නුවරඑළිය යුද හමුදා කඳවුර පිහිටුවා ඇත්තේ 1969 වර්ෂයේදී
බව මීට පෙර කොටසේ සඳහන් කළා ඔබට මතක ඇති සිතමි. මේ භූමියේ මුලින්ම පිහිටුවා
තිබෙන්නේ ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව පවතී සමයේදී නුවරඑලිය ප්‍රදේශයේ තිබුණු
තේ වතුවල සේවය කල බ්‍රිතාන්‍ය ජාතික වතු පාලකයන්ගේ දරුවන් සඳහා පාසලකි. ඒ 1940
දශකයේය. ඒ පාසල හඳුන්වා ඇත්තේ ‘හිල් ස්කූල්’ (Hill School) යනුවෙනි ඒ නාමය කොතරම්
ස්ථාවරවී තිබේදැයි කිවහොත් අදටත් හිල් ස්කූල්, නුවරඑළිය යන ලිපිනයට එවන ලිපි
නොවැරදීම කඳවුරට ලැබේ. ඒ කාලයේ පාසල් දරුවන් පාසල් භූමියේ සිටින ආකාරය දැක්වෙන
ඡායාරූප තවමත් කඳවුරේ ඇත.
1990
දශකයේදී පවා බ්‍රිතාන්‍යයේ සිට සංචාරකයන් ලෙස පැමිණි මේ පාසලේ ආදී ශිෂ්‍ය
ශිෂ්‍යාවන් මම දැක ඇත්තෙමි. ඔවුන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් විශේෂ අවසරය මත
මෙහි පැමිණ කඳවුරු භූමිය පුරා ඇවිදිමින්, ‘මේ අපේ පන්තිය තිබුණු තැන, මේ අපි
ක්‍රීඩා කල තැන’ ආදී වශයෙන් එක් එක් ස්ථාන පෙන්වන අතර සමහරු සමුගන්නේ කඳුළු පිරි
දෙනෙතිනි. නුවරඑළිය යුද හමුදා කඳවුර ශ්‍රී ලංකාවේ යුද හමුදා කඳවුරු අතරින්,
ස්ථානගතවීම අනුව, ඉතාම අලංකාර ලෙස ස්ථාන ගතවී ඇති කඳවුරක් බව අවධාරණය කල යුතුය.
මෙහි ඇති රෝස උයන ශ්‍රී ලංකාවේ ඇති රෝස උයන් අතරින් සුවිශේෂී රෝස උයනකි. සෑම වසරකම
නුවරඑළියේ පැවැත්වෙන වසන්ත උත්සවයේදී මේ රෝස උයනට, රාජ්‍ය අංශයේ රෝස උයන් තරගයෙන්
පළමුවැනි ස්ථානය ලැබුණු වාර ගණන බොහෝය.
මෙහි
උයන්පාලක ලෙස සේවය කළේ ඒ විෂයය පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති ‘වේලු’ නමැති ද්‍රවිඩ
ජාතිකයෙකි. උදේ පාන්දරින්ම මොන කාලගුණ තත්වයක් තිබුනත් ඔහු කඳවුරට පැමිණෙයි. වැඩ
අධිකනම් ඔහු සිය බිරිඳ හා දරුවන්ද ඇත උදව්වට කැටුව එයි. රෝස මල් ගැන ඇති දැනුම
මෙන්ම ඔහුගේ ඉංග්‍රීසි දැනුමද විශිෂ්ඨය. උයනේ ඇති රෝසමල් පිළිබඳව ඔහු කරන විස්තර අප
පුදුමයට පත්කරන අතර උද්‍යාන පාලනය ගැන කිසිදු උසස් අධ්‍යාපනයක් නොලබා ප්‍රයෝගික
දැනුමෙන් හා මතකයෙන් ඔහු මේ උයන නඩත්තු කරන ආකාරයද විශ්මයජනක විය. මේ උතුම්
මනුෂ්‍යයා අද ජීවතුන් අතර නැත. 1991 වර්ෂයේදී මෙම උයනට රාජ්‍ය අංශයේ තරගයෙන් ප්‍රථම
ස්ථානය ලද අවස්ථාවේදී අපගේ බල ඇණියේ අණදෙන නිලධාරී වරයා නියෝජනය කරමින් මම ජය
සංකේතය භාර ගතිමි. වේදිකාවෙන් බසින විට මා දුටුවේ ලස්සන සුදු සරමකින් සහ අළු පැහැති
ජර්සියකින් සැරසී කුඩා දරුවකු මෙන් සතුටින් අත්පොලසන් දෙන වේලු
ය.
මම වහාම ජය සංකේතය ඔහුගේ අතට දුනිමි. ඔහු සතුටු කඳුළු හෙලනු මම දුටිමි.
වේලු මෙන්ම අපගේ නිලධාරීන් අතර වඩාත් ප්‍රියතම පුද්ගලයකු විය. ඒ නිලධාරී නිවස්නයේ ප්‍රධාන සූපවේදියා වූ ‘ෂෙල්ටන්’ ය. ඉතා නිහඬ පුද්ගලයකු වූ ඔහුගේ ඉවුම් පිහුම් ගැන වර්ණනා කරන්නට මට හැකියාවක් අැතැයි මම නොසිතමි. අපේ බලඇණිය වවුනියාව ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටි අවධියේදී ඔහු වරක් විදේශීය අමුත්තන් පිරිසක් වෙනුවෙන් සකස් කල භෝජන, එම විදේශිකයන් විශ්මයට පත් කළේ, එවැනි ප්‍රදේශයකදී එවැනි ආහාර වර්ග කෙසේ සැකසූයේද යන්න සිතාගත නොහැකිවය. මේ විශිෂ්ටයාද අප අතරින් 2008 වසරේදී සමුගත්තේය. මීළඟ කොටසෙන් තවත් විස්තර. . . .