හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

03 May 2014

අපි දැකපු කාර් (තුන්වැනි කොටස) Vintage Cars in Our Time (Part Three)

6a00d83451c0bf69e200e54f197b3e8833-800wi
     දැන්නම් මේ ලිපි පෙළට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබෙන බව පෙනෙනවා. එමෙන්ම මට අමතක වූ කරුණු සහ මා නොදැන සිටි කරුණුද මතක් කර දෙන සියළු දෙනාට හද පත්ලෙන්ම ස්තුති වන්ත වෙනවා. එවැනි තොරතුරු නිසා, මේ ලිපි මාලාව තවත් දුරට ගෙන යා හැකි බවක් පෙනෙනවා. නමුත් අනවශ්‍ය ලෙස දීර්ඝ ලිපි මාලාවක් ඉදිරිපත් කිරීමට මගේ අදහසක් නැහැ. මේ ලිපි මාලාවේ පසුගිය කොටස් දෙක නොකියවූ අයට මෙතනින් පළමුවැනි කොටස සහ මෙතනින් දෙවැනි කොටස කියවන්න පුළුවන්. මා, මෙම ලිපි මාලාව ඉදිරිපත් කරන වේගය වැඩි බවත් එක් පාඨකයකු කියා තිබුණා. නමුත් මා තෝරාගෙන ඇති වාහන වර්ග රාශියක් ඇති නිසා විස්තර ලිවීම කෙටිකර පින්තූර වලට ප්‍රමුඛත්වය දියයුතු වෙනවා.



IMG02331112706     ද මුලින්ම කරුණු සොයා බලමු බෙන්ස් - Benz වාහන පිළිබඳව. අද වුනත් ලෝකයේ තිබෙන විශිෂ්ඨතම වාහන වර්ගයක් ලෙස බෙන්ස් වාහන වලට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. විශේෂයෙන්ම ලිමොසීන් - Limousine මෝස්තරයේ වාහන සඳහා බෙන්ස් නාමය ඉහළින්ම තිබෙනවා. බෙන්ස් වාහන මගේ මතකයේ තිබෙන්නේ එක්තරා විශේෂ හේතුවක් නිසා. 1960 දශකයේ අග භාගයේදී ලංකාවේ විකිනුණු, ශත 50 ක වටිනාකමකින් යුත්, ජාතික ලොතරැයියේ පළමුවැනි ත්‍යාගය ලෙස, රුපියල් ලක්ෂයක් හෝ බෙන්ස් කාර් එකක් සමග රුපියල් 50,000 ක් ලබාගැනීමට අවස්ථාව ලැබුණා. නමුත් පහත දැක්වෙන පින්තූරයේ තිබෙන ලොතරැයි පතේ දක්වා තිබෙන්නේ තෑග්ග ලෙස ෆෝර්ඩ් ඇන්ග්ලියා කාර් එකක් දෙන බවයි.

   
c27f5f88-b15e-11e2-9a07-123143013573


   බෙන්ස් එකක් ලැබීම අද කාලයේ නම් හරියට රුපියල් ලක්ෂ 50ක් සමග ලිමොසීන් එකක් ලැබුණා වගේ. ඒ කාලයේ බෙන්ස් වාහන දකින්න ලැබුනේ කලාතුරකින්. ඒ නිසා බෙන්ස් රථයක් පාරේ යනවිට මිනිස්සු හැරිලා බලනවා. මට මතක තිබෙන මෝස්‌තර කීපයක් පහත දක්වනවා. බෙන්ස් ලාංඡනය විවිධ කාලවලදී දැක්වුණේ මෙහෙමයි. 



Benz_Logo_Mannheim


1200px-Mercedes-Benz_W105_front_20070611


Heckflosse110


Mercedes_180_2_v_sst


Mercedes_strichacht_1_v_sst


mercedes



With-his-Mercedes-300x225


බෙන්ස් වාහන නිපදවන්නේ ජර්මනියේ බව මම නොකිව්වාට ඔබ දන්නවා ඇති.


   ජර්මනියේ නිෂ්පාදිත තවත් වාහන වර්ග ඒකාලයේ අපේ රටට ආවා. එයින් වඩාත් කැපීපෙනෙන වාහන වර්ගයක් වන්නේ ෆොක්ස්වැගන් Volkswagen වර්ගයේ වාහනයි. මේ වාහන වර්ගය ලංකාවේ අතිශයින්ම ජනප්‍රියවූ වාහන වර්ගයක්. මෙහි විවිධ මෝස්‌තර රාශියක් තිබුණු අතර එක මෝස්තරයක් හැඳින්වුණු ජනප්‍රිය නම වුණේ 'කනේ මයිල් මොඩල්' යන්නයි. වායුවෙන් සිසිල් වන එන්ජිමක් සහිතව එමෙන්ම එන්ජිම වාහනයේ පසුපස කොටසේ සවිකර නිපදවුණ මේ කාර් වර්ගය අලුත්වැඩියා කිරීමට විශේෂ දක්ෂතා ඇති කාර්මිකයන් එවකට හිටියේ බොහොම ටිකදෙනයි. මේ කාරයේ ඉදිරිපස පෙණුම සැකසුන ආකාරය ගැන එක්තරා කතාවක් තියනවා. නමුත් එය හුදෙක්ම කතාවක් පමණයි. මුලින්ම බලන්න ෆොක්ස්වැගන් ලාංඡනය කාලීනව වෙනස්වූ අයුරු.

volkswagen-logo-evolution


   මේ වාහනයේ මෝස්‌තර කීපයක් පහත දක්වනවා. ෆොක්ස්වැගන් බීට්ල් beetle මෝස්තරය තමයි වඩාත්ම ජනප්‍රිය මෝස්තරය වුණේ. කාලෙන් කාලෙට එහි විවිධ වෙනස්කම් සිදුවුනා. මුල් කාලයේ කාර් වල විදුලි පද්ධතිය වෝල්ට් 6 ක බැටරියකින් ක්‍රියා කලේ. රාත්‍රී කාලයේදී එහි ප්‍රධාන ලාම්පු වලින් නිකුත්වුනේ බොහොම අඩු එළියක්. නමුත් 1960 දශකයේ අග භාගය වනවිට වෝල්ට් 12 විදුලි පද්ධතිය සහිත ෆොක්ස්වැගන් කාර් නිපදවුනා. ෆොක්ස්වැගන් කාර් වල එන්ජිම තිබුණේ, ඉදිරිපස නෙවෙයි පසුපස කියලා ඔබ දන්නවා ඇති. එමෙන්ම ඒ එන්ජිම වායුවෙන් සිසිල්වන එන්ජිමක් Air cool engine මේ පහත පින්තූරයෙන්, වාහනයේ සැකැස්ම ගැන, ඔබට යම් අවබෝධයක් ලැබෙනු ඇති. 



beetle001


තවත් පින්තූර මෙහි පහත දක්වනවා.   


1945-1959-volkswagen-beetle-10


vw-beetle



   අපි අද දිගටම කතාකරමින් ඉන්නේ ජර්මන් වාහන ගැන නිසා, තවත් ජර්මන් වාහන වර්ගයක් ගැන බලමු. මේ වර්ගයේ නම, බොග්වාර්ඩ් - Borgward මේ වාහන වර්ගය එතරම් ප්‍රචලිතව නොතිබුණත්, බොග්වාර්ඩ් ඉසබෙලා Borgward Isabella නමැති මෝස්තරය සෑහෙන්න දකින්න ලැබුන වාහනයක්. එය මනරම් පෙනුමකින් යුත් වාහනයක්. මේ ජර්මානු සමාගම 1961 දී බංකොලොත් වීම නිසා වසා දැමුණා.


borgward2


borgward__isabella_ts_56_sunroof_vat_1956_5_lgw



   බොග්වාර්ඩ් සමාගමේ නිෂ්පාදිත 'බොග්වාර්ඩ් හන්සා' කාර් ඉතා සීමිත සංඛ්‍යාවක් ඒ කාලේ අපේ රටේ දකින්න ලැබුණා. එය ඉතාම ලස්සන  කාරයක් බව මතකයි.


1200px-GoliathHansa1100Coupé-20050827


  හම්බර් - Humber වාහනත් එතරම් ජනප්‍රිය නොවුණු, බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මහ විසාල කාර් වර්ගයක්. (මා වැරදීමකින් මෙය ජර්මනියේ කියා සඳහන් කර තිබුණා. නමුත් 711 Amila මට ඊ මේල් එකක් මගින් ඒ වැරදි බව පෙන්වා දුන්නා. ඔහුට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා) නමුත් බොහොම ගරු ගාම්භීර පෙනුමක් නම් තිබුණා. ඒ වගේම මේ වාහන ආරක්‍ෂාව, ශක්තිය, කල්පැවැත්ම, සැප පහසුව, අතින් ඉතා උසස් වුනත්, ඉන්ධන පිරිමැසුම්දායක බව නම් බොහොම පහළයි.


HumberLogo1
200px-Humber-auto_1905_logo


Humber_Super_Snipe_4086cc_1952


Humber-Hawk


   අද ලිපියේ අවසාන කොටස වශයෙන් මා විස්තර කරන්නේ ලංකාවේ එතරම් ජනප්‍රිය නොවූ තවත් කාර් වර්ග කීපයක්. මුලින්ම දක්වන්නේ රෝල්ස් රොයිස් Rolls Royce වාහන. මේවා ඒ කාලේ ලංකාවේ ඉහලම ප්‍රභූ පැලැන්තියේ අය පාවිච්චි කළා මතකයි. එවකට ලංකාවේ අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මැතිතුමා, අගමැති ඩඩ්ලි සේනානායක මැතිතුමා වැනි අයගේ නිළ රථ වශයෙන්, රෝල්ස් රොයිස් රථ තිබුණා මතකයි. රෝල්ස් රොයිස් රථයට ආවේනික වූ ඉදිරිපස සෙල් එක අති විශේෂ දෙයක්.

   රෝල්ස් රොයිස් ලාංඡනය කාලීනව වෙනස්වී ඇති ආකාරය සහ රෝල්ස් රොයිස් රථ වල පින්තූර පහත දක්වනවා. 


4.-rolls-royce-logo


98235002




7189619920_0e9b22ca08


  වූල්ස්ලි Wolseley නම් වෙළඳ නාමයෙන් පැමිණි කාර් රථ සෑහෙන ගණනක් ලංකාවේ තිබුණා. මේ වාහන, කඳුකර මාර්ග වලට හොඳින් ඔරොත්තු දෙන බවත් මා අසා තිබෙනවා.  1975 දී මේ වාහන නිපදවීම අවසන් කර තිබෙනවා.


1200px-Wolseley_illuminating_radiator_badge


1200px-Wolseley_Four_forty_four_ca_1955_in_Hertfordshire


wolseley-1958


   ට්‍රයම්ප් Triumph සමාගම විසින් නිපදවන ලද මේෆ්ලවර් Mayflower නමැති කාර් මෝස්තරය එතරම් ජනප්‍රිය නොවුනේ, එහි තිබුණු පෙට්ටි හැඩය නිසා වන්නට ඇති. මටත් මේ වාහනය පෙනුණේ හරිම කැත හැඩයක් තියන වාහනයක් විදිහටයි.


Mayflower



අදට මේ ඇති නේද? තවත් වාහන ගොඩක් ගැන විස්තර ඉදිරියේදී කියන්නම්.


my-signature-for-blog[1]     2014 මැයි මස 03 දින 0001 පැය

103 comments :

  1. සමහර කාර් ජාති අදමයි ඇහුවේ විචාරක තුමා...බොහොම ස්තුතියි..ඉදිරියටම යමු ..

    ReplyDelete
  2. There were many Boagward Issabellas in Sri lanka.

    ReplyDelete
    Replies
    1. Oh! really? I thought it was not a popular brand.

      Delete
  3. නියම ලිපියක්.. ගොඩක් වටිනවා ...

    ReplyDelete
  4. අගෙයි අගෙයි.. ලිපි අරන් එනවා වේගෙ වැඩියි නෙමේ වේගෙ අඩුයි මටනම්..

    ReplyDelete
    Replies
    1. ලියන්න ගත්තම බෙල්ල කැඩෙන්නේ පින්තූර හොයන්නයි සංස්කරණය කරන්නයි ගියාම.

      Delete
  5. කොහෙමද ලිපි පෙල? අතිවිශිෂ්ටයි සර්..
    සුභ උදැසනක් තුමනි.. මා ඇතුලු බොලෝග් බල ඇනියම ඔබ තුමාගේ ඉදිරි ලිපි පෙල කියවිමට සුදානම් තුමනි..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.........මොන තුමනිද අනේ. ඔන්න ඔහේ ලිපි පෙළ හෙමිහිට කියවන්නකෝ.

      Delete
    2. තුමණී. මං තුමාගේ පුකට අනින්නද???

      Delete
    3. ලැක්චරයෝ....උඹ නම් ඔරිජිනල් පොරක් තමයි බන්. හිනායනවා යකෝ එක පාරටම මේ කමෙන්ට් එක දැක්කාම.

      Delete
    4. @දේශ්
      හමුදා නිලධාරියෙකුට ඔහමද කථා කරන්නේ?
      විචාරක මුට ඞිප්ස් 20 යි පොඞ්රෝල් 20 ගස්සන්න.
      @arugeadaviya
      දේශකයා ද මම ද ලැක්චරය? මම ඉතින් අංහිසක කාන්තා යට ඇගලුම් මහන්නෙක්

      Delete
    5. සංජීව.......ඔය දේශකයාව, ලැක්චරයා කරේ රවී.

      Delete
  6. මගේ මිත්‍ර Pra Jay එවල තිබ්බ මේක.... පට්ටයි.....
    https://mail.google.com/mail/u/0/#inbox/145bae8cff17079a

    ReplyDelete
    Replies
    1. මේක වැඩකලේ නැහැ. නැවත එවන්න මට.

      Delete
    2. මේ වැඩ කරන්නෙ අපුරුවට විචාරක තුමණි ....

      Delete
    3. කොපි කරල ක්ලික් කරන්න....

      Delete
    4. මේක ඊ-මේල් එකක ලින්ක් එකක්නෙ.. අනිත් අයට මේක බලන්න බෑ..

      Delete
  7. නියමයි විචා... ඔන්න බලන්න වටින තොරතුරු.. ඉදිරිපත් කරපු ආකාරයත් ආසා හිතෙනවා.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. දැන් මට හිතාගන්න අමාරු ලිපි පෙළ ඉවර කරන්නේ කොතනින්ද කියලා.

      Delete
    2. ඉවර කරන්න එපා. මේක ඉවරම කරල දාහං.. බොට තව අයිඩියා එකක් දෙන්නද? සව්න්ඩ් ස්පීඩ් එක ඉක්මවන මැෂින් වගයක් තියෙනවා ඒ ගැනත් ලියන්න

      Delete
    3. මං හිතුවා අර වෝස්ස්වෑන් එක ඩිසයින් කරන්න විදියක් නැතුව කම්පනා කොර කොර ඉද්දි ……… කතාවත් සෑර් ලියයිම කියලා .මගිං නවත්තලනේ :D

      Delete
    4. @ දේශා. යකෝ යුද්ද ටැංකි ගැන ලියන්න තියනවා. අවුරුද්දකටත් වඩා ඉහතදී ආව ඉල්ලීමක්.

      @ මල්ලි. හුඟ දෙනෙක් දන්නා නිසා කතාව ලිව්වේ නැත්තේ.

      Delete
  8. ෆොක්ස්වැගන් එකේ එන්ජිම මම හිතුවට වඩා පොඩියිනෙ. ඒ වගේම ඔය වාහනේ රෝද අර පියාජියෝ ත්‍රීවිල් එකේ වගේ යටින් ඇතුලට නැමිල තිබුණ කියලයි මම දැකල තියෙන්නෙ.

    රෝල්ස් රොයිස්නං අර පිස්සු පූස පදිනව තමයි දැකල තියෙන‍්නෙ. :D

    ReplyDelete
    Replies
    1. අර බීන් කාරයා අළුත්ම ෆිල්ම් එකේ ටොප් රොයිස් එකක් පැද්දා. මට ඒකේ නම මතක නැහැ අප්පා... ඌ හෙලිකොට්ටරේ පැදපු විදිය මතක් වෙන කොට තාමත් පපුව රිදෙනවා. .හැක්..

      Delete
    2. අර නත්තල් ගස් ටික කපාගෙන ගිය එක වෙන්ටැ. :D

      Delete
    3. ජොනී ඉන්ග්ලිෂ් නේද??

      Delete
    4. https://www.youtube.com/watch?v=JDs5vuzAAyA

      Delete
    5. පොහ්..................මල් හතයි ඈ.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. සූට් බූට් දිග කලිසං
      Rolls Royce ගමං බිමං
      අද මැදුරේ හෙට පැදුරේ
      පිස්සු පූසා මූ
      පිස්සා මූ පිස්සා මූ
      පිස්සු පූසා මූ

      විචාරකයියත් (විචාරක + අයියා) පිස්සු පූසෙක් වගෙන ලියන්නෙ
      ඉස්සරහින් දකුණට දාලා reverse එක ඇළට දාලා ලෑල්ලටම පාගලා යං
      "අපි පාගලා යාමුකො හැටේ
      මට පෑගුනෙ ...."

      Delete
    8. අර කාටූන් සින්දුව මට මතකයි. පාගලා ගිහින් උඹට පෑගුනේ මගේ ........ද? :e

      Delete
  9. නෙරංජන් විජේරත්න ලඟ පරණ කන්ඩිෂන් එකෙන්ම ලස්සනට තියන වොක්ස්වැගන් එකක් තියනවා නිල්පාට.. සුදු ලෙදර් සීට්.. පුහ් .ලස්සනේ බෑ කාර් එක !!

    ReplyDelete
    Replies
    1. වටිනා කියන පරණ කාර් ගොඩක් තවමත් අපේ රටේ තියනවා.

      Delete
  10. සමහර වර්ග වල නම් අහලම නැහැ.

    ReplyDelete
    Replies
    1. මතකයේ හොඳ කමට ලියන්නේ.

      Delete
  11. සමහර කාර් දැකලා තිබුනට අදයි ඒවයේ නම් දැනගත්තේ. පොඩි කාළේ අපේ සෙට් එකක්ම ඉස්කෝලේ ගියේ පොඩි ස්කොඩා කාර එකක. මම දැක්කා ආයේත් ස්කොඩා අළුත් වාහන වෙළඳ පොළේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. යුරෝපීය වාහන හැදීම නවත්තලා නැහැ. ප්‍රශ්නේ ඒවා ජපන් වාහන වලට වඩා බොහොම මිල අධික වීම.

      Delete
    2. යුරෝපීය වාහන ජපන් වාහන වලට සාපේක්‍ෂව මිල අධික නහැ.
      ප්‍රශ්නේ ඒවායෙ resale value එක ඉතාම අඩු වීමයි. අමතර කොටස් සුලබ නොවීමයි.
      ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් නොවුණානම් අද මෙහේ ජපන් කාර් නැහැ.
      හැබැයි යුරෝපීය වාහන වලට හුරුවුණ සමහරු දිගටම ගන්නෙ ඒවමයි.
      ඊලඟ ලිපියෙන් Peugeot ගැන කියනව නේද?

      හර්ෂ

      Delete
  12. විචාරක.....145 වෙනි ජාතික ලොතරැයි ටිකට් පතක් මම ජනවාරියේ ලියපු සංගීතේ රසේ වෙලී පෝස්ට් එකේ තියෙනවා. ඒකේ දිණුම්වලට වාහන තුනක් ප්‍රින්ට් කරලා තියෙනවා. හෝල්ඩන්, හෝල්ඩන් ස්ටේෂන් වැගන් සහ ට්‍රැක්ටරයක්. ලොතරැයිය ඇදලා තියෙන්නේ 08/06/67. මට ඒ ෆොටෝ එක මෙතනට දාන්න දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ලොතරැයියක් ඇදුනා කියන්නේ අහල පහල ගම් හතකට විතර හරියනවා කියන එකයි.

      Delete
  13. හම්බර් බයිසිකල් ගැන අහලා තිබුනට කාර් ගැන ඔය ඇහුවමයිනේ.. එතකොට තව ජීවිතේට අහලා නොතිබුන කාර් දෙක තුනක්ම තිබුනා..

    ෆොක්ස්වැගන් එක හිට්ලර් ජනතාව වෙනුවෙන් හදපු කාර් එක කියනවා නේද ? මම කොහෙදි හරි දැක්කා තියනවා වොක්ස්වැගන් කියන එකේ ජර්මන් තේරුම ඇවිල්ලා ජනතවගේ රථය කියන එකලු. හරිද මංදා.. ඔය අහපු කතා හරිය !

    එතකොට ෆොක්ස්වැගන් ගැන මරු කතාවක් තියෙන්නේ. හුඟක් අය දන්නවා ඇති.. දවසක් පොලිස් මුරපොලක ඉන්න රාලහාමි කෙනෙකුට මැසේජ් එකක් ආවලු කාර් එකක එන්ජින් එකක් හොරකම් කරලා ඔක්කොම වාහන් පරික්ෂා කරන්න කියලා. දැන් මූ ඔහොම පරික්ෂා කර කර ඉන්නකොට ඔතනින් යන්න ආවලු බීට්ල් එකක්.

    " ඇරපන් ඩිකිය. "

    " ඇයි රාළහාමි ? ප්‍රශ්ණයක්ද ? "

    " උමට ඒ පැහිච්චකම් වලින් වැඩක් නෑ, ඇරපන් ඩිකිය. "

    ඔන්න පොර ඩිකිය ඇරින්න යනවලු.


    "තමුසෙ ඔය මොකක්ද අරිනන් යන්නේ / මම කිව්වේ ඩිකිය අරින්න කියලා. මේ හලෝ තමුසෙට බෑ මාව අන්දන්න, අරිනවා ඩිකිය " කිව්වලු. අනේ අර පොරත් ඉති න්තක්බීර් වෙලා ඇරියලු පිටිපස්සෙ කෑල්ල.

    " ආ මේ තියෙන්නෙ බඩු. වරෙන් යන්න පොලිසියට " කියලා දොක්කන් ගියාලු...

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... එළ

      Delete
    2. පරණ සිංහල චිත්‍රපටියක තියනවා ඔය ඩිකියේ තියන දේවල් ගෙට ගෙනත් දාපන් කිව්වම ෆොක්ස්වැගන් එකේ එන්ජිම ගලවලා ගෙට ගේන දර්ශනයක්.

      හම්බර් බයිසිකල් වල තමයි මුලින්ම හබ් බ්‍රේක් ක්‍රමය ආවේ.

      Delete
    3. මම අහලා තියෙන කතාව මේකයි. මේක කියවලා ඩොකාලා මාත් එක්ක තරහ වෙන්න එපා. මේක විහිළුවක් හොඳේ.

      එකට මෙඩිකල් කොලේජ් හිටපු බැචාලා දෙන්නෙක් අලුතෙන්ම ගත්තලු වෝක්ස්වාගන් දෙකක්. දවසක් එක ඩොකෙක් කොහෙ හරි යද්දි කාරෙක මට හිටලා. පොර කාරෙක ස්ටාට් කරන්න බලලා බලලා අන්තිමේදි බොනට් එක (ඉස්සරහ ඈ) ඇරලා බැලුවලු. එතකොටම ආවලු අනිත් ඩොකා එතනට එයාග්ගේ කාරෙක එලවගෙන.
      'ඒයි මොකෝ මචං අවුල?'
      'මාර කෙලියක්නේ යකෝ. මේක එක පාරටම හිට්ටා. බොනට් එක ඇරලා බැලින්නං එන්ජිම නෑ. කොහෙ හරි මග වැටිලා.'
      'ආ උඹ බය නොවී හිටහං මචං. මම දැක්කා මගේ ඩිකියේ ස්පෙයා එන්ජිමක් තියෙනවා. හිටිං මං ඒක අරං දෙන්න උඹට.'

      Delete
    4. ඔය වොක්ස්වැගන් බීට්ල් මාදිලියයි - පෝෂේ කරේරා කියන මාදිලියයි එකම ප්ලැට්ෆෝම් එකක යන්නේ විචාරක තුමා.. බොහොම සමාන කම් තියනවා.. ඒකට හේතුව තමයි ෆර්ඩිනන්ඩ් පෝෂේ කියන අතිදක්ශ නිර්මාණකරුවාගේ අදහස් ඔය දෙකටම ගැබ් වී තිබීම..ෆර්ඩිනන්ඩ් වොක්ස්වගන් සමාගමෙන් ඉවත් වෙලා පෝෂේ සමාගම පිහිටවලා ඔහුම ඩිසයින් කරපු මාදිලිය තමයි කරේරා කියල මතයක් තියනවා..එයත් අති විශිශ්ට මෝට රථයක් .. මෙහෙ නම් බොහොම සුලභයි කරේරා ජී ටී කියන මාදිලිය සර් .

      Delete
    5. @පත්තර මල්ලි,
      …මෙහෙ කිව්වෙ කොහේද?

      Delete
    6. හරී අයියෙ..
      මෙහෙ කියල කිව්වෙ ඉතාලියට අයියෙ.. ගොඩක් තියෙන්නෙ අහල පහල රටවල හදන වාහන තමා..

      Delete
    7. @ හෙන්රි. මාරු කතාව. මම අපේ දොස්තර දුවට පෙන්නන්නම්.

      @ පත්තර මල්ලි. මල්ලි වාහන ගැන ගොඩක් දන්නවා වගේ. තව විස්තර ලියන්නකෝ.

      Delete
    8. අනේ සෑර් එහෙං මෙහෙං අහුලගෙන කියෝන මට ඔහොම කොරන එක හරිදෑ මං අහන්නෙ :D
      දන්න අකුරක් හරි තියේනං ලියනවා සර්.. මට කන්න නැතත් වාහනයක් අතගගා ඉන්න තියෙනං ඊට වඩා සැපක් නෑ..
      අපෙ අම්ම කියන්නෙ ගිය ආත්මෙක කරත්තෙ බැඳපු ගොනෙක් කියල..වයිෆ් කියන්නෙ මේ ආත්මෙත් වැඩි වෙනසක් නෑයි කියල.

      Delete
    9. @ මල්ලි. යකෝ ඔය රස්සාව ඇත හැරලා විකට නළුවෙක් වෙයන්. :e

      Delete
  14. එළ සුපිරි ලියක්. මේ වගෙ කාර් ගැන විජය පත්තරේන් කියෙව්වට පස්සේ ආයේ කියෙව්වේ මේ බ්ලොග් එකෙන්.

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ෆෝරම් එකට එන්නම්.

      Delete
  15. අනේ මන්දා මොනවා කියන්නද කියලා , පට්ට විස්තරේ .. කට ඇරගෙන කියෙව්වා ..

    ReplyDelete
    Replies
    1. යකෝ, කට අරගෙන කියවන්න එපා බ්‍රේක් නැති මැස්සෙක් ආවොත් එහෙම?

      Delete
  16. අපේ ඉස්කෝලෙ සංගීතය උගන්නපු සිරිල් පෙරේරා මාස්ටර්ට තිබුනෙත් හුම්බර් කාර් එකක්. කාර් එක වගේමයි මාස්ටරුත්. ෆුල් සයිස්!

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ මිනිස්සු බොහොමයක් ෆුල් සයිස් තමයි.

      Delete
    2. @ Kandyan...සිරිල් පෙරේරා කියන්නේ ආනන්ද පෙරේරාගේ පියාද? වික්ටර් රත්නායකගෙත් ගුරුවරයෙක් නේද?

      Delete
  17. දැනටත් හොඳම තත්වයේ තියන පරන රෝල්ස් රොයිස් එකක් ලංකාවෙ තියනව දැකල තියනවද? 1926 එකක් තියනව ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයෙ (කවුරුත් දන්න නමින් කියනවනම් ක‍ටුබැද්දෙ ජර්මන් ටෙක් එකේ).මගෙ ලඟ පොටෝ එකක් තිබුනා හොයල ඔබට එවන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. පුලුවන්නම් පින්තූරය මෙතනටම දාන්න.

      Delete
  18. මගේ කමෙන්ට් එක නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. පරණ කාර් එකකට යටවෙන්න ඇති.

      Delete
    2. ඔන්න කමෙන්ට් එක ආයෙම දානවා.. කරුණු මඟ ඇරිලත් ඇති..

      …1. පළවෙනි පින්තූරෙ තියෙන කාර් එකයි ඒකේ ගැජට් ටිකයි නම් නියමයි. Foot Board එකත් තියෙන්නෙ.. ඔතනින් වෙන්නැති නේද බස් එකටත් Foot Board එක එන්න ඇත්තෙ..
      2. කාර් ගැන ලිව්වා වගේම එක එක කාර් මෝස්තර ගැනත් ලියන්න. (උදා: hatchback, hardtop, convrtible)
      3.Volkswagen නිවැරදිව උච්චාරණය කරන්නෙ ෆොක්ස්වැගන් කියලද?

      Delete
    3. 1. ඔව් මමත් හිතනවා ඔතනින් තමයි ෆුට් බෝඩ් කතාව එන්න ඇත්තේ. මටත් හරි ආසයි ඒ පලවෙනි පින්තූරේ තියන ජාතියේ වාහනයක් එළවලා බලන්න.

      2. අම්මෝ ඔය ඔක්කොම විස්තර ලියන්න ගියොත් ලිපි මාලාවක් නෙවෙයි පොතක් තමා ලියන්න වෙන්නේ. මම මුලදීම කිව්වේ ඒකයි මම කරන්නේ මතක් කර දීමක් පමණයි කියලා.

      Delete
    4. Volkswagen උච්ඡාරණය කලයුත්තේ වොල්ක්ස්වැගන් කියලයි. ලංකාවේ අපට හුරු ෆොක්ස්වැගන් කියන එකයි.

      Delete
    5. 2. ගෙදර නිකම් ඉන්න එකනෙ. :b

      3. කළයුත්තෙ හුරුඑකද? නිවැරදි එකද? :) මම උච්චාරණය කළේ වොල්ක්ස්වැගන් කියලා. එතකොට අපේ තාත්තා කියනවා "වොල්ක්ස්වැගන් නෙමේ ෆොක්ස්වැගන් " කියලා. මම හිතුවෙ එයාට වැරදිලා කියලා. ඒත් මෙතන දැක්කම හිතුනෙ මම වැරදි කියලා. දැන් බලද්දි මම හරිනෙ. :)

      …ඔය වගේම තවත් වැඩක් උනා මට Chevrolet කියන එක "ශර්වලට්" කිව්වම කෙනෙක් කිව්වා ඒක "චෙව්ලට්" කියලා. ඊටපස්සෙ එහෙම කිව්වම වෙන කෙනෙක් කියනවා "ශර්වලට්" කියලා.

      Delete
    6. හරි......ශෙව්රොලෙ, වොක්ස්වැගන්

      Delete
    7. අරූ අයියෙ.. ඉතාලියෙත් උච්චාරණය කරන්නෙ ෂෙවොර්ලේ කියල තමා.. daewoo කම්පැණියෙන් ෂෙවොර්ලේ කම්පැනිය සල්ලි දීල ගත්ත නේද.. ඩේවු මතිz කියන එක දැං එන්නෙත් ෂෙවොර්ලෙ ම්තිz කියල.

      Delete
    8. Actually Volkswagen is pronounced like it is written in German. In German. V is pronounced like /f/. So approximately folksvaagen. ෆොල්ක්ස්වාගන් So we are not so far from the real thing. But we are not supposed to pronounce it like Germans. A lot of people call it VW (vee-double-u) Beetle.

      Delete
    9. Thank you very much Henry for your contribution.

      Delete
    10. @ හරී, මල්ලි, අරු, ඇත්තටම අපි කිව්වේ ෆොක්ස්වැගන්, චවලට්, පර්ජෝ, කියලා. නමුත් නිවැරදි නම දැනගත්තේ හුඟක් පස්සේ. අදටත් කියවෙන්නේ අර වැරදි නම් තමයි. අපි ඔක්කොම රෝද දෙකේ ට්‍රැක්ටර් වලට කියන්නේ 'ලෑන්ඩ් මාස්ටර්'. ඔක්කොම පීඩන ලාම්පු වලට කියන්නේ 'පැට්‍රෝල් මැක්ස්' වගේ තමයි.

      Delete
    11. මම හිතන්නේ Chevrolet කියන එක උච්චාරණය කරන්නේ "ෂෙව්ලේ"කියලා..

      Delete
  19. පිරිමි මේ වගේ පරණ බඩුවලට කැමති එක කොච්චර දෙයක්ද කියලා හිතෙනවා මේ 'කාර් ලිපි ' බලනකොට විචාරකයෝ...

    සමහර කාර් දැක්කාම මට අත්තම්මා මතක් වෙනවා...:D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්..............................පරණ බඩු හොඳයි තමයි. ඕනෙනම් අපේ ගෙදර ඇත්තීගෙන් අහලා බලන්න. :e

      අපි හැමදෙනාගේම අතීත මතකයන් අවදි වෙනවා මෙවැනි තොරතුරු කියෙව්වම.

      Delete
  20. පරණ ලිපි දෙකම මගහැරිලා ..... ඉමුකො බලන්න ඉස්සෙල්ල ගිහිල්ල ඒ දෙක බලලා එනකම්

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කියවගෙන මෙතනට එන්නකෝ.

      Delete
  21. සුපිරි ලිපි පෙළක්..දිගටම ලියන්න...දිගටම එන්නම් කියවන්න...ජය වේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. හොඳ නරක දෙකම කියන්න.

      Delete
  22. වුල්ස්ලි වාහන ගැන මම අදමයි ඔන්න ඇහුවේ.. අනික්වනම් ෆොටෝ එකකින් හරි කලින් දැකලා තිබුනා..

    ReplyDelete
    Replies
    1. තිබුනෙත් බොහොම ටිකයි ඒ කාලේ.

      Delete
  23. ඊබට් සිල්වා මහත්තයාගේ බස් දැකලා තිබුනට මනුස්සයාගේ රූපේ දැක්කේ අද.
    නොදන්න විස්තර ටිකකුත් දැනගන්න ලැබුනා.

    ReplyDelete
    Replies
    1. අන්තිම කොටසේදී පුවත්පත්වලින් ගත් විස්තර දාන්නම්.

      Delete
  24. Brirish council computer wala Sinhala nathi nisaa meka Singlish walin daannam. Rolse Royce waahana mehe nathi unaata, Railway ekata aapu Shunting Engine (class Y) wala athule thiyana engine eka Rolse Royce ekak.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ දැනුවත් කිරීමට. රෝල්ස් රොයිස් වාහන මෙහි නොගෙන්වන්නේ නඩත්තුව අපහසු නිසා වෙන්න ඇති කියලා හිතනවා. මා හිතන්නේ නැහැ ලංකාවේ ඇති කියලා රෝල්ස් රොයිස් නියෝජිත ආයතනයක්.

      Delete
    2. විචා දන්නවා ඇති සමහර ආමඩ් කාර් වලත් Rolls Royce එන්ජින් තියෙනවා. මට මතක විදිහට Lockheed සමාගම ගුවන් යානාවලට Rolls Royce එන්ජින් පාවිච්චි කළා.

      හර්ෂ

      Delete
    3. රෝල්ස් රොයිස් එන්ජින් තිබුණේ එංගලන්තෙන් ගෙනාපු පරණ සැලඩින්, සහ සැරසන් වැනි මුල් කාලයේ සන්නද්ධ රතාල. ඒවා අද භාවිතයෙන් ඉවත් කරලා තියෙන්නේ. ඔබේ මතකය බොහොම අගෙයි. ගුවන්යාන සඳහානම් අදත් රෝල්ස් රොයිස් එන්ජින් පාවිච්චි කරනවා.

      [im]http://archives.dailynews.lk/2009/09/30/z_p-09-Victory-03.jpg[/im]

      Delete
  25. විචාරක ( A.D.S. ) මහතාණනි,

    අර කමෙන්ට් වලට ෆොටෝ එකක් දාන්නෙ කොහොමද කියල කියනවද තරහ නැතුව?

    ස්කෝඩා වාහන ගැනත් පුලුවන්නම් ලියන්න..බොහොම ජනප්‍රිය වාහන ජාතියක් ඒ කාලෙ...ආය රුසියන් වාහනයක් තිබ්බ ලාඩා කියල.

    MG කාර් දැකල තිබ්බට MG කියන්නෙ Morris Garages කියල දැනගත්තෙ ඔබතුමාගෙ ලිපිපෙල හින්ද ස්තූතියි,

    ගොළු හදවතේ අන්තිම හරියෙ සරත් ( සුගත්ගෙ අයිය ) ගන්නෙ MG Sports කාර් එකක්.

    ReplyDelete
    Replies
    1. මොකක්ද අනේ A.D.S. කියන්නේ?

      කමෙන් වලට පොටෝ දැමිල්ල මේ මෑතකදී දැනගත්තේ. නමුත් පොඩි ප්‍රශනයක් තියනවා. මගේ අඩවියේ මගේ කමෙන්ට් වලට පොටෝ දැම්මට වෙන කෙනෙක්ගේ අඩවියක දාන්න බැහැ. ඒ ඇයි කියලා මමත් දන්නේ නැහැ. මෙතන මම දාන්නේ මෙහෙමයි. මෙන්න මේ කෝඩ් එක මම note pad එකේ ගහලා සේව් කරලා තොයාගෙන ඉන්නවා. මේකත් මට යාලුවෙක් කියලා දුන්නේ. මෙන්න කෝඩ් එක [im] [/im] දැන් ඔයාට කරන්න තියෙන්නේ ජාලයෙන් ගූගල් ඉමේජ් වගේ එකකින් හොයාගත්ත පින්තූරයක URLඑක මේ දෙක මැද්දට copy paste කරන ඒකයි. ඊට පස්සේ ඒ ඔක්කොම කෝඩ් එක කමෙන්ට් එකට copy paste කරන්න. කරලා පබ්ලිෂ් කරන්න. වැඩේ ඉවර වුනාට පස්සේ note pad එකේ තියන අර URL එක අයින් කරලා කෝඩ් එක තිබුණු තැන සේව් කරන්න.

      මම තවමත් හොයනවා යූ ටියුබ් වීඩියෝ එකක් සහ මේ වගේ පින්තූරයක් වෙනත් කෙනෙකුගේ බ්ලොගර් අඩවියක මගේ කමෙන්ට් එකකට දාගන්න විදිහ.

      Delete
    2. මොකක්ද අනේ A.D.S. කියන්නේ?
      මමත් හිතුවා මේක රවියාගේ තවත් මහාප්‍රාණයක් වෙන්න ඇති කියලා. පස්සේ හිතුනා Aසමි.Dකිමි.Sයමි. වෙන්න ඇති කියලා.

      Delete
    3. මෙන්න කෝඩ් එක කිව්වට කෝඩ් එක වැදිලා නැහැ. [im] [/im] ඔය දෙක මැද්දට තමයි URL එක copy paste කරන්නේ.

      Delete
    4. කෝඩ් එක වදින්නේ නැත්තේ html ප්‍රශ්නයක් නිසා [අයිඑම්] [/අයිඑම්] හරි නේද? මහ වරහන, ස්පේස් නොතියා සිම්පල් im වරහන වහනවා. ස්පේස් එකක් තබා වරහන, ෆොර්වර්ඩ් ස්ලෑෂ් එක ආයෙත් im වරහන වහනවා.

      Delete
    5. විචාරක,

      බොහොම ස්තූතියි ....

      අරූ හරි....ADS = අසමි, දකිමි, සොයමි,

      BSA මෝටර් බයිසිකල් මතකද?

      Delete
    6. විචාරක මහතා මම දන්න විදිහට ඔය රූප දැමිල්ලට ටෙම්ප්ලේට් Script කෝඩ් එකේ වෙනසක් කරන්න ඕනා. මගෙ එකෙත් ඕක කරලා තියෙන්නෙ. ඒත් ක්‍රෝම් වලින් බැලුවම එහෙම දාන ඒවා පෙන්නන්නේ නෑ.

      මෙන්න ලින්ක් එක ඒක හදා ගන්න විදිහ ගැන කියවෙන...

      Delete
    7. බොහොම ස්තුතියි සෙන්නා.

      Delete
  26. ස්කෝඩා වාහනය චෙකොස්ලෝවැකියාවෙන් ආවෙ. තව හොඳ චෙක් නිශ්පාදනයක් තමයි Java මෝටර් සයිකලය. මට මතක හැටියට පොලිසියෙ යූ.ඩී. ජිනදාස පැද්දා.
    තව මතකද Two Stroke කාර් එකක් තිබුණා DKW කියලා. Audi වාහන වලට ඉස්සර.
    ඒ කාලෙ ලස්සනම ස්පෝර්ට්ස් කාර් තමයි Triumph TR2,TR3, MG සහ Sunbeam Alpine. මට ලඟදි හමුවුණා රොබින් තම්පො මහතාගෙ පුතා. ඔහු මට පෙන්නු සේයාරූ වල තියෙනවා තම්පො මහතාගෙ MG ස්පෝර්ට්ස් රථය ඉන්දියාවෙ රූ ගත කිරීම් වලදි.

    හර්ෂ

    ReplyDelete
    Replies
    1. @ හර්ශ......ඔන්න උඹ තවත් සබ්ජෙක්ට් එකක් ඕපන් කරා. යුඩිජිනදාස පැද්දේ නෝට්න් එකක් වගේ කියලා මතකයි. රාජා පෙරේරාද ජාවා එක පැද්දේ? සැකි ඩීන් කියලාත් හිටියා ඒකාලේ. මම පොඩියි, ඒත් ඕවා කට්ටිය කතා වෙනවා. රාජා පෙරේරාගේ ගැරෙජ් එක තිබුනේ රාජගිරියේ. යුඩී වැඩකරේ පොලිස් ගරාජ් එකේ මම හිතන්නේ.

      Delete
    2. ෂඃ....................වැඩේ නැගලා යනවා. හර්ෂ, බොහොම ස්තුතියි මට අමතක වෙන්න ගිය වාහන වර්ග දෙකක් මතක් කරලා දුන්නට. අනිවාර්යයෙන්ම ඊළඟ කොටසට එකතු කරන්නම්. Skoda සහ DKW.

      @ අරු, ලියන්නකෝ මෝටර් සයිකල් ගැන.

      Delete
    3. ඔය යන්නේ බබා වගේ .. අරූ අයියා දෙන්ඩකො මෝටබයික් ගැන මං දෙන්නං සප් එක බොක්කෙන් ම !!!

      Delete
    4. අනේ සහතිකෙන්ම මම බයික්ස් ගැන දන්නේ නැහැ. මම ඒ දවස්වල රේස් පැද්ද අය ගැනනම් දන්නවා. මගේ යාළුවෙක් පැද්දා ජානක කරුණානායක කියලා. ඒ නිසා ඒ දවස්වල ආසාවෙන් හිටියා.

      Delete
    5. හොඳම දේ අරුයි හර්ෂයි දෙන්නම් එකතුවෙලා ලිපියක් ලියන එක.

      Delete
  27. අරූ අයියා දෙන්ඩකො මෝටබයික් ගැන.......
    මෙන්න මට මතක හැටියට ලංකාවෙ තිබුණු ඒවා ටිකක්
    BSA Bantam, Norton, Ariel,Triumph Speed Twin,Triumph Tiger100, Enfield Zundapp, Java, BMW
    Scooters- Vespa, Lambretta,
    Moped- Velosolex

    හර්ෂ

    ReplyDelete
    Replies
    1. ඉතින් හර්ෂ ඔය මූලික දැනුමට තව කරුණු ටිකක් එකතු කරගත්තනම් ජාලය පීරලා, ලිපියක් ලියන්න පුළුවන් වෙයි.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }