උගුල් ඇටවීම, ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත්වුණු මානවයා විසින් පවා කළ දෙයක් නේද? රැකියා නොකළ ඔවුන්, තම ජීවිතය රැකගත්තේ, උගුල් අටවා සතුන් අල්ලාගෙන ආහාරයට ගැනීමෙන්. නමුත් උගුල් ඇටවීම අද සමාජයේත් දෙයාකාරයකින් සිදුවෙනවා. එක් ආකාරයක් තමයි, වන සතුන් අල්ලාගැනීම සඳහා උගුල් ඇටවීම. මෙය අදත් වනසතුන් ගහණ ප්‍රදේශවල සිදුවෙනවා. අනෙක් ක්‍රමය තමයි, අද සමාජයේ තිබෙන විවිධ කපටි කෛරාටික උපක්‍රම මගින්, අහිංසක මිනිසුන් රවටා, ආර්ථික වාසි, සහ/හෝ වෙනයම් පෞද්ගලික වාසි ලබාගැනීම. 'උගුල් අටවනවා' යන යෙදුම අද සමාජයේ බහුලව යෙදෙන්නෙත්, එවැනි ආකාරයේ අසාධාරණ ක්‍රියා හැඳින්වීමටයි. මේ ටික මුලින්ම කිව්වේ, මම අහුවුණ උගුලක් ගැන ඔබ දැණුවත් කිරීමට සහ ඔබ ඒ උගුලට අසුවීමෙන් වලක්වා ගන්නටයි. මා මෙම උගුලට අහුවුණේ 2011 වර්ෂයේදී.
(මක්කිව්වා.....? නෑ නෑ, ඒ උගුලට අහුවුණේ 1981 දි. අම්මෝ අද වෙනකල් ඒ උගුලේ සැපෙන් සනීපෙන් ඉන්නවා)
මේ කියන උගුල අටවන්නේ, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන්. උගුල ගැස්සෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සමාගමෙන්. මෙන්න මෙහෙමයි කතන්දරේ.
2011 වර්ෂයේ මැද භාගයේ එක දවසක, මම ගෙදර සිටින අවස්ථාවක, මගේ නිවසේ දුරකථනයට ඇමතුමක් ලැබුණා, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන්.
ඉතා මිහිරි කටහඬකින් කතාකළ ප්‍රවර්ධන නිළධාරිණියක් මට කිව්වා, ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් වන, රජයේ විශ්‍රාමිකයන් සඳහා, රක්ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇති බවත්, හදිසි අනතුරකදී හෝ මරණයේදී, රුපියල් ලක්ෂයක රක්ෂණ ආවරණයක් ලැබෙන බවත්, ඒ සඳහා මාසික දායකත්වය රුපියල් 60 ක් බවත්. ඔන්න ඉතින් අපි වගේ විශ්‍රාමිකයන්ට, එක වරම ඉහේ මල් දාහක් පිපෙන්නේ, ඔන්න ඔයවගේ ආරංචි ආවම.
ඉතිරිකරගත් මහා ධනයක් නැති, බැංකුවේ උගස් කළ රත්තරන් බඩු වලට තවමත් පොළී ගෙවන, දෑවැද්ද හොයා බන්දලා දෙන්න දූවරු ඉන්න, අපි වගේ අයට, මේ වගේ ආරංචි, කණේ මීපැණි වක්කරනවා වගේ නේ. ඔන්න මමත්, තනි අණ්ඩෙන් හෙවත් එක පයින්, වැඩේට කැමති වුණා. ඔන්න ඉතින් එදා ඉඳලා අද දක්වා, ඔය රුපියල් 60, මගේ මාසික දුරකථන බිලෙන් කපාගන්නවා. නමුත් ඒ සඳහා වෙනම ලදුපතක් ලැබෙන්නේ නැහැ. මගේ ළඟ තියනවා සියළුම දුරකථන බිල්පත් එකතු කරලා. ඒ නිසා ඒ ගැන නීතිමය කරුණකදී වුණත්, ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්.
නමුත් මාව කරකවලා අතෑරියා වගේ වැඩක් වුණේ, මේ ඊයේ පෙරේදා, ශ්‍රී ලංකා රක්ෂණ සමාගමෙන් ලැබුණ ලිපියක් නිසයි. ඒ ලිපියේ තියෙන්නේ, ජීවිත රක්ෂණ සහතිකය බව දක්වා තිබෙන අතර, ඒ සඳහා අදාළ නීති සහ කොන්දේසි ද, දක්වා තිබෙනවා. මෙන්න මෙහෙමයි තියෙන්නේ. රූපය මත ක්ලික් කර විශාලනය කර බලන්න.
2011 දී බැඳුන රක්ෂණ යෝජනා ක්‍රමයට, දැන් මේ 2015 දී තමයි කොන්දේසි එවන්නේ. ඊටත් වඩා, ඒ කොන්දේසි ඇඟ හිරිවැටෙන එව්වා. මේ කොන්දේසි අතරේ තියනවා, පුදුම සහගත සහ හාස්‍යජනක හෙවත්, නොමිළේ විහිලු සපයන කොන්දේසිත්. මෙන්න එව්වා.
- අංක 2 යටතේ කියනවා, මෙම ගිවිසුම ඇතිවන්නේ ටෙලිකොම් සහ රක්ෂණ සමාගම අතරෙලු. එතකොට අපි රක්ෂණ ගිවිසුමකට බැඳිලා නැද්ද?
- අංක 6 යටතේ කියනවා, සාමාජිකයාට අවයස අවුරුදු 70 පිරුණු පසු ප්‍රතිලාභ අත්හිටවවාලු. මොකක්ද ඒකෙ තේරුම? ඒ කියන්නේ වයස අවුරුදු 70 ට පස්සේ, අපි මැරුණත් රක්ෂණ මුදල් ගෙවන්නේ නැහැ කියන එකයි. මේ ගැන කරුණු විමසුවාම ශ්‍රී ලංකා ටෙලිකොම් සහ රක්ෂණ සමාගම එය සනාථ කළා. රක්ෂණ වන්දියක් ලබාගැනීමට නම්, මීට වඩා වැඩි වාරික මුදලක් අයකරන යෝජනා ක්‍රමයකට බැඳෙන්නලු. අනේ අනේ නන්නානේ. එහෙනම් ඒක කලින් කියන්න තිබුනනේ මේ උගුලට අපිව අල්ලගන්නේ නැතුව.
- අංක 9 යටතේ කියනවා, රක්ෂණ ඔප්පුවට ඇතුළත් වනවිට රක්ෂිතයා මනා සෞඛ්‍ය තත්වයෙන් නොසිටි බව හෙළිවුණොත්, රක්ෂණ මුදල් ගෙවන්නේ නැහැ කියලා. ඉතින් මේ රක්ෂණ යෝජනා ක්‍රමයට ඇතුළුවනවිට අපිට වෛද්‍ය පරීක්ෂණයක් තිබ්බේ නැහැනේ. දැන් කොහොමද කියන්නේ එදා අපි නීරෝගීව හිටියද නැද්ද කියලා?
- අංක 10 නම්, අපි වගේ හමුදා සාමාජිකයන්ට බොහොම හුරු පුරුදු දෙයක්. ඒ කියන්නේ, යුද්ධ, කැරළි, කළකෝලාහල, නිසා මියයාම වෙනුවෙන්, රක්ෂණාවරණ ගෙවන්නේ නැහැ කියන එක. පහුගිය යුද්ධ කාලේ, ඔය මහා රක්ෂණ සමාගම්, එක හඬින් ප්‍රතික්ෂේප කළා, ආරක්ෂක හමුදා සාමාජිකයන්ට ජීවිත රක්ෂණ ලබාදීම. අන්තිමට, ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙලක් යොදන්න වුණා, ආරක්‍ෂක හමුදා සාමාජිකයන් වෙනුවෙන්. අද යුද්ධයක් නැතත්, මේගොල්ලන්ගේ ප්‍රතිපත්තිය වෙනස්වෙලා නැහැ. කැරැල්ලකට සම්බන්ධ නැති, පාරේ ගිය අහිංසක මිනිහෙක්, කැරැල්ලේ අනියම් බලපෑමකින් මියගියත්, ඔහු මේ රක්ෂණ ක්‍රමයේ සාමාජිකයකු වුණාට, රක්ෂණය ලැබෙන්නේ නැහැ, මේ ප්‍රතිපත්තිය අනුව. හරි ෂෝක් නේද?
- අංක 12 හෙවත්, මෝඩයකු විසින් කර තිබෙන, රට විහිලුව. මේ කාරණයේදී කියන්නේ, මෙම රක්ෂණයට බැඳී සිටින සාමාජිකයකු, මෙම ඔප්පුව වලංගුව පවතින කාලය තුළ, හිමිකමක් ඉල්ලීමට පෙර හෝ පසුව හෝ, හිමිකමක් ගෙවමින් සිටියදී හෝ, HIV ඒඩ්ස් ආසාදිතයකු බව දැනගතහොත්, ගෙවීම් අත්හිටවනවාලු. අනේ අම්මපා මුන්දෑලාගේ සාමාන්‍ය දැනුම මෙච්චර පහළද තියෙන්නේ? යම්කිසි පුද්ගලයකු, ඔහුට වළක්වාගත නොහැකි තත්වයන් යටතේ, HIV ඒඩ්ස් ආසාදිතයකු බවට පත්වියහැකි බව, ඉස්කෝලේ ළමයිනුත් දන්නවා වුණාට, මේ රක්ෂණ ඔස්තාර් අබබ්බයන් දන්නේ නැත.
'ඉතින් මොකේදැයි දන් වළඳන්නේ' කිව්වලු. මේ විදිහටම මේ ටෙලිකොම් උගුලට අහුවුණ කීදෙනෙක්, මේ රටේ ඇද්ද? ඔවුන්ටත් අත්වන්නේ, අද මට අත්වී ඇති ඉරණමම නොවේද? අපිව මේ විදිහට ගසාකන්නේ ඇයි? නිකමට හිතන්න විශ්‍රාමිකයන් 1000ක් මෙයට බැඳුනා කියා. එක මසකට රුපියල් 60000 ක් අයකර ගන්නවා. වසරකට රු 720000 ක් එකතුවෙනවා. විශ්‍රාමිකයාට අවුරුදු 70 පිරුණම, ඒ මුදල් රක්ෂණ සමාගමට අයිති වෙනවා. හොඳයි නේද?
අපේ ජනාධිපතිතුමාගේ සහෝදර තුමා වන කුමාරසිංහ සිරිසේන තුමෝ. ඔබතුමා නේද ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති. අනේ තුමෝ, මේ දවස්වල ඔබතුමාට මැතිවරණ උන සෑදී නැත්නම්, මේ ගැන පොඩ්ඩක් බලනවා හොඳයි.
අපේ ජනාධිපතිතුමාගේ සහෝදර තුමා වන කුමාරසිංහ සිරිසේන තුමෝ. ඔබතුමා නේද ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති. අනේ තුමෝ, මේ දවස්වල ඔබතුමාට මැතිවරණ උන සෑදී නැත්නම්, මේ ගැන පොඩ්ඩක් බලනවා හොඳයි.
මට මේ උගුල පෙනෙන හැටි, පහත දැක්වෙන රූපයෙන් බලන්න.
2015 මැයි මස 10 වැනි දින 0932 පැය
Great Explanation
ReplyDeleteThanks
Deleteදැන් තියෙන්නේ 70 වෙන්න කලින් දීපු සල්ලි ටික වත් ගන්න
ReplyDeleteමොකටද බං රුපියල් ලක්ෂෙකට දැම්මම මැරෙන්නේ.
Deleteදැන් තියෙන්නේ 70 වෙන්න කලින් දීපු සල්ලි ටික වත් ගන්න
ReplyDeleteබොල සහගහන කතා කියන්න එපා.තීන කොන්දේසි නිසා මැරිලවත් සුවර් නෑ.
Deleteඉවාන් අය්යේ උඹට තේරෙන් නැද්ද දැන් ලොක්කට එක ගන්න බෑ
Deleteඔන්න බෑන වෙන්ඩ හදපු එකාගෙ බලාපොරොත්තුව .මේක බෑන උනානම් ලක්සෙ ගන්ඩ මොකක් හරි කරනව.
Delete@ සිරිබිරිස් !July 14, 2015 at 7:16 AM
Deleteඋන් බලාගෙන ඉන්නෙත් කොන්දේසි වලට මුවාවෙලා රක්ෂණය නොදී ඉන්න තමයි.
@ AnonymousJuly 14, 2015 at 7:23 AM
මැරුණත් දෙන එකක් නැහැ.
@ කම්මලJuly 14, 2015 at 11:35 AM
මම මුගේ පින්තූරයක් අපේ ගෙදර ගහලා යටින් ලියලා තියනවා මෙන්න මෙයාගෙන් ප්‍රවේසම් වෙනු කියලා.
//රක්ෂණ ඔස්තාර් අබබ්බයන් දන්නේ නැත
ReplyDeleteදනී හොඳටම දනී නොදන්න ලෙස සිටී
රක්සනෙත් දේසපාලනය වගේමයි.
ඒක තමයි ඇත්තම ඇත්ත.
Deleteලයිෆ් ඉන්ෂුවරන්ස් නේද.... හපෝ කතා කරන්න එපා....
ReplyDeleteඅපේ අම්මට තියෙන්නෙ HNB එකක්... කොච්චර කුණු ගොඩක්ද කියනවනං අපි කෙලින්ම උන්ට කියල තියෙන්නෙ ආයිත් පාදුක්ක ටවුම පැත්තෙ කැන්වසින් යන්න එන්න එපා, ආව ගමන් මුළු පාදුක්කටම කෝල් කරල කියනව එක කඩේකටවත්, එක ගෙදරකටවත් වැද්දගන්න එපා කියල....
ඔය වගේම නීති ගොඩක් තමයි තියෙන්නෙ ඒකෙත්... අම්මගෙ කකුලෙ ඔපරේෂන් එකට ගෙවන්න බෑ කිව්වම අපි ඒක පිළි අරං කිව්ව එහෙනං කඩේ වහල තියෙන දවසකට දෙනවයි කිව්ව 10000 දෙන්න කියල... ඒකත් බෑ කියපි... ඊට පස්සෙ කැන්සර් එකේ හොස්පිට්ල් බිල් ටික ගෙවන්න බෑ කිව්වම තමයි යකා වැහුනෙ... කල් පිරෙනකං ගෙවපු සල්ලි ටික ගන්නත් බෑ නෙ... ඒකත් අඩුවෙන් දෙන්නෙ ... මාසෙකට 15000ක්ද කොහෙද ගෙවනව... මහ ජරාම ව්‍යාපාරයක්.... අසනීපයක් වෙලා මානසිකවත් ලෙඩ වෙලා ඉන්නකොට, ගෙවනව කිව්ව ටික නැත්තං අඩු ගානෙ ගෙවල තියෙන සල්ලි ටිකවත් දෙනවනං හිතට සහනයක්... අපි පුදුම අමාරුවක වැටුනෙ අම්ම අසනීප වෙලා ඉන්නකොට.... අඩුම ගානෙ දවසගානෙ දෙනව කිව්ව සල්ලිටික වත් දුන්නෙ නැති ජරා යක්කු....
+++++++++++++++++++++++++++++++++++++++++++++++++
Deleteඑල ද බ්‍රා
Deleteකව්ශි, HNB එහෙමද? දෙන්න බෑ කියන හේතු මොනවද?
Deleteකකුලෙ කේස් එක රක්ෂනේ ගන්න කලින් ඉඳල තිබ්බ එකක් හින්ද කිව්ව... ඒ උනාට කඩේ වහලා තිබ්බ දවස් වලට ගාන ගෙවන්න බෑ කියන එකට හරි හේතුවක් කියන්නෙ නෑ... 500 ගානෙ දෙන්නං කිව්ව.. අපි ඒකත් එපා කිව්ව... කැන්සර් එක 90% පැතිරිලා නං විතරයි කිව්ව සල්ලි දෙන්නෙ.. අපි ඇහුව මරණෙ වැඩ කරන්නද ඒ සල්ලි දෙන්නෙ කියල... 90% පැතිරිලා කියන්නෙ ඊළඟට තියෙන්නෙ මැරෙන්න විතරයිනෙ... කැන්සර් එක සම්පූර්ණයෙන් හොඳ වෙලා නං විතරක් හොස්පිට්ල් බිල් ගෙවනව කිව්ව... කැන්සර් එකක් සම්පූර්ණයෙන් හොඳයි කියල කැන්සර් හොස්පිට්ල් එකෙන් වත් සහතියක් දෙන්නෙ නෑ.. රෙමිෂන් එකේ අවුරුදු 6-7ක් ටෙස්ට් කරනව මාස හයකට සැරයක්... ඒකටත් කඩේ වහල තිබ්බ එකට සල්ලි දෙන්න බෑ කිව්ව.. අපි කිව්ව එහෙනං ගෙවපු ගාන අපිට දෙන්න කියල... තුනෙන් එකයි දෙන්නෙ කිව්ව... අම්ම කිව්ව හිටපියවු උඹලට ඉතුරු ටිකත් මං ගෙවනවා.. හැබැයි උඹල ආයිත් පාදුක්ක පැත්තෙ පස් පාගන්න එපා කියල.... අම්ම ඔපරේෂන් දෙකකට හොස්පිට්ල් හිටිය, කැන්සර් එකෙන් මාස දෙකක් වැටිල හිටිය.. ඔය කිව්ව මළ ඉළවු රක්ෂණෙන් එක සහපහක් අපිට හම්බුනේ නෑ....
Delete@ Kaushi AriyabanduJuly 14, 2015 at 7:43 AM
Deleteඔයාටත් හොඳම හොඳ අත්දැකීමක් ලැබිලා තියනවා. ඇත්තටම ඔයවගේ වෙලාවට ඇතිවන තරහට එකෙක් මරාගෙන මැරෙන්ඩ වුනත් හිතෙනවා. අපි ණයට සල්ලි ඉල්ලනවා නෙවෙයිනේ. අපේම සල්ලි. රක්ෂණය තරම් ලැබ ලබන ව්‍යාපාරයක් තවත් නැතුව ඇති.
අපෝ ජීවිත රක්ෂණ (නෙමේ කොයි රක්ෂණෙත්) මතක් කරන්න එපා. රක්ෂණ වන්දි මුදල් අත්‍යවශ්‍යවශ්‍යම වන අවස්ථා සේරම අයින් කරලා තමා කොන්දේසි හදන්නෙ. නොගෙවා ඉන්න සියළුම ගැට ටික ගහනවා. ඒජන්ට්ලා ඉන්නවා නේද? උන්ට මුල අවුරුද්දෙ ප්‍රිමියම් එකෙන් 35% ක්ද කොහෙද කොමිස් ලැබෙනවා. ඉතිං හැමදාම දිනේටම ගෙදරටත් ඇවිල්ලා සල්ලි අරං යනවා. දෙවනි අවුරුද්දෙ 5% ක්ද කොහෙද. එතකොට එන්නෙ නෑ... මුණගැහැණොත් මතක් කරනවා. ඊට පස්සෙ 3% ක්ද කොහෙද උනාම පැත්ත බලන්නෑ. වන්දි ඕනි දවස වෙනකොට අරූ ගිහිං වෙන සමාගමකට. සමහර උන් වෙන සමාගමකට ගිහාම ඒකෙත් දාන්න කියනවා බෙනිෆිට් වැඩියි කියලා. විචාරක තුමාට කියන්න එකෙක්ව මම එලෝගත්තෙ බල්ල ලිහනවා කියලා.
ReplyDeleteසමහර බැංකු ගිණුම් වලට නොමිලේ රක්ෂණ තියෙනවා. ඒවාට වාරික ගෙවන්න ඕනිත් නෑ. එහෙම එකක් බලන්න.
මේකයි එහෙනම් කතන්දරේ ගිය අවුරුද්දෙ හැම මාසෙම සල්ලි එකතු කරන්න ආපු එකා දැන් එන්නෙ අවාරෙට. ඌ කිව්වෙ ප්‍රොමෝශන් එකක් ලැබුනා දැන් නිතරම එන්න වෙන්නෙ නෑ කියලා.
Delete@ මධු මාධවීJuly 14, 2015 at 8:04 AM
Deleteඅපෝ මධු, මේ සිද්ධියෙන් පස්සේ මටත් මේ රක්ෂණය කියන එක එපාවුණා. ඇත්තටම මේ රක්ෂණ නියෝජිතයෝ කියන එවුන් අපේ රීරි මාංශ කන්න ආව පෙරේත පිශාචයෝ වර්ගයක්. හැබැයි ඔවුන්ටත් හරියන්නේ නෑ. අතනින් මෙතෙන්ට පැන පැන ඉන්නවා විතරයි.
අනේ මන්ද, විචාරකත් මාර උගුල් වලට නෙව අහුවෙන්නෙ..කලින් මොබිටෙල් උගුල ...මේපාර ටෙලිකොම් උගුල...යුද්දෙදි වත් මෙහෙම උගුල් වලට මාට්ටු වෙන්ට නැතුව ඇති!
ReplyDeleteමොබිටෙල් උගුලට නම් අහුවෙන්න කලින් ගැලවුනානේ. මේක ලංකාවේ තියන වැදගත් රාජ්‍ය ආයතනයක් කියන විශ්වාසය නිසා තමා කැමතිවුනේ.
Deleteයුද්දෙදි ඇම්බුෂ් වලිනුත් බේරිලා ආපු මට දුක මේවට අහුවීම ගැනයි.
දෙසැරයක් තුන් සැරයක් ඔබතුමා අපිව දැනුවත් කරා මේ වගේ උගුල් ගැන..මුන්ගේ අම්මලට හැමනියං...කාලයකදිම වතුර ලැබෙන්න කියලා තමයි කියන්න වෙන්නෙ..
ReplyDeleteඑසේම වේවා! එසේම වේවා!! සාදු සාදු සාදු!!!
Deleteලංකාවෙ රක්ෂණ නං අන්තිමයි. මේක ශෙයා කරන්නං.
ReplyDeleteබොහොම ස්තුතියි රාජ්. මේවා පත්තරවල දාන්න බැහැ. දැන්වීම් ලැබෙන එක නවතින නිසා මේවගේ ලිපි පළකරන්නේ නැහැ.
Deleteවිචා අය්යා, ඔයාට රක්ෂණ ගිහිවිසුමක් ඇති මුලින්ම දීපු. ගන්න ඒක අතට. බලන්න හරියට. ඔය සල්ලි දුන්නේ ටෙලිකොම් එකටනේ. ඔයාට පුළුවන් හොද ගානක් වන්දි ඉල්ලලා නඩුවක් බලවන්න. පොඩ්ඩක් කරලා බලන්න.
ReplyDeleteරක්ෂණ ගිවිසුමක් කියලා අර රක්ෂණ සමාගමෙන් ආව කොලේ විතරයි තියෙන්නේ. මේක සමූහ රක්ෂණයක්. ඒ කියන්නේ විශාල කණ්ඩායමකගේ නම් එකම ඔප්පුවේ තියෙන්නේ. ඒකෙ පිටපතක් දීලා නැහැ. නඩුවක් බැලවිල්ල කොහොම වෙතත් එකෙක් දෙන්නෙක් බෑවිල්ල තමා කරන්න වෙන්නේ.
Delete/* දෑවැද්ද හොයා බන්දලා දෙන්න දූවරු ඉන්න, අපි වගේ අයට, */
ReplyDeleteලොකු දුවට දෑවැද්දට රක්‍ෂණේ දෙන්න හැකිද බලන්න!
ඇයි මන්දා මේවා මේ විචාරකටම වෙන්නේ, එක පාරක් නං යාන්තමින් ගැලවුණා නේද?
අනික් මිනිස්සුන්ටත් වෙනවා.
Deleteඒ මිනිස්සුන්ට ඔව්වා ලියන්න බ්ලොග් එකක් නෑ. නැත්නම් වෙලාව නෑ.
විචාරක මහතාගේ දුවරුන්ට දෑවැදි දෙන්න ඕනි නෑ. මොකද ඒ ළමයි උගත්,චරිතවත් අය. හොදෙට ඉගෙන ගත් වෛද්‍යවරින් තමයි විචාරක මහතාගේ දුවරු.
Deleteහැබැයි සමහර කුහකයන්ගේ දුවරු නං එක එකා අතින් සල්ලන් වෙලා, දැනුත් එක එක එවුන් අතින් අතට මාරු වේවි යනවා පොඩි වයසෙන්ම.
@ රසිකොලොජිස්ට් - RasikologistJuly 14, 2015 at 11:01 AM
Deleteහරවන්න බැහැ. මේක සමූහ රක්ෂණයක්. මම ඇහුවම එහෙම තමා කිව්වේ. ඕනෙනම් මෙහෙම කරන්න පුළුවන්. ගෙදර දුරකථන සම්බන්ධයෙ ග්‍රාහකයාගේ නම දුවගේ නමට වෙනස් කිරීම කරලා එයා අලුතෙන් රක්ෂණයට ඇතුලත් වෙන්න ඕනේ. නමුත් මේ වැඩේ මහා පිස්සු විකාරයක් නිසාත්, සමහරවිට මම 70 වෙන්න කලින් මැරෙන්නට ඇති සම්භාවිතාව ගැන හිතෙන නිසාත්, ඔහේ තියෙන්න අරිනවා.
@ හරීJuly 14, 2015 at 11:35 AM
ඇත්තටම ඒක තමයි වෙන්නේ.
රක්ෂනය බේරගන්ඩ තව තැනක ඒක රක්ෂනය කරන්ඩ ඕනෙ , ඒක බේරගන්ඩ තව තැනක රක්ෂනය වෙන්ඩ ඕනෙ.
ReplyDeleteමම නම් වාහනය ඇරෙන්ඩ වෙන කිසි රක්ෂනයක් දාන්නෙ නෑ. විචාරක මරන+ ආධාර සමිතියේ ඉන්න එකේ ඕව ගන්න ගියේ මොකටද ?
විචාරගෙ මරණෙට සමිතියෙන් ආධාර කරයි කියල බයට තමයි ඔය. :D
Deleteකම්මලේ,
Deleteඔය ප්‍රතිරක්ෂණය කිය කියා එක්තරා සමාගමක් අන්තර්ජාතික සමාගම් ගණනාවක් අතරෙ මාරු උනේ පහුං දෝහේ උඹ කියාපු මගුල හින්ද තමා මයෙ හිතේ. අම්මපා, ඒ සමාගමට අද තිබ්බ නම හෙට නෑ. අන්න මල්ලි සමාගම්.
මාත් වාහනේට ඇර දාන්නෑ මොන රෙද්දටවත්... ඒක දාන්නෙත් ලීසිං අයියල සමාදරයෙන් පටෝන හිංද.
@ කම්මලJuly 14, 2015 at 11:44 AM
Deleteඇත්තටම රක්ෂණය සඳහා පහසු ඉලක්කගත පිරිසක් ලෙස විශ්‍රාමිකයන් තෝරාගන්නවා ඇති.
හෙහ් හෙහ්, අපේ මරණ+ආධාර සමිතියෙන් රු 35000 ක් දෙනවා.
@ Praසන්னJuly 14, 2015 at 12:58 PM
අපේ සමිතියෙත්, 'මරණාධාර' කියන වචනේ, කරුණු පැහැදිලි කරලා දීලා, බොහොම අමාරුවෙන් අවමංගල්‍යාධාර කියලා වෙනස් කරගත්තා. හුඟ දෙනෙක් දන්නේ නැහැ, මරණය සහ අවමංගල්‍යය කියන දෙකේ වෙනස.
@ මධු මාධවීJuly 14, 2015 at 9:29 PM
රක්ෂණය කියන්නේ බලනකොට එකට පැටලුන මංමුලාවැල් ගාලක්.
This comment has been removed by the author.
ReplyDeleteඅපේ අම්මලා සෙලාන් බැංකුවට ගිය වෙලාවක එතන හිටපු කෙල්ලෙක් රක්ෂණයකට සල්ලි දාන්න කියලා අම්මලාව රවට්ටගෙන තිබුනා.
ReplyDeleteඅම්මලා ඒකට ගොඩක්ම කැමති වෙලා තිබුනෙ මම කැම්පස් යන්න හිටපු නිසා. උන් කියලා තිබුනා ශිෂ්‍යාධාර හම්බෙනවා කියලා.
පස්සෙ හම්බෙන දෙයක් නැති තැන ඒගොල්ලො සල්ලි ආපහු ගන්න ගිහින්. 1/3ක් දෙන්නම් කිව්වලු. ප්‍රතිලාභ ගන්න නම් බිස්නස් එකක් කරන්න තිබුනා කිව්වලු.
ඒගොල්ලො බැනලා ඇවිත් කරගන්න දෙයක් නැතුව හිටියා.
අවුරුදු කීපයකට පස්සෙ තව ඒජන්ට් කෙනෙක් ගෙදරට ඇවිත් දාපු සල්ලි ටික ආපහු දුන්නා. පොලීවත් ප්‍රතිලාභවත් මොකුත් නැතුව.
මිනිහාගෙ ඉලීම උනේ මින්හාට ප්‍රති උපකාරයක් විදිහට අලුතෙන් රක්ෂණයක් පටන් ගන්න කියන එක. මම මෝඩ වැඩ කරන්නෙපා කියද්දිම අම්මා එකක් පටන් අරන් සල්ලි දානවා.
ඌ මාවත් අල්ලන්න ආවා. මම ගණන් ගත්තෙ නෑ.
ඔය මගුලට මුදලින් දායක වුනොත් 1/3 වත් බේරෙනවා බොරු හරී............
Delete@ හරීJuly 14, 2015 at 11:53 AM
Deleteමට හිතෙන්නේ හරී මේ වැඩේට පහසුවෙන් අල්ලගන්නේ අපේ වයසේ ඉන්න අය. පොදුවේ දැනුවත් කිරීමක් කරන්න ඕනේ පනින්න පෙර සිතා බලනු කියලා. ඔයා හම්බවෙන්න ආව එකාට සමන්වා ඇරියා නම් හොඳයි.
අහසේ පොලොවේ සාගරේ දස්කම් පෑ
ReplyDeleteහමුදා සෙබලුන් දේසයේ සම්පත වේ..
එව්වා දැන් හුඟ දෙනෙකුට අමතකයි.
Deleteජීවිත රක්ෂණ නම් උගුලේ පැටලීම ජීවිතය නැතිකර ගැනීමට ඇති ලෙහෙසිම මගකි. ඊටත් අමතරව තෙවෙනි පාර්ශවයක් හරහා වැඩක් කරගැනීමට යාම අති භයානක කර්තව්‍යයකි. රක්ෂනයක් අවශ්‍ය නම් ඊට අදාල ආයතනය සමග මිස ටෙලිපෝන් විකුණන ආයතනයක් සමග ගණුදෙනු කළ නොහැකිය.
ReplyDeleteරක්ෂන ආයතන කිහිපයකින් මාවද ජීවිත රක්ෂණ උගුලේ පැටලවීමට උත්සාහ ගත්තද වාහනයේ හා ව්‍යාපාරයේ රක්ෂනය ඇර වෙන කිසිදු රක්ෂණයක් මේ වන තෙක් හෝ ඉදිරියටත් සිදු නොකෙරෙනු ඇත.
හොඳ උපදෙස් ටිකක් ප්‍රසන්න. බොහොම ස්තුතියි. මේ ටෙලිපොන් කාරයෝ ලංකාවේ ප්‍රධාන රාජ්‍ය ආයතනයක් නිසා මිනිස්සු පහසුවෙන් අහුවෙනවා මේ වැඩේට.
Deleteඅප්පෝ මල වදේ පොන් කරකරයි . කඩේට ගෙදෙට්ට ඇවිදිනුයි වද දෙනව , කඩේ දැම්මට පස්සේ කරදර වැඩියි, ඉස්සර ආවේ කොල්ලෝ , දැන් කෙල්ලොත් එන්ඩ පටං අරං , ඒ මදිවට ඩයලොග් එකෙන් කියලත් දවසගානේ රැපියල් පහක් කපන්ඩ අහනව රස්සනේකට කියල , ඉවසල ඉවසල දැංනං මං බැනල පන්න ගන්න ....වදකාර යක්කු
ReplyDeleteඅහුවෙන්න නං එපා අටම්.... අපි වගේ කඩ කෙරුවාව කරන උන්ව තමයි උන් අල්ලගන්නෙ ලේසියෙන්... තව එනව ගෙවන්න ඉලෙක්ට්‍රික් බඩු විකුණන උන්දැල... හැම එකම කඩේ ගෙවන්න දෙන ගානට වඩා 1000-2000ක් වැඩියි.. ( අපිට ඉතිං කඩේකට ගිහිල්ල බඩු මුට්ටු ගන්න වෙලාවක් නැති හින්ද අපෙ අම්ම නං උන්ගෙන් බඩු අරං තියෙනව... )
Deleteඅපේ අම්ම දාලා තියෙන RDB බැංකුවෙ එකවුන්ට් එක විතරයි ඔය වගේ ගෙවාගෙන යන ඒවයින්, වැඩකට ඇති දෙයක් කියල තියෙන්නෙ... දවස ගානෙ කඩේට ඇවිත් සල්ලි අරං යනව.. මොකද ඉතිං කඩ කෙරුවාවත් එක්ක බැංකු කටයුතු කිරිල්ලත් මහ එපා කරපු වැඩක් තමයි... අපි පටං ගත්තෙ රැපියල් 200න්... මේ වෙනකොට 5000ක් දානව... ඒක විතරයි ඉතුරුවකට කියල තියෙන්නෙ... මොකද අපි හැම ගනුදෙනුවක්ම කරන්නෙ කෑෂ් හින්ද හිටපු ගමන් 50000- 60000 ගෙවන්න වෙන වෙලාවට තමයි ඔය එකවුන්ට් එක පාවිච්චි කරන්නෙ...
අටම්, හිරු කියනවා සොෆ්ට් වැඩියි මයෙ හිතේ... අහුවෙන්න එපා නෙමේ... ගහපිය ගොට ගොඩවුණොත්... කාලකන්නි.
Delete@ අටම්පහුරJuly 14, 2015 at 2:06 PM
Deleteඉතිං යකෝ කඩේට එන නංගිලාට කිව්වනම් හරිනේ ඔයා මගෙන් මොකක් හරි මහගත්තොත්, එහෙම නැත්තන් ඔයාගේ මැසිම සර්විස් කරගත්තොත් රක්ෂනේ ගන්නවා කියලා.
කොල්ලෝ නම් ඉතින් අර කෝච්චියේ හම්බවෙච්ච අංකල් ගේ ගෙදර යව්වනම් හරි.
@ Kaushi AriyabanduJuly 14, 2015 at 4:18 PM
ඔය විවිධ භාණ්ඩ විකුනන්න එන එවුන් අපේ ගෙදර ගේට්ටුවට තට්ටු කර කර සෑහෙන වෙලාවක් කෑ ගහනවා. අපි සද්ද නැතුව ඉන්නවා. ඒක තමයි විසඳුම. නිකමට හරි කතාකලොත් උන්ගේ දෙසනා අහගෙන ඉන්න වෙනවා.
RDB බැංකුව බොහොම වේගයෙන් වර්ධනය වෙන බව මමත් අහලා තියනවා. ව්‍යාපාරයක් වාහනයක් හැර වෙනත් රක්ෂණයකින් ඇති වැඩක් නැහැ කියන එක දැන්නම් පැහැදිලියි.
@ මධු මාධවීJuly 14, 2015 at 9:33 PM
මධු උඩ තියනවා කෞශිගේ තව කොමෙන්ට් එකක්. ඒකෙ කියලා තියනවා පාදුක්ක පැත්තේ එන්න එපා කියලා තග දැම්මා කියලා. රක්ෂණ කාරයන්ට. ඒ කියන්නේ කෞශි එහෙ බජාර් එකේ තගියක් :e
මම නෙවේ විචා... අපේ අම්ම... හි හි
Deleteඅම්මප මේ අති පන්ඩිතය වගෙ ඉන්න විචාරකත් මේවට අහුවෙනවනෙ මොකක් හරි කැරට් අලයක් දැක්කම.
ReplyDeleteමටනං බුදු අම්මෝ ඔය රක්සන එපා අර පාරෙ යන්න බැරි නිසා තර්ඩ් පාටි එකක් තියෙනව..
ක්‍රෙඩිට් කාඩුත් එපාමයි.
දෙකම - - - - - - - - - - - - - - - - - - - - -
Deleteහෙහ් හෙහ්, අති පණ්ඩිතයන්ට ඒදන්ඩේ යන්න බැහැ කියන කියමන අහලා තියනවද? මෙව්වා අපිට හොඳ පාඩම්. තවත් අය අහුවෙන එක වළක්වන්නයි මෙහෙම ලිපියක්ම ලිව්වේ.
Deleteඔය මගුලේ රක්ෂණ දානවට වඩා හොදයි දෙකට නැමිලා බුලිය විකාගන්න එක සර්... සිරාවටම. අපේ අම්මලත් මට පොඩි කාලේ දාපු රක්ෂණයක් නිසා හොදට ඇණගත්තා.
ReplyDeleteමම නං කරන්නේ හැම මාසේමා රු.5000 ගානේ අකවුන්ට් එහෙකට දානවා. ස්ටෑන්ඩින් ඕඩර් එකක් දීලා තියෙන්නේ. අඩුමගානේ මම බැලන්ස් එක වත් බලන්නේ නෑ. ඒටීඑම් කාඩ් එක ගත්තෙත් නෑ ඒ අකවුන්ට් එකේ.
ඔන්න ඕකයි දැං මගේ රක්ෂනේ.
අම්මපා ඇත්ත තමයි. රක්ෂණ කාරයොත් ඊළඟ ආත්මේ බල්ලෝ කපුටෝ වෙලා උපදිනවා ඇති.
Delete5000 මදි. උඹ Benevolent Fund එකටත් 5000 ක් වත් දාන්න ඕනේ අර 5000 ට අමතරව.
ගස්ලබ්බ අඬු කඩාගත්තට පස්සෙ සමාඟම් දෙකක කෙලි පැටික්කියෝ දෙන්නෙක් තරඟෙට කතා කර කර දෙන්න ඇහුවා.දැන් මාස අටයි.තාම එක්කෙනෙක් සතියකට දවස් දෙකක් වත් කතා කොරලා රක්ශනේ කොරන්න හදනවා.. අනේ අපොයි.. පොඩි එවුන්ට බැනලා වැඩක් නෑ.. මේවා හදන මහ එවුන්ගෙ පස්ස මහලා බඩ යන්න බෙහෙත් දුන්න නම් හරි..
ReplyDeleteහෙළිදරව්ව ඉස්තරම්.
ජයවේවා..!!
යකෝ කෙලි පැටික්කියෝ දෙන්නෙක් තරගෙට කතාකරකර දෙන්න අහනකොටත් උඹ එපා කිව්වද? :e
Deleteටෙලිකොම් එකේ මහ එකෙකුට දුන්නා මම right royal language එකෙන්.
වාහන රක්ෂණ නම් ඉතින් සමූපාකාර 'සමගි' රක්ෂණය තමයි.
ReplyDeleteඅනේද කියන්නේ..................
Deleteවාහන රක්ෂණ ගැන කතා කරනකොට මතක් වෙන්නෙ මම ගිය අවුරුද්දෙ ගත්තු ක්ලේම් තොගය.. ලක්ෂ පහකට වැඩි මිසක් අඩු නෑ... ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. .අන්තිමට උන් මේ අවුරුද්දෙ මට දැම්මා රු. 40000 ක එක්සස් එකක්.. හෙහ්... මම වෙන එකකට ගියා... :D
Deleteකිසිම රක්ෂණ සමාගමක් පාරිභෝගිකයන්ගෙන් හොඳක් අහන්නේ නෑ. අපේ ගෙවල් ළඟ තියනවා වාහන අලුත්වැඩියා කරන ගරාජයක්. එතනට රක්ෂණ නියෝජිතයන් ඇවිල්ලා වන්දි ගෙවන්න තක්සේරු කරනකොට වාහන අයිතිකාරයෝ කුනුහරපෙනුත් බනිනවා. උන් විශාල මුදලක් කපනවා ගරාජයේ ඇස්තමේන්තුවෙන්.
Deleteමමත් අවීව එකෙ දාල තිබ්බ දැං නං ඒ අය් එ නෙව. උං තරං හරක් හොරු ටිකක් රටෙත් නෑ. පුල් ඔප්සන් දාල තියෙද්දිත් බයික් එක පෙරලිල ඩැමෙජ් කවර් එක පරක්කු කලා. මං බ්‍රාන්ච් එකටම ගිහිං ජාතිය අමතල ආව. ලැජ්ජ නැති සිරිසේන කියන්නෙ මෙන්න මුං ආයෙ කෝල කරල කියනව කල් පිර්ලලු ඊළග අවුරුද්දට අලුත්කරගන්නලු ප්‍රිමියම් බෙනිෆිට් මොනාද හෑල්ලක් ගැන. ඇමතුව එදා නං උගෙ ජාතියම.
ReplyDeleteදැං සෙලින්කෝ තර්ඩ් පාට් එකක් දාං පාඩුවෙ පාරෙ යනව
AIA එකෙන් මට කතා කළා විධායක නිලධාරියෙක් හැටියට එන්න කියලා. බලනකොට මට තියෙන්නේ හමුදා කඳවුරු ගානේ ගිහින් රක්ෂණ නියෝජිත කම කරන්න. අනේ අනේ නන්නානේ.
Deleteඔය රක්ෂණ කාරයින්ට පස්ස පැත්තට පයින් ගහලා එලෙව්වත් ආපහු එනවා. ඒත් ලාබයි උන්ට.
මේ වගෙ දේවල් පල කිරීම ගැන ස්තුතියි. ඇත්තටම බ්ලොග්වල වටිනාකම දැනෙන්නෙ මේ වගෙ වෙලාවට.හුගක් දෙනෙක් රැවටුනහම කරන්නෙ කටපියන් ඉන්න එක.බ්ලොග් හරහා හොරු එලිදරවු කරන්න ඕන. ඒක බ්ලොග්වලින් කරන්න පහසුයි.
ReplyDeleteඇත්තටම මේ ලිපියේ අරමුණ වුනෙත් තවත් අය මේ උගුලට අහුවීමෙන් වලක්වා ගැනීමයි. ඇගයීම ගැන ස්තුතියි.
Deleteජීවිත රක්ෂණ ජීවිතේට එපා
Deleteඅනේ එපා නංගි .... එපා නංගි....
ReplyDeleteඑපා .... එපා ඉතිං ......
හුxව ගන්නෙ නැතුව පල වේx මෙතනින් ....
.
.
.ඔන්න ඔහොමයි මම අපේ ඔපිස් එකට ආපු රක්ෂණ නංගි කෙනෙක්ව එලව ගත්තෙ .....
මුලු ඩිපාර්ට්මන්ට් එකම පැයක් විතර සයිලන්ට් .......
ඊට පස්සෙ දවසක ක්‍රෙඩිට් කාඩ් විකුනන්නත් සෝයි නංගිල දෙන්නෙක් ආවා ...
අපි ඉන්න හරියට එනව තියා බැලුවෙත් නෑ ....
කවුරු හරි කියන්ඩ ඇති ....
ඒකට නං මට, අපේ සෙක්ශන් එකේ උංගෙන් බැනුං අහන්ඩ උනා ඕසෙට ....
හිහ් හිහ් හී...............ඉතින් නංගිලා පස්සේ කතා කොරලා ඇහුවේ නැද්ද අයියේ ඔෆිස් එකේදී නොකළ දේ වෙන කොහේදී හරි බැරිද කියලා. :e
Deleteඅම්මපා නරකද දැන්වීමක් දැම්මොත් රක්ෂණ නියෝජිතයන්ගෙන් බෙරීමට ක්‍රම සහ විධි කියාදෙනු ලැබේ කියලා.
මිනිස්සු කී දාහක් දවසකට ඔය රක්ෂණ කාරයින්ට හිතෙන් බනිනවා ඇද්ද තිත්ත කුණුහරපෙන්.
ඇනෝපිලිස්
Deleteඑල ද බ්‍රා
ඉතින් කොහොමද රාජ්‍ය අංශය ගැන විස්වාස කොරන්නෙ. අනේ අම්මපල්ල. මෙච්චර මේ හොඳයි හොඳයි කියන මිනිස්සුන්ට අකුණු ගහනවා, එයින් දෙක තුනක් මුන්ගෙ ඔලුවට පතබෑවෙන්නෙ නැති හැටියක්.
ReplyDeleteඅනේද කියන්නේ. මේ වගේ ඒවාට මහා දවල් මංකොල්ල කෑම කියන එකත් නම්බුවක්. ඔව්වා තේරෙයි අපායේදී.
Deleteෂුවර්ද ටෙලිකොම් කියලා ? ඒකෙ කොහෙද මෙයා මිහිරි කට හඬවල්.. නාකි ආච්චිලා ටිකක් ඉන්නෙ.. උදේ පාන්දරක කතා කරලා බලන්න.. ඈනුම් ඇර ඇර කතා කරන්නේ... ගුඩ් මොර්ර්ර්නිංග් ආආආආආඅ ටෙලිකෝඕඕම්ම්ම්ම්ම්ම්. සංසාරෙම එපා වෙනවා....
ReplyDeleteමට ටෙලිකොම් එපාම වුනේ පියෝ ටීවී අරගෙන.. මොන කරුමයක්ද මංදා අපිට හරියට අහු වුනෙම නෑ.. හැම නිතරම කොටු කොටු වැටෙනවා... කම්ලේන් දැම්මා දැම්මා වැඩක් නෑ.. අන්තිමට මල පැනලා අයින් කරලා දැම්මා... මුලින් කිව්වා කලින් ගේවපු රුපියල් හත්දාහ ගෙවන්න බෑ අරකද මේකද කියලා... පස්සේ මාස ගානක් ඇදලා ඇදලා ඒකයි, ගෙවපු බිලුයි, කපපු ටැක්සුයි ඔක්කොම ආපහු ගෙවලා තිබුනා...
හෙහ් හෙහ්, ටැලිකොං එකේ ඉන්නවා අලුතෙන් ගත්ත පැටික්කියෝ මම හිතන්නේ. උන් ටිකක් නලවලා දෙනවා කතාව. මට හිනායන්නේ නොම්මරයක් අහන්න කතා කලාම නොමරේ කියලා ඔබට තව මොකවත් ඕනෙද සර් කියලා අහනකොටයි.
Deleteහාපෝ.......පියෝ ටීවී කියන්නේ කක්කා ගොඩක්. චැනල් එකක් මාරුවෙන්න අවුරුදු පහක් යනවා. ඒ මදිවට ඒ අස්සටත් ඇඩ් ඔබලා. මම අරන් තියෙන්නේ ඩයලොග්. හැබැයි උන්දලා ගැන මම මීට කලින් කිව්වනේ
රක්ෂණ යෝජනා අරන් එන කෙනෙකුගෙන් අහන්න තියෙන හොඳම ප්‍රශ්නේ තමයි "ලෙඩක් හැදිලා ඉන්න, අවදානම් රැකියා කරන, අවදානම් කලාප වල ඉන්න අයට රක්ෂණයක් දෙන්න පැකිලෙන්නෙ ඇයි?" කියලා. අත්දැකීමෙන් කියන්න ඔතනදි නම් කිහිප දෙනෙක්ම හිර උනා. අන්තිමට කියන්න කම්පනි එකේ ප්‍රතිපත්තිය ඒකලු. ඒ කියන්න ලේසියකට ලෙඩක් නැති, හදිස්සියේ මැරෙන්නෙ නැති අයට තමයි රක්ෂණ තියෙන්නෙ.
ReplyDeleteරක්ෂණ නියෝජිතයන්ට සමාගමෙන්ම උගන්වනවා අවශ්‍ය කපටිකම් ඔක්කොම. රෙඩිමේඩ් උත්තර තියනවා උන්ළඟ හැම එකකටම.
Deleteගොඩක් වැදගත්. කමෙන්ට්ස් ටිකත් කියෙව්වා ඔක්කොම.
ReplyDeleteවාහනයකට හැර වෙනත් කිසිම රක්ෂණයක් ගන්න හොඳ නෑ කියන එක තමා අවසන් වශයෙන් මේකෙන් ඉගෙන ගන්න තියෙන පාඩම.
වාහන රක්ෂණ වුනත් මිනිස්සු ගන්නේ නීතියෙන් අනිවාර්ය කරලා තියන නිසා. නැත්නම් බල්ලෙක්වත් යන්නේ නැහැ ඔය මහලොකු රක්ෂණ සමාගම් පස්සේ.
Delete2003 අවුරුද්දේ මම අලුත් මෝටර් රථයක් ගත්තා. ඒක ෆුල් ඉන්ෂුවරන්ස් කරන්න ඒ කාලේ රුපියල් 50,000 කට වැඩි මුදලක් ගියා. මගේ මෝටර් රථය පදවන්නේ මම ම යි. මා එය දුර ගමන් සඳහා භාවිතා කරන්නේ කලාතුරකින්. වාර්ෂික රක්ෂණ මුදල වැඩි නිසා මා යම්කිසි ගණනය කිරීමක් සිදු කළා.
ReplyDelete(1) මා මෝටර් රථය පදවන්නේ බොහෝ දුරට කොළඹ සහ ඒ අවට පමණක් නිසා අධි වේගයෙන් වාහන පැදවෙන මාර්ග (උදා.: කොළඹ-මහනුවර, කොළඹ-ගාල්ල, කොළඹ-මීගමුව වැනි මහා මාර්ග ) මා විසින් භාවිතයට නොගැනේ.
(2) මා භාවිතා කරන මාර්ගවල (උදා.: කොළඹ නගරය තුළ ගාලු පාර, බේස්ලයින් පාර, ඩුප්ලිකේෂන් පාර, හයිලෙවල් පාර) දිවෙන වාහනවල වේගය පැ.කි.මී. 40 ට අඩු ය.
(3) එවැනි අඩු වේග මාර්ගවල අනතුරක් සිදු වුවහොත් හානිය ද අඩු ය. මෝටර් රථයේ බඳේ තැල්මක්, විදුලි පහනක් බිඳී යාමක් වැනි දෙයක් මිස බරපතල ලෙස වාහනයට හානියක් සිදු නොවේ.
(4) මෝටර් රථයට සිදු විය හැකි එවැනි සුළු හානියක් අලුත්වැඩියා කිරීමට වැය වන්නේ රුපියල් 50,000 ක ට අඩු මුදලකි.
(5) ඉතින්, මගේ මෝටර් රථය අවුරුද්දකට එක් වතාව බැගින් අනතුරකට භාජනය වූවත්, මා හට රක්ෂණයෙන් ලැබෙන ප්‍රතිලාභයක් නොමැත.
(6) එහෙත් මෝටර් රක්ෂණය අනිවාර්ය නිසා මා මිළදී ගත්තේ තුන්වන පාර්ශව රක්ෂණයකි. එය එකල රුපියල් 750 ක ට මිළ දී ගත හැකිව තිබුණි (අද රු. 1250 කි).
(7) පූර්ණ රක්ෂණ ආවරණයක් නොගැනීම නිසා මා ඉතිරි කර ගත් මුදල වසර 5ක් අවසානයේ රුපියල් 250,000 කි. එම මුදලින් මා වටිනාකමින් ඉතා ඉහළ රොලෙක්ස් ස්විස් අත් ඔරලෝසුවක් මිළ දී ගත් අතර, අවශ්‍ය නම් එය මා හට අද එම මුදලට ම ඊ-බේ වෙබ් අඩවියේ පහසුවෙන් විකිණිය හැක.
(8) මා විසින් පසුව මිළ දී ගත් මෝටර් රථවලට ද කිසි දිනක පූර්ණ රක්ෂණ ආවරණයක් නොගත් අතර, ඒ නිසා ම විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි විය. ඒ ඉතිරි කර ගත් මුදල්වලින් මා සහ මගේ බිරිඳ යුරෝපා රටවල සහ ඇමරිකාවේ සංචාරවල යෙදුනෙමු.
(9) මා 1980 දශකයේ වයස අවුරුදු 18 දී රියැදුරු බලපත්‍රය ලබා ගත් අතර, මෙතෙක් කිසිදු රිය අනතුරකට භාජනය වී නොමැත.
කොහොමද මගේ ටිකිරි මොළේ?
ඔබ ඉතා බුද්ධිමත්ව ක්‍රියාකර තිබෙනවා. ඇත්තටම මේ අදහස් වලින් තවත් අයට සිතා බලන්න පුළුවන් තමන්ගේ රක්‍ෂණ ක්‍රමය හොඳද නරකද කියා. එහෙමත් නැත්නම් පූර්ණ රක්‍ෂණය අත්‍යවශ්‍යද කියලා.
Delete1986 දී තමයි මා රියදුරු බලපත්‍රය ගත්තේ. කිව්වට විශ්වාස කරයිද මන්දා, අනතුරු දෙකයි වෙලා තියෙන්නේ. 1991 දී හපුතලේ නගරයේදී බස් රථයකින් බැස්ස කාන්තාවක් බස් එකට පසුපසින් එකවර පාර හරහා යන්න ගියා. මම වාහනය වමට කපා ඇය බේරුවත්, දකුණු පැත්තේ සයිඩ් කන්නාඩියේ වැදුනා. මගේ වෙලාවට එය ට්‍රැෆික් පොලීසියෙන් දැක්කා. මා නිවැරදි බව ඔවුන්ට පෙනුනා. ඒ නිසා ඒ කාන්තාවට තුවාල වලට බෙහෙත් දාගන්න සල්ලි දුන්නා.
දෙවැනි එක නම් මගේ වරද. 2009 දී සිදුවුනේ. ඉස්සර කල නොහැකි තැනක ඉස්සර කරන්න යාමෙන් අනික් වාහනයේ යන්තම් ඇතිල්ලුනා. හානියේ වටිනාකම රු 2700යි. එය එතනදීම ගෙවා සමථයකට පත්කරගත්තා.
ඉතින් බලන්න..... මේ අවුරුදු 29 ට ම ඔබට සිදු වූ හානිය රුපියල් 2700 සහ අර කාන්තාවට බෙහෙත් දා ගැනීමට ගිය මුදල යි. අපි හිතමු ඔබ දළ වශයෙන් වසරකට රුපියල් 30,000 ක් පූර්ණ රක්ෂණ වාරිකය ලෙස ගෙව්වා කියලා. එතකොට ඔබ මේ වසර 29 ට රුපියල් 870,000 ක් පමණ රක්ෂණ සමාගමට ගෙවා තිබෙනවා. ඔබට රක්ෂණයෙන් ලැබුණේ රුපියල් 2700 ක් පමණ යි. එවිට ඔබට සිදු වී ඇති පාඩුව රුපියල් 867,300 යි. ඉතින් රක්ෂණ සමාගම් ප්‍රකෝටි ගණන් උපයා ගන්නා එක පුදුමයක් ද?
Deleteරක්ෂණ සමාගම් කරන්නේ මිනිසා තුළ පවතින අනාගතය පිළිබඳ බිය අවුස්සා එය විකුණන් කෑමයි. මා හට ඉතා හොඳින් රිය පැදවීමේ හැකියාව පිළිබඳ ඇති විශ්වාසය නිසාත්, මා රිය පදවන මාර්ගවල අනතුරක දී බරපතල ලෙස රියට හානි ඇතිවීමට ඇති සම්භාවිතාව ඉතාමත්ම මඳ නිසාත්, මා අර ගන්නේ තුන්වන පාර්ශවයේ රක්ෂණ ආවරණයක් පමණයි. එයත්, නීතියෙන් අනිවාර්ය නිසා යි.
දියුණු ආර්ථික ඇති රටවල වින්දිතයාට වන්දි ගෙවීමට රක්ෂණ සමාගම් හට නීතියෙන් බල කෙරී ඇති නිසා, එම ගෙවීම් සිදු වෙනවා. ලංකාවේ සිදු වන්නේ එවැනි නීති සම්මත වීම වැළැක්වීමට මෙහි රක්ෂණ සමාගම් විසින් නිළධාරීන්ට සහ මහජන නියෝජිතයන්ට අල්ලස් දීම යි.
බොහොම ස්තුතියි මේ වටිනා අදහස් වලට.
Deleteමේ පින්තූරයත් බලන්න:
ReplyDeleteජනශක්ති රක්ෂණයේ ප්‍රතිඵල