දන්නවනේ මම හිටපු ගමන් ඔය ලටපට දේවල් කීපයක් එකට එකතුකරලා ලියන බව. එහෙම එකතුවෙච්චි දෙක තුනක් තමා මේ ලියලා දාන්නේ. මෙව්වා ගැන දන්න කියන අයගේ අදහස් දැනගැනීම මානසික සෞඛ්‍යයටත් හොඳයි මම හිතන්නේ. ඒ නිසා දන්නා ඇත්තෝ කියමු බලන්ඩ මොකෑ වෙන්නේ, මොකෑ කොරන්ඩ ඕනේ කියලා.
පළවෙනි ලටපටේ.
මේ දවස්වල බොග දැමීම එපාවෙන වැඩක් සැට් වෙලා. ඒ තමයි, බොගර් බොග් වල කොමෙන්ටු වලට, යූ බටේ වීඩියෝ සහ පින්තූර දාන්න බැරිවීමේ, මහා බහානෙක තත්වයක් උදාවී තිබීම. ඕක විසඳන්න ගිහින්, තව පොඩ්ඩෙන්, බොගටත් කෙලවෙනවා. හොඳ වෙලාවට, මුලින්ම පස්ස උඩ දාලා (backup) කරපු නිසා, වැරදුනාට පස්සේ, ආපහු බොග තිබුණු තැනටම ගත්තා. අර හිටමෝල් කෝඩ් ද html කෝඩ් ද මොනාද කියන එව්වා, විසිපස් පාරක් විතර වෙනස් කළා, ජාලයේ තියන උදව් පිටු ගානකට ගිහින්. මොන.......වැඩේ හරියන්නෙම නෑ.
පස්සේ ඇහුවා පටම්අහුරා ගෙන්. ඌත් කිව්වා ඌටත් ඒ ලෙඩේ බෝවෙලාය, හදන්න හැදුවට හරියන්නේ නැත කියලා. පස්සේ මම අර සරුවාංග විසේසග්න වයිද්දිය, නිමෝ තුමාගේ නොම්මරේ පටම්අහුරා ගෙන්ම ඉල්ලගෙන, රෑ වෙලාවක ගැහුවා කෝලයක්. මොන........මෙන්න මේකා උත්තර පණිවිඩයක් එවනවා, මාමේ මම මේ ගෝලීය ආර්ථික සමුළුවේ දේශනයක් පවත්තමින් ඉන්නේ, පස්සේ උඹව අමතන්නං (අඹවන්නං?) කියලා. අනේ අද වෙනතුරු ඌ අර සමුළුව අමතනවද කොහෙද, මට ඇමතුවේ නැහැ. තමුන්නාන්සේලා දන්නවානං, කියලා දෙනවකො, බොගර් බොග් වල කොමෙන්ටු වලට, යූ බට වීඩියෝ සහ පින්තූර දැමීම නැවතිලා තියෙන්නේ හිටං මක්කැයි කියාලා සහ, ඒක විසඳන්නේ කොහොමැයි කියාලා හිටං.
දෙවැනි ලටපටේ.
මේ ලඟදි මම කොළඹ ගිහින් එනකොට, එක්තරා තරුණයකු, මා ගමන් කල දුම්රියට ගොඩවුනා, වේයන්ගොඩ දී හෝ මීරිගමදී. ඔහු, දුම්රියට ගොඩවූ අවස්ථාවේ සිට ගමන් කලේ, දුම්රියේ පා පුවරුවේ. දුම්රිය ඇතුලේ වාඩිවෙන්න ඕනේ තරම් ඉඩ තිබුනත්, මේ හාදයා ගමන්කළේ, පා පුවරුවේ. නමුත්, මා බෙහෙවින් කණගාටුවට පත්වුණේ, මොහුගේ දකුණු අත මැණික් කටුව ළඟින් අහිමි වී ඇති බව, දුටුවට පස්සෙයි. ඔහුට නොදැනෙන්න, මා ඔහුගේ පින්තූර කීපයක් ගත්තා. එයින් හතරක් පහත පළකරනවා.
දෙවැනි ලටපටේ.
මේ ලඟදි මම කොළඹ ගිහින් එනකොට, එක්තරා තරුණයකු, මා ගමන් කල දුම්රියට ගොඩවුනා, වේයන්ගොඩ දී හෝ මීරිගමදී. ඔහු, දුම්රියට ගොඩවූ අවස්ථාවේ සිට ගමන් කලේ, දුම්රියේ පා පුවරුවේ. දුම්රිය ඇතුලේ වාඩිවෙන්න ඕනේ තරම් ඉඩ තිබුනත්, මේ හාදයා ගමන්කළේ, පා පුවරුවේ. නමුත්, මා බෙහෙවින් කණගාටුවට පත්වුණේ, මොහුගේ දකුණු අත මැණික් කටුව ළඟින් අහිමි වී ඇති බව, දුටුවට පස්සෙයි. ඔහුට නොදැනෙන්න, මා ඔහුගේ පින්තූර කීපයක් ගත්තා. එයින් හතරක් පහත පළකරනවා.
තම ජංගම දුරකථනයට සම්බන්ධිත, ශ්‍රවණ උපකරණයත් කන්දෙකේ ගසාගෙන, ඔහු සිටියේ, බොහොම විනෝදකාමී ස්වරූපයකින්. ඔහු, වරින්වර, පාපුවරුවේ විවිධ ඉරියව් පාමින්, ගමන් කළා. දැනටමත් එක් අතක් මෙලෙස ආබාධිතව තිබියදී, මෙලෙස අනාරක්ෂිතව දුම්රිය පාපුවරුවේ ගමන් කිරීමෙන්, බරපතළ ආදීනව ලැබිය හැකි බව ඔහුට කීමට සිතුනත්, මේ පරපුර අවවාද පිළිගන්න අය නොවන බව අද්දැකීමෙන්ම දන්නා නිසාත්, උඹට මොකද H කියා, අහන්න ඉඩ තිබෙන නිසාත්, මා නිහඬව මේ විප්‍රකාරය නරඹමින් ආවා. හැබැයි, ඔහු දුම්රියෙන් වැටුනානම්, මා පැහැදිලිවම සාක්ෂි දෙනවා, ඔහු නොසැලකිල්ලෙන් එම අනතුර කරගත් බවට.
මේ තරුණයා, අඹේපුස්ස දුම්රිය ස්ථානයෙන් බැසගියා. මට ඒ වෙලාවේ පොඩි සැකයක් ඇතිවුනා මොහු හමුදා සොල්දාදුවකුද කියා. නමුත්, හොඳ පුහුණුවක් ඇති සොල්දාදුවකු, මෙලෙස ඇඳුම් අඳින්නේවත්, යුද්ධයේදී ආබාධිත වූවකු නම්, මෙලෙස හැසිරෙන්නේවත් නැහැ. අනික, යුද්ධයේදී ආබාධිත වූවානම්, ඔහුට කෘත්‍රිම අතක් හිමිවෙනවා. කෙසේ වෙතත්, වර්තමාන සොල්දාදු පරපුරේ අය, මෙලෙස හැසිරෙනවාදයි මා දන්නේ නැහැ.
තුන්වැනි ලටපටේ
සැටලයිට් සිංග්ලිෂ් ගැන දන්නවද? මා පහත දැක්වෙන සැටලයිට් සිංග්ලිෂ් පින්තූර ටික එකතුකරගත්තේ ගෙදරදී සැටලයිට් ටීවී වැඩසටහන් බලන අතරේදීයි. ඔන්න බලන්නකෝ සැටලයිට් සිංග්ලිෂ්.
ඔය ඇති නේද? ගොහිං එඤ්ඤං ඈ?
2016 ජූලි මස 13 වැනි දින 1421 පැය