මීට පෙර බොහෝ අවස්ථා වලදී, ඔබෙන් බොහෝ දෙනෙක් ඉල්ලා තිබෙනවා, මා දන්නා, ලිංගික කරුණු පදනම් කරගත්, හාස්‍ය ජනක කතා ලියන ලෙස. එහෙත් මා විසින් මටම පනවාගත් ස්වයං වාරණ නීති හේතුවෙන්, මතකයේ ඇති එවැනි කතා ඉතා විශාල ගණනක්, අදටත් මතකයේම තිබෙන්නට ඉඩ හැරලයි ඉන්නේ. නමුත්, මේ මෑතකදී, මගේ මිතුරන් කීපදෙනෙකු සමග සල්ලාපයේ යෙදී සිටි අවස්ථාවක, එක් මිතුරකු මේ කතාව මතක් කරමින් මගෙන් ඇසුවා, ඔයා ඒ කාලේ කියපු මේ කතාවවත් ඇයි බ්ලොග් එකේ නොලියන්නේ කියා. ටිකක් කල්පනා කළ මම, මගේ බ්ලොග් මිතුරකුගෙන් ඉල්ලීමක් කළා, මට මෙය ලියන්න ටිකක් ලැජ්ජයි වගේ, ඒ නිසා ඔහුට මෙය ඔහුගේ බ්ලොග් එකේ ලියන්න කියා. කතාවත් මම ඊ මේල් මගින් ඔහුට යැව්වා. ඔහු ඒ කතාව ඉහළින් අගය කර, කතා ලිවීම පිලිබඳ ඔහුගේ එක්තරා ප්‍රතිපත්තියක් නිසා මගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකිවීම ගැන කණගාටුව ප්‍රකාශ කර, මා දිරිමත් කළා මේ කතාව මටම ලියන ලෙස. ඒ අනුව කෙටුම්පත සැකසුවත් නැවතත් එය නොලියා ඉන්න හිතුනා. ඔන්න අන්තිමට හිතට හයිය අරගෙන ලියනවා.
මම ඔබ සියලුදෙනාගෙන් එක කාරුණික ඉල්ලීමක් කරනවා. අනේ ඔබේ අදහස් දැක්වීමේදී, අසභ්‍ය යයි අද සමාජයේ සම්මත වචන ලියන්න එපා. මම මෙතෙක් කල්, කිසිම විටක, මේ බ්ලොග් එකේ පළවන ලිපි පිළිබඳව ඔබ දක්වා ඇති අදහස්, වාරණය කර හෝ සංස්කරණය කර නැහැ. ඒ නිසා, තෝරාගත් සරල වචන වලින් අදහස් ප්‍රකාශ කිරීමෙන්, මේ කතාවේ රසය විඳගනිමු කියා, ඔබට ඉතා කාරුණිකව යෝජනා කරනවා. ඒ අනුව තමයි ඉදිරියේදී තවත් මෙවැනි කතා ලියනවාද නැද්ද යන්න මා තීරණය කරන්නේ. එහෙනම් මෙන්න කතාව.
එක්තරා අති දුෂ්කර ප්‍රදේශයක යුද හමුදා කඳවුරක් පිහිටවා තිබුණා. ඔබ කියයි යුද හමුදා කඳවුරු තියෙන්නේ ඉතින් අති දුෂ්කර ප්‍රදේශ වල නේන්නම් කියා. මේ කඳවුර අති විශේෂයි. දුර්ග මාර්ග ඔස්සේ සෑහෙන දුරක් වාහනයෙන් යායුතුයි. ඉන්පසු, වාහන යා නොහැකි මාර්ගයක, තවලමක බඩු පටවාගෙන තවත් විශාල දුරක් යායුතුයි. ඉන්පසු ගඟකින් එගොඩවී, අඩිපාරක ගමන් කළ යුතුයි. මේ ගමනාගමන දුෂ්කරතාව නිසා නිතර භට පිරිස් මාරු කිරීම අපහසු බැවින්, මේ ප්‍රදේශයට යැවෙන භට පිරිස්, අනිවාර්යයෙන් මාස 6 ක් ඒ ප්‍රදේශයේ සේවය කළ යුතුයි.
මේ කඳවුර භාරව සිටි මේජර් වරයා හදිසියේ අසනීපවීම නිසා, ප්‍රතිකාර සඳහා යවන්නට සිදුවූ අතර, වෙනත් මේජර් වරයකු ඒ වෙනුවට පත්කර එවනු ලැබුවා. හැඩිදැඩි පෙනුමකින් යුත් ඔහු දුටුවිට, සොල්දාදුවන්ට ඇතිවුනේ බයක්. ඔහු වැඩ බාරගත් දිනයේ නිළධාරියකු නොසිටි නිසා කඳවුර භාර සැරයන් වරයා අලුත් මේජර්ට, කඳවුරේ සෑම තැනම පෙන්වා විස්තර කරමින්, ඔහුව කඳවුරු චාරිකාවක රැගෙනගියා. ඒ යන අතර මේජර් දුටුවා සෙබළුන්ගේ භට නිවාසය අසළ ඔටු දෙනක් කණුවක ගැටගසා තිබෙනවා. මේජර්, සාජන්ගෙන් ඇසුවා ‘සාජන්, මේ මොකද මෙතන ඔටුවෙක් ඉන්නේ?’ කියා. සාජන් බොහොම බයෙන්, ගොත ගසමින් වගේ කිව්වා, සර්…..මේ……මේ…….දන්නැද්ද……මේ…….මේ…….අපේ කොල්ලන්ට………..මේ………ඉතින්……….මාස 6 ක් යනකල්…………මේ………නිවාඩු නැහැනේ සර්…………ඉතින්……..මේ……….මේ……….උන්ට……..කෙල්ලෙක්වත් දකින්න, මේ……..මේ……..හම්බ වෙන්නේ නැහැනේ සර්………ඉතින් මේ……..කොල්ලෝ……..මේ………ඔටු දෙන………….කියනකොටම මේජර් කට කොනකින් හිනා වෙලා කිව්වා, හරි හරි මට තේරුණා කියලා.
කාලය සෙමෙන් ගතවුණා. අලුත් මේජර් දරදඬු වගේ පෙනුනට සොල්දාදුවන්ට කරදරයක් වුනේ නැහැ. ඔහු තමන්ගේ පාඩුවේ හිටියා. සාජන්, නියෝග පරිදි සොල්දාදුවන් පාලනය කළා.
එක දවසක් මහ රෑ, මේජර් තමන්ගේ නිළ නිවාසයෙන් එළියට බැහැලා, සා………ජ………..න්………..කියා මහා හඬින් ගෝරනාඩු කළා. සැරයන් නිවස්නයේ සිටි සාජන් උඩ ගිහින් බිම වැටුණා. ‘ස……..ර්’ කියාගෙන ඔහු දුවගෙන ඇවිත් සීරුවෙන් සිට මේජර් දෙස බැලුවා. එවිට තමයි සාජන් දැක්කේ, මේජර් අතේ තුන්කාලක් පමණ අවසන්වූ විස්කි බෝතලයක් තිබෙන අතර, මේජර් ගේ ඇස්, ලොවි ගෙඩි මෙන් රතුවී තිබෙන බවත්, මේජර් බොහොම දැඩි බැල්මෙන් තමන් දෙස බලා සිටින බවත්. සාජන් නිහඬව සිටියා. මේජර් ගොරහැඩි හඬින් කිව්වා ‘ගෙනෙන් ඔටුවා’ කියලා. සාජන් පුදුම වෙලා වගේ ඇහුවා ‘සර් මේ මහා රෑ……..’ නමුත් සාජන් අහන්න හදපු දේ අවසන් කරන්නත් ඉස්සර මේජර් කඩන් පැන්නා. ‘තමුන්ට බලයක් නැහැ මගේ වැඩ ගැන උපදෙස් දෙන්න. ගේනවා ඔටුවා’ කියා මේජර් යලිත් ගෝරනාඩු කළා. සාජන් බයවෙලා දුවගෙන ගිහින් ගෙනාවා ඔටුවව. ‘බැඳපන් ඕකාව අර කණුවේ හොඳට හිරවෙන්ඩ’ මේජර් කිව්වා. සාජන් බැන්දා ඔටුවව ඒ කණුවේ හොඳට හිරවෙන්ඩ. ‘අර පුටුව ගෙනෙන් මෙහාට’ මේජර් තමන්ගේ නිවස්නයේ ඉස්තෝප්පුවේ තිබුන පුටුවක් පෙන්නලා සාජන්ට කිව්වා. සාජන් තත්පරයකින් පුටුව ගෙනත් දුන්නා. මේජර් පුටුවට නැගලා ………………………………………………………..තමන්ගේ කාර්යය අවසන් කළ මේජර්, හති දමමින් සාජන්ගෙන් ඇහැව්වා, ‘ හඃ හා…..අපේ කොල්ලොත් මෙහෙම නේද’ කියලා. සාජන් කිව්වා………….
‘අනේ නෑ සර්, උන් මේ ඔටුවව පාවිච්චි කරන්නේ, උගේ පිටේ නැගලා අර ටිකක් ඈතින් තියන ගමට යන්ඩ. එහෙදි තමයි උන්ට ඒ ගමේ කෙල්ලන්ව මුණගැහෙන්නේ’ කියලා.