ගුරුවරු
උතුම්මය
අපගෙ
පෙර දෙවිවරුමය
එහෙමයි
පැරණි කාලෙ ගුරුවරයා හැඳින්වූයේ………..
සුනිල්
එදිරිසිංහ මහතා කියනවා
පැන
මඩ කඩිති වැව් තාවුල වැහිකාලේ
පෙන්නා
මග නොමග නොවැටී යන තාලේ
සිප්කිරි
පෙවූ මූසිලයන් උඩුමාලේ
අපෙ
ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ …………………..
මෙහෙම ගුරු භවතුන් තාමත් අපේ ඉස්කෝලවල නැතිවා
නෙවෙයි . ළමයින්ව යහමගට ගන්න වගේම
ඔවුන්ගේ දැනුම කුසලතා වර්ධනය කරන්න ගුරුවරු ගන්න වෙහෙස අපමණයි. මා මේ ලිපියට අද මුල පිරුවෙ මේ මාසය දෙක ඇතුළෙ
ගුරුවරුන්ගේ භූමිකාව සමාජය ඉදිරියේ හෑල්ලුවට ලක්වෙන එක දරාගන්න බැරි නිසා. මූලිකම හේතුව මමත් ගුරු පවුලකින් පැවත ඒමයි. මගේ පියාගේ මුල් රැකියාව
ගුරු වෘත්තිය ,මගේ මව ගුරුවරියක්, ගුරු උපදේශකවරියක්, ලෙස සේවය කරලයි විශ්‍රාම
ගියේ. සේවයෙන් ඉවත්වන තුරු කිසිම වැඩවර්ජනයකට තනතුරක් වෙනුවෙන් හිඟාකෑව අය නෙවෙයි. එහෙම ගුරුවරු විශාල ප්රමාණයක්මේ
රටේ ඉන්නවා. සුළු පිරිසක් කරන මේ
වැඩ නිසා සමස්ථ ගුරු පරපුර හෑල්ලුවට
ලක්වෙනවා.
ගුරුවෘත්තිය අනෙක්
සේවාවලින් වෙනස්වන පළමුවන දේ මා දකින හැටියට නම් අනෙක් සේවාවන්හි සේවකයන් නිර්මාණය
කරන්නේ ගුරුවරයා වීම නිසයි. හැබැයි අපේ කාලයේ ද
මූසිලයන් නැතිවාම නොවෙයි. ඔවුන් සිතන්නේ මුදල් යහමින් අතේ ගැවසෙන කොට බලය
ලැබෙන කොට උගන්නපු අය කවුද කියලයි. තමා තනියම මේ මාර්ගයන්
සොයාගත්බවක් තමයි ඔවුන් ප්‍රදර්ශනය කරනනේ . එහෙම අය මට පෞද්ගලිකවම
මුණගැහිලා තියෙනවා .
ගුරු වෘත්තියට මොකද වුණේ ?
සාමා
අමර විකුණති බස්පොළේ කජූ
කුමාරෝදෙ
පිටු දන්දෙති එයින් පසූ
උගතමනා
ශිල්පය පිල්කඩ නොපැතූ
වේවැල
වටා ඉකිබිඳ ඳඩුවමක් පැතූ
අනූව දහකයේ අගභාගය වන විට විසිඑක්වන සියවස පිළිගත්තට
පස්සේ ටියුෂන් කඩ දැවැන්ත ව්‍යාපාර බවට
පත්වෙන්නට වැඩිකාලයක් ගතවුණේ නෑ.
අත්‍යවශ්‍ය විෂයකට ටියුෂන් ගිය අපේ ළමයි විෂයන් 8ටම ටියුෂන් යන්න පටන් ගත්තා. ඒ වගේම අමුතු ටියුෂන් සංස්කෘතියක් ඇතිවූණා. වෛවාරන්න
ඇඳුම්වලින් සැරසිලා , මොන්ටේරෝ රථයකික් ගොඩ බැහැලා, යකඩ කටින් පොඩ්ඩ්ක් ළමයින්ව අවුස්සලා, කුණුහර්පයක් දෙකක් කියලා, තමන්ගේ පන්තිය මාතට් කරන්න මේගොල්ලො දක්ෂ වෙද්දි,
ඉස්කෝලෙ ගුරුවරයා කොයිතරම් හොඳට ඉගැන්නුවත්,
නිකම්ම දෙකයි පනහට වැට්ටුවා මේ සමාජ ක්‍රමය විසින්. අදක්ෂ ගුරු භවතුන් පාසැල්වල නැතිවාම නෙවෙයි. නමුත් සමස්ථය ඊට හාත්පසින් වෙනස්.
පාසැල් පද්ධතිය දේශපාලනය වීම
මා පාසැල් යන කාලෙත් ගුරුවරු වැඩවර්ජන කරන්න පටන්
ගත්තා. නමුත්
අපේ පාසලේ කිසිදු ගුරුවරයෙක් වැඩවර්ජනයක නියැලෙනවා අප දුටුවෙ නෑ. කෙසේ වෙතත් “දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්” හරි සුන්දර වචනයක්. මේ වචනෙ ඉස්සරහට දාලා ලොතු පිරිසක් විවිධ
තනතුරුවලට ගියා මට හොඳට මතකයි 1998 – 2008
යන කාල වකවානුවල. විදුහල්පති ,විෂය
අධ්‍යක්ෂක , කලාප අධ්‍යක්ෂක , මේ තනතුරු ඒ කාලෙ හොඳට ලබා දුන්නා . මේ දේශපාලන මඩගොහොරුවෙ අතුරු ප්‍රතිඵලයක් විදියට
පාසැල් පද්ධතියක් විනාශ මුඛයට ඇදලා දාන්න පුළුවන් වුණා. වෘත්තීය
සංගම් පිහිටුවා ගත්තා. හැබැයි ගුරුවරුන්ගේ අයිතීන්වලට නෙවෙයි. තමන්ගේ බඩගෝස්තරවාදය වෙනුවෙන්, දේශපාලකයන්ගේ අතකොළු වෙච්ච මානසික නිවටයො ටිකක්, මේ රටේ ඉන්නවා . සිවුරෙන් අයුුතු ප්‍රයෝජන ගන්න, ගුරුවරුන්ගේ
වැටුපෙන් තමාගේ වගේ ජීවත්වෙන , සටන්පාට
කියෙවුවට ජීවිතේට අකුරක් උගන්නලා නැති,
මිනිස්සු ටිකක් තමයි ලොක්කෝ වෙලා තියෙන්නේ.
නුුසුදුසු පුද්ගලයන් ගුරුවරු වීම
අද සමහර පාසැල්වල
ළමයින්ට සිය ජීවිතේම වරද්දලා තියෙන්නේ ගුරුවරු වගයි පේන්න තියෙන්නේ. අපයෝජනය
කිරීම්, පංති
තහනම් කිරීම්, හිරිහැර
කිරීම් , මේවාට හේතුව නුසුදුසු පුද්ගලයන් කුමන හෝ ලෙසින්
ගුරුවරුන් බවට පත්වීම මෙන්ම හා ඔවුන්ගේ වගකීම් විරහිත බාවයයි .
කෙසේ වෙතත් අවසානයේ වර්තමානය වනවිට පාසැල්
පද්ධතිය සහ ගුරුවරයාගේ භූමිකාව ඉතා විශාල ඛේදවාචකයනට මුහුණ පා ඇත .
විචාරක දියණිය රාත්‍රී 22.00 පැයට