හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

26 February 2016

මෙසෙව් අයටත් ශිල්ප සෑදේ........................! Wonderful fools of 21st Century

   බ්ලොග් ලිවීම නිදහස් සහ ස්වාධීන මාධ්‍ය කලාවක්. එයට නීති නැහැ. නමුත් සදාචාරය කියා දෙයක් තියනවා. සාධාරණත්වය කියා දෙයක් තියනවා. අන් මත ඉවසීම කියා දෙයක් තියනවා. සමහර අඩවි වල පාඨක අදහස් පළකරන්නේ, අඩවි පාලක විසින් අනුමත කරන ඒවා පමණයි. ප්‍රස්තුතයට අදාළ නොවන, අසභ්‍ය, අපහාසාත්මක,  අදහස් වලට ඉඩ ලබා නොදීම සඳහා, එසේ කිරීමේ වරදක් නැහැ. නමුත් එවැනි කිසිදු වර්ගීකරණයකට නොවැටෙන පාඨක අදහස් කපා හරිමින්, තමන්ගේ මතයට පමණක් කැමතිවන සහ තමන්ට වඩා හොඳින් ප්‍රතිවචන දියහැකි පාඨක අදහස් පමණක් තෝරාගෙන, පලකරන ප්‍රතිපත්තිය නම්, අමනොඥ බව නොකියාම බැහැ. මේ මෑතකදී එක්තරා මහත්මයකු විසින් ලියන එවැනි අඩවියක් සමග මා දෙවතාවක් සම්බන්ධවුනා. ඒ දෙවතාවේදීම ඒ අඩවි පාලකතුමා මට පිළිතුරු ලබාදුන්නේ, අපක්ෂපාතී ආකාරයෙන් නොවෙයි. මා පහත දක්වන්නේ, එම අවස්ථා වලදී, මා ලබාගත් තිර රූප කීපයක්. 



   මේ ලිපියට අදාලව මා දක්වන ලද අදහස් සහ ඊට මා ලද පිළිතුරු පහත තිර රූප වලින් දක්වනවා. 



   මෙතනදී, මේ මිනිහා, ඌ, වැනි වචන වලින්, අඩවි පාලක උතුමා විසින් හඳුන්වන්නේ, ඊයේ පෙරේදා මේ රටට පැමිණි, එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කටයුතු පිලිබඳ මහ කොමසාරිස් වරයායි. මෙතනදී මා කල්පනා කළා, මේ මහතා සමග හොඳ සංවාදයක යෙදිය හැකියි කියා. මෙවැනි සංවාදයකදී, හොඳ වචන භාවිත කරමින්, සංවාදය ඉදිරියට ගෙනයාම වඩාත් උචිත බව මා ප්‍රකාශ කළා. එයට ඒ උතුමා මට ලබාදුන් පිළිතුර මෙයයි.



   මේ ඊළඟ අවස්ථාව. ඊයේ පෙරේදා මෙතුමා ලියා තිබුණු ලිපියක සඳහන් වුණා, යාපනය ආඥාපතිව සිටි මේජර් ජෙනරල් සී.පී. ගාල්ලගේ, කොළඹට මාරුකිරීම, මේ රජයේ වැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට, මේජර් ජෙනරල් ගාල්ලගේ විරුද්ධවීම නිසාත්, ඔහු ක්‍රියාකලාපය රජයට බාධාවක් බවත්, ඒ නිසා මෙම මාරුව කල බවත්. 




 මෙය අමූලික අසත්‍යයක්. මා ඒ ගැන ප්‍රකාශ කල අදහස් මෙන්න මේවයි. එම අදහස් එතුමා කපාහැර ඇති නිසා, මතක තිබෙන විදිහට ලියන්නේ. 

"භූෂණ මහත්මයා, මේ කමෙන්ට් එක ඔබ පලකරයිද දන්නේ නැහැ. මොකද මීට පෙර මගේ කමෙන්ට් එකකට ඔබ දී තිබුණ පිළිතුර, මමයි මේ දේවාලේ කපුවා, එහි පහරන්නට මට සම්පූර්ණ අයිතිය තිබේ. ඒ ගැන විමසන්නට නුඹට අයිතියක් නැත. කියනවා වගේ එකක්. 

   යාපනය ආඥාපති මේජර් ජෙනරල් ගාල්ලගේ, කොළඹට මාරුකිරීම දේශපාලන තීන්දුවක් නොවේ. මා දන්නා තරමින් ඉතා නුදුරේදී ඔහු විශ්‍රාම යාමට නියමිතයි. ඒ නිසයි ඔහුව මාරුකලේ. එමෙන්ම ඒ තනතුර සඳහා  අලුතෙන් පත්වුණ මේජර් ජෙනරල් මහේෂ් සේනානායක ද, උතුරු නැගෙනහිර සටන් බිමේ විශිෂ්ඨ පළපුරුද්දක් ඇති නිලධාරියෙක්. මේ නිලධාරීන් දෙදෙනාම සමග මා රාජකාරි කර තිබෙන අතර, පෞද්ගලිකව හොඳින් හඳුනනවා. ඔබ මේ නිලධාරියා ගැන ලියන්නේ, තුන්වැනි පාර්ශ්වයකින් ගත් තොරතුරු වලින්. මා ලියන්නේ හමුදාවේ හිටපු නිලධාරියකු ලෙස ලද අද්දැකීම් වලින්. වෙනස තියෙන්නේ එතනයි.

  මේජර් ජෙනරල් ගාල්ලගේ දක්ෂ නිලධාරියකු බව අවිවාදිතයි. නමුත් කිසිම රාජ්‍ය නිලධාරියකුට බැහැ, හමුදා නිලධාරීන්ට අණදෙන්න. ඒ සඳහා බලය තිබෙන්නේ, සේනාධිනායකයාට පමණයි. ඔබ දන්නවද ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වා කිසි කෙනෙක්, ත්‍රිවිධ හමුදාපතිවරුන් මගහැර ඉඳුරාම හමුදාවේ සේනාංකාධිපතිවරුන්ට, බලසේනාධිපතිවරුන්ට අණදුන්නේ නැහැ. 

  නමුත්, පසුගිය රජයේ ආරක්ෂක ලේකම් වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ, තම තනතුරට අදාල නැති බලයක් ආරූඪ කරගෙන, (විශේෂයෙන් ජෙනරල් (එවකට) ෆොන්සේකා හමුදාවෙන් ඉවත්වීමෙන් පසුව) ත්‍රිවිධ හමුදාපතිවරුන් අබිභවා යමින් අණදීම කළා. දේශපාලනය හමුදාව තුලට ගෙනාව, ඔහුගේ කාලයේදී සමහරවිට රණවිරුවන් කිව්වේ හෙන්චයියන්ට පමණයි. 

   යම්කිසි හමුදා නිලධාරියකු සිටිය යුත්තේ හමුදාපතිගේ අණසක යටතේ විනා, වෙනත් රාජ්‍ය නිලධාරියකු යටතේ නොවේ. මේජර් ජෙනරල් ගාල්ලගේ රාජ්‍ය ප්‍රතිපත්ති වලට විරුද්ධ වූවායයි මා සිතන්නේ නැහැ"

  මට මතක තිබෙන්නේ මෙපමණයි. කිසිදු අසභ්‍ය, අපහාසාත්මක, ප්‍රස්තුතයට අදාළ නොවන කිසිවක්, මා ලිව්වේ නැහැ. නමුත් මගේ කමෙන්ට් එක කපාහැර ඇති මේ උතුමා, පිළිතුරක් පමණක් දී ඇත. 



  මේ පිළිතුර කියවන වෙනත් පාඨකයන් සිතන්නේ මා අමු කුණුහරපයක්වත් ලියන්න ඇති කියලයි. මෙතුමාගේ මේ පුහු ආලාපයේ ඇති කරුණු කීපයක් ගෙන බලමු. 

1. මා විචාරක නාමයට මුවාවී දේශය පාවා දෙන්නෙකි. (අහෝ එතුමා ඊට උදාහරණ නොදක්වයි) 

2. හිටංගේ නපුංසක හුටංගේ ආදී වශයෙන් තප්පු ලන, තවම හරියට කර අඹා නැති මේ පුස්සාතුමා හිතන්නේ, තමාගේ බ්ලොග් රාජ්‍යය, හුදීජනයාට ක්ෂේම භූමියක් ලෙසය. (අනේද කියන්නේ) 

3. හිටපු හමුදා නිලධාරියකු බව හඟවමින්; අනේ මුන්නැහේ ගේ ගොං සිංහල. හඟවමින් සහ අඟවමින් කියන වචන දෙකේ තේරුමේ වෙනසවත් දන්නේ නැති පුඟුලෙකු, බැරෑරුම් කරුණු ගැන ලිපි ලිවීම, දෙකොනින් හිනායන ක්‍රියාවකි. 

ඇතුල් පැත්ත පිටපැත්ත නොදන්නා - කිතුල් පිත්ත මත පියවර මැන්නා 
උකුල් ඇටෙත් උගෙ එලියට පැන්නා - එහෙව් උනුත් අද සබයට එන්නා 

යන පැරණි කවිය කොපමණ සත්‍යදැයි හිතෙන්නේ මේ වෙලාවටයි.

  මා හිටපු හමුදා නිලධාරියකු නොවන බවට සහ, ගෙනයන බොරු ප්‍රචාර වලට උදාහරණ දීමට තරම් ප්‍රමාණවත් පුරුෂ ලක්ෂණ, මෙතුමා ජන්මයෙන්ම ගෙනැවිත් නොමැති බව, පැහැදිලිවම පෙනෙයි. (උපතින්ම මොළ කොලොප්පන් කාරයෙක්ද මන්දා)

4. මේ සන්දර්භයට අදාලව ඔබ ලියන කිසිම කමෙන්ට් එකක් මෙහි පල නොවෙනු ඇති. (ඒ කියන්නේ ප්‍රස්තුතයට අදාළ වුනත්, මා දක්වන අදහස් වලට ඉඩක් නැති බවයි. එක්කෝ මුන්නැහේ, සන්දර්භය කියන්නේ කෑමට ගන්නා දෙයක් යයි, සිතා සිටිනවා වෙන්නත් පුළුවන්. සිංහල වචන වල තේරුමවත් නොදැන, තම පුහුකම මෙලෙස ප්‍රසිද්ධියේ පෙන්නන්නේ ඇයි? ඇනස්ලි, සැමුවෙල්, බර්ටි, වගේ වෙන්නද හදන්නේ?) 

මෙසෙව් අයටත් ශිල්ප සෑදේ  

2016 පෙබරවාරි මස 25 වැනි දින 2209 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }