ඒ 2005 අවුරුද්දය. මගේ පියා සිය සේවා කාලයේ ක්‍රියාන්විත රාජකාරියෙන් බැහැරව සේවය කළ එක අවථාවක් විය . ඊට හේතුව පෙර වසරේ ඔහුගේ සහෝදරයා හා ඔහුගේ පුත්‍රයා සුනමියෙන් මියයාම නිසා ඇතිවූ චිත්ත පීඩාව හේතුකොටගෙන වැහැර ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු මූලස්ථානයට අනුයුක්තව සේවය කරන ලදී.
ඔබට මතක නම් ඒ මහා දුම්රිය අනතුර සිදුවූයේ මේ කාලයේය . එවකට මගේ මව රුවන්වැල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක වරියක ලෙස කටයුතු කළ අතර මාරුවීමක් ගත නොහැකි වූ හෙයින් ඇය දිනපතා සේවයට ගියේ නිවසේ සිටය . මේ දිනවල මා විශ්ව විද්යාලවරම් ලබසිටි අතර , ඒ සඳහා සූදානම්ව සිටියාය. එමෙන්ම මගේ ශරීර ස්වභාවය නිසා සෑම උදෑසනකම ජිම් එකට යාමට පුරුදුව සිටියාය. මේ කාලය වනවිට ජංගම දුරකතනයක් තිබුනේ මගේ පියාට පමණි .
සිද්දිය මෙසේය
සෑම උදේම මගේ මව උදෑසන 6 .00 ට පමණ සේවය සඳහා නිවසින් පිටවේ . ඇය රුවන්වැල්ල සඳහා යන්නේ වරකාපොල හරහාය. වරකාපොල නගරයට ඉක්මනින් පිවිසීමට ඇය විසින් දුර ගමන්සේවා බස්රථ භාවිතා කරයි. ඉතින් ඇතැම් දිනවල මා සමග පවසන පරිදි ඇය ගල්කිරියාගම බස්රථ වලද ගමන් කල බව කියයි .කෙසේ වෙතත් මෙදින උදෑසනද මවත් පියත් තම සේවයන් සඳහා නික්ම ගිය අතර මමද සුපුරුදු පරිදි ජිම් එකට ගියාය . එය අවසන් කර නගරයට පැමිණි මට අතොරක් නැතිව කුරුණෑගල නගරයෙන් ඇම්බියුලන්ස් හඬ ඇසෙන්නට පටන් ගත්තාය. කුමක් සිදුවී ඇත්ද යන්න සොයා ගැනීමට සිතුවත් ඒ සඳහා කිසිවෙකුත් නොසිටි අතර නිවසට යාම ඉක්මන් කල මම නගර මධ්‍යයෙන් බසයකට ගොඩවිය. එහිදී රියදුරු හා මිනිසෙක් කතාකරන දෙබස මගේ කන වැකිණි. එයින් ඇතිවූ බිය මට කවරදාවත් දනී නොතිබිණ
රියදුරු - කොහේ යන බස් එකක්ද ?
මගියා - ගල්කිරියාගම කොළඹ
රියදුරු - කීයටද වෙලා තියෙන්නේ
මගියා - 7.00 විතර තමා වෙලා තියෙන්නේ බස් එක ගිනි අරන් තුවාල කාරයෝ මළමිනීයි පොල්ගහවෙලයි කුරුනෑගල ඉස්පිරිතාලෙයි දෙකේම තියනවලු. කොච්ච්යට මුකුත් නෑලු . ගේට්ටුව වහලා තියෙද්දියි බස් එක දාල තියෙන්නේ .
ඒ වන විට බසය කුරුනෑගල රෝහල පසුකරමින් සිටියේය එතන එකම හිස් ගොඩකි සාමන්‍ය වාහන වලින්ද තුවාල කරුවන් රැගෙන එමින් තිබුණි මගේ දෙපා පන නැති තත්වයට පත්වී ආයේය. මගේ මවත් ඒ බසයේ සිටියාද ? ඇගේ තත්වය කුමක්ද ?ප්‍රශ්න පත්‍රයක් මා ඉදිරියේ දිග හැරිණ. සියල්ලටම ගෙදර යායුතු බව මට වැටහින. බසයෙන් බැස ගෙදර ගියේ කෙසේදැයි මට මතක නැත. ගියා නොව දිවුවාය . ස්ථාවර දුරකතනයෙන් මා පළමුව කතාකරේ මගේ පියාටය .
මම - තාත්තේ අම්මා මට කියාගත් හැකිවූයේ එපමණකි පියා - ඔහු මට ප්‍රථම ක්‍රියාත්මක වී තිබුණි . ඔහු සිද්දිය දැනගත් පසු කුරුනෑගල රෝහලේ මෘත ශරීරාගාරයට ගොස් මිනී අතගා තිබුණි. ඔහු අඩමින් පැවසුවේ මම කුරුනෑගල ගිහින් බැලුවා. අම්ම කියලා අඳුරගන්න පුළුවන් කවුරුත් නෑ. මම මිණී ඔක්කොම බැලුවා. ඒවා පිච්චිලා. මම දැන් පොල්ගහවෙල යනවා ඔයා ගෙදරට වෙලා කොහොමහරි අම්මා රුවන්වැල්ලට ගියාද කියල බලන්න කියාය. මම රූපවාහිනියද ක්‍රියාත්මක කර ඉන්පසු බුදුන් වැන්දේ ආම්ම රැකදෙන ලෙසයි .
විචාරක දියණිය 16.05 පැයට
තාත්තා නිවැරදි ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාසය බොහොම අගය කල හා ඒ අනුව කටයුතු කල අනුන්ගේ ලියවිලිවල වැරදිත් නිවැරදි කල කෙනෙක්. ඔහු ඔබේ මේ පෝස්ටුව දකින්නෙ නැති එක ගැන සතුටුයි.
ReplyDeleteමේකේ හුගක් වැරදි තියනවා. මන් ඒක නිහතමානීව පිළිගන්නවා. මට තියන තාක්ෂණ ගැටළු විසද ගන්න කෙනෙක් මට නෑ. පුළුවන් ආකාරයට ඉදිරියේදී වැරදි නිවැරදි කරන්නම් .
Deleteවිචාරක දියණිය
ලිපිය නැවත සංස්කරණය කරන්න පුළුන් දියණි පාලක පිටුවට ආපසු ගොස් බලන්න. ඔබේ ලිපිය අනුවේදනීය කදිම මතක සටහනක් ස්තුතියි දියණී
Deleteඅපේ විචාරකතුමාගේ බ්ලොග් එක පවත්වා ගන යාම අප ලද වාසනාවක් දිරි ගනිමින් තව තවත් ලියන්න
Deleteඔබේ දිරිගැන්වීම ඉතා ඉහලින් අගය කරනවා. ගොඩක් ස්තූතියි ඔබේ උපදෙස ක්‍රියාත්මක කර බලන්නම්.
Deleteවිචාරක දියණිය
ඊට හේතුව පෙර වසරේ ඔහුගේ සහෝදරයා හා ඔහුගේ පුත්‍රයා සුනමියෙන් මියයාම නිසා ////// Col ගුණරත්න මිය යාමට මාස 8 පමණ පෙර මාව හමු වූවා
ReplyDeleteඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.
Deleteවිචාරක දියණිය
සංවේදී මතකයක්. බෙදාගත්තාට තුති.
ReplyDeleteඅතීතයේ සංවෙිදි මතක සටහන්...
ReplyDeleteස්තුතියි අප හා බෙදා ගත්තාට...
ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි
Deleteවිචාරක දියණිය
දුම්රිය හරස් පාර පසුකරමින් යන විට පාර අද්දර තියෙන ස්මාරකය යාල්ගංමෝදර ඛේදවාචකය හැමදාමත් මට සිහිපත්කරවනවා.
ReplyDeleteඑම ස්ථානයේ සෑම වසරකම එම දිනට ඥාතීන පැමිණ උපහාර දක්වනවා
Deleteවිචාරක දියණිය
This comment has been removed by the author.
Deleteඔය වගේ වෙලාවට ඇවිදගන්නවත් පණ තියෙන එක ලොකු දෙයක්. බොහෝ වෙලාවට ගෑනු ළමයි කරන්නෙ කලන්තෙ දාලා වැටෙන එකනෙ.
ReplyDeleteඒක ඇත්ත තාත්තට පිංසිද්ධ වෙන්න මට ඒ හයිය තියනවා
Deleteවිචාරක දියණිය
රුවන්වැල්ල මගේ ගමය..
ReplyDeleteසිදුවීම නම් මතක නැත ඒත් සංවේදියි ගොඩක්
මේ සිදුවීම වුනේ රැවන්නැල්ලෙ නෙවෙයි පොල්ගහවෙල කිට්ටුව මගේ මව කමයි රැවන්වැල්ලේ රාජකාරි කළේ ඹබ රැවන්වැල්පෙ නම් අපි නොදැන ඉන්න් විදියත් නෑ රැවන්වැල්ල් සමඟ තියෙන සබඳතා බොහොමයි මගේ ජිවිතේ අවුරැදු 17 ක් ගෙවුනෙ එහේ
Deletehttp://subasa.ambitiouslemon.com/spellerweb.py මේකට දාල පුළුවන් අක්ෂර වින්‍යාසය නිවරදි කරගන්න
ReplyDeleteබොහොම ස්තූතියි උත්සාහ කරන්නම්
Deleteවිචාරක දියණිය
අපොයි ඔය මාරක කඩුල්ලෙන් ඉස්සර යන්නේ එන්නේ කොච්චරවත් බයෙන්.. අපේ නේවි කොන්වෝයි එකත් කිසි ඇහිල්ලක් බැලිල්ලක් නෑ දානව ඒ කාලේ ඔය මහ අනතුර වෙන්න කලිං පොඩි පොඩි සීන් ගානක්ම උනා..
ReplyDeleteඅම්මප තාත්තා මේක කියෙව්වනං බැණුම් ශුවර්.. :))))
ඔවු තාත්තා බනිනවා නෙවේ ඊට වැඩිය දෙයක් උනත් කරනවා මට දැන් මැවිලා පෙනෙනවා .
Deleteවිචාරක දියණිය
මට මතක් උනේ world tread center එකේ බෝම්බේ පුපුරපු දවස තාත්තා රාජකාරි කලේ ලංකා බැංකුවේ ඉස්සර කිසිම දුරකථන පහසුකමක් තිබ්බේ නෑ.. ඇමතුමක් ගන්නවා නම් ටවුන් එකේ කොමියුනිකේෂන් එකට යන්න ඕනේ...ඉතින් තාත්තට මොකද උනේ කියලා දැන ගන්න විදිහක් තිබ්බේ නෑ ගමේ ගොඩක් මිනිස්සු අපේ ගෙදර එදා ආවා.. අන්තිමෙට අම්මා ටවුන් ගිහින් බැංකුවට කතා කලත් කිසිම දුරකථනයක් ඒ වෙනකොට වැඩ කලේ නෑ ඊට පස්සේ අපි කලේ අඩ අඩ රෑපවාහිනිය ඉස්සරා ඉදපු එක.. අන්තිමෙට තාත්තා අනික් අයට උදව් කරන දර්ශණ ඇතුලත් විඩියෝවක් දැක්කට පස්සේ තමා අපේ හිත් වලට සැනසීමක් දැනුනේ... එතකොට මට අවු. 10 ඇති.. ඒත් තාමත් ඒ මතක හරි භීතිය උපද්දනවා
ReplyDeleteඒවා අතිශය සංවේදී අවස්ථා ඒ දුක විඳපු කෙනෙක්ට විතරයි එය නිවරදිව වැටහෙන්නේ.
Deleteවිචාරක දියණිය
හැමෝගෙම ජීවිතවල මේ වගේ අසීරු අවස්ථා වලට මුහුණ දීපු අත්දැකීම් ඇති. 88/89 කාලේ මගේ තාත්ත සේවය කලේ මාතර. හැමදාම රෑට තාත්ත ගෙදර එනකල් අපි හැමෝම උන්නේ හිතේ ගින්දරෙන්. ඒත් කව්රුවත් ඒ භය වචන වලට පෙරලුවේ නැහැ. සමහර දවස්වලට ලයිට් නැහැ. සමහර දවස්වලට ලයිට් තිබ්බත් දාන්න තහනම්.. රෑ හතහමාරත් අටත් අතර තාත්ත ඇවිත් දොරට තට්ටු කරලා "දුවා" කියල නංගිට කතා කරනවා ඇහෙනකොට තමයි හැමෝගෙම පපුවේ ගින්දර නිවෙන්නේ.
ReplyDeleteබොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට . එවැනි සවේදී අවස්ථා සියලු දෙනාගේම හිතින් මකන්න අපහසුයි
Deleteවිචාරක දියණිය
thank you
ReplyDelete+++ :(
ReplyDelete