මේ බ්ලොග් එක කියවන බොහෝ දෙනෙක් දන්නවා මම ‘පැන්සොන් කාරයෙක්’ බව. රාජකාරියේ යෙදී ඉන්න කාලෙදිනම් මම මාසෙකට දුරකථන බිල්පත් ගෙව්වා රු 5000 ක් හෝ ඊට ටිකක් වැඩියෙන්. නමුත් දැන් එහෙම ඇමතුම් ගන්න අවශ්‍යතාවක් නැහැ. ස්ථාවර දුරකථනය තියාගෙන ඉන්නේ අන්තර්ජාලය පාවිච්චි කිරීමට සහ ඉතා හදිසි අවස්ථාවකදී ඇමතුම් ගැනීමට පමණයි. ජංගම දුරකතනයෙන් තමයි සියලු ඇමතුම් ගන්නේ. පැකේජ් එකක් දාගෙන ඉන්නේ පෙර ගෙවුම් ක්‍රමයේදී හදිසියේ රාත්‍රියක මුදල් අවසන් වුනොත් කියන බය නිසයි. සෑම සේවාවකටම බද්දක් අය කිරීම සාමාන්‍ය දෙයක්. නමුත් මෙහෙම බදු ගහන රටක් ලෝකයේ වෙන කොහෙවත් තියනවාද මන්දා. බලන්න මගේ දුරකථන බිල. මේ වගේ පුංචි බිලකට මෙහෙම බදු වදිනවානම් . . . . . . . . .?????????????