හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

11 May 2014

අපි දැකපු කාර් (හතරවැනි කොටස) Vintage Cars in Our Time (Part Four)


alvis     මේ පරණ කාර් ලිපි මාලාව මෙතරම් ජනප්‍රියවේ යයි මා මුලින් සිතුවේ නැහැ. නමුත් බොහොමයක් දෙනා මේ ලිපි මාලාව අගය කර තිබෙන අතරම, තමන්ගේ දැණුමද, ලිපි වලට දක්වන ප්‍රතිචාර ලෙස එක්කිරීම නිසා, ලිපි මාලාවට ආලෝකයක් ලැබුණා. මීට කලින් ලියවුන කොටස් තුන කියවා නැති අයට, පළමුවැනි කොටස මෙතැනින්දදෙවැනි කොටස මෙතැනින්දතුන්වැනි කොටස මෙතැනින්ද, කියවන්න පුළුවන්. ඉතා දීර්ඝ ලිපි මාලාවක් ලෙස ඉදිරියට ගෙනයා හැකි නමුත්, මේ කොටසින් මේ ලිපි මාලාව අවසන් කළයුතුයැයි මා සිතනවා.
අද ලිපිය ආරම්භ කරන්නේ, එදත් අදත් ජනප්‍රිය වාහන වර්ගයක් වන අපේ කටට හුරු උච්ඡාරණයෙන් කියනවා නම් පර්ජෝ Peugeot (මෙය Google translation එකේදී කියවුනේ 'පජියෝ' යනුවෙන්) ප්‍රංශයේ නිෂ්පාදනයක් වන මේ වාහන වර්ගයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. බොහොම අභිමානවත් හා ශක්තිමත් වාහනයක් ලෙස මේ වාහන වර්ගය ප්‍රසිද්ධයි. මුලින්ම බලන්න පර්ජෝ ලාංඡනය කාලීනව වෙනස්වී ඇති ආකාරය.


cbleoag-15


   පර්ජෝ වාහන වල මට මතක තිබෙන පැරණිම මෝස්තරය වුණේ පර්ජෝ 203 මොස්තරයයි. පර්ජෝ වාහනන ඒ කාලයේ සිටම ලංකාවේ පොලිස් සේවය හා සම්බන්ධයි. මට මතකයි මේ 203 මෝස්තරය සහකාර පොලිස් අධිකාරි වරුන්ගේ නිළ රථය වශයෙන් ලබාදී තිබුන බව. 

  පර්ජෝ වාහන වල මෝස්‌තර අංකය එක්තරා රටාවකට අනුවයි සකසා තිබුණේ. ඒ රටාව අද දක්වා විකාශනය වී තිබෙනේ මේ පහත දැක්වෙන ආකාරයටයි.

104, 106, 107, 108 (නමුත් මුලින්ම හැදුවේ මේ මෝස්‌තර නෙවෙයි 201 සිට ඉදිරියට ඇති මෝස්‌තර) 
මේ රටාව අනුව යමින් ; 201, 202, 203, 204, 205, 206, 207 208
ඊළඟට; 301 සිට 309 දක්වා, සහ 401 සිට 408 දක්වා,
ඉන්පසු; 504, 505, 508
නැවත; 601,604,605, 607
අටසීය කාණ්ඩයේදී; 806 සහ 807
ඉන්පසු; 905, 907, 908
අවසාන වශයෙන්; 1007, 2008, 3008, 4007, 4008, 5008

   මේ සෑම මෝස්‌තර අංකයක්ම පින්තූර වලින් මෙහි දැක්වීමට මා අදහස් කරන්නේ නැහැ. ඒ කාලයේ ජනප්‍රිය වී තිබුණු මෝස්‌තර කීපයක් පහත දක්වනවා. මතකතබාගන්න මේ පහත මා දක්වන සෑම මොස්තරයක්ම පාහේ පොලීසියේ උසස් නිළධාරීන්ගේ නිළ වාහන ලෙස යොදාගැණුනා. 

peugeot-203

peugeot-403-04


peugeot-404-algerie-peugeot-404-algerie-big

peugeot-504-05


peugeot-304-coupe-05


peugeot-104-s-02

දැන් ඉතින් පර්ජෝ ගැන කතාකලා ඇති. අපි මීළඟට බලමු ෆියට් වාහන ගැන. ඉතාලියේ නිෂ්පාදිත ෆියට් වාහන ලංකාවේ අතිශයින් ජනප්‍රිය වී තිබුණා. ඒ අතින් වඩාත් ජනප්‍රිය මෝස්තරයක් වුණේ සාමාන්‍ය ව්‍යවහාරයේදී බග් ෆියට් Bug Fiat යනුවෙන් හැඳින්වුන මෝස්තරයයි. මා මෙහි දක්වන්නේ, 1960 දශකයේදී දකින්නට ලැබුණු මෝස්‌තර පමණයි. මේ වාහන වලත් අර ෆොක්ස්වැගන් වාහන වල වගේ එන්ජිම තිබුණේ පිටිපස්සේ. ෆියට් 1100 නමැති මෝස්තරයේ එන්ජිම තිබුණේ ඉදිරි පස.


5-FIAT


cars_other_1968-fiat-500_81181


MHV_Steyr-Fiat_600_01



01432Kraków


fiat-1100-10


   ඔබ දන්නවා ඇති බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ මරණය සිදුවුණේ වාහන අනතුරකින් බව. එදා ඩයනා කුමරිය ගමන්ගත් වාහනය සමග ෆියට් වර්ගයේ වාහනයක් ගැටුන බව වාර්තා වුණා. ඒ ෆියට් යූනෝ (ඌනෝ?) වර්ගයේ සුදු පැහැති වාහනයක් බව කියවුණත්, ඒ වාහනය සොයාගැනීමට නොහැකිවුන බවත් වාර්තාවුනා. මේ පහත දක්වන්නේ ඒ වර්ගයේ වාහනයක්. මේ මෝස්තරය ලංකාවේ තවමත් එකක් දෙකක්වත් ඇති.


DCF 1.0


   ප්‍රංශයේ නිෂ්පාදිත රේනෝ Renault වාහන වලට අපි කිව්වේ 'රෙනෝල්ට්' කියලයි. මේ වාහන වර්ගයේ නව මෝස්‌තර 1980 දශකයේදී පවා ලංකාවට ආවා. නමුත් මා මෙහි පෙන්වන්නේ 1950 - 60 කාලයේදී අපි දුටු, රේනෝ ඩව්ෆින් Renault Dauphine (අපි කිව්වේ රෙනෝල්ට් ඩෝපින් කියලා)


renault4


Renault Dauphine


   1980 දශකයේ ආව රේනෝ 4 නමැති කාර් (පෙනෙන්නේ වෑන් එකක් වගේ) මෝස්තරයේ ගියර් දැමිල්ල හිනායන වැඩක්. හරියට කුඩ මිටක් වගේ තමයි ගියර් පොල්ල තිබුණේ. ඒක පස්සට ඇදලා අදාළ ගියරයට අනුව වමට හෝ දකුණට කරකවලා ආපසු දැමීම තමයි කරන්න තිබුණේ. හරි අමාරුවෙන් පින්තූරයක් හොයාගත්තා ඒ විකට ගියර් දැමිල්ල පෙන්වන.


OLYMPUS DIGITAL CAMERA

මීළඟට මගේ මතකයට එන වාහන වර්ගය වන්නේ වොක්ස්හෝල් Vauxhall  නමැති වාහන වර්ගයයි. මේ වාහන වර්ගයේ කුඩා ප්‍රමාණයේ වාහන නම් මට මතක නැහැ. මහ සද්දන්ත වාහන තමයි තිබුණේ. වෝක්ස්හෝල් ලාංඡනය සහ මගේ මතකයේ තිබෙන එම කාර් මෝස්‌තර දෙකක් මෙහි දක්වනවා.


vauxhall_logo_history


Vauxhall_Wyvern_1507cc_registered_September_1952


Vauxhall_Victor_FA_ca_1958


   පසුගිය කොටසේදී රවී සහ තවත් නිර්නාමික එක් අයෙක් මට මතක් කරලා දුන්නා තවත් වාහන දෙවර්ගයක් ගැන. ඒ තමයි ස්කෝඩා Skoda වාහන සහ DKW වාහන. මේ වාහන වර්ග දෙකම අපි කුඩා කාලයේදී දුටුවා මතකයි. චෙකොස්ලොවේකියා ජනරජය තමයි ස්කෝඩා වාහන වල ජන්ම භූමිය. ස්කෝඩා ලාංඡනය සහ වාහන පහත දක්වනවා. 


6-skoda-logo-evolution-history


440


Škoda_Felicia_Lahti


   DKW වාහනයේ ජන්ම භූමිය ජර්මනියයි. ඔබ අද දකින අවුඩි Audi වාහන දක්වා පරිනාමය වූයේ මේ DKW වාහන තමයි. ලංකාවේ ඒ කාලයේ දකින්න ලැබුනේ එක මෝස්තරයක් පමණයි.


dkw_logo_-1930-1932


DKW_3=6_(F93),_Bj._1955-56_(2007-06-16)_kl_ret


1959_Auto_Union_DKW_1000_Front_For_Sale_1


Dkwmotor


   ට්‍රයම්ප් Triumph වාහන ලංකාවේ බොහොම ජනප්‍රියව තිබුණා. වඩාත් ජනප්‍රියව තිබුණේ ට්‍රයම්ප් මෝටර් බයිසිකල්. අපි දැකපු මෝටර් බයිසිකල් ගැන කරුණු හොයාගන්න ලැබුණොත්, පසුව ලියන්නම්. ට්‍රයම්ප් හෙරල්ඩ් සැලූන් නමැති මෝස්තරය තමා බහුලවම දකින්න ලැබුනේ. පහත දක්වන්නේ ඒ මෝස්තරය. මේ වර්ගයේ රථයක් අගමැති ඩඩ්ලි සේනානායක මහතා පාවිච්චි කල බව මට මතකයි. 


triumph_logo_lion


Triumph_Herald_948cc_Coupe


1962_Triumph_Herald_948cc_Conv.


    කාර් ගැන කතා කරනකොට ජීප් ගැන නොකියා බැහැ. අපි ඒ කාලේ ප්‍රධාන වශයෙන් දැකපු ජීප් වර්ග දෙකක් තිබුණා. එකක් තමයි ලෑන්ඩ් රෝවර් Land Rover ජීප්. අනික් වර්ගය විලීස් willys ජීප්. මෙයින් ලෑන්ඩ් රෝවර් රථ මුලින්ම ආවේ පොලීසියේ ප්‍රයෝජනය සඳහා සහ වතු අධිකාරී වරුන්ගේ ප්‍රයෝජනය සඳහා. ඇත්ත වශයෙන්ම ලෑන්ඩ් රෝවර් රථ පෞද්ගලික අයිතියේ තිබුණේ බොහොම ටිකයි. නමුත් විලීස් ජීප් රථ සෑහෙන ගණනක් පෞද්ගලික අයිතියේ තිබුණා. ජීප් Jeep යන වචනය හැදුනේ කොහොමද කියා විවිධ මත තිබෙනවා. නමුත් සාමාන්‍යයෙන් පිළිගන්නා මතය වන්නේ General Purpose Vehicle > G.P. Vehicle> GP = Jeep වූ බවයි. ජීප් රථයක විශේෂත්වය වන්නේ එහි අනිවාර්යයෙන්ම රෝද හතරටම බලය යෙදවීමේ හැකියාව තිබීම බව ඔබ දන්නවා ඇති. ඒ වගේම ලෑන්ඩ් රෝවර් ජීප් හදන්නේ එංගලන්තයේ බවත්, විලීස් ජීප් හදන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ බවත් ඔබ දන්නවා ඇති. 


seriesI_logo


Land_Rover_swb_registered_October_1958_2286cc


OLYMPUS DIGITAL CAMERA


DKW_1959_KIC0114_British_Car_Meet_2008


KONICA MINOLTA DIGITAL CAMERA


Willys-MA-3


    1960 දශකයේ මුල් භාගයේදී තමයි මා පළමු වරට දැක්කේ ලංකාවට ගෙනා ජපන් වාහනයක්. ඒ කාලේ ජපන් වාහන එතරම් ජනප්‍රිය වුණේ නැහැ. ජපන් වාහන ජනප්‍රිය වීමේ අඩිතාලම දැම්මේ හොඳා මෝටර් සයිකල් කියලයි මමනම් හිතන්නේ. ඉතින් මා දුටු මුල්ම ජපන් වාහනය ඩැට්සන් බ්ලුබර්ඩ් වර්ගයේ රථයක්. එය ඒ කාලේ රුපියල් 5000 ක් පමණ වූ බවයි මගේ මතකය. පැරණි ඩැට්සන් ලාංඡනය සහ මා මුලින්ම දුටු කාර් මෝස්තරයේ පින්තූරයක් පහත දක්වනවා. 

Datsun_logo

Bluebird (310)

     මා හිතනවා මෙතෙකින් මේ ලිපි මාලාව අවසන් කළයුතුයැයි කියා. පහත දැක්වෙන පින්තූර දෙස ඔබේ අවධානය යොමු කරමින් ලිපිය අවසන් කරනවා.

     1970 මුල් භාගයේදී ලංකාවේ දර්ශනයක් 
701wi


austinwp


26380803


my-signature-for-blog[1]     2014 මැයි මස 11 වැනි දින 0041 පැය

03 May 2014

අපි දැකපු කාර් (තුන්වැනි කොටස) Vintage Cars in Our Time (Part Three)

6a00d83451c0bf69e200e54f197b3e8833-800wi
     දැන්නම් මේ ලිපි පෙළට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබෙන බව පෙනෙනවා. එමෙන්ම මට අමතක වූ කරුණු සහ මා නොදැන සිටි කරුණුද මතක් කර දෙන සියළු දෙනාට හද පත්ලෙන්ම ස්තුති වන්ත වෙනවා. එවැනි තොරතුරු නිසා, මේ ලිපි මාලාව තවත් දුරට ගෙන යා හැකි බවක් පෙනෙනවා. නමුත් අනවශ්‍ය ලෙස දීර්ඝ ලිපි මාලාවක් ඉදිරිපත් කිරීමට මගේ අදහසක් නැහැ. මේ ලිපි මාලාවේ පසුගිය කොටස් දෙක නොකියවූ අයට මෙතනින් පළමුවැනි කොටස සහ මෙතනින් දෙවැනි කොටස කියවන්න පුළුවන්. මා, මෙම ලිපි මාලාව ඉදිරිපත් කරන වේගය වැඩි බවත් එක් පාඨකයකු කියා තිබුණා. නමුත් මා තෝරාගෙන ඇති වාහන වර්ග රාශියක් ඇති නිසා විස්තර ලිවීම කෙටිකර පින්තූර වලට ප්‍රමුඛත්වය දියයුතු වෙනවා.



IMG02331112706     ද මුලින්ම කරුණු සොයා බලමු බෙන්ස් - Benz වාහන පිළිබඳව. අද වුනත් ලෝකයේ තිබෙන විශිෂ්ඨතම වාහන වර්ගයක් ලෙස බෙන්ස් වාහන වලට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. විශේෂයෙන්ම ලිමොසීන් - Limousine මෝස්තරයේ වාහන සඳහා බෙන්ස් නාමය ඉහළින්ම තිබෙනවා. බෙන්ස් වාහන මගේ මතකයේ තිබෙන්නේ එක්තරා විශේෂ හේතුවක් නිසා. 1960 දශකයේ අග භාගයේදී ලංකාවේ විකිනුණු, ශත 50 ක වටිනාකමකින් යුත්, ජාතික ලොතරැයියේ පළමුවැනි ත්‍යාගය ලෙස, රුපියල් ලක්ෂයක් හෝ බෙන්ස් කාර් එකක් සමග රුපියල් 50,000 ක් ලබාගැනීමට අවස්ථාව ලැබුණා. නමුත් පහත දැක්වෙන පින්තූරයේ තිබෙන ලොතරැයි පතේ දක්වා තිබෙන්නේ තෑග්ග ලෙස ෆෝර්ඩ් ඇන්ග්ලියා කාර් එකක් දෙන බවයි.

   
c27f5f88-b15e-11e2-9a07-123143013573


   බෙන්ස් එකක් ලැබීම අද කාලයේ නම් හරියට රුපියල් ලක්ෂ 50ක් සමග ලිමොසීන් එකක් ලැබුණා වගේ. ඒ කාලයේ බෙන්ස් වාහන දකින්න ලැබුනේ කලාතුරකින්. ඒ නිසා බෙන්ස් රථයක් පාරේ යනවිට මිනිස්සු හැරිලා බලනවා. මට මතක තිබෙන මෝස්‌තර කීපයක් පහත දක්වනවා. බෙන්ස් ලාංඡනය විවිධ කාලවලදී දැක්වුණේ මෙහෙමයි. 



Benz_Logo_Mannheim


1200px-Mercedes-Benz_W105_front_20070611


Heckflosse110


Mercedes_180_2_v_sst


Mercedes_strichacht_1_v_sst


mercedes



With-his-Mercedes-300x225


බෙන්ස් වාහන නිපදවන්නේ ජර්මනියේ බව මම නොකිව්වාට ඔබ දන්නවා ඇති.


   ජර්මනියේ නිෂ්පාදිත තවත් වාහන වර්ග ඒකාලයේ අපේ රටට ආවා. එයින් වඩාත් කැපීපෙනෙන වාහන වර්ගයක් වන්නේ ෆොක්ස්වැගන් Volkswagen වර්ගයේ වාහනයි. මේ වාහන වර්ගය ලංකාවේ අතිශයින්ම ජනප්‍රියවූ වාහන වර්ගයක්. මෙහි විවිධ මෝස්‌තර රාශියක් තිබුණු අතර එක මෝස්තරයක් හැඳින්වුණු ජනප්‍රිය නම වුණේ 'කනේ මයිල් මොඩල්' යන්නයි. වායුවෙන් සිසිල් වන එන්ජිමක් සහිතව එමෙන්ම එන්ජිම වාහනයේ පසුපස කොටසේ සවිකර නිපදවුණ මේ කාර් වර්ගය අලුත්වැඩියා කිරීමට විශේෂ දක්ෂතා ඇති කාර්මිකයන් එවකට හිටියේ බොහොම ටිකදෙනයි. මේ කාරයේ ඉදිරිපස පෙණුම සැකසුන ආකාරය ගැන එක්තරා කතාවක් තියනවා. නමුත් එය හුදෙක්ම කතාවක් පමණයි. මුලින්ම බලන්න ෆොක්ස්වැගන් ලාංඡනය කාලීනව වෙනස්වූ අයුරු.

volkswagen-logo-evolution


   මේ වාහනයේ මෝස්‌තර කීපයක් පහත දක්වනවා. ෆොක්ස්වැගන් බීට්ල් beetle මෝස්තරය තමයි වඩාත්ම ජනප්‍රිය මෝස්තරය වුණේ. කාලෙන් කාලෙට එහි විවිධ වෙනස්කම් සිදුවුනා. මුල් කාලයේ කාර් වල විදුලි පද්ධතිය වෝල්ට් 6 ක බැටරියකින් ක්‍රියා කලේ. රාත්‍රී කාලයේදී එහි ප්‍රධාන ලාම්පු වලින් නිකුත්වුනේ බොහොම අඩු එළියක්. නමුත් 1960 දශකයේ අග භාගය වනවිට වෝල්ට් 12 විදුලි පද්ධතිය සහිත ෆොක්ස්වැගන් කාර් නිපදවුනා. ෆොක්ස්වැගන් කාර් වල එන්ජිම තිබුණේ, ඉදිරිපස නෙවෙයි පසුපස කියලා ඔබ දන්නවා ඇති. එමෙන්ම ඒ එන්ජිම වායුවෙන් සිසිල්වන එන්ජිමක් Air cool engine මේ පහත පින්තූරයෙන්, වාහනයේ සැකැස්ම ගැන, ඔබට යම් අවබෝධයක් ලැබෙනු ඇති. 



beetle001


තවත් පින්තූර මෙහි පහත දක්වනවා.   


1945-1959-volkswagen-beetle-10


vw-beetle



   අපි අද දිගටම කතාකරමින් ඉන්නේ ජර්මන් වාහන ගැන නිසා, තවත් ජර්මන් වාහන වර්ගයක් ගැන බලමු. මේ වර්ගයේ නම, බොග්වාර්ඩ් - Borgward මේ වාහන වර්ගය එතරම් ප්‍රචලිතව නොතිබුණත්, බොග්වාර්ඩ් ඉසබෙලා Borgward Isabella නමැති මෝස්තරය සෑහෙන්න දකින්න ලැබුන වාහනයක්. එය මනරම් පෙනුමකින් යුත් වාහනයක්. මේ ජර්මානු සමාගම 1961 දී බංකොලොත් වීම නිසා වසා දැමුණා.


borgward2


borgward__isabella_ts_56_sunroof_vat_1956_5_lgw



   බොග්වාර්ඩ් සමාගමේ නිෂ්පාදිත 'බොග්වාර්ඩ් හන්සා' කාර් ඉතා සීමිත සංඛ්‍යාවක් ඒ කාලේ අපේ රටේ දකින්න ලැබුණා. එය ඉතාම ලස්සන  කාරයක් බව මතකයි.


1200px-GoliathHansa1100Coupé-20050827


  හම්බර් - Humber වාහනත් එතරම් ජනප්‍රිය නොවුණු, බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මහ විසාල කාර් වර්ගයක්. (මා වැරදීමකින් මෙය ජර්මනියේ කියා සඳහන් කර තිබුණා. නමුත් 711 Amila මට ඊ මේල් එකක් මගින් ඒ වැරදි බව පෙන්වා දුන්නා. ඔහුට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා) නමුත් බොහොම ගරු ගාම්භීර පෙනුමක් නම් තිබුණා. ඒ වගේම මේ වාහන ආරක්‍ෂාව, ශක්තිය, කල්පැවැත්ම, සැප පහසුව, අතින් ඉතා උසස් වුනත්, ඉන්ධන පිරිමැසුම්දායක බව නම් බොහොම පහළයි.


HumberLogo1
200px-Humber-auto_1905_logo


Humber_Super_Snipe_4086cc_1952


Humber-Hawk


   අද ලිපියේ අවසාන කොටස වශයෙන් මා විස්තර කරන්නේ ලංකාවේ එතරම් ජනප්‍රිය නොවූ තවත් කාර් වර්ග කීපයක්. මුලින්ම දක්වන්නේ රෝල්ස් රොයිස් Rolls Royce වාහන. මේවා ඒ කාලේ ලංකාවේ ඉහලම ප්‍රභූ පැලැන්තියේ අය පාවිච්චි කළා මතකයි. එවකට ලංකාවේ අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මැතිතුමා, අගමැති ඩඩ්ලි සේනානායක මැතිතුමා වැනි අයගේ නිළ රථ වශයෙන්, රෝල්ස් රොයිස් රථ තිබුණා මතකයි. රෝල්ස් රොයිස් රථයට ආවේනික වූ ඉදිරිපස සෙල් එක අති විශේෂ දෙයක්.

   රෝල්ස් රොයිස් ලාංඡනය කාලීනව වෙනස්වී ඇති ආකාරය සහ රෝල්ස් රොයිස් රථ වල පින්තූර පහත දක්වනවා. 


4.-rolls-royce-logo


98235002




7189619920_0e9b22ca08


  වූල්ස්ලි Wolseley නම් වෙළඳ නාමයෙන් පැමිණි කාර් රථ සෑහෙන ගණනක් ලංකාවේ තිබුණා. මේ වාහන, කඳුකර මාර්ග වලට හොඳින් ඔරොත්තු දෙන බවත් මා අසා තිබෙනවා.  1975 දී මේ වාහන නිපදවීම අවසන් කර තිබෙනවා.


1200px-Wolseley_illuminating_radiator_badge


1200px-Wolseley_Four_forty_four_ca_1955_in_Hertfordshire


wolseley-1958


   ට්‍රයම්ප් Triumph සමාගම විසින් නිපදවන ලද මේෆ්ලවර් Mayflower නමැති කාර් මෝස්තරය එතරම් ජනප්‍රිය නොවුනේ, එහි තිබුණු පෙට්ටි හැඩය නිසා වන්නට ඇති. මටත් මේ වාහනය පෙනුණේ හරිම කැත හැඩයක් තියන වාහනයක් විදිහටයි.


Mayflower



අදට මේ ඇති නේද? තවත් වාහන ගොඩක් ගැන විස්තර ඉදිරියේදී කියන්නම්.


my-signature-for-blog[1]     2014 මැයි මස 03 දින 0001 පැය

25 April 2014

අපි දැකපු කාර් (දෙවැනි කොටස) Vintage Cars in Our Time (Part Two)

Vintage-Classic-Cars-Of-Sri-Lanka-Rolls-Royce-20-25-1934-
 මතකයි නේද මේ කතාවේ පළමුවැනි කොටස. මතක නැතිනම් මෙන්න මෙතනින් ගිහින් බලලා එන්න. කතාවේ පළමුවැනි කොටසේදී මා අතින් සිදුවුණු අඩුපාඩු කීපයක් නිවැරදි කර ගැනීම, අද ලිපියේදී මුලින්ම කලොත් හොඳා කියලා හිතුනා. ඒ අඩුපාඩු පෙන්වාදුන් winiwidimi, ඔස්ටින් අයියා, සහ තවත් නිර්නාමික බොහෝ දෙනෙකුට මගේ අවංක ස්තුතිය පිළිගන්වන්නට කැමතියි. ඔවුන් පෙන්වාදුන් අඩුපාඩු සම්පූර්ණ කරගෙන එමෙන්ම ඔවුන් මතක් කරදුන් තොරතුරුත් ඇතුළත් කරගෙන, මේ ලිපි මාලාව ඉදිරියට ගෙනයනවා. පසුගිය ලිපියේදී මොරිස් වාහන ගැන කියද්දී අපේ රටේ අතිශයින් ජනප්‍රිය වුනු මොරිස් 1000 මෝස්තරය වෙනමම පෙන්වන්න බැරිවුනා. මේ වාහනය තමයි ඒ කාලේ ටැක්සි හෙවත් කුලී රථ සඳහා බහුලවම යොදාගත්තේ. කහපාටින් වර්ණ ගැන්වූ වහලය, කලුපාට බඳ, පිටතින් සවිකළ විශාල ටැක්සි මීටරය, මට අදටත් මතකයි. හැබැයි ඒ කාලේ අපිනම් මේ ටැක්සියක ගියේ ඉතාම කලාතුරකින්. එයට හේතුව ඒ සඳහා මුදල් අපි අතේ නොතිබීමයි. ඔන්න පහත පින්තූරයේ තියනවා මොරිස් 1000 රථය.


morris-1000-13

  ඒ වගේම මට පසුගිය ලිපියේදී අමතක වුන තවත් කාර් දෙකක් තමයි ඔස්ටින් මිනි කූපර් Austin Mini Cooper රථය සහ මොරිස් මිනි කූපර් Morris Mini Cooper රථය. මේවා අද පවා ඉතාම ජනප්‍රිය වාහන. මට මතක් වෙනවා 1969 වර්ෂයේදී ලෝකය පුරා ජනප්‍රිය වූ The Italian Job නමැති චිත්‍රපටිය. මා ඒ චිත්‍රපටිය නැරඹුවේ, අද වනවිට වැසීගොස් තිබෙන, කෑගල්ලේ, 'පරාක්‍රම' සිනමාහලේදීයි.මේ චිත්‍රපටියේ තිබෙන්නේ රත්තරං මංකොල්ලයක කතාවක්. මංකොල්ලකාගත් රත්‍රන් තොගයක් සමාන කොටස් තුනකට බෙදා මිනි කූපර් රථ තුනකින් ඉතාලියේ සිට ස්විට්සර්ලන්තයට රැගෙන යාමට දරන උත්සාහය ඉතාම නාටකීය ආකාරයකින් ඉදිරිපත් කරනවා. ඒ චිත්‍රපටියේ අදාළ ජවනිකාවෙන් කොටසක් පහතින් බලන්න. 




ඔස්ටින් සහ මොරිස් යන දෙවර්ගයේම මිනි කූපර් රථ පහතින් දැක්වෙනවා.

Morris_Mini-Minor_1967

  මිනි කූපර් රථය වගේම ජනප්‍රිය රථයක් තමයි ඔස්ටින් මිනි මොක් Austin Mini Moke  රථය. විශේෂයෙන් 1970 දශකයේදී ලංකාවේ ධනවත් මෝටර් රථ හිමියන් අතර මේ රථය අතිශයින් ජනප්‍රියව තිබුණා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාත්, ඒ කාලයේ, 'ගම් උදාව' ප්‍රදර්ශණය බලන්න, මේ රථයකින් ආවා මට මතකයි.

'67_Austin_Mini_Moke_(Ottawa_British_Car_Show_'10)

  ඊළඟට මම කැමතියි ඔබ සමග කතාකරන්න අපි දැකපු ෆෝර්ඩ් Ford කාර් ගැන. ෆෝර්ඩ් වාහන ඇමරිකානු නිෂ්පාදනයක් බව ඔබ දන්නවා ඇති. මම මේ ලිපියේදී කතාකරන්නේ කාර් ගැන පමණක් නිසා ෆෝර්ඩ් ලොරි, වෑන්, ආදිය ගැන කතාකරන්නේ නැහැ. අපි පුංචි ළමයි හැටියට දැකපු ෆෝර්ඩ් කාර් පසු කාලයේදී ලංකාවේදී හැඳින්වුණේ දඬු ෆෝර්ඩ් කියන නමින්    :D      ඇත්තටම මේ පහත තියන පින්තූරය බැලුවම ඔබටත් හිතෙයි ඒ නම් ඒ වාහනයට ගැලපෙනවා කියලා.

msjqs2oldEvM9siLqURGTqA


Ford_Prefect_Sedan_E03A_of_1939

  නමුත් දඬු ෆෝර්ඩ් එකට පස්සේ ආව ෆෝර්ඩ් ප්‍රිෆෙක්ට් කාරය පවුලේ වාහනයක් මෙන්ම කුලී රථයක් වශයෙන්ද බොහොම ජනප්‍රිය වුණා. 

OLYMPUS DIGITAL CAMERA

  නමුත් මින් පසු කාලයේ පැමිණි ෆෝර්ඩ් කොන්සල් Ford Consul රථය එතරම් ජනප්‍රිය නොවුනේ එය විශාල කාරයක් වීම නිසාත් ඉන්ධන කාර්යක්‍ෂමතාව අතින් පහත් මට්ටමක තිබුණු නිසාත් වන්නට ඇති.

Ford_Consul_ca_1962

1950 දශකයෙන් ආරම්භවී 1960 - 70 දශක වලදී අතිශයින් ජනප්‍රිය වූ ෆෝර්ඩ් ඇන්ග්ලියා Ford Anglia කාරය ඒ කාලේ හරිම 'මනමාල' කාර් එකක් ලෙසයි බොහෝ දෙනා ඒ කාලේ හැඳින්වූවේ. ඒ කාලේ තිබුන ලස්සනම, වේගවත්ම, රථ අතරින් එකක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් තරුණ පරපුර අතර මේ රථය වඩාත් ජනප්‍රිය වුණා.


1200px-'65_Ford_Anglia_L200_Coupe_(Orange_Julep)

  ෆෝර්ඩ් ඇන්ග්ලියා රථයේ කැපී පෙනෙන වෙනස්කමක් වුණේ එහි පසුපස වීදුරුව ඇතුළට එබී තිබෙන ආකාරයට සකසා තිබීමයි. වෙනත් කිසිම කාරයක මෙවැනි ආකාරයට සැකසු පසුපස වීදුරුවක් මා දැක නැහැ.


OLYMPUS DIGITAL CAMERA

  ෆෝර්ඩ් වාහන අතර 1970 දශකයෙන් ආරම්භවී සෑහෙන ජනප්‍රියත්වයක් ලැබූ කාර් මෝස්තරයක් ලෙස ෆෝර්ඩ් එස්කෝට් Ford Escort කාරයටත් විශේෂ වැදගත්කමක් හිමිවෙනවා.  

ford-escort-mk2-17

  කෙසේ වෙතත් ෆෝර්ඩ් කාර් අතරින් උපරිම ජනප්‍රියත්වයට පත්වුයේ ෆෝර්ඩ් කෝටිනා නමින්, මෝස්‌තර කීපයකින් පැමිණි වාහනයි. ඒ සෑම මොස්තරයක්ම මෙහි දක්වන්නට මා අදහස් කරන්නේ නැහැ. මේ මෝස්තර 1980 - 90 දශක වලදී පවා ජනප්‍රියව තිබුණා. මා මෙහි දක්වන්නේ එයින් ඉතාම මහේශාඛ්‍ය පෙනණුමකින් යුක්තවූ ෆෝර්ඩ් කෝටිනා මාක් III,  Ford Cortina Mk III රථයයි.


ford_cortina_2
  

  මීළඟට මා ඔබට පෙන්වන්නේ එක්සත් රාජධානියේ තවත් නිෂ්පාදනයක් වන හිල්මන් වාහන දෙකක්. Hillman මේ වාහන මෝස්‌තර දෙක එකල නිතර අපේ රටේ මහා මාර්ගවල දකින්නට ලැබුණා. ඒ අතරින් වඩාත් ජනප්‍රිය වුණේ පහත දැක්වෙන කාර් පින්තූර දෙකෙන් දෙවැනි පින්තූරයේ තිබෙන හිල්මන් මින්ක්ස් රථයයි.


Hillman_badge

Hillman_Minx_Phase_V-ish


Hillman Minx Series IIIC

  අපි කුඩා කාලයේ ඉතාම සුඛෝපභෝගී වාහන ලෙස සැළකුණ, එමෙන්ම ඒ කාලයේ හැටියට මිල අධික, ජර්මන් නිෂ්පාදනයන් වූ, වාහන දෙකක්, මීළඟට ඔබට ඉදිරිපත් කරනවා. ඒ තමයි ඕපල් Opel  නමැති වාහන වර්ගය. මෙයින් මුලින්ම පෙන්වන ඕපල් රෙකෝර්ඩ් රථයේ නම, Opel Rekord අපි උච්ඡාරණය කලේ 'ඕපල් රෙකාඩ්' ලෙසයි. මෙම කාරයට අද තිබෙන ටොයෝටා ඇලියොන් රථයකට තිබෙන පිළිගැනීම තිබුණා.

Opel_logo_TY_DE_4C
Opel_Rekord_1700_P1_(2008-06-14)_ret


 ඕපල් වාහන වල වඩාත් සුඛෝපභෝගී මෝස්තරය වුයේ ඕපල් කපිතාන් Opel Kapitan කාරයයි. මෙය විශාල වාහනයක්. බොහොම ගරු ගාම්භීර පෙණුමක් තිබුණා.


opel-kapitan-307095_7202494


  මා හිතනවා අද ලිපිය මෙතෙකින් අවසන් කළයුතුයැයි කියා. මෙම ලිපි මාලාව තවත් කොටස් කීපයක් දක්වා ගෙනයන්නට තරම් තොරතුරු මා රැස්කරගෙන තිබෙනවා. ඒ සමගම ඔබේ අදහස් සහ කරුණු නිවැරදි කිරීම් ද බලාපොරොත්තු වෙනවා.


my-signature-for-blog[1]      2014 අප්‍රේල් මස 25 දින 0025 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }