මගේ පුස්තකාලයෙන් වරින් වර ඔබට විවිධ ආකාරයේ පොත් හඳුන්වාදෙන බව දැන් ඔබ දන්නවා. මෙවර මා ඔබට හඳුන්වා දෙන්නේ අමුතු අදහස් ඇති, අමුතු ශෛලියකින් ලියවුන පොතක්. ඇත්ත වශයෙන්ම අපේ රටේ ඉතිහාසය පිළිබඳව නැවත සිතන්නට පොළඹවන මෙම කෘතියෙහි අවසානයට, වර්තමානය සහ අනාගතය ගැනත් කතුවරයාගේ අපූරු අදහස් සමුදායක් දැක ගන්නට ලැබෙනවා. මේ අපූර්වත්වය නිසාමයි මේ පොත ඔබට හඳුන්වා දෙන්නට මා තීරණය කළේ. මේ පොතේ නම;
(ඉතිහාසය විකෘතියෙන් ප්‍රකෘතියට)
යන්නයි. මෙහි කර්තෘ මා මීට පෙර හුරු පුරුදු නැති කතුවරයෙක් වීමත් විශේෂත්වයක්. ඔහු සුප්‍රසිද්ධ පාසල් ගුරුවරයකු මෙන්ම ප්‍රාඥයකු ලෙස හැඳින්විය හැකි ඩබ්ලිව්. එස්. බණ්ඩාර මහතායි. සාමාන්‍ය පාසල් ගුරුවරයකුගේ භූමිකාවෙන් ඈත්ව, ලංකාවේ ඉතිහාසය දෙස නව දෘෂ්ටි කෝණයකින් බලන ඔහු දාර්ශනිකයකු, චින්තකයකු, වශයෙන් ස්වාධීන අදහස් දැක්වීමක් මේ පොත මගින් කර ඇති ආකාරය සමහරවිට විවාදාත්මක වියහැකි වුවත්, එය ඉදිරිපත් කර ඇති ආකාරය නිසා, පොත සම්පූර්ණයෙන් කියවීමට පෙළඹවීමක් ඇති කරනවා. කවුද මේ ඩබ්ලිව්.එස්. බණ්ඩාර? පොත ගැන ඇගයීමක් කරන, සුප්‍රසිද්ධ සාහිත්‍යධර, සෝමවීර සේනානායක මහතා, ඩබ්ලිව්.එස්. බණ්ඩාරයන් ගැන කියන්නේ මෙන්න මෙහෙමයි.
මීළඟට මා කැමතියි ඩබ්ලිව්. එස්. බණ්ඩාර මහතා, සිය කෘතිය, පාඨකයා වෙත හඳුන්වා දෙන ආකාරය, ඔබවෙත ඉදිරිපත් කරන්නට.
මේ පොතේ තිබෙන්නේ පරිච්ඡේද නොව ලිපි එකතුවක් බවයි පෙනෙන්නේ. එවැනි ලිපි 36 ක් අන්තර්ගතව පවතින අතර අවසානය යනුවෙන් පරිච්ඡේදයක් ද දක්නට ලැබෙනවා. පොත පටන්ගන්නෙම අපේ රටේ නම කුමක්ද කියන විග්‍රහයකින්.
අපේ රටේ ඉතිහාසයේ වැදගත්ම පුරාවෘත්තය වන විජය කුවේණි කතාව දෙස බණ්ඩාර මහතා බලන්නේ සාම්ප්‍රදායික කතාවේ එන ආකාරයට නොවේ. අප දන්නේ, විජය යනු, හික්මවා ගැනීමට අපහසු, දරදඬු, සල්ලාල, චරිතයක් ලෙසයි. එහෙත්, බණ්ඩාර මහතා සාක්කි සහිතව පෙන්වා දෙන්නේ, විජය යනු, පිටුවහල් කළ පුද්ගලයකු නොව, ගෞරවාන්විතව ලංකාවට සපැමිණි රජ කුමරකු බවයි.
මේ පොතේ ඇති තවත් වැදගත් ලිපියක් ලෙස, බුදුදහම ගැන කතුවරයා දක්වන අදහස් සහිත, මෙන්න මේ ලිපිය හඳුන්වන්නට පුළුවන්. සිතා බලන්නට බොහෝ දේ එහි තිබෙනවා.
අපේ රටේ ඉතිහාසයේ අපූර්වතම සිදුවීමක් වන, ‘සුභ සහ යස’ කතාන්දරය, කතුවරයා දකින්නේ හමුදා කුමන්ත්‍රණයක් ලෙසයි.
අපේ රටට පොල් ලැබුන හැටි කතුවරයා දකින්නේ මෙහෙමයි.
අපේ සාහිත්‍ය ඉතිහාසයේ අමතක නොවන නිර්මාණ රැසක් කර ඇති ‘රංචාගොඩ ළමයා’ විකාර රූපී කාව්‍ය රටාවක් ලෙසයි, අපි මෙතෙක් කල් දැක්කේ. එහෙත් කතුවරයා අප මෙතෙක් දුටු ඒ චිත්‍රය වෙනස් කරන්නේ මෙන්න මේ ආකාරයටයි.
ඉතිහාසය සමග අනවරතයෙන්ම බැඳෙන පුරාවිද්‍යාව පිළිබඳව කතුවරයා සිය අභීත අදහස් දක්වන්නේ මෙහෙමයි.
හැමදාමත්, අපේ රටේ පමණක් නොව, ලෝකය පුරාම විවාදයට භාජනය වන කරුණක් නේ, කාන්තාවන්ගේ ඇඳුම. මෙන්න කතුවරයා ඒ ගැන කියන අදහස්. මේ ලිපියේ අවසානයේදී, කතුවරයා කියනවා, අවස්ථාවොචිතව, අපේ රටේ කාන්තාවන් දිග කලිසම ඇඳීම, කොට ගවුම් අඳිනවාට වඩා යෝග්‍යයයි කියා.
කතුවරයා වර්තමානය සහ අනාගතය ගැන කියා තිබෙන අදහස් ඇත්ත වශයෙන්ම අප නැවත නැවතත් සිතා බැලිය යුතු කරුණු රාශියකින් සමන්විතයි. මේ එම ලිපියෙන් කොටසක්.
කතුවරයා, අපූර්ව කවියකු බව, මොනවට තහවුරු වන කාව්‍ය නිර්මාණ ගණනාවක්ද, මේ පොතේ ඇතුළත්. පහත දැක්වෙන්නේ, ඒ නිර්මාණ අතරින්, තෝරාගත් නිර්මාණ දෙකක්.
පොතේ අවසානයට, මේ කතුවරයා පිළිබඳව, අතිශයින් හැඟීම් දනවන ඇගයීමක් ඉදිරිපත්කර තිබෙනවා. ඒ ඇගයීම කර තිබෙන්නේ, මේ කතුවරයා පාසල් ගුරුවරයකුව සිටියදී, ඔහුගේ ශිෂ්‍යයකු ලෙස සිටි, අද විවාහ බන්ධනයක් මගින් කතුවරයාගේ ඥාතියකුව සිටින, සුප්‍රකට ගීත රචක, බන්ධුල නානායක්කාරවසම් මහතා විසින්. ඒ ඇගයීම මෙහි පළ නොකරන්නේ පොතෙන්ම එය කියවා රස විඳීමට ඔබට ඇරයුම් කරමින්.