2018 වසරේ මගේ පළමු ලිපිය තමයි මේ ලියන්න සැරසෙන්නේ . මා පසුගිය වසරේ පැවසූ පරිදි මෙම බ්ලොගයේ ලිපි මදක් වෙනස් කිරීමට උත්සාහ කරනවා. එහි සාර්ථක අසාර්ථකභාවය තීරණය වන්නේ ඔබලාගේ ප්‍රතිචාර මතයි . කෙසේ වෙතත් එම වෙනස් රටාවේ ලිපිවල පළමු වැන්න මෙසේ ඉදිරිපත් කරනවා.
ලෝකයේ භාෂාවන්, අක්ෂර වර්ග බොහොමයක් භාවිතා වෙනවා . එහෙත් ආදී මානවයා තම සන්නිවේදනය සඳහා මුලින්ම අක්ෂර සොයාගත්තේ කෙසේද යන්න විග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙනවා .
අක්ෂරයේ විකාශනය
මානව පරිණාමයේ සුවිශේෂී කඩයිම ගින්දර සොයාගැනීමයි . ආදී මානවයාගේ මුල්ම තාක්ෂණික ක්‍රියාවලිය එයයි . එහෙත් මානවයාගේ ප්‍රගමනය අධිවේගයෙන් ඉදිරියට පැමිණීමට මුල් වූයේ සන්නිවේදනය දියුණු විමෙන් පසුවයි . ඒ අනුව මිනිසා අක්ෂර කලාවට පිවිස ඇත්තේ මීට වසර 6000 කට පමණ පෙර බව තහවුරු වී තිබේ . එහෙත් භාෂාවේ ආරම්භය අදින් අවුරුදු 50000 කට පමණ පෙර යුගය දක්වා දිවයයි .
ආදි මිනිසා විසින් ශබ්ද උත්පාදනය කළ ආකාරය පිලිබඳ සාක්ෂි කෙන්යාවෙන් හමුවී තිබේ. ආදී මානවයාගේ නිජබිම වූ අප්‍රිකා මහාද්වීපයේ කෙන්යාවෙන් සොයාගන්නා ලද හිස්කබලක් විශ්ලේෂණය කළවිට එහි ( Voice Box ) විකිරණශීලි තත්වයක් දක්නට ලැබී ඇත. මිනිසාගේ ශබ්ද උත්පාදනය සඳහා සකස්වී තිබුණේ ස්වරාලයයි . වචන කිහිපයක් උච්චාරණය කිරීමට හැකිවන පරිදි ස්වරාලයේ වෙනස්කම් ඇතිවිය. භාෂාව නිසා අක්ෂර උත්පාද වී ඇති අතර , අක්ෂර සඳහා ශබ්ද උපයෝගී කරගෙන ඇත. වර්තමාන මිනිසාගේ ලඟම නෑයා ලෙස හඳුන්වන හෝමෝ සේපියන් මානවයා මෙන්ම අනෙකුත් මානව වර්ගයාද සංකේත නිපදවා ඇත. හෝමෝ සේපියන් මානවයා (Animal Symbolical ) ලෙස හඳුන්වා ඇත .
හෝමෝ සේපියන් මානවයාගේ මොළයේ වර්ධනයත් සමග නව ස්නායු ජාලද නිපදවීමෙන් නව නිර්මාණශීලිත්වයක් ඇතිවී තිබේ . මොළය විවිධ ක්‍රියාකාරිත්වයන් සඳහා වෙන්වූ ස්ථාන ලෙස සකස් වේ . එහිදී එක් ස්ථානයක් තවත් ස්ථානයක් හා සම්බන්ධ වීමේදි නව දෙයක් නිපදවයි. ඒ සඳහා භාවිතා කර ඇත්තේ සංකේතයි. ඒ අනුව ඔවුන් භාවිතා කරන ලද ප්‍රථම වර්ණ සංකේතය වන්නේ රතු වර්ණයයි මීට හේතුව ඔවුන්ගේ එදිනෙදා ජීවිතය හා (life style) බැඳුණු වර්ණය රතු වර්ණය වීමයි. එමනිසා මෙය ( First Code Colour ) ලෙස හඳුන්වනු ලබයි .
උදාහරණ - බඩගින්න - ඉදුණු රතුපාට ගෙඩි
අනතුරු - රතුපාට ලේ
මෛථුන්‍ය - රතුපාට අවයව
මේ අනුව මෙය ( Cultural code ) ලෙස හැඳින්විය හැකිය . සංකේත භාවිතා කරගනිමින් මුලින්ම භාෂාව වර්ධනය කරගත් මානවයා වන්නේ හෝමෝ සේපියන් මානවයාය. මෙම මානවයින් භාෂාව දියුණු කිරීමත් සමග තාක්ෂණයද දියුණු විය . ඔවුන් මුලිනම් සංකේත ලෙස භාවිතා කර ඇත්තේ කුඩා කුඩා ඉරි කැබලිය. පෙනුමෙන් ඉරි කැබලි වුවත් ඒවායේ විශාල අර්ථයක් ගැබ්වී තිබී ඇත . මිනිසා සංකේත භාවිතා කිරිමේ අරමුණ වූයේ ඔහුට කාලය හා අවකාශය සමග ගනුදෙනු කිරීමේ අවශ්‍යතාවයයි.
කාලය හා අවකාශය එකිනෙක බැඳී පවතී . කාලය නොමැතිව අවකාශය තේරුම් ගත නොහැකි අතර , අවකාශය නොමැතිව කාලයද තේරුම් ගත නොහැකිය . සංකේත මගින් කාලය හා අවකාශය ත්රුම් ගත හෝමෝ සේපියන් මානවයා ඒවා තම මොළයේ ගබඩා කරගන්නා ලදී . සංචාරක ජීවිතයක් ගතකළ මානවයා ස්ථිර ජනාවාස පිහිටුවා ගැනීමෙන් පසු සංකේත වෙනුවට රූප භාවිතය වැඩි කළේය . එහිදී මොළයේ ගබඩා කරගත සංකේත ප්‍රමාණයද වැඩිවිය . එමනිසා හෝමෝ සේපියන් මානවයාගේ සංකේත හදුනා ගැනීමේ ශක්තිය වැඩිවිය .
ඉතිරි කොටස ඊළඟ ලිපියෙන් ...........................
විචාරක දියණිය 22 .00 පැයට
.emoWrap {
position:relative;
padding:10px;
margin-bottom:7px;
background:#fff;
/* IE10 Consumer Preview */
background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Mozilla Firefox */
background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Opera */
background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Webkit (Safari/Chrome 10) */
background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2));
/* Webkit (Chrome 11+) */
background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* W3C Markup, IE10 Release Preview */
background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%);
border:3px solid #860000;
-moz-border-radius:5px;
-webkit-border-radius:5px;
border-radius:5px;
box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
-moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
-webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
font-weight:normal;
color:#333;
}
.emoWrap:after {
content:"";
position:absolute;
bottom:-10px;
left:10px;
border-top:10px solid #860000;
border-right:20px solid transparent;
width:0;
height:0;
line-height:0;
}