හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

10 October 2016

ඕනේ කෙහෙම්මලක් වෙච්චාවේ............. ඔන්න මම කියලා දෙනවා...................... (තුන්වැනි කොටස)

   ඉතින් කොහොමද? මේ ලිපි මාලාව, ඔබේ සිත තදින්ම පැහැරගත් බව, බොහොමයක් ප්‍රතිචාර වලින් පෙනෙනවා. ලිපියේ මීට පෙර කොටස්, තවමත් කියවා නැති අයට, පළමුවැනි කොටස මෙතනින් සහ දෙවැනි කොටස මෙතනින් කියවන්න පුළුවන්. මා සිතා සිටියාට වඩා බොහොමයක් කරුණු ගැන, ඔබ දක්වන උනන්දුව ගැනත්, ඔබට ස්තුතිවන්ත වෙනවා. සමහර පාඨකයන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට සිදුව තිබෙන නිසා, කලින් සිතා නොසිටි සමහර කරුණු ද, මේ කොටසට ඇතුලත් කරන්න සිදුවුණා. 

   මේ කොටස ආරම්භයේදීම, ඔබට AK 47 තුවක්කුවේ කොටස් සහ, එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව සරල අවබෝධයක් ලබා දියයුතුයැයි මා සිතුවා. ඒ නිසා, අපි මුලින්ම, මේ අවියේ කොටස් හඳුනාගනිමු.



   හොඳයි, බොහොම සංකීර්ණයි වගේද පෙනෙන්නේ? ඇතුලේ කොටස් මොකුත් නැතුව, බාහිර පෙනුම විතරයි මෙතන පෙන්නන්නේ. ඔක්කොම කියන්න ගියොත් මෙන්න මේ වගේ සංකීර්ණයි.




  මේ ඔක්කොම ඕනේ නැහැනේ? මොකද විභාගයකට ඉගෙනගන්නවා නෙවෙයිනේ.  ඒ වගේම හොඳින් බලන්න, ඉහත පින්තූරය සහ මේ පින්තූරය අතර, කොටස්වල නම් ලිවීමේදී, වෙනසක් තියනවා. මා ලියා තිබෙන්නේ, අපේ රටේ පුහුණුවේදී කියන නම්. 

   ඉහත පින්තූරයේ තියන කොටස් වලින් මොනවද වෙන්නේ කියා, කෙටියෙන් සරලව කියන්නම්.

  • බට් ප්ලේට් = තුවක්කුවේ මිටේ පසුපසින්ම සවිකර තිබෙන මේ ලෝහ තහඩුවෙන් තුවක්කු මිටේ ලීය ආරක්‍ෂා වෙනවා. මේකේ පොඩි දොරක් තියනවා. තුවක්කුව පිරිසිදු කිරීමේ උපකරණ තියෙන්නේ ඒ දොර ඇරියම, තුවක්කු මිට ඇතුළේ.


  • බට් = තුවක්කු මිට. ලීයෙන් හදලා තියෙන්නේ. විවිධ මෝස්‌තර අනුව මෙහි හැඩය සහ සාදා ඇති ද්‍රව්‍යය වෙනස් වෙනවා.


  • රිලීසිං කැච් = ඒ කියන්නේ තුවක්කු බඳෙන් එලියට ඇවිත් තියන අර පුංචි හතරැස් බොත්තම. මේක ඔබලා, ඊට ඉහලින් තියන රිසීවින් කවර් එක හෙවත්, තුවක්කුවේ යාන්ත්‍රික කොටස් වැසී තිබෙන ආවරණයත්, තුවක්කුවේ රිටන් ස්ප්‍රින් යනුවෙන් හඳුන්වන දුන්න සහ, පිස්ටන් බ්ලොක් එකත් ගලවන්න පුළුවන්. (ඇයි ගලවන හැටි පහුගිය කොටසේදී වීඩියෝ එකකින් කියලා දුන්නනේ) 






  • සිලෙක්ටර් = ඒ කියන්නේ, වෙඩි තැබීම සහ අගුලු දැමීම කරන පාලකය. මෙය ඉහලටම එසවූ විට, තුවක්කුව අගුළු වැටෙනවා. පහතට එක වරක් දැමුවිට, ස්වයංක්‍රීය තත්වයට පත්වෙනවා. ඒ කියන්නේ, නොකඩවා සියලුම පතරොම් වෙඩි තැබිය හැකියි. තවත් වරක් පහතට දැමුවාම, අර්ධ ස්වයංක්‍රීය තත්වයට එනවා. එවිට, තුවක්කුවේ කොකා මිරිකන සෑම වාරයකටම, එක් පතරොම බැගින් පත්තු වෙනවා. 








  • රියර් සයිට් = මෙයින් තමයි වෙඩි තැබීමේ දුර සකසාගැනීම සහ ඉලක්කය ගැනීම සිදුකරන්නේ. 






  • අපර් හෑන්ඩ් ගාඩ් = තුවක්කුව හොඳින් ග්‍රහණය කරගැනීමට මේ කොටස උදව් වෙනවා.

  • ගෑස් වෙන්ට්ස් = මෙයින් කරන්නේ පතරොමකින් නිකුත් කෙරෙන අධික වායු පීඩනයෙන්, කොටසක් මුදා හැරීමයි. තුවක්කුව තුළ අනවශ්‍ය වායු පීඩනයක් ඇතිවීම වලකිනවා.

  • ගෑස් ටියුබ් = මෙතන විශ්මයජනක ක්‍රියාවක් සිද්ධ වෙනවා. පතරොමක් පත්තුවී ඇතිකරන මහා වායු පීඩනයෙන් කොටසක්, තුවක්කු බටය දිගේ උණ්ඩය ඉදිරියට තල්ලු කරගෙන යන අතර, මෙතනදී එම අධික වායු පීඩනයෙන් කොටසක්, ගෑස් ටියුබ් එක දිගේ ඉහලට ගොස්, ගෑස් චේම්බරයට යනවා. එය කොපමණ අධික පීඩනයක්දැයි කිවහොත්, තුවක්කුවේ පිස්ටනය, සම්පූර්ණයෙන් පසුපසට තල්ලුකර යවනවා. ඒ ක්‍රියාවලියෙන් තමයි, ඊළඟ පතරොම පත්තුවීමේ ක්‍රියාවලිය, ස්වයංක්‍රීයව සැකසෙන්නේ.

  • ෆෝ සයිට් පිලර් = රියර් සයිට් එකෙන් විතරක් ඉලක්කය ගන්න බැහැනේ. වෙඩි තබන්නාගේ ඇස, රියර් සයිට් එකේ අර කට්ටය, (බැට්ල් හෝල්) එක, ෆෝ සයිට් පිලර් එක තුළ තිබෙන ෆෝ සයිට් ටිප් එක, ඉලක්කය, කියන ඔක්කොම, එකම සරල රේඛාවක සමපාතව පිහිටන්න ඕනේ, නිවැරදිව ඉලක්කය ගන්න නම්. 




  • මස්ල් = තුවක්කු කට 
  • ක්ලීනින් රොඩ් = තුවක්කු බටය පිරිසිදු කරන කූර


  • බේනට් = බයිනෙත්තුව (මෝස්‌තර කීපයක් තියනවා. අපේ රටේ පාවිච්චි කරන්නේ මේ මෝස්තරය. මෙය තුවක්කු බටය යට පිහිටන සේ නවන්න පුළුවන් අවශ්‍යවිට.) 


  • බැරල් = තුවක්කු බටය 
  • ෆෝහෑන්ඩ් ගාඩ් = මෙතනින් තමයි වෙඩි තියනවිට ඉදිරියට යොමුවන අතින් තුවක්කුව අල්ලාගන්නේ. 
  • මැගසින් = පතරොම් ගැබ. මෙහි පතරොම් 30 ක් පිරවිය හැකියි. පොඩ්ඩක් බලන්නකෝ පුරවන හැටි. හැබැයි මෙයා පුරවන්නේ, ලෙඩ කපුටා වැල ගිලින වේගෙන්. යුද්දෙදි අපේ කොල්ලෝ පුරවන්නේ, ඇහිපිල්ලම් ගහන වේගෙන්. 




   පතරොම් දැම්මා වගේ නෙවෙයි ඒවා අයින් කරන හැටිත් දැනගන්න එපායැ. ඔන්න බලාගන්න, කොහොමද පතරොම් ඉවත්කර තුවක්කුව ආරක්ෂක තත්වයට ගන්නේ කියලා. මේ වීඩියෝව පසුව එකතු කළේ , 
ගේ කමෙන්ට් එක කියෙව්වට පස්සෙයි.




  • මැගසින් කැච් = මැගසින් මාරුකරන්න මේක ඉදිරි පැත්තට මිරිකලා මැගසින් එක ගලවන්න පුළුවන්.


  • ට්‍රිගර් ගාඩ් = තුවක්කුවේ කොකාගේ ආරක්ෂාවට තියන යකඩ පටිය.

  • ට්‍රිගර් = තුවක්කුවේ කොකා 

  • පිස්ල් ග්‍රිප් = මේක හරියට පිස්තෝලෙක මිට වගේ නේද? ඒකයි මේ නම කියන්නේ. තුවක්කුව අල්ලාගන්නා අත් දෙකෙන්, පසුපස තියන අතින් තමයි, මෙතන අල්ලාගන්නේ.

  • ස්වයිවල් රිං = තුවක්කුව එල්ලාගෙන යන පටියේ එක කොනක් මෙතනට හයිවෙනවා. එතන දිගටි හැඩයේ මුද්දක් තියෙන්නේ. 

   දැන් හරි නේද කෑලිටික? දැන් පොඩ්ඩක් බලමුද ඔය කෑලිටික එකතුවෙලා, මේ තුවක්කුව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මේ වීඩියෝව නොවරදවාම බලන්න.




   මේ තුවක්කුවේ ගතිලක්‍ෂණ, Characteristics දැනගැනීම තමයි, ඊළඟට වැදගත් වෙන්නේ. මෙන්න ඒ විස්තරය. වැදගත්ම කරුණු පමණයි.


  • වර්ගීකරණය = ප්‍රහාරක රයිෆලය 
  • මෝස්තරය = AK 47 
  • ස්ථිර ලී මිට සහිත මෝස්තරයේ තුවක්කුවේ දිග = මි.මී. 880 (අඟල් 35)
  • මැගසින් එක රහිතව බර = කි.ග්‍රෑම් 3.7 
  • පතරොම් පිරවූ මැගසින් එකක් සහිතව බර කි.ග්‍රෑම් 4.75 
  • තුවක්කු බටයේ දිග = මි.මී. 415 (අඟල් 16.3)
  • යොදවන පතරොම් කැලිබරය = 7.62 x 39 මි.මී. 
  • යොදවන පතරොම් වර්ග = 
  • (1) 7.62 x 39 සාමාන්‍ය, 
  • (2) 7.62 x 39 Armour Piercing = සන්නාහ විනිවිද යන, 
  • (3) 7.62 x 39 Incendiary = ගිනි අවුළුවන, 
  • (4) 7.62 x 39 Tracer = රාත්‍රී කාලයේදී ඉලක්ක පෙන්වන.
  • (5) 7.62 x 39 Blank = පුහු පතරොම් 
  • තුවක්කුව ක්‍රියාකරන න්‍යාය = වායු පීඩනයෙන් ක්‍රියාත්මක. කරකැවෙන බෝල්ට් ක්‍රමය Gas operated, rotating bolt 
  • වෙඩි තැබීමේ වේගය = විනාඩියකට උණ්ඩ 600 යි. 
  • තුවක්කු කටෙන් උණ්ඩ පිටවන වේගය = තත්පරයකට මීටර් 715 (අඩි 2350)
  • ප්‍රතිඵලදායක වෙඩි දුර = මීටර් 350 

   මේ තුවක්කුව,  වෙනත් සංග්‍රාමික ක්‍රියාකාරකම් සඳහාත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි, මේ තුවක්කුව බෝම්බ විදිනයක් ලෙස පාවිච්චි කිරීම. මේ සඳහා යම්කිසි වෙනස්කමක් කරන්න වෙනවා. පහත වීඩියෝ වලින් ඔබට එය කරන ආකාරය බලන්න පුළුවන්.






   
   මේ අවියට සයිලන්සරයක් සකස් කරන්න, ලෝකයේ විවිධ රටවලදී උත්සාහ ගෙන තිබෙනවා. අපේ විශ්වකර්ම දොස්තර මහතාත්, මෙය සාර්ථකව කර තිබෙනවා. නමුත් එය දකින්න නොලැබීම, අපේ අවාසනාවක්. මේ බලන්න එලෙස ගෙදර හදපු සයිලන්සරයක ක්‍රියාකාරිත්වය. 



   හොඳයි, පසුගිය ලිපියේදී මම ඔබට කිව්වා, මේ තුවක්කුවට නෑදෑයන් ඉන්නවා කියා. ඒ අය අතරින් ළඟම නෑයන් දෙදෙනෙකු පමණයි, මා ඔබට හඳුන්වා දෙන්නේ. එහෙම නැත්නම් 25 කට වඩා ඉන්න නෑයන් ගැන කියන්න ගියොත්, තව ලිපි 25 ක් ලියන්න වෙයි.

T 56 ප්‍රහාරක රයිෆලය 

   චීනයේ නිෂ්පාදිත මේ රයිෆලය, 1956 වර්ෂයේදී තමයි, භාවිතයට ගෙන තිබෙන්නේ. ඒ නිසයි මෙය, Type 1956 හෙවත් T 56 යනුවෙන් හඳුන්වන්නේ. මුලදී නම් මෙය, සෝවියට් AK 47 අවියේ ගෙඩිපිටින් කොපියක් ලෙසයි නිපදවා තිබෙන්නේ. අද මෙය අතිසාර්ථකව නිෂ්පාදනය වන ලෝක වෙළඳපොලේ ඉතා ඉහළ ඉල්ලුමක් තියන අවියක්. අපේ ත්‍රිවිධ හමුදාවත් පාවිච්චි කරන්නේ මේ අවියයි. චීනයේ නොරින්කෝ සමාගමයි මේ අවිය නිපදවන්නේ. ගති ලක්ෂණ 99% ක් AK 47 ට සමානයි.




T 81 ප්‍රහාරක රයිෆලය 

   මේ අවියත් චීනයේ නිෂ්පාදනයක්. 1981 දී තමයි භාවිතයට ගෙන තිබෙන්නේ.  ඒ නිසයි T 81 යනුවෙන් හඳුන්වන්නේ. මූලික න්‍යාය AK 47 ම තමයි. සියලුම කොටස් ඒ හා සමානයි. තුවක්කු බටයේ සැකැස්මේ සුළු වෙනසක් තියනවා. එමෙන්ම මේ අවියේ සිලෙක්ටරය, ඉතා කුඩාවට අවියේ වම් පැත්තේ සවිකර තියනවා. මේ නිසා වැරදීමකින් තුවක්කුව පත්තුවීමේ අවදානම වැඩියි. එසේ සිදුවූ අවස්ථා මා දැක තිබෙනවා.  AK 47 ට සහ T 56 ට වඩා බරෙන් වැඩියි. ගැස්සීමත්, ශබ්දයත් වැඩියි. මේ අවියත් අපේ ත්‍රිවිධ හමුදාවල තියනවා. නමුත් දැන් භාවිතය බොහොම අඩුයි. 






   දැන් ඉතින්, මේ ලිපි මාලාවේ අවසානයටයි අපි පැමිණ තිබෙන්නේ.

   ලෝක සංග්‍රාමික භූමියේ විප්ලවයක් කල, විශ්මයජනක අවියක් ගැනයි අපි මේ ලිපි මාලාවෙන් කතාකලේ.

   ඇත්තෙන්ම මේ අවියේ නිර්මාතෘ ලුතිතන් ජෙනරල් මිඛායිල්  කලෂ්නිකොව් මේ අවිය නිපදවුවේ නැත්නම්,  සෝවියට් දේශය ලෝක සිතියමෙන් අතුගෑවී යන්නට ඉඩ තිබුණා.  ඔහු, මේ අවිය, තම ජාතියේ නිදහස වෙනුවෙන් නිපදවා පරිත්‍යාග කළා විනා, එයින් කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවූ, සැබෑ දේශමාමක නිලධාරියකු බව, මෙහිදී අවධාරණය කලයුතුයි.

   ඔහුට ලබාදියහැකි උපරිම ගරු සම්මාන සෝවියට් දේශය විසින් ලබාදුන් අතර, ඔහුගේ කියමන් පවා, ආදර්ශ පාඨ ලෙස, ප්‍රචලිතව තිබෙනවා. එයින් එක් කියමනක් මෙහි දක්වමින්, මේ ලිපිමාලාව මෙතෙකින් අවසන් කරනවා.



2016 ඔක්තෝබර් මස 10 වැනි දින 0033 පැය 

75 comments :

  1. සංකීර්ණ විෂය කොටස් පැහැදිිලිව සරළ ලෙස වටහා ගැනීමට, ඔබතුමා ගොනුකර ඇති ඡායාරූප හා වීඩියෝ කොටස් උචිත බවින් අනූන ලෙස ගැලපී තියන නිසා බෙහෙවින්ම ප්‍රයෝජනවත් ! මෙවැනි විස්තරයක් ගලපන එක දැඩි මහන්සියකින් කළයුත්තකි. විචාරකුමාට බෙහෙවින්ම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගුණසිංහ මහත්මයාණනි, මෙවැනි වදන් ඇසීමෙන් තවත් මෙවැනි ලිපි ලියන්නට අවශ්‍ය චිත්ත ධෛර්යය ලැබෙනවා.

      Delete
  2. ලංකාවේ දැන් ප්‍රවෘත්තිවල ඔය T-56 ගැන සඳහන් නොවන එක කොච්චර සැනසිලිදායක දෙයක් ද?

    ReplyDelete
    Replies
    1. ඒ ඩියුටිය මෙයා බාර අරං.

      Delete
    2. @ රසික.

      අපොයි ඔව්. අපි බලන්න ඕනේ ඒ තත්වය තවත් වැඩිදියුණු කරගන්න.

      @ ඇනෝ ජපන්

      පව් අනේ. ඔයා කුක්කු බබෙක්.

      Delete
  3. අන්න හමුදාපති තුමා විචා තුමා හොයනවලු

    ReplyDelete
    Replies
    1. දැන්නම් බාරගන්න බෑ අනේ හමුදාපති තනතුර. ඔන්න ඒ කාලේවත් ඇහුවනම් සලකා බලන්න තිබුණා. :D :D :D

      Delete
  4. බොහොම ස්තූතියි විචා. අප වෙනුවෙන් අරගෙන්න තිබෙන මහන්සිය ඉතා පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්. ඇත්තටම මෙවැනි ලිපියක් සැකසීම තරමක් වෙහෙසකරයි.

      Delete
  5. හොඳයි ඈ....
    කන්තෝරුවේ ඉන්නේ...... වීඩියෝ ටික ටිකක් දවල් වෙලා තමයි බලන්න වෙන්නේ......
    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔබට පහසු වෙලාවක, අවබෝධය වැඩිවන ආකාරයට නැවත කියවා, වීඩියෝ ටිකත් නරඹන්න.

      Delete
  6. සරළව සහ විස්තර සහිතව මේ ලිපි මාලාව සකසන්න ඔබ ගත් උත්සාහයට තුති...
    ලුතිතන් ජෙනරල් මිඛායිල් කලෂ්නිකොව් ශ්‍රේෂ්ඨ මිනිහෙක් කියන්න වෙනත් හේතු අවශ්‍ය නැහැ, ඔහු AK 47 ට පේටන්ට් එක නොගත්තු එකම ඇති...
    හැබැයි ඒකෙන් රුසියාවට වඩා චීනය ආර්ථික වාසි ලබනවා කියල තමයි පේන්නේ...
    බොහොම ස්තුතියි විචා මේ විස්තර සියල්ලටම...

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන ස්තුතියි. ඇත්තෙන්ම මුළු යුද ඉතිහාසය වෙනස් කල මෙවැනි විශිෂ්ඨ අවියක් නිපදවා, එය තම දේශයේ විමුක්තිය වෙත පරිත්‍යාග කිරීම ඉතා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්.

      ඔය චීනා කරන වැඩේ තවත් අය කරනවා, ගුවන්විදුලිය, රූපවාහිනිය, ටේප් රෙකෝඩරය, සී ඩී තැටිය, ජංගම දුරකථනය, පරිගණකය, මෝටර් රථය, සහ තවත් බොහෝ දේ සොයාගත්තේ බටහිර රටවල අය විසින්. නමුත් අද ලෝකයේ වැඩිපුරම විකිනෙන්නේ, ජපන්, චීන, කොරියන්, නිෂ්පාදන.

      Delete
  7. බොහොම ස්තූතියි විචා! ඊළඟ ලිපිය කවදද එන්නෙ? :-D

    ReplyDelete
    Replies
    1. විචා දැං තැපෑලෙ ද වැඩ කරන්නෙ.

      Delete
    2. මොකද කියන්නෙ විචා, මූට රයිෆල් බට් එකෙන් පාරක් දෙකක් දීලා අරිමු ද? :-D

      Delete
    3. @ බූරා.

      ඇත්තම කියනවානම් තව ලිපි 50ක් වුනත් ලියන්න තොරතුරු එකතු කරගෙන තියනවා. නමුත් නාකියාට වෙහෙසයි. ඒ නිසා මැරෙන්න කලින් ඒ සියල්ල ලියන්න බැරිවෙයි.

      @ ප්‍රසන්න.

      දැන් කොයි එකත් තැපෑලෙන් වගේ තමා කෙරෙන්නේ. ඕනෙනම් අපේ උන්දැගෙන් අහලා බලපන්.

      @ බූරා. වඩක් නෑ, කවුද පතෝල කඩන්න මෝල්ගහෙන් ගහන්නේ? :D :D :D

      Delete
    4. නාකියට එහෙම ලේසියෙන් මැරෙන්ට දෙන්ට බෑ.. අපේ ආයුෂත් අරන් තව චිරාත් කාලයක් ජීවත්වෙන්ට ඕන.. :-)

      Delete
    5. පින්සිද්ධවෙවා! :D

      Delete
    6. ඉර හඳ තරු පවතින තුරු අපි මැරෙන්නේ නැහැ. විචා ෆිට් එකේ හිටපන් මචෝ.

      Delete
    7. ස්තුතියි අරු. ඇත්තටම මම සතුටින් ඉන්නවා.

      Delete
  8. මේ වෙනකොට ඔයා ඔව්වායෙන් උන්ඩ කියක් විතර වෙඩිතියල ඇද්ද හැබැට

    ReplyDelete
    Replies
    1. ඇයි ඔහේගෙ ඔළුවටත් එකක් ඕන වෙලා ද?

      -අ.ද.සො.වි.-

      Delete
    2. @ අටම්

      අප්පොච්චියේ........හිතාගන්න අමාරුයි.

      @ ප්‍රසන්න. මොකක්ද අද සොවින් කියන්නේ. අද රතුකොඩි දාලද?

      Delete
    3. අ සමි
      ද කිමි
      සො යමි
      වි චාරක

      හැක්..

      Delete
  9. මේ ලිපි පෙළ ඉතාම පැහැදිලිව සකස් කර තිබීම පිළිබඳව ස්තුතියි විචා.
    T56 කිවුවම මම කලින් හිතාගෙන හිටියෙ අරකට වැඩිය වෙනස් අවියක් කියල.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න. සුළු සුළු වෙනස්කම් තියනවා. නමුත් AK 47 තරම් ඔරිජිනල් බවක් ටී පනස් හයේ නැහැ. දෙකේ සමහර කෑලි මාරුකරලා අනිකට ගහන්න පුළුවන්.

      Delete
  10. බොහෝම ස්තූති විචාරකතුමා. ඉතාම මහන්සියෙන් සහ කාලය කැප කිරීමකින් ලියපු ළිපි මාලාවක්....... !!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට. මේ දිරිගන්වන සුළු ඇගයීම් නිසා, තවත් මෙවැනි ලිපි ලියන්න පෙළඹවීම ඇතිවෙනවා.

      Delete
  11. සරල අපූරු ලිපි පෙලක්. ගොඩාක් ස්තූතියි.

    අන්තිමට මට මේකත් මතක් වුනා. I believe the gun has no power at all.- Malala Yousafzai-

    ReplyDelete
    Replies
    1. මට මේකත් මතක් වුනා.

      Pen is mightier than sword (or gun).

      ඔය පණ්ඩිත කතාවෙ මුල් වචන දෙක අතර ඉඩක් නොතිබ්බොත්?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. "But if someone has a gun and is trying to kill you ... it would be reasonable to shoot back with your own gun."
      - Dalai Lama

      "The true soldier fights not because he hates what is in front of him, but because he loves what is behind him."
      - G. K. Chesterton

      "It's better to have a gun and not need it than to need a gun and not have it."
      - Christian Slater

      Thanks Wicha, very interesting and nicely written too...:)

      Delete
    4. @ මෙඩුසා

      ඇගයීම ගැන ස්තුතියි.

      හමුදා පුහුණුවේදී මෙන්න මෙහෙම කියමනක් තියනවා. ලෝකයේ හොඳම තුවක්කුව ලැබුනාට වැඩක් නැත. එය බුද්ධිමත්ව සහ අවස්ථානුකූලව ක්‍රියාකරවීම සඳහා හොඳින් පුහුණු සොල්දාදුවකු ඒ තුවක්කුව පසුපස සිටිය යුතුයි.

      @ Pra Jay

      Sir, to tel you frankly, my 'pen is' very weak now. I can't use it properly as my 'pen is' out of control.

      @ Ravi.

      What a fine sayings. Thank you so much for adding this very meaningful comment.

      Delete
    5. @ Pra Jay:
      Do you know what that opening at the end of the pen is (is) for?
      That's to make men open minded.

      Delete
  12. නියමයි සර් .......ඉක්මනටම තව ලිපියක් දෙන්ඩ.........

    ReplyDelete
  13. නියමයි සර් .......ඉක්මනටම තව ලිපියක් දෙන්ඩ.........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ටිකක් හති ඇරලා නැවත මේ වගේ ලිපියක් ලියන්නම්.

      Delete
  14. https://www.youtube.com/watch?v=1Xmu5POWUpo
    විචාරක තුමා ඉන්නවා නේද මේකේ 6.50 ඉදලා. මේ නොමියන මිනිසුන් පිචෑර් එක

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්, අම්මපා පූසත් හොයාගන්න දේවල්. හරියට හරි. එතනත් 7.28 ත් මම ඉන්නවා. ඔය පිචෑර්ස් එකේ තවත් කෑලි වල ඉන්නවා.

      ඔය පිචෑර්ස් එක ගහපු කාලේ හරි විනෝද ජනකයි. ඔතන ඔය කොන්ෆරන්ස් එකේ ප්‍රධානියා හැටියට ඉන්නේ අපේ හිටපු ජනාධිපති උත්තමයානේ. ඒ කාලේ නිකම් මන්ත්‍රී කෙනෙක් විතරයි. යුනිපොං එව්වා ගහලා ඉන්නකොට අපි අහනවා, මේ කෑල්ල මොකක්ද කියලා. 'අන්ඒ කවුද දන්නේ මලේ, අන්න අරයකා කිව්ව නිසා ඇන්දා' කියලා ගාමිණී ෆොන්සේකාව පෙන්නනවා. ඒ වගේමයි ඔතන යන ඉංග්‍රීසි දෙබස් ඔක්කොම කියන්නේ ගාමිණී ෆොන්සේකා. ඔතන තියෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ කටහඬ නෙවෙයි.

      ඒ වගේමයි ඒ කාලේ ගාමිණී ෆොන්සේකා නියෝජ්‍ය කථානායක. නමුත් ඔහු මේ චිත්‍රපටියේ වැඩ කරද්දී අපට කිව්වේ, මෙතන ඉන්නේ ගාමිණී ෆොන්සේකා කියන නළුවා පමණයි. ඒ නිසා මා ඔබේ මිත්‍රයකු සේ සලකන්න කියලා.

      ගොඩක් මතකයන් තියනවා, ලිපියකින් කියන්න තරම්.

      Delete
    2. එහෙනම් දවසක නොමියන මිනිසුන් රඟපාද්දි උන රසවත් සිදුවීමුත් ලිපියකින්ම කියමු.

      Delete
    3. අම්මට උඩු නලුවෙක් ඇ . අපි සලකනව මදිද මන්දා

      Delete
    4. @ පූසා

      හොඳයි ලියන්නම්.

      @ අටම්

      නිකං නෙවෙයි නළු බට්ටෙක්.

      Delete
    5. විචා....මේ ගැන ලිව්වා නම් හොඳ නැද්ද.....

      මගේ මස්සිනාත් හිජකුපාම එක්ක ටෙලියක රඟපෑවා.

      Delete
    6. අත දිගෑරලා ලියන්ට අප්පා ඒ කතාව

      Delete
    7. ////නොමියෙන මිනිසුන්' චිත්‍රපටයේ නියෝජ්‍ය කථානායකවරයාගේ සමීප මිතුරන් වූ මහින්ද රාජපක්ෂ මහතා යුද හමුදා කර්නල්වරයකු ලෙස ද, බුද්ධික කුරුකුලරත්න මහතා කතෝලික පියතුමෙකු ලෙස ද ධර්මසිරි සේනානායක මහතා වැඩිහිටි පියකු ලෙස ද රඟපෑහ.

      'ගාමිණි එහෙනං අපිවත් නළුවෝ කළා' එදා සේනානායක මහතා දර්ශන තලයේදී වෙස් ගැන්වීමෙන් පසු ගාමිණිට කීවා මට මතකය. අසූව දසකයේ මැද භාගයේ සරසවිය කර්තෘ ග්‍රැන්විල් සිල්වා මහතා සමඟ මට යාපනේ පලාලි යුද කඳවුරට යාමට අවස්ථාව උදා විය. 'කොටි වලිගය' චිත්‍රපටයේ නිෂ්පාදක පීටර් පෙරේරා, චිත්‍රපට නිළි නදීකා ගුණසේකර හා විජය නන්දසිරිගේ 'කුස පබා' නාට්‍ය කණ්ඩායම ද මේ පිරිසට අයත් වූහ. එකල උතුරේ ආඥාපති වූයේ බ්‍රිගේඩියර් ජෙරී ද සිල්වාය. රත්මලානේ ගුවන් තොටුපළෙන් පිටත් වූ අපි පැයකින් පමණ පලාලි යුද කඳවුරට ළඟා වීමු.///////

      විචා.... මේ කොටස උපුටාගත්තේ මේ සුමානේ සරසවිය පත්තරෙන්.

      Delete
    8. @ අරු

      හුට්ට බටා හිජකුපාම තව පොඩ්ඩෙන් මම සිංහල ශබ්දකෝෂය පෙරලා බලනවා මොකක්ද ඒ හරුපේ කියලා. අර සරසවිය පත්තරේ ලින්ක් එකටත් ස්තුතියි. මතකය නැවත අවදිකර ලියන්නම්.

      @ ලබ්ස්

      අත වගේම හිතත් ටිකක් දිගාරින්න වෙනවා.

      ස්තුතියි අරු මේ ලින්ක් එකට.

      Delete
    9. @අරූ

      // මගේ මස්සිනාත් හිජකුපාම එක්ක ටෙලියක රඟපෑවා //

      මොකක්ද බං ඒ ටෙලිය? හිජකුපාම රඟපාපු ටෙලියකට මම දන්නෙ අර රන්ජන් ද සිල්වා ලියලා සුසිරන් අධ්‍යක්ෂණය කරපු නාට්ටිය විතරයි. අර අක්කලා නංගිලා තුන්දෙනයි, එයාලගෙ කොල්ලො තුන්දෙනයි ගැන කතාව. නම මතක නෑ නෙවැ ඒකෙ‍‍‍‍...

      Delete
    10. 'බැද්දේ සෙනෙහස' නේද ඒ ටෙලි නාට්ටිය?

      Delete
    11. Yes..බැද්දේ සෙනෙහස තමයි නාට්ටිය. මේක පියසේන කහඳගමයන්ගේ පොතක් මගේ හිතේ.

      බුරා....මම හිජකුදිපාමගේ රංගනයන් දැකලා තියෙන්නේ දේශපාලන වේදිකාවේ විතරයි. මම ඒ නාට්ටි බලලා නැහැ.

      මේ දවස්වල ඉරිදට යනවා බැද්දේ කුලවමිය කියලා නාට්ටියක්. ඒක හොඳයි ටිකක්. හොඳ රඟපෑම් දකින්න පුලුවන්. මහේන්ද්‍ර පෙරේරා, රොශාන් රවීන්ද්‍ර,නයනා හෙට්ටිඅරච්චි, චාන්දනි සෙනෙවිරත්න, නදී කම්මැල්ලවීර, ආනන්ද කුමාර උන්නැහේ, බිම්සරා ප්‍රේමරත්න හොඳ දායක්ත්වයක් දෙනවා. අනිත් අයත් හොඳින් රඟපානවා. පුලුවන් නම් බලන්න. ඒකත් නවකතාවක්, රූපා ශ්‍රියානි ඒකනායකගේ.

      Delete
    12. අරු ඔයා ඔන්ලයින් බලනවද නැත්නම් රෙකෝඩ් කරගෙන බලනවද?

      හැක්. මේ දවස්වල එතුමා ආයෙත් එකසිය ගානට රඟපානවා.

      Delete
    13. විචා....මේ ගැන ලිව්වා නම් හොඳ නැද්ද.....(X2)

      Delete
    14. ලියන්නම් ඩූඩ්.

      Delete
  15. Ak 74 කියල එකක් තියෙනවද ?

    ReplyDelete
    Replies
    1. ඔව් තියනවා. කලෂ්නිකොව් විසින්ම මෙය නිර්මාණය ආරම්භ කලේ 1970 සිට. සම්පූර්ණයෙන් නිමකලේ 1974 දී. ඒ නිසයි එම අවිය AK 74 කියා හඳුන්වන්නේ.

      Delete
  16. ලිපිය නම් නියමයි තුමනි..
    Weapon එක unload කරන හැටි කියවුන‍ේ නෑ න‍ේද තුමනි??
    ජිව උන්ඩ අහුවුණොත් දඩුවම ක‍ොහ‍ොම‍ෙයි තුමනි(slr උන්ඩ2)

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි අන්ලෝඩ් කරන්නේ. සිලෙක්ටර් ලිවර් එක සේෆ්ටි තැනට දානවා. මැගසින් කැච් එක මිරිකලා මැගසින් එක ගලවනවා. සේෆ්ටි ලිවර් එක වෙඩි තියන තැනට පහතට දාලා, කොකින් හැන්ඩ්ල් එක පස්සට අදිනවා. එතකොට චේම්බර් එකේ පතරොමක් තිබුනොත් ඒක එලියට විසිවෙනවා. ඔයා හපනෙක් නම්, ඒක බිම නොවැටී අල්ලගන්න පුළුවන්. ඊට පස්සේ ට්‍රිගර් එක මිරිකලා තහවුරු කරගන්නවා, පතරොම් නැති බව. ලිවර් එක උඩට දානවා, සේෆ්ටි මෝඩ් එකට. චේම්බරයේ තිබී එලියට විසිවුණ පතරොමත් ගහනවා මැගසින් එකට. මැගසින් එක දාගන්නවා පවුච් එකට. ඔන්න දැන් අන්ලෝඩ් කිරීම සම්පූර්ණයි.

      ඔන්න මම වීඩියෝ එකක් දැම්මා ලිපියට. ඒක බලන්න.

      යකෝ පිස්සුද ජීව උණ්ඩ ළඟ තියාගන්න. අහුවුනොත් කපෝති. දාපන් ගඟකට.

      Delete
  17. විචා, වෙඩි තැබීමේ දුර සකස් කරන (මීටර් වලින් ලකුණු කරල තියන) කොටස ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
    තව එකක්, අපි ගණිතට ඉගනගන්න විදියට වෙඩිල්ලක් තියන විට තුවක්කුව පොඩ්ඩක් ඉස්සෙනවනෙ. සාමාන්‍යයෙන් ඉලක්කයකට වෙඩි තියද්දි පොඩ්ඩක් පහලට නේද වෙඩි තියන්නෙ? මේ කේස් එක දුරත් එක්ක වෙනස් වෙන්නෙ කොහොමද? උදාහරණයක් විදියට මීටර පනහක් දුර වෙඩි තියද්දි ඉලක්කයට අඟල් කීයක් යට ස්ථානයක්ද ටාගට් කරන්නෙ? දුර මීටර සීයක් නම් අදාල අඟල් ගනන වෙනස් වෙන්නෙ කීයකින්ද? මේ ගණන් තුවක්කු වර්ගය අනුව වෙනස් වන ආකාරය පොඩ්ඩක් කියන්න?
    ඊටත් අමතරව, වාංගු වීමක් නැති තුවක්කු (ඒ කියන්නෙ තමන් ටාගට් කරන ඉලක්කයම අරගෙන ඊට වෙඩිතියන) මොනවාද? (අපි දැකල තියන විදියට ස්නයිපර් එහෙමයි නේද?)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ්, මම හරි කැමතියි මේ වගේ ප්‍රශ්න අහනවා නම්.

      තුවක්කු වෙඩිල්ලක් ගමන් කරන්නේ සරල රේඛාවක නෙවෙයි. තුවක්කුවෙන් පිටවූ පසු එය ක්‍ෂණිකව තරමක් ඉහලට එසවී යළි පහත් වෙනවා. නමුත් අපි ඉලක්කය ගන්නේ තරමක් ඔසවලා. ඉලක්කය රවුමක් නම් එහි හරි මැදට මඳක් ඉහලින් තියන ප්‍රදේශයටයි ඉලක්කය ගන්නේ. එවිට උණ්ඩයේ තිරස් ගමන් ස්වභාවය Horizontal Trajectory Path අනුව නියමිත තැනට වදිනවා.

      සෑම රයිෆලයකම තිබෙන ඉලක්කය ගැනීමේ සයිට් එක, නියමිත දුර වෙත යොමුකලාම සයිට් එක අවශ්‍ය ප්‍රමාණයට ඉස්සෙනවා හෝ පහත් වෙනවා. එවිට ඇත්තටම අපි ඉලක්කය ගන්නේ ඒ නියමිත එසවීම/පහත්වීම සහිතවයි.

      වාංගු නැති තුවක්කු ජාතියක් නැති තරම්. ස්නයිපර් තුවක්කුවත් ගැස්සෙනවා. නමුත් ඒවායේ තියන ටෙලස්කොපික් සයිට්ස් වලින් ඉලක්කය ලංකර පෙන්වන නිසා පහසුවක් තියනවා.

      ඉතා අවාසනාවකට මේ මෑතක් වනතුරු බ්ලොගර් කමෙන්ට්ස් වලට පින්තූර සහ වීඩියෝ එකතුකිරීමේ පහසුව තිබුණා. නමුත් මෑතකදී ගූගල් සමාගම එය අත්හිටුවා ඇති නිසා මට මෙතනට පින්තූර සහ වීඩියෝ දමන්න බැහැ.

      Delete
  18. කියෙව්වෙමි.....නොමියෙන මිනිසුන්ද දුටුවෙමි. නොමියෙනවා යැයි හිතාගෙන වැඩකරනා මිනිහෙක්ද දුටුවෙමි.

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හැක්, ඒ මිනිහා මරණානුස්මෘතිය වඩමින් ජීවත්වන බව, මෙයින් අවධාරණය කරනු ලැබේ.

      Delete
  19. විචාරක තුමනි ස්නයිපර් අවියේ දුර දක්නයත් පතොරොම පිටවෙන තැනත් අතර උස ප්‍රමාණයෙ වෙනසක් තියෙනවනෙ. එතකොට දුරදක්නයෙන් බලා වෙඩි තියද්දි ඉලක්කයේ වෙනසක් සිදුවෙනවාද..?

    ReplyDelete
    Replies
    1. ඉතාම හොඳ ප්‍රශ්නයක් චාමික.

      නැහැ චාමික. අවියකට ටෙලස්කොපික් සයිට් එකක් හයිකරාට පස්සේ, වෙඩි පිටියක වෙඩි තබා, සයිට් එක සහ තුවක්කුව සීරෝ කරනවා. ඒ කියන්නේ, ඒ දෙක සමපාත පිහිටීමකට සකස්කරනවා, නියමිත සීරුමාරු කිරීම් මගින්. ඒ නිසා, සයිට් එක තුවක්කු බටයට වඩා අඟල් කීපයක් ඉහලින් තිබුණත්, ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

      Delete
  20. විචාරක තුමනි ස්නයිපර් අවියේ දුර දක්නයත් පතොරොම පිටවෙන තැනත් අතර උස ප්‍රමාණයෙ වෙනසක් තියෙනවනෙ. එතකොට දුරදක්නයෙන් බලා වෙඩි තියද්දි ඉලක්කයේ වෙනසක් සිදුවෙනවාද..?

    ReplyDelete
  21. අර රාජ් අහන ප්‍රස්නෙ ගස්ලබ්බටත් ඇති උනා.ඒකටත් උත්තරයක් දෙන්නකො.
    පිලිවෙලට පිරිසිදුව හරියට ලියන්න උන මහන්සියට අපේ ආචාරය පිළිගන්න.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලබ්ස් ඇගයීම ගැන.

      ඔන්න රාජ්ට සවිස්තර උත්තරයක් දුන්නා. ඊට අමතරව තුවක්කුව අන්ලෝඩ් කරන හැටි ගැන අලුත් වීඩියෝ එකකුත් දැම්මා ලිපියට. ඒකත් බලන්න.

      Delete
  22. මේ දේවල් මේ විදියට සිංහල පාඨකයින් වෙනුවෙන් සටහන් කර තැබීම ගැන ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන බොහොම ස්තුතියි මනෝජ්.

      Delete
  23. ඇත්තටම ජනාධිපතිතුමා කුමන්ත්‍රණයක ගොදුරක් වෙලාද කියල සැකයි.ඇත විචාරක තුමන් වගේ ආරක්ෂක විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයො මේ අවස්ථාවේ නිහඬව සිටීම නොකළ යුතුම දෙයක්.

    පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී විචාරක තුමා මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව සිදුකිරීමට නියමිතව තිබූ කුමන්ත්‍රණයක් පිළිබඳව පහත ලෙස අනාවරණය කළා.

    "මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉතා භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක තත්වයක් බව මා දැඩිව අවධාරණය කරනවා. මගේ ජීවිතයට එල්ලවියහැකි තර්ජන නිසා මා දන්නා සියල්ල මෙහි හෙළි කරන්නට බැහැ. නමුත් අපි ජනවාරි 8 වැනිදායින් පසුව ඉතා භයානක තත්වයකට මුහුණ දෙන බව කියන්නට පුළුවන්. ජනාධිපතිවරණය සාධාරණව නොපැවැත්වීමටත්, ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත්, භයානක කුමන්ත්‍රණයක් මගින් එතුමා ඝාතනය කර හෝ බලය අල්ලාගැනීමටත්, සැළසුම් සකසා තිබෙනවා. බීමත්ව කටමැත දොඩවන පුද්ගලයකු කීවා නම් එය ගණන් නොගෙන ඉන්නට තිබුනා. නමුත් මා මෙම තොරතුරු හොයාගත්තේ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින්. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, ඉතා පැහැදිළිව තහවුරු කර තිබෙනවා, ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදින බව. මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ගැන අවදියෙන් සිට, අසාධාරණයට එරෙහිව, අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන ලෙසයි."

    මොහොතක් සිතා බලන්න විශ්‍රාමිකව සිටියදී පවා විචාරක තුමා රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් ජීවිතය නොතකා කැපවූ ආකාරය. ඇත්තටම මෙයයි සැබෑ ගවේෂණාත්මක වාර්තාකරණය.

    ආරක්ෂක විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙ අදහස මේ අනාවරණය නිසා සිදුවීමට නියමිතව තිබූ කුමන්ත්‍රණය වැළකුණු බවයි. ඒ වගේම විචාරක තුමා වගේ ආරක්ෂක විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටීම පිළිබඳවත් කුමන්ත්‍රණකරුවන්ගේ පසුබෑමට හේතු වූ බවත් ඔවුන් ගේ අදහසයි.

    බලයට පත්වූ වහාම මෛත්‍රීපාල සිරිසේන මහතා කළයුතුව තිබුණේ විචාරක තුමන්ව නැවත සේවයට කැඳවා මේ කුමන්ත්‍රණය පිලිබඳ පරීක්ෂණ කටයුතු ඔහු වෙත පැවරීමයි. විශ්‍රාමිකව සිටියදී පවා අර තරම් වැදගත් තොරතුරු ලබාගැනීමට තරම් දක්ෂයකු වූ විචාරක තුමන්ව සියලු බලතල සහිතව සේවයේ පිහිටවූ විට මොනතරම් සේවයක් ලබාගන්නට තිබුණාද?

    සැබවින්ම විචාරක තුමා බ්ලොග් අවකාශයට සීමා නොවිය යුතුයි. එතුමන්ගේ ලිපි සැබවින්ම පලවිය යුතුවන්නේ Janes Defense Weekly වැනි ස්ථාන වලයි. මේ මෑතකදී එතුමන් විසින් AK -47 ගිනි අවිය පිලිබඳ ලිපි පෙළ රුසියානු ජනාධිපති පුටින් මහතාගේ පවා අවධානයට යොමුවී තිබීම සතුටට කාරණයක්. රුසියානුවන් පවා නොදැන සිටි කරුණු රැසක් විචාරක තුමා අනාවරණය කිරීම පිළිබඳව පුටින් මහතා විශ්මයට පත්වී ඇතිබවද සැලයි.

    සැබවින්ම මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් ප්‍රමාද නොවී කළයුත්තේ විචාරක තුමන්ව නැවත සේවයට කැඳවා තම ආරක්ෂක උපදේශක ලෙස පත් කිරීමයි. ඒ සඳහා උපරිම සුදුසුකම් විචාරක තුමන් සතු බව එතුමන්ගේ නම අගට අකුරු වලින් යෙදෙන, වීරත්වය සහ විශිෂ්ට සේවය වෙනුවෙන් ලද පදක්කම් රැසකින් (WWV සහ USP වැනි ) සහ කීර්තිමත් යුද විද්‍යාලවලින් ලද සුදුසුකම් (psc) රැසකින් පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. තව හයියෙන් උම්බෑ කියනු. ඒ උම්බෑ හඬ සහිත ගෝත්‍රිකයාට ඉක්මන් නිවන්සුව පතමි.

      අලුතෙන් මෙහි පැමිණියේ, තමන්ගේ අඩවියේ ඇනෝ නොගහන බව පරසක්වල ගසා දිවුරා තිබන නිසා, මට එතනදී පහර ගැසීමට නොහැකි නිසා බව පෙනේ.

      තා වැනි අධමයන්ට පිළිතුරු දීමට මා බැඳී නැත. කිසිදු හමුදා විෂයය දැනුමක් හෝ රටේ ආරක්ෂාවේ වැදහත් රහසිගත සිදුවීම් ගැන දැනුමක් නැති, තා වැනි කැනහිලුන් සමග මට කිසිදු ගනුදෙනුවක් නැත.

      Delete
  24. බොහොම පින් මේවා ලියුවට. මෙතුමාගේ ලිපිවල RPG 07 අවිය ගැන ලියවුනාද? මට සොයාගත නොහැකියි. මතක කෙනෙක් සිටිනම් උදවු කරනු මැනවි

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }