අපි පාසල් යන කාලයේ හිටියේ 'පත්තරකාරයෝ' විතරයි. මාධ්‍යවේදීන්
හිටියේ නැහැ. ඒ පත්තරකාරයෝ,
මහා විශ්මයජනක දේවල් කළා.
ඩී.බී.ධනපාල, ගුණදාස ලියනගේ, බෙනඩික්ට් දොඩම්පෙගම, එඩ්මන්ඩ් රණසිංහ, දෙල්තොට චන්ද්‍රපාල, ධර්මසිරි ගමගේ, පෙරමුණේ තිලක, එඩ්වින් ආරියදාස, වැනි පත්තරකාරයන්ගෙන්
අප ලද දැනුම, ඇත්තටම
අද ඉන්න සමහර 'මාජ්ජ වේජීන්' කියාගන්නා උන්නැහේලාට
හිතන්නවත් බැහැ.
අපේ රටේ ඊනියා මාධ්‍යවේදීන් ගැන
මට තිබෙන අප්‍රසන්නම අත්දැකීම වන්නේ, යුද්ධයේ අවසාන
භාගයේදී, යුද වාර්තාකරණය සඳහා, පැමිණි සමහර විද්‍යුත්/මුද්‍රිත
ජඩ මාධ්‍යවේදීන් ගේ හැසිරීමයි.
ඔවුන්ව ඉතා පහසුවෙන් අරක්කු වලට, කෑම වලට, නම්මවා ගන්න
පුළුවන්කම තිබුණා.
සමහර සේනාංකාධිපතිවරුන්, හීන් නූලෙන්, තම ප්‍රතිරූපය
නංවාගන්න මේ ජඩමාධ්‍යවේදීන් පාවිච්චි කළා. ඒ කියන්නේ, ඔවුන් ස්වාධීන මාධ්‍යවේදීන්
නොවන බවයි.
එමෙන්ම නිලධාරි නිවස්නයක නවාතැන් ලබාදුන්
පමණින්, ඔවුන්ගෙන්
සමහරක් අය, තමනුත් ශ්‍රී ලංකා යුද හමුදාවේ අධිකාරී ලත්
නිළධාරීන් යයි සිතාගෙන කටයුතු කළා. සමහර ජ්‍යොෂ්ඨ නිලධාරීන්ට මචං
කියා අමතන්නට ගොස්, හොඳ හරුප අහගෙන,
බලුකුක්කන් තත්වයට වැටුණා. නිලධාරි නිවස්නයේ
කාර්‍ය මණ්ඩලයේ සැරයන් මේජර් වරුන්ට,
මාණ්ඩලික සැරයන් වරුන්ට, කෝප්‍රල් වරුන්ට, අණදෙන්න උත්සාහ කළා. සුළු සේවකයන්ට, 'ඒයි තමුසේ' බාසාවෙන් කථා කර, කාර්‍ය මණ්ඩලයෙන්
බැනුම් අහගත්තා.
යුද වාර්තාකරණය ලෙස ඔවුන් කළේ, ඒ ඒ සේනාංකයේ සිටින
බුද්ධි නිලධාරීන්
විසින් ලබාදෙන තොරතුරු, තමන්ගේ දෑසින් දුටු
ආකාරයට පළකිරීමයි.
මේ මාධ්‍යවේදීන් යුද වාර්තාකරණය ගැන පුහුණුවක්
නොලැබූ අය නිසා, ඔවුන්ව ඉතා කලාතුරකින් පමණයි, පෙරමුණට ගෙනගියේ. ත්‍රස්තවාදීන්ගෙන්
අල්ලාගත් ප්‍රදේශවල ආරක්‍ෂාව තහවුරු කලාට පසුව පමණයි, ඔවුන්ව ඒ තැන් වලට
ගෙනගියේ. කිසිදු මාධ්‍ය ආයතනයක්,
යුද වාර්තාකරණය ගැන තම මාධ්‍යවේදීන්ට
පුහුණුවක් දෙන්න උත්සාහ කලේ නැහැ.
සමහර මාධ්‍යවේදීන් එකිනෙකා සමග අසභ්‍ය වචනයෙන්
බැනගත්තා, එක් අයකු දන්නා තොරතුරු,
අනෙක් අය සමග බෙදාහදාගන්නේ නැතැයි
කියා. මෙයින්, කරුණු කීපයක් ගම්‍ය වනවා. එකක්, තමන් මහන්සිවී තොරතුරු
සොයන්න තරම්, සමහර මාධ්‍යවෙදීන් වෘත්තීයමය පරිචයක් ලබා නැති බව. අනුන්ගෙන්
යැපීමෙන්, සමහරවිට තමන් අතින් ලියවෙන්නේ, සත්‍ය තොරතුරු නොවන
බව සිතන්නට තරම්,
සදාචාරයක් නැතිවීම. ඇත්ත නැත්ත කොහොම
වෙතත්, අනෙක්
මාධ්‍ය ආයතන වලට කලින්,
උණු උණු (කුණු) පුවත් හැකිතරම් ඉක්මනින්
මහජනතාව අතට පත්කිරීම.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කියන්නේ කවුද?
අනේ මේ අයට නිදහසේ කතාකරන්න දුන්නොත්, උන් තමන්ගේ පාලකයන්ගේ
හත්මුතු පරම්පරාවටම සාප කරනවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වර්ග
දෙකක්වත් ඉන්නවා, අවම වශයෙන්. එක් වර්ගයක් වන්නේ, යම්කිසි රැකියාවක
යෙදෙන අතර, වාර්තාකරනයේත් යෙදෙන අය. අනික් වර්ගය වන්නේ පූර්ණකාලීනව
මාධ්‍ය වාර්තාකරණයේ යෙදීම. එහෙම පූර්නකාලීනවකටයුතු කරන අය මාධ්‍ය
ආයතන කීපයකට තොරතුරු සපයනවා. නැත්නම් හාමතේ මැරෙන්නයි වෙන්නේ.
මේ අයගෙන් බහුතරය උපරිම
වශයෙන් අපොස උසස්පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ අය. නමුත් බොහෝ
දෙනෙකුගේ භාෂා හැකියාව කණගාටුදායක ලෙස දුර්වලයි. පුවත්පත් වාර්තා කියවීමේදී මොවුන් අතින් ලියවෙන, දෙකොනින් හිනායන
වාග්මාලා, යෙදුම්,
ග්‍රාම්‍ය වචන, දකින්නට ලැබෙනවා.
එමෙන්ම මොවුන් දින දෙකතුනකට වරක්වත් 'නැගලා යන'
වර්ගයේ ප්‍රවෘත්තිය නොදුන්නොත් බලු
බැණුම් අහන්න වෙනවා,
තමන්ගේ මාධ්‍ය ආයතනයෙන්. සමහරවිට
රැකියාව අහිමි වෙන්නත්
පුළුවන්.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පමණක් නොව, මාධ්‍ය ආයතනවල
සේවය කරන සමහර මාධ්‍යවේදීන්ගේ පවා සාමාන්‍ය දැනුම ඉතා පහල මට්ටමක පවතින්නේ.
ඔවුන්ගෙන් අතිමහත් බහුතරය, තම රැකියාවට අදාළ ඒකාකාරී කාලසටහනක දිනපතා
නියැලෙනවා විනා, මාධ්‍යවේදියකු ලෙස තම ඉදිරි දැක්මක් සහ දියුණුවක් ගැන
උනන්දුවන්නේ නැහැ.
විශේෂයෙන් අන්තර්ජාතික මට්ටම කුමක්ද
යන්න අධ්‍යයනය කරන්නේ නැහැ. එමෙන්ම එවැනි අයට තම වෘත්තීය දැනුම
දියුණු කරගැනීමට
සහ සාර්ථක වෘත්තීය මාධ්‍යවේදියකු වීමට
මගපෙන්වන ආයතන නැතිවීමත් බලවත්
අඩුවක්. ජනමාධ්‍යවේදී උපාධිය හෝ
ඩිප්ලෝමාව පමණක් තිබීම සියල්ල කරන්නට ලැබුන බලපත්‍රයක් ලෙස සිතන
අමනොඥ මාධ්‍යවේදීන් ද සිටිනවා.
ඔනෑම සිද්ධියක් මැද්දට පැන, ඕනෑම රාජ්‍ය ආයතනයක්
අස්සට රිංගා, (පෞද්ගලික ආයතන ඇතුලට රිංගන්න ඉඩ
ලැබෙන්නේ නැහැ. එවිට ආඩාපාලි කියමින් පැත්තකට වෙනවා. හේතුව, කොහෙන් හෝ රිංගා, 'වාර්තාකොරණය' නොකිරීම ගැන, තම ලොක්කන්ගෙන්
බැණුම් අහන්නට සිදුවීමයි) හැරුණු හැරුණු අතේ පින්තූරගන්නට, විශේෂ අධිකාරි බලයක් තමන්ට
ඇති බොහෝ මාධ්‍යවේදීන් සිතනවා. කොස්ගම පිපිරීම සිදුවෙමින් අවස්ථාවේ දී, මේගොල්ලන්ට ඇතුලට
යන්න ඉඩ දෙන්නයි තිබුණේ, හොඳ අත්දැකීමක් ලබාගැනීම සඳහා.
මාධ්‍යවේදීන් සෑම හමුදා නිලධාරියාවම දැන
සිටිය යුතු නැහැ. නමුත් හමුදාපතිවරුන්ගේ නමවත් දැන සිටිය යුතුයි. ඒ ඒ විෂයය
භාර ඇමතිවරුන්, රජයේ නිලධාරීන්,
( මහේස්ත්‍රාත්, ප්‍රාදේශීය ලේකම්, වෛද්‍ය අධිකාරි, අඩවි වන නිලධාරි, සුරාබදු නිලධාරි
වැනි) පිළිබඳව ද
දැනසිටිය යුතුයි.
නාවික හමුදාපති සම්බන්ධ සිද්ධියේදී ඔහුට
තිබුණා, ඒ
නිලධාරියා දකිනවිටම, ඒ කවුද කියා නාවික හමුදා සාමාජිකයකුගෙන් අසා
දැනගන්න. එහෙම කලානම්, මීටත් වඩා හොඳට නාවික හමුදාපතිවරයා යම්
අකටයුත්තක් කලානම්, වාර්තා කරන්න තිබුණා. එකවරම ඔහුට බාධාවන
පරිදි සිටීම නිසා, මාධ්‍යවේදියාට හොඳ අවස්ථාවක් මගහැරුණා.
ගැටුම් වාර්තාකරණය යනුවෙන්, මාධ්‍යවේදයට අදාළ
වැදගත් කොටසක් තිබෙනවා. මෙහිදී සාධාරණත්වය සහ අපක්ෂපාතිත්වයට ඉහල සැලකීමක්
දියයුතුයි. මේ සිද්ධිය වාර්තා කරන්න හිරු මාධ්‍ය ජාලයේ
වාර්තාකරුවකු පමණක් මෙලෙස අස්සට රිංගුවේ ඇයි?
එය පෙර සූදානමකින් කල දෙයක්ද?
ඊයේ පැවැත්වුණු රූපවාහිනී ප්‍රවෘත්ති
සාකච්ඡාවකදී, අර්ජුන රණතුංග ඇමතිවරයා ප්‍රකාශ කළා, තමා මේ සිද්ධියට
පෙරදින එම ස්ථානයට ගියවිට, එක්තරා වියුත් මාධ්‍යවේදියකු, පසුදින ද පැමිනෙන
මෙන් අමාත්‍යවරයාගෙන් ඉල්ලාසිටි බවත්,
ඒ ඇයිදැයි විමසුවිට, එම මාධ්‍යවේදියාට
වඩාත් වාසිවන ආකාරයට තොරතුරු වාර්තා කලහැකිවන්නේ, එලෙස පසුදිනත්
පැමිණියහොත් බව, එම මාධ්‍යවේදියා ප්‍රකාශ කල බවත්. මෙයින් පෙනෙන්නේ, අපි නොදන්නා විවිධ
සෙල්ලම් තිරය පසුපස සිදුවන බවයි.
මේ ප්‍රශ්නය විසඳන්න කළයුතුව තිබුණේ
කුමක්ද?
1. හමුදා/පොලිස් ඔත්තුකරුවන් යොදවා, වර්ජකයන්ගේ ප්‍රමාණය, ඔවුන්ගේ චිත්ත
ධෛර්යයේ ප්‍රමාණය, හදිසියකදී ඔවුන්ට පිටතින් ආධාර
ලැබෙන්නේනම් ඒ කාගෙන්ද කොහොමද කියා සොයා බැලීම.
2. මේ පිරිස මර්දනය/අකර්මන්‍ය කිරීම සඳහා
ජීවිත හානි නොවන ආකාරයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සහ, ප්‍රහාරක උපක්‍රම
සලකා බැලීම.
3. පොලීසිය යොදවා, වර්ජකයන්ගේ අවධානය
පොලීසිය වෙත යොමු කරවාගනා අතර,
එය දිගින් දිගට ඇදෙන රඟපෑමක් කරමින්, නාවික හමුදා ක්‍රියාන්විතයට
අවශ්‍ය වෙලාව ලබාගැනීම. තවත් පොලිස් කණ්ඩායමක් යොදවා, වර්ජකයන්ට පිටතින්
ලැබෙන ආධාර වලට ප්‍රහාර එල්ලකොට,
පලවා හැරීම. මේ වෙලාවේ, ඒ ප්‍රදේශයේ සියලුම
ජංගම දුරකථන සංඥා ක්‍රියාවිරහිත කිරීම.
4. ප්‍රහාරාත්මක තත්වයක් ඇතිවී තිබෙන
බැවින්, ජීවිත
වලට වගකිව නොහැකිවන නිසා, මාධ්‍යවේදීන්ට වහා එම ස්ථානයෙන් ඉවත්වන ලෙස
දැන්වීම. ඉවත් නොවන මාධ්‍යවේදීන්ව ඡායාරූප ගතකර ගැනීම. පළිගන්න
නෙවෙයි. වාර්තා තබාගන්න.
5. නාවික හමුදා කිමිදුම් කරුවන් සහ විශේෂ
ප්‍රහාරක බෝට්ටු බලගණය Special Boat Squadron
= SBS යොදවා, තුවාල සිදු
නොවන, එහෙත්
කම්පනයට සහ අධික තැති ගැන්මට ලක්වන,
බෝම්බ ප්‍රහාරයක් Stun Grenade එල්ලකොට
වර්ජකයන් පලවා හැරීම. (මේ වෙලාවේදී පොලීසියට පුළුවන් පන්න
පන්නා පහරදී, (රබර් උණ්ඩ,
කඳුළු ගෑස්) තුවාල සිදු නොකොට ඔවුන්ව
වරාය පරිශ්‍රයෙන් සම්පූර්ණයෙන් එලවා දමා, යළි පැමිණීමට
නොහැකිවන ආකාරයට, පොලිස්
ආරක්ෂාවක් යොදන්න)
6. නාවික හමුදාව, අර නැව් දෙක නිදහස්
කරගෙන, වරායෙන්
පිටතට රැගෙන යාම.
මතකතියාගන්න. එක්තරා කියමනක් තිබෙනවා, කේක් එක අතේ තියාගෙන
ලස්සන බලන්නත්, කන්නත් දෙකම කරන්න බැහැ. එක්කෝ ලස්සන බැලිය
යුතුයි, නැත්නම්
අනුභව කලයුතුයි. You can't have the
Cake and eat the Cake.
අසභ්‍ය වචන වලින් ඉදිරිපත්
කරන කමෙන්ට්ස් කපාහරිනු ලැබේ.
2016 දෙසැම්බර් මස 13 වැනි
දින 1148 පැය.