මේ ලිපිය ලියන්න පටන්ගත්තේ 2013 මැද භාගයේදී කියලා කිව්වොත්, ඔබ අතරින් සමහර අය, එය විශ්වාස නොකරනු ඇති. නමුත්, දිනෙන් දිනම ලිපිය ලිවීම මගහැරුණා. ඔන්න දැන් තමයි, ලිපියේ පළමුවැනි කොටස ඔබ වෙත ගෙන එන්න පුළුවන් වුණේ. හැබැයි පළමුවෙන් එක කරුණක් අවධාරණය කලයුතුයි. මේ ලිපිය ඉක්මණින් කියවා අවසන් කරන්නට බැහැ. අවබෝධය ලබාගැනීමට නම්, ලිපිය එකවරකට වඩා කියවන්න වෙනවා. ඒ වගේම හමුදා ක්‍රියාන්විත පිලිබඳ ඔබට සතුටුදායක අවබෝධයක් ලබාගන්නට, මේ ලිපිය ඉවහල් වෙනවා ඇතැයි මා සිතනවා.
ඕනෑම වැඩක් හරියට කරන්න නම්, හොඳ සැළැස්මක් තිබිය යුතු බව, මම ඔබට අමුතුවෙන් කියා දෙන්නට අවශ්‍ය නැහැනේ. ජීවිතයේ යම්කිසි දියුණුවක් අපි ලබනවානම්, ඒ දියුණුවේ රහස වන්නේ, සැළැස්මක් අනුව වැඩ කිරීම බවත්, අපි දන්නවා. ගෙයක්, වාහනයක්, ගෘහ භාණ්ඩයක්, වැනි දෙයක් හදන්නෙත් සැලැස්මකට අනුව. අපි ඉගෙන ගන්නේ, විභාග වලට මුහුණ දෙන්නේ සැළැස්මකට අනුව. එහෙනම් මේ සැළැස්ම කියනදේ, අපේ ජීවිතයට බද්ධ වූ දෙයක් බව පෙනෙනවා. යුද්ධ කරන්නත් සැළැස්මක් ඕනේ. වසර දහස් ගණනක ඉතිහාසයේ සිදුවූ යුද්ධ වලදී පවා, සැළැස්මක් අනුව ක්‍රියාකර ඇති බව, ඉතිහාස කතාවලින් අප කියවා තිබෙනවා. ඉතින් අද මා ඔබ වෙත ගෙන එන්නේ යුද්ධයකදී සැළැස්මක් හදන්නේ කොහොමද, ඒ සැළැස්ම ක්‍රියාවට නගන්නේ කොහොමද, කියන මාතෘකාවයි.
මෙහිදී මා මුලින්ම කිවයුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි, මේ කතාකරන්නට යන්නේ, සංග්‍රාමික කටයුතු නමැති විෂයයේ, ඉතා ගැඹුරු පරිච්ඡේදයක් බව. ඒ නිසා, මේ ලිපිය කොටස් කීපයකින් ඉදිරිපත් කරන්නටයි, මා සූදානම් වන්නේ. එසේ නොකළොත්, මෙය අවබෝධ කරගැනීමත් අපහසු වන අතර, නීරස බව නිසා, ඉතිරි කොටස් නොකියවා අත්හැර දැමීමටත්, සමහරුන්ට සිතෙන්න පුළුවන්. හැකිතරම් කුඩා කොටස් වලින් තමයි මේ ලිපිය ඔබට ලබාදෙන්නේ.
ඉහත සජීවීකරණ රූපය ලබාගත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙනි.
සංග්‍රාමික තත්ව අගැයීමක් සහ සැළැස්මක් (Military Appeciation & Operation Plan) සැකසීම ඉතා කල්පනාකාරීව කලයුතු භාරදූර කාර්යයක්. එය පැහැදිළි කිරීම සඳහා මම ඔබේ ජීවිතයෙන්ම උදාහරණයක් ගන්නම්කො. (පින්තූරය ගත්තේ මෙතනින්) ඔබ පෙම්වතෙක් කියා හිතන්න. (ඔන්න.......... පුදනකොටම කාපි යකා කිව්වලු. මම කිව්වේ හිතන්න කියලනේ. ආය අරවා මෙව්වා හිතන්න එපා) දැන් ඉතින් ඔබ නියම SPBR කෙනෙක් කියලා හිතන්න.
මොකක්.........?, SPBR දන්නෙ නෑ? ඇයි දෙයියනේ, මේ නාකි අපිටනේ දැන් ලව් කරන හැටිත් උගන්නන්න වෙලා තියෙන්නේ. හරි හරි ළමා.............යි, ලියාගන්න...........SPBR = සත්‍ය ප්‍රේම භෘංග රාජයා. ඉතින් දැන් ඔබ ඔබේ මේ අකලංක වූ, නිර්ව්‍යාජ වූ, නිර්මල වූ, අති පාරිශුද්ධ වූ, සුරම්‍ය වූ, අර වගේ වූ, මේ වගේ වූ, ප්‍රේමය වෙනුවෙන් මොනවද නොකරන්නේ. :D :D :D ( අර සින්දුවකත් තියනවා නේද, 'ප්‍රේමය නම් - රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි....පාරිශුද්ධයි...සුරම්‍යයි' කියලා. හැබැයි සමහර ප්‍රේම නම්, පාරේ සුද්දයි - හූරන් කයි තමා :D
ඔන්න ඉතින් සාම්ප්‍රදායික ක්‍රමයට ඔබේ මේ ප්‍රේමයටත් මහා බාධක පරයටත් වඩා වැඩි බාධාවන් එල්ල වෙලා. ඉතින් ඔබ මොනවද කරන්නේ. සියළු උත්සාහයන් දරනවා මේ බාධක ජයගන්න. නමුත් කෙල්ලගේ පැත්තේ ඉන්න සතුරෝ ඉතාම ප්‍රබලයි. බුරුලක් ඇත්තෙම නෑ. අන්තිමට මොකද කරන්න වෙන්නේ? ඔබත් ලේසියෙන් පසුබසින කොල්ලෙක් නෙවෙයි. ඒ නිසා ඔබ කල්පනා කරනවා, හොඳම විසඳුම 'ජම්පිං ගොයින්' හෙවත් පැනලා යාම තමයි කියලා.
හැබෑටම අවුරුද්දකට අපේ රටේ ජෝඩු කීයක් නම් පැනලා යනවා ඇද්ද? එයින් ජෝඩු කීයක් ජීවිතයේ ඉදිරි කාලය සාර්ථක කරගනියිද? සාර්ථක කරගත් අයත් අසාර්ථක කරගත් අයත් ඉන්නවා. ඔබ දන්නා කියන, ඒ වගේ 'ජම්ප් ඇන්ඩ් වෙන්ට්' ජෝඩු, ඕනෙතරම් ඇති. නමුත් යුද්ධයකදී සැළැස්මක් අසාර්ථක කරගන්නවා කියන්නේ, ජීවිත දහස් ගණනක්, රටකින් කොටසක්, මිළ කළ නොහැකි තරම් දේපල, අහිමිවී යාහැකි මහා බරපතළ විපාකයක්. ඒ නිසා, සංග්‍රාමික සැළැස්ම, සෑමවිටම, එකම මොළයකින් විතරක් කළහැකි දෙයක් නොවෙයි. හැබැයි බොහෝවිට, එහි මුලික සංකල්පය එක මොළයකින් තමයි පටන්ගන්නේ.
අපි දැන් ආපහු අපේ ආදර කතාව හෙවත් ප්‍රේම යුද්ධයට බහිමුද? දැන් ඉතින් ඔබ සත්‍ය ප්‍රේම භෘංග රාජයෙක්නේ. ඉතින් ඔබේ අනාගත රැජිණියව ඔබටම අයිති කරගන්න සෑහෙන සටනක් දෙන්න වෙනවා. 'උන්මාද චිත්‍රා/දීඝ ගාමිණී' කතාව වුණත්, එහෙම සංග්‍රාමික ආදර කතාවක්නේ. ඒ ඉතිහාස කතාව ඇසුරෙන්, මිල්ටන් පෙරේරා සහ රුක්මනී දේවී? ගායනා කර තිබෙන, 'ඉතින් පලක් නැහැ කුමරිය හැංගිලා - ඔබෙයි මගෙයි පෙම් කතාව එළිවෙලා' කියන ලස්සන ගීතය ඔබ අසා තිබෙනවාද? මටනම් අදටත් එය මතකයි.
හොඳයි, දැන් අපි, ඔබ මුහුණ දී තිබෙන තත්වය, මුලින්ම විමසා බලමු. සංග්‍රාමික කටයුතු වලදී, මුලින්ම, දැනට තිබෙන තත්වය පිළිබද පුරෝකථනයක් (narrative) සකස් කෙරෙනවා. මෙය බුද්ධි තොරතුරු, චන්ද්‍රිකා සහ ගුවන් ඡායාරූප, වෙනත් විශ්වාසදායක මාර්ග වලින් ලබාගත් තොරතුරු, ආදිය පදනම් කරගෙනයි සකස්කර තිබෙන්නේ. මෙහිදී බොරු වැල්වටාරම් ලියන්නේ නැහැ. 'පොල්ලෙන් ගැහුවා වගේ' යථාර්ථය දැක්විය යුතුයි. හොඳයි, මෙන්න ඔබේ ප්‍රේම යුද්ධයේ පුරෝකථනය. මෙය ඔබ ඔබටම ලියාගන්න පුරෝකථනයක්. ඇයි එහෙම කරන්නේ? මතක තබාගන්න. යුද්ධයක් ඇරඹීමේ පළමුවැනි පියවර තමයි, මේ සවිස්තර පුරෝකථනය. මෙය පදනම් කරගෙන තමයි, යුද සැළැස්ම සකසන්නේ.
ප්‍රේමෝන්මාද අප්පුහාමිලාගේ ප්‍රේමපාල වන මම අවිස්සාවේල්ලේ පදිංචි තරුණයෙක්මි. මම, නුගේගොඩ දේවාල පාරේ පදිංචි, උන්මාද චිත්‍රාගේ බාප්පාගේ කාමිණී නමැති තරුණිය සමග කලක සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් සිටිමි. මේ සඳහා මගේ මෙන්ම කාමිණී ගේ පාර්ශ්වයෙන්ද මතුව තිබෙන්නේ දැඩි විරෝධයක්. මාගේ අභිමථාර්ථ සාධක චින්තාමාණික්‍යය වූ කාමිනී :D :D (මතකද වික්ටර් රත්නායක කියනවා, 'මංගල පෝරුව මස්තකයේ ....මම ඇය අත ගනිමී..........අමන තරුණය' කියලා) සමග විවාහවීමට නම්, මුලින්ම ඇය සමග වෙනත් ප්‍රදේශයකට පලා යාම හැර වෙනත් විකල්පයක් නැති බව පැහැදිලිවම පෙනෙනවා. කාමිණීට අයියලා දෙන්නෙක් ඉන්නවා. ඔවුන් කාමිනීගේ ගෙදරමයි ඉන්නේ. ඊට අමතරව, කාමිණීගේ බාප්පා, ඒ අසළ නිවසක වෙසෙන අතර, ඕනෑම වෙලාවක, හදිසි කලබලයකදී, ඒ පැත්තේ කොල්ලන් හත් අට දෙනෙකු වහාම කැඳවාගන්නත්, වාහන දෙක තුනක් ලබාගන්නත් ඔහුට පුළුවන්. ඔහු අතේ පිස්තෝලයක් තිබෙන බවත් සමහරු කියනවා. ඔහු ප්‍රදේශයේ කුප්‍රකට ගණන්කාරයෙක්. අපේ ප්‍රේම සම්බන්ධය හෙළිවීමෙන් පසු, කාමිණීගේ ගමන් බිමන්, ඇගේ දෙමවුපියන් විසින් අතිශයින් සීමා කරලා තියෙන්නේ.
ඇය ගෙදරින් පිට යනවානම්, ඇගේ අම්මා ඇය සමග යනවාමයි. සමහරවිට අයියලා දෙන්නගෙන් එක්කෙනෙක්ද යනවා. එහෙම කරන්න හේතුව, 'මට හිතුනොත් මම ඔලුව හැරිච්ච අතක යනවා' කියා කාමිණී ප්‍රකාශ කර තිබීමයි. එමෙන්ම කාමිණී මා සමග පැනයනු ඇතැයි කියන සැකයත් ඔවුන් තුළ ඇති බව සිතිය හැකි ප්‍රකාශ, ඔවුන් වරින් වර කර ඇති බව මගේ මිතුරන්ට ආරංචි වී තිබෙනවා. මේ අතර කාමිනීව ව්‍යාපාරිකයකුට විවාහ කරදීමට යන බව, ඇය මා වෙත දන්වා එවා තිබෙනවා. ඒ ව්‍යාපාරිකයා, කාමිණීට වඩා අවුරුදු 15 ක් පමණ වයසින් වැඩි වන අතර, තලත්තෑනි පෙනුමකින්ද යුක්තයිලු. කෙසේ වෙතත් ලබන මස 26 වැනිදා කාමිණීගේ ගෙදරදී විවාහය ලියාපදිංචි කර, පසුව විවාහ උත්සවයක් ගැනීමට යන බවත්, මේ ගැන රහසිගතව කරුණු සොයාබැලීමට, මා විසින් යොදවා තිබෙන, මගේ මිතුරන්ගෙන්, වැඩිදුරටත් තොරතුරු ලැබී තිබෙනවා. මේ නිසා ඊට පෙර ක්‍රියාත්මක වී කාමිණී සමග පැනයාමට මට සිදුවී තිබෙනවා.
මගේ ආධාරයට මට මිතුරන් 6 දෙනෙකු සිටින අතර, වාහන තුනක්, මෝටර් බයිසිකල් දෙකක්, ත්‍රිරෝද රථයක්, ඔවුන් සතුව තිබෙනවා. ඒ හැර, ආත්මාරක්ෂක සටන් ක්‍රම මැනවින් ප්‍රගුණ කළ මිතුරන් දෙදෙනෙකුද, ඒ අතර සිටිනවා. මට මෝටර් බයිසිකලයක් තිබෙනවා. එය වේගයෙන් යාමට තරම් සුදුසු යාන්ත්‍රික තත්වයක නැහැ. එමෙන්ම මට මෝටර් රථ හෝ ත්‍රිරෝද රථ පැදවීමේ හැකියාවක්ද නැහැ.
AIM - අරමුණ
1. සියල්ලට පළමුව ඔබ ඔබේ අරමුණ පැහැදිලි කරගතයුතුයි. නිවැරැදි අරමුණකින් තොරව කිසිවක් කරන්න බැරි බව මම ඔබට අමුතුවෙන් කියා දියයුතු නැහැනේ. දැන් ඔබේ අරමුණ තමයි ඔබේ තථ්‍ය ප්‍රේමය වෙනුවෙන් ඔබේ පෙම්වතිය අයිති කරගැනීම. යුද්ධයකදීනම් අරමුණ විස්තර කරන්නේ කිසියම් සතුරු පිරිසක්, සතුරු කඳවුරක්, ප්‍රහාරයක් මගින් අත්පත් අල්ලාගැනීම/අත්පත් කරගැනීම හෝ විනාශ කිරීම ලෙසයි. අනේ ඉතින් පෙම්වතියව විනාශ කරන්න බැහැනේ. (බැන්දට පස්සේ?) ඒ නිසා අත්පත් කරගැනීම තමයි කරන්න වෙන්නේ. :D සමහරවිට මේ සඳහා කාලසීමාවක් නියම කරගන්න වෙනවා. අහවල් දින අහවල් වෙලාවට ප්‍රථම මෙය කළ යුතුයි කියලා. (time factor) මොකද ඊට වඩා පරක්කු වුනොත් අපට අවාසි විය හැකියි.
(යුද්ධය පැත්තෙන් හිතමු. අපිට ආරංචියක් එනවා, සතුරන්ගේ 200 ක විතර භට පිරිසක්, තව දින දෙකක් තුළ, මඩකලපුවේ සිට අම්පාරට කැලෑ පාරවල් ඔස්සේ පයින් එන බව. අපේ ඉන්නේ 75 දෙනයි. නමුත් අපිට ආධාරයට ගෙන්න ගන්න කවුරුවත් නැහැ. යුද්ධ ටැංකි, කාලතුවක්කු, හෙළිකොප්ටර් මොකවත් නැහැ. නමුත් මේ දුර්ලභ අවස්ථාව අතාරින්නත් බැහැ. ඉතින් මොකද කරන්නේ? අන්න ඒකට මූණ දෙන්න තමයි සොල්දාදුවා පුහුණු කර තිබෙන්නේ. ආයේ කවදාවත් උන්ගේ 200 කට එක තැනකදී වැඩක් දෙන්න අවස්ථාවක් නොලැබෙන්නත් පුළුවන්. උන් ආවොත් අම්පාර වනසයි. අහිංසක මිනිස්සු මරයි. මහා විනාශයක් කරයි. අපේ ජීවිතේ පුදලා හෝ උන් වැළක්විය යුතුයි. ඒ නිසා අපි ක්‍ෂණිකව තත්ත්ව අගැයීමක් කරලා, කොහොමද 75 කින් 200 කට වැඩක් දෙන්නේ කියලා සැළැස්මක් හදනවා)
කෙල්ලගේ දෙමවුපියෝ කෙල්ලව ගෙනිහින් කොහේ හරි හැංගුවොත් මොකද වෙන්නේ? කෙල්ලගේ අර නපුරු බාප්පා මටත් කලින් ක්‍රියාත්මක වෙලා මිනිහා ළඟ තියන 'කට පුංචා' ගෙන් මට වැඩක් දුන්නොත් මොකද වෙන්නේ? ඒ වගේම තමයි, යුද්ධයකදී, සතුරන් ඒ කඳවුරෙන් ඉවත් වුනොත්, සතුරා අපට වඩා කළින් පහර දුන්නොත්, මොකද වෙන්නේ? අන්න ඒ නිසා, අරමුණ ඉටුකරගැනීම සඳහා කාල සීමාවක් යොදාගන්න වෙනවා. ඊළඟට සළකා බැලිය යුතු න්‍යායාත්මක සාධක ගණනාවක් තිබෙනවා. මේ සාධක එකින් එක ඉතා සැළකිල්ලෙන් නිරීක්ෂණය කරමින්, විග්‍රහ කරමින් තමයි අගැයීම Appreciation සකස් කෙරෙන්නේ. ඒ අගැයීම පදනම් කරගනිමින් තමයි ක්‍රියාන්විත සැළැස්ම ඉන් අනතුරුව සකස් කෙරෙන්නේ. දැන් මෙතෙක් දුර මේ තොරතුරු කියවා බැලුවම, යුද්ධය ඔබ හිතන තරම් ලේසි නෑ නේද? ඒ නිසා තමයි හමුදා නිළධාරියකුට වසර කීපයක උසස් පුහුණුවක් සහ ඉන්පසු පිට රටවල පවා පාඨමාලා ලබාදෙන්නේ. එවැනි පුහුණුව සහ යුදබිමේ ලබන අත්දැකීම් තුළින් තමයි යුද්ධයක් දිනවිය හැකි මහ සෙනෙවියන් බිහිවන්නේ. එහෙම නැතුව ප්‍රාදේශීය සභා, පළාත් සභා, හෝ පාර්ලිමේන්තුවේ බොරු කයිය ගහන උන්නැහේලා ගෙන් නෙවෙයි.
FACTORS - සාධක
GROUND AND WEATHER - භූමියේ සහ දේශගුණයේ ස්වභාවය
2. Ground in General - භූමිය පිළිබඳව පොදුවේ සලකා බැලීම
යුද හමුදා සංග්‍රාමික සැලැස්මකදීත් මුලින්ම සළකා බලන්නේ දැනට තිබෙන යුද තත්වය හෙවත් අභියෝගය හෙවත් නොපමාව කළයුත්ත කුමක්ද කියන එකයි. ටිකක් බරපතළ විදිහට කියනවානම්, භූමිය හෙවත් පාරිසරික වාතාවරණය නැත්නම් කෙල්ල ඉස්සීමේ සටන කළයුත්තේ, කෙබඳු පරිසරයකදීද යන්න තමා, මුලින්ම වැදගත් වන්නේ. අපි හිතමු, අපි කෙල්ලව ආශ්‍රය කලාට, කෙල්ලගේ ගෙදර පැත්තේ වැඩිය ගිහින් නෑ කියලා. එහෙම වුනොත්, තමන්ම හෝ තමන්ගේ මිතුරන්ගෙන් හෙවත් මිතුරු හමුදාව (own or friendly forces), යොදවලා තමයි, ඔත්තු බැලීමේ කටයුතු කරලා, ඒ පැත්තේ සිතියම්, ගුවන් ඡායාරූප, අධ්‍යයනය කරලා, පුලුවන්නම් චන්ද්‍රිකා ඡායාරූපත් බලලා, භූමිය පිලිබඳ අවබෝධයක් ලබාගතයුතු වෙන්නේ. ඉතින් අපි දැන් තනියම නෙවෙයිනේ 'කෙල්ල ඉස්සීමේ මෙහෙයුම' හෙවත් 'Operation Girl Lifting' :D කරන්න යන්නේ. ඒ නිසා ඔබත් සමග ක්‍රියාන්විතයට යන සියලුදෙනාගේ ප්‍රයෝජනය සඳහා ගනු ලබන මූලික පියවර ලෙස, සංග්‍රාමික තත්ත්ව ඇගයීමක් (මේ වැඩේ යුද්ධයක්නේ) හෙවත් Battle Appreciation එකක් සැකසිය යුතු වෙනවා. ඒ නිසා තමයි අපි මේ අගැයීම හෙවත් Appreciation එක හදන්නේ. ඒ සැළැස්ම තමයි මේ විස්තර කෙරෙන්නේ.
ඔන්න මෙතනදී තමයි අර මම කලින් කිව්ව විදිහට කෙල්ලගේ නිවස පිහිටි ප්‍රදේශය ගැන කෙටි විස්තරයක් ඉදිරිපත් කරන්නේ. කෙල්ල (යුද්ධයේදී නම් සතුරා) කිලිනොච්චියේ හිටියත්, මැදවච්චියේ හිටියත්, අලිමංකඩ හිටියත්, පාමන්කඩ හිටියත්, භූමි විස්තරය තමයි අංක එක වෙන්නේ. මෙහිදී දීර්ඝ විස්තර අනවශ්‍යයි. කෙබඳු බාධක මැද, කෙබඳු ආකාරයක ආවරණ සතුරාටත් තමන්ටත් තිබේද? වැඩේ කිරීමට යොදාගතහැකි පාරවල් සහ ප්‍රවාහන කටයුතු කෙසේද, ඉලක්කය වෙත ළඟාවන්නේ කෙසේද, ඉලක්කය හෙවත් කෙල්ල ඉන්න ස්ථානය අවට පරිසරය සහ සතුරුකම්වල තත්වය කෙසේද, වැඩේ කිරීමට කාලගුණික/දේශගුණික බාධා ඇතිවේද, (මේ පහුගිය මහා වැසි කාලය වගේ එකක් සමහර විට කෙල්ල ඉස්සීම වැනි වැඩකදී වාසියක් වෙන්න පුළුවන්. නමුත් කිලිනොච්චි, මුලතිවු, වැනි පළාත්වල මහා වැහි කාලය කියන්නේ සංග්‍රාමික කටයුතු වලට මහත් බාධාවක්. නොදකින් ඒ කුණු වැස්ස මතක් වෙනකොටත් අප්‍රසන්නයි)
හරි. දැන් බලමු කෙල්ල ඉන්න ප්‍රදේශය පිලිබඳ භූමි ලක්ෂණ සාධකය Ground Factor මොන වගේද කියා. ඔන්න මම හිතන විදිහට ඔබේ කෙල්ල ඉන්නේ නුගේගොඩ, පාගොඩ, දේවාල පාරේ අංක 01010 කියන ගෙදර. (බුදු අම්මේ ඇත්තටම එහෙම එකක් තිබුනොත් මම බ්ලොග් ලියලා ඉවරයි) කොහොමද විස්තර කරන්නේ? සාමාන්‍යයෙන් සමතලා භූමි ප්‍රදේශයකි. (හැබැයි දේවාල පාර හරියේ පොඩි කඳු ගැට කීපයක් තියනවා) නාගරික, ජනාකීර්ණ ප්‍රදේශයකි. අතුරු පාරවල් බහුලය. බොහොමයක් නිවාස තාප්ප වලින් වටවී ඇත. විශාල ගස් සහ තරමක් ඝනව වැවුණු රුක්ගොමු සහිත ගෙවතු අතරින් පතර දැකිය හැකිය. (මෙතැනදී වාසි අවාසිත් ස්ථානයේ අපට තිබෙන වැදගත් තොරතුරුත් පොඩ්ඩක් විස්තර කරන්න ඕනේ) අපි හිතමු කෙල්ලගේ ගෙදර ආසන්නයේ, පොඩි හිස් ඉඩමක් තියනවා කියලා, තවම නිවසක් හදලා නැති, එමෙන්ම තරමක් උස පඳුරු වලින් යුක්ත. ඒ බිම්, කොටස අපේ වැඩේට වාසියක්. අපේ ක්‍රියාන්විතයේ භට පිරිසට, එතන මුලින්ම අත්පත් කරගන්න පුළුවන්නම්, එතන ඉඳලා ඉතුරු කොටස් කරන්න ලේසියි. ඒ නිසා භූමි ලක්ෂණ සාධකය විස්තර කිරීමේදී එවැනි විශේෂ ස්ථාන ගැන කියන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, අවට පිහිටි නගර සහ ගම් ගැනත් සඳහනක් කරන්න ඕනේ. ඒ කියන්නේ නුගේගොඩ, පිටකෝට්ටේ හන්දිය, ජුබිලි කනුව හන්දිය, යන ප්‍රදේශවත් යටත්පිරිසෙයින් විස්තර කරන්න ඕනේ.
අමාරුද? තේරෙන්නේ නැද්ද කියන දේවල්? 'මේකා මොන මගුලක් කියනවාද මම දන්නේ නෑ' කියලද හිතෙන්නේ? හරි, අදට මෙතනින් නවත්තමු. මේක පුලුවන්නම් කීපවිටක් කියවන්න ටිකක් ඔලුවට වදිනතුරු. ප්‍රශ්නත් අහන්ඩකො තියනවනම්. හැබැයි අහන්ඩ නම් එපා, අපේ රටේ අහවල් ක්‍රියාන්විතය කළේ මෙහෙමද? වගේ දේවල්. උත්තර දෙන්ඩ පුළුවන් ඒවාට දෙන්නම්. තවත් සාධක ගැන ඊළඟ ලිපියෙන් සළකා බලමු.
යූද සැලසුමක ඇරඹුම ඉතාමත්ම මැනවින් වැටහුණා. එයට හේතුව ඉතාමත් දක්ෂ ලෙස කෙල්ලක් උස්සන ප්ලැන ඇසුරින් සරලකොට පවසා තිබීමයි. කදිම උදාහරණයකින් අති සංකීර්ණ කරුණක් ගැන අගනා සටහනක්
ReplyDeleteබොහොම ස්තුතියි නලෙන්. මේ න්‍යායාත්මක කරුණු විස්තර කරන්න හොඳම උදාහරණය විදිහට මට පෙනුනේ මේ ක්‍රමය තමයි.
Deleteම්ම්ම්.......>>'ජම්ප් ඇන්ඩ් වෙන්ට්' << ......එකෙන් පැහැදිලි කරමින් ලිවිම....... හොදට කරුණු වටහා ගැනීමට පහසු වනව විචාරක තුමණි ........
ReplyDeleteමෙවැනි ලිපි මෙම ගානට ලිවිම අවබෝධ කර ගැනීමට පිටුවහලක් වෙනව කියල සිතනව ......
ස්තුතියි කෙන්ජි. මම හිතුවේ බොහෝ දෙනෙකුට තේරුම් ගන්න අමාරු වෙයි කියලා.
Deleteකොහොම හරි කෙල්ල උස්සන සීන් එක මෙතනට ගාවලා තිබ්බ නිසා ,වැඩේ ගොඩ ගියා , දැන් දන්නවා කොහොමද කෙල්ල උස්සන්න ප්ලෑන් කරන්න ඕන කියලා , ඔන්න විචාරකමහත්තයා දැන් ඉතිං ඔහෙටත් හොරෙන් දුව උස්සන් පනිනවා ..ඕ යේස් ....
ReplyDeleteමේ තියෙන්නේ අර උද කියලා තියෙන සින්දුව ... සිපිරිගෙය මේ තරම් සොඳුරුද
මාලිනියේ – (ඉන්ද්‍රජාලය)
මා මනසේ – (අන්ධකාරය)
මා දෑස සොයනා – (ඔබ දෑස නැත)
රුව ඇඳුනා
මාලිනියේ – (නොරැවටෙනු) …//
මංගල පෝරුව මස්තකයේ – (අමන තරුණය)
මම ඇය අත ගනිමී …//
(සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද)
මාලිනියේ – (ඉන්ද්‍රජාලය)
මා මනසේ – (අන්ධකාරය)
මා දෑස සොයනා – (ඔබ දෑස නැත)
රුව ඇඳුනා
මාලිනියේ – (නොරැවටෙනු)
පතිවත රකිනා කුල කුමරී – (අරුම පුදුමය)
මම ඔබ රැක ගනිමී …//
(වරදෙ නොබැඳෙන ළඳුන් ලොව නැත)
මාලිනියේ – (ඉන්ද්‍රජාලය)
මා මනසේ – (අන්ධකාරය)
මා දෑස සොයනා – (ඔබ දෑස නැත)
රුව ඇඳුනා
මාලිනියේ – (නොරැවටෙනු)
ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක
බුදු බෑනෝ ඉක්මන් කරපන්. මම මග බලාගෙන ඉන්නවා.
Deleteබොහොම ස්තුතියි මේ ගීතය මෙතනට ඇතුළු කිරීම ගැන.
ඉවාන් එල ද බ්‍රා
Deleteඉවාන්.. ඉක්මන් කරපන් අපිත් බලාගෙන ඉන්නේ ගල් අරක්කු ටිකක් බිලා වෙඩිං කේක් කැල්ලක් කන්න.
Deleteඉවාන් ගඟේ මුහුදේ පැනපං
Delete(මේ වගේ මාමෙක් හම්බෙනෝට වැඩිය කොටියකින් එකයි) හැක්..
පොඩ්ඩිට නම් දුකයි විචාරක් වගේ පුතාලා එක්කෙනෙක් , දෙන්නෙක් නොහිටපු එක ගැන.:(
Deleteඅචාර වෙඩි මුර විසි එකක් තියලා ගල් බෝතල් එකහමාරක් ගහලා විචාරක සෑර් එක්ක ඩාන්ෂ් පාරක් දාලා පේම්න්ට් එකේ බුදියලා, ගෙදර බල්ලට කිස් එකක් දීලා අපි කරන්නං අපේ යුතුකං ටික පැණි බේරෙන්ඩ !!!
Deleteඅස්සන ගහලා වෙඩිම අපිට බාර දෙන්ඩකෝ !!!
වෙඩි මුර විසි එක තියන්නෙ අහසට ද? නැත්තං ඉවාන්ට ද?
Deleteගල් බෝතල් එකහමාර ගැහැව්වට පස්සෙ වෙඩිමුර විසි එක තිබ්බොත් කොහාට වදීවිද දන්නෙ නැහැ :D
Deleteඔි යේස් ඉවානයා හනිමුන් යන්න බැ කිව්වෝත් ඒකටත් ඉවානයා වෙනුවෙන් මැරෙන්න හරි යන්න කොල්ලෝ ඉන්නවා
Deleteබුරා .. අහසට අහසට :D බැන්දුවට පස්සේ ආයෙ වෙඩි තියන්ඩෝනැ නෑ. ක්ලේමෝ එකක් පිටේ බැන්දා වාගෙ තමා.
Deleteසෝන්‍යා මිස්.… ඒව කියන්ඩ බෑ .දන්නව නෙවැ පිස්සොත් එක්ක සෙල්ලං බෑ කියලා . බඹර චක්කරේ පත්තු කරා වාගෙ තියෙයි :D
මෙන්ඩෝ..දන්නව නෙවැ අපි ඉවාන්ට පණ උනත් දෙනවා.මරාගෙන මැරෙමු !!!!
//අමාරුද? තේරෙන්නේ නැද්ද කියන දේවල්? 'මේකා මොන මගුලක් කියනවාද මම දන්නේ නෑ' //
ReplyDeleteමේ ටික හොදට තේරුණා..
අන්න බලාපන්. කාට නැතත් උඹට වැඩේ තේරුණා.
Deleteසෑමා දස්සයා
Deleteඉස්සර ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය දිනපතා කියවපු එකක්.. දැන්නම් කාලෙකින් ඇහැටවත් දැක්කේ නෑ...
ReplyDeleteහැමදාම උදේ වැඩ පටන් ගන්නේ එකේ තිබ්බ අර මැප් එක බලලා ...එක පැත්තකින් 58, අනික් පත්තින් 53 ,තව පැත්තකින් 51 ... එක දකිනිකොට මාර ගැම්මක් ආවා ඒ කාලේ
Deleteආයෙත් යුද්දයක් පටන් ගම්මුද. එතකොට ආයෙත් ඒ වෙබ් අඩවිය නැගලා යයි. :e
Delete//අවට පිහිටි නගර සහ ගම් ගැනත් සඳහනක් කරන්න ඕනේ. ඒ කියන්නේ නුගේගොඩ, පිටකෝට්ටේ හන්දිය, ජුබිලි කනුව හන්දිය, යන ප්‍රදේශවත් //
ReplyDeleteකව්ද යකෝ අපේ ඉස්කෝල ඒරියල් එකට ඇවිත් ගේම දෙන්න යන්නේ, මොන ගේම දුන්නත් හොඳ හිත කිරි කඩේ සී සී ටී වී එක ඩිසේබල් කරලා තමයි දෙන්න වෙන්නේ.
හරි විහිළු ඇති, විචාරක තුමා එතකොට අපේ සමහර මිසන් වලදී වෙදර් ෆොකාස්ට් එකක් නැතිව වැඩ කරපු නිසාද අපේ අයට තාප ප්‍රහාරයෙන් බැට කෑවේ.(පැහැදිලි විචාරයක් බලාපොරොත්තු වෙමි)
//කොහොමද 75 කින් 200 කට වැඩක් දෙන්නේ // හරියට අර මරලා දාපු ජනරාල් ජානක පෙරේරා කළා වගේද අපේ එක්කෙනෙකුට උන්ගේ 1000 කට වැඩි පිරිසක් (සමහර විට සංඛ්‍යාවන වැරදි ඇති එතකොට මම පොඩි එකෙක්)
ඔබතුමාගේ උත්සාහය අගය කරනවා මෙවන් ලිපි ලියමින් දැනුවත් කිරීම සම්බන්දව, මට මතක් උනේ දියතට ලියන ලුතිනන් කර්නල් සුසන්ත සෙනෙවිරත්නගේ ලිපි පෙළ.
කොටන කුකුළාට කොයි ඒරියල් එකත් එකයි කියලා කියනවා නේද? :e
Deleteඅපි වගේ කුඩා රටකට නම් දේශගුණ / කාලගුණ තත්වයන් අකුරටම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මහ විශාල රටවලට නම් ඉතා වැදගත්. අලිමංකඩදී තාප ප්‍රහාරයෙන් බැට කෑවේ වැල්ලේ ගමන් කිරීම අපහසු වූ නිසා. අහසින් ගෙනිහින් අයිස් කැට ටිකක්වත් දාන්න තිබුණනම් ඒ කවුරුවත් නොමැරී බේරගන්න තිබුණා.
සාමාන්‍යයෙන් හොඳින් පුහුණු හමුදාවේ එක සොල්දාදුවෙකුට පුළුවන් සතුරු හමුදාවක තුන් දෙනෙකුට වගකියන්න. ඒ අනුව තමයි අර සැලසුම ගැන කිව්වේ.
බොහොම ස්තුතියි ඇගයීම ගැන. ලුතිතන් කර්නල් සුසන්ත සෙනෙවිරත්න බොහොම අත්දැකීම් බහුල නිලධාරියෙක්.
ලුතිනන් කර්නල් සුසන්ත සෙනවිරත්න ඔබට වඩා ජ්‍යෙෂ්ඨ ද, කණිෂ්ඨ ද? සමකාලීනයෙක් නම් වෙන්න අමාරුයි.
Deleteමම මේ ප්‍රශ්නෙ මීට කලිනුත් ඇහුවා උත්තර නම් ලැබුනෙ නෑ.
ඔබ ndc/ndu, rcds වගේ පාඨමාලා හැදෑරුවාද? psc කෝස් එකනම් අනිවා කරන්න ඇති. තව WWV RWP වගේ සංග්‍රාමික පදක්කම් සහ VSV USP වගේ සේවා පදක්කම් එහෙම ලබල තියනවද?
@ AnonymousOctober 9, 2014 at 1:17 PM
Deleteලුති කර්නල් සුසන්ත සෙනෙවිරත්න මට වඩා ජ්‍යොෂ්ඨයි. මම විශ්‍රාම ගත්තෙ 2010 වසරේදී.
ndu/ndc/rcds වැනි පාඨමාලා වලට යන්නේ මේජර් ජෙනරල් නිලයේ අය. මම එච්චර ඉහළට ගිය කෙනෙක් නෙවෙයි.
මහත්මයාණනි, මා විශ්වාස කරන්නේ මගේ සුදුසුකම් වලට වඩා වැදගත් වන්නේ මා ලියන දේවල ඇති සත්‍යාසත්‍ය භාවය යයි කියා.
මේ පෝස්ට් එක සහ බොහෝ කොමෙන්ට්ස් බලනකොට පෙනෙන්නෙ අපේ මිනිස්සු තාමත් යුද්ධෙට ආසයි.
ReplyDeleteහරියට නිකම් ඒ දවස්වල ජීවත් උනා වාගෙයි, දැන් මැරිලා වාගෙයි.
ඉක්බාල් අතාස්ල යුද්දෙ කාලෙ හම්බකරන් කාල අඩු තරමින් ඒක ඉවර උනාමවත් කොහෙට හරි වෙලා නිස්ශබ්දව ඉන්නව.
ඒත් මෙයාලට තවත් ඒක රහ කර කර කන්න දඟලනවා
මිනිස්සු ආසා කරන්නේ යුද්දෙට නෙවෙයි යුද තොරතුරු කියවන්නයි. යුද තොරතුරු කියන එකට ඉතිහාසයත් අයත්. එළාර දුටුගැමුණු සටනත් ඓතිහාසික යුද තොරතුරක්. ලෝකය පුරාම ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා මෙන්න මෙහෙම 'සොල්දාදුවා තරම් සාමයට කැමති පුද්ගලයකු තවත් නැත'
Deleteඉක්බාල් අතාස්ලා ලිව්වේ 'අපේ හමුදාවට වැඩ බැහැ' යන සංකල්පය ප්‍රචලිත කරන්නයි. මම මේ ලිපි ලියන්නේ හමුදා දැණුම බෙදා දෙන්නයි. ආරක්ෂක විද්‍යාව කියා විෂයයක් ලෝකය පුරා විශ්ව විද්‍යාලවල උගන්වනවා (ලංකාවේ නැතිවුනාට) යුද්ධයක් නැති දාට හමුදාව බැරැක්ක ඇතුලට දාලා දොරවල් වහලා තියන එක නෙවෙයි කලයුත්තේ. ඊළඟ යුද්ධය එන දවස වෙනුවෙන් ඉතා උසස් පුහුණුවක් ලබාදීමයි. හමුදාවේ කියමනක් තියනවා 'හමුදා නිලධාරියකුට තම සොල්දාදුවන්ට ලබාදිය හැකි ඉහලම දායාදය වන්නේ උසස් පුහුණුවයි' කියලා. පුහුණුවක් නැති සොල්දාදුවා මළමිනියකට සමානයි.
ළිං මැඩි න්‍යායෙන් ඉඅවත්ව පුළුල් ලෙස ලෝකය දෙස බලන්න. අපි කඩේ වහලා හිටියොත් ඊළඟ බබා අපේ ඔඩොක්කුවටම ලැබෙනවා.
මා ලියන තොරතුරු වෙනත් භාෂා වලින් අන්තර්ජාලයේ තිබෙනවා ඕනෙම කෙනෙකුට සීමාවකින් තොරව කියවීම සඳහා. ඒ නිසා කරුණාකර චින්තනය පුළුල් කරගන්න.
ඇනෝ උත්තර ලැබුනා නේද? ඔිකට කියන්නේ කුහකකම. තමන් දන්නෙත් නෑ..දන්න දෙයක් තව කෙනෙකුට කියලා දෙන්නෙත් නෑ.. කවුරැ හරි දෙයක් ඉගෙන ගන්නවට කැමතිත් නෑ.
Deleteඑල ද බ්‍රා
//සොල්දාදුවා තරම් සාමයට කැමති පුද්ගලයකු තවත් නැත// මේක දැක්කම මට මතක් වුනේ යුද සමයේ ආරක්ෂක අංශයක සේවය කල මගෙ ඥාති සහෝදරයෙක් කියපු කතාවක්.
Delete"මල්ලි අපි හැමදාම උදේට වෙපන් එක අතට ගන්නෙ, මේක අද පාවිච්චි කරන්න අවස්ථාවක් නොලැබේවා කියල හිතාගෙන"
@ චන්දන. ඒ කතාව සම්පූර්ණ ඇත්ත. එක හතුරෙක් තමන් අතින් මියගියාම සොල්දාදුවෝ හූ කියලා නටන්නේ නැහැ. දැන්වත් මේ කරුමේ ඉවරද කියලා හොයා බලනවා විතරයි.
Delete@sanjeewa mendis
Deleteඋඩ ඇනෝගෙ අදහස කමෙන්ට් ගැන මිසක් පොස්ට් එක නෙවෙයි නේද? ඒ නිසා යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතා නොකියා හිටියනං තමා හොඳ? (බ්‍රැන්ඩ් එක ගල් නේද?)
@Wicharaka Asami Dakimi Soyami
//මිනිස්සු ආසා කරන්නේ යුද්දෙට නෙවෙයි යුද තොරතුරු කියවන්නයි.//
මේ තියෙන්නෙ යුද තොරතුරක්ද එහෙම නැත්නම් යුදමය සටනකට අවතීර්ණ වීමට පෙර සැලසුම් කරන්නෙ කොහොමද කියන එක න්‍යායිකව හැඳින්වීමක්ද? ඔන්න සුසන්ත සෙනවිරත්න නම් කරන්නෙ යුද තොරතුරු වාර්තාකරණයක්.
//AnonymousOctober 8, 2014 at 9:23 AM
Deleteමේ පෝස්ට් එක සහ බොහෝ කොමෙන්ට්ස් බලනකොට පෙනෙන්නෙ අපේ මිනිස්සු තාමත් යුද්ධෙට ආසයි.//
//AnonymousOctober 9, 2014 at 1:27 PM
@sanjeewa mendis
උඩ ඇනෝගෙ අදහස කමෙන්ට් ගැන මිසක් පොස්ට් එක නෙවෙයි නේද?//
POLLE MAL!!!!!!!!!!!!!!!!!!!!!!!!
@ AnonymousOctober 9, 2014 at 1:27 PM
Deleteඔබට කැමති අර්ථ කථනයක් දෙන්න. අකමැතිනම් නොබලා ඉන්න.
වටිනා ලිපි පෙළක ඇරඹුම.. ඊළඟ කොටස කවදද දාන්නෙ?
ReplyDeleteවිචාරක මේ වගේ ලිපි ලියනකොට අද එක කොටසක් ලියලා පලකරලා ඊළඟ කොටස ලියනවද? නැත්තම් වෙලාව අරගෙන ලිපිය ඔක්කොම එකදිගට ලියාගෙන ගිහිල්ලා, ආයෙමත් කියවලා බලලා, සෑහීමකට පත්වුනාට පස්සෙ කොටස් කරලා පලකරනවද? මම හිතනවා දෙවන ක්‍රමය වඩා සාර්ථකයි කියලා. එතකොට කරුනු වඩා හොඳින් පෙළගස්වන්ටයි කරුනු මඟහැරෙන එක වළක්වගන්ටයි පුළුවන් නේද?
ස්තුතියි ඇගයීම ගැන. මෙව්වා කොන්ද කැඩෙන වැඩ බූරා. දළ සැළැස්ම කඩදාසි වලත් හිතෙත් තියනවා. එක වරකට එක කොටසක් පමණයි ලියන්නේ මොකද නොදැනුවත්වම යුද න්‍යායට පටහැනි දෙයක් ලියවුණොත් නැවත එය නිවැරදි කරන්න වෙනවා. අර දළ සැළැස්ම තමයි මගපෙන්වීම කරගන්නේ.
Deleteවිස්තර කරලා තිබුන විදිහ අනුව එල ද බ්‍රා වගේ තේරැනා.
ReplyDeleteඇත්තටම කියාගන්න බැරි නොවිසිල්ලකින් ඉන්නවා ඉතුරැ ටික බලන්න.
මම ආයමත් රංටැබේ කැම්ප් ගියා වගේ දැනුනා.
සිතියම් කියවිම, භුමිය නිරික්ෂනය, සතුරැ භුමියක සතුරා නිරික්ෂනය කිරිම.
බොහොම ස්තුතියි මෙන්ඩා. ටිකක් අමාරු වැඩක්. ඉංග්‍රීසියෙන් තියන හමුදාමය යෙදුම් සිංහලෙන් තේරුම් කිරීම තමයි ලොකුම අභියෝගය. ඊළඟ කොටස හැකි ඉක්මනින් දෙන්නම්.
Deleteඅරගෙන තියෙන උදාහරනේ නිසා හොඳටම වැඩේ පැහැදිලියි... නියමයි නියමයි... බලමුකෝ ඉතුරු කොටස් ටිකත්..
ReplyDeleteඅහ්... SPBR නම් ඇහුවේ අද :e
මට පුදුමයි තුශානි ඔයා මේ විෂයය ගැන උනන්දුවක් දැක්වීම පිළිබඳව. බොහොම ස්තුතියි.
DeleteSPBR ලා කීදෙනෙක් මේවනවිට හම්බවෙලා තියනවද? :e
පුදුම වෙන්න දෙයක් නෑ විචාරකතුමා.. ඇත්තටම ලියලාතියෙන විදිහෙන් මේ විෂයට තියෙන උනන්දුව වැඩි වුනා කිව්වොත් හරි... ඉතුරු ටිකත් ඉක්මනින්ම ලියන්නකෝ...
DeleteSPBR ලා නම් තාම හම්බවෙලා නෑ... තව කල් තියෙනවනේ .. :b
මේ ලිපියෙ තියන විස්තර ටික නම් තේරුණා. සරළ පැහැදිලි කිරීම වෙනුවෙන් තුති !
ReplyDeleteඅමතර ප්‍රශ්ණයකුත් අහන්න හිතුනා. "තත්වය" කියන වචනය ට 'ත්' අකුරු දෙකක් දාල ලියන අවස්ථා මං දැකල තියනව. ඒ පුරුද්ද නිසා මටත් ඒක ලියවෙන්නෙ "තත්ත්වය" කියල. කොයි එකද හරි ?
මේ දෙකම සිංහල, සංස්කෘත, පාලි තුල කැඩිලා ආපු නිසා හරි. චන්දන
Deleteඉස්කෝලෙ සිංහල වලට මම ඉගෙනගෙන තියෙන්නෙත් 'තත්ත්වය', 'සත්ත්ව' වගේ වචන නිවැරැදියි කියලා.. ඒ කාලෙ පුරුද්දට තාමත් මට ලියැවෙන්නෙත් එහෙමම තමා..
Deleteඒත් මම හිතනවා ඔය වැඩිපුර දාන 'හල් තයන්න' දැන් භාවිතයෙන් ඉවත්වෙන්ට කාලෙ හරි කියලා..
ඉස්සර මතකද 'විද්‍යාලයය' ලියන්නෙත් වැඩිපුර 'ය යන්නක්' දාලා.. දැන්නං එහෙම ලියනවා දැකලාම නෑ..
මමත් ඉස්කෝලෙන් අස්වන තුරු ත් දෙකක් දාලා ලිව්වා. පස්සේ දැක්කා පුවත්පත් ලිපියක එක ත් හොඳටම ඇති කියලා.
Deleteපිළිතුරු ලැබී ඇත. හැමෝටම තුති ! :)
Deleteඔබේ ලිපිය ඉතාම පැහැදිලියි..... විචාරකතුමා....... වැඩක් කරන්න ලොකු අවබෝධයක් ලැබුන. tecnik වලින්...... අපි ටිකක් දන්නවා තමයි..... ඒත් වැඩේ පැහැදිලියි මෙතැනදී මේ සැලසුම කියන වචනය තුල. ක්‍රියාව නිරුපනය වෙනවා, නිවැරදි ලෙස.
ReplyDeleteමේක අර උස්සන්න ඉන්න කෙල්ලන්ගේ plan වලට තමයි නරක ආදර්ශයක් වෙන්නේ. උන්ට මේක පෙන්නන්න එපා. ලංකාවේ වැඩිපුර කෙල්ලෝ විතරක් නෙමෙයි.... ගැනුත් උස්සයි. මේ ක්‍රමයටම. එතකොට උසාවි වලත් නඩු පිරෙයි......kidnapping .....
හුටා...................අම්මපා මේ ක්‍රමයට ඉස්සීමේ ව්‍යාපාරයක් පටන් ගනියිවත්දෝ කියලා බයක් හිතෙනවා. මාව කොහෙන් නවතියිද මන්දා. ඔන්න ඔහේ ඕනෙ කැකිරි වත්තක් කියලා ඉතුරු ටිකත් ලියලා දානවා.
Deleteසුභ උදෑසනක් තුමණි, යුද්ධයෙන් පසු ත්‍රිවිධ හමුදාව හැරගිය නිළධාරීන් පෙළ සාදා ඇත. ගණනින් බොහෝමයයි. කොමෙන්ටුවක් කෙටීමට අවසරයි, තුමණී.
ReplyDeleteමෙන්ඩගේ \\ මම ආයමත් රංටැබේ කැම්ප් ගියා වගේ දැනුනා.\\ කොමෙන්ට් එක දක්කම මට හිතුනෙ මට ඊටත් එහා ගොඩාක් දේවල් මතක් උනා නේද කියල. දියතලාවේ කැඩෙට් ටුවර් එක, සබ්ටෙක් ටුවර් එක එතකොට ඇඹිලිපිටියෙ බොම්බ් ඩිස්පෝසල් කෝස් එක.. මට හිතුනේම නිකං ඒ හැම ලෙක්චර් එකම ඔබතුමාම ඉගැන්නුවා වගේ.. ඔබතුමාට වගේ දීර්ඝ කාලයක් අත්දැකීම් නැති උනත් මාත් සුදු අඳින නිල් හමුදාවේ දහතුන් අවුරුද්දක් විතර කාල් ගෑවා. වැඩිපුරම ගත කරේ 'මී මැසි ධේනුව'ත් එකක තමයි.. කථා, අතුරු කථා, කථා මැද කථා බෝමයි.. ලියන්න ආස හිතෙනව ඔබ තුමාගේ කථා කියවනකොට.. කොහොමත් ලංකාවේ පශ්චාත් යුධ සාහිත්‍යයක් තවම ගොඩ නැගිල නෑනෙ.. එවැන්නකට මුල පුරන්න මේ කථා පෙළ බොහොම අගෙයි. ස්තූතියි නැවතත් අතීත කාමය ඇවිස්සුවාට..
ඔබේ අදහස් අතිශයින් අගය කරන අතර බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
Deleteඒ සමගම මා ඔබට දැඩිව කියා සිටිනවා වහාම බ්ලොග් අඩවියක් පටන්ගන්න කියලා. ඔබේ මනසේ ටොන් ගණනක් දේවල් තියන බව මට තේරෙනවා ඉවෙන් වගේ. බ්ලොග් එකක් පටන්ගන්න දන්නේ නැත්නම් ඒකටත් උදව් කරන්නම්.
This comment has been removed by the author.
Deleteස්තූතියි ඔබතුමාගේ දිරි ගැන්වීමට... දැනටමත් එවැන්නක් පටංගෙන ඔහේ හැකි පමණින් ගැට ගසාගෙන යන්නෙම්ය. හමුදා ජීවිතයක් ගැනනම් තවම වචනයක්වත් ලියා නැති නමුත් වෙනත් තවත් එවැනිම කාලීන මාතෘකාවක් සම්භන්දව ලිපි පෙලක් ලිවීම අරඹා ඇත. පාඨකයින් සීමිත වුවත් අවශ්‍යතාවය හා උනන්දුව ඇති බොහෝ පිරිසකගේ ඉල්ලීම මත දිගටම ලිවීමට අදහස් කරගෙන සිටීමි. විවේක ඇති විටෙක ගොඩ වී බැලීමට ලින්ක් එක මෙහි සඳහන් කරන්නම්. අර ඉව ගැන නම්.. කියලා වැඩක් නැත. එයින් තව බොහෝ ඵල ප්‍රයෝජන ගැනීමට හැකිවේවායි පතමි. ස්තූතියි නැවතත්.. තුමණී.
Deletehttp://kalahitha.blogspot.com/
(කතාවෙන් කතාවෙන් ලින්ක් එක දැමීමට අමතක වීම නිසා ඉහල කොමෙන්ටුව මකා දමා ඒ සමඟම මෙය එක් කල බව කරුණාවෙන් සළකන්න :)))) )
කල්‍යාණ මිත්‍රගේ කළා හිත
Delete@ කල්‍යාණ මිත්‍රOctober 8, 2014 at 4:11 PM
Deleteඔන්න මම ඔක්කොටම කලින් ඔබේ අඩවියට ගිහින් ආවා. බොහොම හොඳයි. මම මගේ බ්ලොග් රෝලටත් දාගත්හා. ඔබේ අඩවියේ පැරණි ලිපිත් වෙලාවක කියවා බලන්නම්.
@ අරු.
ස්තුතියි අරු. ඔබ දුන්න ලින්ක් එකෙන් වඩාත් පහසුවෙන් කල්‍යාණ මිත්‍ර ගේ අඩවියට ගියා.
ස්තූතියි ඔබ දෙපළටම.. මේ වැඩෙන් මටත් සෑහෙන ප්‍රසිද්ධියක් ආවා.. :D අර ලින්ක් දාන ගැජමැටික් එකනම් තාම මීටර් උනේ නෑ.. ඔය මදෑ..හිමින් ඉගෙනගමු..
Deleteඒ active links දාන එක මහ අමාරු කාර්‍යයක් නෙවෙයි KM, මෙන්න මෙහෙම කරන්ට.
Delete<A href="ඔබේ ලින්ක් එක">ඔබට පෙන්විය යුතු වචනය</A>
උදා:
<A href="http://kalahitha.blogspot.com/">කල්‍යාණ මිත්‍රගේ බ්ලොග් අඩවිය</A>
මේක පේන්නෙ පහත විදියටයි.
කල්‍යාණ මිත්‍රගේ බ්ලොග් අඩවිය
ඔක්කොම තේරුණා විචාරක තුමා.. හැබැයි කෙල්ලෙක් උස්සන් ආවොත් ගෙදර උන්දෑ කචල් අදීද දන්නෑ....
ReplyDeleteවටිනවා ලිපිය ලෙසටම
ජ ය වේ වා !!!
ඔය plan එකට උස්සන් එවිල්ලම බලන්නකෝ.....
Deleteඋස්සං ආවෙ නෑ කියලා මොකෝ බැණුං වලිං අඩු පාඩු තියන මිනිස්සුද අපි ??? ඕන්නං චූට්ටක් බණී. කැළනි පාලම යටිං පොල්.ලෙල්ලක් ගියා වගේ. මටනං වගේ වගක් නෑ :D
Delete@ විදානේ. මග වැටිලා ඉඳලා ඇහිඳගෙන ආවේ කිව්වනම් හරිනේ. ඇගයීම ගැන ස්තුතියි.
Delete@ පත්තරේ. උඹටනං සෑහෙන්න පොල්ලෙලි යනවා ඇති පාලමේ වැදීගෙනම. හැබැයි පුතෝ පඩික්කම තියෙද්දී ජනේලෙන් කෙලගහන්න පුරුදුවෙන්න එපා. :e
චැ..චැ අපිට එහම හැම වෙලාවෙම බනින්නේ නෑ ඉදලා හිටලා අතේ තියන එකකින් දමලා ගැහැව්වට
Deleteමාතෘකාව හොන්දයි. පැහදිලි කිරීම් මට නම් ටිකක් වැඩියිත් වගෙ. වැඩිය වටේ යන්න ඕන නෑ. සින්හලෙන් නෙව ලියන්නෙ. තේරුම් ගන්න පුලුවන්.
ReplyDeleteඒ වගෙම 1,2,3,...මාතෘකා මුලින්ම දක්වල යටින් වැඩි විස්තර කිරීමත් හොන්ද ක්‍රමයක්
මේ මාතෘකාව පටන්ගන්න කලින් මට හිතුනා රාජ් බොහෝ දෙනෙකුට මෙය වැටහෙන එකක් නැහැ කියලා. ඒ නිසයි ටිකක් දිගට විස්තර කරන්න හිතුවේ. ඇගයීම ගැන ස්තුතියි.
Deleteපොඩ්ඩි නම් වැඩිය තේරුම් ගන්ට ගියේ නෑලු. වැඩ තියෙන්නේ කොල්ලෝ ( අර සත්‍ය බෘංගයෝ ) අතේනේ. එයාලා ප්ලෑන් කරලා ඇවිත් උස්සන් යයි කියලා හිතාගෙන නිකම් ඉන්නවා. :D
ReplyDeleteවිචාරකට තවත් ප්ලෑනක් ගහන්ට වෙයි දුවලා ගෙනියන අයගෙන් බේරෙන්ට. :P
//""එයාලා ප්ලෑන් කරලා ඇවිත් උස්සන් යයි කියලා හිතාගෙන නිකම් ඉන්නවා""// එහෙනං ඔහොම ඉන්"ට"කෝ.
Deleteසත් මහලින් බැස එන්නම් ඔබ මා පිලිගන්නවනම්
ආදරයේ පියගැටපෙල පාර කියාවී
මහ පොලොවට පිලිගන්නම්
සිටුසැප හැර එනවානම්
ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වෙවී
සිරියහනේ පොකුරු පිචිච මල් තනිවේවී
දුකට කරුනු අහස අසාවී
පන් පැදුරේ තනු පිටතින් දලු ලියලාවී
ඒ පැදුරෙන් අප නොවැටේවී
සත් මහලට පෑයු සඳ පැලටත් ඒවී
ඔබේ ලොවට එලිය වැටේවී
සඳ නාවත් මගේ පැලේ එලිය ගලාවී
ඔබට පුරා හඳ පරදීවී
උස්සං යන්ට නං ගෙනියන්ට ටිපර් එහෙකුයි .. පටවන්ට ක්‍රේන් එහෙකුයි ඇරං තමා එන එකාට එන්ට වෙන්නෙ ..නැද්ද මං අහන්නෙ :D
Deleteඉවාන් ඒ දෙක ෂැට් කරගත්ත ගමං එනවා කීවා :D
@ පොඩ්ඩි. අම්මපා මෙහෙමත් කම්මැලි ගානුන්ටත් ස්වාමිපුරුෂයෝ ඉන්නවනේ :e
Delete@ ඉවාන්. ලස්සන සින්දුවක් මම හරි කැමතියි නිරෝශාට
@ පත්තරේ. වරකෝ ලංකාවට. තොට ගහන්ඩ RPG එකක් අරං මම එනවා එයාපෝට් එකට.
සැර් .. පත්තරේගේ බ්‍රැන්ඩ් එක ගල්
Delete-ස්තුතියි-
@ මෙන්ඩා. එහෙනං පත්තරයට ගහන්නං ගල් වලින්.
Delete//@ පත්තරේ. වරකෝ ලංකාවට. තොට ගහන්ඩ RPG එකක් අරං මම එනවා එයාපෝට් එකට.//
Deleteමාත් එනවා support එකට. :P
I don't have a license to kill but I have a learner's permit. :D
ඔයා ජේම්ස් බොන්ඩ් ගේ නංගිද?
Delete@ PK
DeleteNow this phrase is little changed. I don't have license to kill but I have my close one in politics. :p
සෑහෙන්න මහන්සි වෙලා බව පේනවා සෑර්.. ඇත්‍තටම මේ වගේ ඉන්ටරෙස්ටිං උදාහරනෙකින් , සංකීර්ණ උපක්‍රම සරළ විදියට පැහැදිලි කිරීම මට නං අති සාර්ථකයි..බොහෝම ස්තුතියි .
ReplyDeleteවැඩේ ලේසි නෑ පත්තරේ. අමාරුම වැඩේ තමයි පරිවර්තනය කිරීම. සිංහල වචන හොයාගන්න එකත් අමාරුයි.
Deleteබොහොම ස්තුතියි ඇගයීම ගැන.
මේ ලියුම බදින්න ඉස්සර කියවලා තිබුනා නම් අපේ ගැනි උස්සගෙන එනවා නෙමෙයි සතුරැ මාමන්ඩියට අහුවෙලා මැරැන් කනවා සැපයි.
Delete@ මෙන්ඩා. හිටපං මං කොහොම හරි උඹේ කමෙන්ට් එක උඹේ නෝනට පෙන්නනවා.
Deleteප්‍රභාකරන් අල්ලන්නවත් මෙච්චර ප්ලෑන් කරලා නැහැ මා හිතේ.........
ReplyDeleteඅම්මෝ සොන්යා ප්‍රභාකරන් අල්ලන්න හදපු ප්ලෑන් එකක් ටයිප් පිටු සිය ගණනක් විතර තියනවා. ඒවා එක්ක තියලා බැලුවම මෙව්වා මොනවාද.
Deleteප්ලෑන් කරලාම වැඩක් දෙන්න හිතෙනවා මේවා කියෙව්වාම.
ReplyDeleteමේවාට කොහොමද වෙලාව හොයාගන්නේ. මේ මහන්සිය අගය කරනවා.
මෙහෙ හිටිය කාලේ දැනගෙන හිටියනම් අනිවාර්යයෙන් වැඩක් දෙයි කියලා මටත් හිතෙනවා.
Deleteමෙව්වා ඉතිං මැරෙනකල් ඔලුවේ තියන දේවල් තමා. මතක් වෙච්චි ගමන් පොඩි සටහනක් දාලා තියාගන්නවා. පස්සේ ලියනවා.
ස්තුතියි ඇගයීම ගැන.
යන්තම් යන්තම් තේරෙනව වගේ..
ReplyDeleteනිදහස් වෙලාවක කාලය අරගෙන නැවත හෙමින් කියවන්න. එතකොට අවබෝධය තවත් වැඩිවෙයි.
Deleteනිදහස් වෙලා ආපු දවසක කියවන්න?
Deleteඒ කියන්නේ උමෙිෂ් බෝගම්බරද?
කෙල්ලෙක් සහ හඳ පානේ සැලසුම් කල පැන යාමක් අතර මැදට ගෙනල්ල ඔබ මේ කාරණේ අපූරුවට අපිට විස්තර කරල දුන්න. ඇත්තටම යුධෝපාක්‍රම වලටත් වඩා ඒ උපක්‍රමයනම් කදිමයි. ආධුනික සෙබළුන්ටත් මෙහෙම උදාහරණ වලින් කියල දෙන්න ඇති නේද.
ReplyDeleteඇත්තටම යුද න්‍යාය ඉගැන්වීම එතරම් පහසු දෙයක් නෙවෙයි. එය ධාරණය කරගැනීමත් පහසු නැහැ. සතුරා තමන්ට පහර දෙනවිට පොත බල බලා යුද්ධ කරන්න බැහැනේ. යුද න්‍යාය ළේ වලටම මුසුවෙලා තියෙන්න ඕනෙ.
Deleteසොල්දාදුවන්ට මේ කොටස් උගන්වන්නේ නැහැ. කපිතන් සහ ඊට ඉහල නිළ වලදී තමයි මේ කොටස් වැදගත් වන්නේ.
ගාමනී ෆිල්ම් එකේ ස්ටාෆ් සාජන්ට් මතක් වෙනවා. අම්මපා විචාරක, මරු උදාහරණෙ. මේක තමා ඉගැනීවීමේ කලාව. ජය!
ReplyDeleteබොහොම ස්තුතියි ඇගයීම ගැන. හමුදාවේ තිබෙනවා උපදේශන ක්‍රම Methods of Instruction යනුවෙන් පාඨමාලාවක්. මා එම පාඨමාලාව හදාරා එම කණ්ඩායමේ ප්‍රථම ස්ථානය දිනාගත්තා
Deleteවැල්ඩං!!!
Deleteකාලෙකින් හොඳ ලිපි පෙළක් පටන් ගත්ත එකට සතුටුයි.
ReplyDelete//නුගේගොඩ, පාගොඩ, දේවාල පාරේ අංක 01010 කියන ගෙදර.// ඕක අපේ වඳ පුංචි අම්මාගේ දුලයි ගෙදර.
යකෝ මගේ දනිස් දෙක කට කට ගාලා වෙවුලන්න පටන්ගත්තා. අම්මපා එහෙම ගෙයක් තියනවද? බෝ............රු.
Delete