හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

27 February 2021

සුුබ උපන් දිනයක් තාත්තේ...................



මතකය ඇසුරින් සිහියට ගන්නට තවමත් වෙහෙසෙනවා

ඔබ නැති දිවියේ  පාළුව තනිකම හැමදා රජයනවා 

ජීවිතයේ ඇති අනියත භාවය සැමවිට සිහිවෙනවා 

එනමුත් තවමත් සිත ඇතුළින් අපි  හැමදා හඬා වැටෙනවා........................



ජීවිත ගමනේ හැටතුන් වියේදී ඔබ අප වෙන්වෙනවා 

එනමුත් තවමත් ඔබේ උපන් දා අපි ඔබ  අගයනවා

අදත් එවන් දිනකි  මේ වසරේ  අපි ඔබ අමතනවා 

නිවන් පතන්නට දිව නෑ නැමෙන්නෙ  සිත  ඔබ ඉල්ලනවා

මතු භවයේදී අපේ පියා ලෙස පැතුමක් ගෙන එනවා .....................


සිවු වසරක් අපි ඔබේ උපන්දා පිං දම් පුදදෙනවා 

ඒ පින් බලයෙන් නිවි සැනහියන්  අපි හැම පවසනවා...............................



විචාරක දියණිය
පස්වරු 1800 පැයට

24 comments :

  1. Your father was an officer and a gentleman

    ReplyDelete
  2. Replies
    1. thank s for your comment
      vwicharaka diyaniya

      Delete
  3. එතුමාගේ විශ්වාසයන්‍ අදහස් කර සිටිය දේ එතුමාය හැමකල්හි සපල වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට‍
      විචාරක දියනිය

      Delete
  4. මහත්මා ගුන සපිරි නිලධාරි තුමාට මගේ උපහාරය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට
      විචාරක දියණිය

      Delete
  5. ඔහුට පතනා නිවන්සුවක් අත් වේවා

    ReplyDelete
  6. Replies
    1. විචාරකතුමා 2017 අවුරුද්දෙ අප්‍රේල් මාසයේ මිය ගියා
      විචාරක දියනිය

      Delete
    2. විචාරකතුමා 2017 අවුරුද්දෙ අප්‍රේල් මාසයේ මිය ගියා
      විචාරක දියනිය

      Delete
  7. සුබ උපන්දිනයක් විචාරකතුමනි!

    ReplyDelete
  8. අනේ මන් මේ web එක කියවන්න ගතේ මුල ඉදන් . මේ ලඟකදි ඉඳන් . මේ web එක ලියපු සර් නැතිවෙලා කියලා දන්නේ dhAnui මේ camment Eka ලියන වෙලාවේ. මට (අන්තිම සුුබ උපන් දිනයක් තාත්තේ...................
    ) මේක කියවනකොට . ඇතටම මට ලොකු කණගාටුවක් dhAnune . මන් මේ වෙනකං හිතන් හිටියෙ මේවා ලියන සර් තාම ජීවත් වෙනවා කියලා. athattama මන් සර් ලියපුවාවලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා . බොහොම ස්තූතියි සර්ට . මේ දේවල් කියලා දුන්නු එකට . සර් නිවන් සුව!...........

    ReplyDelete
  9. අනේ මන් මේ web එක කියවන්න ගතේ මුල ඉදන් . මේ ලඟකදි ඉඳන් . මේ web එක ලියපු සර් නැතිවෙලා කියලා දන්නේ dhAnui මේ camment Eka ලියන වෙලාවේ. මට (අන්තිම සුුබ උපන් දිනයක් තාත්තේ...................
    ) මේක කියවනකොට . ඇතටම මට ලොකු කණගාටුවක් dhAnune . මන් මේ වෙනකං හිතන් හිටියෙ මේවා ලියන සර් තාම ජීවත් වෙනවා කියලා. athattama මන් සර් ලියපුවාවලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා . බොහොම ස්තූතියි සර්ට . මේ දේවල් කියලා දුන්නු එකට . සර් නිවන් සුව!...........

    ReplyDelete
  10. මාස කිහිපයක් පසුවෙලා වුනත් කොමෙන්ටුවක් දාන්න පුළුවන් වුණු එක ලොකු දෙයක්. සංවේදී සටහනක්.

    ReplyDelete
  11. I was never a friend of him, but its eye opening that blogging died with bloggers like everything in this world.

    ReplyDelete
  12. විචාරක තුමා අපිට හිටිය ජේෂ්ඨම බ්ලොග් ලියන්නෙක්. ඒ කිවුවේ වයසින්. නැතිනම් අපි දෙදෙනාම ළඟ-ළඟ මාස වල ලිවිල්ල කරපු අය. එතුමාගේ මතක ගබඩාව නොසිඳෙන එකක්. ඉතාම ඉක්මණින් පොස්ට් වැටෙන බ්ලොග් එකක්. ඒ වගේම අපි කාටත් කමෙන්ට් කරන්නත් එතුමා වග බලා ගත්තා. දියණිය මේක කරගෙන යන්න ගත්ත එක හොඳයි. නැතිනම් අපිට මේ බ්ලොග් එක අමතක වෙන්නත් පුළුවන්. එක් වතාවක් හරි අපිට හමු වෙන්න ලැබීම සතුටක්. දැන් බොහෝදෙනෙක් බ්ලොග් ලිවිල්ල අත් හැර දාලා. අපිත් යලට-මාහට තමයි පොස්ට් එකක් දාන්නේ. මගේ මවත්-පියත් පහුගිය අවුරුද්ද ඇතුලත නැති වුණා. ඉන්නකම් හිත පිරිලා, තිබුණත් දැන් අපි අතරමං වුණා වගේ හැඟීමක් හිතට දැනෙනවා. වෙලාවකට ඉන්නවා වගේ හිතට දැනෙනවා. නමුත් මොහොතකින් නැහැ නේද කියළා පසක් වෙනවා. මොනවා හෝ ජයක් ලැබූ විට වෙනදා කථා කරන ඒ දෙන්නා නැති වුණාම, කිසිම දිනුමක් වැඩක් නෑ කියලත් හිතෙනවා. එතුමා යළිත් අප අතර ඉපදෙන්න ඕනේ දිගු ආයුෂත් ඇතිව.

    ReplyDelete
  13. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න

    ReplyDelete
  14. Online Slots Machines with Slot Machines with Slot Machines With Slot Machines
    At Jammy 논산 출장샵 Games, we 제주 출장샵 have 안산 출장마사지 the biggest 서귀포 출장샵 selection of slot machines with only 동해 출장안마 a few hundred of them. Choose from over 60 exciting slots machines with slots machines

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }