ආයිබොවං බන්දුල ඇමතිතුමෝ, මේ ලියුං කරදහිය ලියන්ඩ පටංගත්ත ගමං මට මතක් උනේ, ඔබතුමා 1970 ගණන්වල, අවිස්සාවේල්ලේ ‘සම්පත විද්‍යාපීඨයේ’ ගුරුවරයෙක් හැටියට වැඩ කොරපු කාලේ. ඔබතුමාගේ ‘වෙස්පා ස්කූටරෙත්’ මතකයි. අර පියතිලක මහත්තයව එහෙම මතක ඇති නේද? අනේ අම්මපා ඒ කාලේ නේද ඇමතිතුමෝ? හුටා………. ඒ කාලේ මම ඔබතුමාට ඇමතිතුමෝ කියලා නෙවෙයිනේ කතාකලේ. මතකයි නේද අවිස්සාවේල්ලේ සමූපකාර හෝටලයේ ටී බනිස්වල සහ ප්ලේන් ටී වල රහ. හරි හරි එව්වයින් කමක් නෑ. ඒ කාලේ කතාකොරපු විදිහට දැන් කතාකොරන්න බැරි නිසා, ඇමතිතුමෝ කියලම කියන්නං අමාරුවෙං හරි. :d
ඉතිං ඇමතිතුමෝ මම මේ පොඩි පණිවිඩයක් කියන්නයි මේ ලියුම එවන්නේ. මේ ඉස්කෝලවල හරි පුරස්න නෙව ඇමතිතුමෝ මේ දවස්වල. ගුරුවරු ළමයින්ට ගහනවාලු, ළමයි ගුරුවරුන්ට ගහනවාලු, සෑර් ලා ගෑණු ළමයින්ව තනිස් කොරනවාලු, පින්සිබොල් බැන්නා කියලා ළමයි බෙල්ලේ වැල දාගන්නවාලු, පරීක්සනයක් තියන්න කියලා, පින්සිබොල් මහත්තයව පොඩ්ඩකට අද්යාපන කාරියාලෙට දාපු ගමන්, ළමයි ඉස්කෝලේ තාප්පේ උඩ නැගලා මැරිච්ච කෙල්ලගේ දෙමවුපියන්ට ජාතකාරාධනා කොරනවාලු, සමහර දෙමවුපියෝ තව තවත් ළමයින්ව උසිගන්වනවාලු. මීට පස්සේ අපි ළමයින්ට මොකවත් කියන්නේ නෑ කියලා විදුහල්පතිලා පෙළපාලි යනවලු.
පොඩ්ඩක් ඉන්ඩකෝ ඇමතිතුමෝ. ඊයේ පෙරේදා දවසක උහුමීයේ ඉඳලා කුරුණෑගල එන බස් එකේ මම එනකොට, මීහරක් ටිකක් පාර හරහා පැන්නා මල්කඩුවාව දිහෑදි. බස් එකේ ඩැයිවරයා එකපාරටම කිව්වේ නැතැයි, ‘ආං අර පින්සිබොල්ලාත් එදා කුරුණෑගල පෙළපාලි ගියේ මේ වගේ තමයි’ කියලා. අම්මපා මගේ අර නැතිවෙච්ච පිහිය තිබ්බනං, අයිනවා ඕකගේ කොලබොක්ක එළියට එන්ඩ.
ඔය ඉස්කෝලවල දැන් තියන පුරස්න අහලා සමහරු කියන්නේ, අනේ අපේ කාලෙනං ඔහොම එව්වා තිබුණේ නෑ කියලා. අම්මපා එහෙම කියන එකෙක් මට අහුවුණොත්, හොඳ හුප්පද (අර ඒ කාලේ ඔබතුමා අවිස්සාවේල්ලේ සමූපකාර හෝටලේ, තේ බොන ගමං කිව්වා වගේ. හෙහ් …හෙහ්…) දෙක තුනක් එක්ක කියලා දෙනවා, ඈ බොලව්, තොපි ඒ කාලේ ඉස්කෝලේ බිම ගොමගාද්දිං, නොදන්නවා වගේ කෙල්ලන්නේ පිඩියත් අතගෑවේ නැද්ද? පන්සලේ සල්පිල් බලන්න ගියාම, පන්සල් තාප්පෙං පිටට පන්නගෙන කෙල්ලන්නේ……………………..අනේ මොකටද ඇමතිතුමෝ ඔව්වා. මං මේ කියන්ඩ ආව එක කියන්නංකො.
මේකයි කතන්දරේ ඇමතිතුමෝ. අර අපේ පැන්සොන් ගිය ඉංගිරිසි සෑර් මට හම්බවුනා මේ ඊයෙ පෙරේද දවසක. හප්පොච්චියෙ බලන්ට එපැයි, ඒ කාලේ වගේමයි රැස්පොට් එක. ආං නියම ගුරුවරු. නැද්ද මං අහන්නේ ඇමතිතුමෝ, මේ දැං ඉන්න එව්වෝ බොහොමයක් චන්දෙට වැඩ කොල්ලා, කොරන්ට තියන පක්කලිකං ඔක්කොම කොල්ලා, පත්තීං ගන්නවා. ඒ මදිවට උංගෙං සමහරු, හමුදාවේ කොරනෙල් ද මොකද්දලු. අර ඉංගිරිසි මහත්තයා කිව්වා, ඒ කාලේ හිටියලු ජී.ඩබ්ලිව්.රාජපක්ස කියලා මහත්තයෙකුයි, කුඩලිගම කියලා මහත්තයෙකුයි. උන්නැහෙලත් කරනෙල් වුනාට, එව්වා හමුදාවට විතරලු. ඉස්කෝලෙදි එව්වා පෙන්නන්න ගියේ නැතිලු. අනේ කාලේ වනේ වාසේ කියනවානේ. මේ දැං ඉන්න කරනෙල්ලාගේ කරනෙල් කොම කටුස්සගේ කරේ බැඳ රත්තරං මාලේ වගේද, බල්ලගේ පුකේ බැන්ද මීය වගේද මන්දා.
ඉංගිරිසි මහත්තයා කියනවා, ගුරුවරු අඬනවා කියලා හොටු පෙර පෙරා. දැන් ගුරුවරුන්ට ඉස්කෝලේ උගන්නන්න වෙලාවක් නැතිලු. වාර්සික සැළැස්ම කියලා දාගන්න අටමගලේ දිගෑරගත්තම, ආයි වෙන වැඩක් කොරන්න හම්බ වෙන්නේ නැහැලු. ඒ මදිවට කඩදාසි වල ලියලා පෙන්නන වැඩ, එලෝ කෝටියක් තියනවලු ගුරුවරුන්ඩ. ඉතිං ඔය අල්ලපනල්ලේ තමයිලු, කොහොම හරි වෙලාවක් අරගෙන උගන්නන්ඩ වෙලා තියෙන්නේ. ඉතිං මේ කොල්ලෝ කෙල්ලෝ පෝං අරං ගෙහුං ඉස්කෝලෙට, එව්වයෙං කොරන සුකුරුත්තං වැඩයි, අර අන්තර් ජංජාලෙද මොකද්ද එකෙන් කොරන වැඩයි හින්දා, උංව මොනවා කොල්ලාවත් හදාගන්ඩ බැයිලු.
ඉතිං ඉංගිරිසි මහත්තයා මට පොතක් දුන්නා, තමුන්නැහේට ගෙනහුං දෙන්ඩ කියලා. ඒ පොතේ තියනවලු, ඔය ඉස්කෝලවල පුරස්න විසඳගන්ඩ කොරන්ඩ පුළුවන් දේවල්. මේ පොත, ඔය වැඩේට බොහොම දක්ස, විසෙසක්ඥ දෙන්නෙක්ලු ලියලා තියෙන්නේ. ඉංගිරිසි මහත්තයා ඒ පොතේ පිටු ටිකක් ලකුණු කොරලා දුන්න, ඔබතුමාට විසේසයෙන් පෙන්නන්ඩ කියලා. පුලුවන්නං මුළු පොතම සිංහලට/දෙමළට පරිවර්තනය කොරලා, හැම ගුරුවරයටම දෙන්ඩ කියලත් කිව්වා. ඔය පහළිං තියෙන්නේ ඒ පිටු. ඉංගිරිසි මහත්තයා කිව්වා, අඩු ගානේ ඒ පිටු ටිකවත් ගුරුවරුන්ට, පින්සිබොල්ලාට, කියවන්ඩ දෙන්ඩ කියලා. ඉංගිරිසි මහත්තයා ඒ පිටු වල ඉහළින් මොනවද ලියලත් තියනවා කිව්වා. නිල්පාටින් ලියලා තියෙන්නේ ඉංගිරිසි මහත්තයා.
මෙන්න ඇමතිතුමා පොතේ විස්තර. මේ පොත අධ්‍යාපන අමාත්‍යාංශයටම ගෙන්වාගන්න පුලුවන්නම් හොඳයි.
කතුවරුන්ගේ මේ අදහස් හුඟක් වටිනවා
මේ පොතේ තිබෙන මාතෘකා ලෝකයටම පොදුයි කියලා පැහැදිලිවම පෙනෙනවා
ඔක්කොටම කලින්, මම කවුද ළමයා කවුද කියන එක ගුරුවරයා විසින් අවබෝධ කරගන්න ඕනේ
ළමයි ඉස්කෝලේ ගැන හිතන විදිහත්, දෙමවුපියන් ඉස්කෝලේ ගැන හිතන විදිහත් හරියට අවබෝධ කරගෙන තිබීමත් වැදගත්
ළමයි, ගුරුවයා, දෙමවුපියෝ, ඔක්කොම එකට බැඳෙන ක්‍රම ගැනත් හිතුවොත් හොඳයි.
පනින්න පෙර සිතා බලනු කියන කියමන හරි වැදගත්. මේ තියෙන්නෙත් එවැනි සිතා බැලියයුතු කරුණු
බලන්න ඉහත එක පිටුවකින් පැහැදිළි කරනවා, සිසුන් සමග සාකච්ඡා කරමින්, ඔවුන්ගේ යෝජනා තුළින්ම විනය නීති ගොඩනගා ගන්න කියලා. එහෙම කලාම, තමන්ගේ යෝජනා වලට සිසුන්ට අනිවාර්යයෙන් අවනත වෙන්න සිදුවෙනවා. තමන් විසින් පනවාගත් විනය නීති කැඩුවොත්, තමන් විසින්ම යෝජනා කර ඇති දඬුවම් ලැබෙන බවත්, ශිෂ්‍යයා දන්නවා. ඒ නිසා ඔහු/ඇය වඩාත් සැළකිලිමත් වෙනවා විනයානුකූලව හැසිරෙන්න.
එපමණක් නෙවෙයි. ඉගැන්වීම කියන්නේ සූපවේදයක් නම්, ඒ සඳහා අවශ්‍ය හොඳ වට්ටෝරුව මොකක්ද, නරක වට්ටෝරුව මොකක්ද කියලාත් පැහැදිළි කරලා තියනවා, මේ පොතේ. ඒ නිසා ඇමතිතුමනි, නරකද මේ පොත ටිකක් කියවලා බැලුවොත්. මම කියන්නේ, මේ පොත අමු අමුවේම අපේ අධ්‍යාපන භූමිකාවට ඔබන්න එපා. මෙයින් ගතයුතු හොඳ දේ ගන්න.
එකක් මතකතියාගන්න. අපි අනික් මොනදේ මොන ජාත්‍යන්තර ප්‍රමිතියට ගෙනාවත් වැඩක් නැහැ, අධ්‍යාපනය ජාත්‍යන්තර ප්‍රමිතියට ගෙනාවේ නැත්නම්. ඒ ගැන නෑසු කන්ව සිටියොත්, එහි දුර්විපාක, ඒ අපරාධය කළවුන්ගේ මිණීවලටත් හෙණ ලබාදෙන බව, අමතක කරන්නත් එපා.