මෙම ලිපියෙන් ඔබට ස්තූපයක අංග හා එහි උපයෝගීතාවය පිලිබඳ පැහැදිලි කිරීමක් කරන්නයි බලාපොරොත්තුව. අද අපි දකින ස්තූපයක ප්‍රධාන කොටස් ඔබට පහත දැක්වෙන පිංතූරයෙන් පැහැදිලි කරගත හැකිය.
ඒ අනුව ස්තූපයක කොටස් පහත පරිදි නම් කළ හැකිය.
- අඩිතාලම හෙවත් පාදම
- වාහල්කඩ ( ආයකය)
- මලසුන
- පේසා වළළු
- ගර්භය
- හතරැස් කොටුව
- දේවතා කොටුව
- කොත් කැරැල්ල
- කොත ( චූඩා මාණික්‍ය)
දැන් අපි ඒ එකිනෙකක් පහත විග්‍රහ කරඇත.
- අඩිතාලම හෙවත් පාදම
මෙම පාදම හා අඩිතාලම පිළිබඳව සාකච්ඡා කිරිමේදී ඉතා සවි ශක්තියෙන් යුක්තව මෙය සකස්කරන ලද බව දක්නට ලැබෙන කරුණකි. ක්‍රි. ව. පළමු සියවසේ මහාථුපය හෙවත් රුවන්වැලිසෑය තැනවිම පිිිළිබඳ දිර්ඝ විස්තරයක් මහා වංශයේ සදහන් වේ. එනම්
" මිහිපල් තෙමේ සෑම අයුරින් ම මහා සෑය ස්ථිර කරනු පිණිස සෑය ගොඩනඟන තැන සත් රියනක් යටට කැණවීය. අර්ථාන්විත දැක්මෙහි සමත් වූ රජතෙමේ යෝධයන් ලවා හුණුගල් එහි ගෙන්වා, කුළු ගස්වා, පොඩිකළ ගල් භූමිය ස්තිර වනු පිණිස සමින් වැසූූ පතුල් ඇති ඇතුන් ලවා මැඩවීය. "
( බටුවන්තුඩාව දේවරක්ෂිත සංස්කකරණය, 115 )
මෙහිදී ගඩොලින් බඳිනා ලද විශාල දාගැබ එහි බරින්ම කිඳා බැසිම වැළැක්විම සඳහා අඩිතාලම හෙවත් පාදම ස්ථිර ලෙසත් සවි ශක්තිමත් ලෙසත් සැකසිමට කටයුතු කළ බව මින් පහැදිළි වේ .
මහාචාර්ය එච්. සි. පී. බෙල් මහතා පවසන පරිදි වර්තමාන අභයගිරි ස්තූපයේ පාදම ( එකල ජේතවනය ලෙස හැඳින්වූ) පඩි සහිත ගඩොල් බැම්මකින් යුත් එහි අත්තිවාරම මළුව මට්ටමේ සිට අඩි 26ක් යට සිට පටන්ගන්නා බවත් ගඩොල් බැම්මට යටින් කොන්ක්‍රීට් තට්ටුවක් අතුරා තිබූ බවත් දැක ගන්නා ලදී. මෙහිදී ස්තුපයේ පාදම අඩි 370 ක විෂ්කම්භයකින් යුක්ත බව සලකා බලන කල අත්තිවාරම දැමීමේ දී කෙතරම් ගඩොල් ප්‍රමාණයක් පොළව යට වැළලී තිබෙනු ඇද්දැයි සිතා ගත හැකිබව ඔහු ප්‍රකාශ කර තිබේ. මෙම යෝධ දාගැබ් බැන්ඳවුන් ඒ සඳහා කෙතරම් පරිශ්‍රමයක් දරා ඇත්ද යන්නත් එහිදී ගම්‍යමාන වේ.
අභයගිරිය මුලින් හඳුනා ගන්නා විට
2. වාහල්කඩ හෙවත් ආයකය
මෙම ආයකය යනුවෙන් හඳුන්වනු ලබන්නේ පැරණි ස්තුපවල සතර දිශාව බවත් ස්තූපයේ පහළ කොටසට සම්බන්ධව ඉදිකෙරුණු ප්‍රක්ෂේපණ 4ක් වේ. ගල් පුවරුවලින් නිමවා ඇති මෙම අංගය මූලික වශයෙන්ම සෘජුකෝණාස්‍රාකාර හැඩයක් ගනී. මෙහි මධ්‍ය කොටස ඉදිරියට නෙරා ඇති ස්වභාවයකින් යුක්ත වේ. පහළම කොටස කැටයම්වලින් තොරව සරල ගල් පුවරුවලින් නිර්මාණය කර ඇති අතර, ඉහළ කොටස ඇතුළුපැත්තට හා පිටපැත්තට නෙරා ගිය ගල්තීරුවලින් සමන්විත වේ. එසේම මෙම වාහල්කඩ දෙකෙළවර උස් ගල්කණු හා මිටි ගල් කණු දක්නට ලැබේ. මෙම වාහල්කඩ කැටයම් කිරිම සඳහා විවිධ කැටයම් යොදාගෙන තිබේ. එම කැටයම්වලින් සෞභාග්‍ය හා ආරක්ෂාව බලාපොරොත්තු වි තිබේ.
මෙම සතර දිශාවේ ආයකයන්ට ඇතා, අශ්වයා, සිංහයා, ගවයා යන සත්ව රූප යොදාගෙන තිබේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන පවසන පරිදි මෙම සතුන්ගෙන් නිශ්චිත දිශාව හඟවා ඇත. සිංහ රූපය සැමවිටම උතුරු දිශාභිමුඛව පවතින බව ඔහු පවසයි. මීට අමතරව සත්ව පෙරහැරවල්, නාගරූපය, වාමන රූප, මකර රූප, හංස රූප, නෙළුම් මල, ලියවැල් හා මල් වැල් මෙම කැටයම් අතර දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ පැරණිම වාහල්කඩ දක්නට ලැබෙන්නේ මිහින්තලේ කණ්ඨක චෛත්‍යයෙනි. රුවන්වැලි සැයේ හා මිරිසවැටියේ වාහල්කඩ කැටයම් මීට වඩා තරමක් දියුණු වී ඇති අතර, ජේතවනයේ හා අභයගිරියේ කැටයම් වාඩාත් මුහුකුරා ගොස් ඇති ආකාරය දැකිය හැකි බව පුරාවිද්‍යාඤයන්ගේ මතයයි. එහෙත් පොළොන්නරු යුගයේදී මෙහි කලාත්මක බව නැතිවි ගිය අතර මෙය ගඩොලින් ඉදිවිම ඇරඹුණි.
මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ වාහල්කඩ ( ආයකය)
ලිපිය දීර්ඝ වූ විට එහි රසවත් භාවයට හානිවන හෙයින් දෙවන කොටස මෙතනින් හමාර කරමි.
අන්තර්ජාලය
ශ්‍රී ලංකාවේ ස්තූපය - එස්. පරණවිතාන
විචාරක දියණිය
පස්වරු 21 00 පැයට
අභයගිරිය මුලින් හඳුනා ගන්නා විට |

මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ වාහල්කඩ ( ආයකය) |
ලිපිය දීර්ඝ වූ විට එහි රසවත් භාවයට හානිවන හෙයින් දෙවන කොටස මෙතනින් හමාර කරමි.
අන්තර්ජාලය
ශ්‍රී ලංකාවේ ස්තූපය - එස්. පරණවිතාන
විචාරක දියණිය
පස්වරු 21 00 පැයට