හප්පොච්චියෙ, අවුරුදු කෑවා කියන්නේ කෑමක්, මදි නොකියන්න කෑවා. ආයෙත් අවුරුදු ගානකට අවුරුද්ද නම් එපා. (ඔය කිව්වට අපිනේ දන්නේ.......හෙහ් හෙහ්) නෑ නෑ, මේ කියන්නේ කෑමබීම ගැන විතරක් නෙවෙයි. කවුරු කවුරුත් අවුරුද්දට විශේෂ කෑම බීම හදලා කනවා බොනවා නේන්නම්. නැතුව මම විතරයැ. අපි කාටත් නානාප්‍රකාර අවුරුදු අද්දැකීම් ලැබී තිබෙන බව, මේ දවස්වල බ්ලොග් ලෝකයේ පලවෙන අවුරුදු ලිපි වලින් පෙනෙනවා.
ඕං එහෙනං අහගන්ඩකො මේ සැරේ අවුරුද්ද නිසා මට වෙච්චි දේවල්. සෑම වසරකම අපේ පුංචි ජනාවාසයේ,(මේක ගමක් කියන්න බැහැ. ඉඩම් වෙන්දේසියකින් මිලදීගත්, පර්චස් 20 - 30 ඉඩම් කෑලිවල හදාගත්ත ගෙවල් යායක් තියෙන්නේ) අවුරුදු උත්සවය නොවරදවාම සිදුකෙරෙනවා. (අපේ ජනාවාසයටම වෙන්වූ ක්‍රීඩාපිටියක් සහ සමිති ශාලාවක් තියනවා) අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න තරම්, අවුරුදු උණ තියෙන්නේ, අපි කීපදෙනෙකුට විතරයි. නමුත් ඉතින් කොහොම හරි, මේ පවුල්වල දරුවන් වෙනුවෙන් වත්, මොනවාහරි කරන්න එපායැ.
සෑම නිවසකින්ම මුදල් ආධාරයක් අරගෙන, පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුන මුදලුත්, අපේ සමිති අරමුදල් වලින් කොටසකුත් දාලා, වැඩටික සංවිධානය කළා. වැඩේ බොහොම ඉහලයි. නමුත් ජනතාවගේ සහභාගිත්වය නම් හොඳටම දුර්වලයි. කොහොම හරි, උදේ 9.00 ට පටන් ගම්මු කියලා හිතාගෙන හිටිය අවුරුදු උත්සවේ, පළමුවැනි තරගය තියන්න වුනේ, උදේ 10.20 ට. අපේ අය ඒ තරම් හොඳට ප්‍රමාද වෙන්න දන්නවා.
අපේ රටේ ජාතික ගීයේ, මොකවත් කුණුහරප වචන තියනවද මන්දා, බොහෝ දෙනෙක් ජාතික ගීය වාදනය කරනකොට, එය ගායනා කරන්න කියා ඉල්ලා හිටියත්, වටපිට බලමින්, ඉඟිබිඟි පාමින්, ඇඳුම කොණ්ඩය හදමින්, හිටියා විතරයි. මගේ වයසේ කීපදෙනෙක් සහ පාසල් ළමුන් පමණයි, ජාතික ගීය ගායනා කළේ. අනේ අපේ ජාතිය.
අපේ අවුරුදු උත්සවය සඳහා අපිම දාගන්න සංස්කෘතික පොලීසියක් තිබෙනවා. අහවල් එව්වා පානය කොට පැමිණීම තහනම්, පිටිය තුල දුම්බීම තහනම්, එවැනි අය ආපහු හරවා යවනවා. දරුවන්ට පෙනෙන්න ඉඩතියන්නේ නැහැ එවැනි දේවල්.
මෙවර නිවේදකයකු ආනයනය කර තිබුනා, වෙනත් ගමකින්. උන්නැහේ, දවල් කෑම වෙලාව කිට්ටු වෙනකොට, තරග වල නම් අලුත් කරන්න පටන් ගත්තා, 'අන්ධයා කිරි කා, මුට්ටිය බිඳ, පොල් අතු වියා, සූප්පුවෙන් කිරිබීම' වැනි අලුත් තරග ගැන කියන්න පටන් ගත්තා. උන්නැහේගේ දිව ටැපලෙන බව, අපිට පැහැදිළිවම පෙනුන නිසා, උන්නැහෙව වහාම උන්නැහේ ආව දිහාවක් බලාගෙන යන ලෙස, අපනයනය කළා. අපි කීපදෙනෙක්, මාරුවෙන් මාරුවට, නිවේදක රාජකාරිය කළා.
(නෑ නෑ අවුරුදු උත්සවේ ඉවරවෙලා ලස්සන ඇල ඉවුරක, මහා කජුගහක් යට අපේ කට්ටිය රැස්වෙනවා. ඒ වෙලාවට සියලු පානීය වර්ගත් එතැනට රැස්වෙනවා, මිලදීගැනීම් සහ පරිත්‍යාග කියන දෙආකාරයටම. රාත්‍රී 2.00 විතර වෙනතුරු සාජ්ජය පැවැත්වෙනවා. පුටු පෙරලාගෙන ඇලට වැටෙනවා. සමහරු ඇලට බැහැලා පානය කරනවා. ඇලේ ප්ලාස්ටික් පුටුවක් තියාගෙන, ඉනවටක් වතුරේ ඉඳගෙන පානය කරනවා. මේ දවස්වල රෑටත් ගිරීස්මයි නෙව)
පරණ සින්දු වලට තමයි වැඩි තැනක් ලැබෙන්නේ. හැබැයි හිටපු ගමන් පදමාලාව වෙනස්වෙලා කියවෙනවා. හොඳ පදත් කියවෙනවා ඉඳලා හිටලා. අහල පහල ගෙවල් දොරවල් නැති නිසා හොඳයි.
මෙතන ලියන්න පුළුවන් උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔන්න මේ වගේ. 'සඳ කොමලී තරු පිරිවරලා' කියන, ලතා වල්පොල මහත්මිය ගයන ගීතය, සමහර වෙලාවට, 'සඳ කොමලී වර තරු පිරිලා' කියලා තමයි කියවෙන්නේ.
අවුරුදු උත්සවය බලන්න/සහභාගිවෙන්න එන සියලුදෙනාට, නොමිලේ දිවා ආහාරය දෙනවා. මෙවර අපි අලුත් හාල් බත් උයලා, පොලොස් මාළුවක්, අඹ ඇඹුලක්, පරිප්පු, මාළුමිරිස්/තක්කාලි/අඟුළු කරවල/ මිශ්‍රකොට තෙලෙන් බැද, පපඩම්, බැදපු මිරිස්, සහ තම්බපු මඤ්ඤොක්කා ලබාදුන්නා. උයන්නෙත් අපි අපිමයි.
සංවිධායක මණ්ඩලයේ සමහර වහන්සේලා කරන වෘෂභ රාජ වැඩ නිසා, තරගයක ඇති සජීවී ලක්ෂණ අඩු වෙනවා. කණා මුට්ටිය බිඳීමේ තරගයේ, මුට්ටි ටික එල්ලන්න ඕනේ, ජනතාව පිටියට එන්න කලින්. ඒ වගේම නිල් දියර තිබෙන්නේ කොයි මුට්ටියේද කියා, ඉඟියක් වත් ලැබෙන ආකාරයට, කතා කරන්න හොඳ නෑ. කුමක් හෝ ප්‍රමාද දෝෂයකින් ඔත්තුවක් ගිහින්. හොඳ ඇට්ටර කොල්ලෙක්, තරගය ආරම්භ කර වැඩි වෙලාවක් යන්නට පෙර, ඇදලා ඇරියා නිවැරදි මුට්ටියට පාරක්. හැබැයි අපරාදේ කියන්න බැහැ, ඒ මුට්ටියට දාලා තිබුනේ, තනිකරම නිල් දියර කුප්පි පහක දියර. අර කොලුවා ඇඳගෙන හිටියේ, වැඩිපුර සුදුපාට තියන කළු සුදු මෝස්තරයකින් යුත් අලුත් කමිසයක්. කොල්ලාගේ කමිසය අහක දාන තරමට නිල් දියරෙන් නෑවුණා.
පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගයේදී, එක 'මහත්තයෙක්' හෙමින් සීරුවේ බුද්ධි අංශය මෙහෙයවලා හොයාගෙන තියනවා, කොතන තියන පැපොල් ගහකින්ද, ගෙඩිය කඩාගෙන තියෙන්නේ කියලා. මිනිහා බයිසිකලයකින් ගිහින්, ඒ පැපොල් ගහ අයිති ගෙදරට කියලා තියනවා, උදේ ගෙනිච්ච් පැපොල් ගෙඩිය කොහේදෝ දාගෙන හොයාගන්න බැරුව ඉන්නවා, තව ගෙඩියක් දෙන්න කියලා. අනේ ඉතින් ඒ ගෙදරින්, තව පැපොල් ගෙඩියක් කඩලා දීලා. මිනිහා ඒකත් අරන් ගෙදර ගිහින්, කපලා ඇට ගණන් කරලා ආපහු ඇවිත්, ලොක්කා වගේ තරගයට ඉදිරිපත්වෙලා. තරගයට තිබුන පැපොල් ගෙඩියේ ඇට 487 ක් තිබුනා. අර මනුස්සයාගේ පිලිතුර 486 යි. දිනුම එයාට ලැබුණා.
සැඟවුණු අමුත්තා තේරීම කරන්නේ, සම්පූර්ණ නොමග යැවීමේ ක්‍රමයකටනේ. ඇත්තටම සැඟවුණු අමුත්තා කියා කෙනෙක් පිටියේ නැතත්, බොරුවට කියනවා, අතන හිටියා මෙතන හිටියා, තොප්පියක් දාගෙන හිටියා, වගේ දේවල්. දවසේ වැඩසටහන අවසාන වෙන්න ලංවෙලා තමයි, කාවහරි යොදවන්නේ, සැඟවුන අමුත්තා ලෙස. මේ සඳහා මම පරිගණකයෙන් මුද්‍රිත කාඩ්පතක් හැදුවා, සැඟවුන අමුත්තාගේ හැඳුනුම්පත ලෙස. මම ඒක දුන්නා, සැඟවුන අමුත්තා තරගය භාර, සමිති සාමාජිකයාට. අනේ උන්නැහේ ඒ හැඳුනුම්පත අමුත්තාට දෙනවා, කොලු රංචුවකට අතටම අහුවෙලා. විනාඩියෙන් අමුත්තා වේදිකාවට ඇදගෙන ආවා, ඒ පොඩි එවුන් ටික.
කඹ ඇදීමේ කාන්තා තරගයේ දී, පොඩි ගෝරියක් යන්න ගිහින්, නූලෙන් බේරාගත්තා. දිනපු පැත්තේ කාන්තාවක්, පැරදුන පැත්තේ කාන්තාවකට කියලා, 'දැන් වැල වෙලා හින්දා අදින්න බෑ නේද' කියලා. හප්පොච්චියෙ තව ඩිංගෙන් සාමසාධක හමුදාවක් ගෙන්නන්න වෙනවා, එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියලා. ඒ වගේමයි, වයස අවුරුදු 40 න් ඉහල කාන්තාවන්ගේ සමබරදිවීමේ තරගයේදී, 'ඇයි ඔයා යන්නේ නැද්ද තරගයට' කියලා, එක කාන්තාවක් තව කාන්තාවකගෙන් අහලා. අරයා අවුරුදු 40 ට අඩුයිලු. තව පොඩ්ඩෙන් බෝම්බ වැලක් පිපිරෙන්න තිබුනා, අපි වැඩේ ෂේප් නොකලානම්.
තෑගි වශයෙන් ලබාදුන් සමහර එව්වා, සමහර අයට අල්ලලා නැහැ. ever silver වර්ගයේ පිඟන් කීපයක් ලැබුන කෙනෙක් අහනවා, හිතුවද අපි දිනපතා තෝසේ කනවා කියලා, මේ තෝසෙ කඩවල පිඟන් දෙන්නේ කියලා. කාලා වරෙන්කො.
ඔන්න ඉතින් අවුරුදු උත්සවේ ඉවරවුනා කියමුකො. අස්පස් කරන වැඩ පටන්ගත්තේ පහුවදා. අර ගෙදර බඩු මේ ගෙදරට ගිහින්, මේ ගෙදර බඩු තව ගෙදරකට ගිහින්. යන්තම් බොහොම අමාරුවෙන්, මාරු ඔක්කොම නිවැරදි කරගත්තා.
ඊළඟට පටන්ගත්තා ටෙන්ට් ගලවන්න. අපරාදේ කියන්න බෑ, අවුරුදු උත්සවයේදී මට තෑග්ගක් නොලැබුන නිසා, එක ටෙන්ට් එකක පතන්දර යකඩ පොල්ලක්, මගේ වම් කකුලේ පිටිපතුලට වැටුණා. චූ යන තරම් වේදනාවක් සහ සෙන්ටිමීටරයක තරම් දිග, මිලිමීටර් 5 ක් පමණ ගැඹුරු තුවාලයක්, තෑග්ග වශයෙන් ලැබුනා. අපේ කට්ටිය, වහාම මාව වාහනයක පටවාගෙන ගිහින්, ප්‍රතිකාර ලබාදුන්නා. දැන් ඉතින් මේ තුවාලය සුව වෙනතුරු, අවුරුදු සතුට විඳිනවා.
2016 අප්‍රේල් මස 18 වැනි දින 1308 පැය