හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

06 March 2015

පැට්‍රෝල් ගහන්නැතුව පැට්‍රෝල් යමුද? (1 වන කොටස) Let's Learn Military Patrolling (Part One)


photo_1_1
 අපිට හමුදා තොරතුරු මොකවත් කතාකරන්න බැරිවුණා නේද කාලෙකින්? මං හිතන්නේ, අන්තිමට කතාකරේ...............හරි හරි මතක් වුණා, ෆීල්ඩ් මාර්ෂල් කතන්දරේ නේ. කෝ අනේ. තවම ඒ තනතුර දුන්නේ නැහැනේ.  බලමුකෝ දින 100 ට පෙර ඒකත් කෙරෙයිද නොකෙරෙයිද කියලා. ඕනේ කුදයක් ගහගන්නේ නැතෑ. අපිට මොකද. හරි, එහෙනම් බහිමුද අද කතාවට?

   අම්මපා පැට්‍රෝල් නොගහා කොහොමද පැට්‍රෝල් යන්නේ? පැට්‍රෝල් ගහනවා කිව්වම මතක් වෙන එක දෙයක් තමයි, සුනඛයන්ගේ පශ්චාද් භාගයට පැට්‍රෝල් ගහනවා කියන එක. එහෙම පැට්‍රෝල් ගැහුවොත් අධිවේගී පැට්‍රෝල් යනවා බලන්න පුළුවන් වෙයි. :D ඔක්කොටම කලින් කියන්නකෝ, පැට්‍රෝල් යනවා කියන එක අහලා තියනවද නැද්ද? ඇයි දැකලා නැද්ද ඔය පොලිස් ජීප් එහෙම රෑට හක්කලං කොරන්නේ පාරවල් දිගේ. ඒ කරන්නේ පැට්‍රෝල් යන එකනේ. පයිනුත් යනවා, බයිසිකල් වල යනවා, උදේ දවල් රෑ කොයි වෙලාවෙත් යනවා. (පින්තූරය ගත්තෙ මෙතනින්

 1  ලෝකයේ වැඩියෙන්ම පැට්‍රෝල් යාම කරන්නේ පොලීසියයි. අර 'සරාගොයිය හරි මිනිහා' සින්දුවෙත් තියෙන්නේ, රාලහාමි කෙනෙක් බයිසිකලේක නැගලා පැට්‍රෝල් ගොස් එන අතරේදී, සරාගොයියව දැක්කා කියලා. (මේබල් බ්ලයිත් මහත්මිය විසින්, 1956 වසරේදී, 'දෛව විපාකය' චිත්‍රපටියේ ජවනිකාවක් සඳහා ගයන ලද, විනාඩි අටක් පුරා දිවෙන, එම ගීතය, සිංහල සිනමාවේ මෙතෙක් ඇති, දිගම පසුබිම් ගායනය ලෙස සැළකෙනවා. ඉතා අවාසනාවන්ත ලෙස, එහි මුල් ගීය හොයාගන්නට නැහැ. වෙනත් 'අබබ්බියන්' විසින්, තමන්ගේ ගීතයක් වගේ ගායනා කරලා, කාලා දාපු ඒ ගීතය, මෙහි පළකරන්නට මා කැමති නැහැ) මෙහි තනුව හින්දි ගීතයකින් ලබාගත් එකක්. 

   හමුදාවත් පැට්‍රෝල් යනවා. ත්‍රිවිධ හමුදාවම පැට්‍රෝල් යනවා. නාවික යාත්‍රා, සාගරයේ මෙන්ම, මහා විශාල අභ්‍යන්තර ජලාශවල, ගංගා වල, පැට්‍රෝල් යනවා. ගුවන් හමුදා යානා, තම ගුවන් සීමාව තුළ පැට්‍රෝල් යනවා. නමුත් යුද හමුදාව, විවිධාකාර පැට්‍රෝල් යාම් රාශියක් කරනවා. ඉතින් අද අපි කතාකරන්න යන්නේ, මෙන්න මේ යුද හමුදාව සහ ගොඩබිමේ ක්‍රියාකරන ආරක්ෂක හමුදා පැට්‍රෝල් යාම ගැනයි. මෙතැනදී මා කැමති නැහැ, පැට්‍රෝල් කියන වචනය සඳහා, මුර සංචාර කියන යෙදුම පාවිච්චි කරන්න. එයට හේතුව තමයි, සංචාර කිව්වම එකතැන ඉන්නේ නැහැනේ. නමුත්, එකතැන නැවතී ඉන්න මුරයටත්, හමුදා පොතේ කියන්නේ, standing patrol කියලා. 'ස්ථාවර මුරය' කියන්න පුළුවන්. එතකොට අනික් එක, 'ජංගම මුරය - mobile patrol' නමුත් හමුදා කටයුතු වලදී තවත් පැට්‍රෝල් වර්ග තියනවා. ඒ නිසා අපි පැට්‍රෝල් කියන වචනය පාවිච්චි කරමු නේද?

   හමුදා මුර සංචාර පසුබිම් කරගනිමින් නිපදවන ලද චිත්‍රපටි, සෑහෙන ගණනක් තියනවා. මෑතකදී නිපදවුණු එවැනි චිත්‍රපටියක් තමා, The Patrol (2013) ගල්ෆ් යුද්ධයට සම්බන්ධව, මුර සංචාර සිද්ධියක් අළලා, එම මුර සංචාරයේ සිටි සාමාජිකයන් දෙදෙනෙකු විසින් රචිත පොත් දෙකක්, මගේ පුස්තකාලයේ තිබෙනවා. (කාලෙකින් මගේ පුස්තකාලයෙන් යමක් ඔබට පෙන්නන්නත් බැරිවුණා) මේ තියෙන්නේ ඒ පොත් දෙකේ පිටකවර. සත්‍ය කතාවක් පසුබිම්කොට ලියා ඇති මේ පොත් දෙකම, ඉතා රසවත්. මේ කතාව පසුබිම් කරගෙන නිපදවුණ චිත්‍රපටිත්, ඉතා රසවත්. 

1

Bravo Two Zero   පොත ගැන විස්තර මෙතනින් බලන්න 
Bravo Two Zero චිත්‍රපටිය ගැන මෙතනින් බලන්න
One That Got Away පොත ගැන මෙතනින් බලන්න  
One That Got Away චිත්‍රපටිය ගැන මෙතනින් බලන්න

    බොරුවට කෑ ගහන්ඩ එපා අනේ. මෙච්චර වෙලා කියපු චූර්ණිකාව එච්චර දිග නැහැ.

   මෙහෙම හිතන්න. අපි හේනක්, කුඹුරක්, එළවළු වගාවක්, කරනවා නම්, ඒ වගාභූමි ආරක්‍ෂා කරගන්න මුර කරනවා. ඒ පැත්තේ ඇවිදලා හොයලා බලනවා, එහි වැඩ කරන්නේ නැති වෙලාවටත්. ඉතිං ඒකත් එක්තරා ආකාරයක පැට්‍රෝල් යෑමක් තමයි.  මක්කිව්වා?...........පැල් රකින එක? ඔව් ඔව්, එකතැන පැලේ හිටියත්, ඒකත් පැට්‍රෝල් එකක්. හමුදාවේත් තියනවා එක තැන රැඳී ඉන්න පැට්‍රෝල්. ඒ කියන්නේ පැට්‍රෝල් වර්ග ගොඩක් තියනවා කියන එකනේ.

   ඔව් ඔව්, දැන් ඔය ඡන්ද කාලෙට, සමහර දේශපාලන පක්ෂ වලින් යවනවා, පාක්‍ෂික කුඩා කණ්ඩායම්, (එයාලට මැර කණ්ඩායම් කියලද කියන්නේ?) තමන්ට විරුද්ධ පක්ෂයේ අයගේ පෝස්ටර් ගහන අයට ගහලා එලවන්න, (සමහරවිට මරන්නත් ඉඩ තියනවා) බැනර්, කටවුට්, කපන්න, එමෙන්ම පක්ෂ කාර්යාල වලට හානි කරන්න. ඉතින්, මේ විදිහට (මේ විදිහට කිව්වේ, මේ වගේ ලැජ්ජා නැති විදිහට) යන එව්වාට නම්, පැට්‍රෝල් කියන්න බැහැ. නමුත් හමුදාවේ තිබෙනවා, සටන්කාරී පැට්‍රෝල් - Fighting Patrol කියලා ජාතියක්. ඔහොම ඉස්සරහට යමුකෝ, ඒ ගැන කියන්න. හැබැයි ඒ සටන්කාරී පැට්‍රොල් නම් යන්නේ, අර දේසපාලුවෝ වගේ බලුවැඩ කරන්න නෙවෙයි. නොබියව සතුරාට මුහුණ දී, සටන් කරන්නයි.

   අපි මේ කතාවට මෙහෙම කිව්වට, ඉන්ධන සඳහා ගන්න දියර වර්ගය, පැට්‍රෝල් Patrol නෙවෙයි පෙට්‍රල් Petrol නේද? Gasoline කියලත් කියනවා. ඒ දෙක පටලවාගන්නේ නැතුව ඉදිරියට යමු.

   හොඳයි. මූලික වශයෙන් හමුදාව පැට්‍රෝල් යන ක්‍රම සහ විධි ගැන අපි මුලින්ම බලමු. මතක තියාගන්න මේක පොඩි පාඨමාලාවක් වගේ. ඒ නිසා උඩින් පල්ලෙන් බැලුවට වැඩක් නැහැ. විවේක වෙලාවක විතරක් කියවන්න. මේ වගේ ලිපි වලදී මීට කලිනුත් අපි කළ දෙයක් තමයි, සියල්ලට පෙර, මාතෘකාව නැවත නිර්වචනය කරගැනීම. මතකද අපි සමූල ඝාතක අවි ගැන කතාකරද්දී, ඒ විදිහේ නිර්වචනය කිරීම් ගැන සලකා බැලුවා.

හමුදා මුර සංචාරයක් හෙවත් පැට්‍රොල් එකක් කියන්නේ;

  යුද භූමියේ ක්‍රියාකරන විශාල හමුදා භට පිරිසකගෙන් වෙන්කරගෙන, සතුරා පිලිබඳ තොරතුරු සෙවීම, සතුරාට මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම, සතුරාගේ දේපළ සහ යුද උපකරණ වලට බරපතල හානිකිරීම,  යුද බිමේ පිහිටි, ස්වකීය කඳවුරුවල ආරක්ෂාව තහවුරු කරගැනීම, වැනි අරමුණු ඉටුකරගැනීම සඳහා පිටතට යවනු ලබන කුඩා භට කණ්ඩායමක් වේ.

   මෙහි ප්‍රමාණය සහ සංයුතිය, (size and composition)  එම මුරයේ වර්ගය, එම කණ්ඩායම යැවීමේ අරමුණ, දැනට යුදබිමේ ඇති තත්වය, ප්‍රධාන භට පිරිස සිටින ස්ථානයේ සිට මෙම පිරිස යන දුර, මෙම පිරිසට පැවරෙන කාර්ය භාරය, අනුව වෙනස්වේ. සටන්කාරී මුර සංචාරයක් නම් එක් ඛණ්ඩයක් පමණ පිරිසක් යැවේ. තවද ඔවුන් සෑමවිටම ආධාරක අවි මගින් ආරක්ෂාව සැපයීමට හැකි දුරකට පමණක් යැවේ.

   මේ මේ, ඔන්න දැන් අහන්ඩ එපා, විශාල භට පිරිස කියන්නේ මොකක්ද? ඛණ්ඩය කියන්නේ මොකක්ද? කියලා. එව්වා කියලා දීලා හුඟක් කල්. අම්මපා කවද්ද ඔව්වා හරියට ඔලුවේ තියාගන්නේ ඈ? ඔව්වා ඔලුවේ නැතුව කොහොමද මේ කෝස් එක කරන්නේ කියමු බලන්ඩ? මං කියන්ඩද වැඩේ. අදට මෙතනින් නවත්තමු. අර පරණ පාඩම් වලට දීලා තියන සබඳතා වලින් ගිහින් බලන්න. ඉස්සරහට එන කොටස් වලදී එව්වා ඕනෑ වෙනවා. 


2015 මාර්තු මස 04 දින 0026 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }