හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

22 December 2019

අටවැන්න

කුඩා ළමුන් බොහෝ විට අත්හදාබැලිම්වලට පෙළඹෙන්නේ ඔවුන් කුඩා වයසේදී සියලු දෑ ඉගෙන ගන්නේ තම ජීවතවන පරිසරයේ  අහන්නට දකින්නට ලැබෙන දෑ සමග අත්හදා බැලීම් සිදුකරමින්ය. 1979  මාර්තු 18 වන දාක සිය පළමු පත්වීම ගුරුවරයෙකු ලෙස තම උගත් පාසලටම ලබාගනිමින් තම රාජ්‍ය සේවය ආරම්භ කළ මගේ පියා 1981 දි ස්වේච්ඡා හමුදාවට යොමුවන්නේ එවකට යුද්දයේ ආරම්භක අවධියේ පුහුණු  කැඩේට් භටයන්ට කැමතිනම් හමුදා සේවයට එක්වීමට අවස්ථාව ලැබෙන නිසාය. එසේ ස්වේච්ඡාවෙන් හමුදා සේවයට එක්වන මගේ පියා 1983 අධිකාරිලත් දෙවන ලුතිතන්වරයෙකු ලෙස ස්ථිර  සේවයට එන්වන අතර ඔහු 2009 පෙබරවාරි 27 මේජර්වරයෙකු ලෙස විශ්‍රාම ගියේය. 


එතැන් සිට ඔහු තම විශ්‍රාම දිවිය අර්ථවත්ව ගතකරන්නට නෙයෙකුත් කාර්යන්වල නිරතවිය. ඔහු කුඩාකල සිට ඉලෙක්ට්‍රෝනික මෙවලම් කෙරෙහි දක්වන්නේ තදබල ඇල්මකි. එය ඔහුගේ පවුලේ වැඩිමහල් සහෝදරයාටත් තිබුණි. ඔහුගේ මාර්ගයෙන් මගේ පියා රේඩියෝ සහ රූපවාහිනි අලුත්වැඩියාව ආදී නොයෙකුත් දේ ඉගෙනගත්තේය. ඔහුට එම හැකියාව ජන්මයෙන්ම ලැබුණු දෙයක් යැයි මට හැගෙන කරුණයි.  ඒ කටයුතු නැවත ඔහු ආරම්භකළේ  ඔහුගේ විශ්‍රාම දිවිය තුළය.  කෙසේ වෙතත් පරිගණකය ඔහුගේ සදාතනික මිතුරා බවට පත්වන්නට වැඩිකාලයක් ගත නොවුණි.  ඒඅනුව 2011 පමණ වන විට  ඔහු පරිගණකය සමග ගනුදෙනු කිරිම තම ප්‍රථම රාජකාරිය කර/ත්තේය. ඔහු එහි තිබෙන අලුත් අලුත් දේ අත්හදා බැලිම් කළේ ය. 

ඒ අනුව ඔහු  2011 දෙසැම්බර් 15  ඔහු  තම මුල්ම බ්ගොග් පෝස්ටුව වාක්‍ය 2කින් ආරම්භ කළ අතර  එයට ලැබුණු ප්‍රතිචාර 5කි.  


ඒ අනුව  මෙම වසරේ දෙසැම්බර් 15 වන දා මෙම බ්ගොග් අඩවිය සිය අටවැනි කඩයිම පසුකරන ලදී.   

ඔහුට තිබුණ ලේඛන හැකියාව හා ඔහු සතු දැනුම අන් අය සමග බෙදා හදා ගැනීමටත්,  විවේකය  ඵලදායි ලෙස යොදා ගැනීමටත්  ඔහු මෙය යොදාගන්නා ලදී.  මිය යනතුරුම ඔහු මෙයට සක්‍රිය දායකත්වය සැපයූ අතර, ඔහුගේ අවසන් ලිපිය කාලෝ ෆොන්සේකාගේ ගිනි පෑගිල්ලයි. එම ලිපිය සඳහාඳ ඉතා හොඳ ප්‍රතිචාර ලැබී තිබුණි.   2016 දෙසැම්බර් 30 වනදා හදිසියේ රෝගාතූර වූ ඔහු 2017 අප්‍රේල් 28 වනදා සදහටම දෙනෙත් පියා ගත්තේය.  ඔහු බ්ලොගයට ආදරය කළ හැටි මම සියසින් දුටුව නිසා මෙය ඉදිරියට පවත්වාගෙන යන්නෙමි. මේ සඳහා විශේෂ ස්තූතියක් ගස්ලබ්බා මහතාට හා දේශකයා මහතාටත් මාගේ ලිපිවලට ප්‍රතිචාර දක්වන අනෙක් බ්ලොග්කරුවන් සියලු දෙනාටත්  සිදු කරමි . 


නම් නොකීවාට තරහා නොවේවා !



විචාරක දියණිය.පෙ. ව .  11. 00 පැයට 



12 comments :

  1. විචාරකතුමා මේ බ්ලොගයෙන් බෙදපු සුවිශාල දැනුම් සම්භාරය ඒ අයුරින්ම ඔබට කරන්නට නොහැකිවුවත් ඔහුත් සමගින් මේ බ්ලොගය මිහිදන් නොකර මිය යාමට නොදි තබාගැනිම ගැන ස්තූති කරමි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ දිරිගැන්වීමට ස්තූතියි.
      විචාරක දියණිය

      Delete
  2. හැම තාත්තෙකුටම ඔය වාසනාව ලැබෙන්නෑ නේ... තමන්ගෙ ලිවීම දිගටම කරගන යන දරුවෙකු සිටීම...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට
      විචාරක දියණිය

      Delete
  3. Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++
      විචාරක දියණිය

      Delete
  4. මුලින් බ්ලොගය වර්ඩ් ප්‍රෙස් එකකි. සමගාමී බ්ලොගර් අඩවිය ඇරඹුවේ ඉන් කලකට පසුව ය. මේ ඔබ ගෙන යන්නේ එයයි.

    ඔහුගේ ලිපියක අන්තර්ගතයට විරුද්ධව මා තැබූ ප්‍රතිචාරයක් නිසා පොඩි පහේ වලියක් ගිය නමුත් පසුව මගේ ඇරයුම පරිදි 2014 අවුරුදු සමයේ දී මිතුරු වීමු. අවසන්වරට දුටුවේ 2016 මාර්තු 26 දින ය.

    ReplyDelete
    Replies
    1. ක්ෂනික කෝපයක් ගියත් එහු ඒවා හිතේ තියාගන්නා පුද්ගලයෙක් නොවේ. ඔබේ ප්‍රතිචාරයට තුති්‍
      විචාරක දියණිය

      Delete
  5. ඔබගේ පියාගේ සොහොයුරා කර්නල් ගුණරත්න මට හමුවී තිබේ

    ReplyDelete
    Replies
    1. මිට වසර පහළවකට පමණ පෙර අද වැනි දිනෙක ඔහු අපෙන් සමුගන්නා ලදී.
      විචාරක දියණිය

      Delete
  6. ඔහුගේ මතකය හැමදාම අලුත් වෙනවා.. අටවෙනි සැමරුමට සුභ පැතුම්!

    ReplyDelete
  7. බොහොම හොඳ ලිපියක්. සුභ පැතුම්!

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }