පොඩි කතාවක් මතක්වුනා. හැබැයි මෙහෙම කතා ලියපු ගමන් ‘සෙනා‘ ගෙන් බැනුම් අහන්න වෙනවා. තරහ නැහැ නේද සෙනා? දන්නවා නේද ‘ජාතික මහජන එෆ් එම්’ එක? දන්නේ නෑ?. . . . . අයියෝ. . . . . . ඔය රේඩියෝ එක ටියුන් කරගෙන යන්නකෝ. එතකොට අහුවෙයි ඒක. ඉතින් මේකයි කතාව. පුංචි බාලදක්ෂයෝ පිරිසක් යුද පෙරමුණට ආසන්න ප්‍රදේශයක පිහිටි විශාල හමුදා කඳවුරක් බලන්න චාරිකාවක යෙදෙන්න සූදානම් වුනා. දවස් දෙකක (පැය 48 ක) මේකට හොඳ ප්‍රචාරයක් දෙන්න බාලදක්ෂ සංගමයට ඕනේ වුනා. ඉතින් දන්නවනේ ඔය එෆ් එම් චැනල් වේලි වේලි ඉන්නේ මොනවහරි අලුත් දෙයක් නැතුව. ජාතික මහජන එෆ් එම් ප්‍රවෘත්ති අංශයේ කට්ටිය හැමදාම ලොක්කන්ගෙන් බැනුම් අහනවා උණු උණු දේවල් නැහැ කියලා. ‘බලනවකො අර ‘කබර හම එෆ් එම්’ එකේ, එතකොට ‘අපි ගහ උඩ එෆ් එම්’ එකේ, මේ ඊයේ පෙරේදා පටන් ගත්ත ‘උනහපුලු ඇස එෆ් එම්’ එකේ පවා යනවනේ හොට් හොට් නිවුස්, තමුසෙලට තමයි බැරි. අඩු ගණනේ දෙනවා පොඩි ලයිව් කවරේජ් එකක්වත් මේ බාලදක්ෂයන්ට’ ලොක්කා නියෝග කළා.
ඔන්න ඉතින් අර, ඕනේ එකටයි එපා එකටයි හැමදේටම හොට දාන, ජනමාධ්‍ය ඩිප්ලෝමා සහතිකය තිබුනොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ගහන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න, කන්නාඩි දාන කෙනෙකුව ඉන්ටර්වීව් කලොත්, ‘ඔබතුමා කන්නාඩි දාන්නේ ඇස් දෙකටමද? වැනි ගොන් ප්‍රශ්න අහන, ඕනෙම ප්‍රශ්නෙකට ‘අනිවාර්යයෙන්ම’ කියලා අසන්නන්ට උත්තරේ දෙන, නිවේදිකාවක්, මේ බාලදක්ෂ පිරිස අර කඳවුරට ගිය මොහොතේ සිට, දුරකථන මගින් තමන්ගේ චැනල් එකට සජීවීව සම්බන්ධ කරගත්තා.
දැන් මෙයා ‘එකසිය ගානට’ අර බාලදක්ෂයන් එක්ක කතාව. හරියට බාලදක්ෂයෝ කොයි මොහොතේ හරි කොටින්ට අහුවෙයි වගේ. මේ සංවාදය අහගෙන හිටිය, ඒ බලප්‍රදේශය භාර ජෙනරල්, බාලදක්ෂ පිරිස අසලට ආවා. දැන් බාලදක්ෂයන් සමග ඉන්න ගුවන් විදුලි නියෝජිතයා මහා ජයග්‍රාහී ලීලාවෙන් කිව්වා (අපි කියමුකෝ නිවෙදිකාවගේ නම ‘පැදුරුමලී’ කියලා.) පැදුරූ . . .පැදුරූ . . . මොහොතක් ඉන්න, දැන් අපි සමග ‘දොඩමලු වෙන්න’ (දොඩමලු වෙන්න ජෙනරල් බීලද දන්නේ නෑ උදේ පාන්දරම) මේ ප්‍රදේශය භාර ජෙනරල් තුමා විශේෂයෙන්ම පැමිණ සිටිනවා ඔබට පුළුවන් මේ මහා ව්‍යාපෘතිය (අනේ ආතේ. . .පැය 48 ක් ගතවන සංචාරය) ගැන එතුමන්ගේ අදහස් විමසන්න. මෙහෙම කිව්වා විතරයි, නිවේදිකාව පටන් ගත්තා ප්‍රශ්න අහන්න හරියට අර, හැමදාම කැඩිලා වතුර ගලන කොලොන්නාවේ පයිප්පෙ වගේ.
මෙන්න නිවේදිකාව සහ ජෙනරල් අතර ඇතිවූ සංවාදය.
නිවේදිකාව:- ජෙනරල් තුමනි, මේ කුඩා බාලදක්ෂයන්ට ඔබතුමාලා මොනවද කියලා දෙන්නේ?
ජෙනරල්:- ඔව්, අපි කියලා දෙනවා කඳු නගින්න, ටාසන් වගේ කඹේ එල්ලිලා යන්න, ඔරු පදින්න, වෙඩි තියන්න.
‘වෙඩි’ කියන වචනය ඇහුනා විතරයි නිවේදිකාව පැන්නා රිටි පනින ඔලිම්පික් ක්‍රීඩිකාවක් වගේ.
නිවේදිකාව:- වෙඩි තියන්න උගන්වනවා? එය තරමක් භයානක දෙයක් නේද?
ජෙනරල්:- මමනම් එහෙම හිතන්නේ නැහැ. ඔවුන් සෑම විටම පුහුණු උපදේශකයන්ගේ අධීක්ෂණය යටතේයි ඉන්නේ.
නිවේදිකාව:- නමුත් ඔබ හිතන්නේ නැද්ද මෙය කුඩා ළමයින්ට පුහුණු නොකළ යුතු කෲර සහ අනතුරුදායක ක්‍රියාවක් බව?
ජෙනරල්:- මටනම් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ. ඔවුන් තුවක්කුවකට අත තැබීමටත් පෙර අපි ඔවුන්ට ආරක්ෂාකාරී බව සහ විනය ගැන කියා දෙනවා.
නිවේදිකාව:- නමුත් ඔබ අනාගතේ ඔවුන්ව මිනීමරුවන් බවට පත්කිරීමේ මූලික පුහුණුව නේද මේ දෙන්නට යන්නේ?
ජෙනරල්:- මේ බලන්න නෝනා, ගණිකාවක් වීම සඳහා අවශ්‍ය දේවල් ඔබට උපතින්ම පිහිටා තිබෙනවා, නමුත් ඔබ ගණිකාවක් නෙවෙයි කියා මාහිතනවා, මම හරි නේද?
නිවේදිකාව:- ඔව් අසන්නනි, අපේ දුරකථන සංවාදයට තාක්ෂණික දෝෂ නිසා බාධා එල්ල වුනා. දැන් සවන්දෙන්න අමරසිරි පීරිස් ගේ ළඳුනේ ගීතයට.