හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

05 January 2016

මඩුවලිගේ.................. මඩුවලිගේ.....................! බුදු අම්මෝ......... මඩුවලිගේ!

pol-cartoon3   හෙහ් හෙහ් හෙහ්, අම්මපා අපේ ජනාධිපතිතුමාගේ කටින්, අර මඩුවල්ග කතාව පිටවුණ දවසේ ඉඳලා, කොච්චර නම්, පත්තර වාර්තා, රූපවාහිනී වාර්තා, කාටූන්, පළවුනාද, පාර්ලිමේන්තුවේ කතාවුනාද, බ්ලොග් ලිපි ලියවුනාද, තවමත් ඉවර නැහැ මගෙ හිතේ. නෑ නෑ ඒකත් හොඳයි. කියවන්න බ්ලොග් ලිපි හිග කාලේ, අඩු ගානේ ජනාධිපතිතුමාට (මහේල සහ සංගාටත්?) පින්සිද්ද වෙන්න, අලුත් මාතෘකාවක් ලැබුණා, අර හක්කෙන් මේ හක්කට මාරු කරමින්, හප හපා සාරය උරාබොන්න.

   අනේ අම්මේ.........මම නම් ඔය මඩුවල්ග දේශපාලනය ගැන නෙවෙයි ඔන්න අද කතාකරන්නේ. ඇත්තම මඩුවල්ගය ගැන. හැබෑටම තමුන්නාන්සේලා ඇත්තම මඩුවල්ගයක් දැකලා තියනවද? නෑ නෑ......පින්තූර වලින් නෙවෙයි, ඇත්තටම. අඩු ගානේ මඩුවා කියන මාලුවාව දැකලා තියනවද?

   ඔව්, මම හිතනවා කීපදෙනෙක් වත් දැකලා ඇති. මම මුලින්ම ඇත්තම මඩු මාළුවකු දැක්කේ, 1987 වර්ෂයේ දී, පුත්තලමට උතුරෙන්, විල්පත්තු අභය භූමියට යාබද, එළුවන්කුලම නමැති ප්‍රදේශයේ සේවය කරද්දියි. ඒ ප්‍රදේශයේ තිබෙනවා, 'ගඟේ වාඩිය' නමැති ධීවර ගම්මානයක්. අන්න ඒ ධීවර ගමේ බෝට්ටුවකින් අල්ලාගෙන ආ මඩුවකු තමයි, මා දැක්කේ. ගඟේ වාඩිය ඉතා සුන්දර ප්‍රදේශයක්.

Screenshot (119)

 කොහේ ගියත් පොඩි කැමරාවක් අරන් යන එක මගේ සිරිතක් නිසා, (හමුදාවෙන් විශ්‍රාම යනතුරු මා අතේ තිබුණේ ඇනලොග් කැමරා පමණයි) එදා දුටු ඒ මඩුවා මෙන්න මේ ආකාරයට මගේ කැමරාවේ සටහන් වුණා. 

Scan_20160104_232315

   මඩුවා කියන්නේ මොකාද? ඇත්තෙන්ම මඩුවා නොගැඹුරු මුහුද ප්‍රියකරන මත්ස්‍යයෙක්. සමූහ වශයෙන් සැරිසරන්නට කැමති, පැතලි සිරුරක් ඇති මඩුවා, කාටිලේජ වලින් සැදුන සිරුරකින් යුක්තවන අතර, මෝරාට නෑදෑකම් කියන මත්ස්‍යයෙක්. කූනිස්සන්, මුහුදු පතුලේ සිටින ගොළුබෙල්ලන්, හන්ගොල්ලන් වැනි සතුන් තමා, මඩුවා ගේ ආහාරය වන්නේ. මඩුවා ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ, Stingray යනුවෙන්. මේ වචනය ශබ්ද කරන්නේ 'ස්ටින්ග්‍ රේ' කියලයි. මඩු මාළු ආහාරයට ගන්නවා. අපේ රටේ වෙළඳපොලේ, තරමක් විරලයි, මඩු මාළු. 

   මුහුදේ සැරිසරන මඩුවකු මුහුද යටදී පෙනෙන්නේ මෙහෙමයි. 

 

SouthernStingray1
   පේනවා නේද, මේ මත්ස්‍යයාට සිහින් වලිගයක් තියනවා කියලා. ඔන්න ඔය වලිගෙ නේ දැන් මේ අපේ පාර්ලිමේන්තුවට, ජන මාධ්‍යයට, බ්ලොග් අඩවි වලට, එකී මෙකී නොකී සෑම තැනකටම, ඇවිල්ලා තියෙන්නේ. හොඳයි ඔන්න මඩුවා දැක්කා. ඊළඟට මම අහන්නේ, මඩු වල්ගයක් දැකලා තියනවද කියලයි. නෑ නෑ, අල්ලාගෙන ආපු මඩුවකුගේ වල්ගය නෙවෙයි, පහරදීම සඳහා කසයක් මෙන් සකස් කල මඩු වල්ගයක් දැකලා තියනවද? මම දැකලා තියනවා.

   මතකද මම මීට පෙර ලිපියක් ලිව්වා කලා කලාකිරිඤ්ඤය ගැන. අන්න ඒක දැකපු කාලෙදිමයි මම දැක්කේ, වේලපු මඩු වල්ගයක්. ඔව් ඔව්, මම දන්නවා, කටෙන් වචනේ පනිනකොටම තමුන්නාන්සේලා කියයි ඉතින්, වේලපු ලිවගංග ගැන. ඔට්ටුයි ඒකක් දැකලා නැතුවට. බොරු කියන්නේ මොකටද, මමත් දැකලා නැහැ. මමනම් හිතන්නේ, ඒක මේ කියමනට කියනවා විතරයි. ඇත්තටම හදන්නේ නැති දෙයක්. කලාකිරිඤ්ඤයයි මඩු වල්ගයයි දෙකම, අපේ ගෙදරට ගෙනාවේ, අපේ අර මරුමුස් මස්සිනා. ඒ යකා ඒ කාලේ, කරාටි, මරාටි, ගුජරාටි, මැරෑටි, පාන් වාටි, ඔය ඔක්කොම දන්නවා කියලා පොරසිද්දයි. හනේ.... අපේ අක්කා රැවටෙන්න ඇත්තේ එව්වට තමා.

   හොඳින් වේලා පදම් කළ මඩුවලිගයක්, පෙනෙන්නේ මෙන්න මෙහෙමයි.

3

   ඔබට පෙනෙනවා ඇති, මේ මඩු වල්ගයේ ඉහළට නෙරා ඇති බුබුළු මෙන් තිබෙන බව. ඒ බුබුළු ඉතා රළුයි. මා අසා ඇති ආකාරයට, මඩු වල්ගයෙන් පහරදුන් විට, මිනිස් සිරුරේ සම පැලෙන බවත්, විශේෂඥ ප්‍රතිකාර නොකළොත්, සමට යටින් ආසාදනයවී, සුවනොවන ආකාරයේ තුවාල ඇතිවන බවත්, දැනගන්නට ලැබුණා. මඩු වල්ගයෙන්, මහා විශාල පහරක් ගහන්න අවශ්‍ය නැතිලු. සාමාන්‍ය පහරක් ගැහුවත්, තුවාල සිදුවෙනවලු. අම්මෝ.......එහෙම එකකින්ද මේ ගහන්න කියන්නේ?

   අපි පොඩිකාලේ, දඟකාර, නාහෙට අහන්නැති කොල්ලන්ට, (මම බෝ පැලයක්මි) දෙමව්පියෝ වැඩිහිටියෝ බනිනවා, 'මූට ගහන්න ඕනේ මඩු වල්ගෙන්' කියලා. හැබැයි මතක තියාගන්න, විශේෂයෙන්ම මඩු වල්ගෙන් ගහන්න ඕනේ කියලා ඒකාලේ කිව්වේ, අනාචාරයේ හැසිරෙන අයට. අපේ ජනාධිපතිතුමාට ඒක මතක්වෙලා තමයි, අර විදිහට කියන්න ඇත්තේ. 

   මඩු වල්ගය අපේ රටේ සම්පූර්ණයෙන් තහනම් ආයුධයක්. ලෝකයේ බොහෝ රටවලත් එය තහනම් ආයුධයක්. මෙන්න බලන්න මඩු වල්ගයේ රඟ.



   මඩු වල්ගයෙන් ගැහීම වගේම දරුණුයි, මඩු මාළුවාගේ පහරදීම. මඩු මාළුවා, නොගැඹුරු දියේ වැලි අතරේ ලැගලා ඉන්නවා. ඒ වෙලාවට ඌව පැහැදිලිව පෙනෙන්නේ නැහැ. වැලි තලය යට සැඟවිලා ඉන්න නිසා. ඒ වෙලාවට, නොගැඹුරු දියේ ඇවිදින කෙනෙක්, මඩුවාගේ සිරුර මත පය තැබුවොත්, ඌ විදුලි වේගයෙන් උගේ වල්ගයෙන් පහර එල්ල කරනවා. එහිදී සිදුවන්නේ, මඩුවාගේ වල්ගයේ ඇති කටුවක් වැනි කොටස, අපේ සිරුර තුළට කිඳා බැසීමයි. මේ බලන්න.

StingrayBarb-720x360
  මේ ප්‍රහාරය දරුණුයි. වහාම ප්‍රතිකාර ලබාදිය යුතුයි. වචනයෙන් කියන්නට බැරි, මහා වේදනාවක් ඇතිවෙනවා. නිසි ප්‍රතිකාර නොකළොත්, ආසාදනය වී, බරපතළ තත්වයට පත්වෙනවා. මේ බලන්න, තුවාල සිදුවී ඇති ආකාරය, ප්‍රතිකාර කලත්, තවමත් ආසාදිත තත්වයන් පෙන්නුම් කරන ආකාරය.

4

   පුද්ගලයකු මඩුවකුගේ ප්‍රහාරයට ලක්වන හැටි මේ වීඩියෝවෙන් පෙන්නනවා. 



   සෑම වසරකම, ලෝකය පුරා, (විශේෂයෙන් ඝර්ම කළාපීය වෙරල තීර වල) සෑහෙන පිරිසක්, මඩුවාගේ ප්‍රහාරයට ලක්වෙනවා. එවැනි සිදුවීමකට මුහුණදුන් පිරිමි ළමයකු ගැන, මේ කෙටි වීඩියෝවෙන් බලන්න. 



මේ මාතෘකාව ඔස්සේ, දීර්ඝව කරුණු ඉදිරිපත් කළහැකි නමුත්, මා හිතනවා, මේ කරුණු ටික, ඔබේ දැනුම වර්ධයයට ප්‍රමාණවත් කියා. 

2016 ජනවාරි මස 05 වැනි දින 0058 පැය

108 comments :

  1. ලොක්ක කියපු දෙයින් වැඩක් උනා නම් උනේ මේ පෝස්ට් එකට පාර කැපුනු එක විතරයි ඔන්න.. දැකල තිබුනෙ නෑ නෙ මෙව්වා. හෙහ් හෙහ්...
    1)ඩිජිටල් කියන වචනෙ විරුද්ධ වචනෙ සෑම විටම ඇනලොග් ම ද?
    2)ලිවගංග සඳ එලියෙන් වේලා භාවිතයෙන් නිසි ඵල නෙලාගත හැකිබව 'ගොලුවොත් කතාකරයි' ලකුණ දරන ශ්‍රී ලංකා පොලිස් මාමලා කියන කථාව ඇත්ත නෙමෙයිද?
    හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ලොක්ක දැක්කොත් මට ප්‍රශංසා කරයි හිටං.

      1, ඩිජිටල් කියන එකට හැම තැනම විරුද්ධ පදේ හැටියට කියවෙන්නේ ඇනලොග් කියන එක තමයි. මේ බලන්නකෝ.
      http://www.explainwords.com/what-is-opposite-word-for/digital/

      මමනම් හිතන්නේ ලිවගංග නිකම් ඔය හදාගත්ත කතාවක් කියලයි. කවදාහරි ඒක දැකපු කෙනෙක් ඉන්නවද?

      ජයවේවා!

      Delete
  2. කදිම විස්තරයක් විචාරකතුමා..වේලපු ලිවගංගයක් අපේ ගම අහල පහල පොලිසියක (මීටියාගොඩ ) තිබ්බ කියල ඒ කාලේ ආරංචියක් තිබ්බ. එත් හැබැහින් නම් දැකල නැහැ.
    කුමන ආයුදයක් උනත් නිසි ලෙස හසුරුවන්න නොදැන භාවිතා කිරීම එම ආයුදයෙන්ම බඩ පුරා කන්න වෙන වරදක් හින්ද හැමදාමත් දන්නා කියන ආයුදේ ඉතින් කකුල් දෙකට වැඳලා දුවන එක තමා. අපි පුංචි කාලේ දේවානන්ද විද්‍යාලේ ප්‍රයිමරියේ ප්‍රින්සිපල් ළඟ තිබ්බ දෙකට නාවපු මේන් වයර් එකක්. ඒක නම් මඩු වලිගෙ පරාදයි.එක වතාවක් කාල තියනව පස්සපත්තෙන් දුම් යන්න. පහ වසරේ ඉද්දි පන්තිභාර ටීචර් ආපු නැති දවසක පන්තියට ආපු පින්සිබොල් (යාං හෑල්ලTM ) කිසිම හේතුවක් නැතුව මුළු පේලියටම පස්ස පැත්ත පැලෙන්න මේන් වයර් පාරවල් ගැහුවා අදටත් දන්නේ නැහැ ගැහුවේ ඇයි කියල. මේන් වයර් එක එහෙමනම් මඩු වලිගෙ කොහොම ඇත්ද ..

    ReplyDelete
    Replies
    1. ලිවගංග කතා අපිත් මුලින්ම ඇහුවේ, ඉස්කෝලේ යනකාලේ. නඅමුත් ඇත්තටම ඒක දැකපු කෙනෙක් මට කවදාවත් මුණගැහිලා නැහැ.

      කකුල් දෙකට වැඳ වැඳ දිවීම වගේම, පාර හදන්න ගෙනත් දාලා තියන ගල් කට ගොඩක් ලඟට ආවම ඔය කොයි කරාටේ කාරයත් අපිට බයයි. :e

      හප්පෝ...........ඒ පින්සිබොල් මාර යකෙක් නේ.

      මම හිතන්නේ ඔය ට්‍රේඩ් මාක් එක අයිතිකෙනාට කලින් මම පින්සිබොල් කියන වචනේ පාවිච්චි කොලා. මේ තියෙන්නේ

      Delete
    2. ඔය කියන ලිවගංගය මීටියාගොඩ පොලිසියේ බිත්තියක එල්ලලා තිබ්බ කියල පොඩි මතකයක් තියනව විචාරක තුමා. ඔබතුමා ඉතින් ආරක්ෂක අන්සේට සම්භන්ධ කෙනෙක් නිසා වැඩි විස්තරයක් හොයාගන්න පුළුවන් වෙයි මීටියාගොඩ පොලිසියට කෝල් එකක් දුන්නොත්.

      ඒ කියන්නේ පින්සිබොල්TM කියන ට්‍රේඩ් මාර්ක් එක විචාරක තුමාගේ කියල පිළිගන්න සිද්ද උනා ඒ පොස්ට් එක කියෙව්වයින් පස්සේ. ජය වේවා..

      Delete
    3. හෙහ් හෙහ්, කොහොමද පොලීසියෙන් මට එල්ලලා දුන්නොත් ලිවගංග පාරක්.

      අම්මෝ......මටනම් ට්‍රේඩ් මාක් එපා.

      Delete
  3. මඩු වලිගෙන් පහර දීමක් ගැන රොඩ්නි ජොන්ක්ලාස් ගේ වාලම්පූරි පොතේ සඳහන් වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ පොතේ තියනවා. අර මුදලාලි නේද ගහන්නේ කොල්ලෙකුට?

      Delete
  4. හොඳ විස්තරයක්. දරුණු ආයුධයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. අපොයි ඔව්, මෙය ඉතාම තිරිසන් ආයුධයක්.

      Delete
  5. ස්ටීව් අර්වින් කියන්නේ ඕස්ට්‍රේලියාවෙ හිටපු සත්ව උද්‍යානයක් පවත්වාගෙන ගිය ඒ වගේම සතුන් පිළිබඳ රූපවාහිනී වැඩසටහන් එහෙම කරපු පොරක්. ක්‍රොකඩයිල් හන්ටර් කියලා තමයි පොරව හැඳින්වුනේ. ලංකාවටත් වතාවක් ගිහින් ගොයම් මිටි ඔලුවේ තියාගෙන යන පින්තූර එහෙම තිබ්බා. ස්ටීව් මැරුණේ මේ මඩු වල්ග පහරකින්. දිය යට රූපවහිනී වැඩ සටහනක් පටිගත කරන අතරතුර මඩුවෙක් එක්ක එකට පීනා යමින් ඉන්නකොට මඩුවා වල්ගෙන් දීපු පහර කෙලින්ම පපුවට වැදිලා හදවතට හානි වෙලා තමයි මැරුණේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න මම කියන්න ආපු එක මු කියලා.

      Delete
    2. ස්තුතියි තිසර. ඒ වීඩියෝව ඔන්න මම මෙතනට දානවා. මේ අඩවියේ කමෙන්ට්ස් වලට වීඩියෝ සහ පින්තූර දාන්න පුළුවන්.

      https://www.youtube.com/watch?v=riYogY1PXe0

      @ හැලපේ. එහෙනම් ඉතින් වෙන හොඳ පද දෙකක් කිව්වනම් ඉවරයිනේ.

      @ හරී. මමත් කියන්න හිටියේ. අම්මපා.

      Delete
    3. ස්ටීව් ඉන්නවා ඩොක්ටර් ඩූ ලිට්ල් 2 එකේ.

      Delete
    4. ඔය ස්ටීව්ව මරපු එකා සාමාන්‍ය මඩුවෙක් නෙමෙයි ද , උග්‍ර වීෂ සහිත කෙනෙක්ද කොහෙද
      කියන විදිහට විනාඩි ගානකදි මැරිල නේද

      Delete
    5. මම හිතන්නේ අටම්, මඩුවාගේ කටුව පපුවට ඇණුන නිසා තමයි, විෂ ඉක්මනින් පැතිරෙන්න ඇත්තේ.

      Delete
  6. එය ශබ්ද කරන්නේ ස්ටින්ග්‍රා නොවේ "ස්ටින්ග් රේ" ලෙසයි.

    ReplyDelete
    Replies
    1. ස්ටින්ග් රේ කියල තමා කියන්නේ.
      http://www.oxfordlearnersdictionaries.com/definition/english/stingray

      Delete
    2. ගූගල් ට්‍රාන්ස්ලේට් එකේ ශබ්ද කරපු විදිහ අනුවයි දැම්මේ. නමුත් දැන් පෙනෙනවා ඒක වැරදියි කියලා. ඒ නිසා හදන්නම්.

      බොහොම ස්තුතියි.

      Delete
  7. විචාරක තුමා,
    හරිම වැදගත් කරුණු අඩංගු ලිපියක් . මම නම් මේ මඩු වල්ග ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඔබේ දැනුම් ගබඩාව විවෘත කර අප නොදන්නා තවද දේවල් ඉදිරියටත් කියා දෙවි කියලා බලාපොරොත්තු වෙනවා. මේ ලිපිය නිවී හැනහිල්ලේ කියවන්න ඕනෑ.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. අනේ ඔය තුමා කෑල්ල කපන්නකෝ. විචාරක කිව්වම හොඳටම ඇති.

      මේ ලිපියේ සඳහන් කරුණු අර චූටි මුනුබුරාටත් කියලා දෙන්න.

      හැකිනම් මට ඊ මේල් එකක් එවන්න.

      wmjgslsr@gmail.com

      බොහොම ස්තුතියි ඇගයීම ගැන.

      Delete
    2. oba wage ratata sewayak karapu wadhagath mahatheku hata thuma kiyana eka apita gaurawayak.
      rata kaapu keedenekuta thuma kiyanna samajaya apiwa balen thallu karala thiyanawada, wicha,thuma.

      Delete
    3. බ්ලොග් ලෝකයේදී අපි ඔන්න ඔහේ අතිශයින් සාමාන්‍ය විදිහට ඉම්මු සෙනරත්.

      Delete
  8. හොඳ විස්තරයක්. මම දැකලා තියෙන්නේ මින්මැදුරු වලදී විතරයි. ඒවායේ ඉන්නකොටනම් හුරතල් පාටයි. කරමල් (gills) ඇරෙන වැහෙනකොට හරියට කට අරිනවා වගේ. මඩු වල්ගය ආයුධයක් ලෙස භාවිතා කිරීම ගැන දැනගෙන හිටියේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මඩුවාගේ බඩපත පැත්තෙන් බලපුවහම හිනාවෙලා ඉන්න හුරතල් මූණක් තමයි පේන්නේ.

      Delete
    2. @ ඉකොන්. බොහොම ස්තුතියි ඇගයීම ගැන. මඩු වල්ගය ඉතා ඈත අතීතයේදීත් ආයුධයක් ලෙස භාවිත කරලා තිබෙනවා. අපේ රටේ ඔය කියමන හැදිලා තියෙන්නෙත් ඉස්සර පාවිච්චි කරලා තියන නිසා වෙන්න ඇති.

      @ තිසර. මේ අඩවියේ කමෙන්ට් එකකට පින්තූරයක් දාන්න අවශ්‍ය නම් පහත පින්තූරයෙන් විස්තර කරන ආකාරයට දාන්න.

      [im#]https://jangun.files.wordpress.com/2016/01/code.jpg[/im]

      ඔන්න ඔබ කියන පින්තූරය මම ඒ ක්‍රමයට මෙතනට දැම්මා.


      [im#]https://c1.staticflickr.com/9/8119/8696793480_21776b048d.jpg[/im]

      Delete
  9. මඩුමාළු විරලයි කියලානම් මම හිතන්නෙ නෑ. මේ පැත්තෙ ඕනතරම් මඩු මාළු, මඩු කරවල තියෙනවනෙ. මඩු කරවල නම් මම කන්න අකමැතිම කෑමක්.

    වේලපු ලිවගංග ගැන?? ඒ මොනාද? අහලවත් නෑනෙ.

    මඩුවා පහරදෙනවා කියලා දැනගත්තෙ මේ පෝස්ට් එකෙන්. මම දැනගෙන හිටියෙ ක්‍රොකඩයිල් මෑන් මැරුනෙ පීනද්දි මඩු වලිගයක කට්ටක් පපුවෙ වැදිලා කියලා. මඩුවා පහරදීලා බව දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ හරී, මඩු මාළු විකිනේන්නෙත්, බහුලව අනුභව කරන්නෙත්, අපේ රටේ වෙරළබඩ ප්‍රදේශවල විතරයි.

      අටමට හරි මාතලන්ට හරි ඔය දේශා වගේ නසරානියෙකුට හරි කෝල් එකක් දීලා අහන්න ලිවගංග ගැන.

      ඔන්න ක්‍රොකඩයිල් මෑන් ට මඩුවා ගහපු හැටි උඩ වීඩියෝ එකකින් දාලා තියනවා. තිසරගේ කමෙන්ට් එකකට පිළිතුර වශයෙන්.

      Delete
  10. ප්‍රහාර පිළීබද විඩියෝ දැමීම හෙලා දකිමි.

    මම නං මඩුවෙක් දැක්කේ බෝම පොඩි කාලේ බත්තලකින් වට කරල මහා විසාල මඩුවෙක් ගොඩට ගන්නවා මං දැක්කා

    ReplyDelete
    Replies
    1. අනේ අපේ ජනාධිපතිතුමා සංගටයි මහේලටයි මඩු වලිගෙන් ගහයි කියල මම නම් බයේ ඉන්නේ.

      මම හිතන්නේ දකුණු මුහුදු තීරයේ බහුලව මඩුවෝ අල්ලනවා.

      Delete
  11. කළුතර වෙරළේදී කුඩා මඩුවෙක් පහර දුන් මගේ ඥාති සොහොයුරෙක්ගේ කකුලත් සෑහෙන්න තුවාල උනා. ඉක්මනින් රෝහලට රැගෙන ගිය නිසා ලොකු ගැටළුවක් උනේ නෑ.

    මඩු මාළු ඉතා රසවත්ව හදන්න පුළුවන්. දකුණු මුහුදුකරේ එතරම් දුලබ මාලුවෙකුත් නොවේ. මගේ නැන්දම්මා තුනපහ මිරිස් බැදලා සැරට හදනවා හරිම රසයි.

    ReplyDelete
    Replies
    1. මඩුවාගේ ප්‍රහාරය සෑහෙන්න දරුණුයි. වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර දෙන්න ඕනේ.

      මම මඩු මාළු කාලා නැහැ. අවස්ථාවක් ලැබුනොත් කාලා බලන්න ඕනේ.

      Delete
    2. මඩු මාළු උයන්නෙ මිරිසට. හොද්ද වැඩිවෙලා තම්බන්නෙ නෑ මාළු දියවෙයි කියලා. පැහෙනකොටම බානවා.

      Delete
    3. වෙලාවක එන්නංකෝ කාලා යන්න. (කෑමට පෙර මොනවද?) :e

      Delete
  12. හැක්. බලාගෙන ගියාම මේක මහ භයානක ආයුධයක්නෙ.
    ඒ උනාට පහලින් කොමෙන්ට් දාල තියෙන වැඩි හරියක් මඩුව භාවිතා කරල තියෙන්නෙ බඩට බස්සගන්න.

    ReplyDelete
    Replies
    1. භයානක නිසානේ, ජනාධිපතිතුමා ඕක පාවිච්චි කරන්න හිතුවේ. අනේ..... සංගයි මහේලයි අඬයි නේද හොඳටම, පස්ස පැත්තට වදිනකොට මඩුවලිග පාර.

      හිහ් හිහ්, 'මඩු බඩාලා'

      Delete
  13. තැන්කූ විචාරක තුමා, බෝම ලස්සන විස්තරයක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇණේ.

      Delete
  14. මඩු වලිගය ගැන කියවෙනවා එක්කම බොහොම ඉස්සර තම පරම්පරාවේ අය සතුව තිබුණ මඩුවලිගය ගැන පවසමින් මට ද එය පෙන්වීමට සෙවුව පැරැන්නෙක් සොයාගත නොහැකිව තමන්ගේ යට බැන බැන මට එහි විස්තර කිව්වා. අතිශයෝක්තියෙන් කියන දේවල් යනුවෙන් සිතමින් එදා මම ඒවා අමතක කර දැමුවා. දැන් ඒ පැරැන්නා ජීවිතයෙන් සමු අරන්.ඔබතුමාගේ ලිපිය කියෙව්වුවාමයි ඒ පැරැන්නා පැවසූ දේවල් ඇත්ත බව තේරුම් ගියෙ. ලිපිය ගොඩක් වැදගත් වුනා විචාරකතුමාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඕක ගෙදරක තිබුනත්, අද කාලේ සමහරු අඳුනන්නේවත් නැතුව ඇති ගුණසිංහ මහත්තයෝ, ඒ මොකක්ද කියලා. දුමේ එහෙම දාලා තිබ්බා නම්, 'හානේ හොඳ කරෝල' කියලා හොදි හදලා කන්නත් ඉඩ තියනවා :e

      ලිපිය ඔබේ ගෝල බාලයන්ද කියවනු ඇතැයි සිතනවා.

      ඇගයීම ගැන බොහොම ස්තුතියි.

      Delete
  15. Replies
    1. ඔන්න ඔහොම වැටක් ගහන්න වෙනවා මඩුවලිගයෙන් බේරෙන්න.

      Delete
  16. ඔය කොච්චර දරුණු උනත් මඩුවත් එක්ක අපේ ධීවරයෝ මරු ගේමක් දෙනවා... මටත් ඕක කිව්වේ ඕනයා.. පස්සේ මාළු යාළුවන්ගෙන් ඇහුවාම. කතන්දරේ සහතික ඇත්ත...

    http://www.onrpg.com/boards/threads/64068-Pretty-much-every-fisherman-had-sex-with-a-manta-ray

    ReplyDelete
    Replies
    1. ඕනය ඉන්න හරියෙන් 'මඩු කෑලි' පටස් ගාල මාරු වෙනවලු.

      Delete
    2. මාතේ, මේ ලිපිය ලියද්දී ඔය කතාව මට මතක්වුණා. නමුත් කතාව වෙන පැත්තකට හැරෙයි කියලා ලිව්වේ නැහැ. ඔය කතාව මට කිව්වේ, අර ගඟේවාඩියේ ධීවරයෝ. විශේෂයෙන් මුස්ලිම් ධීවරයෝ, මඩු ගෑණු සතාව ගොඩට ගේන්නේවත් නැතිලු. මුහුදටම අතෑරලා එනවලු. ගොඩට ගෙනාවොත් එයාලගේ බිරින්දෑලා මාර ගෝරි දානවලු. ඒ ගොල්ලන්ට ඔය මඩු ගෑණු සතා පෙන්නන්න බැරිලු.

      [im#]http://www.fishsiam.com/gallery/images/1206.jpg[/im]

      2 කම්මල. ඕනයා මඩු පල්ලිය පැත්තටවත් යන්නේ නැතිලු ගුටිකන්න වෙයි කියලා :e

      Delete
    3. ඒක අවයව සමානකම පිළිබඳ ප්‍රශ්නයක්ලු.

      Delete
    4. සමාන නිසාද අසමාන නිසාද? :e

      Delete
  17. මඩු වලිග සඳහා සාදර අනුග්‍රහය විචාගෙන්...
    මැරිච්ච මඩුවෝ නම් මාළු ලෑල්ලේ ඉන්නවා දැකල තිබ්බා ටිකක් පොඩි කාලෙදිම...
    ඊට ගොඩක් පස්සේ තමයි පණ පාටින් මඩුවෙක් දැක්කේ...

    අපේ මුසල්මානු සහෝදරයෝ කන කෑමට හරක් මෙව්වා එකක් වේලා ගන්නවත් ඉතුරු වෙන්නේ නැතුව ඇති, ඒක වෙන්න ඇති ඒවා වැඩිය දකින්න නැත්තේ...

    ReplyDelete
    Replies
    1. විචා බ්‍රෑන්ඩ් මඩුවලිග කියලා පොඩි කොම්පැනියක් දාගත්තොත් අනාගතේදී හොඳට බිස්නස් තියෙයි කියලා මටත් හිතෙනවා.

      මඩු මාළු වැඩිපුරම දකින්න ලැබෙන්නේ වෙරළබඩ මාළු වෙළඳසල් වල පමණයි. රට ඇතුලේ එච්චර ජනප්‍රිය නා මගෙහිතේ.

      හප්පෝ........එයාලා ඒකත් කනවද? ඊ.....යා.......

      Delete
    2. අනික තමයි මම අහලා තියෙනවා මඩුවන්ගෙත් එක එක ජාති ඉන්නවා. සමහර මඩු මාලු වලට ඉල්ලුමක් නෑ. අඟ මඩුවො තමයිලු හොඳ. වෙරළබඩ ප්‍රදේශවල විතරක් තියෙන්නෙ මොකක් හෝ කල්තබාගැනීමේ අපහසුවක් තියෙනවද දන්නෙත් නෑ. සමහරවිට ප්‍රවාහනයේදී තැලෙනවා වෙන්නත් පුළුවන්.

      Delete
    3. හරී කියන එක ඇත්ත. අඟ මඩුවො තමයි රසයි කියල මමත් අහල තියෙන්නේ.

      Delete
    4. @ හරී
      මා දන්නා තරමින්, රට ඇතුලේ ජනතාව සාමාන්‍යයෙන් මිලදී ගන්නේ සාම්ප්‍රදායිකව දකින්න ලැබෙන ලොකු මාළු සහ පොඩි මාළු පමණයි. දැල්ලෝ, කකුළුවෝ, වුනත් අදටත් ගන්නේ සීමිත පිරිසක්.

      @ උද්‍ය.
      අඟමඩුවාගේ පින්තූරයකට ලින්ක් එකක් දෙන්නකෝ.

      Delete
  18. ගඟේ වාඩිය....කලා ඔය දිගේ විල්පත්තු කැලෑවට වැදිලා ගං ඉවුරේ රැයන් පහන් කිරීම කොච්චර සුන්දර අත්දැකීමක්ද.....

    මඩු මාළු, මඩු කරවල අපිට එච්චර දිරෙවුවේ නැතිවුනාට පුත්තලම,කල්පිටිය පැත්තේ අය කරවල කනවනම් කන්නේම මඩු කරවල.කවුරුහරි හොඳ කරවල හොයනවනම් ඔවුන් දෙන්නෙත් මඩු කරවල.මොන හේතුවක් නිසාද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. පොහ්, නියම පරිසර සංචාරයක් තමයි ඒක. හැබැයි 1987 කාලේ අපි විල්පත්තුවට රිංගුවේ කොයි මොහොතේ හෝ LTTE ප්‍රහාරයක් එල්ලවේදැයි යන සැකයෙන්. එහෙම වුන අවස්ථා තියනවා.

      මමත් අහලා තියනවා මඩු මාළු සහ මඩු කරවල රසයි කියලා. නමුත් මුහුදුබඩ පලාත්වල ජනප්‍රිය වුනාට රට අභ්‍යන්තරයේ ජනප්‍රිය නැහැ.

      Delete
  19. යමක් ඉගෙනගත්තා. මම පීනනවා බලන් ඉන්න හරිම කැමති මාලුවෙක්. වැඩියෙන්ම කැමති මූට නෑකමක් තියෙන batoida.

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි ඔබේ දැනුමට යමක් එකතුවුනා නම්.

      ඔබ කියා තිබෙන්නේ මේ පහත පින්තූරයේ ඉන්න එක්කෙනා ගැන නේද?

      [im#]http://www.fishfish.net/wp-content/uploads/2011/12/Eagle-Ray-Fish.jpg[/im]

      Delete
  20. මේ ගැන විවිධ විවිධ ලිපි කියෙව්වා... ඒත් තාක්ෂණික අතින් උපරිම දැනුමක් දුන්නු ලිපිය මෙයයි විචාමාමේ......... අපි නං ඔය මඩු වලිග වලින් ගුටි කන වැඩ අාය කරන්නෑ...

    ReplyDelete
    Replies
    1. ඒ පාර තොපිත් ආවද මාමේ මාමේ ගාන්න.. ඒක අයිති මටයි ඉවාන් ගෙම්බටයි විතරයි.. හැක්..

      Delete
    2. බොහොම ස්තුතියි කුරුටු, ලිපිය ඇගයීම ගැන.

      හම්මෝ........මඩු වලිගෙන් කෑවොත් ආයේ බත් කාලා හමාරයි.

      @ දේශා. ඊරිසියාකාරයා. හෑ........ඉවානයා වැඩිකල් නොගොහින් උඹේ දන්ත ධාතූන් වහන්සේලා උඹේ බඩට වඩම්මවනවා.

      Delete
  21. අපි චූටි කාලෙ දැක්කා එකක්. අපේ ලප සාන්ති මාම ගාව තිබ්බ, වේලපු මඩු වලිගෙයක්. පොර ඒක වලි වලට එහෙම අරං යනව.

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්, එහෙනං ඒ මාමා 'වලිසිංහ' කෙනෙක් වෙන්න ඇති. හැබැයි අද කාලේ එකක් තියනවානම්, කෞතුකාගාරයේ තියන්න පුළුවන්. හුටා........එතකොට කන්ගැට්ටෙක් ඇවිල්ල ඒක ඇන්න ගියොත් එහෙම මළ කෙළියයි. :e

      Delete
  22. එතකොට අපේ හිටං තුමා දන්නෙ නැද්ද තහනම් ආයුධ වලින් පහරදීම දඩුවම් ලැබිය හැකි වරදක් බව.

    ReplyDelete
    Replies
    1. හප්පද බොල, හා........දැන් නේ මතක් වුනේ. අර විධායක, දායක, සහනදායක, අසහනදායක, ජනාධිපති බලතල යටතේ, එතුමා කාගේ කොතැනට ගැහුවත් නඩු දාන්න බැහැ. හ්ම්........

      Delete
  23. මඩු වලිගය ගැන දැනගත්තා. ස්තුතියි විස්තර වලට.. දන්නවද, ඔය මඩුවා කියන සතා මේ ලෝකේ සෑහෙන කාලයක් තිස්සේ ජීවත් වෙන, පෞරාණික සතෙක්. ඒ වගේම තමා මෙයාගේ නෑයා මෝරත්. එයාලා කාටිලේජ මත්ස්‍යයන්. තව දෙයක්- ඔය මඩුවා කියන මාළුවාගේ පිහිනීමේ ක්‍රමය අනික් මාළුවන්ට වඩා වෙනස්. ඇත්තෙන්ම මෙයාල කරන්නේ වතුරේ පියාඹන එක.!! මම අහල තියන්නේ නම් Stingray කියන එක ශබ්ධ වෙන්නේ ස්ටින්ග්රේ කියල.. ඔය ජාතියේ වර්ග දෙකක් ඉන්නවා. ස්කේට්ස් සහ රේස් කියලා.
    ඔය මඩුවට, මෝරාට එහෙම අනික් මාළුවන්ට වතුරේ ඉහල පහල යන්න තියන (ඒ කියන්නේ තමන් ඉන්න ගැඹුර වෙනස් කරන්න) "පිහිනුම් ආශය (Swim bladder)" කියන අවයවය පිහිටලා නෑ. ඒ නිසා මෙයාලට නොගිලී ඉන්න හැම තිස්සෙම පීනන්න වෙනවා.
    මාළු ගැන, විශේෂයෙන් මේ ඛාණ්ඩයේ මාලු ගැන කරන අධ්‍යනය හරිම රසවත්. මේ පවුලේම තමා එදා මෙදා තුර ජීවත් වුන දරුණුම මාළු ඉන්නේ. එක්කෙනෙක් තමා සුදු මෝරා. අනික් එක්කෙනා තමා මෙගලෝඩොන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අඟහරු මේ දීර්ඝ විස්තරයට. කියවන අයට අමතර දැනුමක් ලැබෙයි.

      මේ ලිපිය ලිවීම සඳහා කරුණු සෙවීමේදී මට මේ විස්තර කියවන්න ලැබුණා. තවත් විස්තර ගොඩක් කියෙව්වා. ලිපි 11 ක් කියෙව්වා ජාලයෙන්. නමුත් ඒ විස්තර නොදැම්මේ, අනවශ්‍ය ලෙස ලිපිය දික්ගැහෙයි කියලා. මට ඕනෙවුනේ ඉතා කෙටියෙන්, මඩුවා සහ මඩු වලිගය ගැන කියන්න.

      Delete
  24. අමරදේව මහත්තයගේ සිංදු කාලා දානවට හිටංට දෙන්න ඕනෙත් මේකෙන් තමයි.

    ReplyDelete
    Replies
    1. අමරදේව මාස්ටර්ගේ සිංදු කන්නේ හිටන්ට වඩා මේ වයසට අමරදේව මාස්ටර් ලවුවා සිංදු කියවන එවුන්.

      Delete
    2. @ ඉයන්.
      අමරදේව මාස්ටර් වගේ සින්දු කියනකොට අත්දෙක වනානේ නැති එකයි මෙතුමාගේ තියන ලොකුම අඩුව.

      @ කටුසු.
      හනේ.......තවත් ලැජ්ජා කරවන්න එපා හිටං

      Delete
  25. මඩුවා ගැන පැහැදිලි විස්තරයක ලැබාදිම පිලිබදව විචා මාමාමාට බොහොම පිං..
    ඒ පිනෙන් මේ ආත්මයේදීම මඩුවල්ගයෙන් තලන නිත්‍ය තනතුර වන "මඩුගෝසුවා" තනතුර ඔබතුමා වෙත ලබාදීමට මම යෝජනා කරමි..

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. අඩ්ඩ ඩඩා! අඩේ, "මඩුගෝසුවා" ජොබ් එකනම් නියමයි ඈ. දැන් මරණ දඬුවමත් අහෝසිකරන්න යන එකේ, මඩුගෝසු තනතුරක් හදානවානම් බොහොම අගෙයි හිටං.

      ජයවේවා!

      Delete
  26. අඩේ මං කොටපු කොමේන ට් එකකට මඩුවා කෙලලා...

    කෝම උනත් මඩු වලිගෙන් තලන නිත්‍ය තනුතර වන ,මඩුගෝසුවා, තනතුර සදහා පත්තරයා යෝජනා කරමි

    ජ ය වේ වා
    !!!

    ReplyDelete
    Replies
    1. පහර කෑමේ නිත්‍ය තනතුර සඳහා ඉවාන් යෝජනා කරමි..ඔහු ඊට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති බවද සතුටින් දැනුම් දෙමි !!!

      Delete
    2. @ විදානේ.
      උඹ ඩෝප් මරගාතේ වෙන කාගෙහරි සයිට් එකක කොටන්න ඇති. පත්තරයාට ජොබ් එක දුන්නොත් උඹට සිද්දවෙන්නේ පස්ස පැත්තට ටයර් කෑල්ලක් බැඳගන්න.

      @ පත්තරේ.

      ඉවානයාට පස්ස පැත්තක් තියනවද බං හරියට පාරක් ගහන්න? ඌට නිකං පූටි ලැකක් නේ තියෙන්නේ.

      Delete
  27. මිරිස්ස නිල්වැල්ල තංගල්ල ලයින් එකේ මඩු මාලු හොගත්තෑකි..තව හලාවත ඉඳං කල්පිටි ලයින් එකෙත් බඩු තියනවා.මඩු කරෝල නං කට්ටිය කනවා හෝ ගාල මට මඩු මාලුවත් කරෝලවත් අල්ලන් නෑ සෑර්.චැහ්

    සාලයයි සූඩයයි පියාමැස්සයි තරං රහ මාලු ලොවෙත් නෑ. මොකෝ අනිත්ව ගනං නෙවැ :D

    ReplyDelete
    Replies
    1. මටත් දැනගන්න ලැබුනේ ඔය විස්තරේම තමයි. රට ඇතුලේ මඩු මාළු, මඩු කරවල එච්චර ජනප්‍රිය නැහැ.

      මෙහෙම බඩුමිල වැඩිවුනොත් අපේ සුඩයාවම බැදගෙන කන්න තමයි වෙන්නේ.

      Delete
  28. හිපෝ , රයිනෝ, ප්ලාස්ටික්
    https://en.wikipedia.org/wiki/Sjambok

    පානදුරේ ලෙල්ලමින් හම්බවුන මඩුවලිගයක් ගෙදර තියනව.

    ReplyDelete
    Replies
    1. එකත් අමුතුම ආකාරයේ භාණ්ඩයක් නොවැ. ඔන්න පින්තූරේ දානවා පහලින්.

      හප්පොච්චියෙ කට වරද්දාගන්න එපා. මඩුවලිගෙ තහනම් ආයුධයක්. කළු ඩිෆෙන්ඩර් එයි.

      [im#]https://en.wikipedia.org/wiki/Sjambok#/media/File:Sjambok_(plastic).jpg[/im]

      Delete
    2. [im#]https://upload.wikimedia.org/wikipedia/commons/b/bd/Sjambok_(plastic).jpg[/im]

      Delete
    3. ප්‍රා..මඩු වලිගෙන් ගන්න වැඩක් තියෙනවා... ඉංග්‍රීසියෙන් සිංහලෙන්,අතීතය වර්තමානය ගැන ඉවක් බවක් නැතිව කියවන,වෙනම දර්ශනයක් තියෙන,ඒත්...තමුන්ගෙ අදහස් අනිත් අයත් එක්ක බෙදාගන්න පට්ට කම්මැලි කෙනෙකුට පහර දෙන්න යොදාගන්න ඇහැකි.හෙහ් හෙහ්...

      Delete
    4. ප්‍රා ජේ ට මෙතනට දාගන්නට බැරිවූ කොමෙන්ට් එක දැන් මෙතනට දානවා.

      Pra JayJanuary 7, 2016 at 1:10 PM
      @ ගස් ලබ්බJanuary 7, 2016 at 12:34 PM (Mr. Wicharaka your blog doesn't allow me to comment in the right place. Hence the comment here. Sorry)

      මිස්ටර් ලබ්ස්, අනේ පව් චෙෆ් ආර්කි ලඟදි ලිව්වෙ නෑ කියල මඩුවලිගෙන් ගහන්න එපා දැන්ම. හයියෙන් ගැහුවොත් කිඩ්නි එකටත් කෙලවෙයි.

      Delete
    5. ප්‍රා ජේ ගේ කොමෙන්ට් එකට ලබ්ස් දාපු උත්තරෙත් මෙතනටම කොපි කරනවා.

      ගස් ලබ්බJanuary 7, 2016 at 4:18 PM
      හයියූ මිස්ටර් ප්‍රා....ඔය කිව්වෙ.... හරියට හරි.. දෙන්නටම මඩු වලිග ප්‍රතිකාරය ගැලපෙනවා..ලෑන් සීය නම් ලියනවානෙ.. වකුගඩු දිනය ලීක් වෙලා අන්න අරුන් මගෙ රෙදි ගලවනවෝ...

      Delete
    6. @ Pra Jay

      පින්තූර සහ වීඩියෝ ගොඩක් දැම්මම සමහර වෙලාවට මටත් රිප්ලයි කොමෙන්ට් එකක් ඕපන් කරගන්න බැරිවෙන අවස්ථා තියනවා. එතකොට මම කරන්නේ පිටුව රීලෝඩ් කිරීමයි. එහෙම කලාම හරියනවා.

      @ ලබ්ස්

      උඹව උස්සන්නේ ඩිෆෙන්ඩර් එකකින් නෙවෙයි. රේන්ජ්රෝවර් එකකින්. ඒක එලවන්නේ ඉවානයා.

      Delete
    7. එක වතාවක් සතුපාට වාහනේකිං දාගෙන ගිහිං වකුගඩු බේරගත්තෙ බොහොම අමාරුවෙන් අඬලා අඬලා.. සේන්ජ් සෝවරෙන් ගිහිං මක්ක වෙයිද දන්නෑ.. ගිහිල්ලම බලන්ටොනැ.

      Delete
  29. මඩු වලිග තියෙන්නෙ ගහන්න නෙමේ, නිකමට කියන්න විතරයි....

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් හී...........ඒකතමා ජනාධිපතිතුමා ඔව්වා කිව්වට කොරන්නේ නැත්තේ.:e

      Delete
  30. මඩුවලිග කේස් එක යනවා ඕසෙට. බලන්න විචාරකතුමා, මේ ලිපියයි වැටුනු කමෙන්ට්ස් ටිකයි එකතුවුණාම තියෙන දැනුම් සාගරේ. බ්ලොග් වලයි කමෙන්ට් වලයි තියෙන වටිනාකම තමා ඕක.
    Manta Ray තමා ඔය පවුලේ දැවැන්තයා. අඩි 23 ක් විතර පළලට කිලෝ 1350 ක් බරට වැඩෙනවා කියලා තමා විකියා කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්ථුථිඔයි මධු.

      ඇත්තටම මධු, මේ මඩුවලිග කතාව නැගලා යද්දී තම මට හිතුනේ මඩුවලිගයේ නොදන්නා පැත්ත ගැන ලියන්න. ඒකෙන් යහපතක් වීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා.

      මඩු මාළුවා ගැන ජාලයේ ලිපි 11 ක් කියෙව්වා මේක ලියන්න කලින්. මට ඔනෑවුණේ ඉතාම කෙටියෙන්, අත්‍යවශ්‍යම කරුණු විතරක් ලියන්න. ඒ නිසා බොහොමයක් කරුණු අතහැරියා.

      Delete
  31. මඩු වලිගෙන් ගහලත් මදි කියන කතාව අහලා තිබුනට දැන් තමයි දැනගත්තේ ඇයි එහෙම කතාවක් කියන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝ, මට කීපවිටක් හිතුනා, බොහෝ දෙනෙක්, මඩුවලිග කතාව ගැන විවිධ අදහස් කිව්වත්, ඇත්තටම, මඩු වලිගෙන් ගහනවා කියන එක දන්නේ නැතුව ඇති කියලා. ඒ නිසා තමයි, මේ ලිපිය ලිව්වේ.

      Delete
  32. කැලනි ගං මෝයෙදි මඩුවෝ කනවා වතුරට විසිකරන ලොකු ඇම . ඒක කාගන යනවා පතුලටම ආයේ ගන්නවා බොරු . නුල කැඩිලා යන තරමට තදින් ඇදගනයි යන්නේ , එහෙම උනහම ඒ හරියේ කට්ටිය කරන්නේ නුල තවත් හොදට තද කරල උස්සගන , ගල් දෙකක් දෙපැත්තට බැදපු නුලක් අර යොතට වට දෙක තුනක් කරකවල , ඒ දිගේ තල්ලු කරල දාන එක , ගල් දෙක ඔලුව උඩට වැටෙනකොටම මඩුවා පොලව බදාගන අදින එක නවත්තනවා , එතකොටම ඇදල උඩට ගන්න ඕන නැත්තං ඇමකාපු මඩුවා ගොඩට ගන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. ගං මෝය වලත් ඉන්නවද මඩුවෝ. මම හිතුවේ නොගැඹුරු මුහුදේ විතරයි කියලයි.

      අප්පා.......මාර ටිරිකිස් වැඩ නේ එව්වා. කොහොමටත් ඔය ධීවර කර්මාන්තය කියන්නේ දක්ෂතාවය, අධිෂ්ඨානය, පළපුරුද්ද, බොහොම හොඳට තියන අයට කරන්න පුළුවන් වෘත්තියක්.

      Delete
  33. @ ගස් ලබ්බJanuary 7, 2016 at 12:34 PM (Mr. Wicharaka your blog doesn't allow me to comment in the right place. Hence the comment here. Sorry)

    මිස්ටර් ලබ්ස්, අනේ පව් චෙෆ් ආර්කි ලඟදි ලිව්වෙ නෑ කියල මඩුවලිගෙන් ගහන්න එපා දැන්ම. හයියෙන් ගැහුවොත් කිඩ්නි එකටත් කෙලවෙයි.

    ReplyDelete
    Replies
    1. හයියූ මිස්ටර් ප්‍රා....ඔය කිව්වෙ.... හරියට හරි.. දෙන්නටම මඩු වලිග ප්‍රතිකාරය ගැලපෙනවා..ලෑන් සීය නම් ලියනවානෙ.. වකුගඩු දිනය ලීක් වෙලා අන්න අරුන් මගෙ රෙදි ගලවනවෝ...

      Delete
    2. පොඩි තාක්ෂණික දෝෂයක් ඇතිවෙලා තියෙන්නේ. ඔන්න දෙන්නගෙම කොමෙන්ට්ස් අදාළ තැනට කොපි කළා.

      Delete
  34. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2267-2016-01-05-23-34-32

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත්. ඇත්තෙන්ම ඔබවිසින් දෙන මේ ප්‍රචාරය මට හරියට වටිනවා.

      Delete
  35. madu waligaya gana rasawath wistharayak,
    deewarayan samaga baththalan gunduwa kiyana dùpathe (wasara gananak) hitapu
    kaale maduwekugen kapala hadhà gaththa madu waligayak man langarh thibuna horaa kanna ena ballanta gahanna.

    eth eaka digatama use kale naha pàra kàgena balla duwana hati dakala.
    essara godak deewara wàdiwala madu waliga thibunath dan kawruth eawa use karannewath thiyà gannewath naha.

    wicha,thuma liyà athi paridi
    mòrata samànakam kiyana
    madu màlu saha madu karawala (mòra màlu saha mòra karawala wagèma hari rasawath àhàrayak,....

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳ විස්තරයක්. ඔබේ ඒ දූපත් අද්දැකීම් අලලා ලියන්න පටන් ගත්තොත් පාඨක ප්‍රතිචාර ගොඩක් ලැබෙයි. ඒ වගේම අලුත් දැනුමක් පාඨකයන්ට ලැබෙයි. ඒ ගැන ටිකක් හිතලා බලන්න.

      සත්ව හිංසාව ගැන හිතලා අද කාලේ බල්ලෙකුට ගලකින්වත් ගහන්නේ බොහොම කලාතුරකින්.

      Delete
  36. Wicha,thuma 03 of January 2016 dina liyapu post eka kiyawaddi riplay ekakata kick karala
    Oh Dear!....I am not out 6o, kiyana post eka kiyewwa,
    kochchara hadawathata sameepawa danenna liyala thiyanawada kiwwoth
    uda sita àsaawen kiyawan awasan kotasata eddi asdeka puròla kadhulu thibuna, a wagèma kotharam nihathamaani manussayekda kiyala hithuna.

    matanam (hat eka galawala) kiyanna thiyanne 'Great'
    Wicha,thuma kiyala Thamai. .....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සෙනරත් ඔබේ මේ ඉතා සංවේදී ප්‍රතිචාරයට. ඔබට සුබ නව වසරක් වේවා! මේ වසර ඔබේ ජීවිතයේ නව දියුණුවක් ඇරඹෙන වසරක් වේවා! කියා ප්‍රාර්ථනා කරනවා.

      Delete
    2. Obatath esema wewaai kiyaa hadhawathinma prarthana karanawa.!!!

      Delete
  37. මඩු වලිගයක් මටත් තිබුන පොඩි කාලෙ. තාත්ත ගෙනාපු මඩුවෙකුගෙන් කපල ගත්ත. මම ඒකෙන් බල්ලන්ට එහෙම ගැහුව මතකයි :-)
    මඩු මාළු නං අප්පිරියයි.

    ReplyDelete
    Replies
    1. අපරාදේ ඒ මඩුවලිගේ දැන් තිබුනානම් ප්‍රදර්ශනය කරලා සෑහෙන ගානක් හොයාගන්න තිබුණා.

      මමත් මඩු මාළු කාලා නැහැ. කනකල් කියන්න බැහැ ප්‍රිය ද අප්‍රිය ද කියලා.

      Delete
  38. මම හිතාගෙන හිටියේ මඩු වලිගේ කතාව ගමේ ගොඩේ විහිලුවට කියන කතාවක් කියලා..සිරිසේන මහත්තයාට පිං සිද්ද වෙන්න ඒ ගැනත් දැන ගන්න පුලුවන් උනා. සුපිරි ලිපියක් විචාකතුමා.

    ReplyDelete
    Replies
    1. ඔය පරණ කියමන් අස්සේ, අපේ පැරණි සංස්කෘතිය ගැන විවිධ තොරතුරු සැඟවිලා තියනවා. අපේ ජනාධිපතිතුමා ගැමියෙක් නිසා, මේ කියමන එලියට ආවා. එයින්, සෑහෙන පිරිසකට අලුත් දෙයක් ඉගෙනගන්න ලැබුනා.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  39. විචාරකගෙ ලිපිය නම් කදිමයි. ගොඩක් දේ දැන ගත්ත. ජනාධිපතිතුමාට ස්තූතියි. ආයෙත් මෙහම කටකැඩිච්චි කතාවක් කිව්වොත් අපට මේ වගේ තොරතුරු ටිකක් දැන ගන්න ඉඩ ලැබෙයි නේද...

    ReplyDelete
  40. මඩු වලිගය අහලා තිබුනත් දැක තිබුනේ නෑ ගොඩක් ස්තුති ඔබට

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }