ච්ත්‍රපටි බැලීම
විචාරකතුමාගේ තාත්තා එයාල පොඩි කාලේ හැමදාම හොඳ ච්ත්‍රපටියක් ආවාම එක බලන්න එක්ක යන පුරුද්දක් තිබිලා තියනවා, මොකද ඒ කාලේ දැන් වාගේ සන්නිවේදන මාධ්‍ය දියුණු නැතිනිසා . පසු කාලීනව තාත්තා නැතිව, ගැන්සිපිටින් චිත්‍රපටි බලන පුරුද්දක් විචාරකතුමාට තිබිලා තියනවා . ඒකට හරියන්ඩම ඒ දිනවල විචාරකතුමා ඉඳලා තියෙන්නේ චිත්‍රපටි ශාලාවක් කිට්ටුව තියන ගෙදරක . ඉතින් විචාරකතුමා ඉඳලා තියෙන්නේ එළියේ කාමරේ. අර ශාලාවේ ෆිල්ම් එක කරකවන කොල්ල විචාරකතුමා හොඳට යාලු කරගෙන. ඉතින් 6.30 show එක පෙන්නනේ විචාරකතුමාට අතින් අඩ ගහලා . කරකවනවා කියන්නේ අද වගේ DVD නෑනේ ඒ තැටිය අමුතු තාලෙටලු දාන්නේ ..... දැන් මෙයා යාලු ගැන්සියත් එක්ක ගිහිල්ලා ගැලරියේ ඉඳගෙන ෆිල්ම් එක බලනවා . ඔතන ඉන්නවා යාළුවෙක් එකම නළුවා විවිධ දර්ශන වල විවිධ ස්වරූපයෙන් ආවහම අහනවලු මූ කවුද බන් කියලා .............
ඉතින් විචාරකතුමා කියනවලු ඒ ගාමිණි බන් .............
ඒ අහවලා බන් ....................... ඒ උනාට මේක හරියන්නෙම නෑලු පස්සේ විචාරකතුමා ෆිල්ම් බලන්න ගියාම ඒ යාලුවා ළඟ ඉන්දගන්නේ නෑලු
දවසක් ඔහොම ෆිල්ම් එකක් බලනකොට අර යාලුවා ඇහුවලු කවුද බන් ඒ කියලා ...............
එදා විචාරකතුමා ළඟ ඉඳලා නෑ. වෙන එක්කෙනෙක් ඉඳලා තියෙන්නේ. එයා එක පාරටම කිවුවලු ........ තොගේ ............මා ඉන්නේ කියලා ......................
එදා ඉඳලා කට්ටිය නිදහසේ ෆිල්ම් බලනවලු ..........
ආයෙමත් දවසක ඔය හෝල් එකට ආවලු වැඩිහිටියන්ට පමණයි ගණයේ ච්ත්‍රපටියක් හැබැයි එක බලන්න මේ නාඹර වයසේ පොඩිහිටියෝ ගිහිල්ලා . විචාරකතුමාට අයියයි මල්ලිලා දෙන්නෙකුයි හිටියා. බාල මල්ලි ඇර මේ තුන්දෙනාගේ වයස් අතර පරතරය තරමක් අඩුයි . ඉතින් දැන් විචාරකතුමා පුරුදු පරිදී යාලු ගැන්සියත් එක්ක ෆිල්ම් එක බලනවා . හැබැයි එදා ගැලරියේ උනාට ටිකක් පිටිපස්සේ ඉඳලා තමයි ඉඳලා තියෙන්නේ .
ෆිල්ම් එකේ ඉන්ටවල් වෙලාවේදී ලයිට් දාපුවාම විචාරකතුමාට යාලුවෙක් කිවුවලු
අර උඹේ මල්ලි නේද ඉන්නේ කියලා ................ බලනකොට පලවෙනි පේළියේම වාඩිවෙලා ඉන්නවලු බාප්පා ............ දැන් විචාරකතුමාට යකා නැග්ගලු . එතකොට එයත් දැකලා. දැන් දෙන්නා සංඥා භාෂාවෙන් බැනගන්නවලු
විචාරකතුමා - වරෙන්කො අද ගෙදර ( අත දික්කරමින් )
බාප්පා - අනේ පලයන් යන්න, බලපන් පිටිපස්ස කියලා ( අතින් කිවුවලු )
විචාරකතුමා බැලුවාලු මූ මේ මොකක්ද කියන්නේ කියලා. බලනකොට විචාරකතුමාගේ අයියා ( ලොකු තාත්තා ) ඉන්නවලු ODC එකේ, මේ දෙන්නගේ රංගනය බලාගෙන . මුකුත් දැක්කේ නෑ වගේ . ඉතින් විචාරකතුමාගේ භාෂාවෙන් කියනවානම්
// ඉතින් මොකේදැයි දැන් වළදන්නේ // කියලා හීමිට ඉන්දගත්තලු.
එතකොටම ෆිල්ම් එක පටන් අරගෙන
ෆිලිම් එක ඉවරවුනාමත් ආව පරිදි හොඳ ළමයි වගේ තනියම යන්ඩ පටන් ගත්තලු . දැන් පාරේ යන්නේ අයියා ඉස්සෙල්ලම ඊට අඩි 20 ක් විතර පස්සෙන් විචාරකතුමා ඊට අඩි 10 ක් විතර පස්සෙන් මල්ලි . ගේ ළං උනාම නෝ කතා නෝසිනා වගේ ගොස් , හොඳ ළමයි වගේ තම කාමර වලට රිංග ගත්තලු .
කතන්දර කියාදීම
ඔන්න ඉතින් පොඩිකාලේ ළමයි කවුරුත් ආසයිනේ කතන්දර අහන්න. ඉතින් අපේ අම්මා මට මතකයි විවිධ කතන්දර කියලා දෙනවා . ඉතින් අර ඉස්කෝලේ උගන්නපු කාලේ විචාරක තුමාට මං කිවුවාම කතන්දර කියල දෙන්න කියල ඔහු කියන්නේ එකම කතාන්දරයයි . ඒ තමයි වටු කිරිල්ලිගේ කතාව. ඒකට හේතුව මන් දන් නෑ . හැමදාම කියාන්නේ ඔය කතාව විතරයි .
ඉතින් විචාරක තුමා පටන් ගන්නවා - ඔන්න එකමත් එක කාලෙක කලෙක හිටියා වටු කිරිල්ලියක් , මේ වටුකිරිල්ලි දවසක් ගලක් උඩ බිත්තරයක් දැම්මා. බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා ............ ඉතින් ඔය විදියට කියනවා
හැබැයි කවද ඇහුවත් කියන්නේ ඔය කතාව විතරයි . ඒකට හේතුව මංම හොයා ගත්තා මොකද කතාව දිගයි . අවසානේ අහන්න මට ඇහරිලා ඉන්න වෙන්නෑ එයාට ලේසියි .
ඉංග්‍රීසි ඉගැන්වීම
විචාරක තුමාට ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හසුරවන්න පුළුවන් . ඉතින් අපේ අම්ම අප කුඩාකල විචාරකාතුමා නිවාඩුවට නිවසට පැමිණිවිට ඔහුට පවසනවා
අනේ, මේ ළමයි දෙන්නත් එක්ක ඩිංගක් ඉංග්‍රීසියෙන් කතාකරන්නකෝ, එතකොට මේ දෙන්නත් ටිකක් ඉගෙන ගාන්නවනේ කියලා
ඒ වුනාට කවදාවත් ඒ කියන වෙලාවට විචාරකතුමා එහෙම කරන්නේ නෑ.......
එයා ඉංගීසි පන්තිය පටන්ගන්නේ මධුවිත ටිකක් තොල ගෑවට පස්සේ ................
එතකොට මෙහෙමයි
විචාරකතුමා - ළමයි ........... අද අපි ඉගෙන ගන්නේ My Self ( ටිකක් උස ස්වරයෙන් )
My Name is ........................
ඔහොම ටිකක් වෙලා ගිහින් කියනවා දැන් බලන්න හරි ලේසියි . හෙම්බිරිස්සාව හැදුනාම නිකම්ම ඉංග්‍රීසි පුළුවන් වෙනවා.
මෙහෙමයි Has shee කිවුවාම අනෙක් කෙනා අහන්න ඕන Whos he කියලා
මේවගේ එකක් කිවුවාම අපට හිනා යනවා අම්මා කෝපයෙන් රතුවෙනවා . පාඩම එතකින් නිමයි .
එදා අපිට ඔහු කියල දුන්නේ භාෂාවක් තමන් තනිව ස්වෝත්සාහයෙන් ඉගෙනගත්විට එහි මතකයේ රැඳෙන ප්‍රමාණය වැඩි බවයි. පසු කාලීනව ඔහු මාව වෙනමම ඉංග්‍රීසි කථා පුහුණුවකට යොමුකළා. නැගණියට පාසලෙන් හා උසස් අධ්‍යාපනයෙන් එය හිමි උනා ...............
බයිසිකල් පැදීම
මගේ මව කියන පරිදි විචාරකතුමාට බයිසිකල් පදින උණක් තිබුනලු . හැබැයි වේගේ වැඩියි වගේම ඔහුටම කියලා බයිසිකලයක් තිබුනෙත් නෑ . නමුත් හදිසියට යාලුවන්ගෙන් බයිසිකල් ඉල්ලගෙන ගමන් ගොස් තිබුනා. ඉතින් ඔහොම දවසක් ගමනක් යද්දි මතක හිටින වැඩක් වෙලා . සිද්ධිය මෙහෙමයි.
1980 දශකයේ මුලභාගේ ජූනි මාසයේ මුල සතියේ දිනයක හරියටම මන් ඉපදිලා සතියකින් මගේ මවගේ මිත්තණිය මිය ගිහින් තියනවා. මගේ මව සිටි තත්වය අනුව ඇයට යාමට නොහැකි නිසා ඇය විචාරකතුමාට පැවසුවාලු , ඔයාට පුළුවන්ද මළ ගෙදර ගිහින් එන්න කියලා . යාළුවගේ බයිසිකලේ ගිහින් එන්න කිවුවාම, විචාරකතුමා එක පයින් හා කියලා .
දැන් විචාරකතුමා මළගෙදර යන්න පිටත් වෙලා . මට කියන්න බැරි උනා, එවකට මේ දෙදෙනා ගුරුභවතුන් නිසා පාසලේ ගුරු නිවාසයේ තමයි හිටියේ . ඉතින් එතන ඉඳලා ටවුමට මහාදුරක් නෑ. ගිහින් විනාඩි පහලු ගතවුනේ මවට ආරංචි උනාලු පාර අයිනේ තිබුණු කඩල කඩයක් කඩාගෙන බයිසිකලේ පෙරළිලා කියලා .
දැන් අම්මට "ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී" වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ . මාව දාල විචාරක තුමා බලන්න යන්න විදියක් නෑ. විචාරකතුමාගේ තත්වේ දන්නෙත් නෑ. භය බිරාන්තව ඉන්නකොට ආයේ පණිවිඩයක් ආවලු . විචාරකතුමාටවත් , බයිසිකලේටවත් හානියක් නෑ. කඩල කඩේ කුඩු කියලා . මළ ගෙදර එතනින් ඉවරයි . බයිසිකල් පැදිල්ලත් මගේ මව තහනම් කරාලු . ඉන්පසු 2015 වෙනකම් මන් දන්න පරිදි විචාරකතුමා බයිසිකල් පැද්දේ නෑ.
විචාරක දියණිය 12. 25 පැයට