හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

25 April 2014

අපි දැකපු කාර් (දෙවැනි කොටස) Vintage Cars in Our Time (Part Two)

Vintage-Classic-Cars-Of-Sri-Lanka-Rolls-Royce-20-25-1934-
 මතකයි නේද මේ කතාවේ පළමුවැනි කොටස. මතක නැතිනම් මෙන්න මෙතනින් ගිහින් බලලා එන්න. කතාවේ පළමුවැනි කොටසේදී මා අතින් සිදුවුණු අඩුපාඩු කීපයක් නිවැරදි කර ගැනීම, අද ලිපියේදී මුලින්ම කලොත් හොඳා කියලා හිතුනා. ඒ අඩුපාඩු පෙන්වාදුන් winiwidimi, ඔස්ටින් අයියා, සහ තවත් නිර්නාමික බොහෝ දෙනෙකුට මගේ අවංක ස්තුතිය පිළිගන්වන්නට කැමතියි. ඔවුන් පෙන්වාදුන් අඩුපාඩු සම්පූර්ණ කරගෙන එමෙන්ම ඔවුන් මතක් කරදුන් තොරතුරුත් ඇතුළත් කරගෙන, මේ ලිපි මාලාව ඉදිරියට ගෙනයනවා. පසුගිය ලිපියේදී මොරිස් වාහන ගැන කියද්දී අපේ රටේ අතිශයින් ජනප්‍රිය වුනු මොරිස් 1000 මෝස්තරය වෙනමම පෙන්වන්න බැරිවුනා. මේ වාහනය තමයි ඒ කාලේ ටැක්සි හෙවත් කුලී රථ සඳහා බහුලවම යොදාගත්තේ. කහපාටින් වර්ණ ගැන්වූ වහලය, කලුපාට බඳ, පිටතින් සවිකළ විශාල ටැක්සි මීටරය, මට අදටත් මතකයි. හැබැයි ඒ කාලේ අපිනම් මේ ටැක්සියක ගියේ ඉතාම කලාතුරකින්. එයට හේතුව ඒ සඳහා මුදල් අපි අතේ නොතිබීමයි. ඔන්න පහත පින්තූරයේ තියනවා මොරිස් 1000 රථය.


morris-1000-13

  ඒ වගේම මට පසුගිය ලිපියේදී අමතක වුන තවත් කාර් දෙකක් තමයි ඔස්ටින් මිනි කූපර් Austin Mini Cooper රථය සහ මොරිස් මිනි කූපර් Morris Mini Cooper රථය. මේවා අද පවා ඉතාම ජනප්‍රිය වාහන. මට මතක් වෙනවා 1969 වර්ෂයේදී ලෝකය පුරා ජනප්‍රිය වූ The Italian Job නමැති චිත්‍රපටිය. මා ඒ චිත්‍රපටිය නැරඹුවේ, අද වනවිට වැසීගොස් තිබෙන, කෑගල්ලේ, 'පරාක්‍රම' සිනමාහලේදීයි.මේ චිත්‍රපටියේ තිබෙන්නේ රත්තරං මංකොල්ලයක කතාවක්. මංකොල්ලකාගත් රත්‍රන් තොගයක් සමාන කොටස් තුනකට බෙදා මිනි කූපර් රථ තුනකින් ඉතාලියේ සිට ස්විට්සර්ලන්තයට රැගෙන යාමට දරන උත්සාහය ඉතාම නාටකීය ආකාරයකින් ඉදිරිපත් කරනවා. ඒ චිත්‍රපටියේ අදාළ ජවනිකාවෙන් කොටසක් පහතින් බලන්න. 




ඔස්ටින් සහ මොරිස් යන දෙවර්ගයේම මිනි කූපර් රථ පහතින් දැක්වෙනවා.

Morris_Mini-Minor_1967

  මිනි කූපර් රථය වගේම ජනප්‍රිය රථයක් තමයි ඔස්ටින් මිනි මොක් Austin Mini Moke  රථය. විශේෂයෙන් 1970 දශකයේදී ලංකාවේ ධනවත් මෝටර් රථ හිමියන් අතර මේ රථය අතිශයින් ජනප්‍රියව තිබුණා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාත්, ඒ කාලයේ, 'ගම් උදාව' ප්‍රදර්ශණය බලන්න, මේ රථයකින් ආවා මට මතකයි.

'67_Austin_Mini_Moke_(Ottawa_British_Car_Show_'10)

  ඊළඟට මම කැමතියි ඔබ සමග කතාකරන්න අපි දැකපු ෆෝර්ඩ් Ford කාර් ගැන. ෆෝර්ඩ් වාහන ඇමරිකානු නිෂ්පාදනයක් බව ඔබ දන්නවා ඇති. මම මේ ලිපියේදී කතාකරන්නේ කාර් ගැන පමණක් නිසා ෆෝර්ඩ් ලොරි, වෑන්, ආදිය ගැන කතාකරන්නේ නැහැ. අපි පුංචි ළමයි හැටියට දැකපු ෆෝර්ඩ් කාර් පසු කාලයේදී ලංකාවේදී හැඳින්වුණේ දඬු ෆෝර්ඩ් කියන නමින්    :D      ඇත්තටම මේ පහත තියන පින්තූරය බැලුවම ඔබටත් හිතෙයි ඒ නම් ඒ වාහනයට ගැලපෙනවා කියලා.

msjqs2oldEvM9siLqURGTqA


Ford_Prefect_Sedan_E03A_of_1939

  නමුත් දඬු ෆෝර්ඩ් එකට පස්සේ ආව ෆෝර්ඩ් ප්‍රිෆෙක්ට් කාරය පවුලේ වාහනයක් මෙන්ම කුලී රථයක් වශයෙන්ද බොහොම ජනප්‍රිය වුණා. 

OLYMPUS DIGITAL CAMERA

  නමුත් මින් පසු කාලයේ පැමිණි ෆෝර්ඩ් කොන්සල් Ford Consul රථය එතරම් ජනප්‍රිය නොවුනේ එය විශාල කාරයක් වීම නිසාත් ඉන්ධන කාර්යක්‍ෂමතාව අතින් පහත් මට්ටමක තිබුණු නිසාත් වන්නට ඇති.

Ford_Consul_ca_1962

1950 දශකයෙන් ආරම්භවී 1960 - 70 දශක වලදී අතිශයින් ජනප්‍රිය වූ ෆෝර්ඩ් ඇන්ග්ලියා Ford Anglia කාරය ඒ කාලේ හරිම 'මනමාල' කාර් එකක් ලෙසයි බොහෝ දෙනා ඒ කාලේ හැඳින්වූවේ. ඒ කාලේ තිබුන ලස්සනම, වේගවත්ම, රථ අතරින් එකක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් තරුණ පරපුර අතර මේ රථය වඩාත් ජනප්‍රිය වුණා.


1200px-'65_Ford_Anglia_L200_Coupe_(Orange_Julep)

  ෆෝර්ඩ් ඇන්ග්ලියා රථයේ කැපී පෙනෙන වෙනස්කමක් වුණේ එහි පසුපස වීදුරුව ඇතුළට එබී තිබෙන ආකාරයට සකසා තිබීමයි. වෙනත් කිසිම කාරයක මෙවැනි ආකාරයට සැකසු පසුපස වීදුරුවක් මා දැක නැහැ.


OLYMPUS DIGITAL CAMERA

  ෆෝර්ඩ් වාහන අතර 1970 දශකයෙන් ආරම්භවී සෑහෙන ජනප්‍රියත්වයක් ලැබූ කාර් මෝස්තරයක් ලෙස ෆෝර්ඩ් එස්කෝට් Ford Escort කාරයටත් විශේෂ වැදගත්කමක් හිමිවෙනවා.  

ford-escort-mk2-17

  කෙසේ වෙතත් ෆෝර්ඩ් කාර් අතරින් උපරිම ජනප්‍රියත්වයට පත්වුයේ ෆෝර්ඩ් කෝටිනා නමින්, මෝස්‌තර කීපයකින් පැමිණි වාහනයි. ඒ සෑම මොස්තරයක්ම මෙහි දක්වන්නට මා අදහස් කරන්නේ නැහැ. මේ මෝස්තර 1980 - 90 දශක වලදී පවා ජනප්‍රියව තිබුණා. මා මෙහි දක්වන්නේ එයින් ඉතාම මහේශාඛ්‍ය පෙනණුමකින් යුක්තවූ ෆෝර්ඩ් කෝටිනා මාක් III,  Ford Cortina Mk III රථයයි.


ford_cortina_2
  

  මීළඟට මා ඔබට පෙන්වන්නේ එක්සත් රාජධානියේ තවත් නිෂ්පාදනයක් වන හිල්මන් වාහන දෙකක්. Hillman මේ වාහන මෝස්‌තර දෙක එකල නිතර අපේ රටේ මහා මාර්ගවල දකින්නට ලැබුණා. ඒ අතරින් වඩාත් ජනප්‍රිය වුණේ පහත දැක්වෙන කාර් පින්තූර දෙකෙන් දෙවැනි පින්තූරයේ තිබෙන හිල්මන් මින්ක්ස් රථයයි.


Hillman_badge

Hillman_Minx_Phase_V-ish


Hillman Minx Series IIIC

  අපි කුඩා කාලයේ ඉතාම සුඛෝපභෝගී වාහන ලෙස සැළකුණ, එමෙන්ම ඒ කාලයේ හැටියට මිල අධික, ජර්මන් නිෂ්පාදනයන් වූ, වාහන දෙකක්, මීළඟට ඔබට ඉදිරිපත් කරනවා. ඒ තමයි ඕපල් Opel  නමැති වාහන වර්ගය. මෙයින් මුලින්ම පෙන්වන ඕපල් රෙකෝර්ඩ් රථයේ නම, Opel Rekord අපි උච්ඡාරණය කලේ 'ඕපල් රෙකාඩ්' ලෙසයි. මෙම කාරයට අද තිබෙන ටොයෝටා ඇලියොන් රථයකට තිබෙන පිළිගැනීම තිබුණා.

Opel_logo_TY_DE_4C
Opel_Rekord_1700_P1_(2008-06-14)_ret


 ඕපල් වාහන වල වඩාත් සුඛෝපභෝගී මෝස්තරය වුයේ ඕපල් කපිතාන් Opel Kapitan කාරයයි. මෙය විශාල වාහනයක්. බොහොම ගරු ගාම්භීර පෙණුමක් තිබුණා.


opel-kapitan-307095_7202494


  මා හිතනවා අද ලිපිය මෙතෙකින් අවසන් කළයුතුයැයි කියා. මෙම ලිපි මාලාව තවත් කොටස් කීපයක් දක්වා ගෙනයන්නට තරම් තොරතුරු මා රැස්කරගෙන තිබෙනවා. ඒ සමගම ඔබේ අදහස් සහ කරුණු නිවැරදි කිරීම් ද බලාපොරොත්තු වෙනවා.


my-signature-for-blog[1]      2014 අප්‍රේල් මස 25 දින 0025 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }