හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

04 July 2012

නිර්භීත සතුරා ‘බිස්මාර්ක්’ – Battleship Bismarck (දෙවැනි කොටස) ‘තර්ජනය – Threat’


 බිස්මාර්ක් යුද නැව සම්බන්ධ ලිපි මාලාවේපළමුවැනි කොටසෙන් ඔබට ඒ නැව පිලිබඳ සතුටුදායක අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතනවා. යුද නැවක භූමිකාව සහ කාර්යභාරය (Role & Task) කෙබඳුද යන කාරණය පිළිබඳවත්, පොදුවේ යුද නැව් පිලිබඳ උනන්දුව දක්වන අයටත්, මේ ලිපි මාලාවෙන් යම දැනුමක් ලබාගත හැකිවේයැයි වැඩිදුරටත් සිතනවා.
දෙවැනි ලෝක යුද සමයේදී නාවික හමුදා තීරණාත්මක සාධකයක් වුනා. විශේෂයෙන් අත්ලාන්තික් සාගරය මෙන්ම මධ්‍යධරණී මුහුදේ සහ රතු මුහුදේ නාවික බලය තමන් අත තබා ගැනීමට යුරෝපයේ බලවත් ජාතීන් සියලු උත්සාහ දැරුවා.
 දෙවැනි ලෝක යුද සමය වනවිට ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය අතර නාවික කටයුතු විශාල වශයෙන් වර්ධනයවී තිබුනා. මේ නාවික කටයුතු වාණිජ පදනමෙන් සිදුවූ ඒවායි. බ්රිතාන්‍යය, ප්‍රංශය, සහ රුසියාව, මෙහිදී කැපී පෙනුන රටවල්. මේ කාලයේදී ජර්මානු ආඥාදායක හිට්ලර් උතුරු අත්ලාන්තික් සාගරයේ බලය තමන් සතු කර ගැනීමට පිඹුරුපත් සැකසුවා. ඒ අනුවයි ජර්මානු යුද නැව් උතුරු අත්ලාන්තික් සාගරයට කඩාපැන පහරදීම් කරන්නට පටන් ගත්තේ.
 මධ්‍යධරණී මුහුදේ සහ රතු මුහුදේ බලය තමන් අතට ගතහැකිනම් නැගෙනහිර යුරෝපයට මෙන්ම මැදපෙරදිගට සහ ආසියාවටද බලපෑම එල්ල කළහැකි බව හිට්ලර් දැන සිටියා. ඔහුට අවශ්‍ය වුනේ ලෝකයේම බලය අල්ලාගනීමටයි.
ජර්මනිය තමන්ගේ අලුත්ම මාරක නැව් දෙක වන බිස්මාර්ක් සහ ටර්පිට්ස් අත්ලාන්තික් සාගර යුද භූමිකාව වෙත පිටත් කරන්නේ මෙවන් සංග්‍රාමික පසුබිමක් තුලයි. එහෙත් ජර්මනිය සැලසුම් කර තිබුන පිටපත වෙනස්වී නාට්‍යයේ ත්‍රාසජනක ජවනිකාව කලින් ඉස්මතු වුනා.
 මේ නාවික ආධිපත්‍යය දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි බ්‍රිතාන්‍යය තම පළමුවැනි සතුරා ලෙස ජර්මනිය විසින් සලකනු ලැබුවා. දෙවැනි සතුරා ලෙස සලකනු ලැබුවේ එවකට ඊසානදිග අත්ලාන්තික් කලාපයේ නාවික බලය වර්ධනය කරගනිමින් සිටි රුසියාවයි. තමන්ගේ සියලු ප්‍රහාරක සැලසුම් බ්‍රිතාන්‍යයට සහ රුසියාවට එරෙහිව එල්ල කරන්නට හිට්ලර් උත්සුක වුනේ එබැවින්.
පසුගිය ලිපියේදී සඳහන් කල පරිදි බිස්මාර්ක් නැව නිපදවීම සඳහා ජර්මනිය දැරූ වෙහෙස අපමණයි. නැව අධිකාරියට පත් කර ටික දිනකින් එහි හැකියාව මැන බැලීමේ සහ ක්‍රියාන්විත ශක්තිය මැන බැලීමේ පරීක්ෂණ මාලාවක යොදවනු ලැබුවා. එහිදී අනාවරණය වූ අඩුපාඩු සකසාගෙන අවසන් වුනේ 1940 දෙසැම්බර් මාසයේදීයි.
1941 මැයි මස 5 වැනිදා ජර්මන් ආඥාදායක ඇඩෝල්ෆ්ට් හිට්ලර් ඉහල පෙලේ නාවික හමුදා නිලධාරීන් රැසක් ද පිරිවරාගෙන බිස්මාර්ක් සහ ටර්පිට්ස් යන නැව් දෙකේ නිරීක්ෂණ චාරිකාවක යෙදුනා. ජර්මනියේ Gotenhafen වාරයේදී. 1941 මැයි මස 16 වැනි දින ජර්මානු නාවික අද්මිරාල් ලුට්ජෙන්ස් විසින් හිට්ලර් වෙත වාර්තා කරනු ලැබුවා බිස්මාර්ක් සහ එහි සහායක නැව ලෙස ක්‍රියාකිරීමට යෝජිත ප්‍රින්ස් එව්ජින් නෞකාව ක්‍රියාන්විත රාජකාරි සඳහා සම්පූර්ණයෙන් සූදානම් බව.
  ඉන්පසු ඇරඹුණේ ජර්මන් ආඥාදායකත්වය මෙතෙක් ලොවට රහසක්ව තබාහත් මෙහෙයුමක පළමුවැනි පියවරයි. උතුරු අත්ලාන්තික් සාගරයේ නාවික බලය සියතට ගැනීම සඳහා මුලින්ම ඇමරිකා එක්සත් ජනපදයේ සිට බ්‍රිතාන්‍යය දක්වා යන එන නෞකා වලට පහරදීම මේ ක්‍රියාන්විතයේ අරමුණ වුනා. මේ ක්‍රියාන්විතය ජර්මන් බසින් හැඳින්වුණේ රයින්උබුන්ග්Rheinübung ක්‍රියාන්විතය හෙවත්රයින් ක්‍රියාන්විතය යනුවෙන් .
(Operation Rheinübung) අද්මිරාල් ලුට්ජෙන්ස් ගේ නියෝග අනුව 1941 මැයි මස
19 වැනිදා බිස්මාර්ක් සහ ප්‍රින්ස් එව්ජින් ඩෙන්මාර්ක් සමුද්‍ර සන්ධිය බලා පිටත් වුනේ ආධාරක භාණ්ඩ සැපයුම් යාත්‍රා 18 ක් සහ මග පෙන්වන / ආරක්ෂාව සපයන ජර්මන් යු බෝට්ටු නමැති ප්‍රහාරක බෝට්ටු 4 ක් ද සමගයි.
කපිතන් ලින්ඩ්මාන් උතුරු අත්ලාන්තික් සාගර ප්‍රදේශයට පිවිසි තම අති බලසම්පන්න නැවේ කාර්ය මණ්ඩලය වෙත මැයි 20 වැනිදා පස්වරුවේ ශබ්ද විකාශන මගින් පැහැදිලි කළා තමන් කරන්න යන්නේ කුමක්ද යන වග.
නමුත් ඔවුන් දැන සිටියේ නැහැ ජර්මනියට විරුද්ධ රටවල් මේ සියල්ල දෙස ඇස ගසාගෙන සිටින බව. ජර්මනියෙන් විශාල තර්ජනයක් එල්ල විය හැකි බව බ්‍රිතාන්‍යය ප්‍රමුඛ ජර්මානු විරෝධී බලවත් යුරෝපීය රාජ්‍යයන් හොඳින් අවබෝධ කරගෙන තිබුනා. ඒ නිසා තම රටවල සිට ජර්මනිය පිලිබඳ ඔත්තු බැලීම ඒ රටවල් විසින් නොකඩවාම සිදු කරනු ලැබුවා.
කපිතන් ලින්ඩ්මාන් තම කාර්ය මණ්ඩලයට උපදෙස් දුන් මැයි 20 වැනිදා පස්වරුවේම ඔවුන්ගේ නිරීක්ෂණයට හසු නොවුණු ස්වීඩනයට අයත් ස්වොර්ඩ් ෆිෂ් වර්ගයේ ගුවන් යානා කීපයක් මගින් ජර්මානු යුද නැව් උතුරු අත්ලාන්තික් සාගරය දෙසට ගමන කරනු නිරීක්ෂණය කල අතර ඒ බව සියලු උසස් හමුදා මූලස්ථාන වෙත වහාම වාර්තා කරනු ලැබුවා. තර්ජනය ඉහල යමින් තිබෙන බව වටහාගත් මිත්‍ර රටවල් වහ වහා ආරක්ෂක විධි විධාන තර කරනු ලැබුවා.
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }