ඒ 2005 අවුරුද්දය. මගේ පියා සිය සේවා කාලයේ ක්‍රියාන්විත රාජකාරියෙන් බැහැරව සේවය කළ එක අවථාවක් විය . ඊට හේතුව පෙර වසරේ ඔහුගේ සහෝදරයා හා ඔහුගේ පුත්‍රයා සුනමියෙන් මියයාම නිසා ඇතිවූ චිත්ත පීඩාව හේතුකොටගෙන වැහැර ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු මූලස්ථානයට අනුයුක්තව සේවය කරන ලදී.
ඔබට මතක නම් ඒ මහා දුම්රිය අනතුර සිදුවූයේ මේ කාලයේය . එවකට මගේ මව රුවන්වැල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක වරියක ලෙස කටයුතු කළ අතර මාරුවීමක් ගත නොහැකි වූ හෙයින් ඇය දිනපතා සේවයට ගියේ නිවසේ සිටය . මේ දිනවල මා විශ්ව විද්යාලවරම් ලබසිටි අතර , ඒ සඳහා සූදානම්ව සිටියාය. එමෙන්ම මගේ ශරීර ස්වභාවය නිසා සෑම උදෑසනකම ජිම් එකට යාමට පුරුදුව සිටියාය. මේ කාලය වනවිට ජංගම දුරකතනයක් තිබුනේ මගේ පියාට පමණි .
සිද්දිය මෙසේය
සෑම උදේම මගේ මව උදෑසන 6 .00 ට පමණ සේවය සඳහා නිවසින් පිටවේ . ඇය රුවන්වැල්ල සඳහා යන්නේ වරකාපොල හරහාය. වරකාපොල නගරයට ඉක්මනින් පිවිසීමට ඇය විසින් දුර ගමන්සේවා බස්රථ භාවිතා කරයි. ඉතින් ඇතැම් දිනවල මා සමග පවසන පරිදි ඇය ගල්කිරියාගම බස්රථ වලද ගමන් කල බව කියයි .කෙසේ වෙතත් මෙදින උදෑසනද මවත් පියත් තම සේවයන් සඳහා නික්ම ගිය අතර මමද සුපුරුදු පරිදි ජිම් එකට ගියාය . එය අවසන් කර නගරයට පැමිණි මට අතොරක් නැතිව කුරුණෑගල නගරයෙන් ඇම්බියුලන්ස් හඬ ඇසෙන්නට පටන් ගත්තාය. කුමක් සිදුවී ඇත්ද යන්න සොයා ගැනීමට සිතුවත් ඒ සඳහා කිසිවෙකුත් නොසිටි අතර නිවසට යාම ඉක්මන් කල මම නගර මධ්‍යයෙන් බසයකට ගොඩවිය. එහිදී රියදුරු හා මිනිසෙක් කතාකරන දෙබස මගේ කන වැකිණි. එයින් ඇතිවූ බිය මට කවරදාවත් දනී නොතිබිණ
රියදුරු - කොහේ යන බස් එකක්ද ?
මගියා - ගල්කිරියාගම කොළඹ
රියදුරු - කීයටද වෙලා තියෙන්නේ
මගියා - 7.00 විතර තමා වෙලා තියෙන්නේ බස් එක ගිනි අරන් තුවාල කාරයෝ මළමිනීයි පොල්ගහවෙලයි කුරුනෑගල ඉස්පිරිතාලෙයි දෙකේම තියනවලු. කොච්ච්යට මුකුත් නෑලු . ගේට්ටුව වහලා තියෙද්දියි බස් එක දාල තියෙන්නේ .
ඒ වන විට බසය කුරුනෑගල රෝහල පසුකරමින් සිටියේය එතන එකම හිස් ගොඩකි සාමන්‍ය වාහන වලින්ද තුවාල කරුවන් රැගෙන එමින් තිබුණි මගේ දෙපා පන නැති තත්වයට පත්වී ආයේය. මගේ මවත් ඒ බසයේ සිටියාද ? ඇගේ තත්වය කුමක්ද ?ප්‍රශ්න පත්‍රයක් මා ඉදිරියේ දිග හැරිණ. සියල්ලටම ගෙදර යායුතු බව මට වැටහින. බසයෙන් බැස ගෙදර ගියේ කෙසේදැයි මට මතක නැත. ගියා නොව දිවුවාය . ස්ථාවර දුරකතනයෙන් මා පළමුව කතාකරේ මගේ පියාටය .
මම - තාත්තේ අම්මා මට කියාගත් හැකිවූයේ එපමණකි පියා - ඔහු මට ප්‍රථම ක්‍රියාත්මක වී තිබුණි . ඔහු සිද්දිය දැනගත් පසු කුරුනෑගල රෝහලේ මෘත ශරීරාගාරයට ගොස් මිනී අතගා තිබුණි. ඔහු අඩමින් පැවසුවේ මම කුරුනෑගල ගිහින් බැලුවා. අම්ම කියලා අඳුරගන්න පුළුවන් කවුරුත් නෑ. මම මිණී ඔක්කොම බැලුවා. ඒවා පිච්චිලා. මම දැන් පොල්ගහවෙල යනවා ඔයා ගෙදරට වෙලා කොහොමහරි අම්මා රුවන්වැල්ලට ගියාද කියල බලන්න කියාය. මම රූපවාහිනියද ක්‍රියාත්මක කර ඉන්පසු බුදුන් වැන්දේ ආම්ම රැකදෙන ලෙසයි .
විචාරක දියණිය 16.05 පැයට