නෑ නෑ ඒ පස්මහ බැළුම් නෙවෙයි, මේ මගේ පස්මහ බැළුම්. වැඩේ කියන්නේ, ඊයේ තමයි මේ ලිපිය ලියන්න ඕනේ. නමුත්, අද රෑට රෑ වෙලා තමයි මතක්වුණේ. මොනවා කරන්නද, මතක්වෙච්ච වෙලාවේදි වත් ලියන්න එපායැ. ඈ.........? මොකක් ගැනද ලියන්නේ කියලද ඇහුවේ. අනේ වෙන මොකක් ගැන ලියන්නද පින්වතුනි, මේ මගේම බ්ලොග ගැන ලියනවා ඇර.
හප්පොච්චියෙ සෙල්ලන්ද කොල්ලො කිව්වලු. මේ දෙසැම්බර පහළොස්වැනිදාට, මේ බ්ලොග් කෙරුවාව පටන් අරන්, අවුරුදු පහක් වෙනවා ඔන්න. මට මතක්වෙන්නේ, මම පළමුවැනි පියවර තැබූ ආකාරයයි. හිතේ කිසිම විස්වාසයක් තිබුණේ නැහැ වැඩේ හරියයි කියලා. ටික දවසක් ලිපි එක දෙක ලියවෙනකොට තමයි, තමුන්නාන්සේලාගේ 'පෙතිචාර' ලැබුණේ. එයින් ලද අහවල් දහිරියෙන් තමා, අද වනතුරු ලියන්නේ.
මේ අවුරුදු පහ ඇතුළත ලද, සතුටුදායක, කණගාටුදායක සහ අප්‍රසන්න අත්දැකීම් බොහොමයි. සතුටුදායක වන්නේ හොඳ ප්‍රතිචාර ලැබීම සහ සම්මාන වලින් ද පිදුම් ලැබීමට වාසනාවන්ත වීමයි. කණගාටුදායක වන්නේ, සමහර බ්ලොග් සහෘදයන්, බ්ලොග් ලිවීම මෙන්ම කියවීමද අතහැර දමා ඇති නිසයි. අප්‍රසන්න වන්නේ අමන පුද්ගලයන්, රිසි සේ බ්ලොග් ලෝකය පුරා තම දූෂිත සිත්වලින්, බ්ලොග් කමෙන්ට් වසුරු හෙලීමයි. තවත් සමහරු නිර්ලජ්ජිතව මගේ ලිපි සොරකම් කොට තමන්ගේ මෙන් පළකිරීමයි.
මගේ බ්ලොග් ලිපිවල ලියන යුද තොරතුරු සඳහා කමෙන්ට් වලදී පින්තූර සහ වීඩියෝ යෙදීමට අවශ්‍ය වෙනවා. නමුත් ඉතා මෑතකදී, ගූගල් සමාගම, එම පහසුකම අත්හිටුවීම මටනම් බලවත් පාඩුවක්. මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියේදී නම් ඒ හිරිහැරය නැහැ.
ලියන්නට දේ දහස් ගණනක්, මා මනසේද, මගේ පුස්තකාලයේද, තිබුණත්, එකවර කෙටුම්පත් කීපයක වැඩ කලත්, සමහර වෙලාවට කම්මැලිකමක් දැනෙනවා ලියන්න. ඒ රෝගය කාලෙන් කාලෙට බ්ලොග් ලියන්නන්ට වැළඳෙන රෝගයක් වෙන්න ඇති.
ඉතා දීර්ඝ විස්තර රාශියක් සිතට ආවත්, ඒ සියල්ල යටපත් කරගෙන, මෙතෙකින් නවතින්නේ, 'සිතේ සවිය සහ ගතේ සවිය තිබෙනතුරු, ඔබ වෙනුවෙන් ලියමි' යන සිතුවිල්ල පෙරදැරි කරගෙනයි.
2016 දෙසැම්බර් මස 16 දින 0020 පැය.
ජයවේවා පහට..!!!
ReplyDeleteහෙඩිම දැක්කම මමනං හිතුවේ විචා බැලුම් පුම්බලාය කියල පහක්ම රෑට රෑ උනාම....:)
ස්තුතියි චෙෆාකි.
Deleteදාන්නම බැලුන් පුම්බන්න තියා කණට පිඹින්නවත් ලැබෙන්නේ නැහැ. :D
පස්වන වසරට පියනගන https://wicharaka.blogspot.com ට ජයවේවා! මේ කාලය තුළ බෙදා හැරි ඥාන සම්භාරය වෙනුවෙන් තුති කුසුම්
ReplyDeleteඔබතුමාගේ කමෙන්ට් එක ආශිර්වාදයක් කොට සලකනවා. බොහොම ස්තුතියි.
Deleteසුබ පැතුම් විචාරකතුමා 😊😊😊😊😊
ReplyDeleteබොහොම ස්තුතියි ඉසුරු.
Deleteපහක් සම්පූර්ණ කිරීමට සුබපැතුම්!
ReplyDelete//ලියන්නට දේ දහස් ගණනක්, මා මනසේද, මගේ පුස්තකාලයේද, තිබුණත්, එකවර කෙටුම්පත් කීපයක වැඩ කලත්, සමහර වෙලාවට කම්මැලිකමක් දැනෙනවා ලියන්න. ඒ රෝගය කාලෙන් කාලෙට බ්ලොග් ලියන්නන්ට වැළඳෙන රෝගයක් වෙන්න ඇති.//
Writer's block එකක් වගේ තේරෙනවානම් එය මඟ හැර ගැනීමට විසඳුම්.
http://io9.gizmodo.com/5844988/the-10-types-of-writers-block-and-how-to-overcome-them
අපේ සිංහල බ්ලොග් කොච්චර හොඳඳ කියා හිතෙනවා ඒ වගේ දේ කියවන්න ගියාම.
Deleteඇඩ්වර්ටීස්මන්ට්, අනවශ්‍ය පින්තංර පිරිලා. අජූවයි.
මං මාතෘකා දහය විතරක් කියවලා ආපහු ආවා!
@ ඉකොනොමැට්ටා
Deleteබොහොම ස්තුතියි ඔබේ සුබපැතුමට. ඔබ දුන්න ලින්ක් එක දිගේ ගිහින් ගොඩක් දේවල් කියෙව්වා. ඇත්තෙන්ම ගතයුතු යමක් තිබෙනවා. ස්තුතියි ඒ ලින්ක් එක දුන්නට.
සිතේ සවිය ද ගතේ සවිය ද චිරාත් කාලයක් පවතීවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි!
ReplyDeleteහදවතින්ම කල සුබ ප්‍රාර්ථනයට ඔබට බොහොම ස්තුතියි.
Deleteවිචා සර්ගෙ පහට ජයවේවා....ජයබෝල නාත් ජයමා කාලී....
ReplyDeleteබොහොම ස්තුතියි ඉරේෂ්. ඔය ලියලා තියෙන්නේ හින්දිද?
Deleteආ..ඔව් මෙ අර shiwanya...drama එකෙ ප්‍රසිද්ධ වදනක් සර්...කොල්ලෝ නිතරම කියවන්නේ .....
Deleteලෙහෙසි පහසු කාලයක්ද අවුරුද පහක් කියන්නේ. එදා දැක්ක එකටත් ගොඩක් සතුටුයි. හමුදාවේ හිටිය කෙනෙක් හැටියට බැරෑරුම් තද මුහුණක් දකින්න හිටියත් සිනාවෙන් පිරුණු කරුණාවන්ත මුහුණක් දැක්කේ. අවුරුදු පහට් උණුසුම් සුභ පැතුම්. දහයේදී ලොකු පාටියක් දාමු.
ReplyDeleteඇත්තෙන්ම අජිත් මටත් වෙලාවකට පුදුම හිතෙනවා මම අවුරුදු පහක් ලිව්වද කියලා.
Deleteඔබේ සුබපැතුමට බොහොම ස්තුතියි. එය මා දිරිගන්වන සුබ පැතුමක්.
විචාරක මහතා,
ReplyDeleteසෑමවිටම හරවත් .... රසවත් යමක් අප වෙත ගෙන එන ඔබට හද පිරි ස්තුතිය සමග වසර පහක් පිරීම වෙනුවෙන්; පිළිගන්න මගේ උණුසුම් සුභ පැතුම් !!!!!.
ඔබට ජයෙන් ජය!
ඔබට බොහොම ස්තුතියි 'නිර්නාමිකයාණනි' ඔබටත් ජයවේවා!
Deleteපහට ජය වේවා....
ReplyDeleteබොහොම ස්තුතියි සූටික්කෝ.
Deletehttps://wicharaka.blogspot.com/2015/02/blog-post_17.html
ReplyDeleteපාර්ටි කතා තමයි මම උබගේ කැමතිම ලිපිය ...
උබට ජය ශ්‍රි මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් තව කාලයක් ලියන්න ලැබේවා
හෙහ් හෙහ්, ඇත්තටම සමහර පොස්ට් ලියනවා නෙවෙයි ලියවෙනවා.
Deleteබොහොම ස්තුතියි මෙන්ඩෝ. ඉක්මණින් හමුවෙමු දවසක.
ReplyDeleteමොටාර්, කාලතුවක්කු, තුවක්කු, රයිෆල්, පිස්තෝල, ගල්කටස්,කඩු, කිරිංචි, මන්න, නකල්ඩස්ටර්, මඩුවලිග,ඩප්පි, මාමයිට්කුප්පි වලින් අපිව සන්නද්ධ කරන්නට විචරකතුමාට තවත් දහයක් නොව තවත් බොහෝ කාලයක් බ්ලොග් ලියන්නට ආයුබෝ වේවා.
අම්මපා තව මොනවද ඉතුරුවෙලා තියෙන්නේ? එව්වත් මතක්වුනාම ලියන්නම්.
Deleteඅනේක වාරයක් ස්තුතියි ඔබේ සුබ පැතුමට.
සුබපැතුම් විචාරක.
ReplyDeleteතවත් චිරාත් කාලයක් ඔබගේ හරවත්, වැදගත්, රසවත් සටහන්වලින් සිංහල බ්ලොග් ලෝකය පෝෂණය කරන්නට ලැබේවා ! අැත්තටම වසර 5ක් ලිවීම කියන්නේ අභියෝගයක්.
මම නම් බ්ලොග් ලෝකයට අැවිත් තවම මාස කිහිපයයි. මම හිතාගෙන ඉන්නේ මේ දෙසැම්බරයෙන් පසු බ්ලොග් ලිවීමෙන් කාලයක් අෑත් වී ඉන්න.
මුලින්ම කියන්න තියෙන්නේ බ්ලොග් ලිවීමෙන් ඈත්වෙන්න එපා. මාසයකට එකක් හෝ ලියන්න. ඉඩ ලබෙනවිට, ලියන්නට දේවල් වලින් හිත පිරෙනකොට, නොකඩවා ලියන්න.
Deleteඔබේ සුබ පැතුමට බොහොම ස්තුතියි.
dirtykavi.blogspot.com
ReplyDeleteබලන්න
කෝ ඒ බ්ලොග් එක මකා දමලා නේ.
Deleteඇත්ත තමයි ඇයි ඒ
Deleteජයෙන් ජය විචා......!!!!!
ReplyDeleteඔහොම යං......
බොහොම ස්තුතියි.
Deletesalute
ReplyDeleteThanks a lot
Deleteසුබපැතුම් විචා!
ReplyDeleteබොහොම ස්තුතියි රාජ්.
Deleteසුබ පැතුම්. තව තවත් හරවත් ලිපි ලිවීමට ශක්තිය ලැබේවා
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට. මීටපෙර මේ පැත්තේ ආව බවක් නම් මතක නැහැ.
Deletesuba pethum obata. idiriyatath liyanna wicharaka thumani
ReplyDeleteබොහොම ස්තුතියි ගීතිකා.
Deleteසුභ පැතුම් !!! තවත් දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!
ReplyDeleteඔබට බොහොම ස්තුතියි තරිඳු
Deleteමගෙත් උණුසුම් සුබ පැතුම්. චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!
ReplyDeleteබොහොම ස්තුතියි දිලීප
Deleteබ්ලොගේ පහ කරා නේද :D
ReplyDeleteවිචාට නිදහසේ සිතන්න සහ ලියන්න ධෛර්යය සහ ශක්තිය ලැබේවා!!!! නිදුක්...නිරෝගි ජීවිතයක් පතමි.
පහකරපුවා ඒදං සොඤ්ඤං සුවාමිනී.
Deleteස්තුතියි අරු. උඹේ සුබපැතුම මට ආශිර්වාදයක්.
සුබ පැතුම් පහට! ඔන්න ඔහේ ලියාගෙන යන්නයි තියෙන්නේ වැඩි දුර හිතන්නේ නැතිව..
ReplyDeleteබොහොම ස්තුතියි පැතුම්.
Deleteඔව් මමත් හිතාගන්නේ බොහොම සරලව සහ සැහැල්ලුවෙන් ලියන්න.
සුබ පැතුම්!.....ඔබට දීර්ඝායුෂ සහ නිරෝගී සුවය පතමි..
ReplyDeleteඔබට අනේක වාරයක් ස්තුතියි.
Deleteසුභ පැතුම් විචාතුමෝ!
ReplyDeleteබොහොම ස්තුතියි මයි ඩියර් ඇණ තුමෝ.
Deleteපස්වෙනි අවුරුදු බ්ලොග් කෙරුවාවට,සුභ පැතුම් !!!
ReplyDeleteහෙහ් හෙහ්, වෙලාවකට ඉතින් කම්මලක වැඩ කරනවා වගේ තමයි. එච්චරට මහන්සියි.
Deleteස්තුතියි සුබපැතුමට.
අපේ විචී පුතීට ජියින් ජීම වීවා...
ReplyDeleteවීවා තියා නැට්ටෙමෝල් වත් නැතුව ඉන්නේ.
Deleteබොහොම ස්තුතියි.
සුභ පතුම් විචා... ලියන්න පුළුවන් තාක් ලියන කෙයඉ තියෙන්නේ.. එක එක කාළකන්නින්ගේ මූසල වැඩ වලින් කළකිරෙන්නේ නැතිව...
ReplyDeleteබොහොම ස්තුතියි මාතේ. උඹේ අවවාදය ඉස්මුදුනින් පිලිගන්නවා.
Deletemata mathak una eeye ra 5k neda kiyalaa. hariyatama mathakayak thibbeth na nikan laawat laawata wage thibbe. menna bole mama hari.
ReplyDeleteමේ කමෙන්ට් එක කියවලා මට පුදුම හිතුනා හරී, ඔයාට කොහොමද මතක තිබුණේ කියලා.
Deleteබොහොම ස්තුතියි. උදාවන නත්තල ජයෙන් ජයවේවා! ජේසු පිහිටයි!!
මට මතක තිබුනේ දෙසැම්බර් 6 හෝ 16 කියලයි. මගේ බ්ලොග් එකට 6ක් වෙනවා ගිය සැප්තැම්බරයට. මට මතකයි විචාරක මහත්තයා බ්ලොග පටන් ගත්තෙ ඊට අවුරුද්දකට පස්සෙ දෙසැම්බරයේ කියලා.
Deleteසතු හැකියාව බ්ලොග අතරේ විහිදුවමින්
ReplyDeleteගෙතු ලිපි අපේ දැනුමට උපකාර වෙමින්
පැතු ලෙස පහෙන් ඉදිරියටම යනු කියමින්
ඇතුගල්පුරේ දුමියත් සුභ පතමි මෙයින්......
ජයවේවා!!!
බොහොම ස්තුතියි දුමී. ඔබේ කවි සුබපැතුම, මට කළ ආශිර්වාදයක් ලෙස පිලිගන්නවා.
Deleteසුභ උපන්දිනයක් වේවා..!!
ReplyDeleteඔබලා මාවත හෙලි පෙහෙලි කළ නිසා අපි සිරි නරඹමින් ඒ මාවතේ පිය නඟනවා.
තව තවත් මනහර ලිපි සමඟින් බ්ලොග් එක ලියන්න සුවෙන් සතුටින් චිර ජීවන ලබත්වා..!!
ජයවේවා..!!
බොහොම ස්තුතියි ලබ්ස්. ඔබේ දිරිගැන්වීම මගේ ඉදිරිගමනට අත්වැලක්.
Deleteහුටා... ඔය කිව්වමයි මතක් වුනේ අර කරකුට්ටං වෙන්න වේලිලා තියන මගේ බ්ලොග් කඩමාල්ලටත් මේ තුන්වෙනිදට අවුරුදු පහක් කියලා...
ReplyDeleteසුබ පැතුම් විචා.. නිරෝගීකම සහ දීර්ගායුෂ පතනවා, මේ කෙරුවාව තව බොහෝ කාලයක් කරගෙන යාමට..
ජයම වේවා !
මොනවා........ඒකත් එහෙමද. එහෙනං ඉතිං,
Deleteඅනේ ඉතිං අපි දෙන්නට - මේ බ්ලොග් දෙකෙහිම සරණයි.
බොහොම ස්තුතියි සෙන්නා. හැමදාම වගේ ඉල්ලන්නේ නැවතත් ලියන්න කියලයි.
ජයවේවා.. හුරේ.. පාටියක් දාමු.. හැබැයි රෑ දොලහෙන් පස්සේ.. මේ ටිකේ ඉස්ම යන්න වැඩ..
ReplyDeleteබොහොම ස්තුතියි සුබපැතුමට.
Deleteමට උඹට කෝල් එකක් දෙන්නත් ඕනෙකමක් තියනවා. හෙට අනිද්දා දෙන්නම්.
වසර පහක් පුරා
ReplyDeleteබෙදාගත්තාට
තුති විචා!
බොහොම ස්තුතියි.
Deleteඋබ පහෙන් පස්සේ මේවට උත්තර දෙන්නේ නැද්ද
ReplyDeleteදෙන්නං දෙන්නං, මේ සති අන්තය බොහොම කාර්‍ය බහුලයි.
Deleteසත්හට සෙත්දෙන ලෝක ශිවාකර
ReplyDeleteභගවා පතනුන් ගෙන් සරණා...
පත්මේ නුරුන් වන විශ්ණු කතරගම
සමන් විභීෂණ දෙව් සරණා....
යෙහෙන් පතන්නෙමි වෙසෙනු චිරාකල්
සව් සැපතින් පතනා ලෙසිනා...
පත්වන දුක් හැම දුරහැර ලෝ සැප
අත්වේවා ඔබහට යෙහෙනා...
බොහොම ස්තුතියි පූසෝ. වෙනස් ආකාරයේ හරිම අර්ථවත් සුබපැතුමක්. ඔබට අනේක වාරයක් ස්තුතියි.
DeleteAll the best keep it up
ReplyDeleteAye Aye Sir.
Deleteඅවුරුදු පහක්! ඉදිරි කාලයට සුභ පැතුම්
ReplyDeleteඔබ තුමාගේ ලිපි වල වෙනස් දෙයක් තියෙන නිසා කමෙන්ට් නොදැම්මත් කියවනවා.
ඉදිරියටත් හොඳ ලිපි කියවන්න අපිට වාසනාව ලැබේවා !
කෙමෙන්ට් එකක් තමයි එයාලගේ සතුට ...ඒක නිසා පොඩි හරි කෙමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලනවා
Delete@ නයනේ - සිතුවිළි
Deleteබොහොම ස්තුතියි ඔබේ සුබපැතුමට. මා දන්නවා නිතර කමෙන්ට් නොදැම්මත්, මගේ ලිපි කියවන සෑහෙන පිරිසක් ඉන්න බව.
මෙන්ඩා කියනවා වගේ ලිපිය කියෙව්වා කියා හෝ කමෙන්ට් එකක් දානවානම් එය මහත් දිරිගැන්වීමක්.
අඩියක් ගහමු සතුටට
ReplyDeleteමගේ ගෙවිච්ච සපත්තු දෙකක් තියනවා අඩි ගහගන්න. එහෙනම් ගහමු.
Deleteගහමු ගහමු...බයිට් මන් ගානේ .....
ReplyDeleteඑල කොල්ලෙක්නේ
Deleteටීපෝ එකයි පුටුයි මං ගානෙ. නැත්තං උඹල බිම ඉඳගෙන බීල සමස්ථ බ්ලොග් ලෝකයටම කැළලක් එක් කරයි. හැක්..
Deleteසර්වියට්ස්, බීම වීදුරු, පොල්කටු සංගීතය මගේ ගානේ.
Deleteගසලා ඉවර වෙනකොට...පුටු හොයන්නත් බැරිවෙයි....
Deleteහැමදාමත් හරවත් යමක් දුන්නු බ්ලොග් එකක්... ජයවේවා විචාරකතුමා...
ReplyDeleteබොහොම ස්තුතියි ඩිල්ශාන්.
Deleteසුබ පහක් විචා. දිගටම ලියන්න ශක්තිය ලැබේවා.
ReplyDeleteබ්ලොග් වල මළපහ කරන එවුවංගෙ අහවල් එකේ කාලතුවක්කු උණ්ඩයක් ගහල කටට AK47 එකෙන් උණ්ඩයක් දෙමු.
බොහොම ස්තුතියි ප්‍රසන්න.
Deleteහප්පොච්චියෙ සයිබර් අපරාධ කළා කියලා මාව අල්ලාගෙන යයි. ඊට ලේසියි පුකට පොරොප්ප ගහලා අරළු බොන්න දෙමු.
පහට සුබපැතුම් විචා. තව තවත් දේවල් ලියන්න හැකියාව ලැබේවා.
ReplyDeleteබොහොම ස්තුතියි හැලපෙ ඔබේ සුබපැතුමට.
Deleteඅවුරුදු පහට සුබ පැතුම්...!
ReplyDeleteමේ අවුරුදු පහට සිංහල බ්ලොග් වල ඔබ හොඳ අනන්‍යතාවක් ගොඩ නගාගෙන තිබෙනවා.ඉදිරියටත් ලියන්නයි තියෙන්නේ දිගටම.
බොහොම ස්තුතියි මනෝජ්. ඉදිරියටත් ලියන්නම්.
Deleteඔබේ ලිපි හුඟක මං කියවන්න හා කමෙන්ට් කරන්න කැමතිම දේවල් තිබුනා.
ReplyDeleteස්තුතියි.
සුබ පැතුම්
ඒ වගේමයි ඔබේ කමෙන්ට්වල තියනවා, වෙනත් බොහෝ අය නොදකින පැත්තක්.
Deleteඔබටත් බෙහෙවින්ම ස්තුතියි.
පහට ඔන්න මගෙනුත් පහක්! ජයෙන් ජයම වේවා!! චිරාත් කාලයක් ලියන්ට ලැබේවා!!!
ReplyDeleteඔබේ සුබපැතුම මට හුඟක් වටිනවා. බොහොම ස්තුතියි.
Deleteඅවුරුදු පහක් ලිව්වයි කියන්නේ සෙල්ලන්ද කොල්ලෝ.
ReplyDeleteතැන්කිව් වෙනවා අපි නොදන්නා දේ රිසර්ච් ඔක්කොම කොරල කොම්ප්ලිට් එකට දෙනවට.
(මට මේ දෙවැනි පොස්ට් එක ලියා ගන්ඩ බැරුව ලතවෙනවා.)
විචා සෑර් ඔබටත් බ්ලොගයටත් හැට්ටර්ගේ සහ විට්ටර්ගේ උණුසුම් සුබ පැතුම්!
සැලුට් කරා, මෙන්න අපි ගියා.
බොහොම ස්තුතියි හැට්ටරේ මේ පැත්තේ ඇවිත් මාව දිරිමත් කලාට. ඉදිරියටත් හැකි පමණින් ලියන්න හිතෙන්නේ මේ වගේ කමෙන්ට්ස් දැක්කමයි.
Delete