හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

23 February 2013

අපි අහපු වෑර්ලස් (දෙවැනි කොටස) – Vintage Radio Sets (Part Two)


LabuKendit  අපි අහපු වෑර්ලස් පළමුවැනි කොටසට ඔබෙන් ඉතා සතුටුදායක ප්‍රතිචාර ලැබී තිබුනා. මා මේ ලිපියේ පළමුවැනි කොටස ලියද්දී සිතුවේ නැහැ මෙපමණ ප්‍රතිචාර ලැබෙයි කියා. නමුත් ඔබ අතරින් බොහෝ දෙනෙක් මේ විෂයයට ඇළුම් කරන බව දැනගන්නට ලැබීම සතුටක්. ඒ දිරිමත් කිරීම නිසා ඒ ලිපියේ දෙවැනි කොටස මෙසේ ඔබ අතට පත්කරනවා. පසුගිය ලිපියේදී ඔබෙන් බොහෝ දෙනෙකුගේ අවධානය වෑල්ව් රේඩියෝ වලට යොමුවී තිබුනා. ඒ නිසා වෑල්ව් ගැන තවත් තොරතුරු ටිකක් මේ ලිපියෙන් කියන්නම්.
  වෑල්ව් හෙවත් Vacuum Tube නිපදවීමේ ඉතිහාසය 18 වැනි ශතවර්ෂයේ අග භාගය තරම් ඈත අතීතයකට ඇදී යනවා. කෙසේ වෙතත් සාර්ථක සහ කාර්යක්‍ෂම වෑල්ව් නිපදවීම ආරම්භ වුනේ 19 වැනි සියවසේ මුල් භාගයේදීයි. මා පසුගිය ලිපියෙන් ඔබට කිව්වා මතක ඇති, වෑල්ව් එකක් සාමාන්‍යයෙන් සිලින්ඩරාකාර හැඩයෙන් යුක්තයි කියලා. පසුගිය ලිපියේදී මා ඔබට වෑල්ව් වල පින්තූරයක් පෙන්නුවා මතක ඇති. මෙවර පෙන්වන්නේ වෑල්වයක සැකැස්ම කෙබඳුද කියන එකයි. 
  tworks_fig3[1]වෑල්ව් එකක ක්‍රියාකාරිත්වය සංකීර්ණ එකක් නිසා මා ඒ ගැන විස්තර කියන්න යන්නේ නැහැ. මේ රූපය දුටු පමණින්ම ඔබට ඒ සංකීර්ණත්වය ගැන අදහසක් ඇතිවෙයි කියා සිතනවා. පින්තුරයේ මැද තියෙන්නේ වෑල්ව් එක. වටේට කුඩා රූප වලින් දක්වලා තියෙන්නේ එහි ඇතුලත සවිකර ඇති කොටස්. එයින්ම ඔබට වැටහෙනවා ඇති වෑල්ව් එකක් කොතරම් සංකීර්ණද කියා. වෑල්ව් ගැන මම මෙතරම් කතා කරන්නේ හේතු කීපයක් නිසා. එක. වෑල්ව් කියන්නේ ගුවන්විදුලි/රූපවාහිනී කාර්මික ශිල්පයේ මහා විප්ලවයක්. දෙක. වෑල්ව් අදත් පාවිච්චි කරනවා. තුන. ට්‍රාන්සිස්ටර් සහ අයි.සී. අතහැර නැවත වෑල්ව් වෙත යාමේ අදහසක් සමහර ඉලෙක්ට්‍රොනික විද්‍යාඥයන් තුල තිබෙනවා. සමහරවිට ඒ අදහස නුදුරු අනාගතයේදී ක්‍රියාත්මක වෙන්න පුළුවන්.
  06අද කාලයේ කොහෙද වෑල්ව් පාවිච්චි කරන්නේ කියන ගැටලුව සමහරවිට ඔබට ඇතිවෙන්න පුළුවන්. ගුවන්විදුළි/රූපවාහිනී විකාශන යන්ත්‍රවල විකාශන බලය පිට කරන කොටසේ (output stage) තිබෙන්නේ වෑල්ව් එකක් හෝ දෙකක්. එවැනි විකාශන යන්ත්‍රයකින් සාමාන්‍යයෙන් අවම වශයෙන් කිලෝවොට් 10 ක වත් බලයක් පිටකරනවා. ඒ සඳහා ට්‍රාන්සිස්ටර් හෝ අයි. සී. යොදාගනීම සාර්ථක නැති නිසයි වෑල්ව් යොදාගන්නේ. මේ සමග ඇති රූපයෙන් පෙන්වන්නේ රූපවාහිනී විකාශන යන්ත්‍රයක ඇති වෑල්ව් එකක්. හිතාගන්න පුළුවන් නේද එහි විශාලත්වය. මෙවැනි වෑල්ව් වීදුරු ආවරණයක් සහිතව හදන්න බැහැ. එයට හේතුව මෙවැනි වෑල්ව් ක්‍රියා කරන විට ඉතා අධික ලෙස රත්වීමයි. වීදුරු වලින් හැදුවොත් පුපුරන තරම් උෂ්ණත්වයක් ඇතිවෙනවා. ඒ නිසා මෙවැනි වෑල්ව් සාදන්නේ පිඟන් මැටි (ceramic) ආවරණයක් සහිතවයි. එමෙන්ම මෙවැනි වෑල්ව් වලට විශේෂ සිසිලන වායු ධාරාවක් නොකඩවාම වදින ලෙස සකසා තිබෙනවා. නැත්නම් වෑල්වය බෝම්බයක් වගේ පුපුරනවා.
  Tubesවෑල්ව් වලින් ක්‍රියාත්මක වන ඕනෑම ගුවන්විදුලි/රූපවාහිනී/ශබ්ද විකාශන/පටිගත කරන/ යන්ත්‍රයකින් පිටවන උෂ්ණත්වය පැහැදිලිව දැනෙනවා. මේ නිසා එවැනි යන්ත්‍ර වලට ඉතා හොඳ වාතාශ්‍රයක් ලැබෙන ආකාරයටයි එහි කැබිනට්ටුව සකස් කර තිබුනේ. එමෙන්ම වෑල්ව් ක්‍රියාකරන විට එහි ෆිලමන්ට් එකෙන් පුංචි එළියක් විහිදෙනවා. මේ පින්තූරයේ තිබෙන්නේ වෑල්ව් වලින් ඒ වගේ එළියක් විහිදෙන ආකාරයයි. ඉතින් මේවගේ වෑල්ව් වලින් ක්‍රියාකරන ගුවන්විදුලි යන්ත්‍ර තමයි රේඩියෝ කියන දේ මා හඳුනාගත් කාලයේ දී තිබුනේ.
  වෑල්ව් ගුවන්විදුලි යන්ත්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තිබුනා. එකක්, ප්‍රධාන විදුලියෙන් ක්‍රියාකරන වර්ගය. අනික තමයි බැටරි වලින් ක්‍රියාකරන වර්ගය. මේ බැටරි වලින් ක්‍රියාකරන වර්ගයත් කොටස් දෙකක් තිබුනා. ඒ තමයි කාර් බැටරි වලින් ක්‍රියාකරන වර්ගය සහ ඩ්‍රයි බැටරි වලින් ක්‍රියාකරන වර්ගය. ප්‍රධාන විදුලියෙන් ක්‍රියාකිරීම අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැනේ. දැනුත් අපි ගුවන්විදුලි රූපවාහිනී යන්ත්‍ර ක්රියකරවන්නේ ප්‍රධාන විදුලියෙන් නේ. ඇතුලත උපකරණ වෙනස් වුනත් න්‍යාය එකයි. කාර් බැටරියකින් ක්‍රියාත්මක වෙන ගුවන්විදුලි යන්ත්‍රයක් මා කුඩා කාලයේ අපේ ගෙදර තිබුනා. ඉතින් බැටරිය බැස්සම? අනේ. . . .  . නගරයට ගිහින් බැටරිය චාජ් කරගෙන එනතුරු හුළං තමයි. 
 7976055072_892d5db0a3_z ‘ඩ්‍රයි බැටරි’ කියන වචනය ඔබෙන් සමහර අයට කුතුහලය දනවන්නක් වෙනවා ඇති. ඩ්‍රයි බැටරි කියන්නේ වියළි බැටරි කියන එක නේ. ඉතින් තෙත බැටරි නැත්නම් ‘වෙට් බැටරි’ කියලා ජාතියකුත් තියනවද? තියනවා නේන්නම් ඇයි කාර් බැටරි? ඒවාගේ ඇතුළේ ආසෘත ජලය සහ අම්ල තියනවා නේද? එතකොට වියළි නැහැනේ. අපි අපේ ගෙදර තිබෙන දුරස්ථ පාලක, ඔරලෝසු, විදුලි පන්දම්, ආදියට යොදන්නේ වියළි කෝෂ නේ. ඉතින් මේ වෑල්ව් රේඩියෝ වැඩ කලෙත් විශේෂ වියළි කෝෂ වර්ගයකින්. ඒ වියළි කෝෂය පොඩි කාඩ්බෝඩ් පෙට්ටියක් වගේ. මට කියන්න අමතක වුනා, මේ වෑල්ව් රේඩියෝ වලට බලය සපයන්නේ අමුතුම ක්‍රමයකට. ඒ සඳහා බල සැපයුම් මාර්ග දෙකක් ලබාදිය යුතුයි. එකක් තමා වෑල්ව් වල ෆිලමන්ට් සඳහා වෝල්ට් 1.5 ක විදුලි බලයක් (සරල ධාරාවක්) ලබාදිය යුතුයි. එය හඳුන්වන්නේ LT  = Law Tension Current කියලයි. ගුවන්විදුලි යන්ත්‍ර පරිපථයේ සෙසු කොටස් සඳහා වෝල්ට් 9/12/15/13.5/15 වැනි ඒ ඒ පරිපථය අනුව ගැලපෙන විදුලියක් ලබාදිය යුතුයි. (සරල ධාරාව)  එය හඳුන්වන්නේ HT = High Tension Current කියලයි. ඉතින් අර ඩ්‍රයි බැටරියේ ඇතුලත තිබෙනවා සැකසුම් දෙකක්. එකක තිබෙන්නේ අපි විදුලි පන්දම් වලට යොදන බැටරි කෑලි වලට වඩා මඳක් උස බැටරි කෑලි. එයින් තමා 1.5 විදුලිය ලබාදෙන්නේ. ඒවා සමාන්තරව අමුණා තිබෙන්නේ. (parallel circuit) අනෙක් කොටසේ තිබෙන්නේ අඟල් 1.5 x 1.5 පමණ දිග පළලින් යුත් සෙන්ටිමීටර් තුන්කාලක පමණ ඝනකමකින් යුත් පැතලි බැටරි කෑලි 10ක් පමණ එකමත එක තබා කුඩා හතරැස් කණු ලෙස පෙනෙන ආකාරයට සකසන ලද ඇටවුම් කීපයක්. මේ ඇටවුම් ද සමාන්තරව අමුණා තිබුනා. මේ සියල්ල තමයි අර පෙට්ටිය ඇතුලේ තිබුනේ. නියම ඩ්‍රයි බැටරියක පින්තූරයක් හොයන්න උත්සාහ කලත් හරිගියේ නැහැ. ඒ නිසා ආසන්නයෙන් යන පින්තූරයක් දෙන්නේ.  
  UX_baseබැටරියේ සිට රේඩියෝවට බලය ගෙනයන්නේ වයර් 4 කින්. ඒ කියන්නේ HT, LT බල සැපයුම් මාර්ග දෙක. ඒ වයර් හතර බැටරියට සවිවන්නේ පින් 4 ක ප්ලග් එකකින්. මේ බැටරි නැවත ආරෝපණය කල නොහැකියි. බැටරිය බැස්සම විසිකරලා වෙන එකක් ගෙනෙන්න වෙනවා. අම්මෝ……. ඒ කාලේ අපි වගේ අයට ඒ බැටරියක මිල දැරිය නොහැකි තරම්. මට මතක හැටියට රු 45 – 60 අතර. හොඳම බැටරි වර්ග වුනේ ‘එවරෙඩි’ සහ ‘බෙරෙක්’ යන වර්ග දෙක. ඉවත්කළ පරණ බැටරියේ අර පැතලි හැඩයේ කෑලි, බට්ටෝ පනින්න ගන්නවා මට මතකයි. බැටරිය බැහැලා ගියාම අව්වේ වරුවක් තියලා ගත්තම පැයක් විතර අහන්න පුළුවන් රේඩියෝ එක. අපේ අක්කලාට, අලුත් බැටරියක් ගේන දවස හරියට මනමාලියක් කැන්දාගෙන එනවා වගේ. විනෝදයක් කියලා එච්චරනේ දෙයියනේ තියෙන්නේ. ඔබ දන්නවනේ අපි රූපවාහිනී යන්ත්‍රයේ ස්විච් එක දාපු ගමන් පින්තූර පෙනෙන්නේ නැතිබව. තත්පර කීපයක් යනවා. මේ වෑල්ව් රේඩියෝ වල ස්විච් එක දාපු ගමන් ශබ්දය එන්නේ නැහැ. රූපවාහිනී යන්ත්‍රයකට වඩා වැඩි වෙලාවක් ගන්නවා. සමහරවිට තත්පර 10 ක් 15 ක් පමණ. එයට හේතුව වෑල්ව් වල ෆිලමන්ට් එක පත්තුවීමට ගතවන කාලයයි. දැන්නම් අපි සෑමවිටම වගේ උනන්දු වෙන්නේ ජපානයේ නිෂ්පාදිත ගුවන්විදුලි/රූපවාහිනී යන්ත්‍ර මිලදීගන්නයි. නමුත් දැන් එන්නේ චීනයේ හෝ මැලේසියාවේදී එකලස් කල ජපන් නම සහිත යන්ත්‍ර. ජපානයේම නිෂ්පාදිත යන්ත්‍රයක් කාර් එකක් තරම් මිල වෙයි කියලා මගේ මිත්‍රයෙක් කිව්වා. අපි කුඩා කාලයේදී දකින්නට ලැබුනේ යුරෝපීය රටවල නිෂ්පාදිත ගුවන්විදුලි යන්ත්‍ර පමණයි. එයින් කීපයක් ඔබට හඳුන්වා දෙන්නම්. ඒ ඒ රේඩියෝව නිපදවූ සමාගමේ ලාංඡනයද දක්වා තිබෙනවා. මේ සියල්ලම ප්‍රධාන විදුලියෙන් හෝ බැටරි බලයෙන් ක්‍රියාකරන වෑල්ව් රේඩියෝ. 
බුෂ් රේඩියෝව ජර්මනියේ නිෂ්පාදනයක්.  
Bush Radiobushගෘන්ඩිග් රේඩියෝවත් ජර්මන් නිෂ්පාදනයක්
Grundig
 Grundig Logoතවත් ජර්මන් නිෂ්පාදනයක් බ්ලවුපුන්ක්ට් (නිල් තිත – Blue Dot)
Blaupunkt
blaupunkt-logo
ටෙලිෆන්කන් රේඩියෝවත් ජර්මන් නිෂ්පාදනයක්
telefunk-55sm
Telefunken_logo_svg
නොර්ඩ්මන්ඩි රේඩියෝව ඕලන්ද නිපැයුමක්
Nordmende
ෆිලිප්ස් රේඩියෝව ඕලන්දයේ (නෙදර්ලන්තයේ) නිෂ්පාදනයක්
Philips1947
DSC06044
පයි රේඩියෝව බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක්
PYE Radio
1fc1c1c2db5852e08ffc380475e263365d961db03a9c0cc3066f33d9fa734b5f
තවත් ලෝක ප්‍රසිද්ධ නිෂ්පාදනයක් බ්‍රිතාන්‍යයේ HMV = His Masters Voice රේඩියෝ
HMV
HMV Logo
GEC = General Electric Company කියන්නේ සුප්‍රසිද්ධ ඇමරිකානු නිෂ්පාදනයක්
GEC Radio
GEC_logo
තවත් ලෝකපරසිද්ධ ඇමරිකානු නිෂ්පාදනයක් සෙනිත්
ZenithA600L-4
1035_m  මා හිතනවා අපිට තවත් කොටස් දෙකකට පමණ මේ කතාව ගෙනයන්නට වෙයි කියා. ඒ තරමට තොරතුරු රැසක් තිබෙන නිසා. ඔබේ ප්‍රතිචාර වලින් ඉල්ලාසිටි, මතක් කර තිබුන අදහස් වලටත් ඉඩ දෙමින් ඉතිරි කොටස් ලියන්නම්.
  මෙහි ඇතුළත් සියළුම ඡායාරූප Google Images වෙතින් ලබාගත් බව සලකන්න.
My Signature for Blog2013 පෙබරවාරි මස 23 වැනි දින 0102 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }