කුරුණෑගල පොලිස් ස්ථායට අනුයුක්තව ('අනියුක්ත' යනුවෙන්, කුණුහරපයක් ලියන මහත්වරු, නිවැරදි වචනය 'අනුයුක්ත' බව මතක තියාගන්න) සේවය කල 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂක වරයකු, ඊයේ (2016/11/14) දින, අපරාධකරුවකු විසින් වෙඩි තැබීම නිසා මියගොස් ඇත. (අද ද රෙන නාලිකාව, කීපවිටක්, පුන පුනා, නාඳුනන තුවක්කු කරුවකු විසින් තබන ලද වෙඩිල්ලක් යන අදහස ඉදිරිපත් කරමින්, අමුතු භීෂණයක් ඇතිකිරීමේ නින්දිත උත්සාහයක යෙදුනි. මෙය අපරාධ කල්ලියක වැඩක් බව, මේ මාජ්ජ ගොබිලෝ නොදන්නවා නොවේ. නමුත්, උන්ගේ උපන් අවලම් ගතිය, උන්ගේ මව් ට වත්, නිවැරදි කරන්නට බැරි වී තිබේ)
අපරාධ කරුවකු විසින් පොලිස් නිලධාරියකු ඝාතන කිරීමේ එකම සිදුවීම, මෙය නොවේ. ලංකා පොලිස් සේවයේ නිලධාරියකු, ප්‍රථම වරට, සතුරකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඝාතනයට ලක්වුණේ, සරදියෙල් ගේ කාලයේදී ය. එය අරුමයක් නොවේ. ලොවේ කොතනත්, එදත් අදත්, එය සිදුවේ. අනාගතයේදී ද සිදුවිය හැකි ය. පිස්සු තුවක්කු සංස්කෘතිය නිසා, ඇමරිකා එක්සත් ජනපදයේ, වාර්ෂිකව සිදුවන ඝාතන වලට, පොලිස් නිලධාරිහුද ගොදුරු වෙති. ලෝකයේ තත්වය පසෙක තබා අපේ රටේ තත්වය ගැන ඔබ සමග සාකච්ඡා කරන්නටයි මා සූදානම් වෙන්නේ.
පසුගිය යුද සමයේදී, ශ්‍රී ලංකා පොලීසිය, ආධාරක හෝ අතිරේක සේනාවක් වශයෙන්, ත්‍රිවිධ හමුදාවට නොමඳ සහායක් දුන් බව, රහසක් නොවේ. ඒ කාලයේදී, අවි පරිහරණය ගැන, ඉතා සතුටුදායක පුහුණුවක්, සාමාන්‍ය පොලිස් සේවයට ලැබුණු අතර, පොලිස් විශේෂ කාර්ය බලකාය, අතිරේක බලසේනාවක් වශයෙන්, විශිෂ්ඨ සේවයක් ඉටුකරන ලදී.
මෙලෙස, ඉතා සතුටුදායක අවි පරිහරණ දැනුමක් ඇති පොලිස් සේවය, පසුගිය කාලයේදී අපකීර්තියට ලක්වූ අවස්ථා ද නැතුවා නොවේ. විශේෂයෙන් පසුගිය රජය සමයේ කුප්‍රකට උපක්‍රමයක් වූ 'සැකකරුවන් ඔවුන් විසින් සඟවා ඇති ආයුධ පෙන්වීමට ගොස්, එම ආයුධ වලින්, පොලීසියට පහර දෙන්නට උත්සාහ කිරීමේදී, පොලිස් වෙඩි පහරින් මියයාමේ අරුම පුදුම, කාලකන්නි, අමානුෂික ක්‍රමය', අද දකින්නට නොලැබීම, පොලීසිය ලද විශාල දියුණුවක් බව කිවයුතුය.
LTTE ත්රස්තවාදීන් සමග පවා සටන් කළ පොලීසිය, අද මේ, තුන්වැනි පන්තියේ කුක්කන් අතින්, මරණයට පත්වන්නේ ඇයි? මෙහි කිසියම් අසාමාන්‍ය බවක් ඇති බව, බැලූ බැල්මටම පෙනීයයි.
මේ උප පොලිස් පරීක්ෂක වරයා, මෙලෙස අවාසනාවන්ත ලෙස මියගියේ, ඔහුගේ වරදින්ද, පොලීසියේ වරදින්ද, නැතහොත් වෙනත් වගකිවයුතු පාර්ශ්වයක වරදින්ද? පොලීසියට වෙඩි තැබූ පාර්ශ්වය අපරාධකරුවන් නිසා ඔවුන් වගකියුතු බවට තර්කයක් නැහැ. නමුත් මා අහන්නේ, වලක්වාගත හැකිව තිබියදී, මෙලෙස වෙඩි කෑවේ ඇයිද කියායි.
ඔබ සමහරවිට කියනු ඇති, මේ ලිපිය ලියන මා, හිටපු හමුදා නිලධාරියකු නිසා, පොලීසියත් හමුදාවේ මට්ටමෙන් මනිනවා කියා. නමුත්, මා මෙහෙම කියනවා. මෙවැනි සිදුවීම් වලදී, පොලීසිය හමුදාවටත් වඩා ඉදිරියෙන් සිටිය යුතුයි. මන්ද, අපරාධ වැලැක්වීම, ඔවුන්ගේ රාජකාරියේ හෙවත්, පොලිස් භූමිකාවේ, අතිශයින්ම ප්‍රමුඛත්වය ලැබෙන/ලැබිය යුතු කාර්යයක්.
හොඳයි, මීළඟට මා කැමතියි, පුවත්පත්, රූපවාහිනිය, ගුවන්විදුලිය, මිතුරන්ගෙන් ලද තොරතුරු ආදිය සියල්ල සලකා බලමින්, මේ සිද්ධිය ගැන කෙටි විස්තරයක් කරන්න. මෙහි අඩුපාඩු ඇත්නම් පෙන්වාදීම, ඔබේ අයිතියක්.
2016/11/14 දින රාත්‍රියේ, කුරුණෑගල පොලිස් ස්ථානයට ලැබෙන දුරකථන ඇමතුමකින් කියවෙන්නේ, කුලී ගෙවීමේ පදනම මත, පෞද්ගලික ආයතනයකින් මෝටර් රථයක් ලබාගත් පුද්ගලයකු සහ ඔහුගේ සහචරයන් පිරිසක්, අදාළ කුලී නිසි කලට නොගෙවා, අදාළ ආයතනයට තර්ජනාත්මකව, බලහත්කාරයෙන්, එම මෝටර් රථය පාවිච්චි කරමින් සිටින බවත්, දැනට එම පිරිස, අදාළ මෝටර් රථයෙන් පැමිණ, කුරුණෑගල - පුත්තලම මාර්ගයේ, මාස්පොත ප්‍රදේශයේ පිහිටි හෝටලයක, නවාතැන් ගෙන සිටින බවත්.
මේ ගැන සොයාබැලීම සඳහා, උප පොලිස් පරීක්ෂක වරයකු, පොලිස් සැරයන් වරුන් දෙදෙනෙකු, එම ස්ථානයට පොලිස් වාහනයකින් ගමන්කර තිබෙනවා. පොලීසිය එම ස්ථානයට යනවාත් සමගම, අදාළ වාහනය අයිති ආයතනයේ පිරිසක්ද, එම ස්ථානයට, වෙනත් වාහනයකින් පැමිණ තිබෙනවා. කුලී පදනම මත ලබාගත් වාහනය තිබෙන ස්ථානය, එකී ආයතනය විසින් සොයාගෙන තිබෙන්නේ, GPS තාක්ෂණය අනුව බව, වාර්තාවනවා. හෝටලය වෙත පැමිණි පොලීසිය එහි නවාතැන් ගෙන සිටි පුද්ගලයන් දෙදෙනාට, එළියට එන ලෙස, හෝටල් කළමනාකරු අතේ පණිවිඩයක් යවනවා. ඔවුන් එළියට පැමිණි පසු ප්‍රශ්න කරන අතර, පලායන්නට උත්සාහ කල බවත්, ඔවුන් පසුපස හඹා යද්දී, ඔවුන් විසින් පොලීසියට වෙඩි තැබූ බවත්, එම පිරිසේම සිටි පොලිස් සැරයන් වරයකු ප්‍රකාශ කරනවා. (බස් රථයක නැගී පලායාමට උත්සාහ කළ සැකකරුවකු ඊට මොහොතකට පසු අල්ලා ගැනීම පොලීසියේ දක්ෂකමක්. එමෙන්ම, තවත් සැකකරුවකු අද (17) අත්අඩංගුවට ගෙන තිබීමත්, එවැනිම දක්ෂකමක්.
මේ දක්ෂකම එතරම් විශිෂ්ඨ එකක් නොවන්නේ, පහත දැක්වෙන හේතු නිසයි. ඒ සඳහා, මේ සිද්ධිය පිළිබඳව, මගේ නිරීක්ෂණ සහ නිර්දේශ පහත දැක්වෙන පරිදි, ඉදිරිපත් කරනවා.
නිරීක්ෂණ
(මේ සිතියමේ දැක්වෙන, වීරඹුගෙදර, පොතුහැර, යන පොලිස් ස්ථාන වල සිට හෝ, රත්ගල්ල ප්‍රදේශයේ පිහිටි, පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ සිට, වාහනයකින්, සිද්ධිය වූ ස්ථානයට, විනාඩි 30 ක් හෝ ඊට අඩු කාලයකින්, ළඟා වියහැකියි)
නිර්දේශ
රටේත්, සමාජයේත්, සමස්ත පොලිස් සේවයේත් යහපත තකා, ශ්‍රී ලංකා පොලිස් සේවයේ වෘත්තීය කාර්යක්ෂම භාවය, මීට වඩා ඉහළට ගැනීම, පොලීසිය කරවන සියලුදෙනාගේ පරම යුතුකම සහ වගකීම බව, අවසාන වශයෙන් අවධාරණය කරන අතර, පොලීසිය, සිය සාම්ප්‍රදායික චින්තනයෙන් සහ දෙපාර්තමේන්තු හැඟීමෙන් ඉවත්ව, නව චින්තනයක් ගොඩනගා ගැනීමට, දැනටමත් ප්‍රමාදවී ඇති බවද , පෙන්වා දෙමි.
2016 නොවැම්බර් මස 17 වැනි දින 2343 පැය

- මේ සිද්ධිය ගැන සොයාබලන්න ගිය පිරිස ප්‍රමාණවත් නැහැ. පොලිස් වාහනයේ රියැදුරු ඉන්නේ වාහනය පදවන්න මිසක්, අපරාධකරුවන් අල්ලන්න නෙවෙයි. (එහෙම පුළුවන්නම් හොඳයි. නමුත්, ඔහුත් අපරාධකරුවන් පස්සේ එලවන්න ගියොත්, වාහනය තනිවෙනවා. කාටහරි වාහනයට හානියක් කළ හැකියි. එමගින් පොලිස් පිරිසේ ගමන අඩාල කලහැකියි).
- ඇත්තටම පොලිස් පිරිස තුන්දෙනයි. එයිනුත් පොලිස් පරීක්ෂක වරයා, 59 හැවිරිදියි. ඒ කියන්නේ, ඔහුට එතරම් විශාල ජවයක් නැහැ, හඹායන්න, පොරබදන්න, පහරදී මෙල්ල කරගන්න.
- පොලිස් පිරිස ගෙනගිය ආයුධ ගැන, පැහැදිළි විස්තරයක් නැහැ. අපි හිතමු ඔවුන් ගෙනගියේ, දැනට පොලීසියට ලබාදී ඇති .38 රිවෝල්වර කියා.
- මේ රිවොල්වරයට, එක වරකට ඇතුළුකළ හැක්කේ, පතරොම් 6 ක් පමණයි. පතරොම් අවසන් වූ විට, නැවත පතරොම් දැමීමට යටත්පිරිසෙයින් විනාඩි 5 ක් වත් ගතවෙනවා, එවැනි රාත්‍රියකදී, ආලෝකය අඩු තැනකදී. එමෙන්ම, දැනට මහා මාර්ගයේ සිටින පොලිස් නිලධාරීන් හෝ පොලිස් පරීක්ෂක වරුන්, අමතර පතරොම් ළඟ තබාගෙන සිටිනු, මා කෙදිනකවත් දැක නැහැ. ඒ නිසා, රිවොල්වරයේ ඇති පතරොම් 6 වෙඩි තබා අවසන් වූ පසු, සැකකරුගේ ඔලුව පැලෙන්න, රිවොල්වරයෙන් දමාගසනු විනා, වෙනත් විකල්පයක් නැතිවෙනවා.
- මේ අවස්ථාවට පොලීසිය මුහුණදී තිබෙන්නේ, ඉතා දුර්වල ආකාරයකටයි. අද තිබෙන අපරාධ ගැන අමතක කර, ඔවුන් මේ අවස්ථාවට මුහුණදී තිබෙන බව පෙනෙනවා. තමන්ට ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇති බව සිතා, ඔවුන් සෑමවිටම සූදානම්ව සිටිය යුතුයි. එහිදී මේ තිදෙනා ස්ථානගත වියයුත්තේ, එකිනෙකාගේ ආරක්ෂාව සැළසෙන ආකාරයටයි. (නිර්දේශ යටතේ විස්තර කරන්නම්)
- මෙවැනි වැටලීමක්/සොයාබැලීමක්/සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්රියාකිරීමක්/ සඳහා යනවිට, තවත් ආධාරක කණ්ඩායම්/කණ්ඩායමක්, සූදානම්ව තැබිය යුතුයි. තමන්ට තනිව මුහුණ දීමට නොහැකි තත්වයක් ඇතිවුනානම්, ඒ ආධාරක කණ්ඩායම් වහා තමන්ගේ ආධාරය පිණිස ගෙන්වාගන්න පුළුවන්. මේ සිද්ධියේදී දෙවැනි පොලිස් කණ්ඩායම, සිද්ධිය වූ තැනට ගොස් තිබෙන්නේ, 'පෙරහැර ගියාට පස්සෙයි'.
- මේ පොලිස් කණ්ඩායම, තමන්ගේ පොලිස් ස්ථානය සමග, නිරන්තර පණිවිඩ හුවමාරු සම්බන්ධතාවක සිටි බවක් පෙනෙන්නේ නැහැ. ඔවුන් අත, ජංගම පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් හෝ, වාහනයේ සවිකළ පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් තිබුනේද යන්න හා, එසේ තිබුනානම්, එයින් කළේ කුමක්ද යන්න ද පැහැදිළි නැහැ.
- කුරුණෑගල පොලිස් ස්ථානයේ ප්‍රමාණවත් තරම් නිලධාරීන් සංඛ්‍යාවක් මේ අවස්ථාවේ නොසිටියානම්, මෙම ක්‍රියාන්විතයට යාමට පෙර, අවට පොලිස් ස්ථාන වලින් හෝ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ගන්නට තිබුණා. පහත දැක්වෙන සිතියම බැලීමෙන් ඒ බව ඔබට වැටහෙනවා ඇති. එසේ ආධාරක භටපිරිස් ලබාගත්තානම් මේ ආකාරයට ජීවිත හානියක් සිදුවන්නේ නැහැ.
නිර්දේශ
- පුහුණුවනු පුහුණුවනු පුහුණුවනු, අභ්‍යාස කරනු අභ්‍යාස කරනු අභ්‍යාස කරනු, කියන එක තමයි, පළමුවැනි නිර්දේශය. යුද්ධ කාලේ, පොලීසියේ බහුතරය යුද්ධයේ හිටියා. බය නැතුව, අභියෝගාත්මක තත්වයන්ට මුහුණ දුන්නා. දැන් පොලීසියට ආපහු අධිකරණ රාජකාරි, පරිපාලන රාජකාරි, ආදිය ඉගෙනගන්න වෙලා. මොකද, ඒ ගැන දැනුමක් නැතුව සාමාන්‍ය පොලිස් සේවයේ යෙදෙන්න බැහැ. නමුත් මෙවැනි සිද්ධියකදී, එය නිදහසට කරුණක් නෙවෙයි. ඒ නිසා, මෙවැනි තත්වයන්ට මුහුණදීම පිළිබඳව, සාමාන්‍ය පොලිස් සේවයේ සිටින සෑම නිලධාරියකුටම, නිලධාරිණියකටම, ඉතා ඉහල මට්ටමේ පුහුණුවක් ලබාදිය යුතුයි. අපිනම් කවදාවත් දැකලා නැහැ ,පොලිස් ස්ථානයක් අතුලේදීවත්, එවැනි පුහුණුවක් දෙනවා. ඒ තත්වයේ ඇති අවාසනාවන්තකම නිසයි, අර පොලිස් පරීක්ෂක වරයා මියගොස්, අනික් දෙදෙනා මාරාන්තික තුවාල ලැබුවේ.
- පොලීසියේ අවි පරිහරණය, බොහෝවිට, 'බල්ලා මාක්' කියා, කණගාටුවෙන් වුවත් කියන්න ඕනේ. T 56 අවිය තියාගෙන ඉන්නේ එහි මිට හෙවත් බට් එක අකුලලා. ඉතිං කොහොමද හදිස්සියකදී වෙඩි තියන්නේ?
- මේ සිදුවීමේදී පොලීසිය එතනදී ස්ථානගතවීම ගැන, එතරම් අවබෝධයකින් ක්‍රියාකර නැහැ. ඒ නිසයි, තිදෙනාටම වෙඩි වැදුනේ. පහත දැක්වෙන දළ සටහනෙන් මා පෙන්වන්නේ, මෙතනදී, මේ තිදෙනා අතේම ආයුධ තිබේයැයි සිතා, ඔවුන් ස්ථානගත වියයුතු ආකාරයයි.
- මේ සිද්ධිය රාත්‍රී කාලයේදී සිදුවන්නක් නිසා, ආලෝකය ආධාර කරගැනීම වැදගත්. මුලින්ම, පොලීසියේ තිදෙනා තම ආයුධ අතට ගෙන, සැකකරුවන්ට කියන්න ඕනේ, හෝටලයේ ආලෝකවත්ව තිබෙන ස්ථානයක සිටින ලෙස. ඉන්පසු අවවාද කරන්න ඕනේ, පැනයාමට හෝ පහරදීමට උත්සාහ කලොත්, වෙඩි තබන බව. එහි, කිසිදු නීති විරෝධී බවක් හෝ, මානව හිමිකම් කඩවීමක් නැහැ.
- සැකකරුවන් සහ පොලිස් නිලධාරීන් අතර යටත්පිරිසෙයින් මීටර් 5 ක වත් පරතරයක් තබාගන්න ඕනේ. වාහනයේ ලියකියවිලි රැගෙන එක් අයෙක් පොලිස් පරීක්ෂක වෙත එන්නට අණ කර, පොලිස් පරීක්ෂක තම අවිය T 56 නම් පිටේ එල්ලා ගැනීම හෝ රිවෝල්වරය නම් කොපුවේ බහා ගැනීම කලයුතුයි. මේ අවස්ථාවේදී සැරයන් අංක 2 පොලිස් පරීක්ෂකට මීටර් 3 ක් පමණ පසුපසින්, එක් පසෙක, තම අවිය සූදානමින් තබාගෙන, සැකකරුවන්ගේ චලනයක් ගැන, දැඩි අවධානයෙන් සිටිය යුතුයි. සැක කටයුතු පළමුවැනි චලනයේදී, ඔවුන් අසළ බිමට වෙඩි තබා, කෑගසා කිවයුතුයි, ඊළඟට ඔවුන්ට වෙඩිතබන බව. සැරයන් අංක 1 ඉන්නේ, අනෙක් දෙදෙනාගෙන් වෙන්ව, පැත්තෙන් සහ ඈතින්. ඔහුට නිරීක්ෂණය වෙනවා, සැකකරුවන්ගේ චලන, පැති පෙනුමෙන්. ඔහුත් තම අවිය සූදානමෙන් අතේ තබාගෙන සිටිය යුතුයි. ඔහු මෙසේ අනෙක් දෙදෙනාගෙන් වෙන්ව සිටින නිසා, තිදෙනාටම පහසුවෙන් වෙඩිතැබීමේ අවස්ථාව, සැකකරුවන්ගෙන් ගිලිහෙනවා.
- පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් මතක තබාගත යුතුයි, ඔවුන් ඉන්නේ දැඩි අවදානමකට මුහුණ දීගෙන බව. අනාගතයේදී ඔවුන්ටද ප්‍රහාර එල්ලවිය හැකියි. යටකර පලායාම්, වාර්තාවී ඇති අතර, මීට පෙර කුරුණෑගල ප්‍රදේශයේදී, වාහන පරීක්ෂාවේ යෙදීසිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබුවා. වාහන පරීක්ෂා කිරීමේදී, පරීක්ෂා කරන නිලධාරියාගේ ජීවිතාරක්ෂාව, අනෙක් නිලධාරියා විසින් සැලසිය යුතුයි.
- නිලධාරීන් හිගය නිසා දෙදෙනෙකු මෙසේ රාජකාරියේ යෙදෙව්වත්, එය නිවැරදි පිළිවෙත නොවේ. යටත්පිරිසෙයින් රාත්‍රී කාලයේදී, හතර දෙනෙකුවත් යෙදවිය යුතු අතර, එයින් දෙදෙනෙකු, සෑමවිටම තම අවි සූදානම්ව තබාගෙන, ප්‍රහාරයකට මුහුණ දීමට හැකි ආකාරයට ස්ථානගත වියයුතුයි.
- මේ සිද්ධියේදී, කුරුණෑගල රත්ගල්ල ප්‍රදේශයේ ඇති, පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරේ සහාය ලබානොගැනීම අඩුපාඩුවක්. එම කඳවුරේ නිලධාරීන්, කඳවුර පිහිටි හාල්පාරේ, (මේ පාරට හාල් පාර කියා නම වැටී තිබෙන්නේ, බණ්ඩාරනායක මැතිනියගේ කාලයේදී තිබුණු, හාල් පොලු මිරිස් පොලු වලින් ගැලවී යන්නට, විකල්ප මාර්ගයක් ලෙස භාවිත කල නිසාලු. අදටත් මේ පාරට වෙනත් නමක් නැහැ) රාත්‍රී පා මුර සංචාරයේ යෙදෙනවා මා දැක තිබෙනවා. මේ කඳවුරෙන් මීට වඩා ප්‍රයෝජන ගැනීම සුදුසු බවයි මගේ අදහස.
- මෙවැනි සිද්ධියකට මුහුණදීම සඳහා යාමේදී, එසේ යන පොලිස් කණ්ඩායම, නිරතුරුවම, දැන් තමන් කියන්නේ කරන්නේ කුමක්ද, ඉන්නේ කොතනද, තමන් මුහුණ දී ඇති තත්වයේ ස්වභාවය ආදිය, තම පණිවිඩ හුවමාරු යන්ත්‍ර මගින්, මූලස්ථානයට දැන්වීම ඉතා වැදගත්. යම් හදිසි අවස්ථාවක් පැනනගින්නේ නම්, මූලස්ථානය පමණක් නොව, එය අසාසිටින අවට පොලිස් ස්ථානවලට පවා, ආධාරයට ඒම සඳහා, ක්ෂණිකව සූදානම්වීමට අවකාශ ලැබෙනවා.
- මෙවැනි කාර්යයක් සඳහා යැවිය යුත්තේ 59 හැවිරිදි පොලිස් පරීක්ෂක වරයකු නොව, හැඩිදැඩි පොලිස් කණ්ඩායමකි.