අවමංගල්‍ය උත්සව වලදී, ශෝකප්‍රකාශ කවි ගායනා ඉදිරිපත් කිරීම, අපි කුඩා දරුවන් කාලේ තිබුන සිරිතක්. මට මතකයි, ඒ කාලයේ, (1960 දශකයේ) අවමංගල්‍ය උත්සව වලදී, මෙවැනි ශෝකප්‍රකාශ කවි ගායනා හතරක් පහක්වත්, අහන්න පුළුවන්. බොහෝවිට මේ කවි පන්ති ගායනා කරන ලද්දේ, තරුණියන් විසින් වීමත් විශේෂයක්. ඔවුන්ගෙන් බොහෝ දෙනා, මේ කවි ගායනා කරන අතර, (බොහෝවිට ගායනා කළේ, භූමිදානය හෝ ආදාහනය කරන්නට ඔන්න මෙන්න කියා තිබියදී) කඳුළු සලමින් එය කළ හැටිත්, අවමංගල සභාවේ සිටි කාන්තාවන් මෙන්ම සමහර පිරිමි අයද, කඳුළු සලමින්, එය අසා සිටි හැටිත්, මට මතකයි. වර්තමාන පරපුරේ සෑහෙන පිරිසක්, මේ කවි කොළ ශෝක ප්‍රකාශ දැක නැතුව ඇතැයි, මට හිතෙනවා.
ඒ කාලයේ, මේ කවි පන්ති, සමහරවිට ඒ අවමංගල්‍යය වෙනුවෙන් අලුතෙන්ම පබඳින ලද ඒවා වූ අතර, තවත් සමහරක්, එකල 'අච්චු කන්තෝරු' නමින් ප්‍රසිද්ධ මුද්‍රණාල වල තිබුණා. තමන්ගේ අවමංගල්‍යයට ගැලපෙන ලෙස, පද කීපයක් වෙනස්කර, කවි පන්ති සකසා ගැනීමට, ඒ අච්චු කන්තොරුවෙදීම පුළුවන්. හරියට දැන් ඩිජිටල් බැනරයක්, අද භාෂාවෙන් 'ඩිජිටල් ප්‍රින්ටින්ග් ස්ටුඩියෝ' එකකදී පරිගණකයෙන් තෝරාගෙන, එම ආකෘතිය, අපේ අවශ්‍යතාවට ගැලපෙන්නට සංස්කරණය කරගන්නවා වගේ.
(ඇත්තටම දැන් තියන ඩිජිටල් බැනර්වල ලියා තිබෙන සමහර දේවල්වල, ඇත්තම තේරුම, ඒවා ගහන උදවිය තේරුම් ගන්නවාද කියා සැකයි. ඒ වගේමයි, බැනර් ගහන්න ඉඩ නැති නිසා, මළ ගෙදරට කිසිසේත් සම්බන්ධ නැති ගෙවල්වල, වැට දිගේ බැනර් ගැසීම සාධාරණද? තමන්ගේ බැනරය කැපී පෙනෙන ලෙස එල්ලීමට, මෙච්චර තරග කරන්නේ ඇයි?)
එමෙන්ම මේ කවිපන්ති ඇතුළත් ශෝකප්‍රකාශ පිටපත්, රැස්ව සිටි පිරිස අතර බෙදාදුන් අතර, අපි ඒවා ලබාගන්නට මිනීමරාගත්තේ නැතුවා විතරයි. ගෙදර ඇවිත්, නැවත නැවත ඒවා කියවීමෙන්, යම් ආස්වාදයක් ලැබීමට අපි පුරුදුව හිටියා. ඒවා සංසන්දනය කොට, 'මේකට වඩා මේක හොඳයි' කියා, අපේ අක්කලා කියනවා, මා අසා තිබෙනවා.
සමහර ශෝකප්‍රකාශ, එක ගමක් නියෝජනය වන පරිදි, ගමේ කීප දෙනෙක් මුදල් යොදවා, මුද්‍රණය කරවනු ලැබූ අතර, සමහර ධනවතුන්, තමන්ගේ නමින් මෙවැනි කවි කොළයක් මුද්‍රණය කර, අහවලා විසින් ඉදිරිපත් කරන ශෝක ප්‍රකාශයයි කියා, ගායනයෙහි දක්ෂ තරුණියක/කාන්තාවක යොදවා, තම නමින් එය කියවූවා. එය ගායනා කරන අතර, ඔහු මහත් අභිමානයෙන් ඒ ස්ථානයේ රැඳී සිටියා.
මට දෑස් දෙකන් අදහාගන්නට බැරි අවස්ථාවක්, ඊයේ පෙරේදා දිනයක, මා සහභාගිවුණු අවමංගල්‍ය උත්සවයකදී, දකින්නට ලැබුණා. ඒ තමයි, දැනට සම්පූර්ණයෙන්ම අභාවයට පත්වී ඇතැයි මා සිතා සිටි, ශෝකප්‍රකාශ කවි ගායනයක්, එම අවමංගල්‍ය උත්සවයේදී අසන්නට දකින්නට ලැබීම. ඒ කවි ගායනය සිදුකරන ලද්දේත්, කාන්තාවන් දෙදෙනෙකු විසින්. ඒ අවස්ථාව, මගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ පටිගතකරන්නට හිතුනත්, අවසානයේදී මා තීරණය කළා, එසේ කරන්නට යාමෙන්, අවමංගල සභාවට යම් බාධාවක්/අපහසුතාවක් ඇතිවෙයි කියා. ඒ වෙනුවට, මා එම ශෝක ප්‍රකාශයේ පිටපතක් ලබාගත්තා. එම ශෝක ප්‍රකාශය, පහත ඉදිරිපත් කරනවා, ඔබේ දැනගැනීමට.
මේ කවි සම්ප්‍රදායේ අතීත ලක්ෂණ, මේ කවි තුළිනුත් දක්නට ලැබෙනවා. එනම්, මේවා උසස් සාහිත්‍ය නිර්මාණ ලෙස සැළකිය නොහැකි, කාව්‍යොක්තියට අනුචිත පද පවා ඇතුළත්, හුදු සිවුපද පමණයි. කෙසේ වෙතත්, මෙහි ඇති විශේෂත්වය වන්නේ, අද ද, මේ පිළිවෙත දකින්නට ලැබීමයි. ජනශ‍්‍රැති පිළිබඳව අධ්‍යයනයක යෙදෙන්නෙකුට, මෙය වැදගත් තොරතුරක් වියහැකියි.
කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි. මේ ගැන අදහස් දැක්වීමේදී, මියගිය අයට සහ මේ කවි නිර්මාණය කළ අයට, අපහාස වන ආකාරයේ අදහස් දැක්වීමෙන් වළකින්න.
2015 ජූනි මස 13 වැනි දින 1314 පැය
කවි කොලේ තවම අභාවයට ගිහින් නෑ විචාරක මහත්තයෝ.. කාලයක් නැතුව තිබුණා. ඒ වගේ දේවල් වෙලාවකට තම තමන්ගේ තත්තවය විදහාපාන්න යොදාගන්න එක තමයි හොද නැත්තේ....
ReplyDeleteඔව් මේ සිද්ධියෙන් මම ඒ බව තේරුම් ගත්තා. හොඳ ලක්ෂණයක්.
Deleteකවියෙන් කරන ශෝක ප්‍රකාශ සහමුලින් ම නැති වී ගොසින් නෑ.
ReplyDeleteවසර පහකට කලින් මිය ගිය මගේ පියා ගේ අවමගල්‍යයේ දී එවැනි ශෝක ප්‍රකාශ දෙකක් හෝ තුනක් තිබුණා. සිඩ්නි නුවර විසූ හදිසියේ මිය ගිය අපේ මිතුරෙකු ගේ අවමගල්‍යයේ දී ත් අපේ සංස්කෘතික හමුවේ එවකට සභාපති කවි ගායනා කළා.
ඇත්තෙන්ම අපේ සංස්කෘතික ලක්ෂණ ලෝකයේ කොතැනක හිටියත් ප්‍රදර්ශනය කිරීම හොඳයි. මෑත කාලයේදී මට කවි කොළ ශෝකප්‍රකාශ අහන්න ලැබුනේ නැති නිසා මා විශ්මයට පත්වුනා.
Deleteමමත් කවියට ඇලුම්කරන රසිකයෙක්.මට කවි කියන්න හැකි වුනාට ලිනන්ට අපහසුයි.මම හරිම ආසයි කවි බණ කියන්න.ඒ නිසා ලිවීමට හැකි අය ඇත්නම්.සමාජයට හෙිද පිණිවුඩයක් දිය හැකි කවි පිටපත් ලබාදීමට හැකිනම්.ඉතාමත් අගෙයි.
Deleteඅප සැම දෙනා ම කෙදිනක හෝ මිය යනවා නේ. මා නම් මැරෙන්න ගියේ මීට වසර නමයකට පෙරයි.
ReplyDeleteවිචාරක මළ දා ට මා ජීවත්ව හිටියොත් කියන්න මේ කවිය හොඳඳ බලන්න.
ඔබ කියා ඇති පරිදි මේකත් පරණ කවියක් ගැලපෙන පරිදි වෙනස් කර ගැනීමක්. මුල් කවිය ලිව්වේ තෙන්නකෝන් (සමාජසමයං/පොඩි එකාගෙ ලියුම)
බ්ලොග් ලොව ගිල්වලා රෑ මෙන් අමාවකේ
ඔබ සැඟවුණා අයියෝ මරුහු ගේ මුඛේ
විචාරක මිතුර අප සැම හෙලූ දුූකේ
හොඳ කකුලක් ය ඔබ අප ගේ බජාරෙකේ
;-)
අනේමං මේ කවිය කියන්නංකෝ රසික . ආසාවේ බැ අප්පා , මේ කවිය කවදහරි කියනකං මට නින්ද යන එකක් නැ
Deleteඉවසගෙන ඉඳින්.නැතුව උගෙ බෙල්ල මිරිකල උඹේ ආසාව ඉස්ට කොරගන්න යන්න එපා.
Deleteමගෙනුත් එකක්..
Deleteපෙන්නා අවි සරඹ රුදු රුපු සෙන් නැසුව
අන්නා විචාරක ඔබ බ්ලොග් ලොව දිනුව
පෙන්නා සසර දුක කඳුලක යා කෙරුව
යන්නා අද අතැර ආදර බ්ලොග් තරුව ;'(
පන පිටින් ඉන්නා මිනිස්සු මරන්න එපා මචංස්ලා...
Deleteඔතන විචාරක මිතුර වෙනුවට "පත්තර මිතුර" කියලා දාගෙන කියනකන් මටනං නින්ද යන්නේ නෑ.. ඕ... යේස්
Delete@රසිකොලොජිස්ට් - RasikologistJune 15, 2015 at 6:00 AM
Deleteවසර 9 කට පෙර මැරෙන්න ගිය කතාව ලියලා නැද්ද? නැත්නම් ලියන්න.
බොහොම ස්තුතියි අර කවියට. මා හිතන්නේ ඇත්තටම ඔබට එය පලකරන්න අවස්ථාවක් උදාවීමේ සම්භාවිතාව බොහොම වැඩියි කියලයි. මට බය අර අටමා ඒ කවියේ අන්තිම පදය මුඛේ වෙනුවට පුකේ කියලා වෙනස් කරයිද කියලා.
@ අටම්පහුරJune 15, 2015 at 12:49 PM
උඹට කවි කියවන්න පුලුවන්නම් රැහැයියොත් යනවා සුපර් ස්ටාර් තරග වලට. :e
@ Helapa kadeJune 15, 2015 at 2:04 PM
නෑ නෑ හැලපෙ. ආවොත් මම මිරිකවා ගන්නේ බෙල්ල නෙවෙයි. හ්ම්........
@ කල්‍යාණ මිත්‍රJune 15, 2015 at 3:47 PM
පොහ්.මල් හතයි ඈ. පරිස්ස්නම් කරලා තියාගන්න අනිවාර්යයෙන් ඔයාට පුළුවන් වෙනවා ඔය කවිය පලකරන්න.
@ Chef architectJune 15, 2015 at 8:23 PM
මම හිතන්නේ මේවා කිව්වම මගේ ආයුෂ වැඩිවෙනවා කියලා.
@ ඉවාන් පවුලූශාJune 16, 2015 at 6:44 AM
පත්තරයා එනවා කිව්වා ස්නයිපර් තුවක්කුවක් අරන් මගෙන් ඉගෙනගන්න. පරිස්සං වෙලා හිටපං.
මෙන්න දවසේ කොමෙන්ටුව :
Delete//@ අටම්පහුරJune 15, 2015 at 12:49 PM
උඹට කවි කියවන්න පුලුවන්නම් රැහැයියොත් යනවා සුපර් ස්ටාර් තරග වලට. //
අටමෝ - මම නම් ගඟේ පනිනවා , වතුර ....බීල මැරෙනවා...හුස්ම ටිකක් හිරවෙනකොට ....
කවි කොළ සම්ප්‍රදායක් තිබුන කියලවත් මතකයක් නෑ. නමුත් මට මතකයි මා සහභාගී වූ මල ගෙවල් කිහිපයකම කවි ගායනා කල බව. එහෙම උනත් ලඟකදී නම් අහන්න ලැබුනෙම නැහැ.
ReplyDeleteඔබ කියල තියෙන්නෙ ඇත්ත. සමහර පද වල එළිසමය පවත්වාගෙන යාමට නොගැලපෙන පද පවා ඇතුලත් කර තිබෙනවා.
මේ සම්ප්‍රදාය ඇත්තටම බොහොම ඉහළින් තිබුනේ මේ ලිපියේ මා කියා ඇති පරිදි 1960 දශකයේ.
Deleteමේ කවි උසස් සාහිත්‍ය නිර්මාණ නොවෙයි. බලන්න කාව්‍ය සම්ප්‍රදාය බිඳිමින් හලාන්ත වලින් අවසන් වන කවියකුත් තිබෙනවා.
අපොයි විචාරකතුමා ඕව අභාවයට ගිහිල්ල නෑ. මේ පැත්තෙනං තවම ඔය වැඩේ කෙරෙනව. මා ගාවත් ඕනතරං ටෙම්ප්ලේට් තියෙනව ඕවයෙ.
ReplyDeleteඅභාවයට නොයාම හොඳයි ප්‍රසන්න. නමුත් මා හිතනවා අද පරපුරේ සෑහෙන පිරිසක් මේවා අහලා දැකලා නැතුව ඇති කියලා.
Deleteපොඩි කාලෙ මගෙ ප්‍රියතම කාර්යය තමා මළ ගෙවල් වල යනේක. ඇත්තටම පොඩි උං නෙ. අපිට මළ ගෙයක් කියන්නෙ ආතල් කෝටියයි. ඇත්තටම ටිකක් අසෝබනයි වගේ හිතෙයි. ඒත් හිච්චි උං වෙච්ච අපිට ඒවැයි ගාණක් තියෙයි යැ. ඊටත් දැං මළ ගෙවල්වල වෙන විගඩං දැක්කම ඒව මක්කද හිතෙනව. ඉතිංඔහොම මළ ගෙවල් වල ගිහිං එකතු කරගත්ත කවි කොල හැට හුට හමාරක් තිබ්බ. ඒව මට නැති වුනේ අපේ ගේ කඩං වැටුණ එකෙන් ඒ කවි කොල විතරක් නෙවී ලංකාදීපෙ ගිය චිත්‍ර කතා කපල එක්කහු කරල පොත් වගේ හදල තියං හිටිය ඒවටත් බබා හම්බුනා. ආයෙ කවදාවත් හොයාගන්න වුනේ නෑ.
ReplyDeleteමං අන්තිමට කවි කොලයක් කියෝනව ඇහුවෙ 2007 විතරවගේ ආයෙ අහන්න වුනේම නෑ
පිස්සුද මහේෂ්. අපිත් පොඩි කාලේ මළගෙදරක යන්නේ ලොකු විනෝදයක් ලබන්න. බිස්කට්, බනිස්, කනවා, තේ බොනවා දහ සැරයක්වත්. බඩ පැලෙන්න බත් කනවා. කිරිකොස්/දෙල්මාලු/කරවල හොදි/වෙල් අලකොල ඇඹුල/ වගේ දේවල් එක්ක. සෙල්ලම් කරනවා ඇති වෙනකල්. නැත්නම් වැඩිහිටියන් බැනලා එලවනකල්.
Deleteඅප්පොච්චියේ ගේ කඩන් වැටුනේ මොකක් වෙලාද?
මමනම් මේ ජාතියේ කවි කොලයක් දැක්කේ අවුරුදු 40 කින් විතර.
මා සහභාගි වූ අවමංගල්‍ය උත්සව කිහිපයම කවි කොළ බෙදුවා.නමුත් ඔබ කියන පරිදි කවි ගායනා කරේ නෑ...
ReplyDeleteමා හිතන්නේ පසු කාලය සමහර අවස්ථා වලදී කවිකොළ බෙදුවත් ගායනා නොකළේ ඒ සඳහා ඉදිරිපත් වන්න කවුරුවත් අකමැති නිසා වෙන්න ඇති.
Deleteකවි කොළ කියවනවා අහන්න නම් අපිට අවස්ථාව ලැබිලා නෑ...
ReplyDeleteදැන් මේ සිරිත බොහොම අඩුවෙන් කෙරෙන්නේ.
Deleteමම එකම එක පාරක් අහල තියෙනවා ඔය කවි ගායනාව.මට හෙනටම දුක හිතුනා.. තව මව මියගිය අවස්ථාවක මිනිය උස්සන වෙලාටව මව් ගුණ ගීත වාදනය වෙන්න සැලැස්සූ අවස්ථාවකුත් අත් දැක්කා.. තාම ඒ ගීත අහන්න අමාරුයි..
ReplyDeleteජයවේවා..!!
ඇත්තෙන්ම මේ කවි ඉතා මිහිරි හඬින් ගායනා කරනවිට හිතේ මහා කම්පනයක් ඇතිවෙනවා. හැබැයි දුක විතරයි. අනිත්‍ය බව මෙනෙහි වනවා අඩුයි.
Deleteමේක අභාවයට ගිහින් නෑ විචෝ. තවමත් බොහෝ පලාත්වල තියෙනවා. සමහරු ඔය කවි ඇඬෙන්න ගායනා කොලාට. සම හරක් කියන කොට, ගායනා කරණ එකා මළා නම් හොඳයි කියලා හිතෙනවා. කොහොම නමුත් පොඩි කාළේ ඉඳන් ඔය මළදාන මට නම් දිරවන්නෙම නෑ. පෙට්ටිය උස්සන්න කලින්, හාන්දුරුවන්ගේ බණයි. එක එකා නියෝජනය කරමින් වරු ගනන් ගත වෙන දේශනායි. (ගොඩාක් වෙලාවට හාන්දුරුවරු වගේම, මුනුත් කරන්නේ ජීවත් වෙලා ඉන්න උන්ගේ වරුනෙ කියන එක.) එකම මළ හෝන්තුවයි.
ReplyDeleteඔයිට අන්තයි මඟුල් ගෙවල්. කන පැලෙන්න ගහපු උන්ගේ දේශනාවලුයි, අවවාදයි, අනුසාසනයි.. ඒ මදිවට සමහර උන් ගෙදරදි කට පාඩම් කොරගෙන ඇවිත් හිටිවන කවිත් කියනවා.. මඟුල් නෙමෙයි, ඒවා මළ මඟුල්.
සත්තකින්ම හරි. සමහර අය පැනලා බාරගන්නවා කවි කියන්න. නමුත් දෙල් කොළ ගොඩේ කබරයෝ දුවන හඬින් තමා කියන්නේ.
Deleteහමුදාවේ මළගෙවල් ක්‍රමය තමා හරි. එක ප්‍රකාශනයයි කියවන්නේ මැරිච්ච එකාගේ ජාතකේ ඉඳලා මැරුණ දවස දක්වා ඔක්කොම විස්තර සහිතව. ඊළඟට ආචාර වෙඩිමුර තිබ්බා. වල දැම්මා, ඉවරයි. සමහර මළගෙවල්වල පවත්තන කාතා ඇහුවොත් මැරිච්ච මිනිහගේ බූතයා ඇවිත් ඒ කතා කරන ඒකාග් බෙල්ල මිරිකනවා.
මගුල් ගෙවල්වල දැන් කතා නැතිතරම් නේද? ඊයේ පෙරේදා තියපු අපේ දුවගේ මගුලේදී නෝ කතා, ඔන්ලි සිනා.
//මගුලේදී නෝ කතා, ඔන්ලි සිනා.//
Deleteබොන දේවල් වෙනුවට මදන් මෝහන් වෙන දෙයක් දුන්නද දන්නෑ විචා. :D
ඉස්සර තිබුනෙ අප හද පත්ලෙන් නැගෙන ශෝකාලාපයයි කියල නේද? මට ඔය වචනෙ කියවෙන්නෙම ශෝකාලපයියයි කියල නොවැ.
ReplyDeleteහිහ් හී....................අම්මපා ඒකනම් මරු නාම පදයක්. ඕකෙන් හුඟක් වෙලාවට ශෝකය නේන්නම් උපදින්නේ.
Deleteඉද හිට අපේ පැත්තෙත් මේ කවි කොළ බෙදනවා ඒත්.... වැඩිපුරම ඇත්තේ තාප්පේ ගහන පින්තුරය හා එක කවියක් සහිත කොළ. මේවා තමයි උතුමනි වැඩිපුරම බෙදන්නේ
ReplyDeleteමමත් ඉතා දිගු කාලයකට පස්සෙයි කවි කොලයක් දැක්කේ. අනේ අර තාප්පේ ගහන පින්තූර කුණු ලොරියේත් ගහනවානේ සමහරු. මැරිච්ච මනුස්සයාට කරන්න පුළුවන් ඔක්කොම අපහාස කරනවා.
Deleteඋතුමනි කෑල්ල කපපන් වහාම.
තුමනි හරි උතුමනි හරි කියන්න ඔබතුමාට මං හරි ආසයි..... uniform එකක් අන්ද නිසා.
Deleteපොඩි කාලෙ දවසක් පරණ පොත් පෙට්ටියක් අවුස්සනකොට මට ඔය ජාතියෙ කොළයක් හම්බවුනා. මම තාත්තගෙන් ඇහුවාම කිව්වෙ අල්ලපු ගෙදර හිටපු කෙනෙක් මැරුණු වෙලේ බෙදපු කවි කොළේ කියලා. ඒ ඇරෙන්න මම නම් කවි කොළ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ.
ReplyDeleteපරණ පොත් පෙට්ටි ඇවිස්සීම දැණුම දියුනු කරගැනීමට හොඳම ක්‍රමයකි.
Deleteමට මෙන්න මෙහෙම හිතෙනවා. මේ කවි කොළ සම්ප්‍රදාය බෞද්ධ ජනතාව අතරට එන්න ඇත්තේ, කතෝලික මළ ගෙයකදී ගායන කරන ගීතිකා ඇසීමෙන් වෙන්න පුළුවන්.
අපේ අම්මා දැනට අවුරුදු තිහකට විතර උඩදි ආච්චි නැති උනාට පස්සේ ආච්චි ගැන ලියුවා කවි කොලයක්.. අම්ම කියුවේ ඒකම අම්මගෙ මරණෙට සුදුසු විදියට හදල ගහන්න කියලා.. ඒත් දැන් මට ඒ කවි සමහර ඒවා මතක නෑනේ.. සමහර විට ගෙදර තියෙනවද දන්නෑ.. පටන් ගත්තේ මෙහෙම මතක විදියට..
ReplyDeleteදසකඩ මසක් මගේ බර සියොලඟ රඳවා
රෑ දහවල් මා වෙනුවෙන් නිදි වැරුවා
මා දැඩි වෙන තුරා ලේ ටික කිරි කරවා
කවි වැල් වලින් ඔබෙ ගුණ සමරනු බැරුවා...
ඉවර වුනේ මෙහෙම..
.................................................
ඇන්දේ නැත කෑවේ නැත කට රහට
................. ඔබ වින්දේ දුක් ගැහැට
ඔබ යනු නියතමයි අම්මේ සුර පුරට.. :'(
තමන්ගේ අම්මා වෙනුවෙන් කවියක් ලියනවා කියන්නේ ලොකු දෙයක්. මේ ලියවී තිබෙන්නේ තමන්ගේම මනස පුරා දිවෙන ඒ අම්මාගේ ශක්තියෙන්. අන්න ඒකයි මේ නිර්මාණයේ ඇති වටිනාකම.
Deleteකවි කොලේ තවම අභාවයට ගිහින් නෑ හොඳ නිමිත්තක් . සමහර කවි වල පොදු පදයක් තියනවා :ඒ පුන් චන්ද්‍රයා රාහුට බිලි වූයේ... වගේ
ReplyDeleteඇත්තෙන්ම කවිකොලය අභාවයට නොයාම තුළින් පෙන්වන්නේ අපේ අවමංගල සම්ප්‍රදාය සමහරක් තවමත් නොබිඳී පවතින බවයි.
Deleteඅරවගේ කවි පද හැම කවිකොලයකම පාහේ තිබෙන්නේ, අර මා කියා ඇති පරිදි, අච්චු කන්තෝරු වල තිබෙන පැරණි කවිකොළ, තම අවශ්‍යතාවයට අනුව සුළු වෙනස්කම් පමණක් කිරීම නිසා වෙන්න පුළුවන්.
කවි කොලේට කවි කොලයක් ලියවෙන්නේ කවදා ද !
ReplyDeleteසමහරවිට ලියවෙලා ඇති. අපි කවි පරිහරණය කරන්නේ බොහොම අඩුවෙන් නේ.
Deleteඅපේ නෑදෑයෙක් ගේ මල ගෙදරට කුරුණෑගලින් ආපු කට්ටියක් කවි කොලයක් කියෙව්වා. හැබැයි ඒක මේ වගේ ප්‍රින්ට් කරලා නැහැ. මට හිතෙනවා මේක කොච්චර ලස්සනද කියල. කවියෙන් එතන කියවනකොට අර දුක් අස්සේ කිසියම් සහනයක් වගේ නැද්ද?
ReplyDeleteකුරුණෑගල තියනවා වයඹ කවි සම්මේලනය කියලා කවි කිවිඳියන්ගේ සංවිධානයක්. අන්න ඒකෙන් ආව පිරිසක්ද දන්නේ නැහැ ඒ කවි කිව්වේ.
Deleteඇත්තෙන්ම ඉතා උසස් මට්ටමෙන් පබඳින ලද එවැනි කවි අසා සිටීමෙන් දුක ඇතිවෙනවා මෙන්ම අනිත්‍යයද මෙනෙහි වෙනවා.
http://nelumyaya.com/?p=3085
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteමියගිය තැනැත්තිය කවි දමාජයක සාමාජිකාවක් වුනු නිසා මේ දේ ආපහු ඉස්මතු වුනා වෙන්න පුළුවන් නේද ?
ReplyDeleteඒවායින් වැඩක් නෑ විචාරක මාමා හැදුවේ අර ගෑල්ලමයි දෙන්නගේ ෆොටෝවක් ගන්න නේ ශේප් එකේ.? අපි නොදන්න චෙස් . හිකිස්
මමත් හිතනවා මියගිය තැනැත්තියගේ සම්බන්ධතාවක් අර කවි සමාජයට තිබුන නිසා මේ කවි කොලය ගහන්න ඇති කියලා.
Deleteකවි කියෙව්වේ ගැල්ලමයි දෙන්නෙක් නෙවෙයි බං. 45 - 50 මෙනෙවියන් දෙන්නෙක් විසින්. වැඩක් නෑනේ පොටෝ කෙලලා. :e
ආචචීගේ මරණෙට අපෙ අම්මා ලියු කවි කොළය මෙන්න.
ReplyDeleteකවි කොළ අභාවයට නොගිය බවට උදාහරණයකි.
http://www.samindikasrimantha.blogspot.com/2013/08/ever-loving-grand-ma.html
ලස්සන නිර්මාණයක් සෑම්. ඇත්තටම මේවා අභාවයට යන්නට නොදී රැක ගැනීම අපේ යුතුකමක්.
Deleteවිචා.. අපි සමහර දේවල් කාලෙකින් නොදැක හිටියම අපි හිතනවා ඒක ලංකාවෙන් තුරන් වෙලාය කියල. මොන තරං මෝඩ අදහසක්ද ඒක. හරියට කව්රු හරි විශ්‍රම ගියාම ඒ තැන පුරවන්න කාටවත් බෑ කියල හිතන අයත් ඉන්නවා.. බොරු කියන්නෙ මොකටද මේ කවි කොල සිද්ධිය මං ඊයෙත් දැක්කා මල ගෙදරකදී.. ඒ වගේම අපේ කවි ලියන පොරක් ඉන්නවා.. අහන්නත් දෙයක්යැ. ගම් හතකම මරණ කවි කොල කියවනවා ඉතිං.. හැක්
ReplyDeleteඕස්ටේර්ලියාවට ආ පසු විභාගයක මාලාවකට සූදානම් වීම සඳහා වසර එකහමාරක් පමණ ගත කළ තරුණ ළඳක් ඒ සියල්ල අවසානයේ අපට රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කළා. එදා මගේ බිරිඳ සමග ඇය කියනවා
Delete"අනේ ඕස්ටේර්ලියාවේ හරීම හොඳ අළුත් ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් තියෙනවා නේද?" කියාලා.
පසුව මට තේරුණු පරිදි මේ කාන්තාව ටීවී එක දිහා ඇහැ ඇරලා බලා තියෙන්නේ විභාග සියල්ල අවසාන වුණු පසුයි.
මට පේන්නේ ඒ වගේ විචාරකත්, අවුරුදු ගණනාවක් ම මළ ගෙවල්වල කියා ගොස් තියන්නේ හමුදා මරණවලට විතරයි. ඒ හින්දායි මේ කවියෙන් ලියූ ශෝක ප්‍රකාශයක් දැකලා මේ තරම් පුදුම වෙන්නේ.
පසුගිය වසර විස්ස තුල මා ගොස් තියෙන්නේ අවමගුල් පහකට පමණයි. එකක් ලංකාවේ (පියා ගේ), හතරක් ඕස්ටේර්ලියාවේ.
ඉන් දෙකක ම කවියෙන් ලියූ ශෝක ප්‍රකාශ කියෙව්වා. එකක සිංහලෙන් මුද්‍රණය කර තිබුණත් ගායනා කළේ නෑ. ඒ වෙනුවට මියගිය අයගේ බිරිඳ ඇය ලියූ ඉංගිරිසි කවියක් ගායනා කළා.
අනෙක මගේ මිතුරෙකු ගේ පියා ගේ අවමගුල නමුත් මා ගියේ අවසාන කටයුතු සිදුකළ දිනට පෙර දිනයකයි, මා කවි පන්තියක් ලියා දී ආවා. (ශෝක ප්‍රකාශයක් නොවේ!)
කවි නොතිබුණේ එක අවමගුලක විතරයි. එහිදීත් මා එහි ගියේ අවසාන කටයුතු සිදුකළ දිනට පෙර දිනයක නිසා අවමගුල් දින සිදු වූ දේ මා දන්නේ නෑ.
ඇත්තටම කිවහොත්, විචාරක මේ කවියෙන් කළ ශෝක ප්‍රකාශය බලා පුදුම වූවාට වඩා, මට විචාරක එසේ පුදුම වීම ගැන පුදුම හිතෙනවා!!!
@ දේශක යාJune 16, 2015 at 10:52 AM
Deleteඉංග්‍රීසි කියමනක් තියනවානේ out of sight out of mind කියලා. ඉතිං මේ කවි කොළෙත් මට මුණගැහුනේ ඉතා දීර්ඝ කාලයකට පස්සේ. ඒ නිසයි මා විශ්මයට පත්වුණේ.
@ රසිකොලොජිස්ට් - Rasikologist June 16, 2015 at 11:21 AM
හමුදා මළගෙවල් වල කවිකොළ කියන්න දෙන්නේ නැහැ කියා නීතියක් හෝ සම්ප්‍රදායක් ඇතැයි කියා ඔබ පූර්ව නිගමනයක සිටීනම් අදින් පසු එයින් ඉවත්වීම යෙහෙකි. මන්ද හමුදා අවමගුලකදී පළමුව හමුදාවෙන් මෘත ශරීරය ගෙදරට ගෙනගොස් දීම, අවමංගල්‍ය අධ්‍යක්ෂ සමාගමක සේවය ලබා ගැනීම කෙරෙනවා. අවමංගල උත්සවයේ සාමාන්‍ය සමාජ/ආගමික චාරිත්‍ර ඒ මළගිය අයගේ භාරකරුගේ අභිමතය පරිදි සිදුවෙනවා. (මුස්ලිම් අයගේ අවමගුල් කටයුතු ඒ ආගම අනුව කෙරෙන නිසා හමුදා ගෞරවාචාර පෙළපාලිය තියන්නෙත් නැහැ සමහරවිට) ඒ නිසා කවිකොළ කියවනවා නම් හමුදාව, අවසන් කටයුතු සඳහා දේහය නැවත භාරගන්නට පෙර එසේ කරන්නට කිසිම බාධාවක් නැහැ. ඕනේ තරම් කතා පවත්වන්නටත් බාධාවක් නැහැ.
මම 2010 වර්ෂයේදී විශ්‍රාම ගත් පසු සහභාගිවූ, හමුදාවේ නොවන මළ ගෙවල් කොපමණද කියා, අමාරුවෙන් මතක් කරමින්, කඩදාසියක සටහන් කළා. ආසන්න වශයෙන් ඒ ගණන 27 ක් පමණ වෙනවා. එයින් අවසාන කටයුතු නිමවන අවස්ථාවේදී සුසාන භූමියේ/ආදාහනාගාරය අසළ මා රැඳී සිටි අවස්ථා ගැන 15 ක් පමණ වෙනවා. එම අවමංගල්‍ය වලින් කීපයක්, ගාල්ල, නුවරඑලිය, වැලිඔය, ආනමඩුව, අනුරාධපුර වැනි ප්‍රදේශ වල තිබුණු අතර, ඒ එකකදීවත් කවිකොළ කියවනු මට අහන්නට දකින්නට ලැබුනේ නැහැ. ඒ නිසා මා පුදුමයට පත්වීම ගැන, ඔබ පුදුමවීම, මට මහත් පුදුමයක්.
/*.......මා පුදුමයට පත්වීම ගැන, ඔබ පුදුමවීම, මට මහත් පුදුමයක්. .......*/
Deleteමා පෙර කී ඒ අවමගුල් පහට සහභාගී වි ඇත්තේ පසුගිය වසර නමය තුළයි. එයින් හතරකම කවි තිබුණු බව අසාත් විචාරක පුදුම වේවි කියාත් මා සිතුවා.
කමක් නෑ. දෙන්නා ඔහේ දෙපැත්තට වෙලා පුදුම වෙවී ඉඳිමු!
මේවා මහ පුදුම දේවල්.. හැක්
Deleteඅනේ ද කියන්නේ දේශ්.
Delete