ඔබ සියලුදෙනාම මේ වනවිට අනන්තවාරයක් ස්තූපයන් වන්දනාමාන කර ඇතැයි සිතේ. ඒ වගේම විවිධ වූ ස්තූපවර්ග ලංකාවේ මෙන්ම ලෝකයේද නරඹා ද සිටිය හැකියි. එමෙන්ම ස්තූපය ලංකාවේ ආරම්භය පිළිබඳව ශාසන ඉතිහාසයෙන් හා සාමාන්‍ය ඉතිහාසයෙන් හදාරා ඇතැයි සිතමි. එහෙත් ඔබට මේ වනතෙක් ගෝචර නොවූ ස්තූපයේ විකාශය සහ අංග ඒවායේ උපයෝගීතාවය පිළිබඳ ඔබ සමග බෙදා හදා ගැනීමට කැමැත්තෙමි.
ස්තූපය නිර්මාණය වූයේ ක්‍රි. පු. 6 වන සියවසේ බුදුන්වහන්සේගේ පහළ වීමත් සමග යැයි පුරාවිද්‍යාඥයන්ගේ හා ඉතිහාසඥයන්ගේ මතයයි. බුදුන්වහන්සේ දේශනා කළ ධර්මයට අනුව ස්තූපයක් ඉදිකළ ගෞරවය දැක්විය හැකි පුද්ගලයන් සතර දෙනෙකි .
( දීඝ නිකාය මහා පරිනිර්වාණ සූත්‍රය)
|
රුවන්වැලි සෑය
|
දාගැබ, ස්තූපය , චෛත්‍යය යන විවිධ නම්වලින් මෙය හඳුන්වා ඇත. චේතිය හෙවත් චෛත්‍ය යන නම භාවිතා වී ඇත්තේ උස කඳු මුදුන යන අර්ථය ඇතිවය. ඊට හේතුව මෙම ස්තූපය සාදන ලැබුවේ උස්ව පිහිටි භූමි තුළය. පන්සලක නම් මෙය එම පන්සල් භූමියේ උසින්ම පිහිටි ස්ථානයේ ඉදිකරන ලදී. "වැවයි දාගැබයි ගමයි පන්සලයි" යන තේමාව පැමිණියේ ද මේ කරුණු පදනම් කරගෙනය. අතිතයේ පැරණි වැව් ගම්මානවල සිටි ජනයා වෙනුවෙන් ඔවුන් සාදා ගනු ලබන වැවෙන් ඉවත් කරන ලද පස් උපයෝගී කරගෙන එම ගමේ උසම ස්ථානයේ මෙම වෛත්‍යය ඉදිකරන ලදී .
අප කවුරුත් දන්නා පරිදි බුදුන්වහන්සේගේ ධාතු වන්දනාව සඳහා උන්වහන්සේගේ ශ්‍රී දේහයේ කොටස් තැන්පත් කරමින් මෙම චෛත්‍ය ඉදිකරන ලදී . ඒ අනුව ලංකාවේ ඉදිකළ මුල්ම චෛත්‍යය ථුපාරාමයයි. එය ක්‍රි පු 3වන සියවසට අයත් වේ. එම චෛත්‍යය දේවානම්පියතිස්ස රජතුමාගේ අනුග්‍රහයෙන් බුදුන්වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කරමින් සාදවන ලදී. මෙය "කාල ප්‍රසාද" නමින් හඳුන්වා ඇත. ඊට හේතුව නිවැරදි ශිල්පීය තාක්ෂණය නොතිබි එකල තෙත මැට්ට වියළීම සඳහා ගිනි ගසා පිළිස්සිම නිසා චෛත්‍යෙයේ බිත්ති කළු පැහැ ගැන්වීම නිසාවෙනි.
ස්තූපයේ විකාශනයත් සමග විවිධ හැඩ ඔස්සේ ස්ථුපයන් නිර්මාණය කරන ලදී. මෙම හැඩ යන් අනුව ප්‍රධාන වර්ග 6කට මේ ස්තූපයන් නම් කරනු ලැැබීය. ඒවා නම්
- ඝණ්ඨාකාර - ඝණ්ඨාකාර යනු ඝාණ්ඪාරයක හැඩය මෙන් සාදා ඇති චෛත්‍යය වේ. මේවා ප්‍රමාණයෙන් කුඩා චෛත්‍යය වේ. මේ ආකාරයේ චෛත්‍යයකට උදාහරණයක් ලෙස ථූපාරාම චෛත්‍යය, සේරුවාවිල චෛත්‍යය හැඳින්විය හැකිය.
- ඝටාකාර - ඝටාකාර යනු කළගෙඩියක හැඩයට සාදා නිමකළ චෛත්‍යයයි. මීට උදාහරණ ලෙස සෝමාවති චෛත්‍යය හා මගුල්මහාවිහාර චෛත්‍යය හැඳින්විය හැකිය.
- ධාන්‍යාකාර - ධාන්‍යාකාර යනු වී ධාන්‍ය ගොඩක් එක්රැස්කළ හැඩයෙන් යුක්තවන ආකාරයට නිමවන ලද චෛත්‍යය වේ. මෙවැනි චෛත්‍යයනට ඇති හොඳම නිදසුන කැලණි ස්තූපයයි. එමෙන්ම වර්තමානයේ ලංකාවේ ස්තූප බහුලව ඉදිකරන්නේ මෙම ධාන්‍යාකාර හැඩයටය.
- පද්මාකාර - පද්මාකාර යනු නෙළුමක හැඩය ගන්නා චෛත්‍යයන් වේ. ඊට උදාහරණ ලෙස දෙමළ මහා සෑය හා බුත්තල යුධගනා චෛත්‍යය වහන්සේ හැඳින්විය හැකිය.
- බුබ්බුලාකාර - බුබ්බුලාකාර යනු දිය බුබුළක හැඩයකින් යුතුව නිර්මාණය කරන ලද චෛත්‍යයන‍් වේ. ඊට නිදසුන් ලෙස තිස්සමහාරාම චෛත්‍යය හා රන්කොත් වෙහෙර හැඳින්විය හැකිය .
- ආමලාකාර - ආමලාකාර යනු නෙල්ලි ගෙඩියක හැඩයෙන් යුක්තව ඉදිකරන ලද චෛත්‍යය වේ. මෙවැනි ස්තූප දුර්ලභ වන අතර වර්තමානයේ ලංකාවේ දක්නට නොලැබේ.
|
කැළණි දාගැබ
|
පලමු කොටස නිමයි. දෙවෙනි කොටසින් ස්තූපයක අංග සහ එහි උපයෝගීතාවය පිළිබඳ දැනගනිමු .
පොත පත හා අන්තර්ජාලය ඇසුරිණි.
විචාරක දියණියපස්වරු 2200 පැයට
.emoWrap {
position:relative;
padding:10px;
margin-bottom:7px;
background:#fff;
/* IE10 Consumer Preview */
background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Mozilla Firefox */
background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Opera */
background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Webkit (Safari/Chrome 10) */
background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2));
/* Webkit (Chrome 11+) */
background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* W3C Markup, IE10 Release Preview */
background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%);
border:3px solid #860000;
-moz-border-radius:5px;
-webkit-border-radius:5px;
border-radius:5px;
box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
-moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
-webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
font-weight:normal;
color:#333;
}
.emoWrap:after {
content:"";
position:absolute;
bottom:-10px;
left:10px;
border-top:10px solid #860000;
border-right:20px solid transparent;
width:0;
height:0;
line-height:0;
}