අපේ ගෙදර
අවුරුදු කුමාරයා පසුගිය අවුරුද්දේ අපිව
සදහටම හැරදාලා ගිය නිසා මෙදා පාර අපිට නම් අවුරුදු නෑ. එහෙත් මීට අවුරුදු අවුරුදු 20 කට විතර කට එහා අතීතයේ අවුරුදු
සැමරූ හැටි තාම මතකයි . ඒවායේ සුන්දර තැන් මෙන්ම අසුන්දර තැන්
නැතිවාම නෙවෙයි.
එහෙම අතීත මතක ටිකක් ගෙන එන්නයි මේ සූදානම
බයිසිකල්
රේස් සහ ගල් ප්‍රහාර
මේ සිද්දිය වෙනකොට මට වයස අවුරුදු 5ක් 6ක් විතර
ඇති . අද අවුරුදු උත්සවවල දක්නට නොලැබුනාට ඉස්සර අවුරුදු උත්සවවල අනිවාර්ය අංගයක් තමයි බයිසිල් රේස් කියන්නේ .
ඉතින් ඒ කාලේ බයිසිකල් ධාවකයන්ට වතුර
ගැසීම තමයි අපට තියන ලොකුම විනෝදෙ. පාර අයිනේ ගෙවල්වල හිටපු මට සහ වටේ සගයන්ට මේවා තමයි තියන වැඩ. හුඟක්
අවුරුදු උත්සවවලට මගේ පියාට නිවාඩු තිබුණේ
නැහැ . ඉතින් ඒ දිනවල ඔහු ආවේ අවුරුද්දට පසුව හෝ කලින් තමයි. මේ සිදුවීම වෙනකොටත්
එහෙම කාලයක් තමයි ගතවුනේ. මොකද ඔහු නිවසේ
ඉන්නකොට වැඩිය නිදහස ලැබෙන්නේ නැහැ. සිද්ධිය මෙහෙමයි අපේ කණ්ඩායම උදේ සෙල්ලම් කරමින් ඉන්නකොට යකඩ කටින් කෑ ගහගෙන
ගියා මහා බයිසිකල් ධාවන තරඟය දැන් ආරම්භ
වුණා මාර්ගයේ ඉඩ ලබාදෙන්න කියාගෙන .
සෙල්ලම
පැත්තක දාපු අපි දුවගන ගියා පාර අයිනට. ඒ කාලේ ඉතින් අද වගේ නෙවේනේ.......... මොකද වාහන
ඉගිලුනේ නෑනේ. ඉතින් ඒ හින්දා බය නැහැ. අද පාර අයිනට ගියොත් බෙල්ල නැතිව තමයි එන්න
වෙන්නේ. කොහොම හරි , අපේ අසල්වැසි අනුරුද්ද අයියගේ ගෙදර පාර අයිනේ තිබුණා වගේම හොද ඉඩකඩක් තිබුණා . ඒ වගේම එයාලගේ ගරාජ් එකක්
තිබුණා නිසා හොඳ ලොකු හෝස් එකකුත් තිබුණා . ඉතින් ඔන්න එකෙන්ම අපේ අය සූදානම් වෙලා ඉන්නේ වතුර ගහන්න . දැන් ඉතින්
අයියලා හෝස් එක අල්ලනවා අපි අප්පුඩි ගහලා කෑ ගහනවා . ඔන්න දැන් ඉති වැඩේ සුපිරියටම
යනවා . ඔහොම ගිහින් බයිසිකල් රේස් එක ඉවර වුනා හැබැයි අපේ හෝස් එක තාම වැඩ. හිටපු ගමන් අපේ
එක්කෙනෙක් කීවා, ඒ බන් පාරේ යන වාහනවලටත් වතුර අල්ලමුද කියලා ..........
අදහස හොඳයි කියලා කට්ටියම තීරණය කළා. එතකොටම ආවේ වැලි පුරවගන යන ට්‍රැක්ටර් එකක් . ඒකේ
කට මට්ටන් වෙනකන් වැලි පුරෝලා හතර පස්
දෙනෙක් වැලි උඩ වාඩිවෙලා තමා ආවේ. ඉතින් මොකද අපේ අයත් හෝස් එක මදි නොකියන්න ඇල්ලුවා. අපි ඉතින්
ඒ ෆන්
එකෙන් එතනම ඉඳගෙන සෙල්ලම් කර කර හිටියා . අපි නොදන්නවා උනාට ඒ ට්‍රැක්ටර් එක
ආපහු මේ පාරේ යන එකක් . ඉතින් අපිට රිටන් එක දෙන්න ඒගොල්ලෝ
ලැස්ති වෙලයි ඇවිල්ල තියෙන්නේ. ඒ අනුව
ගල්වලින් ගැහීම තමයි රිටන් එක.
මේ
ගැන මෙලෝ දෙයක් දන්නැති අපි පාර අයිනටම වෙලා
සෙල්ලම් කරකර හිටියා . හැබැයි මේ
සියලු සිදුවීම දැකපු එක වැඩිහිටියෙක්
හිටියා. ඒ තමයි අනුරුද්ද අයියගේ ගෙට ගෙවල් 2කට උඩින් හිටපු රාජපක්ෂ මහත්තයා, ඒ වගේම අර මිනිස්සු ගල් අරගන එනවත් එයා දැකලා තිබුණා. ඒ
උනත් එයා හිතුවේ නැහැ අපිට ගහන්නයි ගේන්නේ කියලා. ගල් 3 හතරක් එහෙන් මෙහෙන් ගියත්
කොහොම හරි බේරීලා ඉන්නකොට එක ගලක් ඇවිල්ලා මගේ කකුලේ වැදුණා. මම එහෙන්මම කෑ ගහගෙන අයින් වුණේ ඉවසන්න
බැරි කමට. කකුලේ ඇස් වටේ ළඟ ඉදිමුණා වගේම
අඩිය තියන්නත් අමාරු වුණා. හැමෝම බය වුනේ අම්බානක
බැනුම් අහන්න වෙන හින්දා. මමත් බය
වුණා අපේ අම්මට. කොහොම වුණත් අපි හැමෝටම
වඩා වැඩිමල් අනුරුද්ධ අයියා මාවත් එක්කගෙන
එයාගේ අම්ම ළඟට එක්කගෙන ගියා. මොකද එයා
නර්ස් කෙනෙක් නිසා. එදා හොඳ වෙලාවට එදා ගෙදර හිටියා. එයා මගේ කකුල අයිස් වලින්
තවලා බාම් වගයක් ගාලා බැන්ඩේජ් කරා . අපි සියලු දෙනා තීරණය කරා කකුල උළුක්කු වුණේ
සෙල්ලම් කරන්න ගිහින් කියලා ගෙවල්වලට
කියන්න. ඉතින් දවස් දෙක තුනක් යනකම් මම
කට්ටක් කෑවා.
කඹ ඇදීම සහ බෙල්ලට තොණ්ඩුව වැටීම
මගේ
පියාගේ භාෂාවෙන් කීවොත් අපේ නිවෙස පිහිටි ජනපදයේ වාර්ෂික අවුරුදු උත්සවය සැම වසරකම පවත්වනවා .
ගිය වසරේ ඔවුන් එය පැවැත්වුවේ නැහැ මගේ පියා රෝගාතුර වී සිටිනිසා . ඔය අවුරුදු උත්සවේ මරාගෙන මැරෙන ගේම් එකක් තමයි කඹ ඇදීම කියන්නේ . කට්ටිය ඒක ඔලිම්පික් කියලා
තමයි හිතාගෙන ඉන්නේ. කොහොම හරි එක අවුරුද්දක ඔය කඹ ඇදීමේ ටීම් එකකට මාවත් කට්ටිය
දාගන්නේ ශරීරය දිහා බලලයි. ඒ තරඟය ආරම්භය කෙරුණේ මගේ පියාගේ විසිල් එකෙන් . තරඟය
විනිශ්චය කරන්න තවත් කට්ටිය දාල තිබුණා මම හිටියේ අවසානේ. කඹය ඉනට දාගෙන ඇදගෙන
හිටියත් අපේ ඉස්සරම හිටිය එක්කෙනා අතින් ලිහිල් වෙලා කඹය ඇදුනා එහෙත් යා නොදී
හිරකරගත්තත් තව තවත් ප්‍රතිවිරුද්ධ අය
අදින්න අදින්න කඹය ලිහිල් වේවි බෙල්ලටම ආවා
. විනිශ්චය මණ්ඩලය ප්‍රතිවිරුද්ධ පාර්ශවයට දිනුම දිඉල තියෙද්දිත් අදින එක
නැවැත්තුවේ නැතිනිසා මාව හිරවුනා. මගේ
පියාවත් සිද්ධිය දැක්කේ නෑ . ප්‍රේක්ෂකයෝ කෑ ගහලා තමයි වැඩේ නවත්ත ගත්තේ. තව නූලෙන්
බෙල්ලට තොණ්ඩුව වැටීමේ තරගෙන් නම්
පළවෙනියා වෙන්න තිබුණා.
අවුරුදු ඇඳුම්
අලුත් අවුද්දත් එක්ක ඇඳුම් ළගින්ම යන මාතෘකාවක්නේ . අද කඩසාප්පුවලින් ඇඳුම් ගත්තට ඒ දවස්වල මෙන්ම අදත් අපේ අම්මා මටයි නංගිටයි ගවුම් 2ක් මහලා දෙනවා . අපිට ඒක මහමෙරටත් වඩා ලොකුයි. හැමදාම අවුරුදු සිරියත් එක්ක කාන්තාවන්ගේ විලාසිතා විදියට යන්නේ රෙද්ද හැට්ටය හින්දා එක අවුරුද්දක අපි අම්මට යෝජනා කළා අපට ගවුම් මහන්නැතිව රෙද්ද හැට්ට මහලා දෙන්න කියලා . ඉතින් අපේ අම්මත් රෙද්ද හැට්ටය විතරක් නෙවෙයි ඒවට හරියන පබළු මලත් වලලුත් අරන් දුන්නා. ඒ අවුරුද්දෙත් පියා අපි සමග අවුරුදු සමරන්න ගෙදර හිටියේ නෑ. නමුහ් අපි කැමති දේ කරන්න කියලා ඔහු මගේ මවට පවසා තිබුණා. ඉති රෙද්ද හැට්ටේ ඇඳලා කාර්යාලයම පිගන් අරන් ගෙවල් වලට ගිය මටයි නංගිටයි හොඳ ප්‍රතිචාර තිබුණා.
මගේ පියා සමග අවුරුදු සමරපු එක අවුරුද්දක අවුරුදු උදාව සිදුවුනේ රාත්‍රියක . ඒ කාලේ ඔහු නුවරඑළියේ සිටි නිසා ඔහු අවුරුද්දට නුවරඑළියෙන් මල් ගෙනාවා. ඉතින් ඒ අලුත් මල් පෝච්චිවල දාලා හරිම නැවුම් බවක් අලංකාරයක් මෙන්ම හරිම සුවදක් නිවස පුරාම තිබුණා. විශ්‍රාම ගත්තට පස්සේ සෑම අවුරුද්දක්ම බොහොම සතුටින් ගතකළා. මං හිතන්නේ ඉතාම සතුටින් ගතරපු අවුරුද්දක් තමයි 2003 අලුත් අවුරුද්ද . මතකය තමයි මිනිස්සු ජීවත් කරන්නේ කියලා මං විශ්වාස කරනවා .
විචාරක
දියණිය ප.ව 19. 00 පැයට