසතුටක් මේ බ්ලොග් සටහන ආයෙත් අළුත් වනවා දැකීමම.
ReplyDeleteස්තුතියි
අසන්න....දකින්න....සොයන්න...
ReplyDeleteදියණිය ඔබට ජයෙන් ජය පතමි.
උණුසුම් සුබපැතුම්. විචාරකතුමාගේ බ්ලොග් එක දිගටම අප්ඩේට් කරන එක ලොකු දෙයක්. කණගාටුයි එතුමාගේ අවමගුලට සහභාගී වෙන්න නොලැබීම ගැන. නෙලුම් යායේ ලයිෆ් ටයිම් අවෝඩ් එක 'විචාරක'ගේ නමින් නම් කරනවා නම් මාත් කැමතියි. ඔබට ජය...!
ReplyDeleteපෝස්ට් එකක් වැටිලා තියෙනවා දැකල එක පාර පොඩ්ඩක් කුතුහලයක් ආවා...
ReplyDeleteකොහොම උනත් මේක ඉතාම වටිනා වැඩක්...
සුබ පැතුම් නැගණියනි! විචාරකතුමා නැති බ්ලොග් ලෝකේ නිකං පරිප්පු නැති හෝටලය වගේ. හැකි සෑම විටම ලියන්න.
ReplyDeleteවිචා නැති අඩුව මැකේවී.. සුපැතුම් දුවේ...
ReplyDeleteමෙතරම් ප්‍රතිචාර ලබෙවියැයි මම බලාපොරොත්තු නොවුනෙමි. මම කිසිදු ආකාරයේ වෙනස්කමකට මේ බ්ලොග් පිටුව භාජනය නොකරන අතර, විචාරක යටතේ විචාරක දියණිය ලෙස ලියමි. නිවැරදි කිරීමක් කලයුතුව ඇති අතර වෛද්‍යවරිය මගේ නැගණියයි. මම රජයේ නිලධාරිනියක් වෙමි.
ReplyDeleteවිචා අයියා වඩාත්ම සතුටු වන දවස..... ආදරණීය විචා අයියේ ඔබට සුභ ගමන්.
ReplyDeleteසුබ පැතුම් ඔබට. ඇත්තටම හොඳ වැඩක්. අඛන්ඩව බ්ලොගය පවත්වාගන යාමට ශක්තිය ලැබේවා
ReplyDeleteබ්ලොග් ආගමනයට සුබ පැතුම්!
ReplyDelete//අකුරු වල නියම හැඩය අලංකාර ලෙස ලිවිය හැක්කේ තීන්ත පෑනෙන් වීම// සහතික ඇත්ත. මා ද ෆවුන්ටන් පෑනට හුරු හා ප්‍රිය කෙනෙකි, දරුවන්ට ද හුරු කරේ එහෙමයි. විදේස් රටක ඉගෙන ගත් දරුවෝ ලංකාවට ආවාට පසුව පාසැලේ බලකිරීම මත බෝල් පොයින්ට් පෑණට මාරුවෙන්න වීමේ ප්‍රථිවිපාක ඇත.
ඉතාම සතුටු දිනයක්. එතුමාගේ පිටුව අප්ඩේට් වෙලා තියෙනව දැක්කම හිතට දැනුන දේ සතුටක්ද දුකක්ද කියල කියන්ඩ තේරෙන්නෙ නැති උනත් ඔබ විසින් මේ කරන්නට යන්නා වූ කර්තව්‍යය සර්ව සම්පූර්ණ වේවා යැයි පතමි. ඔඛෙ පියානන්ට අමා මහ නිවන් සුව පතමි.
ReplyDeleteනියමයි අක්කේ...දිගටම ලියන්න සුබ පැතුම්
ReplyDeleteස්තුතියි බ්ලොගය නැවතත් පටන් ගැනීම ගැන. විචරක අභාවප්‍රාප්ත වූ බව මා දැනගත්තේ ද සති තුනකට පසුව බ්ලොගය බැලීමෙන්. එම කොමන්ටු දැකීමෙන් මා ද ඉතා කම්පනයකට පත් උනා. ඒ දිනවල මාගේ විවාහය සිදු වුනා. මා කියවූ එකම බ්ලොගය මෙම බ්ලොගයයි. විචා නිසා "http://transyl2014.blogspot.ca/" බ්ලොගය මේ දිනවල කියවනවා. එයත් ඉතා හර, බර බ්ලොගයක්. විචාරක මෙලොව කරගත් සියලු කුසල් වල බලයෙනුත්, අප මෙතක් කල සියලු කුසල් වල බලයෙනුත් ඔහුට ඉතා ඉක්මනින් නිවන් සාක්ශාත් කරගැනීමට ලැබේවායි ප්‍රර්ථනා කරමි.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි විචාරක බ්ලොග් එකට නැවතත් පන දුන්නට. මම එතුමාව මුණ ගැසෙන්න ගොඩක් ආසාවෙන් හිටියා.ඒත් රාජකාරි ස්වභාවයන් නිසා නොහැකි උණා. අඩුම තරමේ එතුමාගේ අවසන් ගමන් යන මොහොතේත් මම පරාද උණා.
ReplyDeleteඇත්තටම එතුමාගේ අභාවය මගේ ඇස්වලට කදුලක් උණා.
මේජර් ගුණරත්න ඔබට අජරාමර නිවන් සුව.
Capt KWSR
මේ ලෝකෙ මිනිස්සු ගොඩත් මැරෙන්නෙ පිස්සු නටල . විචාරකතුමා වගේ මේ ලෝකයට යමක් ඉතුරුකරල මරෙන අය අඩුයි
ReplyDeleteඅපිත් ආවෝ...
ReplyDeleteවිචාරක නැන්දිට ජෑ මා කාලී -
බොහොම ස්තූතියි. සියලුම ප්‍රතිචාර ඉහලින් අගය කරනවා
ReplyDeleteඇස්වල කඳුළක් තියන් ලිපිය කියෙව්වේ... දිගටම ලියන්න. විචාරකතුමාට වගේම විචාරක දියණියටත් බ්ලොග් ලොවේ අප්‍රමාණ ආදරය ලැබෙන බව නිසැකයි.
ReplyDeleteඅක්කේ ..
ReplyDeleteඅපි සිංහල මිනිස්සු .නෑදෑ කමින් සහෝදර කමින් එකිනෙකා අමතලා කතා කරන එක අපේ පුරුද්ද නිසා එහෙම කට පුරා "අක්කේ " කියලා කතා කලේ .මම මේ අන්තර්ජාල ලෝකේ බ්ලොග් කියවන්න පටන් ගත්තේ ඔයාගේ ආදරණිය තාත්තා නිසා.විචාරකතුමගේ බ්ලොග් ලිපි වලින් ගත්තු දැනුම නම් බොහොමයි .එත් හිතට දැනෙන්නේ මහා සයුරකින් දිය දෝතක් විතරක් අපිට ලැබුන කියන එකයි.ලියන්න අක්කේ .අපිට පුළුවන් වෙලාවකට ඇවිත් කියවන්න එන්නම් .සුබපැතුම්
බොහොම ස්තුතියි
Deleteඅදට අවුරුදු හතරක් විචාරකතුමා.. ඉන්න තැනක රස කතා නම් ඇහෙනවා ඇති නේද?
ReplyDelete