වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත, 'හරාකිරි' නමැති කාව්‍ය එකතුව මා වෙත ලැබී තිබෙනවා. ඔබ සමග එහි රස විඳගන්නටයි මේ ලිපිය ඉදිරිපත් කරන්නේ. වෛද්‍ය ජයතුංග සිය ආවේනික වෘත්තියෙහි යෙදී සිටිමින්ම ලේඛන කලාවේද නිරත වන අයකු බව මේ අඩවියට නිතර පිවිසෙන අය හොඳින්ම දන්නවා. ඒ නිසා ඔහු ගැන තවත් වර්ණනා නොකොට අපි ඔහුගේ නිර්මාණය දෙසට හැරෙමු.
මේ නිර්මාණ තුළ යම් නවමු බවක් ඇතිබව පෙනීයන නිසයි, ඔබවෙත ඉදිරිපත් කරන්නට සිතුනේ. ඔබට මතකද, කලකට ඉහත, ජාතික රූපවාහිනියේ විකාශයවූ, එක්තරා ටෙලි නාට්‍යයක ජනප්‍රිය චරිතයක් තිබුනා 'ලීලසේන' නමින්. වෛද්‍ය ජයතුංග ලීලසේන ගැන මෙහෙම කියනවා.
දෙමව්පිය වැඩිහිටි ගුරුවර සියළු දෙනා විසින්, දරුවනට උගන්වන ආගමික සදාචාරය දෙස, ජයතුංග මහතා බලන්නේ මේ ආකාරයෙන්.
යුද්ධය ගැන කියවෙන නිර්මාණ දෙකක් අතරින් පළමුවැන්නයි මේ.
රූපවාහිනියේ කෙරුවාව ඔහු දකින්නේ මෙලෙසයි.
ගුත්තිල මූසිල කතාව දෙස නව දෘෂ්ටි කෝණයකින් කතුවරයා බලා ඇති ආකාරයයි පහත දැක්වෙන්නේ.
සාහිත්‍යය පරිහරණයෙන් ඈත්වී සිටින වත්මන් සමාජය කතුවරයා දකින්නේ මෙහෙමයි.
මේ කාව්‍ය සංග්‍රහයේ මා සිත තදින් වෙලාගත් නිර්මාණයයි, අවසාන වශයෙන් ඔබවෙත ඉදිරිපත් කරන්නේ. අපේ රටේ පැවති යුද්ධය, කළු ජූලිය, ජනවාර්ගික අර්බුදය, සංහිඳියාව, යන සියල්ල දෙස, යථාර්ථවාදී ලෙස හෙලන ලද බැල්මක් වශයෙන්, මේ නිර්මාණය හඳුන්වන්නට පුළුවන්.
මේ කාව්‍ය නිර්මාණ සියල්ල අති විශිෂ්ට නිර්මාණ යයි මම නොකියමි. එහෙත් මේ මනෝ වෛද්‍යවරයා මානව දයාව පෙරදැරි කරගත් චිත්ත සන්තානයකින් යුතුව තමන් මේ සමාජය වෙත හෙලන බැලුම් අපූර්වෝක්තියකට නගා ඇති බව මට හැඟෙයි. ඔබට සිතෙන්නේ කුමක්ද?