දෙවැනි ලෝක යුද සමයේදී නාවික හමුදා තීරණාත්මක සාධකයක් වුනා. විශේෂයෙන් අත්ලාන්තික් සාගරය මෙන්ම මධ්‍යධරණී මුහුදේ සහ රතු මුහුදේ නාවික බලය තමන් අත තබා ගැනීමට යුරෝපයේ බලවත් ජාතීන් සියලු උත්සාහ දැරුවා.
ජර්මනිය තමන්ගේ අලුත්ම මාරක නැව් දෙක වන බිස්මාර්ක් සහ ටර්පිට්ස් අත්ලාන්තික් සාගර යුද භූමිකාව වෙත පිටත් කරන්නේ මෙවන් සංග්‍රාමික පසුබිමක් තුලයි. එහෙත් ජර්මනිය සැලසුම් කර තිබුන පිටපත වෙනස්වී නාට්‍යයේ ත්‍රාසජනක ජවනිකාව කලින් ඉස්මතු වුනා.
පසුගිය ලිපියේදී සඳහන් කල පරිදි බිස්මාර්ක් නැව නිපදවීම සඳහා ජර්මනිය දැරූ වෙහෙස අපමණයි. නැව අධිකාරියට පත් කර ටික දිනකින් එහි හැකියාව මැන බැලීමේ සහ ක්‍රියාන්විත ශක්තිය මැන බැලීමේ පරීක්ෂණ මාලාවක යොදවනු ලැබුවා. එහිදී අනාවරණය වූ අඩුපාඩු සකසාගෙන අවසන් වුනේ 1940 දෙසැම්බර් මාසයේදීයි.
1941 මැයි මස 5 වැනිදා ජර්මන් ආඥාදායක ඇඩෝල්ෆ්ට් හිට්ලර් ඉහල පෙලේ නාවික හමුදා නිලධාරීන් රැසක් ද පිරිවරාගෙන බිස්මාර්ක් සහ ටර්පිට්ස් යන නැව් දෙකේ නිරීක්ෂණ චාරිකාවක යෙදුනා. ජර්මනියේ Gotenhafen වාරයේදී. 1941 මැයි මස 16 වැනි දින ජර්මානු නාවික අද්මිරාල් ලුට්ජෙන්ස් විසින් හිට්ලර් වෙත වාර්තා කරනු ලැබුවා බිස්මාර්ක් සහ එහි සහායක නැව ලෙස ක්‍රියාකිරීමට යෝජිත ප්‍රින්ස් එව්ජින් නෞකාව ක්‍රියාන්විත රාජකාරි සඳහා සම්පූර්ණයෙන් සූදානම් බව.
19 වැනිදා බිස්මාර්ක් සහ ප්‍රින්ස් එව්ජින් ඩෙන්මාර්ක් සමුද්‍ර සන්ධිය බලා පිටත් වුනේ ආධාරක භාණ්ඩ සැපයුම් යාත්‍රා 18 ක් සහ මග පෙන්වන / ආරක්ෂාව සපයන ජර්මන් යු බෝට්ටු නමැති ප්‍රහාරක බෝට්ටු 4 ක් ද සමගයි.
කපිතන් ලින්ඩ්මාන් උතුරු අත්ලාන්තික් සාගර ප්‍රදේශයට පිවිසි තම අති බලසම්පන්න නැවේ කාර්ය මණ්ඩලය වෙත මැයි 20 වැනිදා පස්වරුවේ ශබ්ද විකාශන මගින් පැහැදිලි කළා තමන් කරන්න යන්නේ කුමක්ද යන වග.
නමුත් ඔවුන් දැන සිටියේ නැහැ ජර්මනියට විරුද්ධ රටවල් මේ සියල්ල දෙස ඇස ගසාගෙන සිටින බව. ජර්මනියෙන් විශාල තර්ජනයක් එල්ල විය හැකි බව බ්‍රිතාන්‍යය ප්රමුඛ ජර්මානු විරෝධී බලවත් යුරෝපීය රාජ්‍යයන් හොඳින් අවබෝධ කරගෙන තිබුනා. ඒ නිසා තම රටවල සිට ජර්මනිය පිලිබඳ ඔත්තු බැලීම ඒ රටවල් විසින් නොකඩවාම සිදු කරනු ලැබුවා.
කපිතන් ලින්ඩ්මාන් තම කාර්ය මණ්ඩලයට උපදෙස් දුන් මැයි 20 වැනිදා පස්වරුවේම ඔවුන්ගේ නිරීක්ෂණයට හසු නොවුණු ස්වීඩනයට අයත් ස්වොර්ඩ් ෆිෂ් වර්ගයේ ගුවන් යානා කීපයක් මගින් ජර්මානු යුද නැව් උතුරු අත්ලාන්තික් සාගරය දෙසට ගමන කරනු නිරීක්ෂණය කල අතර ඒ බව සියලු උසස් හමුදා මූලස්ථාන වෙත වහාම වාර්තා කරනු ලැබුවා. තර්ජනය ඉහල යමින් තිබෙන බව වටහාගත් මිත්‍ර රටවල් වහ වහා ආරක්ෂක විධි විධාන තර කරනු ලැබුවා.
No comments :
Post a Comment